News Category
From Date
To Date
Maximum Number of Result

අනුර බේරුවල දක්වා පහුබහී..

Aug 28, 2026 at 11:12 AM
|

ශ්‍රී ලංකාව කියන්නේ සිංහල බෞද්ධ බහුතරයක් වෙනස රටක්. දෙමල සහ මුස්ලිම් ජනතාව සැලකිය යුතු පිරිසකුත් බර්ගර් සහ මැලේ සුළුතරයකුත් ජීවත් වෙනවා.අපේ රටේ පැවති ඓයිතිහාසික සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය පදනම් කරගෙන බොහෝ අය ශ්‍රී ලංකාවට කියන්නේ සිංහල බෞද්ධයාගේ රට කියලයි.පහුගිය ප්‍රසිද්ධ රූපවාහිනි සංවාදයකදී හිටපු ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව හැදින්වුයේ සිංහල බෞද්ධයාගේ රට කියලයි.

ඒ වගේම එජාප මන්ත්‍රී රවී කරුණානායකත් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් විදිහට හදුන්වා දුන්නා.සිංහල බෞද්ධ නොවන මධ්‍යස්ථ මතධාරීන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ අනන්‍යතාවය පිලිගන්න මැලි වෙන්නේ නෑ.මේ දක්වා අපේ රට පාලනය කරපු පාලකයන් සිංහල බෞද්ධ අනන්‍යතාවයට ගරු කළා.බුද්ධාගමට ප්‍රමුඛතාවය දීමට පනවාලා තියන ව්‍යවස්ථාවමය නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කළා.සිංහල බෞද්ධ අනන්‍යතාවය කියන්නේ මේ රටේ 69.9% උන බහුතර ජනතාවගේ පෞරුෂයයි.

ඒ වගේම පෞරුෂයක් දෙමල හින්දු අයෙකුටත් තියනවා, මුසලමානුවෙකුටත් තියනවා,සිංහල කතෝලිකයෙකුටත් තියනවා.මේ හැම ජන කොටසකගේ අපේක්ෂාව තමන්ගේ අනන්‍යතාවයන් ආරක්ෂා කරගෙන මේ රටේ යහතින් ජීවත් වෙන්න.එක තමයි මේ ජනවර්ග කීපයටම අයීති,ආගම් කීපයටම අයිති පුරවැසියන්ගේ වගවීම.හැබැයි මේ වගවීම බිඳුණු හැම අවස්ථාවේදීම ඒක කෙලවර උනේ මහ විනාශයකින්.දෙමල සමාජයේ හිටිය අන්තවාදීන් කොටි ත්‍රස්‌තයන් වෙනම දෙමල ඊළමක් වෙනුවෙන් සටන් කළා. 

අවුරුදු තිහක කුරිරු යුද්ධය ඇතුලේ මහා විශාල විනාශයක් සිද්ධවුනා.අපේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවෝ මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළා.තවත් විශාල පිරිසක් ආබාධිත තත්වයට පත්වුනා.ඒ වගේම කොටි ත්‍රස්‌තවාදීන් සමූලඝාතනය වුනා,විශාල පිරිසක් ආබාධිත වුනා.ඒ අයත් අපේ රටේ මිනිස්සු.අපට දෙමල ජනතාවත් එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ.දෙමල ජනතාව සහ අපි අතර වෙනසක් අපට නෑ.

සුද්දා යටත් විජිත පාලනය කරන්න අනුගමනය කළේ බෙදා වෙන්කිරීමේ ප්‍රතිපත්තියයි.ජාතිකත්වය මත බෙදුවා,ආගම මත බෙදුවා.

සුද්දා කොච්චර අපේ රටේ ජනතාව බෙදුවාද කියනවා නං උඩ රට සහ පහත රට කියලා සිංහල ජනතාවත් බෙදුවා.මේ බෙදීම ඇතුලේ වෙන්වීමේ සංකල්පය දෙමල සහ මුස්ලිම් සමාජයට තදින් කාවැදිලා තිබුණ.ඇත්තටම යුද්ධයෙන් පස්සේ දෙමල සහ සිංහල සමාජය අතර වඩා හොඳ සන්නිවේදනයක් ගොඩ නැගුනා.

රටේ රාළ යාපනයේ දෙමල ජනතාව එක්ක මාස කිපයක් ජීවත්වුනා.ඒ ජීවත්වුන මාස කිපය ඇතුලේ දෙමල ඡනතාව ඇතුලේ ඉන්න සංවේදී මිනිසා හදුනාගන්න රටේ රාළට පුළුවන් වුනා.යාපනයේ ඉඳන් රටේ රාළ ඒ සියල්ල ලිව්වා." යාපනයේ දෙමළුන් අතර සිට " කියලා රටේ රාළ ලියපු එක ලිපියක් සිංහල සහ දෙමල ජනතාව අතර අතිශයන් ජනප්‍රිය වුනා.

ලක්ෂ්මන් කදිරගාමර් වගේ නායකයන්ට ගරු කරන්න සිංහල සමාජය කිසිසේත්ම දෙපාරක් හිතුවේ නෑ.ජාතිවාදීන්ට, ආගම්වාදීන්ට කප්පම්,දොලපිදේනි දෙන එක අපේ රටේ පාලකයෝ අද ඊයේ කරපු දෙයක් නෙවෙයි.අපේ රට පාලනය කරපු බොහෝ නායකයන් ඒක කළා.ඒක කළේ බලය වෙනුවෙන්.දැන් ජාතිවාදීන්ට,බෙදුම්වාදීන්ට,ආගම්වාදීන්ට කප්පම්දීමේ පිකාසෝ බවට පත්වෙලා තියෙන්නේ වත්මන් ජනාධිපති අනුර දිසානායක. 

එකට හේතු කීපයක් තියනවා.එකක් තමයි අනුර ජවිපෙ ඇතුලේ ඉන්දැද්දී පවා දැරුවේ සුළු ජාතික ජාතිවාදය ප්‍රගතිශීලී කියන මතය.අනුර ජාතිකවාදය සහ ජාතිවාදය සම්පුර්ණයෙන්ම පටන්ගත්ත කෙනෙක්.එයා ජවිපෙ ඇතුලේ කවදාවත් ශ්‍රී ලංකා රාජ්‍ය වෙනුවෙන් පෙනී හිටපූ කෙනෙක් නෙවෙයි.යුද්ධය පවතින කාලයේදී අනුර තමයි අපේ හමුදාව සාමාන්‍ය දෙමල ජනතාව ඉන්න ප්‍රදේශවලට බර අවිවලින් පහර දෙනවා කියලා ඉස්සෙල්ලම කිව්වේ.අනුර එදත් නියෝජනය කලේ බෙදුම්වාදයේ පැත්ත.

අනුර කළේ ජවිපෙ ඇතුලේ ජාතිකවාදී මතවාදය දරපු නායකයන් එලවලා බෙදුම්වාදී මතවාදීන්ගේ ජවිපෙයක් හදාගත්ත එකයි. ඊළඟට අනුරට මේ මහ පොලොවත් එක් ගැට ගැහුන ආදරණීය සම්බන්ධයක් නෑ.අනුරගෙන් උඩ ඉතිහාසයක් අනුරට නෑ. ඇත්තටම අනුර බලයට ගෙනාවේ ඔයාලගේ ඡන්දයෙන් උනාට ඒක බෙදුම්වාදීන්ගේ න්‍යාය පත්‍රයේ කොටසක්.ඒක කළේ කොටි ඩයස්පෝරාවේ සල්ලිවලින්.මාලිමාව කොච්චර බෙදුවාදයට පක්ෂද කියනවා නම් ගිය පලාත් පාලන මැතිවරණයේදී මාලිමාව උතූරේ ජනතාවට පොරෙන්දු උනේ ප්‍රභාකරන්ගේ පිලිම හදන්න.

ප්‍රභාකරන්ගේ අම්මගේ නමින් ජැටි නම් කරන්න.මාලිමාව ප්‍රභාකරන් උතුරේදී හදුන්වලා දුන්නේ ජාතික නායකයා කියලා. අර්චුනා කිව්ව විදිහට යාපනේ ජනතාව අනුරට හදුනාගෙන තියෙන්නේ සිංහල ප්‍රභාකරන් විදිහට.ඔයාලට මතක ඇති පහුගිය දවසක අනුර කිව්වා ලබන අවුරුද්දේ ශ්‍රී ලංකා පොලීසියට නිළධාරීන් දහදාහක් බදවා ගන්නවා එයාලට අලුත් නිල ඇඳුමකුත් දෙනවා කියලා.මේ යන විදිහට ඒ නිල ඇඳුම කොටි පොලීසියේ නිල ඇඳුම උනත් රටේ රාළ නං පුදුම වෙන්නේ නෑ.

මතකනේ කොටි පොලීසියේ නිල ඇඳුම.ලා නිල්පාට කමිසය සහ තද නිල්පාට කලිසම.මේ දවස්වල වේගයෙන්ම උතුරේ හමුදා අත්පත් කරගත්ත ඉඩම් ඉල්ලමින් සටනක් තියනවා.දැන් බෙදුම්වාදීන් ඉඩම් ඉල්ලලා ජනතාව පාරට ගන්නවා.රටේ රාළ කියන්නේ උතුරු ජනතාවට ඉඩම් දෙන්න ඕනි.හැබැයි ජාතික ආරක්ෂාව උදෙසා ස්ථාපිත කරපු හමුදා කදවුරු ගලවන්න බෑ.ඒ වෙනුවට විකල්ප ඉඩම් දෙන්න.දැන් අනුර හිතනවා කොටි ඩයස්‌පෝරාව හරහා උතුරේ ඡන්ද පදනමට ලොකු බලපෑමක් කරන්න පුළුවන් කියලා.

අනුර උතුරේ සහ නැගෙනහිර දෙමල ඡන්ද එකතු කිරීම කොටි ඩයස්‌පෝරාවත් එක්ක කරනවා.අනුරගේ ටාගට් එක ඒ හරහා දෙමල ඡන්දවල බහුතරය ගන්න.ඒ වගේම දැන් අනුර මුස්ලිම් ඡන්ද පදනමේ බහුතරය ගන්න සටනට බැහැලා.අනුර තනිකරම දැන් ඉන්නේ නානට ඇඳලා.ඔයාලා හොඳට බලන්න අනුර මුස්ලිම් අන්තවාදය දෙන කප්පම් ටික.මුස්ලිම් තරුණියන් පහුගිය දවසක සෞඛ්‍ය සභායක නිල ඇඳුම පැත්තක් දාලා එයාලගේ ආගමික ඇඳුමක් ඇන්දා.අද සමහර ඕන්ලයින් ටැක්ස් ගහන්නේ කාගේ උවමනාවටද?

අනුර අඩුම ගානේ සිංහල අලුත් අවුරුද්දට තමන්ගේ නෝනා එක්ක ඇවිත් අලුත් අවුරුදු නැකතට එක පහනක් පත්තු කළේ නෑ. අනුර මහ නායක හාමුදුරුවරුන් 22ක කරන්න එපා කියලා එවපු ලිපිය කුණු කූණයට දැම්මා,දාලා ඊයේ කිරි කොකා වගේ ඇඳගෙන මහ නායක හාමුදුරුවෝ හම්බවෙන්න ගියා.සිංහල අවුරුදු උත්සවය ඇලජීක් අනුර මිලාද් උන් නබි උත්සවයට සහභාගී වුනා. සහභාගීවෙලා අනුර කරපු කතාවෙන් මහ නායක හාමුදුරුවන්ට සද්දෙකුත් දැම්මා.අනුර කිව්වේ කුඩා,කුඩා විරෝධතා ගණන් ගන්නේ නෑ 22 අනිවාර්යෙන්ම කරනවා කියලයි.

එතකොට 22 කරන්න එපා කියලා මහ නායක හිමිවරු යවපු ලිපිය අයිති වෙන්නේ අනුර කියන කුඩා කුඩා විරෝධතාවලට වෙන්න ඕනි.අනුර දැන් මුස්ලිම් අන්තවාදීන්ගේ සරණ ගිය සුරතලෙක් වෙලා.මතක තියාගන්න පාස්කු ප්‍රහාරය එල්ලවෙනකොටත් අනුර,ඊබ්‍රාහිම්ලා සහ මරාගෙන මැරුණු ඊබ්‍රාහිමිගේ දරුවන් හොඳ යාළුවෝ.අදත් අනුර ඉන්නේ ඒ වහබ්වාදය තුරුලේ.අනුර මේ පාර කැම්පේන් එක පටන් ගන්නේ බේරුවලින්.රටේ රාළ කියන මේ කතාව ජවිපෙ ඉහල සංවිධායකයන්ට තේරෙනවා.

මහින්දලා එයාලගේ කැම්පේන් පටන් ගන්නේ අනුරාධපුරයෙන්, එජාප ගොඩක් වෙලාවට නුවරින් නැත්තං ගාල්ලෙන්.ඒ වගේ ජවිපෙත් විශේෂ සටන් පටන් ගත්තේ දකුණේදී.මාතරින්,නැත්තං හම්බන්තොටින්.ඒ ජවිපෙට වැඩිම පදනම තිබුන තැන්වලින්. කොළඹ නම් එක්කෝ හෝමාගම,නැත්තං කැස්බෑව,ඒත් නැත්තං කඩුවෙල.කොළඹ ජවිපෙට වැඩි පදනම තිබුණ තැන්වලින්. රටෙන්ම සෙනග ඇදලා කරනවා නම් කොළඹ හයිඩ් පිටිය, නැත්තං ලිප්ටන්,ගෝල්ෆේස්.කළුතර කරනවා නම් පානදුර. 

රත්නපුර කරනවා නම් ඇඹිලිපිටිය.ඒවා තමයි ජවිපෙට වැඩිය ඡන්ද පදනම් තියපු තැන්.ඒ හැම තැනකම අති බහුතරය සිංහල බෞද්ධ ඡන්ද.හැබැයි දැන් අනුර සිංහල බෞද්ධ පදනමට පයින් ගහලා.අනුර මුස්ලිම් පදනමට පහුබහිමින් ඉන්නවා.අපේ රටේ ජනකොටසක් උන මුස්ලිම් ජනතාව අතට ජනාධිපතිවරයා යන එක හොඳයි.හැබැයි ඒක නරක් වෙන්නේ අනුර මේ යන්නේ මුස්ලිම් සමාජයේ ඡන්ද කට්ටියට විදින්න.ඒ වෙනුවෙන් වරදාන, වරප්‍රසාද,දොලපිදේනි දෙන්න.ඒක කරන්න නං සිංහල බෞද්ධ මහ සංස්කෘතියට ගහන්න ඕනි.

ඒකට මේ රටේ තිබුණ මහා පුරුෂාර්ථ විනාශ කරන්න ඕනි.සුළු ජාතික ජාතිවාදයට අනුරගේ මේ ගැතිකම ඇතුලේ තමයි සහරාන්ලට රැකවරණය හම්බවුනේ.බෝම්බ ප්‍රහාරය එල්ල කරන වෙලාවෙත් ඊබ්‍රාහිම් ඇතුළු සමස්ථ පවුලම ජවිපෙ ආධාරකාරයෝ.අද ජවිපෙට රාජ්‍ය බලය ලැබිලා.මාලිමාව ඊළඟට යන්න plan කරන්නේ ජනාධිපතිවරණයකට.ඒකට අනුර දැන්ම ඉඳන්ම ජාතිවාදී සහ ආගම්වාදී පදනමෙන් ඡන්ද හොයනවා.

අනුරගේ මේ ඡන්ද මේනියාව ඇතුලේ වහබ්වාදය අතු ඉති දාලා වේගයෙන් වර්ධනය වෙනවා.ඇත්තටම දැන් අපේ රටේ ඒකීයභාවය තියෙන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පින් සිද්ධ වෙන්න.22ක සම්මත කලොත් ඒ බලාපොරොත්තුවත් ඉවරයි.දැන් උතුරේ ඊළමට අවශ්‍ය මතවාදය හැදිලා ඉවරයි.ඒ වගේම බෙදීමක් මුස්ලිම් පදනම් තියන තැන්වල නිර්මාණ වෙමින් තියනවා. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියනවා.අනුර සිංහලයාට කැවුම් කවන්නේ බෙදුම්වාදී විෂ තවරලා.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ..

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ජපානය චීනයත් එක්ක සම්බන්ධකම් යහපත් කරගන්න උත්සාහ කරමින් ඉන්නා බව කියන ප්‍රවෘත්ති වාර්තා ඉස්සරහට ඇවිල්ලා. මේක මහ අමුතු වැඩක් වගේ පෙනුනත්, ඉතිහාසය දිහා හොඳින් බැලුවාම මේක “ස්වභාවික ආපහු යෑමක්” (natural reversal) කියලා තේරුම්ගන්න පුළුවන්.
ඇමරිකාව විසුරුවා හැරීම දැන් දැන් සිදුවෙමින් පවතී.
විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා 2026 පෙබරවාරි 25 දින PTA යටතේ වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගෙන, ජනාධිපතිවරයා සතු සුවිශේෂී බලතල යටතේ රඳවා තබා ඇත. මේ වන විට ජනාධිපතිවරයා විසින් රඳවා තබා ගැනීමේ නියෝග දෙකක් අත්සන් කර ඇති අතර, තෙවන නියෝගය අත්සන් කිරීමට නියමිතය.
කොළඹ කොටස් වෙළඳපළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම මූල්‍ය සමථය ලෙස රුපියල් මිලියන 188.1 ක (කෝටි 18 කට අධික) දැවැන්ත මුදලක් ගෙවා සිද්ධියක් සමථයකට පත් කරගැනීමත් සමඟ, මෙරට ප්‍රාග්ධන වෙළඳපළේ විනිවිදභාවය සහ වගවීම පිළිබඳව බරපතළ සංවාදයක් නිර්මාණය වී තිබේ.
ජාතියක අනන්‍යතාවයක් සකස් වීමේදී මුලිකව බලපාන්නේ ආගම. ආගමින් තමයි සංස්කෘතික පද්දතිය , සාරධර්ම පද්දතිය , Social etiquette නිර්මාණය වෙන්නේ. Sometimes not directly , but through filtered top down process . රටක් debase කරන්න තියෙන පහසුම , ඉක්මන්ම සහ සාර්ථකම ක්‍රමය තමයි ඒ රටේ ආගම debase කිරීම.
එම බැඳුම්කර සඳහා BB+ ශ්‍රේණිගත කිරීමක් හිමිව තිබුණි. පසුව ඒවා කඩාවැටුණි. වසර දහහතරකට පසුව, දැන් මතුව ඇති ප්‍රශ්නය වන්නේ අජිත් නිවාඩ් කබ්රාල් "දූෂණයක්" සිදු කළාද, නැතහොත් එය නරක අතට හැරුණු ආයෝජන තීරණයක් පමණක්ද යන්නයි."
"එම බැඳුම්කර සඳහා BB+ ශ්‍රේණිගත කිරීමක් හිමිව තිබුණි. පසුව ඒවා කඩාවැටුණි. වසර දහහතරකට පසුව, දැන් මතුව ඇති ප්‍රශ්නය වන්නේ අජිත් නිවාඩ් කබ්රාල් දූෂණයක් සිදු කළාද, නැතහොත් එය නරක අතට හැරුණු ආයෝජන තීරණයක් පමණක්ද යන්නයි."
අගෝස්තු 24 වැනිදා යුක්රේනය සිය 35 වැනි නිදහස් සංවත්සරය සමරන විට, සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු එරට මුහුණ දෙන වඩාත්ම අවදානම්කාරී අවස්ථාවකට ළඟා වී තිබේ.
ජෙනරල් සුරේෂ් සලේගේ රිට් පෙත්සමට අදාළව ගොනු වූ අතරමැදි පෙත්සම්කාර පාර්ශවයන් ලෙස ඉකුත් අගෝස්තු 4 සහ 6 යන දිනවල අභියාචනාධිකරණයේ ඉදිරිපත් කල අතිශය දීර්ග කරුණු දැක්වීම් වලින් අනතුරුව හෙට, එනම් අගෝස්තු 25 වන දින නීතිපති දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීමට නියමිත අතර, එය මේ සමස්ත නඩුකරයේම අතිශය තීරණාත්මක සංධිස්ථානයක් වීමට හැකියාව තිබෙනු ඇත.

ප්‍රධාන පුවත්

ඉරාන නැව් 20ක් ආරක්ෂාව පතා ලංකාව ආසන්නයේ..

ඉරාන වරායන්ට පැමිණෙන නෞකා අවහිර කරමින් ඇමෙරිකානු හමුදාව හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති බාධකය හේතුවෙන් ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20 ක් පමණ ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපය ආසන්නයේ නැංගුරම් ලා සිටින බව ටෑන්ක්ට්‍රැකර්ස වෙබ් අඩවිය සිදුකළ ජාත්‍යන්තර නාවික බුද්ධි තොරතුරු විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත.

22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන් පූර්ණ සහාය දෙයි..

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගෙන ඇති ස්ථාවරයට සහ එමගින් ගනු ලබන නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග සඳහා සිය පූර්ණ සහයෝගය පළ කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවී නෑ.. කැනඩා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඓතිහාසික තීන්දුවක්..

වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ දැඩි පීඩනයකට ලක්වූයේ “දෙමළ ජන සංහාරයක්” සිදුකළ බවට එල්ල වූ අසත්‍ය චෝදනා හේතුවෙනි. එල්.ටී.ටී.ඊ හිතවාදී ඩයස්පෝරාව විසින් ලොව පුරා ගෙන ගිය මෙම බොරු ප්‍රචාරණයට එරෙහිව කැනඩාවේ අධිකරණයකින් ශ්‍රී ලංකාවට දැවැන්ත මෙන්ම ඓතිහාසික නීතිමය ජයග්‍රහණයක් හිමිවී තිබේ.

සියලු අන්තවාදී ජාලවල ප්‍රධානීන් ඉන්නේ NPP එකත් එක්ක.. ඒක කියන්න බය වෙන්න ඕනද අපි.. - ඤාණසාර හිමි

සියලු අන්තවාදී ජාලවල ප්‍රධානීන් ජාතික ජන බලවේගය (NPP) සමග සිටින බවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ප්‍රකාශ කරති.

කොටස් වෙළඳපළේ කෝටි 18 ක රහස් ගනුදෙනුව: නීතිය නැමුණේ කාටද?

කොළඹ කොටස් වෙළඳපළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම මූල්‍ය සමථය ලෙස රුපියල් මිලියන 188.1 ක (කෝටි 18 කට අධික) දැවැන්ත මුදලක් ගෙවා සිද්ධියක් සමථයකට පත් කරගැනීමත් සමඟ, මෙරට ප්‍රාග්ධන වෙළඳපළේ විනිවිදභාවය සහ වගවීම පිළිබඳව බරපතළ සංවාදයක් නිර්මාණය වී තිබේ.

නේපාලයේ නායයාමෙන් පසු අතුරුදහන් වූ 558 දෙනා සෙවීමේ මෙහෙයුම් වේගවත් කෙරේ.. නායයාමෙන් චීනයේ ටිබෙට් කලාපයටත් බලපෑම්...

ජීවිත බේරාගැනීමේ උපකරණ, නිරීක්ෂණ ඩ්‍රෝන යානා, සන්නිවේදන කට්ටල සහ බර යන්ත්‍රෝපකරණ සහිත සහන කණ්ඩායම් ආපදාවට ලක්වූ ගයිරොන්ග් (Gyirong) වරාය දෙසට විවිධ දිශාවලින් පැමිණෙමින් තිබේ. උස් භූමි ප්‍රදේශ සඳහා විශේෂිත Mi-171 හෙලිකොප්ටර් යානයක් ආපදා ප්‍රදේශයට ළඟා වී ඇති අතර, ඉහළින් ඇති අවදානම් තත්ත්වයන් පරීක්ෂා කිරීම සඳහා විශේෂ ඉංජිනේරු කණ්ඩායම් portable සන්නිවේදන පද්ධති, ඩ්‍රෝන යානා සහ 3D ලේසර් ස්කෑනර් සහිතව ක්‍රියාත්මක වේ. මේත් සමගම සමගම තවත් සහන සේවකයින්, ගුවන් යානා සහ උපකරණ ආපදා ස්ථානය වෙත ළඟා වෙමින් පවතී.

22 සංශෝධනයේ ප්‍රතිලාභ ලබන පළමු ප්‍රතිලාභියා අගවිනිසුරුයි..- ශ්‍රී ලංකා නීතිඥ සංගමය

රජය විසින් ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත් වුවහොත්, එහි ප්‍රතිලාභ ලබන පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

එක්සත් රාජධානියේ හමුදා ස්ථාන රුසියාවේ ඉලක්ක බවට පත්විය හැකියි.. – මොස්කව්

එක්සත් රාජධානිය විසින් සපයන ලද ආයුධ භාවිත කරමින් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන්, යුක්‍රේනයේ සහ ඊට පිටත පිහිටි බ්‍රිතාන්‍ය හමුදා පහසුකම් වෙත රුසියාව පහර දීමට ඉඩ ඇති බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාරියා සකාරෝවා (Maria Zakharova) අනතුරු අඟවා තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක ජවිපෙ ඓතිහාසික කාර්යභාරයට පිටුපෑවා.. - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය

ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සුරේශ් සලේ මහතාව තවදුරටත් ත්‍රස්ථවාදය වලැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට නියෝග නොකරන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායකට යවනලද හා මාධ්‍යට නිකුත්කරනලද නිවේදනයක් අප වෙත ලැබී ඇත.

ඉන්දියාව සහ චීනය දේශසීමා ගැටලුවට දේශපාලන විසඳුමක් සෙවීම තවදුරටත් ඉදිරියට ගෙන යාමට එකඟ වෙති

ඉන්දියාව සහ චීනය අතර දේශසීමා ආරවුලට දේශපාලන විසඳුමක් සෙවීම සඳහා තවදුරටත් කටයුතු කිරීමට දෙරට එකඟ වී ඇතැයි වාර්තාවේ.

නේපාලයේ ගමක් හදිසි ගංවතුරකට යටවෙයි..

ටිබෙට්-නේපාල දේශසීමා අතර 50,000 ක පිරිසක් සිටින ගම්මානයක සිදුවූ හදිසි නායයෑමකින් සහ ගංවතුරකින් දැනට අට දෙනෙකු මියගොස් ඇති බව නේපාල මාධ්‍ය වාර්තා කරයි.

අසාත් මවුලානගේ ප්‍රකාශය සටහන් කරගන්න ශානි අබේසේකර ප්‍රංශ තානාපති කාර්යාලයට ගිහින් නැහැ.. තානාපතිවරයා වෙනුවෙන් ගත්ත නිවසේදී ප්‍රකාශය සටහන් කරගෙන තියෙන්නේ.. - නීතිඥ සංජීව වීරවික්‍රම

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගේ රැඳවුම් නියෝගය දීර්ඝ කරවීමේ අරමුණෙන් විමර්ශකයින් ඇතුළු පාර්ශ්ව අසත්‍ය කරුණු ඉදිරිපත්කර ඇතැයි දේශප්‍රේමි ජාතික ව්‍යාපාරය පවසයි.

ජනාධිපතිවරයා ජෙනරල් සුරේෂ් සලේට නැවත දින 90ක රැඳවුම් නියෝග නිකුත් කිරීම මගින් රහස් පොලිස් ප්‍රධානියාගේ දුප්පත්කම රටට ප්‍රදර්ශනය කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ජෙනරල් සුරේෂ් සලේ මහත.ා දින 90 බැගින් මාස 6ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ජනිධිපතිවරයා විසින් නිකුත් කළ රඳවා ගැනීමේ නියෝගය නැවත දින 90ක් දීර්ඝ කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

22 සංශෝධනයේ පළමු ප්‍රතිලාභියා අගවිනිසුරු.. – ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය සම්මත වුවහොත් එහි පළමු ප්‍රතිලාභියා බවට පත්වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බව ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.