News Category
From Date
To Date
Maximum Number of Result

එයාගේ පක්‍ෂය - මෙයාගේ පක්‍ෂය..

Aug 31, 2026 at 03:12 PM
|

සැළැකිය යුතු කාලයක ඉඳලා මේ සිරිලංකාවේ දේශපාලනය කෙරෙන්නේ මතවාදයක් ගුරු කරගෙන නෙවෙයි. මතවාද ගැන කිසිම තැකීමක් නො කර පුද්ගල සාධක විතරක් ඉස්සරහින් තියාගෙන කරන දේශපාලනයක් තමයි මේ රටේ ක්‍රියාත්මකවෙන්නේ. ඉතින් දැන් මේ රටේ “මහින්දගේ පක්‍ෂය” තියෙනවා.”රනිල්ගේ පක්‍ෂය” තියෙනවා. “සජිත්ගේ පක්‍ෂය” තියෙනවා. “විමල්ගේ පක්‍ෂය” තියෙනවා. “චම්පිකගේ පක්‍ෂය” තියෙනවා. “ගම්මන්පිලගේ පක්‍ෂය” තියෙනවා. “දිලිත්ගේ පක්‍ෂය” තියෙනවා. “බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ගේ පක්‍ෂය” තියෙනවා. “අක්මීමන දයාරතන හාමුදුරුවන්ගේ පක්‍ෂය” තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මාක්ස්වාදී මතවාදයක් ඉස්සරහින් තියාගනෙ හිටියත් “වාසුගේ පක්‍ෂය” කියලා එකකුත් හැදිලා තියෙනවා.

ජේ. ආර්. ජයවර්ධන කියන්නේ ඒකාධිපති විදිහට රට පාලනය කරපු පුද්ගලයෙක්. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආඥාදායකත්වය ගැන කතන්දරත් රටේ ජනගත කරලා තියෙනවා. ඒත් ඒ අය බලයට ආවේ සහ රට පාලනය කළේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් මිසක් “ජේ. ආර්. ගේ පක්‍ෂය” හරි “ප්‍රේමදාසගේ පක්‍ෂය” හරි නියෝජනය කරලා නෙවෙයි. 1951 ඉඳලා 2005 දක්වා අවුරුදු 54 ක් ම, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය බණ්ඩාරනායකලාට හිමිවෙලා තිබුණා. ඒත් කවුරුවත් ඒකට “බණ්ඩාරනායකලාගේ පක්‍ෂය” කියලා කිව්වේ නෑ. පුද්ගලික නායකත්වය ඉක්මවපු සංවිධාන ශක්තියක් ඒ පක්‍ෂ දෙකට තිබුණා. ඒ වගේ ම, හරියට සූත්‍රගත කරලා තිබුණේ නැතත් යම් ආකාරයක මතවාදී පදනමක් ඒ පක්‍ෂ දෙකට තිබුණා.

පුද්ගල නායකත්වය ඉස්සරහින් තියාගෙන කරන්න පුළුවන් දේශපාලනයක් නෑ. එහෙම ක්‍රමයක් හරහා මොන විදිහකින් හරි බලය ගත්තත් ඒ දේශපාලනය ඉක්මනින් ම බිඳ වැටෙනවා. උදාහරණයක් විදිහට, අපිට මහින්ද රාජපක්‍ෂට අත්වෙච්ච ඉරණම ගැන හිතන්න පුළුවන්.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය (බුලත් කොළය) නියෝජනය කරමින් තමයි මහින්ද රාජපක්‍ෂ 2005 දී ජනාධිපති ධුරයට පත්වුණේ. නිශ්චිතව සූත්‍රගත කරලා ප්‍රකාශයට පත් නො කළත් ඒ සන්ධානයට එකතුවෙච්ච දේශපාලන පක්‍ෂ වාමවාදී - ජාතිකවාදී අදහස් ගුරු කරගෙන හිටියා. ඉතින් ඒ මතවාදවලින් මෙහෙයවන නායකයෙක් විදිහට මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තනතුර භාරගත්තා. ඒ මතවාදී අවනතවීම පදනම් කරගෙන කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරන්න, බටහිරට ගැති නැති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න, තව තව වැඩ සෑහෙන ප්‍රමාණයක් කරන්න සන්ධාන ආණ්ඩුවට පුළුවන් වුණා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය (බුලත් කොළය) තවදුරටත් පවත්වාගෙන ගියත්, 2010 වෙද්දි ඒකට පදනම්වෙච්ච මතවාද පස්සට දාලා මහින්ද රාජපක්‍ෂ කියන පුද්ගලයා ඉස්සරහට ආවා. ඒ වගේ ම, මහින්ද රාජපක්‍ෂ පවුලට සම්බන්ධ අයත් දේශපාලනයේ ප්‍රධාන තනතුරුවලට පත්වුණා. ඒත් එක්ක ම, ජාතිකවාදී - වාමවාදී දේශපාලන මතවාද ඒ ආණ්ඩුවේ හෙළුව වහගන්න ඇඳුම් ආයිත්තම්, ආරුළු බූරුළු විතරක් බවට පත්වුණා. සන්ධානය ඇතුළේ තිබිච්ච මතවාදී බැඳීම මුළුමනින් ම බිඳ වැටුණා. ඇමැතිවරු පවා තම තමන්ගේ පුද්ගලික ප්‍රතිරූප උස්සන, මහින්ද රාජපක්‍ෂ වන්දනාවට මුල් තැනක් දෙන පිරිසක් (වන්දිභට්ටයන් පිරිසක්) බවට පත්වුණා. ඉතින් මේ “පුද්ගලික” ආණ්ඩුව ඇතුළේ ඉරිතැලීම් ඇතිවෙන්න වැඩි කාලයක් ගතවුණේ නෑ.

2015 දී, මහින්ද රාජපක්‍ෂ ගෙදර යවන්න “බුලත් කොළය” සන්ධානය ඇතුළෙන් ම කෙනෙක් (මෛත්‍රිපාල සිරිසේන) යොදාගත්තා. කලින් බුලත් කොළයත් එක්ක එකතුවෙලා හිටිය සෑහෙන පිරිසක් රනිල් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුවට එකතුවුණා.

අපේ රටේ දේශපාලනය “මහින්ද වන්දනාව” සහ “රාජපක්‍ෂ විරෝධය” විදිහට කඳවුරු දෙකකට වෙන්වුණා. මහින්ද වන්දනාවට සෙට්වෙලා හිටිය අය “මහින්ද සුළඟ” මන්තරය ජප කරන්න පටන්ගත්තා. ඒකට විරුද්ධ පිරිස “රාජපක්‍ෂ හොරා” කියන මන්තරය මතුරන්න පටන්ගත්තා. එළ හරකෙක් සහ මී හරකෙක් එකතුවෙලා හදාගෙන තිබිච්ච යහපාලන ආණ්ඩුවත් ඉක්මනින් ම අර්බුදයකට ලක්වුණා. ඉතින් මහින්ද රාජපක්‍ෂ සාධකය හොඳට ම බලවත් වුණා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහව අගමැතිකමින් අයින් කරලා මහින්ද රාජපක්‍ෂට අගමැතිකම දුන්නා. ඒ ජංජාලය මැද්දේ “දවස් 52 ආණ්ඩුව” කියලා එකක් ඇතිවුණා.

ඒ “දවස් 52 ආණ්ඩුව” කඩාගෙන වැටෙන බවට ලකුණු පහළවෙද්දි නාමල් රාජපක්‍ෂ ඇතුළු සෑහෙන පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉල්ලා අස්වුණා. “මහින්ද වන්දනාව” කරේ තියාගත්ත ඒ පිරිස 2016 දී බැසිල් රාජපක්‍ෂ විසින් හදපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) එකතුවුණා. “පොහොට්ටුව” කියන්නේ කිසිම දේශපාලන මතවාදයක් තියෙන පක්‍ෂයක් නෙවෙයි. ඒක සංවිධානගත දේශපාලන පක්‍ෂයකුත් නෙවෙයි. ඇත්තෙන්ම, “ප‍ොහොට්ටුව” කියලා කියන්නේ මහින්ද රාජපක්‍ෂට කියන තවත් නමක් විතරයි. ඒ පවුල් සමාගමේ (පොහොට්ටුවේ) හැම දෙයක් ම මහින්ද රාජපක්‍ෂ පවුලේ අය (විශේෂයෙන් ම, බැසිල් රාජපක්‍ෂ) විසින් තීරණය කළා. ආණ්ඩුවේ ක්ලාර්ක් කෙනෙක් වගේ මිනිහෙක් (එහෙයියෙක්) ඒ “පක්‍ෂයේ” ප්‍රධාන ලේකම් තනතුරට පත් කරගත්තා.

ඊ ළඟට ආවේ ගෝඨාභය රැල්ල. ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ කිසිම දේශපාලන මතවාදී හික්මීමක් නැති පුද්ගලයෙක්. ඒත් ඔහු “මහත්තයෙක්” කියලා මිනිස්සු හිතුවා. මේ “මහත්තයා” ඉස්සරහට දාලා තමන්ගේ මැච් එක දිගට ම ගහන්න පුළුවන් කියලා රාජපක්‍ෂලා සහ ඒ අයට සෙට්වෙච්ච අනිත් පුද්ගලවාදී නායකයෝ සෙට් එක හිතුවා. මේ රැල්ල සැරට ම නැගලා ගිහිල්ලා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත්වුණා. 2020 අගෝස්තු මාසයේ තියපු පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් අහක යන පොල් ලෙලි පවා මන්ත්‍රීවරු බවට පත්වුණා. ඒ පොල් ලෙලි වුනත් දේශපාලනය කළේ සහ කරන්නේ සෙල්ෆි ගහ ගහ මූණුපොතේ දාලා මිසක් මතවාදයක් මුල් කරගෙන නෙවෙයි. ඒක අමතර කතාවක්.

කොහොම හරි “ගෝඨාභය රැල්ල” හැරෙන තැපෑලෙන් නැතිවෙලා ගියා. දේශපාලන මතවාදයක මගපෙන්වීමක් නැතිවෙච්ච මිනිස්සු පුද්ගල චරිතයකවත් ධර්මයකවත් නායකත්වයක් නැති අසරණයෝ පිරිසක් බවට පත්වුණා. “රාජපක්‍ෂ හොරා” කියන සටන්පාඨය “225 ම හොරු” කියලා සංශෝධනය කෙරුණා. ඒ සටන්පාඨවලට අමතරව, “76 වසරක සාපය” වගේ බහුභූතත් මිනිස්සුන්ගේ ඔළුගෙඩිවල පැළපදියම් කළා. කිසිම ජන පදනමක් නැති අසංවිධානාත්මක කණ්ඩායමක් විසින් මෙහෙයවපු “අරගලය” කියන නාඩගමට පස්සේ “පරණ නඩය” ආයෙත් ගොඩ එන්න බැරි වළක් ඇතුළට ඇද වැටුණා.

තමන් වළේ වැටුණේ ඇයි කියලා “පරණ නඩය” තේරුම්ගත්තේ නෑ. ඉතින් ඒ අය පරණ ප්‍රතිරූප සහ ධන බලය තීරක සාධක කියලා 2024 දීත් තීන්දු කළා. මේ පරණ ප්‍රතිරූප පස්සේ ගිහිල්ලා අනාථවෙච්ච මිනිස්සු, සහ නාමිකව හරි දේශපාලන මතවාදයක් තිබුණත් තමන්ගේ ශක්තිය තේරුම්ගත්ත නැති සංවිධාන “රනිල්ගේ නායකත්වය”, “සජිත්ගේ නායකත්වය”, “නාමල්ගේ නායකත්වය”, “දිලිත්ගේ නායකත්වය”, “විජේදාසගේ නායකත්වය” වටේ එකතුවුණා.

ජනතා විමුක්ති පෙරමුණ විසින් මාක්ස්වාදී දේශපාලන මතවාදයක් අනුගමනය කරනවා කියන හැඟීම මිනිස්සු ඇති කරගෙන තිබුණා. ඒ හැඟීම ඇති කරවන්න ජවිපෙ ප්‍රචාරක කටයුතු සහ බොරු රංගන හේතුවුණා. ඒ වගේ ම, ජවිපෙ අතීත ක්‍රියාමාර්ග (බොරු විප්ලව) හින්දා ඇතිවෙච්ච විවේචනයකුත් සමාජය තුළ රජ කරමින් තිබුණා. ඉතින් ජවිපෙ විදිහට විතරක් බලය ලබාගැනීමේ හැකියාවක් ජවිපෙට තිබුණේ නෑ. ඒ හින්දා, ජාතික ජන බලවේගය (මාලිමාව) ඉස්සරහට දාලා ඒ මහජන හැඟීම පස්සට දාන්න ජනතා විමුක්ති පෙරමුණ මහන්සි වුණා. ඒ උත්සාහය අසාර්ථක වුණේ නෑ.

ඉතින් පුද්ගල නායකයෝ වටේ එකතුවෙලා විසිරිච්ච කණ්ඩායම් හැම එකක් ම පස්සට තල්ලු කරලා, 2024 ජනාධිපතිවරණයෙන් සීයට 42 ක් විතරක් ඡන්ද ගත්ත අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බවට පත්වුණා. ඒ එක්ක ම, පවත්වපු මහ මැතිවරණයෙන් මාලිමාවට ආසන 159 කුත් ලැබුණා. ඒ වගේ ම, විපක්‍ෂයේ ඉන්න “පරණ නඩය” සුන්බුන් ගොඩක් බවට පත්වෙච්ච බවටත් මතයක් මාලිමාව විසින් ජනගත කරන්න පටන්ගත්තා. තමන් සුන්බුන් ගොඩක් බවට පත්වෙලා, විසිරිලා ගිහිල්ලා තියෙන්නේ තමන්ට දේශපාලන මතවාදයක් නැති හින්දා කියලා පරණ නඩයේ අයට තේරෙන්නේ නෑ.

මාලිමාවට දේශපාලන මතවාදයක් තියෙන බවක් පේන්නත් නෑ. ඒත් ඒ අය “තමන් සුදුයි” කියන මතය ජනගත කරන්න මහන්සිවෙනවා. “පරණ නඩය කළුයි” කියන මතය ඉතාමත් තදින් ජනගත වෙලා තියෙන හින්දා මේ “අලුත් සුදු නඩය” මතයට පිළිගැනීමක් ලැබිලා තියෙනවා.

මාලිමාව ඉස්සරහට දාලා වහපු ජනතා විමුක්ති පෙරමුණේ “මාක්ස්වාදී අතීන හොල්මන්” අවුස්සන්න පරණ නඩයට මුක්කු ගහන සමහරු මහන්සිවෙනවා. මාලිමාව කියන්නේ තමන්ගේ පක්‍ෂ වගේ ම අධිරාජ්‍යවාදී වැඩපිළිවෙළ දිගට ම ක්‍රියාත්මක කරන, බටහිරට අවනත දේශපාලන සංවිධානයක් කියලා මේ අය දන්නවා. ඒත් “අධිරාජ්‍යවාදී ඔප්පුව” අයිති තමන්ට විතරයි කියලයි මේ “පරණ නඩය” නියෝජනය කරන අය හිතන්නේ. ඉතින් තමන් සුපිරියට ම බටහිරට ගැතියි කියලා පෙන්නන්නත් ඒ අය මහන්සිවෙනවා.

පුද්ගලිකත්වය ඉස්සරහට දාගත්ත “පක්‍ෂවල” නායකයන්ට අදාළ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය විතරයි. ඉතින් ඉස්සරහට එන ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී මේ අය වෙන වෙන ම තරඟ කරලා තමන්ගේ රජ සිහිනය ඇත්තක් කරගන්න දඟලයි. ඒ රජ සිහිනය අදාළ නැති සමුපකාර ඡන්ද, පළාත් සභා ඡන්ද වගේ “පහළ මට්ටමේ” මැතිවරණවල දී විතරක් මේ අය “ඒකාබද්ධ විපක්‍ෂ” විදිහට තරඟ කරයි.

මෙන්න මෙහෙම තත්ත්වයක් තමයි මේ වෙද්දි රටේ ඇතිවෙලා තියෙන්නේ. මේ පුද්ගලික ප්‍රතිරූප පස්සේ ගියා කියලා රටට වැඩක් වෙන්නේ නෑ. අපි එකතුවෙලා රටේ උවමනාවන්ට ගැළැපෙන දේශපාලන මතවාදයක් ඇති කරගෙන ඒක ජනගත කරන කල් මේ අවුලෙන් ගොඩ එන්න පුළුවන්කමකුත් අපිට නෑ. මේ “උත්තරවාදය” සංවාද වේදිකාවෙන් එහෙම මතවාදයක් ගැන අදහසක් වර්ධනය කරලා ජනගත කරවන්න අපි උත්සාහ කරනවා. ඒ අරමුණ මුල් කරගෙන තමයි “වාදයක් වෙනුවෙන්” කියන මේ ලිපි පෙළ ලියන්නේ.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.