ජේ. ආර්. ජයවර්ධනගේ සැන් ෆ්‍රැන්සිස්කෝ කතාව භූ-දේශපාලනික ඩීලක්ද?
දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක බලතුලනය නැවත සකස් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර නිර්මාණය වූ ශීතල යුද්ධයේ පදනම මත ය. මෙම ගෝලීය දේශපාලන පසුබිම තුළ 1951 වසරේ පැවැත්වුණු සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුව සහ එහිදී ශ්‍රී ලංකාවේ (එවකට ලංකාව) නියෝජිත ජේ. ආර්. ජයවර්ධන මහතා කළ කතාව, හුදෙක් උදාර හැඟීම් මත පදනම් වූවකට වඩා ඉතා සූක්ෂම භූ-දේශපාලනික සැලසුමක ප්‍රතිඵලයක් ලෙස විය හැක.
ජේ. ආර්. ජයවර්ධන මහතා තරුණ කාලයේ සිටම බටහිර ලැදි, විශේෂයෙන්ම ඇමෙරිකානු ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කළා විය හැක. ඊට උදාහරණ වන්නේ ඔහුට "යැංකි ඩිකී" (Yankee Dickey) යන අන්වර්ථ නාමය පටබැඳුණේ මෙම බටහිර අනුකාරක සහ ඇමෙරිකානු හිතවාදී ආකල්ප නිසාවිය යුතියි. දෙවන ලෝක යුද්ධයටත් පෙර සිටම ඇමෙරිකානු බුද්ධි අංශ සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් ලංකාවේ මේ නැගී එන නායකයාගේ මතවාදී නැඹුරුව පිළිබඳව හොඳින් දැනුවත්ව සිටින්නට ඇත. ඇමෙරිකාවටද ආසියාතික කලාපය තුළ තම මතය ප්‍රකාශ කිරීම සඳහා විශ්වාසදායක සහ නම්‍යශීලී නායකයෙකුගේ අවශ්‍යතාව තිබෙන්නට ඇත.
1951 සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී ජපානයට එරෙහිව යුද වන්දි අය කර නොගත යුතු බවටත්, "වෛරයෙන් වෛරය නොසංසිඳේ" යන බෞද්ධ දර්ශනය පදනම් කරගනිමින් ජපානයට නිදහස දිය යුතු බවටත් ජේ. ආර්. ජයවර්ධන මහතා කළ කතාව ලෝක අවධානයට ලක් විය. කෙසේ වෙතත්, මෙය හුදෙක් ලංකාවේ ස්වාධීන තීරණයකට වඩා ඇමෙරිකානු උපායමාර්ගික අවශ්‍යතාවයට අනුකූලව සිදුවූවක් බව සිතන්නට කරුණු ඇත. යුද්ධයෙන් පසු ජපානය තමන්ගේ අනුගාමික රාජ්‍යයක් ලෙස පවත්වා ගැනීමටත්, ආසියාව තුළ කොමියුනිස්ට්වාදය පැතිරීම වැළැක්වීමටත් ඇමෙරිකාවට අවශ්‍ය විය. එවැනි ප්‍රකාශයක් ඇමෙරිකාව හෝ බටහිර බලවතෙකු විසින් කෙළින්ම සිදු කිරීමට වඩා, ආසියාතික සහ බෞද්ධ රටක් ලවා කරවීම ජාත්‍යන්තරය හමුවේ වඩාත් වැදගත් සංසිද්ධියක් ලෙස පෙනී ගියේය. ඒ සඳහා සුදුසුම රාජ්‍ය තාන්ත්‍රික මෙවලම වූයේ ජේ. ආර්. ය.
මෙම ක්‍රියාපටිපාටිය පිටුපස වූ තවත් ප්‍රධාන හා වැදගත් රහසිගත සාධකයක් වන්නේ ඇමෙරිකාව සහ ජපානය අතර සිදුවූ තාක්ෂණික හා බුද්ධිමය හුවමාරුවයි. ජපානයේ ද්වේෂසහගත රහස්‍ය පර්යේෂණ ඒකක (විශේෂයෙන්ම 731 බලකාය වැනි ජෛව විද්‍යාත්මක හා නාවික පර්යේෂණ ඒකක, සහ U-531 වැනි සබ්මැරීන තාක්ෂණික පරීක්ෂණ වාර්තා) සතුව පැවැති සියලුම විද්‍යාත්මක දත්ත ඇමෙරිකාව වෙත ලබා දීමට ජපානය එකඟ වීම මෙහි "කුප්‍රකට ඩීල්" එක විය හැක. මෙම මූලෝපායික දත්ත හුවමාරුව වෙනුවෙන් ජපාන අධිරාජ්‍යයා සහ යුද අපරාධකරුවන් ආරක්ෂා කිරීමටත්, ජපානයට බරපතල යුද වන්දි ගෙවීමෙන් නිදහස් වීමටත් ඇමෙරිකාව පසුබිම සකස් කළේය.
සංක්ෂිප්තව දක්වන්නේ නම්, සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී ජේ. ආර්. ජයවර්ධන මහතා කළ ඓතිහාසික කතාව යනු හුදෙක් ආචාරධර්මීය ප්‍රකාශයක් පමණක් නොවේ. එය "යැංකි ඩිකී" ලෙස ඇමෙරිකාව හඳුනාගෙන සිටි පුද්ගලයා ලවා, ඇමෙරිකානු-ජපාන රහසිගත ගිවිසුම්වලට සහ ඇමෙරිකාවේ ආසියානු බලතුලන උපායමාර්ගයට ජාත්‍යන්තර මට්ටමේ නීත්‍යානුකූල භාවයක් ලබා දීම සඳහා සූක්ෂම ලෙස යොදාගත් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක ප්‍රතිඵලයක් විය හැක.
- යසස් ධර්මදාස
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..