කුරුන්දි විහාරයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන්න.. – බුද්ධශාසන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්
මුලතිව් කුරුන්දි රාජමහා විහාරස්ථානය සහ ඒ අවට පුරාවිද්‍යා හා වන සංරක්ෂණ රක්ෂිත භූමියෙන් ඉවත් කර ඇති පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් කුරුන්දි රජ මහා විහාරයේ විහාරාධිපති, උතුරු පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සාන්තබෝධි හිමියන් විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
අදාළ ලිපිය මගින් පෙන්වා දෙන්නේ කුරුන්දි විහාර භූමියේ කැණීම් සහ සංරක්ෂණ කටයුතු ආරම්භ කළ අවධියේ සිටම එහි ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් යොදවා සිටි බවයි. එම නිලධාරීන් විසින් පුරාවිද්‍යා ස්ථාන, පුරාවස්තු සහ විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සලසා දුන් අතර, අනවසරයෙන් ඇතුළු වී හානි කිරීමට උත්සාහ කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කළ බව එහි සඳහන් වේ.
එසේම, දැනට අදාළ භූමියේ රැඳී සිටින යුධ හමුදා හෝ සිවිල් ආරක්ෂක බලකායේ පිරිස්වලට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ නීතිමය බලයක් නොමැති වීම හේතුවෙන් මෙම පුරාවිද්‍යා හා වන සංරක්ෂණ රක්ෂිත දැඩි අවදානමකට ලක්ව ඇති බව ද පෙන්වා දී ඇත.
අදාළ ලිපිය පහළින්..
අමාත්‍යතුමා,
බුද්ධ ශාසන අමාත්‍යංශය,
කොළඹ 07.
ගරු අමාත්‍යතුමනි,
කුරුන්දි විහාරයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව යළි ලබාදෙන ලෙස ඉල්ලීම යි.
කුරුන්දි විහාර භූමියේ කැණීම් සහ සංරක්ෂණ කටයුතු ආරම්භ කළ අවධියේ පටන් වසර ගණනාවක් පුරාවට පොලිස් නිලධාරීහු මෙහි ආරක්ෂාව පිණිස රැඳී සිටියහ.
කුරුන්දි පුරාවිද්‍යා ස්ථානයේ වසර ගණනාවක් පුරාවට රැඳී සිටි පොලිස් නිලධාරීහු විශේෂයෙන් මේ අවට පුරාවිද්‍යා ස්ථාන සහ පුරාවස්තූන්ගේ ආරක්ෂාවත්, මෙම ස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාවත් පිළිබඳ කටයුතු කළහ.
එසේම පසුගිය කාලයේ පුරාවිද්‍යා රක්ෂිත භූමියට අනවසරයෙන් ඇතුල් වී, අනවසර ක්‍රියාකාරකම් සහ හානි සිදුකිරීමට ඇතැම් තැනැත්තන් උත්සාහ කළ අවස්ථාවන්හි දී ඔවුන්ව අත්අඩංගුවට ගනිමින් එම හානි සිදුකිරීම් ව්‍යර්ථ කිරීමට ද පොලිසිය කටයුතු කළේ ය. තව ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශ වෙත ඇතුළත් වී අනවසරයෙන් එයට හානි කරන අය අඩංගුවට ගැනීමට ද ඔවුහු කටයුතු කළහ.
එවන් ආරක්ෂක කාර්යයන් ඉටුකළ පොලිස් නිලධාරින් මෙම ස්ථානයෙන් ඉවත් කිරීම සහ දැනට රැඳී සිටින යුධ හමුදා හෝ සිවිල් ආරක්ෂක බලකායේ පිරිස්වලට එසේ අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට බලයක් නැති වීම තුළ මේ අවට ඇති පුරාවස්තූන්, පුරාවිද්‍යා රක්ෂිතය මෙන්ම වන සංරක්ෂණ රක්ෂිතය ද දැඩි අවදානමකට ලක්වේ. විටින් විට මෙම ස්ථානයට විවිධ අන්තවාදී කණ්ඩායම් උද්ඝෝෂණ ආදිය සඳහා පැමිණිය ද ඔවුන් සමඟ කතා කිරීමට සහ වැළකීමට සිවිල් ආරක්ෂක බලය ඇත්තේ පොලිස් නිලධාරීන්ට පමණකි.
එබැවින් මෙම කරුණු සලකා බලා ඉවත් කරන ලද පොලිස් ආරක්ෂාව නැවතත් ලබාදෙන මෙන් කාරුණික ව ඔබතුමා වෙත සිහිපත් කර සිටිමි.
ඔබතුමා ඇතුළු සියලු දෙනාට තෙරුවන්ගේ ආශීර්වාදය, නිරෝගී සුවපතභාවය, චිර ජීවනය සැලසේවා!
මෙයට,
සසුන් ලැදි,
(අත්සන)
පූජ්‍යපාද ගල්ගමුවේ සන්තබෝධි නායක ස්ථවිර
පිටපත්
1. පූජ්‍ය මහා ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව
2. ගරු මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා
3. ගරු පොලිස්පතිතුමා
4. ගරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා (උතුරු පළාත)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..