News Category
From Date
To Date
Maximum Number of Result

රේගු වංචාව වසන් කළැයි ජනාධිපති ලේකම්ට එරෙහිව බරපතළ චෝදනාවක්!.. පරීක්‍ෂණ වාර්තාව එළියට..

Sep 1, 2026 at 11:04 AM
|

වත්මන් ජනාධිපති ලේකම්වරයා රේගු දෙපාර්තමේන්තුවේ සිදුවූ මහා පරිමාණ අක්‍රමිකතාවක් වසන් කිරීමට කටයුතු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි. 

අද දෙරණ '360' වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා අනාවරණය කළේ, 2024 වසරේදී මෙරටට ගෙන්වන ලද වාහන අමතර කොටස් අඩංගු බහාලුමක් (Container) සම්බන්ධයෙන් මෙම අක්‍රමිකතාව සිදුව ඇති බවයි.

අදාළ බහාලුම සඳහා අවශ්‍ය නිසි ආනයන බලපත්‍ර නොතිබීම හේතුවෙන් එය රේගුවේ 'Red Channel' යටතේ පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී පළමු පරීක්ෂණ කණ්ඩායම එහි කිසිදු දෝෂයක් නොමැති බව පැවසූ නමුත්, එවකට රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති ලේකම්වරයාගේ නායකත්වයෙන් යුත් දෙවන කණ්ඩායමක් විසින් එය යළි පරීක්ෂා කර ඇත. එම පරීක්ෂාවේදී අනීතික ලෙස ගෙන්වූ වාහන ආසන 7ක් පමණක් හමුවූ බව පවසමින් ඒවා රාජසන්තක කිරීමට නිර්දේශ කර තිබේ.

කෙසේ වෙතත්, රේගු අභ්‍යන්තර විමර්ශන අංශය කළ තෙවන පරීක්ෂාවේදී ප්‍රකාශ නොකළ භාණ්ඩ වර්ග 45කට අයත් අයිතම 600කට වැඩි ප්‍රමාණයක් (වාහන ආසන 130ක් සහ රිම් සහිත ටයර් ඇතුළුව) සොයාගෙන ඇත. මෙම බරපතළ අක්‍රමිකතාවට අදාළ විමර්ශන වාර්තා දැනට රේගුවෙන් සහ මුදල් අමාත්‍යාංශයෙන් අතුරුදන් වී ඇති අතර, තමන් සතුව ඒ සියල්ලේ පිටපත් පවතින බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් එළඹෙන බදාදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ අල්ලස් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට නියමිත අතර, රජය මෙවැනි ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳව ද මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටී.

සම්බන්ධිත පුවත් | Related News

බලංගොඩ, පින්නවල - එල්ලාරාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියන් තිදෙනෙකු අතුරුදන් වී ඇති බවට බලංගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී ඇති අතර, මෙලෙස අතුරුදන් වී ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ ප්‍රමුඛ පාසලක අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියන් තිදෙනෙකි.
ඇමරිකා එක්සත් ජනපදය සිය අතිවිශාල ආර්ථික සහ මූල්‍ය බලය අයථා ලෙස භාවිතා කරමින්, ලෝකය පුරා සාමාන්‍ය ජනතාව දැඩි පීඩාවට පත්කරන බවට ප්‍රකට ඇමරිකානු දේශපාලන විද්‍යාඥයෙකු සහ චිකාගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ජෝන් මියර්ශයිමර් (John Mearsheimer) දැඩි චෝදනාවක් එල්ල කරයි.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67ක් ගොනු කර තිබේ.
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල පිහිටි බෞද්ධ පුරාවිද්‍යා උරුමයන් මකා දැමීම සඳහා නව මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවට මහාචාර්ය චන්න ජයසුමන මහතා චෝදනා කරයි.
1940 අංක 09 දරන පවතින පුරාවස්තු ආඥා පනත අහෝසි කර "ජාතික සංස්කෘතික උරුම පනත" නමින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන පසුබිමක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉකුත් 2026.08.28 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය හරහා වචන හරඹයක යෙදෙමින් සැබෑ අරමුණු සැඟවීමට උත්සාහ කර ඇති බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.
ඉදිරි කාලයේදී ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබුණහොත් මෙරට විදුලි ගාස්තු නැවත වරක් ඉහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි.
අමෙරිකානු යුද ලේකම් ඩෑන් ඩ්‍රිස්කෝල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා බැලීමට නියමිතව ඇති අතර, අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිත බව වාර්තා වේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 13 දෙනාගෙන්ම සමන්විත පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස සියලු පෙත්සම්කාර පාර්ශ්වයන් ඉල්ලා සිටීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පවසයි.

ප්‍රධාන පුවත්

රේගු වංචාව වසන් කළැයි ජනාධිපති ලේකම්ට එරෙහිව බරපතළ චෝදනාවක්!.. පරීක්‍ෂණ වාර්තාව එළියට..

වත්මන් ජනාධිපති ලේකම්වරයා රේගු දෙපාර්තමේන්තුවේ සිදුවූ මහා පරිමාණ අක්‍රමිකතාවක් වසන් කිරීමට කටයුතු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් සැබෑ කරුණු සඟවලා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් සියල්ල හෙළිකරයි..

1940 අංක 09 දරන පවතින පුරාවස්තු ආඥා පනත අහෝසි කර "ජාතික සංස්කෘතික උරුම පනත" නමින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන පසුබිමක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉකුත් 2026.08.28 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය හරහා වචන හරඹයක යෙදෙමින් සැබෑ අරමුණු සැඟවීමට උත්සාහ කර ඇති බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා බැලීමට නියමිතව ඇති අතර, අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිත බව වාර්තා වේ.

ෂී ජින්පින් ටිබෙටයේ දැවැන්ත මුදාගැනීමේ මෙහෙයුමකට නියෝග කරයි..

නේපාලයේ ලැංටැං ලිරුං (Langtang Lirung) හි මීටර් 5,200 ක් ඉහළින් පිහිටි ග්ලැසියරයක් හදිසියේ පුපුරා යාමෙන් ඇති වූ හිම සහ පාෂාණ කඳුවැටිය මිනිත්තු 6-7 ක් ඇතුළත ගයිරොං (Gyirong) දේශසීමා කලාපය මුළුමනින්ම විනාශ කර දැමීය.

Xizang ස්වයං පාලන කලාපයේ ආපදාවෙන් මියගිය චීන ජාතිකයන් වෙනුවෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ශෝකය.. අන්තර් දේශසීමා ආපදා රාමුවක අවශ්‍යතාව පෙන්වා දෙයි..

චීනයේ Xizang ස්වයං පාලන කලාපයේ නේපාල–චීන දේශසීමා ආසන්නයේ මෑතකදී සිදුවූ දරුණු ස්වභාවික ආපදාවෙන් ජීවිත අහිමි වූ සහ අතුරුදන් වූ චීන ජාතිකයන් සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සිය බලවත් සංවේගය පළ කර සිටියි.

22ට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට.. - විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්..

ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (01) දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබේ.

විනිසුරු විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට හානියක්ද? - ආචාර්ය නීතිඥ රාජා ගුණරත්නගෙන් විශ්ලේෂණයක්

ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණවල (ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය) විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වර්තමානයේ ඇති වී තිබෙන කතාබහ සහ යෝජනාවන් අධිකරණ ස්වාධීනත්වයට සෘජුවම බලපාන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා විසින් පුළුල් පර්යේෂණාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇත.

22 සංශෝධනය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජය දී ඇති පිළිතුරු සාවද්‍යයි.. - දිනන දකුණ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත රජය ලබා දී ඇති පිළිතුරු සාවද්‍ය බවත්, එමගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ දැඩි අපහසුතාවයට පත්වන බවත් ‘දිනන දකුණ’ සාමූහිකය පවසයි.

ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් මින්හාඩ් ගුවන් හමුදා කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක්..

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පිහිටි අල් මින්හාඩ් (Al Minhad) ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරගනිමින් ඉරානය විසින් සඳුදා අලුයම ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව 'ද ජෙරුසලම් පෝස්ට්' පුවත්පත වාර්තා කරයි.

පෙට්‍රල් පමණක් මිල පහළට.. සෙසු ඉන්ධන මිලෙහි වෙනසක් නෑ..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන කිහිපයක සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

22 වැනි සංශෝධනයට එරෙහිව ලාල් විජේනායක ශ්‍රේෂ්ඨාධිකරණයට.. – ජනමත විචාරණයක් ඉල්ලයි

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට ප්‍රථමයෙන් ඒ සඳහා මහජන අනුමැතිය ලබා ගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්ය බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගයේ විධායක සභික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

කුරුන්දි විහාරයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන්න.. – බුද්ධශාසන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

මුලතිව් කුරුන්දි රාජමහා විහාරස්ථානය සහ ඒ අවට පුරාවිද්‍යා හා වන සංරක්ෂණ රක්ෂිත භූමියෙන් ඉවත් කර ඇති පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් කුරුන්දි රජ මහා විහාරයේ විහාරාධිපති, උතුරු පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සාන්තබෝධි හිමියන් විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.

එක්සත් ජනපදයේ ‘උපරිම පීඩන’ ප්‍රතිපත්තිය අසාර්ථක වන ලකුණු.. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් ගෝලීය බලතුලනය ගැන අනතුරු අඟවයි

ඉරානයට එරෙහිව එක්සත් ජනපදය දියත් කිරීමට සැරසෙන ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික "උපරිම පීඩන" ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමට නියමිත බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දේශපාලන විද්‍යාඥ, මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් පෙන්වා දෙයි.

එක්ස්ප්‍රස් පර්ල් කෝටි 34000ක වංගුවට අනුර - සූරසේනට වැඩ වරදින්නේ මෙහෙමයි.. - නාගානන්ද කොඩිතුවක්කුගෙන් විශේෂ අනාවරණයක්

එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් ශ්‍රී ලංකාවට සිදු වූ පාරිසරික හා ආර්ථික හානිය වෙනුවෙන් හිමිවිය යුතුව තිබූ රුපියල් කෝටි 34,000ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4) වන්දි මුදල රටට අහිමි වීමේ ක්‍රියාවලිය පිටුපස ඇති තොරතුරු සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතා අදහස් දක්වා තිබේ.

පාර්ලිමේන්තුවේ ඇත්තන් කෝටි 89ක කාලා, ඇඳලා..

පසුගිය වසර පහක (2020 - 2024) කාල සීමාව තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ කාර්යාලය, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර හා නිල ඇඳුම් වෙනුවෙන් රුපියල් 89,40,13,863ක (කෝටි 89කට අධික) මුදලක් වැයකර ඇති බව ජාතික විගණන කාර්යාලයේ විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

22 ට පක්ෂව, විපක්ෂව පෙත්සම් 27ක්..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හෙට (31) දිනට සති දෙකක් සපිරේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.