News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානයට එරෙහි ඇමරිකාවේ උපරිම පීඩනය අසාර්ථක වීමට නියමිත ඇයි? ලෝකයේ සෙසු රටවලට එමගින් සිදුවන්නේ කුමක්ද?

Aug 30, 2026 at 09:52 AM
|

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දුර්ලභ වූ බුද්ධිමය ලෝකය තුළ මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් තරම් ගෞරවයට පාත්‍ර වන හෝ එතරම් මතභේදයට තුඩු දෙන හඬක් නගන්නේ ඉතාමත් ස්වල්ප දෙනෙකි. තම නිර්භීත යථාර්ථවාදී විශ්ලේෂණය නිසා ප්‍රකට මෙම කීර්තිමත් දේශපාලන විද්‍යාඥයා මෑතකදී ගෝලීය බලයේ බෙදීම් රේඛා පිළිබඳ පුළුල් සංවාදයකට එක් විය. වර්තමාන එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ඔහුගේ තක්සේරුව කිසිසේත්ම සුබදායක එකක් නොවන අතර, ඔහුගේ අනතුරු ඇඟවීම් ඉතිහාසයේ පූර්වාදර්ශයන්ගේ බර දරයි. මෙම ලිපිය මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් සමඟ පැවැත්වූ "  Why Britain Uses Ukraine to Destroy Russia" නම් මාතෘකාව යටතේ පැවැත්වූ  සුවිශේෂී සම්මුඛ සාකච්ඡාව ඇසුරින් සැකසුණි. සැකසුම ජීවන්ත ජයතිස්ස

ආර්ථික "ගෙල" සිරකිරීමේ මායාව

භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් විසින් ඉදිරිපත් කර ඇති ආර්ථික අවහිරය හරහා ඉරානය යටත් වීමට බල කළ හැකිදැයි යන්න සලකා බැලීමේදී කරුණු හතරක් ඔස්සේ ඒ පිළිබඳව සොයා බැලිය යුතුය. පළමුව,අමෙරිකාව එල්ල කරනු ලබන තර්ජනයේ පැවැත්මටම සම්බන්ධ ස්වභාවයයි. ඉරානය සම්බන්ධයෙන් මෙම තත්වය සැලකිල්ලට ගැනීමේදී මෙය න්‍යෂ්ටික ඉන්ධන පොහොසත් කිරීම හෝ කලාපීය බලපෑම පිළිබඳ සාමාන්‍ය ආරවුලක් නොවේ. එය ඉරාන ජනයා තම පැවැත්ම සඳහා කරන සටනකි. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයේ පැවැත්මට තර්ජනයක් ලෙස සැලකෙන අතර, තම පැවැත්ම වෙනුවෙන් සටන් කරන ජාතීන් පහසුවෙන් යටත් වන්නේ නැත. ඔවුන් අවසානය දක්වා සටන් කරති.

දෙවනුව, එවැනි අවහිරයක් සාර්ථක වීමට ඉරානය සමඟ වෙළඳාම් කරන රටවල් සියල්ලට ආසන්න ප්‍රමාණයක සහයෝගය අවශ්‍ය වේ. එවැනි සහයෝගයක් ලැබෙනු ඇතැයි සිතීම හුදු මනෝකල්පිතයකි. ඉරානයේ විශාලතම ආර්ථික හවුල්කරු වන චීනය දැනටමත් එම ක්‍රියාවලියට සහභාගි වීම ප්‍රතික්ෂේප කර ඇත. තුර්කිය සහ රුසියාවද එම මාර්ගයම අනුගමනය කිරීමට නියමිතව ඇත. අත්ලාන්තික් සාගරය හරහා සමීප සබඳතා තිබුණද, යුරෝපා සංගමයද ටෙහෙරානය සමඟ සැලකිය යුතු වෙළඳ සබඳතා පවත්වාගෙන යයි. එබැවින් ඔවුන් සියලු දෙනා සම්පූර්ණ ආර්ථික හුදකලාවකට තල්ලු කිරීම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සිහිනයක් පමණි.

තෙවනුව, ප්‍රතිප්‍රහාරයේ අවදානම සුළුපටු නොවේ. ඉරානයේ වෙළඳ ජාලයේ තීරණාත්මක කේන්ද්‍රස්ථානයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරානයේ සෙවණැල්ල යටතේ ජීවත් වේ. අවහිරයට සහභාගි වුවහොත් දැඩි ආර්ථික ප්‍රතිප්‍රහාරයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ටෙහෙරානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මේ වන විටත් අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

“අපි වැටෙන්න යනවා නම්, අපිත් සමඟ හැමෝම වැටෙනවා,” ලෙස ඉරාන මානසිකත්වය සාරාංශ  කර ගැනීමෙන් මෙම තත්වය විග්‍රහ කර ගත හැක.

සිව්වනුව, වඩාත්ම වැදගත් කරුණ වන්නේ කාලය යි. අවහිර කිරීම්වල අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට මාස ගණනක්, ඇතැම් විට වසර ගණනක් ගත වේ. අමෙරිකාවේ ජනාධිපතිවරණය (ඇමරිකානු ජනාධිපතිවරණය සෑම වසර හතරකට වරක්ම නොවැම්බර් මාසයේ පළමු සඳුදාට පසුව එළඹෙන පළමු අඟහරුවාදා දිනයේ පැවැත්වේ. ඒ අනුව, මීළඟ ඇමරිකානු ජනාධිපතිවරණය නිල වශයෙන් 2028 නොවැම්බර් 7 වන අඟහරුවාදා පැවැත්වීමට නියමිතය.) ඉදිරියේදි පැවැත්වීමට නියමිතව ඇති අතර, ගෝලීය ආර්ථිකයද අස්ථාවර තත්ත්වයක පවතින බැවින් ජනාධිපති ට්‍රම්ප් එතරම් කාලයක් බලා සිටීමේ සුව පහසු වටපිටාවක නැත.

බහුධ්‍රැවීය ලෝකයක ඒකධ්‍රැවීය මානසිකත්වය

වර්ෂ 2015 සිට ගෝලීය බල තුලනයේ බරපතල වෙනස්කම් සිදුවී ඇති බව සියුම් නිරීක්ෂණයකදී පෙනී යයි. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ලෙසද හැඳින්වෙන ඒකාබද්ධ විස්තීර්ණ ක්‍රියාකාරී සැලැස්ම (JCPOA) ඇති කරගනු ලැබුවේ එක්සත් ජනපදය රුසියාව, චීනය සහ යුරෝපය සමඟ සාපේක්ෂව සහයෝගී සබඳතා පවත්වාගෙන ගිය ලෝකය “ඒකධ්‍රැවීයව පැවැති අවස්ථාවකදී” ය. එහෙත් එම ලෝකය දැන් තවදුරටත් නොපවතී. මේ වන විට ලෝකය පවතින්නේ  සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයකය. චීනය සහ රුසියාව අමෙරිකාවේ සතුරන් ලෙස නැගී සිටින බහුධ්‍රැවීය ලෝකයක් අප හමුවේ විද්‍යාමාන වේ.

ආර්ථික හෝ හමුදාමය දෘෂ්ටිකෝණයකින් අමෙරිකාවට ඉරානය පරාජය කිරීමට උපකාර කිරීමට කිසිදු උනන්දුවක් චීනයට සහ රුසියාවට නැත. ඇත්ත වශයෙන්ම ගැඹුරු විශ්ලේෂනයකදී පෙනී යන්නේ, චීනයට සහ රුසියාවට තිබෙන්නේ ඊට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ඉරානය අමෙරිකාව පරාජය කරන බවට සහතික වීමට තිබෙන උනන්දුව පමණි.

සාරාංශ වශයෙන් මෙම තත්වය විග්‍රහ කර ගත් විට පෙනී යන්නේ, එක්සත් ජනපදය දැන් ඉරානය, චීනය සහ රුසියාව යන රටවල් තුනම සමඟ එකට මුහුණ දෙන තත්ත්වයකට පත්ව ඇති බවයි. ඒ අනුව, අමෙරිකාව තමන් ඒක ධ්‍රැවීය ලෝකයක පය ගසා සිටින්නේ යැයි සිතීමම අතිවිශාල මට්ටමේ උපායමාර්ගික වැරදි ගණනය කිරීමකි. ඒ අනුව අමෙරිකාවේ දැන් ඇත්තේ “කිසිදු තේරුමක් නැති, කරුණු සහ තර්කයට පටහැනි තීරණ ගන්නා” පරිපාලනයකි.

තුර්කියේ ගණන් බැලීම සහ “මහා ඊශ්‍රායල” ව්‍යාපෘතිය

ඉරානය ජයග්‍රහණය කරනු දැකීම තුර්කියේ එකම අභිලාශයයි. මක් නිසාද යත් තුර්කියේ ස්වයං ආරක්ෂාව ඇත්තේ ඊශ්‍රායලයේ පරාජය තුළ වීමය. යම් විදියකින් ඉරානය පරාජයට පත්වුවහොත් ඊශ්‍රායලයේ සහ ඇමරිකාවේ තුවක්කු තුර්කිය දෙසට එල්ල කිරීම නොවැලැකිවිය හැකි බව  තුර්කිය වටහා ගෙන සිටියි. මේ වන විටත් ඉරානය උදාසීන කිරීමෙන් පසු ඊළඟ තර්ජනය ලෙස තුර්කිය හඳුනාගෙන ඇති බව ඊශ්‍රායල පාර්ශ්වයන් ප්‍රසිද්ධියේ පවසා තිබේ. මේ සියල්ල ‘මහා ඊශ්‍රායල’ ව්‍යාපෘතියේ කොටසක් බව මේ වන විට තුර්කිය පමණක් නොව කළාපයේ ඊශ්‍රායල විරෝධී රාජ්‍ය මනාව වටහාගෙන සිටිති.

මානව පිරිවැය සහ සදාචාරාත්මක හිස්කම

ආර්ථික යුද්ධයේ මානව පැතිකඩ පිළිබඳව අවධානය  යොමු කළහොත් පෙනීයන්නේ  සම්බාධක පැනවූ විට පළමුවෙන්ම දුක් විඳින්නේ පාරිභෝගිකයන් හෙවත් රජයේ ප්‍රතිපත්ති සමඟ කිසිදු සම්බන්ධයක් නැති සාමාන්‍ය ජනතාව බව වැටහෙනු ඇත.

එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය සදාචාරාත්මකව බංකොලොත් වූ ප්‍රතිපත්තියක් ලෙස හැඳින්වුවහොත් කිසිදු වරද නැත. ගාසා තීරයේ සිදුවන ජන සංහාරය, බටහිර ඉවුරේ අත්පත් කර ගැනීම සහ දකුණු ලෙබනනයේ කරනු ලබන විනාශය සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ ඊශ්‍රායල ක්‍රියාමාර්ගවලට ඇමරිකාව සහයෝගය දැක්වීම හේතුවෙන් අමෙරිකාව සදාචාරාත්මක නායකත්වයක් පිළිබඳව පෙන්වන ඕනෑම මවාපෑමක් පවා හෙළිදරව් වී තිබේ. ඒ අනුව, එක්සත් ජනපදයට සදාචාරය මත පදනම් වූ විදේශ ප්‍රතිපත්තියක් නොමැති  බව අමෙරිකාව උත්කර්ශයට නංවන ඕනෑම අයෙකුට පවා පෙනී යන්නේය.

ඉරානයේ ඔරොත්තු දීමේ හැකියාව සහ JCPOA පිළිබඳ මතකය

නැවත ක්‍රියාත්මක කරන ලද “උපරිම පීඩන” ව්‍යාපාරය හිස් වචන පමණක් බව ඉරාන ආර්ථික කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේය. “ඒකධ්‍රැවීය ලෝකය අතීතයේ දෙයක්,” යනුවෙන් ප්‍රකාශ කළ එම අමාත්‍යවරයා. “ඔවුන් මේ දේවල් නැවත නැවතත් පවසා තිබෙනවා. ඒවායේ ප්‍රතිඵලත් ඔවුන් දැක තිබෙනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය. ඉරාන ආර්ථික කටයුතු අමාත්‍යවරයා සමඟ බොහෝ ආර්ථික විද්‍යාඥයෝ එකඟ වෙති.

2015දී ඉරානය JCPOA ගිවිසුම පිළිගත්තේ සියලු ප්‍රධාන බලවතුන්ගෙන් එල්ල වූ දැවැන්ත හා ඒකාබද්ධ පීඩනයක් යටතේය.  එවැනි තත්ත්වයක් ලෝක දේශපාලනය තුළ අද තවදුරටත් නොපවතී. එමෙන්ම, ජනාධිපති ට්‍රම්ප් තම පළමු ධුර කාලයේදී ගිවිසුමෙන් ඉවත් වූ අවස්ථාවේද “උපරිම පීඩනය” යන සටන් පාඨය භාවිත කරනු ලැබීය. එද ට්‍රම්ප් ඉදිරිපත් කළ එම උපරිම පීඩනයේ සාර්ථක අසාර්ථකභාවය අමෙරිකානු හිතවාදී විද්වතුන් පවා අද සිහිපත් කරීමට පවා කටයුතු නොකරති.

රටවල් අගාධයේ අද්දරට තල්ලු කිරීමේ අනතුර

සම්බාධක මගින් ඉරානයේ ආර්ථිකයට යම් මැනිය හැකි බලපෑමක් ඇති වුවහොත්, එය සම්පූර්ණයෙන්ම ඉරානයේ ගෙල සිර කිරීමට අසමත් වුවද ඉරානයේ පාර්ශවයෙන් ඊළඟට කුමක් සිදුකරනු ඇතිද?

බොහෝ දේශපාලන විශ්ලෙෂකයන් මේ ප්‍රශ්නයට දෙනු ලබන පිළිතුර  වන්නේ  විනාශකාරී උත්සන්න වීමක් සිදුවනු ඇත කියායි. ඒ අනුව මෙතෙක් සංයමයෙන් කටයුතු කළ ඉරානය  එක්සත් අරාබි එමීර් රාජ්‍යය විනාශ කර දමනු ඇති අතර ගල්ෆ් කලාපයම අවුල් ජාලයකට පත් කරනු ඇති බව බොහෝ දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.

ඒ අනුව අමෙරිකාව ඉරානයේ පැවැත්මට තර්ජනය කරන විට, ඉරානය තම අසල්වැසි අමෙරිකානු හිතවාදී රාජ්‍යන්ගේ පැවැත්මටද තර්ජනය කරනු ඇත. ඉරානය ඊශ්‍රායලයට අයත් න්‍යෂ්ටික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කරනු ඇති අතර කලාපයේ සෑම රාජ්‍යයකටම දැවැන්ත දඬුවමක් ලබා දීම නොවැලැක්විය හැක.

මෙම තත්වය න්‍යෂ්ටික හැකියාව ඇති රාජ්‍යයන් සීමාව දක්වා තල්ලු කිරීමේ අනතුර තුළ සසඳා බැලීමෙන් වටහා ගත හැක. අමෙරිකාවේ සහයෙන් රුසියාව පරාජය කිරීමට යුක්රේනය සමත් වූවහොත් රුසියාව න්‍යෂ්ටික අවි වෙත යොමුවීම පුදුමයට  කාරණයක් වන්නේ නැතිවාක් මෙන්ම ඉරානයේ ප්‍රති ප්‍රහාරද පුදුමයට කාරණයක් වන්නේ නැත.

ඒ අනුව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් ඇති රටවල් අගාධයේ කෙළවරට තල්ලු නොකිරීමට අමෙරිකාව ඉතා ප්‍රවේශම් විය යුතු වන්නේ අමෙරිකාවේ සහ ඔවුන්ගේ මිතුරු රාජ්‍යන්ගේ පැවැත්ම උදෙසාමය. නමුත් ඇමරිකානු ප්‍රතිපත්තිය තුළ එවැනි ප්‍රවේශම් සහගත බවක් නොමැති බව දේශපාලන විශ්ලේශකයන්ගේ මතයයි.

“අමෙරිකාව  කටයුතු කරන්නේ එසේ නොවෙයි. මන්ද අමෙරිකාව ඒකධ්‍රැවීය බලය කේන්ද්‍රවී ඇතැයි විශ්වාස කරන නිසා. අමෙරිකාවට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි යැයි ඔවුන් සිතනවා. එවැනි මානසිකත්වයක් අමෙරිකාව කොතරම් කරදරයකට ඇද දමා තිබේදැයි ඕනෑම අයෙකුට පෙනෙනවා.” යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් පැවැසීය.

බ්‍රිතාන්‍යයේ රුසියානු විරෝධය හෙවත් ඓතිහාසික විෂමතාවය

රුසියාව කෙරෙහි බ්‍රිතාන්‍යය දක්වන නොනවතින සතුරුභාවය 19 වැනි සියවස දක්වා දිව යන්නකි. එම කාලයේදී ඉන්දියාව දෙසට රුසියානු ව්‍යාප්තිය පිළිබඳව බ්‍රිතාන්‍යය බියට පත්ව සිටියේය. සීතල යුද්ධ සමයේදී මෙම මතවාදී පරතරය තවදුරටත් පුළුල් වූ අතර, එය අද දක්වාම පවතී. බ්‍රිතාන්‍යයට ඇති රුසියානු විරෝධයේ දිගු ඉතිහාස තුළ අද බ්‍රිතාන්‍ය ප්‍රභූ පැළැන්තිය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙම සතුරුභාවයට ඇති ගැඹුරු බැඳීම විස්මයජනකය. වත්මන් බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම් වෙනත් මාර්ගයකට හැරීම අවශ්‍ය බව තේරුම්ගෙන සිටිනවා විය හැකි නමුත්, ජනමතය සහ ප්‍රභූ පැළැන්තියේ පීඩනය හේතුවෙන් ඔහු සීමා වී සිටින බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

යුක්රේන පෙරමුණ හෙවත් පරාජයට යන සටන

වත්මන් බහු ද්‍රැවීය ලෝකය සැලකිල්ලට ගැනීමේදී යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් තක්සේරුවකට එළඹීමද කළ යුතුය. මේ වන විට රුසියාව යුද පෙරමුණේ ස්ථාවර ලෙස ඉදිරියට යමින් සිටින අතර යුක්රේනය සතු කළු මුහුදු වරායන් ඵලදායී ලෙස අවහිර කර තිබේ. ඉරාන ජාතිකයාගේ ඔරොත්තු දිමේ හැකියාවේ කෝනයෙන් යුක්රේන යුද බිමේ තත්වය සැලකිල්ලට ගැනීම සාධාරණ නැත. ඒ අනුව මේ වන විට යුක්රේනය කාන්තාවන් පවා හමුදා සේවයට බඳවා ගැනීමට ගත් තීරණය ඔරොත්තු දීමේ ලකුණක් නොව, බලාපොරොත්තු සුන්වීමේ සලකුණක් බව අපගේ වැටහීමයි. මේ වන විට රුසියානුවන් බටහිරයන්ට එරෙහිව යුක්රේන භූමියේදී කරනු ලබන යුද්ධය ඉතා හොඳින් කලමනාකරණය කරමින් යුක්රේනය යුද පෙරමුණේදී විනාශයට පත් කිරීමට නියමිතව සිටින බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති.

රුසියාව NATO සාමාජික රටකට ප්‍රහාර එල්ල කිරීමේ ඉඩකඩ සම්බන්ධයෙන් ඇතමුන් කරනු ලබන පුරෝකථන සැලකිල්ලට ගැනීමට තරම් නොවන ඒවා වේ. එවැනි පියවරක් මොස්කව් දැනටමත් ජය ගනිමින් සිටින යුද්ධයකට NATO සන්ධානය ඇද ගැනීම පමණක් සිදුකරනු ඇති බව මොස්කව් පරිපාලනය නොදන්නවා නොවේ. ඒ අනුව අපගේ අවධාරණය වන්නේ රුසියානුවන්ට අවශ්‍යම නැති දෙය වන්නේ යුක්රේනය සහ NATO යන කඳවුරු දෙකම සමඟ සැබෑ යුද්ධයකට පැටලීම බවයි.

සන්සුන් කරවන අවසාන නිගමනයක්

එක්සත් ජනපදය තවදුරටත් තම කැමැත්තට නැමෙන්නේ නැති ලෝකයක සිය බලය ඉක්මවා ක්‍රියා කරමින් සිටී. ඒකධ්‍රැවීය ලෝකය අවසන් වී ඇතත්, ඇමරිකානු ප්‍රතිපත්ති සම්පාදකයන් තවමත් එය අඛණ්ඩව පවතින බව සිතා කටයුතු කරමින් සිටිති. එහෙත්, ජාත්‍යන්තර පද්ධතිය තුළ විචක්ෂණශීලීභාවයට ප්‍රතිලාභ ලැබෙන අතර, අධිමානයට දඬුවම් ලැබෙන බව ඉතිහාසය සිහිපත් කරයි.

අමෙරිකාවේ වත්මන් හැසිරීම දෙස බලන කළ බලය සහ ප්‍රඥාව අතර තරගයේදී ප්‍රඥාව වඩ වඩාත් හිඟ වෙමින් පවතී.


මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් චිකාගෝ විශ්වවිද්‍යාලයේ R. Wendell Harrison Distinguished Service Professor of Political Science තනතුර දරයි. ඔහු ජාත්‍යන්තර සබඳතා පිළිබඳ බලපෑම් සහගත කෘති කිහිපයක කතුවරයා වන අතර, ඒ අතරින් “The Tragedy of Great Power Politics” ද ප්‍රධාන කෘතියකි.


සම්බන්ධිත පුවත් | Related News

2026 ඔක්තෝබර් මාසයේදී පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද සාක්ෂියක් මඟින්, එක්නැලිගොඩගේ දේශපාලන සබඳතා, හබරණදී පවත්වන ලද රැස්වීමක් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ යෝජනාවක් පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කර තිබේ.
ස්ථාන නාම කිහිපයක් වෙනස් කරමින්, මාධ්‍ය ප්‍රචාරණයක් ඇති කිරීමෙන් ඉන්දියාව දැඩි ස්ථාවරයක් ගෙන ඇති බව පෙන්වා, තම භෞමික හිමිකම් භූමියේ යථාර්ථයක් බවට පත්ව ඇතැයි යන මිථ්‍යාවක් නිර්මාණය කර තිබේ.
මේ දවස්වල බිමල් රත්නායක ඇමතිතුමා ස්කැන්ඩිනේවියානු රටවල සංචාරයක නිරත වී සිටින බව පේනවා.
2015 දෙසැම්බර් 22 වන දින එවක පැවති යහපාලන රජය මගින් පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය.
වර්තමාන ජනගහන ප්‍රවණතා දිගටම පැවතුණහොත්, ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්විය හැකි බව නවතම ජනගහන ආකෘතියක් මගින් පුරෝකථනය කර තිබේ.
වර්තමාන ජන විකාශන ප්‍රවණතා අඛණ්ඩව පැවතුණහොත්, ඉදිරි දශක දෙක තුළ යුරෝපයේ රටවල් කිහිපයකම ස්වදේශීය ජනගහනය සුළුතරයක් බවට පත්විය හැකි බව, සංක්‍රමණය සහ උපත් අනුපාත පහත වැටීමේ දිගුකාලීන බලපෑම් පුරෝකථනය කරන නව ආකෘතියකින් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සහ සමාජ ජාල තුළ නිතර කතාබහට ලක්වන,ලේඛක සරෝජ් පතිරණ විසින් රචිත ලිපිය මුල් කරගනිමින්,
මම ලියපු ලිපියක් පත්තරේක සම්පූර්ණ පිටුවක මුලින් ම පළවුණේ 1989 අවුරුද්දේ. “ආගම, විද්‍යාව සහ බුදුදහම” කියන නමින් මම ලියපු ඒ ලිපිය පළකළේ “විදුසර” පත්තරේ. වයස අවුරුදු විස්සවත් සම්පූර්ණ වෙලා නැති ඒ කාලේ තේරුම් ඇරැගෙන හිටිය සමහර අදහස් සහ ආර්. ජී. ද එස්. වෙත්තිමුණි මහත්තයා (සිදත් වෙත්තිමුණිගේ තාත්තා) ලියපු “බුදු දහම, ආගම හා විද්‍යාව සමඟ සම-විසම වන අයුරු” කියන පොත සේවනයෙන් ලබාගත්ත අදහස් පදනම් කරගෙනයි මම ඒ ලිපිය ලිව්වේ.
රුසියානු-ඇමරිකානු සබඳතාවල නවතම හැරවුම කියෙව් පාලනය කම්පනයට පත් කර තිබේ.

ප්‍රධාන පුවත්

ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

ජාතිවාදය සහ ජාතිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සමාජය තුළ මේ වන විට මතුව ඇති කතිකාව අතරතුර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී ජාතික සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක් බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කරයි.

SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..

රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.

භික්‍ෂු සත්‍යග්‍රහයට පහර දීමක්..?

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය

ඩොන්බාස් කලාපයේ පිහිටි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වන ඩොබ්‍රොපිලියේ (Dobropolye ) බලය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවල ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත වාර්තා කර තිබේ.

නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..

දිවයින පුරා හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන ඒකක තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව බලාගාර කළමනාකාරීත්වය තහවුරු කරයි.

ප්‍රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?

2026 ඔක්තෝබර් මාසයේදී පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද සාක්ෂියක් මඟින්, එක්නැලිගොඩගේ දේශපාලන සබඳතා, හබරණදී පවත්වන ලද රැස්වීමක් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ යෝජනාවක් පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කර තිබේ.

ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිති.

මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්‍රකාශයක්..

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමයේ, ජනාධිපතිවරයා ගමන්කරන ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකළ හොත් රටේ පාලනය වෙනස් කොට රටේ ප්‍රශ්න අවසන් කළ හැකි බව ප්‍රගීත් එක්නැලිගොඩ තමන් සමඟ පැවසූ බව හිටපු LTTE සංවිධාන සාමාජිකයෙකු වූ මුරලි නමැත්තා අධිකරණයේදී අද (16) හෙළි කළේය.

ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්

ආසියාව තුළ වගකීම් සීමාවෙන් ඔබ්බට ගොස් බලපෑම් කිරීමට නේටෝව දරන උත්සාහයට සාධනීය ප්‍රතිචාරයක් අවශ්‍ය බව රුසියානු විදේශ අමාත්‍යවරයා පැවසුවේය.

දූෂිත අමාත්‍යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්‍රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධන ක්‍රියාවලිය තුළ දක්නට ලැබෙන යටි අරමුණු හෙළිදරව් කරමින් ජාතික සංවිධාන විසින් සිදුකරනු ලබන හෙළිදරව් කිරීම් හෙළා දකිමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව ලංකා ලීඩර් විසින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් අදහස් විමසන ලදී.

යුක්‍රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්‍රම්ප්ගෙන් චෝදනාවක්!

බයිඩන් පාලනය යටතේ යුක්‍රේනයට ලබාදුන් ඇමරිකානු මිසයිලවලට සිදුවූයේ කුමක්දැයි ට්‍රම්ප් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.

ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..

සෞදි අරාබියේ ක්‍රියාත්මක වන දැවැන්ත හරිත ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීමට සැලසුම් කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 130.16ක කොහුබත් ව්‍යාපෘතියක්, රාජ්‍ය ආයතනයක නිලධාරියකු විසින් නීතිවිරෝධී ලෙස අල්ලස් ඉල්ලීමක් සිදුකළ බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවලංගු වී ඇති බව වාර්තා වේ.

ඥානසාර හිමිගේ නිදහස පතා මහ සඟරුවන ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති..

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වහා නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනට' එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස අද (16) උදෑසන වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටිති.

මාලිමාවට ඡන්දය දුන්න එම ගැන කණගාටු වෙනවා.. තඹුත්තේගම වීරයා බන්ධනාගාර කොමසාරිස්ට කළින්ම පැන්නා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි

තමන් වහන්සේගේ ඡන්දය මාලිමාවට ලබාදීම ගැන කණගාටු වන බවත්, ජනාධිපතිවරයා භික්ෂූන් වහන්සේලාගේ පාගමන ගැන නොදැන සිටියා නම්, ඔහු රටේ නායකයාද, නැතිනම් පැලවත්තේ නායකයාදැයි මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ ප්‍රශ්න කරති.

ආණ්ඩුව බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා ජාතික සංවිධාන එකමුතුව බිල්ලෙක් මවන්න හදනවා.. අනුරාධපුර ඇතුල් නගරයේ ජනතාව නැවත පදිංචි කරන්න අක්කර 200ක් වෙන්කරලා තියෙන්නේ.. - ඇමති වසන්ත සමරසිංහ

අනුරාධපුර පූජා නගරයේ සංවර්ධන සැලසුමේ කොටසක් වන්නේ ඇතුල් නුවර ප්‍රදේශයේ ජනතාව නැවත පදිංචි කිරීමට කටයුතු කිරීම බවත්, ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ලෙස අක්කර දෙසීයක භූමියක ඉඩම් සහ වන්දි ලබාදීමේ කටයුතු සිදුකිරීමට නියමිත බවත් ඇමති වසන්ත සමරසිංහ පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.