විනිසුරු විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට හානියක්ද? - ආචාර්ය නීතිඥ රාජා ගුණරත්නගෙන් විශ්ලේෂණයක්
ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණවල (ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය) විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වර්තමානයේ ඇති වී තිබෙන කතාබහ සහ යෝජනාවන් අධිකරණ ස්වාධීනත්වයට සෘජුවම බලපාන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා විසින් පුළුල් පර්යේෂණාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇත.
දේශීය මෙන්ම ජාත්‍යන්තර නීතිමය තත්ත්වයන් සහ පූර්වාදර්ශ සංසන්දනය කරමින් ඉදිරිපත් කර ඇති මෙම විශ්ලේෂණයේදී ප්‍රධාන කරුණු ගණනාවක් මතු කර තිබේ.
විනිසුරුවන්ගේ පත්වීම, ධුර කාලය, ඉවත් කිරීම සහ විශ්‍රාමික වයස යනු සරල සේවා කොන්දේසි පමණක් නොව අධිකරණ ස්වාධීනත්වය සුරකින ආයතනික ආරක්ෂාවන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස අවුරුදු 65 ක්ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස අවුරුදු 63 ක්ද වේ.
Re Inland Revenue (Amendment) Bill (2022) නඩු තීන්දුව උපුටා දක්වමින් ආචාර්ය ගුණරත්න මහතා පෙන්වා දෙන්නේ, දැනට ධුරයේ සිටින විනිසුරුවරුන්ගේ (Incumbent Judges) විශ්‍රාමික වයසට හෝ ධුර කාලයට සෘජුව හෝ වක්‍රව බලපෑමක් ඇති කරන ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් අධිකරණ ස්වාධීනත්වයට මෙන්ම 3 වන ව්‍යවස්ථාවේ සඳහන් ජනතා පරමාධිපත්‍යයට පහරදීමක් වන බැවින් ඊට ජනමත විචාරණයක් (Referendum) අවශ්‍ය වන බවයි.
විශ්‍රාමික වයස දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වූ විට, දැනට ධුරයේ සිටින විනිසුරුවරුන්ම එම පෙත්සම් විභාග කිරීම මගින් මූල්‍යමය/පෞද්ගලික බැඳියාවන් (Pecuniary Interest) සහ දෘශ්‍යමාන පක්ෂග්‍රාහීත්වය (Apparent Bias) පිළිබඳ බරපතළ ව්‍යවස්ථාමය ප්‍රශ්නයක් නිර්මාණය වන බව පෙන්වා දී ඇත.
අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් විශ්‍රාමික වයස වෙනස් කරන්නේ නම්, එම සංශෝධන ඉදිරි අනාගතයේදී පත් වන විනිසුරුවරුන්ට පමණක් අදාළ වන පරිදි (Prospective), දැනට ධුරයේ සිටින විනිසුරුවරුන්ට බලනොපාන ලෙස සහ දේශපාලන ත්‍යාග හෝ පළිගැනීම්වලින් තොරව විනිවිදභාවයකින් යුතුව සිදු කළ යුතු බව ආචාර්ය රාජා ගුණරත්න මහතා සිය ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.
අදාළ ලිපිය පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් සැබෑ කරුණු සඟවලා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් සියල්ල හෙළිකරයි..
22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද..
ෂී ජින්පින් ටිබෙටයේ දැවැන්ත මුදාගැනීමේ මෙහෙයුමකට නියෝග කරයි..
Xizang ස්වයං පාලන කලාපයේ ආපදාවෙන් මියගිය චීන ජාතිකයන් වෙනුවෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ශෝකය.. අන්තර් දේශසීමා ආපදා රාමුවක අවශ්‍යතාව පෙන්වා දෙයි..
22ට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට.. - විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්..
විනිසුරු විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට හානියක්ද? - ආචාර්ය නීතිඥ රාජා ගුණරත්නගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජය දී ඇති පිළිතුරු සාවද්‍යයි.. - දිනන දකුණ
ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් මින්හාඩ් ගුවන් හමුදා කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක්..
පෙට්‍රල් පමණක් මිල පහළට.. සෙසු ඉන්ධන මිලෙහි වෙනසක් නෑ..
22 වැනි සංශෝධනයට එරෙහිව ලාල් විජේනායක ශ්‍රේෂ්ඨාධිකරණයට.. – ජනමත විචාරණයක් ඉල්ලයි
කුරුන්දි විහාරයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන්න.. – බුද්ධශාසන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්
එක්සත් ජනපදයේ ‘උපරිම පීඩන’ ප්‍රතිපත්තිය අසාර්ථක වන ලකුණු.. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් ගෝලීය බලතුලනය ගැන අනතුරු අඟවයි
එක්ස්ප්‍රස් පර්ල් කෝටි 34000ක වංගුවට අනුර - සූරසේනට වැඩ වරදින්නේ මෙහෙමයි.. - නාගානන්ද කොඩිතුවක්කුගෙන් විශේෂ අනාවරණයක්
පාර්ලිමේන්තුවේ ඇත්තන් කෝටි 89ක කාලා, ඇඳලා..
22 ට පක්ෂව, විපක්ෂව පෙත්සම් 27ක්..
වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් නිර්මාණය කරමින්, සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට ඇද දැමීමට රජය උත්සාහය දරනවා..- GMOA විරෝධය