News Category
From Date
To Date
Maximum Number of Result

ජපානයටත් චීන සරණ!..

Aug 29, 2026 at 05:38 AM
|

ජපානය චීනයත් එක්ක සම්බන්ධකම් යහපත් කරගන්න උත්සාහ කරමින් ඉන්නා බව කියන ප්‍රවෘත්ති වාර්තා ඉස්සරහට ඇවිල්ලා. මේක මහ අමුතු වැඩක් වගේ පෙනුනත්, ඉතිහාසය දිහා හොඳින් බැලුවාම මේක “ස්වභාවික ආපහු යෑමක්” (natural reversal) කියලා තේරුම්ගන්න පුළුවන්.

ඉස්සර චීනය සහ ජපානය අතර ඉතාමත් හොඳ සම්බන්ධයක් තිබුණා. එක් කාලයක ජපානයේ මුදල් පවා චීනයේ නිෂ්පාදනය කරපු බව ඉතිහාසයේ සනිටුහන් වෙලා තියෙනවා. ඒ තරමට ම ම එදා මේ රටවල් දෙක අතර සංස්කෘතික සහ ආර්ථික සම්බන්ධකම් ගොඩනගාගෙන තිබුණා.

ඒත්, 1894–1895 කාලයේ ඇවිලිච්ච පළමුවැනි ජපන්-චීන යුද්ධයෙන් පස්සේ, චීනය සහ ජපානය අතර සම්බන්ධය පළුදුවුණා. 1931 දී ජපානය විසින් මංචූරියාව ආක්‍රමණය කිරීමත් එක්ක ම චීන - ජපන් සම්බන්ධය බිමට ම කඩාගෙන වැටුණා. ඉතින්, “ජපානය” කියන නම අහන්නත් අකමැති තරමේ අප්පිරියාවක් සහ තරහක් චීන ජනතාව තුළ ඇතිවුණා.

දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ, ජපානය ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරත් එක්ක එකතුවුණා. ඒ හරහා තමන්ගේ ආර්ථිකය ඉතාමත් ශක්තිමත් අන්දමින් වර්ධනය කරගන්න ජපානයට පුළුවන් වුණා. මේ ගනුදෙනුත් එක්ක, ජපානය ආසියාවේ බටහිර අධිරාජ්‍යවාදයේ සෘජු ඒජන්තයෙක් (Proxy රාජ්‍යයක්) බවට පත්වුණා.

1980 දශකයේ අග, ජපානයේ දේපොළ මිල බුබුලක් (Bubble එකක්) විදිහට පිම්බිලා 1990 ගණන් මුල් කාලේ ඒක පුපුරලා යාමත් එක්ක ජපානයේ ආර්ථිකය එක තැන පල්වෙන්න පටන්ගත්තා. මේ දිගු කාලීන පල්වීම “නැතිවෙච්ච දශක” (Lost Decades) කියලයි හැඳින්වෙන්නේ. මේක ඉතාමත් අඩු ආර්ථික වර්ධනයක්, මිල මට්ටම් පහළ වැටීමේ අවධමනකාරී (Deflation) තත්ත්වයක් සහිත කාලපරිච්ඡේදයක්. මේ කාලයේ දී, වැටුප්වල වැඩිවීමත් මන්දගාමී එකක් බවට පත්වුණා.

දැන් ලෝකයේ සංවර්ධිත රාජ්‍යයන් අතර වැඩි ම රාජ්‍ය ණය අනුපාතයට කරගහන රට බවට ජපානය පත්වෙලා. ජපානයේ රාජ්‍ය ණය ප්‍රමාණය යෙන් ට්‍රිලියන 1,342 කටත් (ආසන්න වශයෙන් ඩොලර් ට්‍රිලියන 8.6 කටත්) වඩා වැඩියි. මේ ප්‍රමාණය ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP එකෙන්) සීයට 230 – 235 ක් විතර ඇති. ඒ කියන්නේ රටේ ආර්ථිකයේ සමස්ත ප්‍රමාණය වගේ දෙගුණයකටත් වඩා වැඩි මුදලක් ජපන් ආණ්ඩුව ණයට ඇරැගෙන. පොලී අනුපාතික ඉහළ යාමත් බැඳුම්කර ප්‍රතිලාභ ඉහළ යාමත් හින්දා ජපානයේ ණය සේවා පිරිවැයත් වාර්තාගත මට්ටමකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. එළැඹෙන මුදල් වර්ෂය වෙනුවෙන්, තවත් යෙන් ට්‍රිලියන 36.6 ක් (ඩොලර් බිලියන 220 ක්) විතර හොයාගන්න ජපානයේ මුදල් අමාත්‍යාංශය සැලසුම් කරනවා.

ඉතින්, දැන් ජපානය කියන්නේ පිරිහෙමින් තිබෙන රාජ්‍යයක්. එක පැත්තකින් ආසියාවේ බටහිරට සේවය කරන ආධිපත්‍යයේ ඒජන්තයෙක් (Colonial proxy) විදිහට ජපානය වැඩ කරනවා. ඒ එක්ක ම, තවත් පැත්තකින්, ජපානය අධිරාජ්‍යවාදී බලය පුපුරුවා හරින කාල බෝම්බයක් බවටත් පත්වෙමින් ඉන්නවා. ජපානය විසින් මිල දී ඇරැගෙන තියෙන ඇමෙරිකානු භාණ්ඩාගාර බැඳුම්කර තමයි මේ බෝම්බයේ ඇණේට අත තියාගෙන ඉන්නේ.

ඇමෙරිකානු භාණ්ඩාගාර බැඳුම්කර (US Treasury bonds) වැඩිම ප්‍රමාණයක් මිල දී ඇරැගෙන තියෙන රට තමයි ජපානය. තමන්ගේ ව්‍යවහාර මුදලේ (යෙන් මුදලේ) අගය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් ජපානය ඕනෑම වෙලාවක මේ භාණ්ඩාගාර බැඳුම්කර විකුණලා දාන්න ඉඩ කියෙනවා. එහෙම දෙයක් කරපු ගමන් ම, ඇමෙරිකානු භාණ්ඩාගාර වෙළඳපොළේ විශාල බිඳවැටීමක් ඇතිවෙන එක වළක්වන්න බෑ.

කාර්මික පැත්තෙන් ජපානය අත්පත් කරගෙන හිටිය වාසිය මේ වෙද්දි චීනය විසින් අත්පත් කරගෙන ඉවරයි. ඊට අමතරව, ජපානය ඉතාමත් දරුණු විදිහට ජනගහන කඩාවැටීමක් (Demographic collapse) දක්වාත් තල්ලුවෙලා තියෙනවා.

මේ ඔක්කොම කරුණු කාරණා එකට තියලා බැලුවාම, ජපානයට දැන් ඉතුරුවෙලා තියෙන එක ම විසඳුම තමයි චීනයත් එක්ක තමන්ගේ සම්බන්ධකම් වර්ධනය කරගැනීම. ඒ සම්බන්ධතා වර්ධනය කරගැනීම මූනිච්චාවට කරලා නම් වැඩක් වෙන්නේ නෑ. අධිරාජ්‍යවාදී උණ හැදෙන්න කලින් හිටිය තත්ත්වයට ම ආපහු යන්න ජපානයට සිද්දවෙනවා. ඉස්සර වගේ ම චීනයත් එක්ක ඉතාමත් සමීප, බොක්කෙන් ම බැඳිච්ච ගනුදෙනු කිරීමක් පටන්ගන්න ජපානයට සිද්දවෙනවා. ඒ වෙනුවෙන්, ජපානයට තමන්ගේ බටහිර ඒජන්තකම අත්හරින්නත් සිද්දවෙනවා. දැන් ඉස්සරහට එන වාර්තාවලින් පැහැදිළිවෙන්නේ ජපානය දැනටමත් චීනය පැත්තට හැරෙමින් ඉන්න බවක් තමයි.

මේ කතාව ඉවර කරන්න කලින්, අපේ ශ්‍රී ලංකාවටත් අදාළ කාරණයක් කියන්න ඕනේ. අපේ අවුරුදු 2500 කට වැඩි අපේ ඉතිහාසය තුළ, මේ රටට ගුවනින් බෝම්බ ප්‍රහාර එල්ල කරපු එක ම රට තමයි ජපානය. ඒ විතරක් නෙවෙයි. 1977 අවුරුද්දෙන් පස්සේ, අපේ දේශීය කර්මාන්ත (උදාහරණයක් විදිහට, Unic රේඩියෝව ගැන හිතන්න) විනාශ කරලා, ඒ වෙනුවට තමන්ගේ නිෂ්පාදනවලට (උදාහරණයක් විදිහට, Sony වගේ නිෂ්පාදනවලට) ලංකාවේ වෙළෙඳපොළ අල්ලගන්නත් ජපානය කටයුතු කළා.

ලෝකය දැන් ආපහු තමන්ගේ ස්වභාවික තත්ත්වයට යොමුවෙමින් තියෙන බව හොඳට ම පැහැදිළියි. ඉතින් අවුරුදු 80 ක් විතර, බටහිර අධිරාජ්‍යවාදී කඳවුරේ ඉතාමත් සුවච කීකරු ඒජන්තයෙක් විදිහට කටයුතු කරපු ජපානයටත් තමන්ගේ ම ආර්ථික ලෙඩ රෝග මැද්දේ තමන් විසින් ඉතිහාසයේ පවත්වාගෙන ගිය පරණ අසල්වැසි සම්බන්ධකම (චීන සම්බන්ධකම) නැවතත් ගොඩනගාගැනීමට බල කෙරෙන වාතාවරණයක් මේ වෙද්දිත් උදාවෙලා අවසානයි.

- කසුන් කාරියවසම්

(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)


සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.