News Category
From Date
To Date
Maximum Number of Result

Xizang ස්වයං පාලන කලාපයේ ආපදාවෙන් මියගිය චීන ජාතිකයන් වෙනුවෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ශෝකය.. අන්තර් දේශසීමා ආපදා රාමුවක අවශ්‍යතාව පෙන්වා දෙයි..

Aug 31, 2026 at 03:46 PM
|

චීනයේ Xizang  ස්වයං පාලන කලාපයේ නේපාල–චීන දේශසීමා ආසන්නයේ මෑතකදී සිදුවූ දරුණු ස්වභාවික ආපදාවෙන් ජීවිත අහිමි වූ සහ අතුරුදන් වූ චීන ජාතිකයන් සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සිය බලවත් සංවේගය පළ කර සිටියි. 

එම සංවිධානයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා  වෙත යොමු කළ ලිපියක් මඟින් සඳහන් කරන්නේ, මෙවැනි විපතකදී පවා නේපාලයේ සහන මෙහෙයුම් සඳහා චීනය දැක්වූ මානුෂීය සහයෝගය අගය කරන බවයි.

චීනය සහ දකුණු ආසියාව යා කරන ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් වන ගිරිඔං (Gyirong) වරායට එල්ල වූ බලපෑම පෙන්වා දෙන එම සංවිධානය, හිමාලයානු කලාපයේ පරිසර පද්ධතීන් දේශපාලන දේශසීමා නොහඳුනන බැවින් අන්තර් දේශසීමා ආපදා කළමනාකරණය සහ පූර්ව අනතුරු ඇඟවීම් සඳහා කලාපීය නීතිමය රාමුවක් සකස් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කරයි. 

එමෙන්ම, මෙවැනි ස්වභාවික විපත් දේශපාලනීකරණය කරමින් අසත්‍ය ප්‍රචාර පැතිරවීම හෙළා දකින බවත්, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ ලිපිය පහළින්..

2026 අගෝස්තු 31

ගරු තානාපතිතුමා,

අතිගරු Wei Huaxiang මහතා,

චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය,

බෞද්ධාලෝක මාවත,

කොළඹ 07.

Xizang ස්වයං පාලන කලාපයේ සිදුවූ ස්වභාවික ආපදාව සම්බන්ධයෙන් සංවේගය පළ කිරීම සහ අන්තර් දේශසීමා ආපදා කළමනාකරණය පිළිබඳ අපගේ අදහස්

ගරු තානාපතිතුමනි,

Xizang ස්වයං පාලන කලාපයේ මෑතකදී සිදුවූ දරුණු ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමි වූ සහ අතුරුදන් වූ චීන ජනතාව සම්බන්ධයෙන් අපගේ බලවත් සංවේගය පළ කිරීම සඳහා මෙම ලිපිය යොමු කරමු.

චීන බලධාරීන් විසින් අගෝස්තු 30 දින පස්වරු 6.00 වන විට නිකුත් කර තිබූ තොරතුරුවලට අනුව, අගෝස්තු 26 දින නේපාල–චීන දේශසීමා ප්‍රදේශයේ සිදුවූ මෙම දරුණු ස්වභාවික ආපදාව හේතුවෙන් චීන ජාතිකයන් 16 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 546 දෙනෙකු අතුරුදන්ව සිටින බව වාර්තා වී තිබුණි.

මෙම ඛේදජනක සිදුවීම හේතුවෙන් ජීවිත අහිමි වූ සහ අතුරුදන් වූ චීන ජාතිකයන්ගේ පවුල්වල සාමාජිකයන් වෙතත්, ඔවුන්ගේ ඥාතීන් සහ සමස්ත චීන ජනතාව වෙතත් අපගේ සාතිශය කණගාටුව පළ කර සිටිමු.

මෙම ස්වභාවික විපතෙන් චීන ජනතාවට සිදුවූ හානියට වඩා නේපාල ජනතාවට සිදුවූ හානිය වඩාත් පුළුල් වූ බව අපගේ අවධානයට ලක්ව ඇත. එවැනි අතිශය දුෂ්කර අවස්ථාවකදී පවා චීන බලධාරීන් සහ චීන ජනතාව නේපාලයේ විපතට පත් ජනතාව බේරා ගැනීම සඳහා ලබා දුන් සහයෝගය, චීන ජනතාව සතු මානවවාදී සහ සහෝදරත්වයේ ගුණාංග මනාව පිළිබිඹු කරන බව අපි විශ්වාස කරමු.

එමෙන්ම, මෙම ව්‍යසනකාරී අවස්ථාවේදී ඉන්දීය පාර්ශ්වය සමඟද සහයෝගයෙන් ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා චීන රජය ලබා දුන් සහයෝගයද අපි අගය කරමු. ස්වභාවික ආපදා ජාති, දේශපාලන සීමා හෝ රාජ්‍ය සීමා නොසලකා සියලු ජනතාවට බලපාන බැවින්, එවැනි අවස්ථාවල ජාත්‍යන්තර සහ කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම අපි විශේෂයෙන් අවධාරණය කරමු.

ගිරිඔං වරාය: දකුණු ආසියාවටම වැදගත් සම්බන්ධතා මධ්‍යස්ථානයක්

මෙම අවස්ථාවේදී ගිරිඔං වරාය (Gyirong Port) වෙත සිදුවූ හානිය සම්බන්ධයෙන්ද අපගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

ගිරිඔං වරාය නේපාලයට පමණක් නොව, චීනය හා සමස්ත දකුණු ආසියානු කලාපය අතර වෙළෙඳ හා ප්‍රවාහන සම්බන්ධතාවන් සඳහාද වැදගත් උපායමාර්ගික මධ්‍යස්ථානයක් බව අපගේ අවබෝධයයි.

ඉතිහාසය සලකා බැලීමේදී, ගිරිඔං වරාය විවෘත කිරීමට 1961 දී අනුමැතිය ලැබී ඇති අතර, 1972 දී එය දෙවන පන්තියේ භූමි දේශසීමා වරායක් (Land Port) බවට පත්වී තිබේ. 1987 දී එය ජාතික පළමු පන්තියේ භූමි දේශසීමා වරායක් ලෙස උසස් කර ඇති අතර, 2017 දී ජාත්‍යන්තර වරායක් ලෙස නම් කිරීමත් සමඟ එහි භූමිකාව තවදුරටත් පුළුල් වී තිබේ.

එමඟින් චීනය සහ නේපාලය අතර පමණක් නොව, තෙවන රටවල පුරවැසියන්ටද මෙම වරාය හරහා ගමන් කිරීමේ අවස්ථාව ලැබී තිබේ.

ඒ අනුව ගිරිඔං වරාය හුදෙක් දේශසීමා වෙළෙඳ මධ්‍යස්ථානයක් නොව, චීනය දකුණු ආසියාව සමඟ සම්බන්ධ කරන වැදගත් උපායමාර්ගික භූමි සම්බන්ධතා මාර්ගයකි.

චීන–නේපාල වෙළෙඳාමේ වැදගත්කම

ගිරිඔං වරාය හරහා සිදුවන චීන–නේපාල වෙළෙඳාම සම්බන්ධයෙන්ද සැලකිය යුතු වර්ධනයක් පසුගිය කාලය තුළ දැකගත හැකිය.

චීන රේගු දත්ත අනුව, 2024 දී ගිරිඔං වරාය හරහා සිදුවූ ආනයන හා අපනයන වටිනාකම යුවාන් බිලියන 4.25ක් පමණ වූ අතර, එය Xizang ස්වයං පාලන කලාපයේ දේශසීමා වරායන් අතර ඉහළම අගයක් බව වාර්තා වී ඇත. එම වෙළෙඳ වටිනාකම චීන–නේපාල සමස්ත වෙළෙඳ පරිමාවේ සියයට 30කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කළ බවද සඳහන් වේ.

එමෙන්ම 2026 පළමු කාර්තුවේදී Xizang ස්වයං පාලන කලාපය සහ නේපාලය අතර සමස්ත ආනයන–අපනයන වටිනාකම යුවාන් බිලියන 1.176ක් වූ අතර, එය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 33.9ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව අපගේ අවධානයට ලක්ව තිබේ.

මෙම දත්ත මඟින් ගිරිඔං වරාය යනු කුඩා දේශසීමා පිරික්සුම් මධ්‍යස්ථානයක් නොව, චීන–නේපාල ආර්ථික හා වෙළෙඳ සම්බන්ධතාවයේ ප්‍රධාන ධමනියක් බව පැහැදිලි වේ.

2015 නේපාල භූමිකම්පාවෙන් පැරණි Zhangmu/Tatopani දේශසීමා මාර්ගයට දැඩි බලපෑම් එල්ල වීමෙන් අනතුරුව ගිරිඔං මාර්ගයේ වැදගත්කම තවදුරටත් ඉහළ ගිය බවද සඳහන් කළ යුතුය.

හරස්-හිමාලයානු බහුමාන සම්බන්ධතා ජාලය සහ  තීරයක් සහ මාවතක් මුල් පිරීම 

ගිරිඔං වරාය චීන–නේපාල හරස්-හිමාලයානු බහුමාන සම්බන්ධතා ජාලය(China-Nepal Trans-Himalayan Multi-Dimensional Connectivity Network) සංකල්පය සහ චීනයේ  තීරයක් සහ මාවතක් මුල් පිරීම (Belt and Road Initiative (BRI) සමඟද සමීපව සම්බන්ධ වේ.

2017 දී චීනය සහ නේපාලය BRI රාමුව යටතේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමෙන් පසුව, දෙරට අතර භෞතික හා ආර්ථික සම්බන්ධතාව වර්ධනය කිරීමේ ක්‍රියාදාමය තවදුරටත් පුළුල් වී තිබේ.

අපගේ අදහස අනුව, මෙවැනි සම්බන්ධතා ව්‍යාපෘතිවල අවසාන අරමුණ විය යුත්තේ රටවල් අතර වෙළෙඳාම, ජනතාව අතර සම්බන්ධතා සහ ආර්ථික සංවර්ධනය වැඩිදියුණු කිරීම වන අතර, එහි ප්‍රතිලාභ දේශසීමා දෙපසම ජනතාව වෙත ළඟා විය යුතුය.

දේශසීමා ස්වභාවික ආපදා: දේශපාලන සීමා නොහඳුනන අනතුරක්

චීන බලධාරීන් විසින් නිකුත් කර ඇති නවතම තොරතුරු අනුව, බලපෑමට ලක් වූ ප්‍රදේශයේ භූ විද්‍යාත්මක හා භූගෝලීය ආපදා අවදානම් ස්ථාන 60කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර, චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය සහ ක්ෂේත්‍ර සමීක්ෂණ මත පදනම්ව ඉන් අටක් මූලික වශයෙන් ඉහළ අවදානම් සහිත ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය අපට ඉතා වැදගත් කරුණක් මතක් කර දෙයි.

දේශසීමා යනු දේශපාලන සීමාවන්ය. එහෙත් ගංගා, ග්ලැසියර, හිමකඳු සහ කඳු පද්ධති දේශසීමා හඳුනන්නේ නැත.

ඉහළ කඳුකර ප්‍රදේශයක සිදුවන ග්ලැසියර කඩා වැටීමකින් ඇතිවන අයිස්, ගල් සහ ජල ප්‍රවාහයක් ස්වභාවිකවම කඳු නිම්න ඔස්සේ පහළට ගමන් කරන අතර, එමඟින් දේශසීමා දෙපසම ජනතාවට බලපෑම් එල්ල විය හැකිය.

එබැවින් මෙවැනි ආපදා අන්තර් දේශසීමා ආපදා (transboundary disasters) ලෙස සලකා ඒවා පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්, තොරතුරු හුවමාරුව සහ ඒකාබද්ධ ගලවා ගැනීමේ ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව අපගේ අදහසයි.

අසත්‍ය තොරතුරු සහ වගකීම් විරහිත ප්‍රචාර

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපගේ අවධානයට ලක්ව ඇති තවත් කරුණක් වන්නේ, ඇතැම් මාධ්‍ය හා විවිධ පාර්ශ්ව විසින් චීන බලධාරීන් මෙම ස්වභාවික ආපදා පිළිබඳ තොරතුරු කල්තියා දැන සිටි බවත්, එම තොරතුරු නේපාල පාර්ශ්වයට ප්‍රමාණවත් වේලාවකට පෙර ලබා නොදුන් බවත් සඳහන් කරමින් විවිධ ප්‍රකාශ සහ වැඩසටහන් ඉදිරිපත් කිරීමයි.

ස්වභාවික ආපදාවක් දේශපාලනික අරමුණු සඳහා භාවිත කිරීම හෝ ප්‍රමාණවත් සාක්ෂි නොමැති චෝදනා හරහා රටවල් අතර අවිශ්වාසය වර්ධනය කිරීම, ආපදා අවස්ථාවකදී අවශ්‍ය වන කලාපීය සහයෝගීතාවයට හානි කළ හැකි බව අපි විශ්වාස කරමු.

නව කලාපීය නීති හා සහයෝගීතා යාන්ත්‍රණයක අවශ්‍යතාව

ඒ අනුව, අන්තර් දේශසීමා තුළ සිදුවිය හැකි ස්වභාවික ආපදා කළමනාකරණය, පූර්ව අනතුරු ඇඟවීම, අවදානම් හඳුනාගැනීම සහ විද්‍යාත්මක අධ්‍යයනය සම්බන්ධයෙන් කලාපීය මට්ටමේ වඩාත් ශක්තිමත් නීතිමය හා ආයතනික රාමුවක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බව අපගේ හැඟීමයි.

විශේෂයෙන්ම “ලෝකයේ පියස්ස” ලෙස හැඳින්වෙන හිමාලයානු කලාපයේ පාරිසරික හා භූ විද්‍යාත්මක ස්ථාවරත්වය, චීනය, නේපාලය, ඉන්දියාව ඇතුළු සමස්ත ආසියානු කලාපයේ ජනතාවගේ ජීවිත හා ආර්ථික පැවැත්ම සමඟ සමීපව බැඳී පවතී.

එබැවින් එම ප්‍රදේශයේ ආපදා අවදානම් අධ්‍යයනය සහ කළමනාකරණය කිසිදු රටක තනි වගකීමක් ලෙස නොව, කලාපීය සහ ජාත්‍යන්තර සහයෝගීතාව අවශ්‍ය වන පොදු මානව වගකීමක් ලෙස අපි සලකමු.

මානව සුභසාධනයට එරෙහි ඕනෑම උත්සාහයකට එරෙහිව

වර්තමාන ලෝකයේ බල අරගල සහ භූදේශපාලනික තරගකාරීත්වය මධ්‍යයේ, සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික හා යටිතල සම්බන්ධතා ව්‍යාපෘති පිළිබඳව විවිධ දේශපාලන අර්ථකථන ඉදිරිපත් වීම අපට දැකගත හැකිය.

Belt and Road Initiative වැනි ව්‍යාපෘති හරහා රටවල් අතර වෙළෙඳාම, යටිතල පහසුකම් සහ ජනතාව අතර සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ උත්සාහයන්ට ස්වභාවික ආපදා හෝ එම ආපදා වටා ගොඩනැගෙන අසත්‍ය හා නොමඟ යවන තොරතුරු හේතුවෙන් අනවශ්‍ය බාධා ඇති නොවිය යුතු බව අපි අවධාරණය කරමු.

ලෝකයේ කිසියම් ප්‍රදේශයක ජනතාවගේ ජීවිත සහ සුභසාධනය අඩාල කරන ඕනෑම ස්වභාවික හෝ මිනිසා විසින් නිර්මාණය කරන ලද අභියෝගයකට එරෙහිව ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම අපගේ පොදු වගකීමකි.

එමෙන්ම, මානව සුභසාධනය සහ රටවල් අතර සාමකාමී සහයෝගීතාවයට හානි කිරීමට උත්සාහ කරන ඕනෑම ක්‍රියාමාර්ගයකට එරෙහිව, චීනය සමඟ දිගුකාලීන මිත්‍රත්වයක් සහ සහයෝගීතාවක් පවත්වාගෙන යන ශ්‍රී ලාංකිකයන් ලෙස අපගේ සහයෝගය හා සහෝදරත්වය තවදුරටත් පළ කර සිටිමු.

චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ චීන ජනතාව සහ චීන රජය සමඟ ශ්‍රී ලංකාව අතර පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය තවදුරටත් ශක්තිමත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

මෙම දුෂ්කර අවස්ථාවේදී චීන ජනතාව සමඟ අපගේ සහෝදරත්වය සහ සංවේගය යළිත් වරක් පළ කරන අතර, විපතට පත් සියලු දෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට අපගේ හෘදයාංගම කණගාටුව පළ කර සිටිමු.

ස්තුතියි.

මෙයට විශ්වාසී,

වෛද්‍ය වසන්ත බණ්ඩාර

මහ ලේකම්

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය




සම්බන්ධිත පුවත් | Related News

කිසිදු භාණ්ඩයක් මෙරටට නොගෙන්වා, ව්‍යාජ ආනයන ගෙවීම් ලෙස අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස රටින් බැහැරට යවා ඇති බවට ශ්‍රී ලංකා රජය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළ බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.
ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් නැවතත් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
සෞදි අරාබියේ දමාම් සහ රියාද් දක්වා ක්‍රියාත්මක සියලු ගුවන්ගමන් අත්හිටුවීම නොවැම්බර් පළමු වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේමැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට සිර දඬුවම් නියම වීමෙන් පසුව පූජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් යළි නොවැම්බර් 18 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (22) නියම කළේය.
උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.
පවතින වැසි අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් මට්ටමට පැමිණ තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැටි රුවක් සකසා මහසෝන් යක්ෂයා ආරූඪ කරමින් සහ හිස සත්කඩකට පැළී මියයන ලෙස ශාප කරමින් සිදුකරන මන්ත්‍ර හා යාතුකර්ම පිටුපස ඇත්තේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ සෘජු කුමන්ත්‍රණකාරී චේතනාවක් බවත්, ඒ පිළිබඳව ආරක්ෂක අංශ වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ‘ජන බලය සාමූහිකය’ සංවිධානය අවධාරණය කරයි.
අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.