22 වැනි සංශෝධනයට එරෙහිව ලාල් විජේනායක ශ්‍රේෂ්ඨාධිකරණයට.. – ජනමත විචාරණයක් ඉල්ලයි
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට ප්‍රථමයෙන් ඒ සඳහා මහජන අනුමැතිය ලබා ගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්ය බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගයේ විධායක සභික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වීම හුදෙක් ආණ්ඩුව සහ විපක්ෂය අතර පවතින සාමාන්‍ය දේශපාලන බල පොරයක් ලෙස හුවා දැක්වීම ජනතාව නොමඟ යැවීමක් බවයි. අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම සහ දීර්ඝකාලීන අරගලයකින් ජනතාව දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මතු පරම්පරාව වෙනුවෙන් සුරක්ෂිත කිරීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණ බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
මීට අමතරව, ලාල් විජේනායක මහතා කැඳවුම්කාරකම් කරන ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ සංවිධානය ද වෙනම පෙත්සමක් ඉදිරිපත් කර ඇත. අදාළ සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වැනි වගන්තියට පටහැනි වන බැවින් එය සම්මත කිරීමට ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්ය බව පෙන්වා දෙන අතර, 22 වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනු කිරීමේ කාලසීමාව අදින් අවසන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පෙට්‍රල් පමණක් මිල පහළට.. සෙසු ඉන්ධන මිලෙහි වෙනසක් නෑ..
22 වැනි සංශෝධනයට එරෙහිව ලාල් විජේනායක ශ්‍රේෂ්ඨාධිකරණයට.. – ජනමත විචාරණයක් ඉල්ලයි
කුරුන්දි විහාරයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන්න.. – බුද්ධශාසන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්
එක්සත් ජනපදයේ ‘උපරිම පීඩන’ ප්‍රතිපත්තිය අසාර්ථක වන ලකුණු.. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් ගෝලීය බලතුලනය ගැන අනතුරු අඟවයි
එක්ස්ප්‍රස් පර්ල් කෝටි 34000ක වංගුවට අනුර - සූරසේනට වැඩ වරදින්නේ මෙහෙමයි.. - නාගානන්ද කොඩිතුවක්කුගෙන් විශේෂ අනාවරණයක්
පාර්ලිමේන්තුවේ ඇත්තන් කෝටි 89ක කාලා, ඇඳලා..
22 ට පක්ෂව, විපක්ෂව පෙත්සම් 27ක්..
වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් නිර්මාණය කරමින්, සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට ඇද දැමීමට රජය උත්සාහය දරනවා..- GMOA විරෝධය
ඉරාන නැව් 20ක් ආරක්ෂාව පතා ලංකාව ආසන්නයේ..
22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන් පූර්ණ සහාය දෙයි..
ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවී නෑ.. කැනඩා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඓතිහාසික තීන්දුවක්..
සියලු අන්තවාදී ජාලවල ප්‍රධානීන් ඉන්නේ NPP එකත් එක්ක.. ඒක කියන්න බය වෙන්න ඕනද අපි.. - ඤාණසාර හිමි
කොටස් වෙළඳපළේ කෝටි 18 ක රහස් ගනුදෙනුව: නීතිය නැමුණේ කාටද?
නේපාලයේ නායයාමෙන් පසු අතුරුදහන් වූ 558 දෙනා සෙවීමේ මෙහෙයුම් වේගවත් කෙරේ.. නායයාමෙන් චීනයේ ටිබෙට් කලාපයටත් බලපෑම්...
22 සංශෝධනයේ ප්‍රතිලාභ ලබන පළමු ප්‍රතිලාභියා අගවිනිසුරුයි..- ශ්‍රී ලංකා නීතිඥ සංගමය
එක්සත් රාජධානියේ හමුදා ස්ථාන රුසියාවේ ඉලක්ක බවට පත්විය හැකියි.. – මොස්කව්