News Category
From Date
To Date
Maximum Number of Result

අනුර බේරුවල දක්වා පහුබහී..

Aug 28, 2026 at 11:12 AM
|

ශ්‍රී ලංකාව කියන්නේ සිංහල බෞද්ධ බහුතරයක් වෙනස රටක්. දෙමල සහ මුස්ලිම් ජනතාව සැලකිය යුතු පිරිසකුත් බර්ගර් සහ මැලේ සුළුතරයකුත් ජීවත් වෙනවා.අපේ රටේ පැවති ඓයිතිහාසික සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය පදනම් කරගෙන බොහෝ අය ශ්‍රී ලංකාවට කියන්නේ සිංහල බෞද්ධයාගේ රට කියලයි.පහුගිය ප්‍රසිද්ධ රූපවාහිනි සංවාදයකදී හිටපු ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව හැදින්වුයේ සිංහල බෞද්ධයාගේ රට කියලයි.

ඒ වගේම එජාප මන්ත්‍රී රවී කරුණානායකත් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් විදිහට හදුන්වා දුන්නා.සිංහල බෞද්ධ නොවන මධ්‍යස්ථ මතධාරීන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ අනන්‍යතාවය පිලිගන්න මැලි වෙන්නේ නෑ.මේ දක්වා අපේ රට පාලනය කරපු පාලකයන් සිංහල බෞද්ධ අනන්‍යතාවයට ගරු කළා.බුද්ධාගමට ප්‍රමුඛතාවය දීමට පනවාලා තියන ව්‍යවස්ථාවමය නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කළා.සිංහල බෞද්ධ අනන්‍යතාවය කියන්නේ මේ රටේ 69.9% උන බහුතර ජනතාවගේ පෞරුෂයයි.

ඒ වගේම පෞරුෂයක් දෙමල හින්දු අයෙකුටත් තියනවා, මුසලමානුවෙකුටත් තියනවා,සිංහල කතෝලිකයෙකුටත් තියනවා.මේ හැම ජන කොටසකගේ අපේක්ෂාව තමන්ගේ අනන්‍යතාවයන් ආරක්ෂා කරගෙන මේ රටේ යහතින් ජීවත් වෙන්න.එක තමයි මේ ජනවර්ග කීපයටම අයීති,ආගම් කීපයටම අයිති පුරවැසියන්ගේ වගවීම.හැබැයි මේ වගවීම බිඳුණු හැම අවස්ථාවේදීම ඒක කෙලවර උනේ මහ විනාශයකින්.දෙමල සමාජයේ හිටිය අන්තවාදීන් කොටි ත්‍රස්‌තයන් වෙනම දෙමල ඊළමක් වෙනුවෙන් සටන් කළා. 

අවුරුදු තිහක කුරිරු යුද්ධය ඇතුලේ මහා විශාල විනාශයක් සිද්ධවුනා.අපේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවෝ මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළා.තවත් විශාල පිරිසක් ආබාධිත තත්වයට පත්වුනා.ඒ වගේම කොටි ත්‍රස්‌තවාදීන් සමූලඝාතනය වුනා,විශාල පිරිසක් ආබාධිත වුනා.ඒ අයත් අපේ රටේ මිනිස්සු.අපට දෙමල ජනතාවත් එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ.දෙමල ජනතාව සහ අපි අතර වෙනසක් අපට නෑ.

සුද්දා යටත් විජිත පාලනය කරන්න අනුගමනය කළේ බෙදා වෙන්කිරීමේ ප්‍රතිපත්තියයි.ජාතිකත්වය මත බෙදුවා,ආගම මත බෙදුවා.

සුද්දා කොච්චර අපේ රටේ ජනතාව බෙදුවාද කියනවා නං උඩ රට සහ පහත රට කියලා සිංහල ජනතාවත් බෙදුවා.මේ බෙදීම ඇතුලේ වෙන්වීමේ සංකල්පය දෙමල සහ මුස්ලිම් සමාජයට තදින් කාවැදිලා තිබුණ.ඇත්තටම යුද්ධයෙන් පස්සේ දෙමල සහ සිංහල සමාජය අතර වඩා හොඳ සන්නිවේදනයක් ගොඩ නැගුනා.

රටේ රාළ යාපනයේ දෙමල ජනතාව එක්ක මාස කිපයක් ජීවත්වුනා.ඒ ජීවත්වුන මාස කිපය ඇතුලේ දෙමල ඡනතාව ඇතුලේ ඉන්න සංවේදී මිනිසා හදුනාගන්න රටේ රාළට පුළුවන් වුනා.යාපනයේ ඉඳන් රටේ රාළ ඒ සියල්ල ලිව්වා." යාපනයේ දෙමළුන් අතර සිට " කියලා රටේ රාළ ලියපු එක ලිපියක් සිංහල සහ දෙමල ජනතාව අතර අතිශයන් ජනප්‍රිය වුනා.

ලක්ෂ්මන් කදිරගාමර් වගේ නායකයන්ට ගරු කරන්න සිංහල සමාජය කිසිසේත්ම දෙපාරක් හිතුවේ නෑ.ජාතිවාදීන්ට, ආගම්වාදීන්ට කප්පම්,දොලපිදේනි දෙන එක අපේ රටේ පාලකයෝ අද ඊයේ කරපු දෙයක් නෙවෙයි.අපේ රට පාලනය කරපු බොහෝ නායකයන් ඒක කළා.ඒක කළේ බලය වෙනුවෙන්.දැන් ජාතිවාදීන්ට,බෙදුම්වාදීන්ට,ආගම්වාදීන්ට කප්පම්දීමේ පිකාසෝ බවට පත්වෙලා තියෙන්නේ වත්මන් ජනාධිපති අනුර දිසානායක. 

එකට හේතු කීපයක් තියනවා.එකක් තමයි අනුර ජවිපෙ ඇතුලේ ඉන්දැද්දී පවා දැරුවේ සුළු ජාතික ජාතිවාදය ප්‍රගතිශීලී කියන මතය.අනුර ජාතිකවාදය සහ ජාතිවාදය සම්පුර්ණයෙන්ම පටන්ගත්ත කෙනෙක්.එයා ජවිපෙ ඇතුලේ කවදාවත් ශ්‍රී ලංකා රාජ්‍ය වෙනුවෙන් පෙනී හිටපූ කෙනෙක් නෙවෙයි.යුද්ධය පවතින කාලයේදී අනුර තමයි අපේ හමුදාව සාමාන්‍ය දෙමල ජනතාව ඉන්න ප්‍රදේශවලට බර අවිවලින් පහර දෙනවා කියලා ඉස්සෙල්ලම කිව්වේ.අනුර එදත් නියෝජනය කලේ බෙදුම්වාදයේ පැත්ත.

අනුර කළේ ජවිපෙ ඇතුලේ ජාතිකවාදී මතවාදය දරපු නායකයන් එලවලා බෙදුම්වාදී මතවාදීන්ගේ ජවිපෙයක් හදාගත්ත එකයි. ඊළඟට අනුරට මේ මහ පොලොවත් එක් ගැට ගැහුන ආදරණීය සම්බන්ධයක් නෑ.අනුරගෙන් උඩ ඉතිහාසයක් අනුරට නෑ. ඇත්තටම අනුර බලයට ගෙනාවේ ඔයාලගේ ඡන්දයෙන් උනාට ඒක බෙදුම්වාදීන්ගේ න්‍යාය පත්‍රයේ කොටසක්.ඒක කළේ කොටි ඩයස්පෝරාවේ සල්ලිවලින්.මාලිමාව කොච්චර බෙදුවාදයට පක්ෂද කියනවා නම් ගිය පලාත් පාලන මැතිවරණයේදී මාලිමාව උතූරේ ජනතාවට පොරෙන්දු උනේ ප්‍රභාකරන්ගේ පිලිම හදන්න.

ප්‍රභාකරන්ගේ අම්මගේ නමින් ජැටි නම් කරන්න.මාලිමාව ප්‍රභාකරන් උතුරේදී හදුන්වලා දුන්නේ ජාතික නායකයා කියලා. අර්චුනා කිව්ව විදිහට යාපනේ ජනතාව අනුරට හදුනාගෙන තියෙන්නේ සිංහල ප්‍රභාකරන් විදිහට.ඔයාලට මතක ඇති පහුගිය දවසක අනුර කිව්වා ලබන අවුරුද්දේ ශ්‍රී ලංකා පොලීසියට නිළධාරීන් දහදාහක් බදවා ගන්නවා එයාලට අලුත් නිල ඇඳුමකුත් දෙනවා කියලා.මේ යන විදිහට ඒ නිල ඇඳුම කොටි පොලීසියේ නිල ඇඳුම උනත් රටේ රාළ නං පුදුම වෙන්නේ නෑ.

මතකනේ කොටි පොලීසියේ නිල ඇඳුම.ලා නිල්පාට කමිසය සහ තද නිල්පාට කලිසම.මේ දවස්වල වේගයෙන්ම උතුරේ හමුදා අත්පත් කරගත්ත ඉඩම් ඉල්ලමින් සටනක් තියනවා.දැන් බෙදුම්වාදීන් ඉඩම් ඉල්ලලා ජනතාව පාරට ගන්නවා.රටේ රාළ කියන්නේ උතුරු ජනතාවට ඉඩම් දෙන්න ඕනි.හැබැයි ජාතික ආරක්ෂාව උදෙසා ස්ථාපිත කරපු හමුදා කදවුරු ගලවන්න බෑ.ඒ වෙනුවට විකල්ප ඉඩම් දෙන්න.දැන් අනුර හිතනවා කොටි ඩයස්‌පෝරාව හරහා උතුරේ ඡන්ද පදනමට ලොකු බලපෑමක් කරන්න පුළුවන් කියලා.

අනුර උතුරේ සහ නැගෙනහිර දෙමල ඡන්ද එකතු කිරීම කොටි ඩයස්‌පෝරාවත් එක්ක කරනවා.අනුරගේ ටාගට් එක ඒ හරහා දෙමල ඡන්දවල බහුතරය ගන්න.ඒ වගේම දැන් අනුර මුස්ලිම් ඡන්ද පදනමේ බහුතරය ගන්න සටනට බැහැලා.අනුර තනිකරම දැන් ඉන්නේ නානට ඇඳලා.ඔයාලා හොඳට බලන්න අනුර මුස්ලිම් අන්තවාදය දෙන කප්පම් ටික.මුස්ලිම් තරුණියන් පහුගිය දවසක සෞඛ්‍ය සභායක නිල ඇඳුම පැත්තක් දාලා එයාලගේ ආගමික ඇඳුමක් ඇන්දා.අද සමහර ඕන්ලයින් ටැක්ස් ගහන්නේ කාගේ උවමනාවටද?

අනුර අඩුම ගානේ සිංහල අලුත් අවුරුද්දට තමන්ගේ නෝනා එක්ක ඇවිත් අලුත් අවුරුදු නැකතට එක පහනක් පත්තු කළේ නෑ. අනුර මහ නායක හාමුදුරුවරුන් 22ක කරන්න එපා කියලා එවපු ලිපිය කුණු කූණයට දැම්මා,දාලා ඊයේ කිරි කොකා වගේ ඇඳගෙන මහ නායක හාමුදුරුවෝ හම්බවෙන්න ගියා.සිංහල අවුරුදු උත්සවය ඇලජීක් අනුර මිලාද් උන් නබි උත්සවයට සහභාගී වුනා. සහභාගීවෙලා අනුර කරපු කතාවෙන් මහ නායක හාමුදුරුවන්ට සද්දෙකුත් දැම්මා.අනුර කිව්වේ කුඩා,කුඩා විරෝධතා ගණන් ගන්නේ නෑ 22 අනිවාර්යෙන්ම කරනවා කියලයි.

එතකොට 22 කරන්න එපා කියලා මහ නායක හිමිවරු යවපු ලිපිය අයිති වෙන්නේ අනුර කියන කුඩා කුඩා විරෝධතාවලට වෙන්න ඕනි.අනුර දැන් මුස්ලිම් අන්තවාදීන්ගේ සරණ ගිය සුරතලෙක් වෙලා.මතක තියාගන්න පාස්කු ප්‍රහාරය එල්ලවෙනකොටත් අනුර,ඊබ්‍රාහිම්ලා සහ මරාගෙන මැරුණු ඊබ්‍රාහිමිගේ දරුවන් හොඳ යාළුවෝ.අදත් අනුර ඉන්නේ ඒ වහබ්වාදය තුරුලේ.අනුර මේ පාර කැම්පේන් එක පටන් ගන්නේ බේරුවලින්.රටේ රාළ කියන මේ කතාව ජවිපෙ ඉහල සංවිධායකයන්ට තේරෙනවා.

මහින්දලා එයාලගේ කැම්පේන් පටන් ගන්නේ අනුරාධපුරයෙන්, එජාප ගොඩක් වෙලාවට නුවරින් නැත්තං ගාල්ලෙන්.ඒ වගේ ජවිපෙත් විශේෂ සටන් පටන් ගත්තේ දකුණේදී.මාතරින්,නැත්තං හම්බන්තොටින්.ඒ ජවිපෙට වැඩිම පදනම තිබුන තැන්වලින්. කොළඹ නම් එක්කෝ හෝමාගම,නැත්තං කැස්බෑව,ඒත් නැත්තං කඩුවෙල.කොළඹ ජවිපෙට වැඩි පදනම තිබුණ තැන්වලින්. රටෙන්ම සෙනග ඇදලා කරනවා නම් කොළඹ හයිඩ් පිටිය, නැත්තං ලිප්ටන්,ගෝල්ෆේස්.කළුතර කරනවා නම් පානදුර. 

රත්නපුර කරනවා නම් ඇඹිලිපිටිය.ඒවා තමයි ජවිපෙට වැඩිය ඡන්ද පදනම් තියපු තැන්.ඒ හැම තැනකම අති බහුතරය සිංහල බෞද්ධ ඡන්ද.හැබැයි දැන් අනුර සිංහල බෞද්ධ පදනමට පයින් ගහලා.අනුර මුස්ලිම් පදනමට පහුබහිමින් ඉන්නවා.අපේ රටේ ජනකොටසක් උන මුස්ලිම් ජනතාව අතට ජනාධිපතිවරයා යන එක හොඳයි.හැබැයි ඒක නරක් වෙන්නේ අනුර මේ යන්නේ මුස්ලිම් සමාජයේ ඡන්ද කට්ටියට විදින්න.ඒ වෙනුවෙන් වරදාන, වරප්‍රසාද,දොලපිදේනි දෙන්න.ඒක කරන්න නං සිංහල බෞද්ධ මහ සංස්කෘතියට ගහන්න ඕනි.

ඒකට මේ රටේ තිබුණ මහා පුරුෂාර්ථ විනාශ කරන්න ඕනි.සුළු ජාතික ජාතිවාදයට අනුරගේ මේ ගැතිකම ඇතුලේ තමයි සහරාන්ලට රැකවරණය හම්බවුනේ.බෝම්බ ප්‍රහාරය එල්ල කරන වෙලාවෙත් ඊබ්‍රාහිම් ඇතුළු සමස්ථ පවුලම ජවිපෙ ආධාරකාරයෝ.අද ජවිපෙට රාජ්‍ය බලය ලැබිලා.මාලිමාව ඊළඟට යන්න plan කරන්නේ ජනාධිපතිවරණයකට.ඒකට අනුර දැන්ම ඉඳන්ම ජාතිවාදී සහ ආගම්වාදී පදනමෙන් ඡන්ද හොයනවා.

අනුරගේ මේ ඡන්ද මේනියාව ඇතුලේ වහබ්වාදය අතු ඉති දාලා වේගයෙන් වර්ධනය වෙනවා.ඇත්තටම දැන් අපේ රටේ ඒකීයභාවය තියෙන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පින් සිද්ධ වෙන්න.22ක සම්මත කලොත් ඒ බලාපොරොත්තුවත් ඉවරයි.දැන් උතුරේ ඊළමට අවශ්‍ය මතවාදය හැදිලා ඉවරයි.ඒ වගේම බෙදීමක් මුස්ලිම් පදනම් තියන තැන්වල නිර්මාණ වෙමින් තියනවා. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියනවා.අනුර සිංහලයාට කැවුම් කවන්නේ බෙදුම්වාදී විෂ තවරලා.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ..

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.