News Category
From Date
To Date
Maximum Number of Result

එයාගේ පක්‍ෂය - මෙයාගේ පක්‍ෂය..

Aug 31, 2026 at 03:12 PM
|

සැළැකිය යුතු කාලයක ඉඳලා මේ සිරිලංකාවේ දේශපාලනය කෙරෙන්නේ මතවාදයක් ගුරු කරගෙන නෙවෙයි. මතවාද ගැන කිසිම තැකීමක් නො කර පුද්ගල සාධක විතරක් ඉස්සරහින් තියාගෙන කරන දේශපාලනයක් තමයි මේ රටේ ක්‍රියාත්මකවෙන්නේ. ඉතින් දැන් මේ රටේ “මහින්දගේ පක්‍ෂය” තියෙනවා.”රනිල්ගේ පක්‍ෂය” තියෙනවා. “සජිත්ගේ පක්‍ෂය” තියෙනවා. “විමල්ගේ පක්‍ෂය” තියෙනවා. “චම්පිකගේ පක්‍ෂය” තියෙනවා. “ගම්මන්පිලගේ පක්‍ෂය” තියෙනවා. “දිලිත්ගේ පක්‍ෂය” තියෙනවා. “බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ගේ පක්‍ෂය” තියෙනවා. “අක්මීමන දයාරතන හාමුදුරුවන්ගේ පක්‍ෂය” තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මාක්ස්වාදී මතවාදයක් ඉස්සරහින් තියාගනෙ හිටියත් “වාසුගේ පක්‍ෂය” කියලා එකකුත් හැදිලා තියෙනවා.

ජේ. ආර්. ජයවර්ධන කියන්නේ ඒකාධිපති විදිහට රට පාලනය කරපු පුද්ගලයෙක්. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආඥාදායකත්වය ගැන කතන්දරත් රටේ ජනගත කරලා තියෙනවා. ඒත් ඒ අය බලයට ආවේ සහ රට පාලනය කළේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් මිසක් “ජේ. ආර්. ගේ පක්‍ෂය” හරි “ප්‍රේමදාසගේ පක්‍ෂය” හරි නියෝජනය කරලා නෙවෙයි. 1951 ඉඳලා 2005 දක්වා අවුරුදු 54 ක් ම, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය බණ්ඩාරනායකලාට හිමිවෙලා තිබුණා. ඒත් කවුරුවත් ඒකට “බණ්ඩාරනායකලාගේ පක්‍ෂය” කියලා කිව්වේ නෑ. පුද්ගලික නායකත්වය ඉක්මවපු සංවිධාන ශක්තියක් ඒ පක්‍ෂ දෙකට තිබුණා. ඒ වගේ ම, හරියට සූත්‍රගත කරලා තිබුණේ නැතත් යම් ආකාරයක මතවාදී පදනමක් ඒ පක්‍ෂ දෙකට තිබුණා.

පුද්ගල නායකත්වය ඉස්සරහින් තියාගෙන කරන්න පුළුවන් දේශපාලනයක් නෑ. එහෙම ක්‍රමයක් හරහා මොන විදිහකින් හරි බලය ගත්තත් ඒ දේශපාලනය ඉක්මනින් ම බිඳ වැටෙනවා. උදාහරණයක් විදිහට, අපිට මහින්ද රාජපක්‍ෂට අත්වෙච්ච ඉරණම ගැන හිතන්න පුළුවන්.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය (බුලත් කොළය) නියෝජනය කරමින් තමයි මහින්ද රාජපක්‍ෂ 2005 දී ජනාධිපති ධුරයට පත්වුණේ. නිශ්චිතව සූත්‍රගත කරලා ප්‍රකාශයට පත් නො කළත් ඒ සන්ධානයට එකතුවෙච්ච දේශපාලන පක්‍ෂ වාමවාදී - ජාතිකවාදී අදහස් ගුරු කරගෙන හිටියා. ඉතින් ඒ මතවාදවලින් මෙහෙයවන නායකයෙක් විදිහට මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තනතුර භාරගත්තා. ඒ මතවාදී අවනතවීම පදනම් කරගෙන කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරන්න, බටහිරට ගැති නැති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න, තව තව වැඩ සෑහෙන ප්‍රමාණයක් කරන්න සන්ධාන ආණ්ඩුවට පුළුවන් වුණා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය (බුලත් කොළය) තවදුරටත් පවත්වාගෙන ගියත්, 2010 වෙද්දි ඒකට පදනම්වෙච්ච මතවාද පස්සට දාලා මහින්ද රාජපක්‍ෂ කියන පුද්ගලයා ඉස්සරහට ආවා. ඒ වගේ ම, මහින්ද රාජපක්‍ෂ පවුලට සම්බන්ධ අයත් දේශපාලනයේ ප්‍රධාන තනතුරුවලට පත්වුණා. ඒත් එක්ක ම, ජාතිකවාදී - වාමවාදී දේශපාලන මතවාද ඒ ආණ්ඩුවේ හෙළුව වහගන්න ඇඳුම් ආයිත්තම්, ආරුළු බූරුළු විතරක් බවට පත්වුණා. සන්ධානය ඇතුළේ තිබිච්ච මතවාදී බැඳීම මුළුමනින් ම බිඳ වැටුණා. ඇමැතිවරු පවා තම තමන්ගේ පුද්ගලික ප්‍රතිරූප උස්සන, මහින්ද රාජපක්‍ෂ වන්දනාවට මුල් තැනක් දෙන පිරිසක් (වන්දිභට්ටයන් පිරිසක්) බවට පත්වුණා. ඉතින් මේ “පුද්ගලික” ආණ්ඩුව ඇතුළේ ඉරිතැලීම් ඇතිවෙන්න වැඩි කාලයක් ගතවුණේ නෑ.

2015 දී, මහින්ද රාජපක්‍ෂ ගෙදර යවන්න “බුලත් කොළය” සන්ධානය ඇතුළෙන් ම කෙනෙක් (මෛත්‍රිපාල සිරිසේන) යොදාගත්තා. කලින් බුලත් කොළයත් එක්ක එකතුවෙලා හිටිය සෑහෙන පිරිසක් රනිල් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුවට එකතුවුණා.

අපේ රටේ දේශපාලනය “මහින්ද වන්දනාව” සහ “රාජපක්‍ෂ විරෝධය” විදිහට කඳවුරු දෙකකට වෙන්වුණා. මහින්ද වන්දනාවට සෙට්වෙලා හිටිය අය “මහින්ද සුළඟ” මන්තරය ජප කරන්න පටන්ගත්තා. ඒකට විරුද්ධ පිරිස “රාජපක්‍ෂ හොරා” කියන මන්තරය මතුරන්න පටන්ගත්තා. එළ හරකෙක් සහ මී හරකෙක් එකතුවෙලා හදාගෙන තිබිච්ච යහපාලන ආණ්ඩුවත් ඉක්මනින් ම අර්බුදයකට ලක්වුණා. ඉතින් මහින්ද රාජපක්‍ෂ සාධකය හොඳට ම බලවත් වුණා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහව අගමැතිකමින් අයින් කරලා මහින්ද රාජපක්‍ෂට අගමැතිකම දුන්නා. ඒ ජංජාලය මැද්දේ “දවස් 52 ආණ්ඩුව” කියලා එකක් ඇතිවුණා.

ඒ “දවස් 52 ආණ්ඩුව” කඩාගෙන වැටෙන බවට ලකුණු පහළවෙද්දි නාමල් රාජපක්‍ෂ ඇතුළු සෑහෙන පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉල්ලා අස්වුණා. “මහින්ද වන්දනාව” කරේ තියාගත්ත ඒ පිරිස 2016 දී බැසිල් රාජපක්‍ෂ විසින් හදපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) එකතුවුණා. “පොහොට්ටුව” කියන්නේ කිසිම දේශපාලන මතවාදයක් තියෙන පක්‍ෂයක් නෙවෙයි. ඒක සංවිධානගත දේශපාලන පක්‍ෂයකුත් නෙවෙයි. ඇත්තෙන්ම, “ප‍ොහොට්ටුව” කියලා කියන්නේ මහින්ද රාජපක්‍ෂට කියන තවත් නමක් විතරයි. ඒ පවුල් සමාගමේ (පොහොට්ටුවේ) හැම දෙයක් ම මහින්ද රාජපක්‍ෂ පවුලේ අය (විශේෂයෙන් ම, බැසිල් රාජපක්‍ෂ) විසින් තීරණය කළා. ආණ්ඩුවේ ක්ලාර්ක් කෙනෙක් වගේ මිනිහෙක් (එහෙයියෙක්) ඒ “පක්‍ෂයේ” ප්‍රධාන ලේකම් තනතුරට පත් කරගත්තා.

ඊ ළඟට ආවේ ගෝඨාභය රැල්ල. ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ කිසිම දේශපාලන මතවාදී හික්මීමක් නැති පුද්ගලයෙක්. ඒත් ඔහු “මහත්තයෙක්” කියලා මිනිස්සු හිතුවා. මේ “මහත්තයා” ඉස්සරහට දාලා තමන්ගේ මැච් එක දිගට ම ගහන්න පුළුවන් කියලා රාජපක්‍ෂලා සහ ඒ අයට සෙට්වෙච්ච අනිත් පුද්ගලවාදී නායකයෝ සෙට් එක හිතුවා. මේ රැල්ල සැරට ම නැගලා ගිහිල්ලා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත්වුණා. 2020 අගෝස්තු මාසයේ තියපු පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් අහක යන පොල් ලෙලි පවා මන්ත්‍රීවරු බවට පත්වුණා. ඒ පොල් ලෙලි වුනත් දේශපාලනය කළේ සහ කරන්නේ සෙල්ෆි ගහ ගහ මූණුපොතේ දාලා මිසක් මතවාදයක් මුල් කරගෙන නෙවෙයි. ඒක අමතර කතාවක්.

කොහොම හරි “ගෝඨාභය රැල්ල” හැරෙන තැපෑලෙන් නැතිවෙලා ගියා. දේශපාලන මතවාදයක මගපෙන්වීමක් නැතිවෙච්ච මිනිස්සු පුද්ගල චරිතයකවත් ධර්මයකවත් නායකත්වයක් නැති අසරණයෝ පිරිසක් බවට පත්වුණා. “රාජපක්‍ෂ හොරා” කියන සටන්පාඨය “225 ම හොරු” කියලා සංශෝධනය කෙරුණා. ඒ සටන්පාඨවලට අමතරව, “76 වසරක සාපය” වගේ බහුභූතත් මිනිස්සුන්ගේ ඔළුගෙඩිවල පැළපදියම් කළා. කිසිම ජන පදනමක් නැති අසංවිධානාත්මක කණ්ඩායමක් විසින් මෙහෙයවපු “අරගලය” කියන නාඩගමට පස්සේ “පරණ නඩය” ආයෙත් ගොඩ එන්න බැරි වළක් ඇතුළට ඇද වැටුණා.

තමන් වළේ වැටුණේ ඇයි කියලා “පරණ නඩය” තේරුම්ගත්තේ නෑ. ඉතින් ඒ අය පරණ ප්‍රතිරූප සහ ධන බලය තීරක සාධක කියලා 2024 දීත් තීන්දු කළා. මේ පරණ ප්‍රතිරූප පස්සේ ගිහිල්ලා අනාථවෙච්ච මිනිස්සු, සහ නාමිකව හරි දේශපාලන මතවාදයක් තිබුණත් තමන්ගේ ශක්තිය තේරුම්ගත්ත නැති සංවිධාන “රනිල්ගේ නායකත්වය”, “සජිත්ගේ නායකත්වය”, “නාමල්ගේ නායකත්වය”, “දිලිත්ගේ නායකත්වය”, “විජේදාසගේ නායකත්වය” වටේ එකතුවුණා.

ජනතා විමුක්ති පෙරමුණ විසින් මාක්ස්වාදී දේශපාලන මතවාදයක් අනුගමනය කරනවා කියන හැඟීම මිනිස්සු ඇති කරගෙන තිබුණා. ඒ හැඟීම ඇති කරවන්න ජවිපෙ ප්‍රචාරක කටයුතු සහ බොරු රංගන හේතුවුණා. ඒ වගේ ම, ජවිපෙ අතීත ක්‍රියාමාර්ග (බොරු විප්ලව) හින්දා ඇතිවෙච්ච විවේචනයකුත් සමාජය තුළ රජ කරමින් තිබුණා. ඉතින් ජවිපෙ විදිහට විතරක් බලය ලබාගැනීමේ හැකියාවක් ජවිපෙට තිබුණේ නෑ. ඒ හින්දා, ජාතික ජන බලවේගය (මාලිමාව) ඉස්සරහට දාලා ඒ මහජන හැඟීම පස්සට දාන්න ජනතා විමුක්ති පෙරමුණ මහන්සි වුණා. ඒ උත්සාහය අසාර්ථක වුණේ නෑ.

ඉතින් පුද්ගල නායකයෝ වටේ එකතුවෙලා විසිරිච්ච කණ්ඩායම් හැම එකක් ම පස්සට තල්ලු කරලා, 2024 ජනාධිපතිවරණයෙන් සීයට 42 ක් විතරක් ඡන්ද ගත්ත අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බවට පත්වුණා. ඒ එක්ක ම, පවත්වපු මහ මැතිවරණයෙන් මාලිමාවට ආසන 159 කුත් ලැබුණා. ඒ වගේ ම, විපක්‍ෂයේ ඉන්න “පරණ නඩය” සුන්බුන් ගොඩක් බවට පත්වෙච්ච බවටත් මතයක් මාලිමාව විසින් ජනගත කරන්න පටන්ගත්තා. තමන් සුන්බුන් ගොඩක් බවට පත්වෙලා, විසිරිලා ගිහිල්ලා තියෙන්නේ තමන්ට දේශපාලන මතවාදයක් නැති හින්දා කියලා පරණ නඩයේ අයට තේරෙන්නේ නෑ.

මාලිමාවට දේශපාලන මතවාදයක් තියෙන බවක් පේන්නත් නෑ. ඒත් ඒ අය “තමන් සුදුයි” කියන මතය ජනගත කරන්න මහන්සිවෙනවා. “පරණ නඩය කළුයි” කියන මතය ඉතාමත් තදින් ජනගත වෙලා තියෙන හින්දා මේ “අලුත් සුදු නඩය” මතයට පිළිගැනීමක් ලැබිලා තියෙනවා.

මාලිමාව ඉස්සරහට දාලා වහපු ජනතා විමුක්ති පෙරමුණේ “මාක්ස්වාදී අතීන හොල්මන්” අවුස්සන්න පරණ නඩයට මුක්කු ගහන සමහරු මහන්සිවෙනවා. මාලිමාව කියන්නේ තමන්ගේ පක්‍ෂ වගේ ම අධිරාජ්‍යවාදී වැඩපිළිවෙළ දිගට ම ක්‍රියාත්මක කරන, බටහිරට අවනත දේශපාලන සංවිධානයක් කියලා මේ අය දන්නවා. ඒත් “අධිරාජ්‍යවාදී ඔප්පුව” අයිති තමන්ට විතරයි කියලයි මේ “පරණ නඩය” නියෝජනය කරන අය හිතන්නේ. ඉතින් තමන් සුපිරියට ම බටහිරට ගැතියි කියලා පෙන්නන්නත් ඒ අය මහන්සිවෙනවා.

පුද්ගලිකත්වය ඉස්සරහට දාගත්ත “පක්‍ෂවල” නායකයන්ට අදාළ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය විතරයි. ඉතින් ඉස්සරහට එන ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී මේ අය වෙන වෙන ම තරඟ කරලා තමන්ගේ රජ සිහිනය ඇත්තක් කරගන්න දඟලයි. ඒ රජ සිහිනය අදාළ නැති සමුපකාර ඡන්ද, පළාත් සභා ඡන්ද වගේ “පහළ මට්ටමේ” මැතිවරණවල දී විතරක් මේ අය “ඒකාබද්ධ විපක්‍ෂ” විදිහට තරඟ කරයි.

මෙන්න මෙහෙම තත්ත්වයක් තමයි මේ වෙද්දි රටේ ඇතිවෙලා තියෙන්නේ. මේ පුද්ගලික ප්‍රතිරූප පස්සේ ගියා කියලා රටට වැඩක් වෙන්නේ නෑ. අපි එකතුවෙලා රටේ උවමනාවන්ට ගැළැපෙන දේශපාලන මතවාදයක් ඇති කරගෙන ඒක ජනගත කරන කල් මේ අවුලෙන් ගොඩ එන්න පුළුවන්කමකුත් අපිට නෑ. මේ “උත්තරවාදය” සංවාද වේදිකාවෙන් එහෙම මතවාදයක් ගැන අදහසක් වර්ධනය කරලා ජනගත කරවන්න අපි උත්සාහ කරනවා. ඒ අරමුණ මුල් කරගෙන තමයි “වාදයක් වෙනුවෙන්” කියන මේ ලිපි පෙළ ලියන්නේ.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දුර්ලභ වූ බුද්ධිමය ලෝකය තුළ මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් තරම් ගෞරවයට පාත්‍ර වන හෝ එතරම් මතභේදයට තුඩු දෙන හඬක් නගන්නේ ඉතාමත් ස්වල්ප දෙනෙකි.
ජපානය චීනයත් එක්ක සම්බන්ධකම් යහපත් කරගන්න උත්සාහ කරමින් ඉන්නා බව කියන ප්‍රවෘත්ති වාර්තා ඉස්සරහට ඇවිල්ලා. මේක මහ අමුතු වැඩක් වගේ පෙනුනත්, ඉතිහාසය දිහා හොඳින් බැලුවාම මේක “ස්වභාවික ආපහු යෑමක්” (natural reversal) කියලා තේරුම්ගන්න පුළුවන්.
ශ්‍රී ලංකාව කියන්නේ සිංහල බෞද්ධ බහුතරයක් වෙනස රටක්. දෙමල සහ මුස්ලිම් ජනතාව සැලකිය යුතු පිරිසකුත් බර්ගර් සහ මැලේ සුළුතරයකුත් ජීවත් වෙනවා.අපේ රටේ පැවති ඓයිතිහාසික සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය පදනම් කරගෙන බොහෝ අය ශ්‍රී ලංකාවට කියන්නේ සිංහල බෞද්ධයාගේ රට කියලයි.පහුගිය ප්‍රසිද්ධ රූපවාහිනි සංවාදයකදී හිටපු ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව හැදින්වුයේ සිංහල බෞද්ධයාගේ රට කියලයි.
ඇමරිකාව විසුරුවා හැරීම දැන් දැන් සිදුවෙමින් පවතී.
විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා 2026 පෙබරවාරි 25 දින PTA යටතේ වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගෙන, ජනාධිපතිවරයා සතු සුවිශේෂී බලතල යටතේ රඳවා තබා ඇත. මේ වන විට ජනාධිපතිවරයා විසින් රඳවා තබා ගැනීමේ නියෝග දෙකක් අත්සන් කර ඇති අතර, තෙවන නියෝගය අත්සන් කිරීමට නියමිතය.
කොළඹ කොටස් වෙළඳපළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම මූල්‍ය සමථය ලෙස රුපියල් මිලියන 188.1 ක (කෝටි 18 කට අධික) දැවැන්ත මුදලක් ගෙවා සිද්ධියක් සමථයකට පත් කරගැනීමත් සමඟ, මෙරට ප්‍රාග්ධන වෙළඳපළේ විනිවිදභාවය සහ වගවීම පිළිබඳව බරපතළ සංවාදයක් නිර්මාණය වී තිබේ.
ජාතියක අනන්‍යතාවයක් සකස් වීමේදී මුලිකව බලපාන්නේ ආගම. ආගමින් තමයි සංස්කෘතික පද්දතිය , සාරධර්ම පද්දතිය , Social etiquette නිර්මාණය වෙන්නේ. Sometimes not directly , but through filtered top down process . රටක් debase කරන්න තියෙන පහසුම , ඉක්මන්ම සහ සාර්ථකම ක්‍රමය තමයි ඒ රටේ ආගම debase කිරීම.
එම බැඳුම්කර සඳහා BB+ ශ්‍රේණිගත කිරීමක් හිමිව තිබුණි. පසුව ඒවා කඩාවැටුණි. වසර දහහතරකට පසුව, දැන් මතුව ඇති ප්‍රශ්නය වන්නේ අජිත් නිවාඩ් කබ්රාල් "දූෂණයක්" සිදු කළාද, නැතහොත් එය නරක අතට හැරුණු ආයෝජන තීරණයක් පමණක්ද යන්නයි."
"එම බැඳුම්කර සඳහා BB+ ශ්‍රේණිගත කිරීමක් හිමිව තිබුණි. පසුව ඒවා කඩාවැටුණි. වසර දහහතරකට පසුව, දැන් මතුව ඇති ප්‍රශ්නය වන්නේ අජිත් නිවාඩ් කබ්රාල් දූෂණයක් සිදු කළාද, නැතහොත් එය නරක අතට හැරුණු ආයෝජන තීරණයක් පමණක්ද යන්නයි."

ප්‍රධාන පුවත්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් සැබෑ කරුණු සඟවලා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් සියල්ල හෙළිකරයි..

1940 අංක 09 දරන පවතින පුරාවස්තු ආඥා පනත අහෝසි කර "ජාතික සංස්කෘතික උරුම පනත" නමින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන පසුබිමක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉකුත් 2026.08.28 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය හරහා වචන හරඹයක යෙදෙමින් සැබෑ අරමුණු සැඟවීමට උත්සාහ කර ඇති බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා බැලීමට නියමිතව ඇති අතර, අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිත බව වාර්තා වේ.

ෂී ජින්පින් ටිබෙටයේ දැවැන්ත මුදාගැනීමේ මෙහෙයුමකට නියෝග කරයි..

නේපාලයේ ලැංටැං ලිරුං (Langtang Lirung) හි මීටර් 5,200 ක් ඉහළින් පිහිටි ග්ලැසියරයක් හදිසියේ පුපුරා යාමෙන් ඇති වූ හිම සහ පාෂාණ කඳුවැටිය මිනිත්තු 6-7 ක් ඇතුළත ගයිරොං (Gyirong) දේශසීමා කලාපය මුළුමනින්ම විනාශ කර දැමීය.

Xizang ස්වයං පාලන කලාපයේ ආපදාවෙන් මියගිය චීන ජාතිකයන් වෙනුවෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ශෝකය.. අන්තර් දේශසීමා ආපදා රාමුවක අවශ්‍යතාව පෙන්වා දෙයි..

චීනයේ Xizang ස්වයං පාලන කලාපයේ නේපාල–චීන දේශසීමා ආසන්නයේ මෑතකදී සිදුවූ දරුණු ස්වභාවික ආපදාවෙන් ජීවිත අහිමි වූ සහ අතුරුදන් වූ චීන ජාතිකයන් සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සිය බලවත් සංවේගය පළ කර සිටියි.

22ට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට.. - විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්..

ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (01) දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබේ.

විනිසුරු විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට හානියක්ද? - ආචාර්ය නීතිඥ රාජා ගුණරත්නගෙන් විශ්ලේෂණයක්

ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණවල (ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය) විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වර්තමානයේ ඇති වී තිබෙන කතාබහ සහ යෝජනාවන් අධිකරණ ස්වාධීනත්වයට සෘජුවම බලපාන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා විසින් පුළුල් පර්යේෂණාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇත.

22 සංශෝධනය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජය දී ඇති පිළිතුරු සාවද්‍යයි.. - දිනන දකුණ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත රජය ලබා දී ඇති පිළිතුරු සාවද්‍ය බවත්, එමගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ දැඩි අපහසුතාවයට පත්වන බවත් ‘දිනන දකුණ’ සාමූහිකය පවසයි.

ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් මින්හාඩ් ගුවන් හමුදා කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක්..

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පිහිටි අල් මින්හාඩ් (Al Minhad) ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරගනිමින් ඉරානය විසින් සඳුදා අලුයම ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව 'ද ජෙරුසලම් පෝස්ට්' පුවත්පත වාර්තා කරයි.

පෙට්‍රල් පමණක් මිල පහළට.. සෙසු ඉන්ධන මිලෙහි වෙනසක් නෑ..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන කිහිපයක සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

22 වැනි සංශෝධනයට එරෙහිව ලාල් විජේනායක ශ්‍රේෂ්ඨාධිකරණයට.. – ජනමත විචාරණයක් ඉල්ලයි

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට ප්‍රථමයෙන් ඒ සඳහා මහජන අනුමැතිය ලබා ගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්ය බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගයේ විධායක සභික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

කුරුන්දි විහාරයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන්න.. – බුද්ධශාසන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

මුලතිව් කුරුන්දි රාජමහා විහාරස්ථානය සහ ඒ අවට පුරාවිද්‍යා හා වන සංරක්ෂණ රක්ෂිත භූමියෙන් ඉවත් කර ඇති පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් කුරුන්දි රජ මහා විහාරයේ විහාරාධිපති, උතුරු පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සාන්තබෝධි හිමියන් විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.

එක්සත් ජනපදයේ ‘උපරිම පීඩන’ ප්‍රතිපත්තිය අසාර්ථක වන ලකුණු.. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් ගෝලීය බලතුලනය ගැන අනතුරු අඟවයි

ඉරානයට එරෙහිව එක්සත් ජනපදය දියත් කිරීමට සැරසෙන ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික "උපරිම පීඩන" ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමට නියමිත බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දේශපාලන විද්‍යාඥ, මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් පෙන්වා දෙයි.

එක්ස්ප්‍රස් පර්ල් කෝටි 34000ක වංගුවට අනුර - සූරසේනට වැඩ වරදින්නේ මෙහෙමයි.. - නාගානන්ද කොඩිතුවක්කුගෙන් විශේෂ අනාවරණයක්

එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් ශ්‍රී ලංකාවට සිදු වූ පාරිසරික හා ආර්ථික හානිය වෙනුවෙන් හිමිවිය යුතුව තිබූ රුපියල් කෝටි 34,000ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4) වන්දි මුදල රටට අහිමි වීමේ ක්‍රියාවලිය පිටුපස ඇති තොරතුරු සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතා අදහස් දක්වා තිබේ.

පාර්ලිමේන්තුවේ ඇත්තන් කෝටි 89ක කාලා, ඇඳලා..

පසුගිය වසර පහක (2020 - 2024) කාල සීමාව තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ කාර්යාලය, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර හා නිල ඇඳුම් වෙනුවෙන් රුපියල් 89,40,13,863ක (කෝටි 89කට අධික) මුදලක් වැයකර ඇති බව ජාතික විගණන කාර්යාලයේ විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

22 ට පක්ෂව, විපක්ෂව පෙත්සම් 27ක්..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හෙට (31) දිනට සති දෙකක් සපිරේ.

වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් නිර්මාණය කරමින්, සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට ඇද දැමීමට රජය උත්සාහය දරනවා..- GMOA විරෝධය

වෛද්‍ය කාණ්ඩ අතර අනවශ්‍ය ගැටුම් නිර්මාණය කරමින්, මෙරට නිදහස් සෞඛ්‍ය පද්ධතිය දේශපාලන වුවමනාවන් මත අගාධයට ඇද දැමීමට රජය දරන උත්සාහයට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අනතුරු අඟවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.