News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානයට එරෙහි ඇමරිකාවේ උපරිම පීඩනය අසාර්ථක වීමට නියමිත ඇයි? ලෝකයේ සෙසු රටවලට එමගින් සිදුවන්නේ කුමක්ද?

Aug 30, 2026 at 09:52 AM
|

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දුර්ලභ වූ බුද්ධිමය ලෝකය තුළ මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් තරම් ගෞරවයට පාත්‍ර වන හෝ එතරම් මතභේදයට තුඩු දෙන හඬක් නගන්නේ ඉතාමත් ස්වල්ප දෙනෙකි. තම නිර්භීත යථාර්ථවාදී විශ්ලේෂණය නිසා ප්‍රකට මෙම කීර්තිමත් දේශපාලන විද්‍යාඥයා මෑතකදී ගෝලීය බලයේ බෙදීම් රේඛා පිළිබඳ පුළුල් සංවාදයකට එක් විය. වර්තමාන එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ඔහුගේ තක්සේරුව කිසිසේත්ම සුබදායක එකක් නොවන අතර, ඔහුගේ අනතුරු ඇඟවීම් ඉතිහාසයේ පූර්වාදර්ශයන්ගේ බර දරයි. මෙම ලිපිය මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් සමඟ පැවැත්වූ "  Why Britain Uses Ukraine to Destroy Russia" නම් මාතෘකාව යටතේ පැවැත්වූ  සුවිශේෂී සම්මුඛ සාකච්ඡාව ඇසුරින් සැකසුණි. සැකසුම ජීවන්ත ජයතිස්ස

ආර්ථික "ගෙල" සිරකිරීමේ මායාව

භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් විසින් ඉදිරිපත් කර ඇති ආර්ථික අවහිරය හරහා ඉරානය යටත් වීමට බල කළ හැකිදැයි යන්න සලකා බැලීමේදී කරුණු හතරක් ඔස්සේ ඒ පිළිබඳව සොයා බැලිය යුතුය. පළමුව,අමෙරිකාව එල්ල කරනු ලබන තර්ජනයේ පැවැත්මටම සම්බන්ධ ස්වභාවයයි. ඉරානය සම්බන්ධයෙන් මෙම තත්වය සැලකිල්ලට ගැනීමේදී මෙය න්‍යෂ්ටික ඉන්ධන පොහොසත් කිරීම හෝ කලාපීය බලපෑම පිළිබඳ සාමාන්‍ය ආරවුලක් නොවේ. එය ඉරාන ජනයා තම පැවැත්ම සඳහා කරන සටනකි. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයේ පැවැත්මට තර්ජනයක් ලෙස සැලකෙන අතර, තම පැවැත්ම වෙනුවෙන් සටන් කරන ජාතීන් පහසුවෙන් යටත් වන්නේ නැත. ඔවුන් අවසානය දක්වා සටන් කරති.

දෙවනුව, එවැනි අවහිරයක් සාර්ථක වීමට ඉරානය සමඟ වෙළඳාම් කරන රටවල් සියල්ලට ආසන්න ප්‍රමාණයක සහයෝගය අවශ්‍ය වේ. එවැනි සහයෝගයක් ලැබෙනු ඇතැයි සිතීම හුදු මනෝකල්පිතයකි. ඉරානයේ විශාලතම ආර්ථික හවුල්කරු වන චීනය දැනටමත් එම ක්‍රියාවලියට සහභාගි වීම ප්‍රතික්ෂේප කර ඇත. තුර්කිය සහ රුසියාවද එම මාර්ගයම අනුගමනය කිරීමට නියමිතව ඇත. අත්ලාන්තික් සාගරය හරහා සමීප සබඳතා තිබුණද, යුරෝපා සංගමයද ටෙහෙරානය සමඟ සැලකිය යුතු වෙළඳ සබඳතා පවත්වාගෙන යයි. එබැවින් ඔවුන් සියලු දෙනා සම්පූර්ණ ආර්ථික හුදකලාවකට තල්ලු කිරීම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සිහිනයක් පමණි.

තෙවනුව, ප්‍රතිප්‍රහාරයේ අවදානම සුළුපටු නොවේ. ඉරානයේ වෙළඳ ජාලයේ තීරණාත්මක කේන්ද්‍රස්ථානයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරානයේ සෙවණැල්ල යටතේ ජීවත් වේ. අවහිරයට සහභාගි වුවහොත් දැඩි ආර්ථික ප්‍රතිප්‍රහාරයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ටෙහෙරානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මේ වන විටත් අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

“අපි වැටෙන්න යනවා නම්, අපිත් සමඟ හැමෝම වැටෙනවා,” ලෙස ඉරාන මානසිකත්වය සාරාංශ  කර ගැනීමෙන් මෙම තත්වය විග්‍රහ කර ගත හැක.

සිව්වනුව, වඩාත්ම වැදගත් කරුණ වන්නේ කාලය යි. අවහිර කිරීම්වල අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට මාස ගණනක්, ඇතැම් විට වසර ගණනක් ගත වේ. අමෙරිකාවේ ජනාධිපතිවරණය (ඇමරිකානු ජනාධිපතිවරණය සෑම වසර හතරකට වරක්ම නොවැම්බර් මාසයේ පළමු සඳුදාට පසුව එළඹෙන පළමු අඟහරුවාදා දිනයේ පැවැත්වේ. ඒ අනුව, මීළඟ ඇමරිකානු ජනාධිපතිවරණය නිල වශයෙන් 2028 නොවැම්බර් 7 වන අඟහරුවාදා පැවැත්වීමට නියමිතය.) ඉදිරියේදි පැවැත්වීමට නියමිතව ඇති අතර, ගෝලීය ආර්ථිකයද අස්ථාවර තත්ත්වයක පවතින බැවින් ජනාධිපති ට්‍රම්ප් එතරම් කාලයක් බලා සිටීමේ සුව පහසු වටපිටාවක නැත.

බහුධ්‍රැවීය ලෝකයක ඒකධ්‍රැවීය මානසිකත්වය

වර්ෂ 2015 සිට ගෝලීය බල තුලනයේ බරපතල වෙනස්කම් සිදුවී ඇති බව සියුම් නිරීක්ෂණයකදී පෙනී යයි. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ලෙසද හැඳින්වෙන ඒකාබද්ධ විස්තීර්ණ ක්‍රියාකාරී සැලැස්ම (JCPOA) ඇති කරගනු ලැබුවේ එක්සත් ජනපදය රුසියාව, චීනය සහ යුරෝපය සමඟ සාපේක්ෂව සහයෝගී සබඳතා පවත්වාගෙන ගිය ලෝකය “ඒකධ්‍රැවීයව පැවැති අවස්ථාවකදී” ය. එහෙත් එම ලෝකය දැන් තවදුරටත් නොපවතී. මේ වන විට ලෝකය පවතින්නේ  සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයකය. චීනය සහ රුසියාව අමෙරිකාවේ සතුරන් ලෙස නැගී සිටින බහුධ්‍රැවීය ලෝකයක් අප හමුවේ විද්‍යාමාන වේ.

ආර්ථික හෝ හමුදාමය දෘෂ්ටිකෝණයකින් අමෙරිකාවට ඉරානය පරාජය කිරීමට උපකාර කිරීමට කිසිදු උනන්දුවක් චීනයට සහ රුසියාවට නැත. ඇත්ත වශයෙන්ම ගැඹුරු විශ්ලේෂනයකදී පෙනී යන්නේ, චීනයට සහ රුසියාවට තිබෙන්නේ ඊට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ඉරානය අමෙරිකාව පරාජය කරන බවට සහතික වීමට තිබෙන උනන්දුව පමණි.

සාරාංශ වශයෙන් මෙම තත්වය විග්‍රහ කර ගත් විට පෙනී යන්නේ, එක්සත් ජනපදය දැන් ඉරානය, චීනය සහ රුසියාව යන රටවල් තුනම සමඟ එකට මුහුණ දෙන තත්ත්වයකට පත්ව ඇති බවයි. ඒ අනුව, අමෙරිකාව තමන් ඒක ධ්‍රැවීය ලෝකයක පය ගසා සිටින්නේ යැයි සිතීමම අතිවිශාල මට්ටමේ උපායමාර්ගික වැරදි ගණනය කිරීමකි. ඒ අනුව අමෙරිකාවේ දැන් ඇත්තේ “කිසිදු තේරුමක් නැති, කරුණු සහ තර්කයට පටහැනි තීරණ ගන්නා” පරිපාලනයකි.

තුර්කියේ ගණන් බැලීම සහ “මහා ඊශ්‍රායල” ව්‍යාපෘතිය

ඉරානය ජයග්‍රහණය කරනු දැකීම තුර්කියේ එකම අභිලාශයයි. මක් නිසාද යත් තුර්කියේ ස්වයං ආරක්ෂාව ඇත්තේ ඊශ්‍රායලයේ පරාජය තුළ වීමය. යම් විදියකින් ඉරානය පරාජයට පත්වුවහොත් ඊශ්‍රායලයේ සහ ඇමරිකාවේ තුවක්කු තුර්කිය දෙසට එල්ල කිරීම නොවැලැකිවිය හැකි බව  තුර්කිය වටහා ගෙන සිටියි. මේ වන විටත් ඉරානය උදාසීන කිරීමෙන් පසු ඊළඟ තර්ජනය ලෙස තුර්කිය හඳුනාගෙන ඇති බව ඊශ්‍රායල පාර්ශ්වයන් ප්‍රසිද්ධියේ පවසා තිබේ. මේ සියල්ල ‘මහා ඊශ්‍රායල’ ව්‍යාපෘතියේ කොටසක් බව මේ වන විට තුර්කිය පමණක් නොව කළාපයේ ඊශ්‍රායල විරෝධී රාජ්‍ය මනාව වටහාගෙන සිටිති.

මානව පිරිවැය සහ සදාචාරාත්මක හිස්කම

ආර්ථික යුද්ධයේ මානව පැතිකඩ පිළිබඳව අවධානය  යොමු කළහොත් පෙනීයන්නේ  සම්බාධක පැනවූ විට පළමුවෙන්ම දුක් විඳින්නේ පාරිභෝගිකයන් හෙවත් රජයේ ප්‍රතිපත්ති සමඟ කිසිදු සම්බන්ධයක් නැති සාමාන්‍ය ජනතාව බව වැටහෙනු ඇත.

එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය සදාචාරාත්මකව බංකොලොත් වූ ප්‍රතිපත්තියක් ලෙස හැඳින්වුවහොත් කිසිදු වරද නැත. ගාසා තීරයේ සිදුවන ජන සංහාරය, බටහිර ඉවුරේ අත්පත් කර ගැනීම සහ දකුණු ලෙබනනයේ කරනු ලබන විනාශය සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ ඊශ්‍රායල ක්‍රියාමාර්ගවලට ඇමරිකාව සහයෝගය දැක්වීම හේතුවෙන් අමෙරිකාව සදාචාරාත්මක නායකත්වයක් පිළිබඳව පෙන්වන ඕනෑම මවාපෑමක් පවා හෙළිදරව් වී තිබේ. ඒ අනුව, එක්සත් ජනපදයට සදාචාරය මත පදනම් වූ විදේශ ප්‍රතිපත්තියක් නොමැති  බව අමෙරිකාව උත්කර්ශයට නංවන ඕනෑම අයෙකුට පවා පෙනී යන්නේය.

ඉරානයේ ඔරොත්තු දීමේ හැකියාව සහ JCPOA පිළිබඳ මතකය

නැවත ක්‍රියාත්මක කරන ලද “උපරිම පීඩන” ව්‍යාපාරය හිස් වචන පමණක් බව ඉරාන ආර්ථික කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේය. “ඒකධ්‍රැවීය ලෝකය අතීතයේ දෙයක්,” යනුවෙන් ප්‍රකාශ කළ එම අමාත්‍යවරයා. “ඔවුන් මේ දේවල් නැවත නැවතත් පවසා තිබෙනවා. ඒවායේ ප්‍රතිඵලත් ඔවුන් දැක තිබෙනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය. ඉරාන ආර්ථික කටයුතු අමාත්‍යවරයා සමඟ බොහෝ ආර්ථික විද්‍යාඥයෝ එකඟ වෙති.

2015දී ඉරානය JCPOA ගිවිසුම පිළිගත්තේ සියලු ප්‍රධාන බලවතුන්ගෙන් එල්ල වූ දැවැන්ත හා ඒකාබද්ධ පීඩනයක් යටතේය.  එවැනි තත්ත්වයක් ලෝක දේශපාලනය තුළ අද තවදුරටත් නොපවතී. එමෙන්ම, ජනාධිපති ට්‍රම්ප් තම පළමු ධුර කාලයේදී ගිවිසුමෙන් ඉවත් වූ අවස්ථාවේද “උපරිම පීඩනය” යන සටන් පාඨය භාවිත කරනු ලැබීය. එද ට්‍රම්ප් ඉදිරිපත් කළ එම උපරිම පීඩනයේ සාර්ථක අසාර්ථකභාවය අමෙරිකානු හිතවාදී විද්වතුන් පවා අද සිහිපත් කරීමට පවා කටයුතු නොකරති.

රටවල් අගාධයේ අද්දරට තල්ලු කිරීමේ අනතුර

සම්බාධක මගින් ඉරානයේ ආර්ථිකයට යම් මැනිය හැකි බලපෑමක් ඇති වුවහොත්, එය සම්පූර්ණයෙන්ම ඉරානයේ ගෙල සිර කිරීමට අසමත් වුවද ඉරානයේ පාර්ශවයෙන් ඊළඟට කුමක් සිදුකරනු ඇතිද?

බොහෝ දේශපාලන විශ්ලෙෂකයන් මේ ප්‍රශ්නයට දෙනු ලබන පිළිතුර  වන්නේ  විනාශකාරී උත්සන්න වීමක් සිදුවනු ඇත කියායි. ඒ අනුව මෙතෙක් සංයමයෙන් කටයුතු කළ ඉරානය  එක්සත් අරාබි එමීර් රාජ්‍යය විනාශ කර දමනු ඇති අතර ගල්ෆ් කලාපයම අවුල් ජාලයකට පත් කරනු ඇති බව බොහෝ දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.

ඒ අනුව අමෙරිකාව ඉරානයේ පැවැත්මට තර්ජනය කරන විට, ඉරානය තම අසල්වැසි අමෙරිකානු හිතවාදී රාජ්‍යන්ගේ පැවැත්මටද තර්ජනය කරනු ඇත. ඉරානය ඊශ්‍රායලයට අයත් න්‍යෂ්ටික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කරනු ඇති අතර කලාපයේ සෑම රාජ්‍යයකටම දැවැන්ත දඬුවමක් ලබා දීම නොවැලැක්විය හැක.

මෙම තත්වය න්‍යෂ්ටික හැකියාව ඇති රාජ්‍යයන් සීමාව දක්වා තල්ලු කිරීමේ අනතුර තුළ සසඳා බැලීමෙන් වටහා ගත හැක. අමෙරිකාවේ සහයෙන් රුසියාව පරාජය කිරීමට යුක්රේනය සමත් වූවහොත් රුසියාව න්‍යෂ්ටික අවි වෙත යොමුවීම පුදුමයට  කාරණයක් වන්නේ නැතිවාක් මෙන්ම ඉරානයේ ප්‍රති ප්‍රහාරද පුදුමයට කාරණයක් වන්නේ නැත.

ඒ අනුව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් ඇති රටවල් අගාධයේ කෙළවරට තල්ලු නොකිරීමට අමෙරිකාව ඉතා ප්‍රවේශම් විය යුතු වන්නේ අමෙරිකාවේ සහ ඔවුන්ගේ මිතුරු රාජ්‍යන්ගේ පැවැත්ම උදෙසාමය. නමුත් ඇමරිකානු ප්‍රතිපත්තිය තුළ එවැනි ප්‍රවේශම් සහගත බවක් නොමැති බව දේශපාලන විශ්ලේශකයන්ගේ මතයයි.

“අමෙරිකාව  කටයුතු කරන්නේ එසේ නොවෙයි. මන්ද අමෙරිකාව ඒකධ්‍රැවීය බලය කේන්ද්‍රවී ඇතැයි විශ්වාස කරන නිසා. අමෙරිකාවට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි යැයි ඔවුන් සිතනවා. එවැනි මානසිකත්වයක් අමෙරිකාව කොතරම් කරදරයකට ඇද දමා තිබේදැයි ඕනෑම අයෙකුට පෙනෙනවා.” යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් පැවැසීය.

බ්‍රිතාන්‍යයේ රුසියානු විරෝධය හෙවත් ඓතිහාසික විෂමතාවය

රුසියාව කෙරෙහි බ්‍රිතාන්‍යය දක්වන නොනවතින සතුරුභාවය 19 වැනි සියවස දක්වා දිව යන්නකි. එම කාලයේදී ඉන්දියාව දෙසට රුසියානු ව්‍යාප්තිය පිළිබඳව බ්‍රිතාන්‍යය බියට පත්ව සිටියේය. සීතල යුද්ධ සමයේදී මෙම මතවාදී පරතරය තවදුරටත් පුළුල් වූ අතර, එය අද දක්වාම පවතී. බ්‍රිතාන්‍යයට ඇති රුසියානු විරෝධයේ දිගු ඉතිහාස තුළ අද බ්‍රිතාන්‍ය ප්‍රභූ පැළැන්තිය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙම සතුරුභාවයට ඇති ගැඹුරු බැඳීම විස්මයජනකය. වත්මන් බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම් වෙනත් මාර්ගයකට හැරීම අවශ්‍ය බව තේරුම්ගෙන සිටිනවා විය හැකි නමුත්, ජනමතය සහ ප්‍රභූ පැළැන්තියේ පීඩනය හේතුවෙන් ඔහු සීමා වී සිටින බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

යුක්රේන පෙරමුණ හෙවත් පරාජයට යන සටන

වත්මන් බහු ද්‍රැවීය ලෝකය සැලකිල්ලට ගැනීමේදී යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් තක්සේරුවකට එළඹීමද කළ යුතුය. මේ වන විට රුසියාව යුද පෙරමුණේ ස්ථාවර ලෙස ඉදිරියට යමින් සිටින අතර යුක්රේනය සතු කළු මුහුදු වරායන් ඵලදායී ලෙස අවහිර කර තිබේ. ඉරාන ජාතිකයාගේ ඔරොත්තු දිමේ හැකියාවේ කෝනයෙන් යුක්රේන යුද බිමේ තත්වය සැලකිල්ලට ගැනීම සාධාරණ නැත. ඒ අනුව මේ වන විට යුක්රේනය කාන්තාවන් පවා හමුදා සේවයට බඳවා ගැනීමට ගත් තීරණය ඔරොත්තු දීමේ ලකුණක් නොව, බලාපොරොත්තු සුන්වීමේ සලකුණක් බව අපගේ වැටහීමයි. මේ වන විට රුසියානුවන් බටහිරයන්ට එරෙහිව යුක්රේන භූමියේදී කරනු ලබන යුද්ධය ඉතා හොඳින් කලමනාකරණය කරමින් යුක්රේනය යුද පෙරමුණේදී විනාශයට පත් කිරීමට නියමිතව සිටින බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති.

රුසියාව NATO සාමාජික රටකට ප්‍රහාර එල්ල කිරීමේ ඉඩකඩ සම්බන්ධයෙන් ඇතමුන් කරනු ලබන පුරෝකථන සැලකිල්ලට ගැනීමට තරම් නොවන ඒවා වේ. එවැනි පියවරක් මොස්කව් දැනටමත් ජය ගනිමින් සිටින යුද්ධයකට NATO සන්ධානය ඇද ගැනීම පමණක් සිදුකරනු ඇති බව මොස්කව් පරිපාලනය නොදන්නවා නොවේ. ඒ අනුව අපගේ අවධාරණය වන්නේ රුසියානුවන්ට අවශ්‍යම නැති දෙය වන්නේ යුක්රේනය සහ NATO යන කඳවුරු දෙකම සමඟ සැබෑ යුද්ධයකට පැටලීම බවයි.

සන්සුන් කරවන අවසාන නිගමනයක්

එක්සත් ජනපදය තවදුරටත් තම කැමැත්තට නැමෙන්නේ නැති ලෝකයක සිය බලය ඉක්මවා ක්‍රියා කරමින් සිටී. ඒකධ්‍රැවීය ලෝකය අවසන් වී ඇතත්, ඇමරිකානු ප්‍රතිපත්ති සම්පාදකයන් තවමත් එය අඛණ්ඩව පවතින බව සිතා කටයුතු කරමින් සිටිති. එහෙත්, ජාත්‍යන්තර පද්ධතිය තුළ විචක්ෂණශීලීභාවයට ප්‍රතිලාභ ලැබෙන අතර, අධිමානයට දඬුවම් ලැබෙන බව ඉතිහාසය සිහිපත් කරයි.

අමෙරිකාවේ වත්මන් හැසිරීම දෙස බලන කළ බලය සහ ප්‍රඥාව අතර තරගයේදී ප්‍රඥාව වඩ වඩාත් හිඟ වෙමින් පවතී.


මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් චිකාගෝ විශ්වවිද්‍යාලයේ R. Wendell Harrison Distinguished Service Professor of Political Science තනතුර දරයි. ඔහු ජාත්‍යන්තර සබඳතා පිළිබඳ බලපෑම් සහගත කෘති කිහිපයක කතුවරයා වන අතර, ඒ අතරින් “The Tragedy of Great Power Politics” ද ප්‍රධාන කෘතියකි.


සම්බන්ධිත පුවත් | Related News

ජපානය චීනයත් එක්ක සම්බන්ධකම් යහපත් කරගන්න උත්සාහ කරමින් ඉන්නා බව කියන ප්‍රවෘත්ති වාර්තා ඉස්සරහට ඇවිල්ලා. මේක මහ අමුතු වැඩක් වගේ පෙනුනත්, ඉතිහාසය දිහා හොඳින් බැලුවාම මේක “ස්වභාවික ආපහු යෑමක්” (natural reversal) කියලා තේරුම්ගන්න පුළුවන්.
ශ්‍රී ලංකාව කියන්නේ සිංහල බෞද්ධ බහුතරයක් වෙනස රටක්. දෙමල සහ මුස්ලිම් ජනතාව සැලකිය යුතු පිරිසකුත් බර්ගර් සහ මැලේ සුළුතරයකුත් ජීවත් වෙනවා.අපේ රටේ පැවති ඓයිතිහාසික සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය පදනම් කරගෙන බොහෝ අය ශ්‍රී ලංකාවට කියන්නේ සිංහල බෞද්ධයාගේ රට කියලයි.පහුගිය ප්‍රසිද්ධ රූපවාහිනි සංවාදයකදී හිටපු ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව හැදින්වුයේ සිංහල බෞද්ධයාගේ රට කියලයි.
ඇමරිකාව විසුරුවා හැරීම දැන් දැන් සිදුවෙමින් පවතී.
විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා 2026 පෙබරවාරි 25 දින PTA යටතේ වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගෙන, ජනාධිපතිවරයා සතු සුවිශේෂී බලතල යටතේ රඳවා තබා ඇත. මේ වන විට ජනාධිපතිවරයා විසින් රඳවා තබා ගැනීමේ නියෝග දෙකක් අත්සන් කර ඇති අතර, තෙවන නියෝගය අත්සන් කිරීමට නියමිතය.
කොළඹ කොටස් වෙළඳපළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම මූල්‍ය සමථය ලෙස රුපියල් මිලියන 188.1 ක (කෝටි 18 කට අධික) දැවැන්ත මුදලක් ගෙවා සිද්ධියක් සමථයකට පත් කරගැනීමත් සමඟ, මෙරට ප්‍රාග්ධන වෙළඳපළේ විනිවිදභාවය සහ වගවීම පිළිබඳව බරපතළ සංවාදයක් නිර්මාණය වී තිබේ.
ජාතියක අනන්‍යතාවයක් සකස් වීමේදී මුලිකව බලපාන්නේ ආගම. ආගමින් තමයි සංස්කෘතික පද්දතිය , සාරධර්ම පද්දතිය , Social etiquette නිර්මාණය වෙන්නේ. Sometimes not directly , but through filtered top down process . රටක් debase කරන්න තියෙන පහසුම , ඉක්මන්ම සහ සාර්ථකම ක්‍රමය තමයි ඒ රටේ ආගම debase කිරීම.
එම බැඳුම්කර සඳහා BB+ ශ්‍රේණිගත කිරීමක් හිමිව තිබුණි. පසුව ඒවා කඩාවැටුණි. වසර දහහතරකට පසුව, දැන් මතුව ඇති ප්‍රශ්නය වන්නේ අජිත් නිවාඩ් කබ්රාල් "දූෂණයක්" සිදු කළාද, නැතහොත් එය නරක අතට හැරුණු ආයෝජන තීරණයක් පමණක්ද යන්නයි."
"එම බැඳුම්කර සඳහා BB+ ශ්‍රේණිගත කිරීමක් හිමිව තිබුණි. පසුව ඒවා කඩාවැටුණි. වසර දහහතරකට පසුව, දැන් මතුව ඇති ප්‍රශ්නය වන්නේ අජිත් නිවාඩ් කබ්රාල් දූෂණයක් සිදු කළාද, නැතහොත් එය නරක අතට හැරුණු ආයෝජන තීරණයක් පමණක්ද යන්නයි."
අගෝස්තු 24 වැනිදා යුක්රේනය සිය 35 වැනි නිදහස් සංවත්සරය සමරන විට, සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු එරට මුහුණ දෙන වඩාත්ම අවදානම්කාරී අවස්ථාවකට ළඟා වී තිබේ.

ප්‍රධාන පුවත්

එක්සත් ජනපදයේ ‘උපරිම පීඩන’ ප්‍රතිපත්තිය අසාර්ථක වන ලකුණු.. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් ගෝලීය බලතුලනය ගැන අනතුරු අඟවයි

ඉරානයට එරෙහිව එක්සත් ජනපදය දියත් කිරීමට සැරසෙන ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික "උපරිම පීඩන" ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමට නියමිත බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දේශපාලන විද්‍යාඥ, මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් පෙන්වා දෙයි.

එක්ස්ප්‍රස් පර්ල් කෝටි 34000ක වංගුවට අනුර - සූරසේනට වැඩ වරදින්නේ මෙහෙමයි.. - නාගානන්ද කොඩිතුවක්කුගෙන් විශේෂ අනාවරණයක්

එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් ශ්‍රී ලංකාවට සිදු වූ පාරිසරික හා ආර්ථික හානිය වෙනුවෙන් හිමිවිය යුතුව තිබූ රුපියල් කෝටි 34,000ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4) වන්දි මුදල රටට අහිමි වීමේ ක්‍රියාවලිය පිටුපස ඇති තොරතුරු සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතා අදහස් දක්වා තිබේ.

පාර්ලිමේන්තුවේ ඇත්තන් කෝටි 89ක කාලා, ඇඳලා..

පසුගිය වසර පහක (2020 - 2024) කාල සීමාව තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ කාර්යාලය, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර හා නිල ඇඳුම් වෙනුවෙන් රුපියල් 89,40,13,863ක (කෝටි 89කට අධික) මුදලක් වැයකර ඇති බව ජාතික විගණන කාර්යාලයේ විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

22 ට පක්ෂව, විපක්ෂව පෙත්සම් 27ක්..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හෙට (31) දිනට සති දෙකක් සපිරේ.

වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් නිර්මාණය කරමින්, සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට ඇද දැමීමට රජය උත්සාහය දරනවා..- GMOA විරෝධය

වෛද්‍ය කාණ්ඩ අතර අනවශ්‍ය ගැටුම් නිර්මාණය කරමින්, මෙරට නිදහස් සෞඛ්‍ය පද්ධතිය දේශපාලන වුවමනාවන් මත අගාධයට ඇද දැමීමට රජය දරන උත්සාහයට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අනතුරු අඟවයි.

ඉරාන නැව් 20ක් ආරක්ෂාව පතා ලංකාව ආසන්නයේ..

ඉරාන වරායන්ට පැමිණෙන නෞකා අවහිර කරමින් ඇමෙරිකානු හමුදාව හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති බාධකය හේතුවෙන් ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20 ක් පමණ ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපය ආසන්නයේ නැංගුරම් ලා සිටින බව ටෑන්ක්ට්‍රැකර්ස වෙබ් අඩවිය සිදුකළ ජාත්‍යන්තර නාවික බුද්ධි තොරතුරු විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත.

22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන් පූර්ණ සහාය දෙයි..

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගෙන ඇති ස්ථාවරයට සහ එමගින් ගනු ලබන නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග සඳහා සිය පූර්ණ සහයෝගය පළ කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවී නෑ.. කැනඩා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඓතිහාසික තීන්දුවක්..

වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ දැඩි පීඩනයකට ලක්වූයේ “දෙමළ ජන සංහාරයක්” සිදුකළ බවට එල්ල වූ අසත්‍ය චෝදනා හේතුවෙනි. එල්.ටී.ටී.ඊ හිතවාදී ඩයස්පෝරාව විසින් ලොව පුරා ගෙන ගිය මෙම බොරු ප්‍රචාරණයට එරෙහිව කැනඩාවේ අධිකරණයකින් ශ්‍රී ලංකාවට දැවැන්ත මෙන්ම ඓතිහාසික නීතිමය ජයග්‍රහණයක් හිමිවී තිබේ.

සියලු අන්තවාදී ජාලවල ප්‍රධානීන් ඉන්නේ NPP එකත් එක්ක.. ඒක කියන්න බය වෙන්න ඕනද අපි.. - ඤාණසාර හිමි

සියලු අන්තවාදී ජාලවල ප්‍රධානීන් ජාතික ජන බලවේගය (NPP) සමග සිටින බවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ප්‍රකාශ කරති.

කොටස් වෙළඳපළේ කෝටි 18 ක රහස් ගනුදෙනුව: නීතිය නැමුණේ කාටද?

කොළඹ කොටස් වෙළඳපළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම මූල්‍ය සමථය ලෙස රුපියල් මිලියන 188.1 ක (කෝටි 18 කට අධික) දැවැන්ත මුදලක් ගෙවා සිද්ධියක් සමථයකට පත් කරගැනීමත් සමඟ, මෙරට ප්‍රාග්ධන වෙළඳපළේ විනිවිදභාවය සහ වගවීම පිළිබඳව බරපතළ සංවාදයක් නිර්මාණය වී තිබේ.

නේපාලයේ නායයාමෙන් පසු අතුරුදහන් වූ 558 දෙනා සෙවීමේ මෙහෙයුම් වේගවත් කෙරේ.. නායයාමෙන් චීනයේ ටිබෙට් කලාපයටත් බලපෑම්...

ජීවිත බේරාගැනීමේ උපකරණ, නිරීක්ෂණ ඩ්‍රෝන යානා, සන්නිවේදන කට්ටල සහ බර යන්ත්‍රෝපකරණ සහිත සහන කණ්ඩායම් ආපදාවට ලක්වූ ගයිරොන්ග් (Gyirong) වරාය දෙසට විවිධ දිශාවලින් පැමිණෙමින් තිබේ. උස් භූමි ප්‍රදේශ සඳහා විශේෂිත Mi-171 හෙලිකොප්ටර් යානයක් ආපදා ප්‍රදේශයට ළඟා වී ඇති අතර, ඉහළින් ඇති අවදානම් තත්ත්වයන් පරීක්ෂා කිරීම සඳහා විශේෂ ඉංජිනේරු කණ්ඩායම් portable සන්නිවේදන පද්ධති, ඩ්‍රෝන යානා සහ 3D ලේසර් ස්කෑනර් සහිතව ක්‍රියාත්මක වේ. මේත් සමගම සමගම තවත් සහන සේවකයින්, ගුවන් යානා සහ උපකරණ ආපදා ස්ථානය වෙත ළඟා වෙමින් පවතී.

22 සංශෝධනයේ ප්‍රතිලාභ ලබන පළමු ප්‍රතිලාභියා අගවිනිසුරුයි..- ශ්‍රී ලංකා නීතිඥ සංගමය

රජය විසින් ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත් වුවහොත්, එහි ප්‍රතිලාභ ලබන පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

එක්සත් රාජධානියේ හමුදා ස්ථාන රුසියාවේ ඉලක්ක බවට පත්විය හැකියි.. – මොස්කව්

එක්සත් රාජධානිය විසින් සපයන ලද ආයුධ භාවිත කරමින් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන්, යුක්‍රේනයේ සහ ඊට පිටත පිහිටි බ්‍රිතාන්‍ය හමුදා පහසුකම් වෙත රුසියාව පහර දීමට ඉඩ ඇති බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාරියා සකාරෝවා (Maria Zakharova) අනතුරු අඟවා තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක ජවිපෙ ඓතිහාසික කාර්යභාරයට පිටුපෑවා.. - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය

ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සුරේශ් සලේ මහතාව තවදුරටත් ත්‍රස්ථවාදය වලැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට නියෝග නොකරන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායකට යවනලද හා මාධ්‍යට නිකුත්කරනලද නිවේදනයක් අප වෙත ලැබී ඇත.

ඉන්දියාව සහ චීනය දේශසීමා ගැටලුවට දේශපාලන විසඳුමක් සෙවීම තවදුරටත් ඉදිරියට ගෙන යාමට එකඟ වෙති

ඉන්දියාව සහ චීනය අතර දේශසීමා ආරවුලට දේශපාලන විසඳුමක් සෙවීම සඳහා තවදුරටත් කටයුතු කිරීමට දෙරට එකඟ වී ඇතැයි වාර්තාවේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.