විනිසුරු විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට හානියක්ද? - ආචාර්ය නීතිඥ රාජා ගුණරත්නගෙන් විශ්ලේෂණයක්
ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණවල (ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය) විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වර්තමානයේ ඇති වී තිබෙන කතාබහ සහ යෝජනාවන් අධිකරණ ස්වාධීනත්වයට සෘජුවම බලපාන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා විසින් පුළුල් පර්යේෂණාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇත.
දේශීය මෙන්ම ජාත්‍යන්තර නීතිමය තත්ත්වයන් සහ පූර්වාදර්ශ සංසන්දනය කරමින් ඉදිරිපත් කර ඇති මෙම විශ්ලේෂණයේදී ප්‍රධාන කරුණු ගණනාවක් මතු කර තිබේ.
විනිසුරුවන්ගේ පත්වීම, ධුර කාලය, ඉවත් කිරීම සහ විශ්‍රාමික වයස යනු සරල සේවා කොන්දේසි පමණක් නොව අධිකරණ ස්වාධීනත්වය සුරකින ආයතනික ආරක්ෂාවන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස අවුරුදු 65 ක්ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස අවුරුදු 63 ක්ද වේ.
Re Inland Revenue (Amendment) Bill (2022) නඩු තීන්දුව උපුටා දක්වමින් ආචාර්ය ගුණරත්න මහතා පෙන්වා දෙන්නේ, දැනට ධුරයේ සිටින විනිසුරුවරුන්ගේ (Incumbent Judges) විශ්‍රාමික වයසට හෝ ධුර කාලයට සෘජුව හෝ වක්‍රව බලපෑමක් ඇති කරන ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් අධිකරණ ස්වාධීනත්වයට මෙන්ම 3 වන ව්‍යවස්ථාවේ සඳහන් ජනතා පරමාධිපත්‍යයට පහරදීමක් වන බැවින් ඊට ජනමත විචාරණයක් (Referendum) අවශ්‍ය වන බවයි.
විශ්‍රාමික වයස දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වූ විට, දැනට ධුරයේ සිටින විනිසුරුවරුන්ම එම පෙත්සම් විභාග කිරීම මගින් මූල්‍යමය/පෞද්ගලික බැඳියාවන් (Pecuniary Interest) සහ දෘශ්‍යමාන පක්ෂග්‍රාහීත්වය (Apparent Bias) පිළිබඳ බරපතළ ව්‍යවස්ථාමය ප්‍රශ්නයක් නිර්මාණය වන බව පෙන්වා දී ඇත.
අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් විශ්‍රාමික වයස වෙනස් කරන්නේ නම්, එම සංශෝධන ඉදිරි අනාගතයේදී පත් වන විනිසුරුවරුන්ට පමණක් අදාළ වන පරිදි (Prospective), දැනට ධුරයේ සිටින විනිසුරුවරුන්ට බලනොපාන ලෙස සහ දේශපාලන ත්‍යාග හෝ පළිගැනීම්වලින් තොරව විනිවිදභාවයකින් යුතුව සිදු කළ යුතු බව ආචාර්ය රාජා ගුණරත්න මහතා සිය ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.
අදාළ ලිපිය පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..