ඇමරිකාවේ ඩීසල් මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් ඉහළට ! ඉතිහාසයේ ඉහළම අගය බව විශ්ලේෂකයෝ පවසති !
ඇමරිකාවේ ඩීසල් වල සාමාන්‍ය මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් නව සර්වකාලීන ඉහළම අගයක් වාර්තා කරමින්, ගැලුමකට ඩොලර් 6.31ක් (ලීටර් 3.8ක් පමණ) හෙවත් ඩීසල් ලීටරයක් අමෙරිකානු ඩොලර් 1.67 දක්වා ඉහළ ගොස් ඇති බව, ඊයේ(16) දිනයේදී ජාත්‍යන්තර විශ්ලෙෂකයන් විසින් ඇමරිකානු මෝටර් රථ සංගමයේ (AAA ) දත්ත අධ්‍යයනය කිරීමෙන් පසුව පවසා ඇතැයි වාර්තා වේ.
15 වනදා ඩීසල් ඉන්ධනවල සාමාන්‍ය මිල ගැලුමකට ඩොලර් 6.27ක් හෙවත් ලීටරයක් අමෙරිකානු ඩොලර් 1.66ක්ලෙස වාර්තා වී තිබූ අතර එය එතෙක් පැවති වාර්තාගත ඉහළම අගය විය. මීට පෙර ගැලුමකට ඩොලර් 5.80ක් හෙවත් ලීටරයකට ඩොලර් 1.53 වාර්තාගත ඉහළ මිලක් 2022 ජූලි මාසයේදී වාර්තා විය. 2025 වසරේ ආරම්භයේදී ඇමරිකාවේ ඩීසල් ගැලුමක සාමාන්‍ය මිල ඩොලර් 3.50ක් හෙවත් ලීටරයක් ඩොලර් 0.925 වඩා අඩු විය.
සාමාන්‍යයෙන් ජාතික සාමාන්‍යයට වඩා ඉන්ධන මිල ඉහළ මට්ටමක පවතින කැලිෆෝනියා ප්‍රාන්තයේ ඩීසල් මිල ගැලුමකට ඩොලර් 8.26ක් හෙවත් ලීටරයක් ඩොලර් 2.18 ඉක්මවා ඇති අතර, ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල මිල ඩොලර් 9.00ක හෙවත් ලීටරයක් ඩොලර් 2.38කට වඩා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාවේ ඩීසල් මිල ඉහළ යාම භාණ්ඩවල මිල කෙරෙහි සෘජුවම බලපායි. ඊට හේතුව සැපයුම් දාමවල භාවිතා වන කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ බර වාහන ධාවනය සඳහා ඩීසල් ඉන්ධන විශාල වශයෙන් භාවිතා වීමයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමරිකාවේ ඩීසල් මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් ඉහළට ! ඉතිහාසයේ ඉහළම අගය බව විශ්ලේෂකයෝ පවසති !
රජ්ජුරුවන්ගේ කරඬුව ඉවත් කර අලුතින් දළදා කරඬුවක් ආදේශ කිරීම සුදුසුද?.. - අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී හිමියන්ගෙන් විශේෂ අදහස් දැක්වීමක්..
2/3ක බලයක් ලැබුනු කිසිදු ආණ්ඩුවක් සම්පූර්ණ ධුර කාලය ඉඳල නෑ.. - උවිඳු විජේවීර
දුම්රිය වර්ජනය ඇරඹෙයි..
බොරු කියන එක ආත්මගත ක්‍රියාවක් බවට පත්වෙලා.. - වත්මන් ආණ්ඩුවේ දේශපාලන භාවිතාව හා රටේ ඉදිරි දිශානතිය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්..
එයාර් බස් ගනුදෙනුවට නාමල් රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව..
ගොවියා අසරණ කර, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව වනසන මාලිමා රජයේ රහස් ETCA න්‍යාය පත්‍රය ජයන්ත සමරවීර හෙළිකරයි..
නාමල් ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ්..
කථානායකට එරෙහිව බරපතළ දූෂණ චෝදනා.. - අල්ලස් කොමිසමෙන් විමර්ශන ආරම්භ වෙයි..
දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ..
අතුරුදහන් වූ ඥානසාර හිමි යළි මතුවේ.. ගෝඨාභය, සෞදි සහ නෝර්වේ ඩීල් ගැන හෙළිදරව්වක්..
මරාගෙන මැරෙන පුතුන් හැදූ ඊබ්‍රහීම්ලා සහ පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි රවිලා ශානිලා එළියේ.. බුද්ධි අංශ නිලධාරීන් ඇතුළේ.. - විමල් වීරවංශ
ආණ්ඩුවේ බලු බද්දට පසු තන බද්දකුත් එයි ද?
අගවිනිසුරුවරයාට ලැබුණු වාහන බලපත්‍රවලට මොකද වුනේ?.. - ධර්මශ්‍රී කාරියවසම්ගෙන් හෙළිදරව්වක්
"ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරා යන අනුර කුමාරගේ පාලනයට එරෙහිව ජාතික බලවේග එකමුතු විය යුතුයි".. – අනුරාධපුරයේදී විමල් වීරවංශගෙන් ප්‍රබල ප්‍රකාශයක්
යේමනයේ හූති බලය තවදුරටත් වර්ධනය වෙයි.. කලාපීය බල තුලනයේ ප්‍රබල වෙනසක් වන ලකුණු!..