පැලවත්ත කාර්යාලයට තර්ජනයක් කියා කස්සප හිමිට එරෙහිව පොලිසියට පැමිණිල්ලක්..
කොළඹ විහාරමහාදේවි උද්යානය අසල පැවති භික්ෂු විරෝධතාවක් අතරතුර පිහි දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව කියන පුද්ගලයෙකු පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයට සම්බන්ධ බව පවසමින් පූජ්ය බලංගොඩ කස්සප හිමියන් සිදුකළ ප්රකාශයක් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම පැමිණිල්ල මගින් ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර ඇත්තේ, අදාළ සැකකරු සහ තම පක්ෂයේ පැලවත්ත ප්රධාන කාර්යාලය අතර කිසිදු ආකාරයක සබඳතාවක් නොමැති බවයි.
බලංගොඩ කස්සප හිමියන් විසින් සිදුකර ඇත්තේ සම්පූර්ණයෙන්ම සාවද්ය හා පදනම් විරහිත ප්රකාශයක් බවත්, එය රට තුළ මහජන නොසන්සුන්තාවයක් සහ කැළඹීමක් ඇති කිරීමට හේතුවිය හැකි බවත් එම පැමිණිල්ලේ දැක්වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද නිරන්තරයෙන් පැලවත්ත පක්ෂ මූලස්ථාන පරිශ්රය වෙත පැමිණෙන බැවින්, මෙවැනි අසත්ය ප්රකාශ හේතුවෙන් පක්ෂ මූලස්ථානයේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල වීමේ අවදානමක් පවතින බව ද ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දී ඇත.
මෙම අසත්ය චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින ජනතා විමුක්ති පෙරමුණ, ඊට අදාළ වීඩියෝ දර්ශන සහ සමාජ මාධ්ය ජාලාවල සංසරණය වූ සටහන් ද සාක්ෂි වශයෙන් පොලිසිය වෙත භාරදීමට පියවර ගෙන තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
දොස්තරලා දැඩි වෘත්තීය ක්රියාමාර්ගයක.. රට පුරා විරෝධතා කැඳවයි..
රුපියල් බිලියන 7.7ක අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයන්න ජනපති අනුරාධපුරයට යයි..
රාජ්ය ආයතන 34ක් මුළුමනින්ම වසා දානවා.. - ජනපති
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නොවැම්බර් 18 දාට..
කලාපයේ වැඩිම ගෘහස්ථ විදුලි ගාස්තුව ලංකාවේ.. - SenFin
ඥාණසාර හිමි වෙනුවෙන් සත්යග්රහයට අධිකරණ නියෝගයක්.. ඉවත් කරන්න පොලිසිය පැමිණීමෙන් උණුසුම් තත්වයක්..
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්