22ට එරෙහි පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් 67 ක් සලකා බැලීම අද (02) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ සභාපතීත්වයෙන් යුත්, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලීම ඊයේ (01) ආරම්භ විය.
පෙත්සම් කැඳවීම ආරම්භයේදීම මහජන අවධානයට පාත්‍ර වූ මෙම නඩුකරය ශ්‍රේෂ්ඨාධිකරණයේ 502 ශාලාවේ සිට වැඩි ඉඩ පහසුකම් සහිත 501 ශාලාව වෙත මාරු කිරීමට විනිසුරු මඩුල්ල පියවර ගත්තේය. අනතුරුව පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුළු නීතිඥවරුන් ඉල්ලා සිටියේ, යෝජිත පනත් කෙටුම්පත මගින් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ වන බැවින් ළබැඳියාවන් අතර ගැටුමක් මතුවන බවත්, එම නිසා මෙම පෙත්සම් සියලුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලෙසත්ය.
කෙසේ වෙතත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා පෙන්වා දුන්නේ විනිසුරු මඩුල්ලක් පත් කිරීමේ අභිමතය අගවිනිසුරුවරයා සතු බවයි. එම කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල, පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවතින විනිසුරු මඩුල්ල හමුවේම විභාගය පවත්වාගෙන යාමට තීරණය කළේය.
අගෝස්තු 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම සංශෝධනයට එරෙහිව දෙසතියක කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67 ක් ගොනු කෙරුණු අතර, ඉන් පෙත්සම් 41 ක්ම මාර්ගගත ක්‍රමයට ගොනුකර තිබීම විශේෂත්වයකි.
පෙත්සම් විභාගයේදී කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේ මෙම සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 සහ 04 ව්‍යවස්ථා මගින් තහවුරු කර ඇති ජනතා පරමාධිපත්‍යය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයද උල්ලංඝනය වන බැවින්, මීට පෙර අවස්ථාවලදී මෙන්ම මෙවැනි සංශෝධනයක් සඳහාද ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි.
මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබූ පමණින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි කළ නොහැකි බවත්, විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අඩු කිරීම මෙන්ම වැඩි කිරීමද අධිකරණ ස්වාධීනත්වයට බලපාන බවත්ය.
තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා සඳහන් කළේ විනිසුරුවරයෙකු තමන්ට බලපාන කරුණක් පිළිබඳව තමන් විසින්ම විනිශ්චයක් ලබාදීම නීතියට පටහැනි බැවින්, ඊට ඇති එකම විකල්පය ජනමත විචාරණයකට යාම බවයි.
රාත්‍රී 10.30 ට පමණ පෙත්සම්කාර පාර්ශ්වයේ දේශන අවසන් වූ අතර, පෙත්සම්කාර පාර්ශ්වයේ වැඩිදුර දේශන, අතරමැදි පෙත්සම්කරුවන්ගේ සහ නීතිපතිවරයාගේ කරුණු දැක්වීම් අද (02) දින සිදු කිරීමට නියමිතව තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..