News Category
From Date
To Date
Maximum Number of Result

රටක් පිරිහෙන හේතුවක්..

Aug 27, 2026 at 07:32 AM
|

ජාතියක අනන්‍යතාවයක් සකස් වීමේදී මුලිකව බලපාන්නේ ආගම. ආගමින් තමයි සංස්කෘතික පද්දතිය , සාරධර්ම පද්දතිය , Social etiquette  නිර්මාණය වෙන්නේ.  Sometimes not directly , but through filtered top down process .  රටක් debase කරන්න තියෙන පහසුම , ඉක්මන්ම සහ සාර්ථකම ක්‍රමය තමයි ඒ රටේ ආගම debase කිරීම.  

පසුගිය දශක ගණනාව  තුල   බටහිර රටවල මිනිසුන් නිරාගමික වීම උත්කර්ෂයට නගමින් , තමන්ගේ අනන්‍යතාවය , රට  සහ සංස්කෘතිය ගොඩ නන්වපු ක්‍රිස්තියානි දහමින් ඈත් උනා. නිරාගමිකයන් වැඩි වීමත් එක්ක  රාජ්‍යය අනාගමික කළා. අධ්‍යාපනය අනාගමික කළා. එයින් පසු දරුවන් කිතු දහමින් සම්පුර්ණයෙන් ඈත් උනා. ඒ පරම්පරා සියල්ලේ බහුතරය අනාගමිකයි හෝ නාමික ක්‍රිස්තියානින්. ඔවුන්ට රට සම්බන්ධව හෝ තමන්ගේ පුද්ගලික ජීවිතය සම්බන්ධව තීරණ ගැනීමේදී පාවිචි කරන්න  ආගමකින් ලැබෙන absolute  moral compass එකක් නෑ. ඔවුන්ගේ මොරාල් compass  එක සාපේක්ෂයි. හොඳ නරක සාපේක්ෂයි. බටහිර සමාජයේ දැන් ඇතිවෙලා තියෙන සංක්‍රමණික ගැටළු , ආර්ථික ගැටළු , දේශපාලන ගැටළු , මානසික ගැටළු , මත්ද්‍රව්‍ය ගැටළු  සියල්ලේම මුල බීජය මේ හොඳ නරක විග්‍රහ කර ගැනීමේදී භාවිතා කිරීමට absolute  moral compass එකක් නැති වී තිබීමෙන් ඇතිවෙන ගැටළු. 

වර්තමානයේ එහෙම absolute  moral compass එකක් තියෙන  අය සාමාන්‍යයෙන් ආගමට ලදී සාමකාමී මිනිසුන්.  නිරාගමිකයන් සහ woke mob එක විසින් ඔවුන්  උග්‍ර දක්ෂිනාංශික පැසිස්ට් වාදීන් ලෙස  හන්වඩු ගසා කොන් කිරීම ඔබ වර්තමානයේ දකිනවා ඇති. 

රාජ්‍යය අනාගමික කිරීමේ පදනම මහ ජාතිය ආගමින් වියුක්ත කර සංස්කෘතිකව බෙලහීන කිරීම. ඊට පස්සේ ඉතුරු වෙලා තිබෙන ජාතියට අනන්‍ය පෙරහැර , පුජා , උත්සව  ආදී  සංස්කෘතිකාංග වලටත් පහර දී විනාශ කර දමනවා.  බටහිර රටවලටත් මෙය පොදුයි. අන්‍ය ආගමිකයන්ගේ හිත රිදෙන නිසා Merry Christmas නොකියා Happy holidays කියන්න සමාජයන් පොළම්බවපු  හැටි බලන්න.  නමුත් අන්‍ය ආගමිකයන්ගේ රාමදාන් වැනි උත්සව රාජ්‍ය අනුග්‍රහයෙන් සමරනවා. එහිදී කියන්නේ ඔවුන් සුළු කොටසක් , අගතියට සහ කොන්වීමට ලක් වී තිබෙන කොටසක් . ඒ නිසා ඔවුන්ට රාජ්‍ය අනුග්‍රහය දීම සුදුසුයි කියල. එයින් වෙන්නේ වඩා ආගම සහ සංස්කෘතිය aggressively pursue කරන ආගමිකයන්  අනාගමික රාජ්‍යය තුල ක්‍රමයෙන් ස්ථාපනය/බලවත්  වීම. 

ලෝකයේ විවිධ රටවල්  ආගම , සංස්කෘතිය සහ ජන ජවිතය ගැන  කරන මේ පර්යේෂණයේ විවිධ stages වල ඉන්නේ. නමුත් එක රටක් මේ stages සියල්ල පසු කරලා විශාල සමාජීය සහ ජිවිත  කැපකිරීම් රාශියකට පස්සේ යම්කිසි සමතුලිතතාවයකට පැමිණ තිබෙනවා. ඒ තමයි චීනය. එහෙම එන්න පුළුවන් උනේ සහ පර්යේෂණය rapid උනේ , ඔවුන් ගේ කොමියුනිස්ට් එකාදිපති පාලනය නිසා රජයේ අභිප්‍රාය  ඉක්මනින් කෙටි කාලයකින් සියලු ජනතාව මත තීරණාත්මක ලෙස පැටවීමේ බලය තිබ්බ  නිසා.

චීනය තීරණාත්මක ලෙස අනාගමික උනා කොමියුනිස්ට් පාලනය යටතේ. පන්සල් පල්ලි කැඩුවා. පොත් ගිනි තිබ්බා. පුජකයන් හාමුදුරුවරුන් mරුවා. සම්පුර්ණ සමාජය නිරාගමික කරලා  පරම්පරා කීපයකින් පස්සේ ඔවුන් තේරුම් ගත්තා , චීන අනන්‍යතාවය සමාජයෙන් ගිලිහි යමින් තිබෙන වග. ඒ වගේම ජනතාව ගේ ජිවන තත්වය උසස්  උනත් , සමුර්ධමත් උනත් මිනිසුන්ට භෞතික දියුණුවෙන් එහාට   Higher goal එකක් නැතිවීම නිසා  ඉච්චා භන්ඝත්වයට පත වීම , විශාදයට සහ විවිධ මානසික රෝග වලට පත්වීම සිදු උනා. සමාජවාදී  භෞතිකවාදයෙන්  පමණක් සමාජයකට     absolute  moral compass එකක් ලබා දෙන්න බෑ කියල ඔවුන්ට තේරුනා. ඉට පස්සේ ක්‍රමයෙන් ඔවුන් චීන සමාජය තුල ආගම් වලට  නැවත වැඩෙන්න ඉඩ දුන්නා. ලොකු වටයක් ගහල ආයෙත් පළමු තැනටම පැමිණියා. නමුත් ඔවුන් සියලු ආගම් චීන කරණය කර ඒවායේ සමාජයකට අහිතකර කොටස් ඉවත් කරනවා.  ග්‍රහ නිර්මාණ , ඇඳුම් ආදී සියල්ලත් චීන කරණය කලයුතු වෙනවා.

චීන රාජ්‍යයයේ  ආගම්    පර්යේෂණය මේ කිව්වට  වඩා සංකීර්ණයි.  හොයල බලල ඉගෙන ගන්න.  

09/08/2026 , Shani

සම්බන්ධිත පුවත් | Related News

එම බැඳුම්කර සඳහා BB+ ශ්‍රේණිගත කිරීමක් හිමිව තිබුණි. පසුව ඒවා කඩාවැටුණි. වසර දහහතරකට පසුව, දැන් මතුව ඇති ප්‍රශ්නය වන්නේ අජිත් නිවාඩ් කබ්රාල් "දූෂණයක්" සිදු කළාද, නැතහොත් එය නරක අතට හැරුණු ආයෝජන තීරණයක් පමණක්ද යන්නයි."
"එම බැඳුම්කර සඳහා BB+ ශ්‍රේණිගත කිරීමක් හිමිව තිබුණි. පසුව ඒවා කඩාවැටුණි. වසර දහහතරකට පසුව, දැන් මතුව ඇති ප්‍රශ්නය වන්නේ අජිත් නිවාඩ් කබ්රාල් දූෂණයක් සිදු කළාද, නැතහොත් එය නරක අතට හැරුණු ආයෝජන තීරණයක් පමණක්ද යන්නයි."
අගෝස්තු 24 වැනිදා යුක්රේනය සිය 35 වැනි නිදහස් සංවත්සරය සමරන විට, සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු එරට මුහුණ දෙන වඩාත්ම අවදානම්කාරී අවස්ථාවකට ළඟා වී තිබේ.
ජෙනරල් සුරේෂ් සලේගේ රිට් පෙත්සමට අදාළව ගොනු වූ අතරමැදි පෙත්සම්කාර පාර්ශවයන් ලෙස ඉකුත් අගෝස්තු 4 සහ 6 යන දිනවල අභියාචනාධිකරණයේ ඉදිරිපත් කල අතිශය දීර්ග කරුණු දැක්වීම් වලින් අනතුරුව හෙට, එනම් අගෝස්තු 25 වන දින නීතිපති දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීමට නියමිත අතර, එය මේ සමස්ත නඩුකරයේම අතිශය තීරණාත්මක සංධිස්ථානයක් වීමට හැකියාව තිබෙනු ඇත.
2026 අගෝස්තු 25 සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික කර්නල් රන්ජිත් රාජසිංහ මහතා පත් කර තිබෙනවා.
නන්දා මාලනීගේ සිංදු අහලා තරුණයන් ප්‍රචණ්ඩ වුණා නම් හැමදාම බණ අහන මිනිස්සු නිවන් ගියා ද කියලා එක්තරා රැඩිකල් නිරාගමික භික්ෂුවක් ප්‍රශ්නයක් අහලා තිබුණා.
මේ ලිපියෙන් මම නිරා ගැනත් නීරා ගැනත් කියනවා. මම මෙතැන “නිරා” කියලා කියන්නේ නිර්මාල්ට. ඒ හාදයා පිරිමියෙක් කියලයි මම හිතාගෙන ඉන්නේ. නීරා කාන්තාවක්. නීරා තමයි නිරාගේ ගුරුවරිය.
එක්සත් ජනපදය සහ ඉරානය අතර ගැටුම දෛනික බෝම්බ ප්‍රහාර සහ පළිගැනීමේ ප්‍රහාර මාලාවක් බවට මේ වන විට පත්ව ඇත. මේ තත්වය තුළ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් හිමි රාජ්‍ය පාලකයෝ මෙන්ම සාමාන්‍ය ජනයා හුස්ම හිරකරගෙන, ඊළඟට සිදුවන්නේ කුමක්දැයි බලා සිටිති.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස සහ ධූර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව විසින් මේ වන විට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන (22A) පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් සිටින අතර, එය මහා සංඝරත්නය, නීතිඥවරුන්, විද්වතුන් සහ අධිකරණ ක්ෂේත්‍රය පුරා දැඩි සංවාදයකට තුඩු දී ඇත. මෙවැනි විශාල මට්ටමේ ව්‍යුහාත්මක වෙනස්කම් නීත්‍යානුකූලව, සුමටව මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL), අධිකරණය සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ පූර්ණ එකඟතාව සහිතව සිදු විය යුත්තකි.

ප්‍රධාන පුවත්

ඉන්දියාව සහ චීනය දේශසීමා ගැටලුවට දේශපාලන විසඳුමක් සෙවීම තවදුරටත් ඉදිරියට ගෙන යාමට එකඟ වෙති

ඉන්දියාව සහ චීනය අතර දේශසීමා ආරවුලට දේශපාලන විසඳුමක් සෙවීම සඳහා තවදුරටත් කටයුතු කිරීමට දෙරට එකඟ වී ඇතැයි වාර්තාවේ.

නේපාලයේ ගමක් හදිසි ගංවතුරකට යටවෙයි..

ටිබෙට්-නේපාල දේශසීමා අතර 50,000 ක පිරිසක් සිටින ගම්මානයක සිදුවූ හදිසි නායයෑමකින් සහ ගංවතුරකින් දැනට අට දෙනෙකු මියගොස් ඇති බව නේපාල මාධ්‍ය වාර්තා කරයි.

අසාත් මවුලානගේ ප්‍රකාශය සටහන් කරගන්න ශානි අබේසේකර ප්‍රංශ තානාපති කාර්යාලයට ගිහින් නැහැ.. තානාපතිවරයා වෙනුවෙන් ගත්ත නිවසේදී ප්‍රකාශය සටහන් කරගෙන තියෙන්නේ.. - නීතිඥ සංජීව වීරවික්‍රම

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගේ රැඳවුම් නියෝගය දීර්ඝ කරවීමේ අරමුණෙන් විමර්ශකයින් ඇතුළු පාර්ශ්ව අසත්‍ය කරුණු ඉදිරිපත්කර ඇතැයි දේශප්‍රේමි ජාතික ව්‍යාපාරය පවසයි.

ජනාධිපතිවරයා ජෙනරල් සුරේෂ් සලේට නැවත දින 90ක රැඳවුම් නියෝග නිකුත් කිරීම මගින් රහස් පොලිස් ප්‍රධානියාගේ දුප්පත්කම රටට ප්‍රදර්ශනය කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ජෙනරල් සුරේෂ් සලේ මහත.ා දින 90 බැගින් මාස 6ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ජනිධිපතිවරයා විසින් නිකුත් කළ රඳවා ගැනීමේ නියෝගය නැවත දින 90ක් දීර්ඝ කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

22 සංශෝධනයේ පළමු ප්‍රතිලාභියා අගවිනිසුරු.. – ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය සම්මත වුවහොත් එහි පළමු ප්‍රතිලාභියා බවට පත්වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බව ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු පවසයි.

යුක්‍රේනයට එල්ල වූ රුසියානු හයිපර්සොනික් ප්‍රහාරය යුරෝපයට දුන් පණිවිඩයක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

යුක්‍රේන යුද බිමේ පසුගියදා සිදුවූ රුසියානු හයිපර්සොනික් මිසයිල ප්‍රහාරය සරල මිලිටරි මෙහෙයුමක් නොව, මුළු මහත් යුරෝපයටම සහ නේටෝ සංවිධානයට එල්ල කළ බරපතල දේශපාලනික හා ආරක්ෂක පණිවිඩයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය කුමක්ද?.. – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පහදයි..

විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය වන්නේ සත්‍ය ගවේෂණය කිරීම නොව, නීතියෙන් පිළිගත් අධිකරණමය විනිශ්චයකරණය (Judicial Adjudication) බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි.

සමාජය බිදවට්ටවා බෞද්ධ සභ්‍යත්වය විනාශ කරන 'හරිනිලාගේ ව්‍යාපෘතිය' සම්බන්ධයෙන් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් න්‍යායාත්මක විග්‍රහයක්

මෙරට ජනතාව විශ්වාස කරන ඉතිහාසයේ මහා චරිත සහ දාර්ශනික පදනම් බිඳවැටීමෙන් සමස්ත සමාජයම බිඳ වැටෙන බවත්, බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනාය යන සංකල්පය ගෙනෙන්නේ ද මෙම බිඳවැට්ටවීම සඳහා බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

යුක්රේනය 35 වැනි නිදහස් සංවත්සරයට සැරසෙද්දී දැවැන්ත අර්බුද රැසක: ආර්ථිකය, ජනගහනය සහ ආරක්ෂාව දරුණු ලෙස කඩා වැටේ..

අගෝස්තු 24 වන දිනට යෙදෙන සිය 35 වැනි නිදහස් සංවත්සරය සැමරීමට යුක්රේනය සූදානම් වන්නේ සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු එරට මුහුණ දෙන වඩාත්ම අවදානම්කාරී සහ අභියෝගාත්මක අවස්ථාවකට ළඟා වෙමිනි. බටහිර රටවල් විසින් ප්‍රචාරය කෙරෙන පින්තූරයට වඩා වෙනස්ව, යුක්රේනය වර්තමානයේ ආර්ථික, ජනගහන සහ යුද පෙරමුණ යන සෑම අංශයකින්ම බරපතළ කඩා වැටීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

විනිසුරු වයස දීර්ඝ කිරීමෙන් නඩු කටයුතු වේගවත් වෙනවා යැයි කීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.. - ජනාධිපති නීතිඥ සාලිය පීරිස් 22 ගැන දැඩි ස්ථාවරයක

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොකළ යුතු සංශෝධනයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 22 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (24) දින නියම කළේය.

කැනඩාව 'චීන මාදිලියේ ප්‍රතිප්‍රහාරයක්' දියත් කරයි.. - ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය

වොෂින්ටනයේ තීරුබදු තර්ජනය හමුවේ කැනඩාව "චීන මාදිලියේ ප්‍රතිප්‍රහාරයක්" දියත් කර ඇත. එනම් තීරණාත්මකව හා සමානුපාතිකව ප්‍රතිචාර දැක්වීම; ස්වෛරීභාවය පිළිබඳ කිසිදු සම්මුතියකට නොපැමිණීම; සහ නීති රීති හා නීත්‍යානුකූල පියවරයන් වෙත යොමු වීමයි. ඇමරිකාවේ සමීපතම හිටපු මිත්‍රයෙකු වන කැනඩාවේ මෙම පියවරෙන් පැහැදිලි වන්නේ එක් දෙයකි. නීති රීති මත තනි අයිතිය පවත්වාගෙන යාමට හෝ අන් අයගේ අනාගතය තීරණය කිරීමට කිසිදු රටකට විශේෂ වරප්‍රසාදයක් නොමැත.

වියට්නාමයට 81යි: නිදහස සඳහා වූ අරගලයේ සිට ලෝකය තුළ විශ්වාසයෙන් නැගී සිටින ජාතියක් දක්වා

2026 සැප්තැම්බර් 2 වැනිදා සමාජවාදී වියට්නාම් ජනරජයේ ජාතික දිනයේ 81 වැනි සංවත්සරය සනිටුහන් කරයි. 1945 වසරේ වියට්නාම නිදහස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එරට ඉතිහාසයේ නව යුගයක් ආරම්භ වූ ඓතිහාසික අවස්ථාව මෙම දිනය මගින් සිහිපත් කෙරේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.