News Category
From Date
To Date
Maximum Number of Result

ජේ. ආර්. ජයවර්ධනගේ සැන් ෆ්‍රැන්සිස්කෝ කතාව භූ-දේශපාලනික ඩීලක්ද?

Sep 2, 2026 at 10:39 AM
|

දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක බලතුලනය නැවත සකස් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර නිර්මාණය වූ ශීතල යුද්ධයේ පදනම මත ය. මෙම ගෝලීය දේශපාලන පසුබිම තුළ 1951 වසරේ පැවැත්වුණු සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුව සහ එහිදී ශ්‍රී ලංකාවේ (එවකට ලංකාව) නියෝජිත ජේ. ආර්. ජයවර්ධන මහතා කළ කතාව, හුදෙක් උදාර හැඟීම් මත පදනම් වූවකට වඩා ඉතා සූක්ෂම භූ-දේශපාලනික සැලසුමක ප්‍රතිඵලයක් ලෙස විය හැක.

​ජේ. ආර්. ජයවර්ධන මහතා තරුණ කාලයේ සිටම බටහිර ලැදි, විශේෂයෙන්ම ඇමෙරිකානු ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කළා විය හැක. ඊට උදාහරණ වන්නේ ඔහුට "යැංකි ඩිකී" (Yankee Dickey) යන අන්වර්ථ නාමය පටබැඳුණේ මෙම බටහිර අනුකාරක සහ ඇමෙරිකානු හිතවාදී ආකල්ප නිසාවිය යුතියි. දෙවන ලෝක යුද්ධයටත් පෙර සිටම ඇමෙරිකානු බුද්ධි අංශ සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් ලංකාවේ මේ නැගී එන නායකයාගේ මතවාදී නැඹුරුව පිළිබඳව හොඳින් දැනුවත්ව සිටින්නට ඇත. ඇමෙරිකාවටද ආසියාතික කලාපය තුළ තම මතය ප්‍රකාශ කිරීම සඳහා විශ්වාසදායක සහ නම්‍යශීලී නායකයෙකුගේ අවශ්‍යතාව තිබෙන්නට ඇත.

​1951 සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී ජපානයට එරෙහිව යුද වන්දි අය කර නොගත යුතු බවටත්, "වෛරයෙන් වෛරය නොසංසිඳේ" යන බෞද්ධ දර්ශනය පදනම් කරගනිමින් ජපානයට නිදහස දිය යුතු බවටත් ජේ. ආර්. ජයවර්ධන මහතා කළ කතාව ලෝක අවධානයට ලක් විය. කෙසේ වෙතත්, මෙය හුදෙක් ලංකාවේ ස්වාධීන තීරණයකට වඩා ඇමෙරිකානු උපායමාර්ගික අවශ්‍යතාවයට අනුකූලව සිදුවූවක් බව සිතන්නට කරුණු ඇත. යුද්ධයෙන් පසු ජපානය තමන්ගේ අනුගාමික රාජ්‍යයක් ලෙස පවත්වා ගැනීමටත්, ආසියාව තුළ කොමියුනිස්ට්වාදය පැතිරීම වැළැක්වීමටත් ඇමෙරිකාවට අවශ්‍ය විය. එවැනි ප්‍රකාශයක් ඇමෙරිකාව හෝ බටහිර බලවතෙකු විසින් කෙළින්ම සිදු කිරීමට වඩා, ආසියාතික සහ බෞද්ධ රටක් ලවා කරවීම ජාත්‍යන්තරය හමුවේ වඩාත් වැදගත් සංසිද්ධියක් ලෙස පෙනී ගියේය. ඒ සඳහා සුදුසුම රාජ්‍ය තාන්ත්‍රික මෙවලම වූයේ ජේ. ආර්. ය.

​මෙම ක්‍රියාපටිපාටිය පිටුපස වූ තවත් ප්‍රධාන හා වැදගත් රහසිගත සාධකයක් වන්නේ ඇමෙරිකාව සහ ජපානය අතර සිදුවූ තාක්ෂණික හා බුද්ධිමය හුවමාරුවයි. ජපානයේ ද්වේෂසහගත රහස්‍ය පර්යේෂණ ඒකක (විශේෂයෙන්ම 731 බලකාය වැනි ජෛව විද්‍යාත්මක හා නාවික පර්යේෂණ ඒකක, සහ U-531 වැනි සබ්මැරීන තාක්ෂණික පරීක්ෂණ වාර්තා) සතුව පැවැති සියලුම විද්‍යාත්මක දත්ත ඇමෙරිකාව වෙත ලබා දීමට ජපානය එකඟ වීම මෙහි "කුප්‍රකට ඩීල්" එක විය හැක. මෙම මූලෝපායික දත්ත හුවමාරුව වෙනුවෙන් ජපාන අධිරාජ්‍යයා සහ යුද අපරාධකරුවන් ආරක්ෂා කිරීමටත්, ජපානයට බරපතල යුද වන්දි ගෙවීමෙන් නිදහස් වීමටත් ඇමෙරිකාව පසුබිම සකස් කළේය.

​සංක්ෂිප්තව දක්වන්නේ නම්, සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී ජේ. ආර්. ජයවර්ධන මහතා කළ ඓතිහාසික කතාව යනු හුදෙක් ආචාරධර්මීය ප්‍රකාශයක් පමණක් නොවේ. එය "යැංකි ඩිකී" ලෙස ඇමෙරිකාව හඳුනාගෙන සිටි පුද්ගලයා ලවා, ඇමෙරිකානු-ජපාන රහසිගත ගිවිසුම්වලට සහ ඇමෙරිකාවේ ආසියානු බලතුලන උපායමාර්ගයට ජාත්‍යන්තර මට්ටමේ නීත්‍යානුකූල භාවයක් ලබා දීම සඳහා සූක්ෂම ලෙස යොදාගත් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක ප්‍රතිඵලයක් විය හැක.

- යසස් ධර්මදාස

සම්බන්ධිත පුවත් | Related News

විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
අද වන විට බහුතරයක් ඉස්ලාම් භක්තිකයන් වෙසෙන මධ්‍යම ආසියානු රටක් වන ටජිකිස්තානයේ මීට සහශ්‍රකයකට පෙර බුදු දහම ශක්තිමත්ව ව්‍යාප්තව තිබූ බව සැලකෙන කදිම සාක්ෂියක් හමු වී තිබේ.
බුදුදහම සාපේක්ෂව බටහිර සංකල්පිත රාමුවලට කොටු කිරීමට තත්කාලීන මෙන්ම අතීත විද්වතුන් රැසක් උත්සාහ කර ඇත. එහිදී බොහෝ පිරිසක් බුදුදහම යනු "ආගමක්" (Religion) නොවන බව පිළිගන්නා අතරම, එය "දර්ශනයක්" (Philosophy) හෝ "ඩොක්ට්‍රින්" (Doctrine) එකක් ලෙස හඳුන්වනු ලබයි.
සැළැකිය යුතු කාලයක ඉඳලා මේ සිරිලංකාවේ දේශපාලනය කෙරෙන්නේ මතවාදයක් ගුරු කරගෙන නෙවෙයි. මතවාද ගැන කිසිම තැකීමක් නො කර පුද්ගල සාධක විතරක් ඉස්සරහින් තියාගෙන කරන දේශපාලනයක් තමයි මේ රටේ ක්‍රියාත්මකවෙන්නේ. ඉතින් දැන් මේ රටේ “මහින්දගේ පක්‍ෂය” තියෙනවා.”රනිල්ගේ පක්‍ෂය” තියෙනවා. “සජිත්ගේ පක්‍ෂය” තියෙනවා. “විමල්ගේ පක්‍ෂය” තියෙනවා. “චම්පිකගේ පක්‍ෂය” තියෙනවා. “ගම්මන්පිලගේ පක්‍ෂය” තියෙනවා. “දිලිත්ගේ පක්‍ෂය” තියෙනවා. “බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ගේ පක්‍ෂය” තියෙනවා. “අක්මීමන දයාරතන හාමුදුරුවන්ගේ පක්‍ෂය” තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මාක්ස්වාදී මතවාදයක් ඉස්සරහින් තියාගනෙ හිටියත් “වාසුගේ පක්‍ෂය” කියලා එකකුත් හැදිලා තියෙනවා.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දුර්ලභ වූ බුද්ධිමය ලෝකය තුළ මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් තරම් ගෞරවයට පාත්‍ර වන හෝ එතරම් මතභේදයට තුඩු දෙන හඬක් නගන්නේ ඉතාමත් ස්වල්ප දෙනෙකි.
ජපානය චීනයත් එක්ක සම්බන්ධකම් යහපත් කරගන්න උත්සාහ කරමින් ඉන්නා බව කියන ප්‍රවෘත්ති වාර්තා ඉස්සරහට ඇවිල්ලා. මේක මහ අමුතු වැඩක් වගේ පෙනුනත්, ඉතිහාසය දිහා හොඳින් බැලුවාම මේක “ස්වභාවික ආපහු යෑමක්” (natural reversal) කියලා තේරුම්ගන්න පුළුවන්.
ශ්‍රී ලංකාව කියන්නේ සිංහල බෞද්ධ බහුතරයක් වෙනස රටක්. දෙමල සහ මුස්ලිම් ජනතාව සැලකිය යුතු පිරිසකුත් බර්ගර් සහ මැලේ සුළුතරයකුත් ජීවත් වෙනවා.අපේ රටේ පැවති ඓයිතිහාසික සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය පදනම් කරගෙන බොහෝ අය ශ්‍රී ලංකාවට කියන්නේ සිංහල බෞද්ධයාගේ රට කියලයි.පහුගිය ප්‍රසිද්ධ රූපවාහිනි සංවාදයකදී හිටපු ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව හැදින්වුයේ සිංහල බෞද්ධයාගේ රට කියලයි.

ප්‍රධාන පුවත්

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්.. - නිගමනය කථානායකට..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව අද (2) සඳහන් කළේය.

‘හමුදා රහසක්’: රුසියාවේ ‘නීත්‍යානුකූල ඉලක්ක’ පිළිබඳ පුටින් කියෙව් සහ ලන්ඩනය දෙගිඩියාවට පත් කරයි — ප්‍රධාන ප්‍රකාශ

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

මාලිමා මන්ත්‍රීවරු 159ට එරෙහිව දිනන දකුණින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්‍තුවට තේරි පත් වූ මන්‍ත්‍රීවරුන්ට එරෙහිව දිනන දකුණ සංවිධානයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

හැම ඒකාධිපතියෙක්ම කියන්නේ තමන්ගේ තීරණ ජනතාව වෙනුවෙන් කියලයි.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙන්නේ ලෝකයේ සෑම ඒකාධිපතියෙකුම පාහේ තමන් ගනු ලබන තීරණ ජනතාවගේ සහ රටේ යහපත උදෙසා ගනු ලබන බව පවසමින් බලය තහවුරු කරගන්නා බවයි.

22ට එරෙහි පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් 67 ක් සලකා බැලීම අද (02) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

රේගු වංචාව වසන් කළැයි ජනාධිපති ලේකම්ට එරෙහිව බරපතළ චෝදනාවක්!.. පරීක්‍ෂණ වාර්තාව එළියට..

වත්මන් ජනාධිපති ලේකම්වරයා රේගු දෙපාර්තමේන්තුවේ සිදුවූ මහා පරිමාණ අක්‍රමිකතාවක් වසන් කිරීමට කටයුතු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් සැබෑ කරුණු සඟවලා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් සියල්ල හෙළිකරයි..

1940 අංක 09 දරන පවතින පුරාවස්තු ආඥා පනත අහෝසි කර "ජාතික සංස්කෘතික උරුම පනත" නමින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන පසුබිමක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉකුත් 2026.08.28 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය හරහා වචන හරඹයක යෙදෙමින් සැබෑ අරමුණු සැඟවීමට උත්සාහ කර ඇති බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා බැලීමට නියමිතව ඇති අතර, අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිත බව වාර්තා වේ.

ෂී ජින්පින් ටිබෙටයේ දැවැන්ත මුදාගැනීමේ මෙහෙයුමකට නියෝග කරයි..

නේපාලයේ ලැංටැං ලිරුං (Langtang Lirung) හි මීටර් 5,200 ක් ඉහළින් පිහිටි ග්ලැසියරයක් හදිසියේ පුපුරා යාමෙන් ඇති වූ හිම සහ පාෂාණ කඳුවැටිය මිනිත්තු 6-7 ක් ඇතුළත ගයිරොං (Gyirong) දේශසීමා කලාපය මුළුමනින්ම විනාශ කර දැමීය.

Xizang ස්වයං පාලන කලාපයේ ආපදාවෙන් මියගිය චීන ජාතිකයන් වෙනුවෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ශෝකය.. අන්තර් දේශසීමා ආපදා රාමුවක අවශ්‍යතාව පෙන්වා දෙයි..

චීනයේ Xizang ස්වයං පාලන කලාපයේ නේපාල–චීන දේශසීමා ආසන්නයේ මෑතකදී සිදුවූ දරුණු ස්වභාවික ආපදාවෙන් ජීවිත අහිමි වූ සහ අතුරුදන් වූ චීන ජාතිකයන් සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සිය බලවත් සංවේගය පළ කර සිටියි.

22ට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට.. - විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්..

ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (01) දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබේ.

විනිසුරු විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට හානියක්ද? - ආචාර්ය නීතිඥ රාජා ගුණරත්නගෙන් විශ්ලේෂණයක්

ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණවල (ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය) විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වර්තමානයේ ඇති වී තිබෙන කතාබහ සහ යෝජනාවන් අධිකරණ ස්වාධීනත්වයට සෘජුවම බලපාන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා විසින් පුළුල් පර්යේෂණාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇත.

22 සංශෝධනය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජය දී ඇති පිළිතුරු සාවද්‍යයි.. - දිනන දකුණ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත රජය ලබා දී ඇති පිළිතුරු සාවද්‍ය බවත්, එමගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ දැඩි අපහසුතාවයට පත්වන බවත් ‘දිනන දකුණ’ සාමූහිකය පවසයි.

ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් මින්හාඩ් ගුවන් හමුදා කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක්..

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පිහිටි අල් මින්හාඩ් (Al Minhad) ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරගනිමින් ඉරානය විසින් සඳුදා අලුයම ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව 'ද ජෙරුසලම් පෝස්ට්' පුවත්පත වාර්තා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.