News Category
From Date
To Date
Maximum Number of Result

ආර්ථික ඝාතකයින් ආහාර සුරක්‍ෂිතතාවය වනසන හැටි!

Aug 3, 2026 at 07:19 PM
|

පසුගිය දිනවල සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල ප‍්‍රචාරයක් ලබාදෙමින් ‘‘ආහාර සුරක්‍ෂිතතාව’’ තහවුරු කිරීම සඳහා මෙහෙයුමක් දියත් කරන්නට යෙදුනි. එහෙත් ඔවුන්ට එම වචන වල නිවැරිදි තේරුම පිළිබඳවත් අවබෝධයක් නොතිබිනි. ඔවුන්ට අනුව ‘‘ආහාර ආරක්‍ෂාවට’’ :ත්‍දදා ී්ෙැඑහ* අදාලව ගන්නා පියවර මඟින් ‘‘ආහාර සුරක්‍ෂිතතාව’’ :ත්‍දදා ීැජමරසඑහ* තහවුරු වේ. එය ඉතා කණගාටුදායක තත්වයකි.

යම් රටක ආහාර සුරක්‍ෂිතතාව යනු එම රටේ ජාතික ආරක්‍ෂාව තරමටම බරපතල කාරණාවක් බව ලෝකය පුරාම තහවරු වී ඇති පරම සත්‍යයකි. එසේම රටක ජාතියේ අභිමානය රදා පවතින්නේද එම කරුණ මතම බවටද විවාදයක් නැත. තම රටේ ජනතාවගේ ආහාර අවශ්‍යතාවය (අඩුතරමින් මූලික ආහාර අවශ්‍යතාව* රට තුලදී සපුරාගැනීමට වැඩ පිළිවෙලක් නැති රජයක් තම ජාතියේ අභිමානය ගැන නොසිතන බව පැහැදිලිය. එවැනි තත්වයක් තුල ආහාර සඳහා පිටරට මත යැපෙන සහ අනුන්ට අතපාන ජාතියක් බාහිර බලපෑම් වලට යටත් නොවී සිටින්නේ කෙසේද? එ් අනුව යම් රටක ආහාර සුරක්‍ෂිතතාව අනතුරේ හෙලීම යනු එම රට පරාදීනත්වයට පත්කිරීමකි. අධිරාජ්‍යවාදී රටවල් අපවැනි රටවලට එරෙහිව එම තත්වය ඉතා සූක්‍ෂම ලෙස උපාය මාර්ගිකව යොදාගනිමින් තිබෙන ආකාරය පුදුම සහගතය.

අහාර සුරක්‍ෂිතතාව අනතුරේ හෙලිමේ අධිරාජ්‍යවාදී උවමනාව ක‍්‍රියාත්මක කෙරෙන්නේ  ප‍්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ණයදෙන ආයතන සහ එ්වායේ දේශීය එ්ජන්තයින් විසිනි. ජාත්‍යන්තර ණය කොන්දේසි සහ එම ණය යොදා ගනිමින් දියත් කෙරෙන වැඩසටහන් වල අරමුණු ඉතා හොදින් පරීක්‍ෂා කිරීමේ දී මේ බව වටහා ගත හැක. ශ‍්‍රී ලංකාවේ පවතින තත්වය අධ්‍යනය කිරීමේ දී ආහාර සුරක්‍ෂිතතාව අනතුරේ හෙලන උපක‍්‍රම (ඇත්තවශයෙන්ම උපාය මාර්ග* 10 ක් හදුනාගත හැක. මේ දෙන ලද මොහොතේද එ් දස වැදෑරුම් ආර්ථික ඝාතක උපායමාර්ගික උපාංග එකක් නෑර ඉතා සූක්‍ෂමව ක‍්‍රියාත්මක වේ. එ්වා ගැඹුරින් තේරුම් ගැනීමෙන් තොරව සහ ඊට එරෙහිව ප‍්‍රති උපායමාර්ග තේරීමෙන් තොරව ජාතියක් ලෙස අපට ඉදිරියට යා නොහැක.

එ්වා අතුරින් පලමුවැන්න විදේශීය රටවලදී නිෂ්පාදකයින්ට විශාල වශයෙන් සහනාධාර ලබාදෙමින් කෘතීමව මිල අඩුකළ ආහාර ද්‍රව්‍ය අප රටට ආනයනය කිරීමේ දී තවදුරටත් දේශීයවද බදු සහන ලබාදීමයි. එවැනි ආහාර ද්‍රව්‍ය දේශීය වෙළදපලේදී විකල්ප දේශිය ආහාර වලට වඩා විශාල වශයෙන් අඩු මිලට විකිණේ. එසේ කෙරන්නේ ණයදෙන ආයතන විසින් ආණ්ඩුවේ අත කරකැවීම හරහා බදු ප‍්‍රතිපත්ති වෙනස් කිරීම මගිනි. බොහෝවිට එ් සඳහා පහසුකම් සලසන්නේ ආර්ථික ඝාතක ඉහල නිලධාරීන් (විශේෂයෙන්ම භාණ්ඩාගාරයේ * විසිනි. ඊට අමතරව ඉහත සඳහන් කල ආකාරයට අත කරකැවීම මගින් අත්සන් කරවන වෙලඳ ගිවිසුම මගින්ද බදු සහන ලබා ගැනීම සිදුවේ. මීට වසර 40 කට පමණ පෙර ශ‍්‍රී ලංකා ආණ්ඩුව ඇමරිකාව සමග අත්සන් කල පී.එල්. 480 ගිවිසුම අනුව ඉතා අඩු මිලට ආනයනික තිරිගුපිටි වෙළඳපලට ‘‘ප‍්‍රතාපනය’’ කිරීමට ඉඩදීම මේ සඳහා වන හොදම උදාහරණයකි. අදද තිරිගු පිටි සහ කිරිපිටි අප රටට ආනයනය කරන්නේ එ් ආකාරයට විදේශිකව ලබාදෙන සහනාධාර වලට අමතරව දේශීයවද ලබාදෙන බදු සහන සහ වෙනත් ආයෝජන සහන යටතේය. දැනට පවතින තත්වය යටතේ විදේශිය සහනාධාර වල අහිතකර ප‍්‍රතිඵල අහෝසි කිරීම සඳහා ආනයනික තිරිගු පිටි වලට අඩුතරමින් කි.ගෑ. 1 කට අමතරව රු. 20 ක සෙස් බද්දක් පැනවිය යුතුය. නමුත් වාමවාදී වෘත්තීය සමිති නායකයින් සහ ‘‘පොදු මහජනතාව’’ ඉල්ලා සිටින්නේ එසේ නොකරන ලෙසය. එසේ නොකර සිටීම මගින් වී ගොවිතැන තවදුරටත් විනාශයට ඇද වැටීම හරහා දීර්ඝකාලීනව ආහාර මිල ඉහල යන බව ඔවුන් තේරුම් ගන්නේ නැත.

ආහාර සුරක්‍ෂිතතාවය වැනසීමේ දෙවැනි උපක‍්‍රමය වන්නේ ඉහත සඳහන් කල ආකාරයට ආනයනික ආහාර වලට බදු සහන ලබාදීමට හෝ බලහත්කාරයෙන් ලබා ගැනීමට විරුද්ධව මහජනයා නැගී සිටීම වැලැක්වීමයි. වෙනත් වචන වලින් කියනවා නම් ආනයනික ආහාර වලට සෙස් බදු පැනවීම වැලැක්වීම සඳහා මහජනයා පෙළඹවීමයි. එය ඌරාගේ මාළු ඌරාගේම පිටේ තබා කැපීමකි. එ් සඳහා අධිරාජයවාදී බලවේග වලට වැඩි මහන්සියක් දැරීමට සිදුවන්නේ නැත. එ් කටයුත්ත අධිරාජ්‍යවාදී සමාගම් වල සහයෝගයෙන් සමාජවාදය හැදීමට දගලන සමහර වාම වාදි දේශපාලකයින් නොමිලේම ඉටුකර දෙති. ආනයනික ආහාරවලට බදු සහන ලබාදීම සහ දේශීය නිෂ්පාදනය වර්ධනය කිරීම යන ක‍්‍රියාවලි දෙක කිසිවිටක එකට සිදුකල නොහැකි බව මේ දේශපාලකයින් තේරුම් ගන්නේ නැත. නමුත් දකුණු කොරියාව වැනි රටවල දේශපාලන පක්‍ෂ සහ ගොවීන් වීදි බසින්නේ ආනයනික ආහාර වලට සහනාධාර ලබාදීම වැලැක්වීම සඳහාය.

පසුගිය වසර 10 ක ආනයනික ආහාර ද්‍රව්‍ය මිලගණන් අධ්‍යනය කලහොත් ආනයනික ආහාර නිසා දේශීය නිෂ්පාදනය ඇද වැටෙන ප‍්‍රමාණයන්ට සාපේකෂව ආනයනික ආහාර මිල ක‍්‍රමයෙන් ඉහල දමන ආකාරය තේරුම් ගත හැක. ආනයනික කිරිපිටි මිල ක‍්‍රමයෙන් ඉහල දැමීම සිදුවන්නේ ඒ ආකාරයටය. නමුත් අප රටේ පාලකයන්ට මෙන්ම විපක්‍ෂයේ වෘත්තීය සමිති නායකයින්ටද එ් සරල සත්‍යය වටහාදීම පහසු නොවේ. කෙටිකාලීනව සෙස් බදු පැනවීම මගින් මිල මට්ටම් ඉහල ගියත් එ් මගින් දීර්ඝ කාලීනව දේශීය නිෂ්පාදනය ඉහල නන්වා මිළ පහත දැමිය හැකිය යන්න මහජනයා ප‍්‍රතික්ෂේප කරන්නේ තවත් එක් හේතුවක් නිසාය. එ් එසේ පනවන සෙස් බදු දේශිය නිෂ්පාදනය නැන්වීමට සහ සමාජයේ පහල ස්ථීර වලට සහනාධාර ලබාදීමට යොදවන්නේ නැතිව දේශපාලකයින්ගේ සුඛවිහරණය සඳහා වියදම් කරනවා යන මතයයි. එය බැහැර කල නොහැකි සත්‍යයකි. එයට පිලිතුර ඇත්තේ විනිවිදභාවයෙන් යුතුව එම අරමුදල් අදාල ක්‍ෂෙත‍්‍රවල පමණක් වියදම් කරන බව සහතික කිරීම තුලය. එනම් එම බදු ආදායම අදාල ක්‍ෂෙත‍්‍රයේ නිෂ්පාදනය ඉහල දැමීමට සහ අඩු ආදායම් ලාභීන්ට සහන ලබාදීම සඳහා යෙදවිය යුතුය.

සෙස් බදු වලට එරෙහිව ජනතාව පෙළඹවීම සඳහා විදේශිය සමාගම් සමග කිට්ටුවෙන් ගනුදෙනු කරන ඉහළ නිලධාරින් අතලොස්සක් විශාල භූමිකාවක් ඉටුකරයි. පසුගිය අයවැය මගින් පාර්ලිමේන්තුව අනුමත කල කිරිපිටි සහ තිරිගු පිටි වලට යෝජනාකල සෙස් බදු (එහිදී ප‍්‍රමාණයන් සඳහන් නොකර යෝජනාවක් පමණක් ඉදිරිපත් විය* පැනවීම දිගින් දිගටම කල්දැමීය. එ් වෙනුවට ඔවුන් බදු ආදායම් ඉපයීම අනුව හෝ ජාතික නිෂ්පාදනයට දායක වීම යන අරමුණ දෙකටම අනුව වැදගත් නොවන ද්‍රවයය සඳහා බදු පනවා ඇත. එ් අනුව දේශීයව වගා නොකරන සුදුළුනු සහ පරිප්පු වැනි ද්‍රව්‍යය වලට සෙස් බදු පනවා ඇත. පරිප්පු වලට විකල්පයක් වන කවිපි වර්ගද රටට ආනයනය කරන තත්වයක් තුල පරිප්පු වලට බදු ගැසීම අත්‍යවශ්‍ය කාර්යයක් නොවේ. හදිසි කාර්යයක් වන්නේ තිරිගු පිටි සහ කිරිපිටි වලට බදු පැනවීමය. ආර්ථික ඝාතක නිලධාරීන් එසේ අනවශ්‍ය ආකාරයට අනවශ්‍ය දේවලට සෙස් බදු පැනවීම හෙවත් කලයුතු දේ වෙනුවට නොකලයුතු දේම කරන්නේ සෙස් බදු විරෝධී මහජන මනෝභාවය වර්ධනය කිරීම සදහාය. එ් නිසා එ් විරෝධය ආහාර සුරක්‍ෂිතතාවයට එරෙහිව යොදාගන්නා ප‍්‍රධාන උපාංගයක් ලෙස සැලකේ. ඊට අමතරව කිරිපිටි වලට බදු පනවනවා වෙනුවට සමාගම විසින්ම මිල ඉහළ දැමීමට ඉඩදීම මඟින් රජයට ලැබිය යුතු ආදායම සමාගමේ ලාභයක් බවට පත්කරගැනීමට ආණ්ඩුව විසින් අවසර දී ඇත. සමාගම් විසින් එසේ මිල වැඩි කරන්නේ ලෝක වෙළඳපලේ මිල වැඩිවීමක් සිදු නොවූ තත්වයක් යටතේය.

තුන්වැනි උපක‍්‍රමය වන්නේ දේශීය ආහාර වගාව සඳහා යොදාගන්නා බිමි ප‍්‍රමාණය ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු කිරීමයි. මෙහි පලමු පියවර හේන් වගාව නීතියෙන් තහනම් කිරීමයි. වසර දහස්ගණනක් තිස්සේ පරිසර හිතවාදීව පවත්වාගෙන යනු ලැබූ හේන් වගාව සහ වැව් තාවුලූ වගාව ග‍්‍රාමීය ප‍්‍රදේශ වල ගෘහස්ථ ආහාර අවශ්‍යතාවයෙන් වැඩි කොටස සපුරාදීමට සමත්විය. එහි අතිරික්තය වෙලඳපලට යොමු වූ අතර රටේ කව්පි, මුං, කුරහන් වැනි ධාන්‍ය අවශයතාව එ් මගින් සම්පූර්නයෙන්ම පාහේ සැපිරිණි. අද එ් සියල්ල ආනයනය තිරීමට සිදුවන්නේ හේන් වගාව තහනම් කිරීමේ සෘජු ප‍්‍රතිවිපාක ලෙසය. එදා හේන් වගාව ග‍්‍රාමීය පවුල් වල සංස්කෘතියක් බවට පත් වී තිබුණි. ග‍්‍රාමීය ගෙවත්තේ බොහෝවිට වගා කෙරුනේ කොස්, දෙල්, පොල් සහ පලතුරු වැනි බහු වාර්ෂික ආහාර බෝගයන්ය. හේන භාවිතා වූයේ ධාන්‍ය සහ අනෙකුත් ආහාර වර්ග නිෂ්පාදනය සඳහාය. එදා මුළු පවුලේම සහභාගීත්වයෙන් පවත්වාගෙන ගිය ආහාර නිෂ්පාදනය මත පදනම් වූ ග‍්‍රාමීය සංස්කෘතිය අද සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. අද මල්ලක් උස්සාගෙන දවසට කිහිපවරක් කඩපලට දුවන සහ ඒ තැන්වල පැය ගණන් නිකරුනේ කාලය ගතකරන අලස ග‍්‍රාමීය සංස්කෘතියක් බිහිවන්නේ එ් ක‍්‍රියාවලිය තුලය. මේ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශය ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දෙන්නේ කුඹුරුවල වී වගාව 50% කින් අඩුකරන ලෙසය. ඊට හේතු ලෙස ඉදිරිපත් කරන්නේ සහල් අතිරික්තයක් තිබීමය. මෙම ඊනියා සහල් අතිරික්තය ඇතිවන්නේ පාන්පිටි මො.ටො. ලක්‍ෂ 12 ක් වසරකදී පරිභෝජනය කිරීම නිසා බව මොවුන් වටහා ගන්නේ නැත.

වල් අලි ගමට එන නිසා ගෙවත්තේ කන බොන දේ වගාකරන්න එපා යයි වියලි කලාපයේ ප‍්‍රාදේශීය ලේකම්වරු ගම්මුන්ට උපදෙස් දෙන්නේද ඉහත සඳහන් කල අලස සංස්කෘතිය ප‍්‍රචලිත කරන රාජ්‍ය නිලධාරීන්ගේ දුප්පත් පරිපාලන සංස්තෘතිය තුලය. රටේ ‘‘ සහල් අතිරික්තයක් ’’ තිබෙන නිසා කුඹුරු වල හරකුන්ට කන්නට තණකොල  වගා කලයුතු යයි නිලධාරීන් යෝජනා කරන්නේද එ් සංස්කෘතිය තුලමය. ඊට අමතරව වැව් තාවුල්ලේ වගාකොට තිබූ අස්වැන්න නෙලා ගැනීමට ආසන්නව තිබූ බෝග වර්ග රාජ්‍ය නිලධාරීන් විසින් යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගෙන ප‍්‍රසිද්ධියේ විනාශ කරන්නේද එ් තුලය. එ් සියල්ලටම අමතරව දේශිය ආහාර අවශ්‍යතාව සැපරීම සඳහා යොදාගතයුතු බිම් වල ඊනියා වානිජ බෝග ප‍්‍රචලිත කරන්නේද මේ ක‍්‍රියාවලිය තුලමය. පසුගිය කාලයේදී වියලි කලාපයේ ගර්කින් වගාව සහ දුම්කොල වගාවද මෑත කාලීනව සත්ව ආහාර සඳහා බඩ ඉගුරු වගාවද ප‍්‍රචලිත වන්නේ එ් සමස්ථ ක‍්‍රියාවලියේම කොටසක් ලෙසය. පසුගිය කාලයේ දී ගොවියාට සෘජුව ආහාරයට ගත නොහැකි සෝයා වගාව කුඹුරු ආශි‍්‍රතව ප‍්‍රචලිත කිරීමට විවිධ ආයතන ඉදිරිපත් වන්නේද මේ සමස්ථ පින්තූරය තුලම බව වටහා ගැනීම අපහසු නැත. ඊට අමතරව වල් ඌරකුට උගුලක් අටවන හෝ හාවුන් පැනීම වැලැක්වීම සඳහා දැලක් එළන ගොවියා පොලිසියට කුඳලා ගෙන යන්නේද දැනුවත්ව හෝ නොදැනුවත්ව ගොවියා ගොවිතැනින් ඈත් කිරීම සඳහාය.

ආහාර බෝග වෙනුවට ඊනියා අපනයන බෝග වලට ප‍්‍රමුඛතාවය ලබාදීම (එ්වා යම් පමණකට වගා කිරීම යම් ප‍්‍රදේශවල ගැටළුවක් නොවේ* සාධාරනීකරණය කෙරෙන්නේ විදේශ විනිමය ආදායම ගැන කියමිනි. එහෙත් මල්, පලතුරු, එළවළු සහ සියළුම කුළුබඩු ඇතුලූ සුළු අපනයන බෝග වලින් වසරකදී උපයන ආදායම රුපියල් මිලියන 20,000 ඉක්මවා යන්නේ නැත. එහෙත් තිරිගු පිටි ආනයනය සඳහා පමණක් ඊට දෙගුණයකට වඩා වැඩි මුදලක් වැයවේ. පසුගිය කාලයේදී ‘‘ එක් ගමකට එක් බෝගයක් ’’ යන ගොන් තකතීරු සංකල්පයක් යටතේ වානිජ බෝග සමග ආහාර බෝග වගා කිරීමට ගොවියා තුළ යම් දැක්මක් සහ උනන්දුවක් තිබුනා නම් එයද නැතිකර දැමීමටද ආර්ථික සාතක නිලධාරින් කටයුතු කළේය.

ආහාර සුරක්‍ෂිතතාවය වැනසීමේ හතරවැනි උපක‍්‍රමය වන්නේ කෘෂිකර්මාන්තය සඳහා වන රාජ්‍ය මැදිහත් වීම ක‍්‍රමයෙන් අඩුකොට එ් වගකීම බහුජාතික සමාගම් වලට පැවරීමයි. ලෝකයේ දියුණුම කෘෂිව්‍යාප්ති සේවයක් තිබූ අප රටේ එම නිලධාරීන් ග‍්‍රාම සේවකවරුන් බවට පත්කොට එම සේවය විනාශ කරන්නේ එහි සෘජු ප‍්‍රතිඵලයක් ලෙසය. දැන් ගොවියාට සමාගම් වල රූපවාහිනී වැඩසටහන් වලින් සහ ඔවුන්ගේ කෘෂි රසායන බෙදාහරින්නන්ගෙන් උපදෙස් ලබාගැනීමට සිදුවන්නේ එ් මහා විනාශකාරී තීන්දුවේ ප‍්‍රතිඵලයක් ලෙසය. එදා ගොවියාගේ හේන් පැලට ගිය ව්‍යාපෘති නිලධාරියා අද නගරයේ ඊනියා කෘෂි උද්‍යානයක සිට ගොවියාට නගරයට ඇවිත් ඉගෙනගන්නා ලෙස කියන්නේද එ් කුමන්ත‍්‍රණයේම ප‍්‍රතිඵලයක් ලෙසය. ඊට අමතරව මහඉලූප්පල්ලම, බතලගොඩ වැනි ලෝක පූජිත කෘෂි පර්යේෂණ ආයතන කඩා වැටීමට ඉඩ සලසා අනෙකුත් මහා පරිමාන ගොවිපල බහුජාතික සමාගම් වලට විකුණා දමන්නේද එ් ක‍්‍රියාවලිය තුලමය. රජයේ බීජ නිෂ්පාදන වැඩ සටහන් ක‍්‍රමයෙන් කප්පාදු කරමින් එ් සඳහා මහා සමාගම් දිරිමත් කරන්නේද එහිම කොටසක් ලෙසය. රටක බීජ සුරක්‍ෂිතතාව නැති කිරීම යනු ආහාර සුරක්‍ෂිතතාවය නැති කිරීමේ පූර්ව කොන්දේසියකි. නව බීජ පනත මඟින් ගොවියාගේ බීජ අයිතිය බහුජාතික සමාගම් වලට පවරා දීමට මහින්ද චින්තනය තුලම කටයුතු කිරීම කණගාටුදායකය.

ශ‍්‍රී ලංකාවේ ශිෂ්ඨාචාරය ලෝකයේ දියුණුම ආදි ශිෂ්ඨාචාර අතර බැබලෙන්නේ වසර 2500 ක තරම් ඈත කාලයේදී උතුරු දිග තැනිතලා භූමිය යොදාගනිමින් නිර්මාණය කල මහා වාරි පද්ධති නිසාය. ඒ සුවිශාල වාරි පද්ධති නොතිබෙන්නට මානව ශිෂ්ඨාචාරයක සීඝ‍්‍ර වර්ධනයට අවශ්‍ය පමණින් ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට අප රටේ කුඩා භූමියට හැකි වන්නේ නැත. එදා ඒ මහා ඉංජිනේරු ව්‍යූහයන් ඉදිකිරීම සහ නඩත්තු කිරීම සිදුවූයේ සම්පූර්ණයෙන්ම රාජ්‍ය අනුග‍්‍රහය සහ මැදිහත්වීම යටතේය. ශ‍්‍රී ලංකාව පුරා විසිරී පවතින 30,000 කට ආසන්න කුඩා පරිමාන වාරි පද්ධතිද ඉදිකෙරුනේ ඉතා විශාල රාජ්‍ය මැදිහත්වීමක් යටතේය. ඒවා මහජනයා විසින් ඉදිකොට නඩත්තු කලද රජුගේ සහ රාජය නිලධාරින්ගේ මඟ පෙන්වීම සහ අනුග‍්‍රහය අඛන්ඩව පැවතුනි. ඒ අනුව ඒ මහා ශිෂ්ඨාචාරයේ පැවැත්ම සඳහා මූලික වූ ප‍්‍රධාන සාධකය වන ආහාර සුරක්‍ෂිතතාව රැකීම සිදුවූයේ ප‍්‍රභල රාජ්‍ය මැදිහත් වීමක් යටතේ බව ඉතා පැහැදිලිය. අද දවසේ ඒ වගකීම එදාට වඩා සිය දහස් ගුණයකින් වැඩි වන්නේ ආහාර සුරක්‍ෂිතතාව රටවල් යටත් කිරීමේ උපාංගයක් ලෙස භාවිතා වන නිසාය. ඒ වගකීම කොතෙක් දැයි තවදුරටත් පැහැදිලි කරනවා නම් කිවයුත්තේ රාජ්‍ය අරමුදල් භාණ්ඩාගාරයේ පතුලටම සිදී ඇතත් තිබෙන අන්තිම රුපියල හෝ වැය කල යුත්තේ වැවක් ප‍්‍රතිසංස්කරණය කිරීමට බවය. පසුගිය කාලයේදී පාරිසරික වශයෙන් ප‍්‍රශ්නකාරී වාරි ව්‍යාපෘති සඳහා විදේශ ණය ලැබුනත් අඩු පිරිවැයකින් ප‍්‍රතිසංස්කරණය කළ හැකි කුඩා වැව් පද්ධතිය නඟා සිටුවීම සඳහා එවැනි අවධානයක් යොමු කෙරුණේ නැත.

රටක ආහාර සුරක්‍ෂිතතාව වැනසීමේ පස්වැනි උපාංගය වන්නේ මනුෂ්‍ය ආහාර සත්ව ආහාර සඳහා යොදා ගැනීම සහ සත්ව ආහාර නිපදවීම සඳහා යොදාගන්නා බිම් ප‍්‍රමාණය වැඩි කිරීමයි. පසුගිය දිනවල බොරු සහල් අතිරික්තයක් මවා පාමින් විවිධ පාර්ශව විසින් සහල් සත්ව ආහාරවලට යොදාගැනීම සාධාරණීකරණය කලේය. (පාන් පිටි මෙ. ටො ලක්‍ෂ 10 ක් ගිල දමන රටක සහල් අතිරික්තයක් ගැන කථා කිරීම තරම් විහිළුවක් තවත් තිබිය හැකිද ?* එ් අනුව පසුගියදා රජයේ ගබඩාවල තිබූ සහල් මෙ. ටො. 30,000 ක් ‘‘ගුල්ලන් විදින ලදී’’ ලේබලය අලවා හොර රහසේම පාන් පිටි සමාගමට විකුණා දැමීය. ඇත්තවශයෙන්ම මේ ප‍්‍රමාණය දැනට එලිදරව් වී ඇති ප‍්‍රමාණයට වඩා බොහෝ වැඩි විය හැක. මේ තත්වය තුල දැන් සත්ව ආහාර සඳහා බඩඉරිගු භාවිතා කිරීම සාපේක්‍ෂව අඩුවීම නිසා ඊනියා බඩඉරිගු ‘‘අතිරික්තයක්ද’’ ඇති වී ඇත. එ් අනුව බඩඉරිගුද අඩු මිලට මිලදීගැනීමට පාන් පිටි සමාගමේ සත්ව ආහාර මෝලට හැකියාව ලැබී ඇත. ඊට ප‍්‍රතිචාර ලෙස දැන් ‘‘කැකිල්ලේ බලධාරීන් ’’ කියන්නේ සත්ව ආහාර අතිරික්තයක් ඇති බැවින් කුකුල් මස් පිටරට පැටවිය යුතු බවයි.

ඔවුන් කියන ආකාරයට ඔවුන්ට කුකුල් මස් මෙ.ටො. 5000 ක ඇනවුමක් ලැබී ඇත. කුකුල් මස් කි. ග‍්‍රෑම් 1 ක් සඳහා ධාන්‍ය කි. ග‍්‍රෑම් 4 ක් වැය වේ. ඒ අනුව මස් පිටරට පැටවීමෙන් කලමණාකරණය කලහැක්කේ ඊනියා අතිරික්ත සහල් තොගයෙන් මෙ. ටො. 20,000 ක් පමණි. එ් ප‍්‍රමාණය දැනටමත්  සත්ව ආහාර ලෙස විකුණා ඇත. ඊනියා සහල් අතිරික්තය කලමණාකරණය කිරීම සඳහා තිරිගු පිටි පරිභෝජනය අඩුකර සහල් සහ සහල් පිටි පරිහෝජනය වැඩිකල යුතුය යන ඉතා සරල ක‍්‍රියාමාර්ගය මේ බලධාරීන් පිලිගන්නේ නැත. එ් වෙුනවට කුකුල් මස් පිටරට පැටවීම වැනි ඉතාමත් හාස්‍යජනක උත්තර ඉදිරිපත් කිරීමෙන් ඔවුන් ප‍්‍රදර්ශනය කරන්නේ ඔවුන්ගේ අඳබාල කම පමණක් නොවේ. ඒ මගින් පාන් පිටි සමාගම කෙරෙහි වන ඔවුන්ගේ ආදරය මෙන්ම ජාතික ප‍්‍රශ්ණයක් පිලිබඳව වන පටු සහ දුෂ්ඨ ආකල්පද ප‍්‍රකට වේ. කෙසේ වෙතත් දියුණු රටවල පවතින අධික සහ කෑදර මස් පරිභෝජන සංස්කෘතිය සමස්ථ ලෝකයේම ආහාර සුරක්‍ෂිතතාවයට අනතුරු එල්ල කරමින් ඇත.


මෙම ක‍්‍රියාවලියේ සය වැනි උපක‍්‍රමය වන්නේ දීර්ඝ කාලීනව පාංශු සංරක්‍ෂනය නොසලකා හරින කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීමයි. පස නිසරුවීම සහ බඩ ගින්න අතර වන සනාතන සම්බන්ධය අද ලෝකය පුරා ඉතා හොදින් ඔප්පු වී ඇත. පරිසර පද්ධතියක් තුල සෑමවිටම පස සහ ජලය පවතින්නේ එකක් මත අනෙක යැපෙමින්ය. වෙනත් වචන වලින් කියන්නේ නම් පස සහ ජලය සුරැකීම යනු ඒකාබද්ධ ක‍්‍රියාවලියකි. ඒ නිසා පස විනාශ කිරීම සහ වාරි පද්ධති විනාශ කිරීම යනු දෙකක් නොව එකකි. අද වන විට රජය මහා වාරි පද්ධති කෙරෙහි පමණක් විශ්වාශය තබා කුඩා වාරි පද්ධති නොසලකා හැරීම නිසා රටේ විශාල භූමි භාගයක ඵලදායිකත්වය හීන වී ඇත. එම තත්වය වෙනස් කිරීම ආහාර සුරක්‍ෂිතතාව රැකීමේ ප‍්‍රධාන උපාය මාර්ගික මැදිහත් වීමක් ලෙස සලකා සිදු නොකලහොත් දිගින් දිගටම භූමිය විනාශවීම වැලැක්විය නොහැක. මෙම තත්වයට රජය මෙන්ම මහජනයාද එකා බැගින් පුද්ගලිකව වගකිව යුතුව ඇත. ශ‍්‍රී ලංකාවේ කුඩා වාරි පද්ධති නොසලකා හැරීමේ සහ මහා වාරි පද්ධති වල ජල අයිතිය මෙන්ම භූගත ජල අයිතියද විකිණීමේ ක‍්‍රියාවලියට ජාත්‍යන්තර ණයදෙන ආයතන වල න්‍යායපත‍්‍ර තුල ඉහලම ප‍්‍රමුඛතාවය හිමි වී ඇත. අධිරාජ්‍යවාදීන්ගේ මේ දුෂ්ඨ උපක‍්‍රමය මගින් අරමුනු කිහිපයක් ඉටුවේ. එක් පැත්තකින් එ් මගින් කෙටිකාලීනව අඩුවියදම් සහිතව වානිජ බෝග ප‍්‍රචලිත කිරීම සිදුවන අතර අනෙත් පැත්තෙන් ක‍්‍රමයෙන් රසායනික පොහොර වලට ගොවියා දිගින් දිගටම හුරු කිරීම සිදුවේ. මේ ක‍්‍රියාවලිය තුල දිගින් දිගටම වගා භූමි අත්හරිමින් නව භූමි යොදා ගැනීමද සිදු වේ.

මෑත කාලීනව වියලි කලාපයේ මහා පරීමාන බඩඉගුරු වගාව ආශී‍්‍රතව මෙම ක‍්‍රියාවලිය විශාල වශයෙන් දැක ගත හැක.  ඊට පෙර කදුකරයේ දුම්කොළ වගාව  ආශ‍්‍රිතවද මෙය සිදුවිය. අධිරාජ්‍යවාදීන්ගේ පස නිසරු කිරීමේ ව්‍යාපෘතියේ නවතම උපක‍්‍රමය රසායනික පොහොර වලට ආසනික් සහ සයනයිඞ් වැනි විෂ වර්ග එකතු කිරීමයි. මෑත කාලීනව විද්වතුන් පිරිසක් විසින් ශ‍්‍රී ලංකාවට ආනයනය කරන පොහොර සාම්පල පරීක්‍ෂා කිරීමේ දී සමහර තොග වල ආසනික් විෂ මි. ග‍්‍රෑම් 300 තරම් (කි. ග‍්‍රෑම් 1 කට* ඉහළ ප‍්‍රමාණ වලින් අඩංගු වන බව සොයාගැනීමට හැකි විය. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ වගාබිම් වල යොදන පොහොර ප‍්‍රමාණය ඉතා වැඩි නිසා (ඉන්දියාව මෙන් දෙගුණයක්* පොලොවේ ආසනික් එකතු වීමද වැඩිවේ. ආසනික් වලින් මහ පොලොවේ ක්‍ෂද්‍ර ජීවීන් විනාශකරන බැවින් ස්වාභාවිකව පස සරු කිරීමේ ක‍්‍රියාවලිය අඩාල වේ. ක‍්‍රම ක‍්‍රමයෙන් මේ තත්වය වර්ධනය වීම තුල දිගින් දිගටම සෑම කන්නයකදීම රසායනික පොහොර යෙදීමට සිදුවේ. එ් අනුව පස විනාශකරන වගා ක‍්‍රම වලින් දීර්ඝකාලීනව කෘෂි රසායන මත යැපීමද සිදුවේ. මහා සමාගම් සහ ඒවාට කඬේ යන ආර්ථික ඝාතක නිළධාරීන් මේ සියල්ල සාධාරණීකරනය කරන්නේ අස්වැන්න වැඩි කිරීමේ නාමයෙනි. එහෙත් මේ ක‍්‍රියාවලිය තුල දීර්ඝකාලීනව අස්වැන්න අඩුවන බව සහ වියදම වැඩිවන බව ඉතා පැහැදිලිව ඔප්පු වී ඇත.

ආහාර සුරක්‍ෂිතතාවයට විනකරන හත්වැනි ක‍්‍රමය ආහාර වෙළදපල මධ්‍යගත කරමින් ‘‘ ආහාර සැතපුම් ’’ ප‍්‍රමාණය වැඩි කිරීමයි. මේ සඳහා හොදම උදාහරණය ඊනියා ආර්ථික මධ්‍යස්ථාන වලට එළවළු රැස්කර බෙදාහැරීමයි. එළවළු නුවරඑළියේ සිට දඹුල්ලට ගෙනවිත් එතැනින් ආපසු නුවරට යාමේදී ආහාරයක් ගොවිපලේ සිට පාරිභෝගිකයාගේ කුස්සිය දක්වා යෑම සඳහා ගමන්කරන දුර හෙවත් ආහාර සැතපුම් ප‍්‍රමාණය වැඩිවේ. සහල් අතිරික්තයක් නිපදවන්නේ නැති ප‍්‍රදේශවල මහා පරිමාන සහල් මෝල් ස්ථාපිත කිරීමද මේ සඳහා උදාහරණයකි. (උදා ඃ- මරදගහමුල* ආහාර වර්ග ගෙවත්තේ හෝ ප‍්‍රාදේශිය ගොවිබිම් වලින් හෝ ප‍්‍රාදේශීයකුඩා වෙළඳසැල් වලින් කුස්සියට ගමන් කිරීම වෙනුවට මධ්‍යගත මහා පරිමාන සුපර්මාර්කට් වලින් කුස්සියට යන ක‍්‍රමය තහවරු කිරීම වෙළඳපල ආර්ථිකයකමූලික අවශ්‍යතාවයකි. විදේශීය ආහාර ප‍්‍රචලිත කිරීම සඳහා එය පූර්ව කොන්දේසියක් බවටද පත්වේ. වෙලදපල මධ්‍යගත කිරීම තුල ආහාර ද්‍රව්‍ය වල කෘතීම අතිරික්තයක් ඇතිකොට ගැණුම් මිල අඩු කිරීමේ ප‍්‍රවනතාවයක් ඇතිවේ. අද දඹුල්ල ඊනියා ආර්ථික මධ්‍යස්ථානයේදී ගොවියා මුහුණ දෙන්නේ එ් කටුක යථාර්තයටය. එ් තුල විශාල වශයෙන් ආහාර ද්‍රව්‍ය තොග වෙලදපලේදී හෝ ගොවිපලේදීම විනාශවී යාමද සිදුවේ. එය පශ්චාත් අස්වනු නාස්තියේ ප‍්‍රධාන පැතිකඩකි. කොතෙක් ආර්ථික මධ්‍යස්ථාන තිබුනත් ආහාර සුරක්‍ෂිතතාවයට ඉතා වැදගත් වන ගොවියාට සහතික කල මිලක් ලබාදීමේ අවශ්‍යතාවය එ් මගින් ඉටුවන්නේ නැත.

අටවැනි උපක‍්‍රමය සත්වැන්නට නෑකම් කියයි. එනම් කුඩා පරිමාන ආහාර සැකසුම් කර්මාන්තශාලා වල පැවැත්ම අනතුරට පත්වන ආකාරයට මහා පරිමාන කර්මාන්ත දිරිමත් කිරීම ඊට අයත් වේ. හොදම උදාහරණය බදු සහන යටතේ ආනයනය කරන කිරිපිටි යොදාගනිමින් මහා පරිමාන යෝගට් කර්මාන්තශාලා ඇති කිරීමයි. මෙම කර්මාන්තශාලා සඳහා ආයොජන මණ්ඩලය යටතේද විවිධ බදු සහන සහ වෙනත් සහන ආදියද ලැබෙන බැවින් කුඩා පරිමාන යෝගට් කර්මාන්ත කරුවාට මේ මහා සමාගම් සමග කරග කල නොහැක. එ් මගින් දේශීය දියර කිරි වලට ඇති ඉල්ලූමද අඩුවේ. සහල් සහ සහල්පිටි කර්මාන්තය ආශ‍්‍රීතව ද මේ තත්වයේ වර්ධනය වෙමින් ඇත. මේ තත්වය විසින්ද ආහාර සැතපුම් ප‍්‍රමාණය වැඩිවේ. එවිට දේශීය ආහාර මිලද ඉහල යන බැවින් ආනයනික ආහාර වලට වාසියක් ඇතිවේ. ඊට අමතරව මධ්‍යගත ප‍්‍රවාහනය නිසා ඉන්ධන පිරිවැය වැඩිවීම මගින් ජාතික ආර්ථිකයටද නිශේධාත්මක බලපෑමක් සිදුවේ.

මේ දුෂ්ඨ ආර්ථික ඝාතක ක‍්‍රියාවලියේ නමවැනි උපක‍්‍රමය දේශීය ආහාර නිෂ්පාදනය සඳහා ආනයනික යෙදවුම් මත යැපීම වර්ධනය කිරීමයි. එ් අනුව මේ වන විට බීජ, පොහොර සහ පලිබෝධනාශක වැනි ප‍්‍රධාන යෙදවුම් සඳහා විදේශීය සමාගම් මත යැපීමට සිදු වී ඇත. බීජ සම්බන්ධයෙන් ගත් විට තත්වය ඉතා බරපතල වේ. බීජ සුරක්‍ෂිතතාව සෘජුව ආහාර සුරක්‍ෂිතතාව සමග බැඳී පවතී. එ් අනුව බීජ සුරක්‍ෂිතතාව අනතුරේ හෙළුවිට ආහාර සුරක්‍ෂිතතාව ඉබේම අනතුරට පත්වේ. මේ වන විට බීජ නිෂ්පාදනය සඳහා වන රජයේ වගකීම ක‍්‍රමයෙන් බහුජාතික සමාගම් වෙත බාරදීමේ ක‍්‍රියාවලිය බොහෝ දුරක් ඉදිරියට ගොස් ඇත. බීජ පනත සංශෝධනය මගින් සහ බුද්ධිමය දේපල පනතට බීජ ආශ‍්‍රිත බුද්ධිමය දේපල අයිතිය ඇතුල් කිරීමට ගන්නා උත්සාහයද සෘජුවම බහුජාතික සමාගම් වල උවමනාව සමග බැඳී පවතී. පොහොර සහනාධාරය මගින්ද අවසානයේ සිදුවන්නේ රසායනික පොහොර මත යැපීම තවදුරටත් දිරිගැන්වීමයි. ශ‍්‍රී ලංකාවේ රසායනික පොහොර භාවිතය ඉන්දියාවේ මෙන් දෙගුණයක් බවට පත්වන්නේ අක‍්‍රමවත් ලෙස ලබාදෙන මෙම සහනාධාරය නිසාය. සියළු සහනාධාරවලට විරුද්ධ වන ණය දෙන ආයතන පොහොර සහනාධාරයට පක්‍ෂ වන්නේ කුමක් නිසාද යන්න ඉතා පැහැදිලිය.

ආහාර සුරක්‍ෂිතතාව වැනසීමේ දසවැනි උපක‍්‍රමය මහජනයාගේ ආහාර පරිභෝජන සංස්කෘතිය වෙනස් කිරීමයි. එනම් දේශීය ආහාර වලට වඩා ආනයනික ආහාර වර්ග වලට වැඩි කැමැත්තක් පාරිභෝගිකයා තුල ඇති කිරීමයි. මෙහිදී ඉහත සඳහන් කල පරිධී මිල අඩුකිරීම ප‍්‍රධාන සාධකයක් ලෙස භාවිතා වේ. එහෙත් ආක‍්‍රමණශීලී වෙළඳ ප‍්‍රචාරණය මෙහිදී ප‍්‍රධාන වේ. අද සෑම රූපවාහිනී නාලිකාවකම පාහේ සෑම විනාඩියක්ම මහා සමාගම් විසින් බදුගෙන ඇත. මේවායේ ප‍්‍රචාරණය වන බොහෝ පෙළඹවීම් ඇති කරන දැන්වීම් ආහාර පනත අනුව නීති විරෝධී වේ. මේ වන විට කිරිපිටි වර්ගයක් සහ යෝගට් වර්ගයක් ප‍්‍රචලිත කිරීම සඳහා එවැනි නීති විරෝධී දැන්වීම් අමු අමුවේ යොදාගනිමින් ඇත. එහෙත් සෞඛ්‍ය බලධාරීන් එ්වාට එරෙහිව ඇගිල්ලක් හෝ ඔසවන්නේ නැත. ඊට අමතරව රට පුරා ඉතා අලංකාර ලෙස පේස්ටි‍්‍ර ෂොප් ජාලයක් බිහිකිරීම සඳහා පාන්පිටි සමාගම උදව් කරන්නේද එ් ප‍්‍රචාරක ව්‍යාපාරයේම කොටසක් ලෙසය. මේ ප‍්‍රචාරණ ව්‍යාපෘති වලට ඉතා සූක්‍ෂමව වෛද්‍යවරුන් ආදී රජයේ නිලධාරින් සහ විද්වතුන් පවා යොදාගන්නා බව පැහැදිලිව පෙනෙන්නට ඇත.

ආහාර සංස්කෘතිය වෙනස්වීම මගින් සිදුවන්නේ ආනයනික ආහාර වලට ඇබ්බැහි වීම පමණක් නොවේ. එ් මගින් ආහාර සඳහා වෙලඳපලට දුවන සංස්කෘතියද දිරිමත් වේ. ගෙවත්තේ හැදෙන එසේනැතහොත් තමා ජීවත්වන ප‍්‍රදේශයේ වැවෙන එලවළු සහ පළතුරු වලට පුරුදු වෙනවා වෙනුවට වෙලඳසැල් ඇති ‘‘ සම්මත ආහාර ද්‍රව්‍යය ’’ වලට පුරුදු වීම මගින්ද ආහාර සුරක්‍ෂිතතාව අනතුරට පත්වේ. විදේශීය ආහාර වැඩිවශයෙන් පුරුදුකල හැක්කේ ආහාර සඳහා වැඩි වැඩියෙන් වෙලඳපල මත යැපෙන පිරිස් වලටය. ආහාර සංස්කෘතිය වෙනස්වීම සහ ආහාර සඳහා බහුලව වෙළඳපල මත යැපීම නිසා අද රට තුල බරපතල මහජන සෞඛ්‍ය අර්බුදයක්ද නිර්මාණය වී ඇත. දියවැඩියාව රෝගය බහුලව පැතිරීම සහ තිරිඟු පිටි බහුලව ආහාරයට ගැනීමේ සංස්කෘතිය අතර දැඩි සම්බන්ධයක් පවතින බව පර්යේෂණ මගින් ඔප්පු වී ඇත. එහෙත් සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳව ඔවුන්ට කළ හැකි අවමයවත් කිරීමට ඉදිරිපත් වන්නේ නැත. පාසල් තුළ තිරිඟු පිටි ආහාර තහනම් කිරීම සඳහා නිකුත් කල චක‍්‍රලේඛණය ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය බලධාරීන් ඉදිරිපත් වන්නේ නැත. ඔවුන්ගේ ආහාර පිළිබඳ උපදෙස් පොතේ මුල් පිටුවේම පාන් ගෙඩියක පින්තූරයක් ඇතුල්කොට ඇත. අධික ලෙස තිරිඟු පිටි ආහාර පරිභෝජනයේ අහිතකර බලපෑම් පිළිබඳව වෛද්‍යවරුන්ද අවවාද කරන්නේ ඉතා කලාතුරකිනි. රූපවාහිනි වල අතෝරක් නැතිව බණ කියන මහා සංඝරත්නයෙන්ද මේ ජාතික ව්‍යසනයට එරෙහිව වචනයක් කියවෙන්නේ කැස්බෑවා වියසිදුරින් අහස බලන වෙලාවකය. මේ සියල්ලෙන් පැහැදිලි වන තවත් ප‍්‍රධාන කරුණක් ඇත. ඒ යම් රටක ආහාර සුරක්‍ෂිතතාව අනතුරේ වැටීම සහ එම රටේ ජනතාවගේ පොදු හෘද සාක්‍ෂිය බිදවැටීම අතරද ප‍්‍රභල සම්බන්ධයක් තිබෙන බවයි.

කෙසේ වෙතත් රටේ ආහාර සුරක්‍ෂිතතාව වැනසීම සඳහා යොදා ගන්නා දස වැදෑරුම් උපායමාර්ගික ප‍්‍රවේශය පිළිබඳ මහජනයා පමණක් නොව විද්වතුන්ද හොදින් දැනුවත් වී නැත. දේශපාලකයින් සහ උසස් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව නම් කථාකොට පලක් නැත. මේ තත්වය පිළිබඳ අවම වශයෙන් පුළුල් කථිකාවක් ගොඩනැගීම සඳහා දායකවීම අද යුගයේ රටට ආදරය කරන මිනිසුන්ගේ අවම වගකීමකි. එසේම රටක රජයක් ඉබාගාතේ වෙරිකාරයෙකු සේ ගමන් කලත් ආහාර සුරක්‍ෂිතතාව රැකගැනිමේ ප‍්‍රති උපායමාර්ගික ක‍්‍රියාකාරකම් බොහොමයක් මහජනයාට තනි තනිවත් සමූහයක් ලෙසත්  ක‍්‍රියාත්මක කල හැක. යමෙකු තනිවම කුස්සියේදී හෝ ගොවිපලේදී ගන්නා තීන්දුවක් සමහරවිට නූගත් දේශපාලකයින් පාර්ලිමේන්තුවේදී ගන්නා තීන්දු වලට වඩා වැදගත් විය හැක.


වෙද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර




සම්බන්ධිත පුවත් | Related News

රටේ ආර්ථිකයේ එක් ක්‍ෂෙත‍්‍රයක් වන කිරි කර්මාන්තය පිළිබඳව කථා කිරීමේදී එය කිරි ආර්ථිකයක් ලෙස හැඳින්වීමට සිදුවන්නේ ඒ සමඟ ගැට ගැසී ඇති සුවිශේෂී ආර්ථික සාධක නිසාය. නමුත් ඊට අදාල තීන්දු තීරණ ගන්නා බලධාරීන් ඒ සුවිශේෂීත්වය වටහාගෙන
මේ වන විට ආණ්ඩුව දේශපාලන, ආර්ථික, සමාජ සංස්තෘකිත ආදී සියළු පැතිකඩවල් වලට අදාලව තම පාලනය ගෙනයන්නේ කිසියම් සිහිනයක ගැලී සිටිමින් දැයි ප‍්‍රභල ප‍්‍රශ්ණයක් මහජන මනස තුළ ගොඩනැගෙමින් ඇත. එක් පැත්තකින් ආණ්ඩුව විග්නේෂ්වරන්
මනුෂ්‍යය ආත්මයකට තිබිය යුතු අවම හෘදසාක්‍ෂිය සහිත සියළු දැනුවත් මිනිසුන් මේ දිනවල බලා සිටින්නේ රජරට වකුගඩු රෝගයෙන් දිනපතා මිය යන දහස් සංඛාත අහිංසකයින් වෙනුවෙන් රජය කුමක් කරන්නේද යනුවෙනි. මේ වන විට ඉතිහාසයේ අප ජාතිය
මේ වන විට අගවිනිසුරුතුමියට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝශාභියෝගයට සහ ඒ ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම් වලට විරුද්ධව අදහස් පළකරන බොහෝ විද්වතුන් පළිහක් බවට පත්කරගෙන ඇත්තේ අධිකරණ ස්වාධීනත්වය නැමැති සංකල්පයයි. ඔවුහු එම සංකල්පයට
මේ වන විට අගවිනිසුරුතුමියට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝශාභියෝගයට විරුද්ධව අදහස් පළකරන බොහෝ විද්වතුන් පිළිහක් බවට පත්කරගෙන ඇත්තේ අධිකරණ ස්වාධීනත්වය නැමැති සංකල්පයයි. ඔවුහු එම සංකල්පයට පක්‍ෂව කොසේ පැලෙන නීති තර්ක
එදා පොන්නම්බලන්ල නිදහසට පෙර ර`ග දැක්වූ ‘‘පනහට පනහ’’ සම අයිතිවාසිකම් නා`ඩගමේ තිර පිටපත බණ්ඩාරනායක සහ චෙල්වනායගම් විසින් 1957දී ෆෙඩරල් නාඩගම බවට සංස්කරණය කළේය. නමුත් එය වේදිකාවේ ර`ග දක්වන්නේ ජේ .ආර් ජයවර්ධන
සයිටම් නමින් හදුන්වන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කළ විරෝධතා ව්‍යාපාරය අඛණ්ඩව වර්ධනය වෙමින් ඇත. රජයේ වෛද්‍ය විද්‍යාල වල සිසුහු මේ වන විට මාස 3කට
ටීඑන්.ඒ. පක්‍ෂයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්‍ෂනායක තනතුරට නුසුදුස වන්නේ ඔහු දෙමළ වීම නිසා හෝ පටු ජාතිවාදියකු වීම නිසාද? නැත. කිසිසේත්ම නැත. එසේ නම් ඒ කුමන හේතු නිසාද?
ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසි දිනක සිදු නොවන ආකාරයට යහපාලන ආණ්ඩුව පත්වීමත් සමග විපක්ෂය ලෙස පෙන්වීමට උත්සාහ දරන කණ්ඩායම් කිහිපයක් ක‍්‍රියාත්මක වන බව පෙනේ. ප‍්‍රායෝගිකව එම නඛ්ඩායම් වල දේශපාලන ස්ථාවරයන්

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය, රාජ්‍ය වගවීම සහ නීතියේ ආධිපත්‍යය: අනාගතයට තීරණාත්මක පූර්වාදර්ශයක්

2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්?

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු සහ අනුචිත බව පවසමින් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති රජීව් අමරසූරිය විසින් සඳහන් කරයි.

ස්පාඤ්ඤයට එල්ල වූ මහා සංක්‍රමණික බලපෑම ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශේෂ අනාවරණයක්..

මෑත කාලීනව ස්පාඤ්ඤය මුහුණ දුන් නීති විරෝධී මහා සංක්‍රමණික රැල්ල සහ ඒ පිටුපස ඇති ජාත්‍යන්තර හා භූ-දේශපාලනික බලපෑම් පිළිබඳව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා විශේෂ විශ්ලේෂණයක නිරත වේ.

ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් අත්හිටුවයි.. දෙරට අතර සාකච්ඡා අදම..

ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ "විශාල මට්ටමේ" ප්‍රහාර අත්හිටුවීමට තීරණය කළ බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“දූෂණ රාජ්‍යය” නැති කර රටේ ආර්ථිකය ගොඩනගන්න ආ රජය අද “අපරාධ රාජ්‍යයක්” හමුවේ රටම අසමත් කරනවා... පූජිත එදා පොලිස්පති කළේ අනුර කුමාර.. - විමල්

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාව හමුවේ තැබූ "දූෂණය නැති කර රටේ ආර්ථිකය ගොඩනගනවා" යන ප්‍රධාන ආඛ්‍යානය (Narrative) සම්පූර්ණයෙන්ම අතහැර දමා, මේ වන විට "අපරාධ රාජ්‍යය නැති කිරීම" නමැති ව්‍යාජ ආඛ්‍යානයක් සමාජගත කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. බත්තරමුල්ල පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මැද පෙරදිග යුද උණුසුම ඉහළට.. – කලාපයෙන් පිටවන්නැයි ඇමරිකානුවන්ට එක්සත් ජනපද තානාපති කාර්යාලවලින් හදිසි අනතුරු ඇඟවීමක්!

ඊශ්‍රායලයේ සහ අරාබි රටවල් කිහිපයක පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල සෙනසුරාදා(01) දින මැද පෙරදිග ගැටුම් තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි බවට ඇමරිකානුවන්ට අනතුරු අඟවා, කලාපයෙන් පිටව යාම පිළිබඳව සලකා බලන ලෙස ඉල්ලා තිබේ.

මහර බන්ධනාගාරයේ තත්වය දරුණුයි.. රාගම ග්‍රාමසේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය..

සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරය අවට ග්‍රාමසේවා වසම් තුනක් සඳහා නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

රවී සෙනෙවිරත්නටත් ශානි අබේසේකරටත් මරණ දඬුවම ලබා දිය හැකියි.. - උදය ගම්මන්පිල

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සහ ඒ සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු තිබියදීත් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ට මරණ දඬුවම පවා ලබා දිය හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉතිහාසයේ පෙරළිකාර තීන්දුවක්: හේමසිරිට සහ පූජිත්ට ලැබුණු මරණ දඬුවමේ සම්පූර්ණ කතාව..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු මඬුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම හේතුවෙන් සාපරාධී වගකීම පැහැරහැරීමෙන් මිනිමැරීම සහ මිනීමැරීමට තැත්කිරීම යන චෝදනාවලට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට මරණ දඬුවම නියම කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මීට සුළු වේලාවකට පෙර තීරණය කළේය.

විනිසුරු වයස ගැන තමාට කට වහගන්නැයි කියූ ප්‍රබලයා ගැන ලාල් විජේනායක හෙළිකරයි...

ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙන යන පියවර සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටින ලෙස කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා තමාගෙන් ඉල්ලා සිටි බව පාලක ජාතික ජන බලවේගයේ (NPP) නායකත්ව කවුන්සිලයේ, විධායක කමිටුවේ සහ ජාතික මෙහෙයුම් කමිටුවේ සාමාජිකයකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ඊයේ පැවසීය.

කැරපොත්තන්ගේ විරෝධතා පිටුපස සැබෑ සිසුන් නෑ?.. - විදේශීය මැදිහත්වීම් ගැනත් ප්‍රබල අනාවරණයක්..

ඉන්දියාවේ දිල්ලි අගනුවර පසුගිය දා පැවැති උණුසුම් විරෝධතා ව්‍යාපාරය සැබෑ සිසුන්ගේ නැගී සිටීමක් නොව, සංවිධානාත්මක සහ පිටතින් අරමුදල් සැපයූ මෙහෙයුමක් බවට තොරතුරු වාර්තා වේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ තීරණයෙන් මාලිමාවේ අභ්‍යන්තර අර්බුදයක්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය තුළ දැඩි මතභේදයක් හටගෙන ඇති බව ඊයේ (30) 'ලංකාදීප' පුවත්පත වාර්තා කර ඇත.

පාස්කු ප්‍රහාරය ගැන හේමසිරිට සහ පූජිත්ට එරෙහි නඩුවේ තීන්දුව අද..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයකින් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව අද (31) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.