සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ
වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී. මේ අතර IMF ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ජාත්‍යන්තර ණය දෙන ආයතනයේ ප්‍රධාන අවධානය මේ වන විට පවතින වැඩසටහන සාර්ථකව අවසන් කිරීම කෙරෙහි යොමු වී ඇති බවයි.
එමෙන්ම, නව IMF වැඩසටහනක් සඳහා ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම්, එය සලකා බලනු ලබන්නේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ගෙවුම් ශේෂ අවශ්‍යතාව පිළිබඳ ඇගයීමකින් අනතුරුව පමණක් බවද ඔහු සඳහන් කළේය.
වෙනත් IMF වැඩසටහනක් සම්බන්ධයෙන් පවතින සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින් IMF ප්‍රකාශකයා සඳහන් කළේ, දැනට ක්‍රියාත්මක විස්තීර්ණ ණය පහසුකම් (Extended Fund Facility – EFF) වැඩසටහන යටතේ තවත් සමාලෝචන දෙකක් සිදු කිරීමට ඉතිරිව ඇති බවත්, එම වැඩසටහන ලබන වසරේ මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක වන බවත්ය.
“එබැවින්, වහාම කළ යුතු ප්‍රමුඛ කාර්යය වන්නේ වත්මන් වැඩසටහන සාර්ථකව අවසන් කිරීමයි,” යනුවෙන් IMF ප්‍රකාශකයා පැවසීය.
ප්‍රකාශකයාට අනුව, තවත් IMF වැඩසටහනක් අවශ්‍යද යන්න තීරණය කිරීම අවසානයේ ශ්‍රී ලංකා බලධාරීන් සතු වගකීමකි. කෙසේ වෙතත්, මේ වන විට නව වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාව විසින් නිල ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වුවද, එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කළහොත් අනුගමනය කරන ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ඔහු මෙසේ පැවසීය.“සාමාන්‍යයෙන්, IMF සාමාජික රටක් නව වැඩසටහනක් සඳහා නිල වශයෙන් සිය කැමැත්ත ප්‍රකාශ කළ විට, IMF කාර්ය මණ්ඩලය සහ එම රටේ බලධාරීන් එක්ව සාර්ව ආර්ථික තත්ත්වය ඇගයීමට, ගෙවුම් ශේෂ අවශ්‍යතාවක් පවතින්නේද යන්න තීරණය කිරීමට සහ ඒ අනුව වැඩසටහනේ සැලසුම පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු
කරනවා. නව වැඩසටහනක් සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි පසු, එය අනුමත කිරීම සඳහා ඓMF විධායක මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වෙනවා.”
IMF කණ්ඩායමක් එහි ප්‍රධානී Evan Papageorgiouගේ නායකත්වයෙන් 2026 සැප්තැම්බර් 10 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.
එහිදී, දැනට ක්‍රියාත්මක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ මෑත කාලීන මැක්‍රෝ ආර්ථික වර්ධනයන් සහ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මෙන්ම ප්‍රතිපත්ති නිර්දේශ පිළිබඳව සාකච්ඡා කර ඇත.
එම සංචාරය අවසානයේ Evan Papageorgiou සඳහන් කළේ, “ශ්‍රී ලංකා ආර්ථිකය අඛණ්ඩව එල්ල වූ කම්පනවලට කැපී පෙනෙන ලෙස ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර තිbenawaa. 2026 වසරේ දෙවැනි කාර්තුවේදී ආර්ථික ක්‍රියාකාරකම් සියයට 4.2කින් වර්ධනය වී ඇති අතර, එය අඛණ්ඩව ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කළ 11 වැනි කාර්තුව සනිටුහන් කරnawaa."
“ගෝලීය තෙල් මිල ඉහළ යාමේ කම්පනය හේතුවෙන් අගෝස්තු මාසයේදී ප්‍රධාන උද්ධමනය වාර්ෂික පදනමින් සියයට 8ක් දක්වා ඉහළ ගියද, උද්ධමන අපේක්ෂාවන් පුළුල් වශයෙන් ස්ථාවරව පවතිනවා."
“2026 අගෝස්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් තිබේ. බැංකු පද්ධතිය ප්‍රමාණවත් ප්‍රාග්ධනයකින් සමන්විත වන අතර ලාභදායීව ක්‍රියාත්මක වේ. 2026 වසරේ පළමු භාගයේ රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය ශක්තිමත් වූ අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියද බොහෝ දුරට අවසන් කර තිබේ,” යනුවෙනි.
කෙසේ වෙතත්, මැදපෙරදිග යුද්ධයේ කාලසීමාව සහ තීව්‍රතාව සම්බන්ධ අවිනිශ්චිතතාව, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්ති සහ එල් නිනෝ සංසිද්ධියේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් අවාසිදායක අවදානම්වලට මුහුණ දෙමින් සිටින බවද ඔහු පැවසීය.
කම්පනවලට නිරන්තරයෙන් නිරාවරණය වන පරිසරයක් තුළ saarwa ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා විචක්ෂණශීලී ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව IMF පසුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබේ.
එමඟින් රාජ්‍ය මූල්‍ය සහ බාහිර මූල්‍ය ආරක්ෂිත සංචිත නැවත ගොඩනැගීම, මිල ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ යහපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම මෙන්ම වඩාත් අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ ජාල තවදුරටත් ශක්තිමත් කිරීම අවශ්‍ය බවද අවධාරණය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..
ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!
සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ
සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ
ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි
2027 අයවැය නොවැම්බර් 12 දා..
ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි
ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි
ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..
අනුරගේ රතු හැට්ටයට යටින් ඉන්නේ වෙනිසියුලාවේ ඇමෙරිකානු පදයට නැටූ ඩෙල්සිලා.. උතුරේ කොටි සැමරුම් හා සිංහල බෞද්ධ උරුමයට එල්ල වන තර්ජන හමුවේ විපක්ෂයේත් අශුද්ධ එකඟතාවක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්..
කියුබාව ‘වැටෙනු ඇතැයි’ ට්‍රම්ප් පැවසීමෙන් පසු චීනයේ සහාය කියුබාවට!
ඇමරිකාවේ පනස් වසරක ධර්ම දූත මෙහෙවර ඇගයේ: "ධර්ම විකෘතිය යනු කුමක්ද?" - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් විශේෂ දේශනයක්..
එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වනවා.. - ඇමති විජිත UN මහ සමුළුව අමතමින් කියයි
ආක්ටික් කලාපීය බලපෑම් හමුවේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙයි..
“අනුර නමින් ඩෙල්සි ඇවිත්?”.. - විමල්ගේ විශේෂ දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි..