පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් සැබෑ කරුණු සඟවලා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් සියල්ල හෙළිකරයි..
1940 අංක 09 දරන පවතින පුරාවස්තු ආඥා පනත අහෝසි කර "ජාතික සංස්කෘතික උරුම පනත" නමින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන පසුබිමක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉකුත් 2026.08.28 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය හරහා වචන හරඹයක යෙදෙමින් සැබෑ අරමුණු සැඟවීමට උත්සාහ කර ඇති බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.
එම ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ඊ.ඒ. සෙනරත් මහතා වෙත යොමු කළ විශේෂ ලිපියක් මගින් මේ බව පෙන්වා දී ඇත.
පවතින පනත අහෝසි කර නව පනතක් හඳුන්වාදීමේ ක්‍රියාවලිය ද හඳුන්වනු ලබන්නේ පනත සංශෝධනය කිරීමක් ලෙස බව පෙන්වා දෙන එම ලිපිය, අමාත්‍ය මණ්ඩල තීරණය අනුව පත්කළ විද්වත් කමිටුවේ "ජාතික සංස්කෘතික උරුම පනත" සංකල්ප පත්‍රිකාව මගින් පවතින පුරාවස්තු ආඥා පනත සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට යෝජනා කර තිබියදී මාධ්‍ය නිවේදනයෙන් එය යටපත් කර ඇති බව සඳහන් කරයි.
එසේම, නව පනත් කෙටුම්පතේ පළමු පිටුවේ "Convert the Department of Archeology to Natural Cultural Heritage Agency / Department" ලෙස දක්වමින්, දැනට පවතින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවට "ජාතික උරුම නියෝජිත ආයතනය" හෝ "ජාතික උරුම දෙපාර්තමේන්තුව" ලෙස නව ආයතනයක් පිහිටුවීමට යෝජනා කර ඇති බව පැහැදිලි වුවද මාධ්‍ය නිවේදනයේ ඒ පිළිබඳ සත්‍යය පවසා නොමැති බවට ද චෝදනා කෙරේ.
මීට අමතරව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති, පවතින පනත ශක්තිමත් කිරීමේ සංශෝධිත කෙටුම්පත සම්මත නොකරන්නේ මන්දැයි යන්න පිළිබඳව කිසිදු සඳහනක් අදාළ නිවේදනයට ඇතුළත් නොකර කරුණු වසං කර ඇති බව ද ලිපියෙහි පෙන්වා දී ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සහ දේශහිතෛෂී ජාතික ව්‍යාපරයෙන් යැවූ ලිපි පහළින්..



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් සැබෑ කරුණු සඟවලා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් සියල්ල හෙළිකරයි..
22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද..
ෂී ජින්පින් ටිබෙටයේ දැවැන්ත මුදාගැනීමේ මෙහෙයුමකට නියෝග කරයි..
Xizang ස්වයං පාලන කලාපයේ ආපදාවෙන් මියගිය චීන ජාතිකයන් වෙනුවෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ශෝකය.. අන්තර් දේශසීමා ආපදා රාමුවක අවශ්‍යතාව පෙන්වා දෙයි..
22ට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට.. - විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්..
විනිසුරු විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට හානියක්ද? - ආචාර්ය නීතිඥ රාජා ගුණරත්නගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජය දී ඇති පිළිතුරු සාවද්‍යයි.. - දිනන දකුණ
ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් මින්හාඩ් ගුවන් හමුදා කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක්..
පෙට්‍රල් පමණක් මිල පහළට.. සෙසු ඉන්ධන මිලෙහි වෙනසක් නෑ..
22 වැනි සංශෝධනයට එරෙහිව ලාල් විජේනායක ශ්‍රේෂ්ඨාධිකරණයට.. – ජනමත විචාරණයක් ඉල්ලයි
කුරුන්දි විහාරයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන්න.. – බුද්ධශාසන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්
එක්සත් ජනපදයේ ‘උපරිම පීඩන’ ප්‍රතිපත්තිය අසාර්ථක වන ලකුණු.. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් ගෝලීය බලතුලනය ගැන අනතුරු අඟවයි
එක්ස්ප්‍රස් පර්ල් කෝටි 34000ක වංගුවට අනුර - සූරසේනට වැඩ වරදින්නේ මෙහෙමයි.. - නාගානන්ද කොඩිතුවක්කුගෙන් විශේෂ අනාවරණයක්
පාර්ලිමේන්තුවේ ඇත්තන් කෝටි 89ක කාලා, ඇඳලා..
22 ට පක්ෂව, විපක්ෂව පෙත්සම් 27ක්..
වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් නිර්මාණය කරමින්, සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට ඇද දැමීමට රජය උත්සාහය දරනවා..- GMOA විරෝධය