News Category
From Date
To Date
Maximum Number of Result

කුරුන්දි විහාරයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන්න.. – බුද්ධශාසන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

Aug 30, 2026 at 04:46 PM
|

මුලතිව් කුරුන්දි රාජමහා විහාරස්ථානය සහ ඒ අවට පුරාවිද්‍යා හා වන සංරක්ෂණ රක්ෂිත භූමියෙන් ඉවත් කර ඇති පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් කුරුන්දි රජ මහා විහාරයේ විහාරාධිපති, උතුරු පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සාන්තබෝධි හිමියන් විසින්  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.

අදාළ ලිපිය මගින් පෙන්වා දෙන්නේ කුරුන්දි විහාර භූමියේ කැණීම් සහ සංරක්ෂණ කටයුතු ආරම්භ කළ අවධියේ සිටම එහි ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් යොදවා සිටි බවයි. එම නිලධාරීන් විසින් පුරාවිද්‍යා ස්ථාන, පුරාවස්තු සහ විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සලසා දුන් අතර, අනවසරයෙන් ඇතුළු වී හානි කිරීමට උත්සාහ කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කළ බව එහි සඳහන් වේ.

එසේම, දැනට අදාළ භූමියේ රැඳී සිටින යුධ හමුදා හෝ සිවිල් ආරක්ෂක බලකායේ පිරිස්වලට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ නීතිමය බලයක් නොමැති වීම හේතුවෙන් මෙම පුරාවිද්‍යා හා වන සංරක්ෂණ රක්ෂිත දැඩි අවදානමකට ලක්ව ඇති බව ද පෙන්වා දී ඇත.

අදාළ ලිපිය පහළින්..

අමාත්‍යතුමා,

බුද්ධ ශාසන අමාත්‍යංශය,

කොළඹ 07.

ගරු අමාත්‍යතුමනි,

කුරුන්දි විහාරයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව යළි ලබාදෙන ලෙස ඉල්ලීම යි.

කුරුන්දි විහාර භූමියේ කැණීම් සහ සංරක්ෂණ කටයුතු ආරම්භ කළ අවධියේ පටන් වසර ගණනාවක් පුරාවට පොලිස් නිලධාරීහු මෙහි ආරක්ෂාව පිණිස රැඳී සිටියහ.

කුරුන්දි පුරාවිද්‍යා ස්ථානයේ වසර ගණනාවක් පුරාවට රැඳී සිටි පොලිස් නිලධාරීහු විශේෂයෙන් මේ අවට පුරාවිද්‍යා ස්ථාන සහ පුරාවස්තූන්ගේ ආරක්ෂාවත්, මෙම ස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාවත් පිළිබඳ කටයුතු කළහ.

එසේම පසුගිය කාලයේ පුරාවිද්‍යා රක්ෂිත භූමියට අනවසරයෙන් ඇතුල් වී, අනවසර ක්‍රියාකාරකම් සහ හානි සිදුකිරීමට ඇතැම් තැනැත්තන් උත්සාහ කළ අවස්ථාවන්හි දී ඔවුන්ව අත්අඩංගුවට ගනිමින් එම හානි සිදුකිරීම් ව්‍යර්ථ කිරීමට ද පොලිසිය කටයුතු කළේ ය. තව ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශ වෙත ඇතුළත් වී අනවසරයෙන් එයට හානි කරන අය අඩංගුවට ගැනීමට ද ඔවුහු කටයුතු කළහ.

එවන් ආරක්ෂක කාර්යයන් ඉටුකළ පොලිස් නිලධාරින් මෙම ස්ථානයෙන් ඉවත් කිරීම සහ දැනට රැඳී සිටින යුධ හමුදා හෝ සිවිල් ආරක්ෂක බලකායේ පිරිස්වලට එසේ අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට බලයක් නැති වීම තුළ මේ අවට ඇති පුරාවස්තූන්, පුරාවිද්‍යා රක්ෂිතය මෙන්ම වන සංරක්ෂණ රක්ෂිතය ද දැඩි අවදානමකට ලක්වේ. විටින් විට මෙම ස්ථානයට විවිධ අන්තවාදී කණ්ඩායම් උද්ඝෝෂණ ආදිය සඳහා පැමිණිය ද ඔවුන් සමඟ කතා කිරීමට සහ වැළකීමට සිවිල් ආරක්ෂක බලය ඇත්තේ පොලිස් නිලධාරීන්ට පමණකි.

එබැවින් මෙම කරුණු සලකා බලා ඉවත් කරන ලද පොලිස් ආරක්ෂාව නැවතත් ලබාදෙන මෙන් කාරුණික ව ඔබතුමා වෙත සිහිපත් කර සිටිමි.

ඔබතුමා ඇතුළු සියලු දෙනාට තෙරුවන්ගේ ආශීර්වාදය, නිරෝගී සුවපතභාවය, චිර ජීවනය සැලසේවා!

මෙයට,

සසුන් ලැදි,

(අත්සන)

පූජ්‍යපාද ගල්ගමුවේ සන්තබෝධි නායක ස්ථවිර

පිටපත්

1. පූජ්‍ය මහා ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව

2. ගරු මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා

3. ගරු පොලිස්පතිතුමා

4. ගරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා (උතුරු පළාත)

සම්බන්ධිත පුවත් | Related News

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන කිහිපයක සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට ප්‍රථමයෙන් ඒ සඳහා මහජන අනුමැතිය ලබා ගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්ය බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගයේ විධායක සභික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
ඉරානයට එරෙහිව එක්සත් ජනපදය දියත් කිරීමට සැරසෙන ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික "උපරිම පීඩන" ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමට නියමිත බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දේශපාලන විද්‍යාඥ, මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් පෙන්වා දෙයි.
එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් ශ්‍රී ලංකාවට සිදු වූ පාරිසරික හා ආර්ථික හානිය වෙනුවෙන් හිමිවිය යුතුව තිබූ රුපියල් කෝටි 34,000ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4) වන්දි මුදල රටට අහිමි වීමේ ක්‍රියාවලිය පිටුපස ඇති තොරතුරු සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතා අදහස් දක්වා තිබේ.
පසුගිය වසර පහක (2020 - 2024) කාල සීමාව තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ කාර්යාලය, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර හා නිල ඇඳුම් වෙනුවෙන් රුපියල් 89,40,13,863ක (කෝටි 89කට අධික) මුදලක් වැයකර ඇති බව ජාතික විගණන කාර්යාලයේ විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හෙට (31) දිනට සති දෙකක් සපිරේ.
වෛද්‍ය කාණ්ඩ අතර අනවශ්‍ය ගැටුම් නිර්මාණය කරමින්, මෙරට නිදහස් සෞඛ්‍ය පද්ධතිය දේශපාලන වුවමනාවන් මත අගාධයට ඇද දැමීමට රජය දරන උත්සාහයට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අනතුරු අඟවයි.
ඉරාන වරායන්ට පැමිණෙන නෞකා අවහිර කරමින් ඇමෙරිකානු හමුදාව හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති බාධකය හේතුවෙන් ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20 ක් පමණ ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපය ආසන්නයේ නැංගුරම් ලා සිටින බව ටෑන්ක්ට්‍රැකර්ස වෙබ් අඩවිය සිදුකළ ජාත්‍යන්තර නාවික බුද්ධි තොරතුරු විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත.
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගෙන ඇති ස්ථාවරයට සහ එමගින් ගනු ලබන නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග සඳහා සිය පූර්ණ සහයෝගය පළ කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

ප්‍රධාන පුවත්

පෙට්‍රල් පමණක් මිල පහළට.. සෙසු ඉන්ධන මිලෙහි වෙනසක් නෑ..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන කිහිපයක සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

22 වැනි සංශෝධනයට එරෙහිව ලාල් විජේනායක ශ්‍රේෂ්ඨාධිකරණයට.. – ජනමත විචාරණයක් ඉල්ලයි

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට ප්‍රථමයෙන් ඒ සඳහා මහජන අනුමැතිය ලබා ගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්ය බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගයේ විධායක සභික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

කුරුන්දි විහාරයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන්න.. – බුද්ධශාසන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

මුලතිව් කුරුන්දි රාජමහා විහාරස්ථානය සහ ඒ අවට පුරාවිද්‍යා හා වන සංරක්ෂණ රක්ෂිත භූමියෙන් ඉවත් කර ඇති පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් කුරුන්දි රජ මහා විහාරයේ විහාරාධිපති, උතුරු පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සාන්තබෝධි හිමියන් විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.

එක්සත් ජනපදයේ ‘උපරිම පීඩන’ ප්‍රතිපත්තිය අසාර්ථක වන ලකුණු.. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් ගෝලීය බලතුලනය ගැන අනතුරු අඟවයි

ඉරානයට එරෙහිව එක්සත් ජනපදය දියත් කිරීමට සැරසෙන ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික "උපරිම පීඩන" ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමට නියමිත බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දේශපාලන විද්‍යාඥ, මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් පෙන්වා දෙයි.

එක්ස්ප්‍රස් පර්ල් කෝටි 34000ක වංගුවට අනුර - සූරසේනට වැඩ වරදින්නේ මෙහෙමයි.. - නාගානන්ද කොඩිතුවක්කුගෙන් විශේෂ අනාවරණයක්

එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් ශ්‍රී ලංකාවට සිදු වූ පාරිසරික හා ආර්ථික හානිය වෙනුවෙන් හිමිවිය යුතුව තිබූ රුපියල් කෝටි 34,000ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4) වන්දි මුදල රටට අහිමි වීමේ ක්‍රියාවලිය පිටුපස ඇති තොරතුරු සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතා අදහස් දක්වා තිබේ.

පාර්ලිමේන්තුවේ ඇත්තන් කෝටි 89ක කාලා, ඇඳලා..

පසුගිය වසර පහක (2020 - 2024) කාල සීමාව තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ කාර්යාලය, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර හා නිල ඇඳුම් වෙනුවෙන් රුපියල් 89,40,13,863ක (කෝටි 89කට අධික) මුදලක් වැයකර ඇති බව ජාතික විගණන කාර්යාලයේ විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

22 ට පක්ෂව, විපක්ෂව පෙත්සම් 27ක්..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හෙට (31) දිනට සති දෙකක් සපිරේ.

වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් නිර්මාණය කරමින්, සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට ඇද දැමීමට රජය උත්සාහය දරනවා..- GMOA විරෝධය

වෛද්‍ය කාණ්ඩ අතර අනවශ්‍ය ගැටුම් නිර්මාණය කරමින්, මෙරට නිදහස් සෞඛ්‍ය පද්ධතිය දේශපාලන වුවමනාවන් මත අගාධයට ඇද දැමීමට රජය දරන උත්සාහයට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අනතුරු අඟවයි.

ඉරාන නැව් 20ක් ආරක්ෂාව පතා ලංකාව ආසන්නයේ..

ඉරාන වරායන්ට පැමිණෙන නෞකා අවහිර කරමින් ඇමෙරිකානු හමුදාව හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති බාධකය හේතුවෙන් ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20 ක් පමණ ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපය ආසන්නයේ නැංගුරම් ලා සිටින බව ටෑන්ක්ට්‍රැකර්ස වෙබ් අඩවිය සිදුකළ ජාත්‍යන්තර නාවික බුද්ධි තොරතුරු විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත.

22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන් පූර්ණ සහාය දෙයි..

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගෙන ඇති ස්ථාවරයට සහ එමගින් ගනු ලබන නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග සඳහා සිය පූර්ණ සහයෝගය පළ කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවී නෑ.. කැනඩා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඓතිහාසික තීන්දුවක්..

වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ දැඩි පීඩනයකට ලක්වූයේ “දෙමළ ජන සංහාරයක්” සිදුකළ බවට එල්ල වූ අසත්‍ය චෝදනා හේතුවෙනි. එල්.ටී.ටී.ඊ හිතවාදී ඩයස්පෝරාව විසින් ලොව පුරා ගෙන ගිය මෙම බොරු ප්‍රචාරණයට එරෙහිව කැනඩාවේ අධිකරණයකින් ශ්‍රී ලංකාවට දැවැන්ත මෙන්ම ඓතිහාසික නීතිමය ජයග්‍රහණයක් හිමිවී තිබේ.

සියලු අන්තවාදී ජාලවල ප්‍රධානීන් ඉන්නේ NPP එකත් එක්ක.. ඒක කියන්න බය වෙන්න ඕනද අපි.. - ඤාණසාර හිමි

සියලු අන්තවාදී ජාලවල ප්‍රධානීන් ජාතික ජන බලවේගය (NPP) සමග සිටින බවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ප්‍රකාශ කරති.

කොටස් වෙළඳපළේ කෝටි 18 ක රහස් ගනුදෙනුව: නීතිය නැමුණේ කාටද?

කොළඹ කොටස් වෙළඳපළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම මූල්‍ය සමථය ලෙස රුපියල් මිලියන 188.1 ක (කෝටි 18 කට අධික) දැවැන්ත මුදලක් ගෙවා සිද්ධියක් සමථයකට පත් කරගැනීමත් සමඟ, මෙරට ප්‍රාග්ධන වෙළඳපළේ විනිවිදභාවය සහ වගවීම පිළිබඳව බරපතළ සංවාදයක් නිර්මාණය වී තිබේ.

නේපාලයේ නායයාමෙන් පසු අතුරුදහන් වූ 558 දෙනා සෙවීමේ මෙහෙයුම් වේගවත් කෙරේ.. නායයාමෙන් චීනයේ ටිබෙට් කලාපයටත් බලපෑම්...

ජීවිත බේරාගැනීමේ උපකරණ, නිරීක්ෂණ ඩ්‍රෝන යානා, සන්නිවේදන කට්ටල සහ බර යන්ත්‍රෝපකරණ සහිත සහන කණ්ඩායම් ආපදාවට ලක්වූ ගයිරොන්ග් (Gyirong) වරාය දෙසට විවිධ දිශාවලින් පැමිණෙමින් තිබේ. උස් භූමි ප්‍රදේශ සඳහා විශේෂිත Mi-171 හෙලිකොප්ටර් යානයක් ආපදා ප්‍රදේශයට ළඟා වී ඇති අතර, ඉහළින් ඇති අවදානම් තත්ත්වයන් පරීක්ෂා කිරීම සඳහා විශේෂ ඉංජිනේරු කණ්ඩායම් portable සන්නිවේදන පද්ධති, ඩ්‍රෝන යානා සහ 3D ලේසර් ස්කෑනර් සහිතව ක්‍රියාත්මක වේ. මේත් සමගම සමගම තවත් සහන සේවකයින්, ගුවන් යානා සහ උපකරණ ආපදා ස්ථානය වෙත ළඟා වෙමින් පවතී.

22 සංශෝධනයේ ප්‍රතිලාභ ලබන පළමු ප්‍රතිලාභියා අගවිනිසුරුයි..- ශ්‍රී ලංකා නීතිඥ සංගමය

රජය විසින් ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත් වුවහොත්, එහි ප්‍රතිලාභ ලබන පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

එක්සත් රාජධානියේ හමුදා ස්ථාන රුසියාවේ ඉලක්ක බවට පත්විය හැකියි.. – මොස්කව්

එක්සත් රාජධානිය විසින් සපයන ලද ආයුධ භාවිත කරමින් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන්, යුක්‍රේනයේ සහ ඊට පිටත පිහිටි බ්‍රිතාන්‍ය හමුදා පහසුකම් වෙත රුසියාව පහර දීමට ඉඩ ඇති බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාරියා සකාරෝවා (Maria Zakharova) අනතුරු අඟවා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.