ජපානයටත් චීන සරණ!..
ජපානය චීනයත් එක්ක සම්බන්ධකම් යහපත් කරගන්න උත්සාහ කරමින් ඉන්නා බව කියන ප්‍රවෘත්ති වාර්තා ඉස්සරහට ඇවිල්ලා. මේක මහ අමුතු වැඩක් වගේ පෙනුනත්, ඉතිහාසය දිහා හොඳින් බැලුවාම මේක “ස්වභාවික ආපහු යෑමක්” (natural reversal) කියලා තේරුම්ගන්න පුළුවන්.
ඉස්සර චීනය සහ ජපානය අතර ඉතාමත් හොඳ සම්බන්ධයක් තිබුණා. එක් කාලයක ජපානයේ මුදල් පවා චීනයේ නිෂ්පාදනය කරපු බව ඉතිහාසයේ සනිටුහන් වෙලා තියෙනවා. ඒ තරමට ම ම එදා මේ රටවල් දෙක අතර සංස්කෘතික සහ ආර්ථික සම්බන්ධකම් ගොඩනගාගෙන තිබුණා.
ඒත්, 1894–1895 කාලයේ ඇවිලිච්ච පළමුවැනි ජපන්-චීන යුද්ධයෙන් පස්සේ, චීනය සහ ජපානය අතර සම්බන්ධය පළුදුවුණා. 1931 දී ජපානය විසින් මංචූරියාව ආක්‍රමණය කිරීමත් එක්ක ම චීන - ජපන් සම්බන්ධය බිමට ම කඩාගෙන වැටුණා. ඉතින්, “ජපානය” කියන නම අහන්නත් අකමැති තරමේ අප්පිරියාවක් සහ තරහක් චීන ජනතාව තුළ ඇතිවුණා.
දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ, ජපානය ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරත් එක්ක එකතුවුණා. ඒ හරහා තමන්ගේ ආර්ථිකය ඉතාමත් ශක්තිමත් අන්දමින් වර්ධනය කරගන්න ජපානයට පුළුවන් වුණා. මේ ගනුදෙනුත් එක්ක, ජපානය ආසියාවේ බටහිර අධිරාජ්‍යවාදයේ සෘජු ඒජන්තයෙක් (Proxy රාජ්‍යයක්) බවට පත්වුණා.
1980 දශකයේ අග, ජපානයේ දේපොළ මිල බුබුලක් (Bubble එකක්) විදිහට පිම්බිලා 1990 ගණන් මුල් කාලේ ඒක පුපුරලා යාමත් එක්ක ජපානයේ ආර්ථිකය එක තැන පල්වෙන්න පටන්ගත්තා. මේ දිගු කාලීන පල්වීම “නැතිවෙච්ච දශක” (Lost Decades) කියලයි හැඳින්වෙන්නේ. මේක ඉතාමත් අඩු ආර්ථික වර්ධනයක්, මිල මට්ටම් පහළ වැටීමේ අවධමනකාරී (Deflation) තත්ත්වයක් සහිත කාලපරිච්ඡේදයක්. මේ කාලයේ දී, වැටුප්වල වැඩිවීමත් මන්දගාමී එකක් බවට පත්වුණා.
දැන් ලෝකයේ සංවර්ධිත රාජ්‍යයන් අතර වැඩි ම රාජ්‍ය ණය අනුපාතයට කරගහන රට බවට ජපානය පත්වෙලා. ජපානයේ රාජ්‍ය ණය ප්‍රමාණය යෙන් ට්‍රිලියන 1,342 කටත් (ආසන්න වශයෙන් ඩොලර් ට්‍රිලියන 8.6 කටත්) වඩා වැඩියි. මේ ප්‍රමාණය ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP එකෙන්) සීයට 230 – 235 ක් විතර ඇති. ඒ කියන්නේ රටේ ආර්ථිකයේ සමස්ත ප්‍රමාණය වගේ දෙගුණයකටත් වඩා වැඩි මුදලක් ජපන් ආණ්ඩුව ණයට ඇරැගෙන. පොලී අනුපාතික ඉහළ යාමත් බැඳුම්කර ප්‍රතිලාභ ඉහළ යාමත් හින්දා ජපානයේ ණය සේවා පිරිවැයත් වාර්තාගත මට්ටමකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. එළැඹෙන මුදල් වර්ෂය වෙනුවෙන්, තවත් යෙන් ට්‍රිලියන 36.6 ක් (ඩොලර් බිලියන 220 ක්) විතර හොයාගන්න ජපානයේ මුදල් අමාත්‍යාංශය සැලසුම් කරනවා.
ඉතින්, දැන් ජපානය කියන්නේ පිරිහෙමින් තිබෙන රාජ්‍යයක්. එක පැත්තකින් ආසියාවේ බටහිරට සේවය කරන ආධිපත්‍යයේ ඒජන්තයෙක් (Colonial proxy) විදිහට ජපානය වැඩ කරනවා. ඒ එක්ක ම, තවත් පැත්තකින්, ජපානය අධිරාජ්‍යවාදී බලය පුපුරුවා හරින කාල බෝම්බයක් බවටත් පත්වෙමින් ඉන්නවා. ජපානය විසින් මිල දී ඇරැගෙන තියෙන ඇමෙරිකානු භාණ්ඩාගාර බැඳුම්කර තමයි මේ බෝම්බයේ ඇණේට අත තියාගෙන ඉන්නේ.
ඇමෙරිකානු භාණ්ඩාගාර බැඳුම්කර (US Treasury bonds) වැඩිම ප්‍රමාණයක් මිල දී ඇරැගෙන තියෙන රට තමයි ජපානය. තමන්ගේ ව්‍යවහාර මුදලේ (යෙන් මුදලේ) අගය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් ජපානය ඕනෑම වෙලාවක මේ භාණ්ඩාගාර බැඳුම්කර විකුණලා දාන්න ඉඩ කියෙනවා. එහෙම දෙයක් කරපු ගමන් ම, ඇමෙරිකානු භාණ්ඩාගාර වෙළඳපොළේ විශාල බිඳවැටීමක් ඇතිවෙන එක වළක්වන්න බෑ.
කාර්මික පැත්තෙන් ජපානය අත්පත් කරගෙන හිටිය වාසිය මේ වෙද්දි චීනය විසින් අත්පත් කරගෙන ඉවරයි. ඊට අමතරව, ජපානය ඉතාමත් දරුණු විදිහට ජනගහන කඩාවැටීමක් (Demographic collapse) දක්වාත් තල්ලුවෙලා තියෙනවා.
මේ ඔක්කොම කරුණු කාරණා එකට තියලා බැලුවාම, ජපානයට දැන් ඉතුරුවෙලා තියෙන එක ම විසඳුම තමයි චීනයත් එක්ක තමන්ගේ සම්බන්ධකම් වර්ධනය කරගැනීම. ඒ සම්බන්ධතා වර්ධනය කරගැනීම මූනිච්චාවට කරලා නම් වැඩක් වෙන්නේ නෑ. අධිරාජ්‍යවාදී උණ හැදෙන්න කලින් හිටිය තත්ත්වයට ම ආපහු යන්න ජපානයට සිද්දවෙනවා. ඉස්සර වගේ ම චීනයත් එක්ක ඉතාමත් සමීප, බොක්කෙන් ම බැඳිච්ච ගනුදෙනු කිරීමක් පටන්ගන්න ජපානයට සිද්දවෙනවා. ඒ වෙනුවෙන්, ජපානයට තමන්ගේ බටහිර ඒජන්තකම අත්හරින්නත් සිද්දවෙනවා. දැන් ඉස්සරහට එන වාර්තාවලින් පැහැදිළිවෙන්නේ ජපානය දැනටමත් චීනය පැත්තට හැරෙමින් ඉන්න බවක් තමයි.
මේ කතාව ඉවර කරන්න කලින්, අපේ ශ්‍රී ලංකාවටත් අදාළ කාරණයක් කියන්න ඕනේ. අපේ අවුරුදු 2500 කට වැඩි අපේ ඉතිහාසය තුළ, මේ රටට ගුවනින් බෝම්බ ප්‍රහාර එල්ල කරපු එක ම රට තමයි ජපානය. ඒ විතරක් නෙවෙයි. 1977 අවුරුද්දෙන් පස්සේ, අපේ දේශීය කර්මාන්ත (උදාහරණයක් විදිහට, Unic රේඩියෝව ගැන හිතන්න) විනාශ කරලා, ඒ වෙනුවට තමන්ගේ නිෂ්පාදනවලට (උදාහරණයක් විදිහට, Sony වගේ නිෂ්පාදනවලට) ලංකාවේ වෙළෙඳපොළ අල්ලගන්නත් ජපානය කටයුතු කළා.
ලෝකය දැන් ආපහු තමන්ගේ ස්වභාවික තත්ත්වයට යොමුවෙමින් තියෙන බව හොඳට ම පැහැදිළියි. ඉතින් අවුරුදු 80 ක් විතර, බටහිර අධිරාජ්‍යවාදී කඳවුරේ ඉතාමත් සුවච කීකරු ඒජන්තයෙක් විදිහට කටයුතු කරපු ජපානයටත් තමන්ගේ ම ආර්ථික ලෙඩ රෝග මැද්දේ තමන් විසින් ඉතිහාසයේ පවත්වාගෙන ගිය පරණ අසල්වැසි සම්බන්ධකම (චීන සම්බන්ධකම) නැවතත් ගොඩනගාගැනීමට බල කෙරෙන වාතාවරණයක් මේ වෙද්දිත් උදාවෙලා අවසානයි.
- කසුන් කාරියවසම්
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන නැව් 20ක් ආරක්ෂාව පතා ලංකාව ආසන්නයේ..
22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන් පූර්ණ සහාය දෙයි..
ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවී නෑ.. කැනඩා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඓතිහාසික තීන්දුවක්..
සියලු අන්තවාදී ජාලවල ප්‍රධානීන් ඉන්නේ NPP එකත් එක්ක.. ඒක කියන්න බය වෙන්න ඕනද අපි.. - ඤාණසාර හිමි
කොටස් වෙළඳපළේ කෝටි 18 ක රහස් ගනුදෙනුව: නීතිය නැමුණේ කාටද?
නේපාලයේ නායයාමෙන් පසු අතුරුදහන් වූ 558 දෙනා සෙවීමේ මෙහෙයුම් වේගවත් කෙරේ.. නායයාමෙන් චීනයේ ටිබෙට් කලාපයටත් බලපෑම්...
22 සංශෝධනයේ ප්‍රතිලාභ ලබන පළමු ප්‍රතිලාභියා අගවිනිසුරුයි..- ශ්‍රී ලංකා නීතිඥ සංගමය
එක්සත් රාජධානියේ හමුදා ස්ථාන රුසියාවේ ඉලක්ක බවට පත්විය හැකියි.. – මොස්කව්
ජනාධිපති අනුර කුමාර දිසානායක ජවිපෙ ඓතිහාසික කාර්යභාරයට පිටුපෑවා.. - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය
ඉන්දියාව සහ චීනය දේශසීමා ගැටලුවට දේශපාලන විසඳුමක් සෙවීම තවදුරටත් ඉදිරියට ගෙන යාමට එකඟ වෙති
නිකිණි පුර පසළොස්වක පොහොය අදයි..
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 500 පනී..
නේපාලයේ ගමක් හදිසි ගංවතුරකට යටවෙයි..
අසාත් මවුලානගේ ප්‍රකාශය සටහන් කරගන්න ශානි අබේසේකර ප්‍රංශ තානාපති කාර්යාලයට ගිහින් නැහැ.. තානාපතිවරයා වෙනුවෙන් ගත්ත නිවසේදී ප්‍රකාශය සටහන් කරගෙන තියෙන්නේ.. - නීතිඥ සංජීව වීරවික්‍රම
ජනාධිපතිවරයා ජෙනරල් සුරේෂ් සලේට නැවත දින 90ක රැඳවුම් නියෝග නිකුත් කිරීම මගින් රහස් පොලිස් ප්‍රධානියාගේ දුප්පත්කම රටට ප්‍රදර්ශනය කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
22 සංශෝධනයේ පළමු ප්‍රතිලාභියා අගවිනිසුරු.. – ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු