News Category
From Date
To Date
Maximum Number of Result

මානව හිමිකම් කොමිසමෙන් අධිකරණ ඇමතිට ලිපියක්..

Oct 24, 2026 at 04:33 AM
|

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැසට් මගින් පසුගිය 6 වැනිදා ප්‍රකාශයට පත් කර එය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායකට පිටපත් සහිතව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත ලිපියක් යොමු කර තිබේ.

සංවිධානාත්මක අපරාධ මැඩලීම අරමුණු කරගත් නීති සම්පාදනයක් අවශ්‍ය බව කොමිෂන් සභාව පිළිගන්නා අතර, එවැනි නීතියක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට සහ ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවෙකු වන ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම්වලට සම්පූර්ණයෙන්ම අනුකූල විය යුතු බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට සහ ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවෙකු වන ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම්වලට සම්පූර්ණයෙන්ම පටහැනි බව කොමිෂන් සභාව නිරීක්ෂණය කර ඇති බවයි අදාළ ලිපියේ සඳහන් වන්න‍ේ.

එය 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා දැඩි හා ම්ලේච්ඡ විය හැකි බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දී තිබෙන්නේ.

පනත් කෙටුම්පතේ විධිවිධාන මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 16 වන වගන්තිය ප්‍රතිනිර්මාණය කර ඇති බවත් කොමිෂන් සභාවට නිරීක්ෂණය වන බවද එම ලිපියේ දැක්වේ.

බරපතල අපරාධයකට සම්බන්ධ හෝ හවුල් වන සැකකරුවෙකු රඳවා තබා ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගැනීමට පොලිසියට මෙම පනත් කෙටුම්පත මගින් බලය ලබා දෙන බවද කොමිෂන් සභාව පෙන්වා දෙයි.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයින් භාවිත කරන ඇඳුම් විලාසිතා, අත් සංඥා, භාෂාව හෝ පච්ච සටහන් , නැතහොත් එවැනි සාමාජිකයින් සමග සරල ඇසුරක් පැවැත්වීම පවා ඊට ඇතුළත් බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.

මීට අමතරව සැකකරුවෙකු නිදහස් කළ යුතුද, ඇප මත මුදා හැරිය යුතුද, නැතහොත් රක්ෂිත බන්ධනාගාරගත කළ යුතුද යන්න තීරණය කිරීමේ සාමාන්‍ය අභිමතානුසාරී බලය අධිකරණයෙන් ඉවත් කර තිබීමත් කොමිෂන් සභාව නිරීක්ෂණය කළ බරපතළ කරුණක් බව මෙම ලිපියේ දැක්වේ.

සම්බන්ධිත පුවත් | Related News

භික්ෂූන් වහන්සේ නමක බන්ධනාගාරගත කිරීමේදී චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය දැනුවත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
පිස්තෝල බවට සැකකල හැකි ගිනිඅවි 2ක් හා බෝර 12 වර්ගයේ උණ්ඩ ඇතුළු ආයුධ කිහිපයක් සමග පුද්ගලයෙකු කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒ්කකය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල පැවති භික්ෂු විරෝධතාවක් අතරතුර පිහි දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව කියන පුද්ගලයෙකු පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට සම්බන්ධ බව පවසමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
බන්ධනාගාර නිලධාරීන් විසින් ඉවත් කරනු ලැබූ, බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය යළි උන්වහන්සේ වෙත පැළඳවීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා පැවසීය.
සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද (24) ක්‍රියාත්මක වන්නේ 9 වන දිනටය.
ගලෙන් බිඳුනු වැව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් විසින් පාසල් භූමිය ගොවි බිමක් බවට පත්කර ඇති අපූරුව දැක්වෙන වීඩියෝවක් පහතින් දැක්වේ.
ඉදිරි අයවැයට අදාළව ඉදිරිපත් කළ යෝජනා නොසලකා හරිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින දැවෙන ගැටලුවලට විසඳුම් ලබාදීම රජය දිගින් දිගටම පැහැර හැරීමට එරෙහිව, ඉදිරි සති දෙකක කාලය තුළ රට පුරා ක්‍රියාත්මක වන පරිදි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව හමුවට ගල්අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයකු වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කැඳවා තිබේ.
මෙරට සමස්ත සුනඛ ගහනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් පාර්ලිමේන්තුවේදී එකිනෙකට වෙනස් වූ පරස්පර සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර තිබේ.

ප්‍රධාන පුවත්

විජේවීර හිරෙන් නිදහස් වුණේ ජේ.ආර්. ජනාධිපති සමාවක් දීලාද?.. සම්පූර්ණ සත්‍ය කතාව මෙන්න..

1971 අප්‍රේල් කැරැල්ල සම්බන්ධයෙන් සිරගත කර සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඇතුළු පිරිස 1977 වසරේදී නිදහස ලැබීම සම්බන්ධයෙන් සමාජයේ ඇතැමුන් අතර වැරදි මතයක් සංසරණය වන බව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පෙන්වා දෙයි. සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ දේශපාලන සංවාදවලදී ප්‍රකාශ වන්නේ 1977 වසරේ බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති සමාවක් ලබා දී රෝහණ විජේවීර මහතා හිරෙන් මුදාගත් බවයි. එහෙත් එය සම්පූර්ණ සත්‍යයෙන් තොර, ඓතිහාසික කරුණු නොදැකීමෙන් හෝ දේශපාලන අරමුණු මත පදනම්ව ගොතන ලද කතාවක් බව ඔහු අවධාරණය කරයි.

දොස්තරලා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක.. රට පුරා විරෝධතා කැඳවයි..

ඉදිරි අයවැයට අදාළව ඉදිරිපත් කළ යෝජනා නොසලකා හරිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින දැවෙන ගැටලුවලට විසඳුම් ලබාදීම රජය දිගින් දිගටම පැහැර හැරීමට එරෙහිව, ඉදිරි සති දෙකක කාලය තුළ රට පුරා ක්‍රියාත්මක වන පරිදි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

රුපියල් බිලියන 7.7ක අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයන්න ජනපති අනුරාධපුරයට යයි..

අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (23) පස්වරුවේ එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නොවැම්බර් 18 දාට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම 2026 නොවැම්බර් 18 වන දින පස්වරු 1.30 ට සිදුකිරීමට නියමිතයි. ඊයේ (22) මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සිදුවූයේ අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා, විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ විනිසුරු මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ල හමුවේදීය.

කලාපයේ වැඩිම ගෘහස්ථ විදුලි ගාස්තුව ලංකාවේ.. - SenFin

කොටස් තැරැව්කාර සමාගමක් වන SenFin Securities සමාගම විසින් නිකුත් කර ඇති නවතම අධ්‍යයන වාර්තාවකට අනුව, දකුණු ආසියානු කලාපයේ ඉහළම ගෘහස්ථ විදුලි ගාස්තුව අය කෙරෙන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ඥාණසාර හිමි වෙනුවෙන් සත්‍යග්‍රහයට අධිකරණ නියෝගයක්.. ඉවත් කරන්න පොලිසිය පැමිණීමෙන් උණුසුම් තත්වයක්..

බන්ධනාගාරගතව පසුවන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයට ඒරෙහිව පොලිසිය පියවර ගැනීමත් සමඟ එම පරිශ්‍රයේ නොසන්සුන්කාරී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.