News Category
From Date
To Date
Maximum Number of Result

බුදුදහම "Doctrine" එකක් නොව යථාභූත ඥානය මත දෙසූ දේශණයකි..

Sep 1, 2026 at 10:52 AM
|

බුදුදහම සාපේක්ෂව බටහිර සංකල්පිත රාමුවලට කොටු කිරීමට තත්කාලීන මෙන්ම අතීත විද්වතුන් රැසක් උත්සාහ කර ඇත. එහිදී බොහෝ පිරිසක් බුදුදහම යනු "ආගමක්" (Religion) නොවන බව පිළිගන්නා අතරම, එය "දර්ශනයක්" (Philosophy) හෝ "ඩොක්ට්‍රින්" (Doctrine) එකක් ලෙස හඳුන්වනු ලබයි. 

මලලසේකර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයට අනුව Doctrine යන්නට "ධර්මය, උගන්වන දෙය, විද්‍යාව, ඇදහිලි, මතවාදය, සිද්ධාන්තය" යන තේරුම් ලබාදී ඇත. කෙසේ වෙතත්, ගැඹුරින් විමසා බැලීමේදී බුද්ධ දේශනාව යනු ඉහත සඳහන් කිසිදු ශබ්දකෝෂ අර්ථදැක්වීමකට සීමා කළ හැක්කක් නොවන බවත්, එය "ඩොක්ට්‍රින්" එකක් ලෙස හැඳින්වීම පවා සදොස් බවත් පැහැදිලි වේ.

​බටහිර ශාස්ත්‍රීය සම්ප්‍රදාය තුළ Doctrine ලෙස සැලකෙන්නේ යම් ආගමික, දාර්ශනික හෝ දේශපාලනික නායකයෙකු විසින් ඉදිරිපත් කරන ලද, අනුගාමිකයන් විසින් පිළිගත යුතු මතවාද හෝ ඇදහිලි සමුදායකි. එනම් ඒවා අනුමාන (speculation), තර්ක (logic), හෝ පරම්පරාගත ඇදහිලි (dogma) මත පදනම් වූ සිද්ධාන්ත වේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය යනු අනුන්ගෙන් අසා දැනගත්, මතවාදී ලෙස ගොඩනැගූ හෝ තර්කයෙන් තීරණය කළ එකක් නොවේ.

​මජ්ඣිම නිකායේ එන දේවදූත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව මෙසේ දේශනා කරති: 

"මහණෙනි, මම යමක් කියමිද, එය ශ්‍රමණයෙකුගෙන් හෝ බ්‍රාහ්මණයෙකුගෙන් අසා කියන්නක් නොවේ. මම යමක් කියමිද, එය මා විසින්ම දැන, මා විසින්ම දැක, මා විසින්ම විඳින ලද දෙයමය."

​මෙයින් තහවුරු වන්නේ බුද්ධ දේශනාව යනු කිසිවෙකුගේ ශාස්තෲ මතයක් හෝ සිද්ධාන්තයක් නොව, ස්වකීය ප්‍රඥාවෙන්ම අවබෝධ කරගත් ස්වාභාවික ධර්මතාවයන් බවයි. 

විද්‍යාවේදී මෙන් උපකල්පන (hypotheses) ගොඩනගා ඒවා පරීක්ෂණ මගින් ඔප්පු කිරීමට උත්සාහ කිරීමක් බුදුදහමේ නැත. එමෙන්ම කිසිදු ඇදහිල්ලකට හෝ මානසික සංකල්පයකට එය අනුගාමිකයන් කොටු කරන්නේද නැත.

​"ඩොක්ට්‍රින්" යන වචනය බුදුදහම උදෙසා යෙදීම සාධාරණ නොවන්නේ පහත කරුණු නිසාවෙනි:

* ​ඇදහිලි (Faith/Dogma) නොවීම: බුදුදහම තුළ පැවැත්ම විග්‍රහ කරන්නේ අන්ධ විශ්වාසයකින් පිළිගැනීමට නොවේ. "එහිපස්සිකෝ" ගුණයෙන් යුතුව "ඇවිත් බලන්න" යැයි අභියෝග කරමින් පරීක්ෂා කර බැලීමට මග පාදයි.

* ​මතවාද (Ideology) නොවීම: බුදුරජාණන් වහන්සේ සියලු දෘෂ්ටි සහ මතවාද (දිට්ඨි) අතහැරීම නිවනට මග ලෙස පෙන්වා දුන්හ. මතවාදයක් මත පදනම් වූ ඩොක්ට්‍රින් එකකින් සිදුවන්නේ පුද්ගලයා තවත් දෘෂ්ටියකට කොටු කිරීමයි.

* ​සිද්ධාන්ත (Theory) නොවීම: යථාර්ථය යනු අනුමාන මත ගොඩනගන ලද න්‍යායක් නොව, ප්‍රත්‍යක්ෂයෙන්ම අත්විඳිය යුතු චතුරාර්ය සත්‍යයයි.

​එසේ නම්, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සහ දේශනාව නිවැරදිවම විග්‍රහ කිරීමට බටහිර භාෂාවෙන් භාවිතා කළ හැකි යෝග්‍යතම සංකල්පය කුමක්ද?

​ත්‍රිපිටකයේ සඳහන් වන "යථාභූත ඥාණය" (ඇති සැටියෙන්ම දැකීමේ නුවණ) යන්න ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේදී වඩාත්ම ගැළපෙන සහ ප්‍රබලම යෙදුම වන්නේ "Direct Knowledge of Reality as it is" (යථාර්ථය ඇති සැටියෙන්ම දැකීමේ සෘජු ඥානය) යන්නයි. ශාස්ත්‍රීය වශයෙන් මෙයට "Direct Intuitive Realization" හෝ "Direct Phenomenological Insight" ලෙසද හැඳින්විය හැක.

​"ඩොක්ට්‍රින්" (Doctrine) යනු බුද්ධියෙන් සිතා ගොඩනගන ලද හෝ විශ්වාසය මත පදනම් වූ Conceptual Knowledge (සංකල්පීය දැනුම) එකකි. නමුත් යථාභූත ඥාණය යනු සංකල්පවලින් ඔබ්බට ගිය Direct Perceptual Insight (සෘජු ප්‍රත්‍යක්ෂ ඥානය) කි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ යථාභූත ඥාණයෙනි. උන්වහන්සේ ධර්මය "නිර්මාණය" කළේ නැත; පැවති විශ්ව ධර්මතාවය "අනාවරණය" කළහ.

​අවසාන වශයෙන්, බුදුදහම ආගමක් හෝ "ඩොක්ට්‍රින්" එකක් ලෙස හැඳින්වීම එයට කරන අසාධාරණයකි. ඩොක්ට්‍රින් එකක් යනු යම් ශාස්තෲවරයෙකුගේ උගන්වන ලද්දක් හෝ ඇදහිලි පද්ධතියක් වන අතර, බුද්ධ දේශනාව යනු යථාභූත ඥාණයෙන්ම පැවැත්මේ සත්‍යතාව දැක හෙළිදරව් කරන ලද ස්වාභාවික ධර්මතාවයයි. එම නිසා, බුදුදහම බටහිර "Doctrine" යන සීමිත කුමකට හිර නොකර, එය "සෘජු ප්‍රත්‍යක්ෂ ඥානය මත පදනම් වූ යථාර්ථයේ හෙළිදරව්ව" (A Realization of Reality through Direct Knowledge) ලෙස ස්ථාපිත කිරීම වඩාත් නිවැරදි, සාධාරණ මෙන්ම විද්‍යාත්මක වේ.

- යසස් ධර්මදාස

සම්බන්ධිත පුවත් | Related News

සැළැකිය යුතු කාලයක ඉඳලා මේ සිරිලංකාවේ දේශපාලනය කෙරෙන්නේ මතවාදයක් ගුරු කරගෙන නෙවෙයි. මතවාද ගැන කිසිම තැකීමක් නො කර පුද්ගල සාධක විතරක් ඉස්සරහින් තියාගෙන කරන දේශපාලනයක් තමයි මේ රටේ ක්‍රියාත්මකවෙන්නේ. ඉතින් දැන් මේ රටේ “මහින්දගේ පක්‍ෂය” තියෙනවා.”රනිල්ගේ පක්‍ෂය” තියෙනවා. “සජිත්ගේ පක්‍ෂය” තියෙනවා. “විමල්ගේ පක්‍ෂය” තියෙනවා. “චම්පිකගේ පක්‍ෂය” තියෙනවා. “ගම්මන්පිලගේ පක්‍ෂය” තියෙනවා. “දිලිත්ගේ පක්‍ෂය” තියෙනවා. “බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ගේ පක්‍ෂය” තියෙනවා. “අක්මීමන දයාරතන හාමුදුරුවන්ගේ පක්‍ෂය” තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මාක්ස්වාදී මතවාදයක් ඉස්සරහින් තියාගනෙ හිටියත් “වාසුගේ පක්‍ෂය” කියලා එකකුත් හැදිලා තියෙනවා.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දුර්ලභ වූ බුද්ධිමය ලෝකය තුළ මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් තරම් ගෞරවයට පාත්‍ර වන හෝ එතරම් මතභේදයට තුඩු දෙන හඬක් නගන්නේ ඉතාමත් ස්වල්ප දෙනෙකි.
ජපානය චීනයත් එක්ක සම්බන්ධකම් යහපත් කරගන්න උත්සාහ කරමින් ඉන්නා බව කියන ප්‍රවෘත්ති වාර්තා ඉස්සරහට ඇවිල්ලා. මේක මහ අමුතු වැඩක් වගේ පෙනුනත්, ඉතිහාසය දිහා හොඳින් බැලුවාම මේක “ස්වභාවික ආපහු යෑමක්” (natural reversal) කියලා තේරුම්ගන්න පුළුවන්.
ශ්‍රී ලංකාව කියන්නේ සිංහල බෞද්ධ බහුතරයක් වෙනස රටක්. දෙමල සහ මුස්ලිම් ජනතාව සැලකිය යුතු පිරිසකුත් බර්ගර් සහ මැලේ සුළුතරයකුත් ජීවත් වෙනවා.අපේ රටේ පැවති ඓයිතිහාසික සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය පදනම් කරගෙන බොහෝ අය ශ්‍රී ලංකාවට කියන්නේ සිංහල බෞද්ධයාගේ රට කියලයි.පහුගිය ප්‍රසිද්ධ රූපවාහිනි සංවාදයකදී හිටපු ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව හැදින්වුයේ සිංහල බෞද්ධයාගේ රට කියලයි.
ඇමරිකාව විසුරුවා හැරීම දැන් දැන් සිදුවෙමින් පවතී.
විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා 2026 පෙබරවාරි 25 දින PTA යටතේ වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගෙන, ජනාධිපතිවරයා සතු සුවිශේෂී බලතල යටතේ රඳවා තබා ඇත. මේ වන විට ජනාධිපතිවරයා විසින් රඳවා තබා ගැනීමේ නියෝග දෙකක් අත්සන් කර ඇති අතර, තෙවන නියෝගය අත්සන් කිරීමට නියමිතය.
කොළඹ කොටස් වෙළඳපළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම මූල්‍ය සමථය ලෙස රුපියල් මිලියන 188.1 ක (කෝටි 18 කට අධික) දැවැන්ත මුදලක් ගෙවා සිද්ධියක් සමථයකට පත් කරගැනීමත් සමඟ, මෙරට ප්‍රාග්ධන වෙළඳපළේ විනිවිදභාවය සහ වගවීම පිළිබඳව බරපතළ සංවාදයක් නිර්මාණය වී තිබේ.
ජාතියක අනන්‍යතාවයක් සකස් වීමේදී මුලිකව බලපාන්නේ ආගම. ආගමින් තමයි සංස්කෘතික පද්දතිය , සාරධර්ම පද්දතිය , Social etiquette නිර්මාණය වෙන්නේ. Sometimes not directly , but through filtered top down process . රටක් debase කරන්න තියෙන පහසුම , ඉක්මන්ම සහ සාර්ථකම ක්‍රමය තමයි ඒ රටේ ආගම debase කිරීම.
එම බැඳුම්කර සඳහා BB+ ශ්‍රේණිගත කිරීමක් හිමිව තිබුණි. පසුව ඒවා කඩාවැටුණි. වසර දහහතරකට පසුව, දැන් මතුව ඇති ප්‍රශ්නය වන්නේ අජිත් නිවාඩ් කබ්රාල් "දූෂණයක්" සිදු කළාද, නැතහොත් එය නරක අතට හැරුණු ආයෝජන තීරණයක් පමණක්ද යන්නයි."

ප්‍රධාන පුවත්

හැම ඒකාධිපතියෙක්ම කියන්නේ තමන්ගේ තීරණ ජනතාව වෙනුවෙන් කියලයි.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙන්නේ ලෝකයේ සෑම ඒකාධිපතියෙකුම පාහේ තමන් ගනු ලබන තීරණ ජනතාවගේ සහ රටේ යහපත උදෙසා ගනු ලබන බව පවසමින් බලය තහවුරු කරගන්නා බවයි.

22ට එරෙහි පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් 67 ක් සලකා බැලීම අද (02) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

රේගු වංචාව වසන් කළැයි ජනාධිපති ලේකම්ට එරෙහිව බරපතළ චෝදනාවක්!.. පරීක්‍ෂණ වාර්තාව එළියට..

වත්මන් ජනාධිපති ලේකම්වරයා රේගු දෙපාර්තමේන්තුවේ සිදුවූ මහා පරිමාණ අක්‍රමිකතාවක් වසන් කිරීමට කටයුතු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් සැබෑ කරුණු සඟවලා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් සියල්ල හෙළිකරයි..

1940 අංක 09 දරන පවතින පුරාවස්තු ආඥා පනත අහෝසි කර "ජාතික සංස්කෘතික උරුම පනත" නමින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන පසුබිමක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉකුත් 2026.08.28 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය හරහා වචන හරඹයක යෙදෙමින් සැබෑ අරමුණු සැඟවීමට උත්සාහ කර ඇති බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා බැලීමට නියමිතව ඇති අතර, අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිත බව වාර්තා වේ.

ෂී ජින්පින් ටිබෙටයේ දැවැන්ත මුදාගැනීමේ මෙහෙයුමකට නියෝග කරයි..

නේපාලයේ ලැංටැං ලිරුං (Langtang Lirung) හි මීටර් 5,200 ක් ඉහළින් පිහිටි ග්ලැසියරයක් හදිසියේ පුපුරා යාමෙන් ඇති වූ හිම සහ පාෂාණ කඳුවැටිය මිනිත්තු 6-7 ක් ඇතුළත ගයිරොං (Gyirong) දේශසීමා කලාපය මුළුමනින්ම විනාශ කර දැමීය.

Xizang ස්වයං පාලන කලාපයේ ආපදාවෙන් මියගිය චීන ජාතිකයන් වෙනුවෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ශෝකය.. අන්තර් දේශසීමා ආපදා රාමුවක අවශ්‍යතාව පෙන්වා දෙයි..

චීනයේ Xizang ස්වයං පාලන කලාපයේ නේපාල–චීන දේශසීමා ආසන්නයේ මෑතකදී සිදුවූ දරුණු ස්වභාවික ආපදාවෙන් ජීවිත අහිමි වූ සහ අතුරුදන් වූ චීන ජාතිකයන් සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සිය බලවත් සංවේගය පළ කර සිටියි.

22ට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට.. - විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්..

ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (01) දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබේ.

විනිසුරු විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට හානියක්ද? - ආචාර්ය නීතිඥ රාජා ගුණරත්නගෙන් විශ්ලේෂණයක්

ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණවල (ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය) විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වර්තමානයේ ඇති වී තිබෙන කතාබහ සහ යෝජනාවන් අධිකරණ ස්වාධීනත්වයට සෘජුවම බලපාන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා විසින් පුළුල් පර්යේෂණාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇත.

22 සංශෝධනය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජය දී ඇති පිළිතුරු සාවද්‍යයි.. - දිනන දකුණ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත රජය ලබා දී ඇති පිළිතුරු සාවද්‍ය බවත්, එමගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ දැඩි අපහසුතාවයට පත්වන බවත් ‘දිනන දකුණ’ සාමූහිකය පවසයි.

ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් මින්හාඩ් ගුවන් හමුදා කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක්..

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පිහිටි අල් මින්හාඩ් (Al Minhad) ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරගනිමින් ඉරානය විසින් සඳුදා අලුයම ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව 'ද ජෙරුසලම් පෝස්ට්' පුවත්පත වාර්තා කරයි.

පෙට්‍රල් පමණක් මිල පහළට.. සෙසු ඉන්ධන මිලෙහි වෙනසක් නෑ..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන කිහිපයක සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

22 වැනි සංශෝධනයට එරෙහිව ලාල් විජේනායක ශ්‍රේෂ්ඨාධිකරණයට.. – ජනමත විචාරණයක් ඉල්ලයි

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට ප්‍රථමයෙන් ඒ සඳහා මහජන අනුමැතිය ලබා ගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්ය බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගයේ විධායක සභික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

කුරුන්දි විහාරයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන්න.. – බුද්ධශාසන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

මුලතිව් කුරුන්දි රාජමහා විහාරස්ථානය සහ ඒ අවට පුරාවිද්‍යා හා වන සංරක්ෂණ රක්ෂිත භූමියෙන් ඉවත් කර ඇති පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් කුරුන්දි රජ මහා විහාරයේ විහාරාධිපති, උතුරු පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සාන්තබෝධි හිමියන් විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.

එක්සත් ජනපදයේ ‘උපරිම පීඩන’ ප්‍රතිපත්තිය අසාර්ථක වන ලකුණු.. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් ගෝලීය බලතුලනය ගැන අනතුරු අඟවයි

ඉරානයට එරෙහිව එක්සත් ජනපදය දියත් කිරීමට සැරසෙන ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික "උපරිම පීඩන" ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමට නියමිත බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දේශපාලන විද්‍යාඥ, මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් පෙන්වා දෙයි.

එක්ස්ප්‍රස් පර්ල් කෝටි 34000ක වංගුවට අනුර - සූරසේනට වැඩ වරදින්නේ මෙහෙමයි.. - නාගානන්ද කොඩිතුවක්කුගෙන් විශේෂ අනාවරණයක්

එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් ශ්‍රී ලංකාවට සිදු වූ පාරිසරික හා ආර්ථික හානිය වෙනුවෙන් හිමිවිය යුතුව තිබූ රුපියල් කෝටි 34,000ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4) වන්දි මුදල රටට අහිමි වීමේ ක්‍රියාවලිය පිටුපස ඇති තොරතුරු සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතා අදහස් දක්වා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.