News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

Sep 30, 2026 at 11:17 AM
|

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ. ඊයේ(29) දිනයේ රට පුරා පැවති වැඩ වර්ජනයට ගිනි නිවන භටයන්, සෞඛ්‍ය සේවකයන්, ප්‍රවාහන සේවකයන් සහ අනෙකුත් රාජ්‍ය සේවකයන් සහභාගී වූ අතර,වර්ජනයට රටේ ප්‍රධාන රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති සියල්ලම පාහේ සහාය දක්වා තිබේ.

ප්‍රංශය පුරා පෙළපාළි 170කට වැඩි සංඛ්‍යාවක් සැලසුම් කර තිබූ අතර, පැරිස් නගරයේ විරෝධතාකරුවන් මාර්ග අවහිර කරමින් පොලිසිය සමඟ ගැටුම් ඇති කරගෙන තිබේ. එමෙන්ම ගිනි නිවන භටයන් පැරිස් නගරයේ බැස්ටිල් චතුරශ්‍රයේ පිහිටි ප්‍රකට ජූලි කුළුණ මත ගිනි සංඥා දල්වා තිබේ. 1830දී දවන චාල්ස්  රජු පෙරළා දැමීම සිහිපත් කිරීම සඳහා මෙම කුළුණ ඉදිකර ඇත.

ප්‍රංශ සිසුන්ද රට පුරා පාසල් ඉදිරිපිට පොලිසිය සමඟ ගැටුම් ඇතිකරගෙන ඇතැයි වාර්තා වේ. විරෝධතාකරුවන් ඉදිරිපත් කරන ඉල්ලීම් අලුත් ඒවා නොවේ. ඔවුන් ඉල්ලා සිටින්නේ ඉහළ වැටුප්, යහපත් සේවා කොන්දේසි සහ රාජ්‍ය සේවා සඳහා වැඩි අරමුදල් ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත්, රාජ්‍ය අංශයේ සේවකයන් පවසන්නේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ රජය වසර ගණනාවක් තිස්සේ තම දෙපාර්තමේන්තු සඳහා ප්‍රමාණවත් අරමුදල් ලබා නොදෙමින් ඒවා දුර්වල කරමින් සිටින බවත්, වාර්තාගත ඉන්ධන මිල සහ උද්ධමනයට සරිලන පරිදි වැටුප් ඉහළ නොයෑම හේතුවෙන් ඔවුන්ගේ තත්ත්වය මෑතකදී තවදුරටත් දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බවත්ය.

2017දී මැක්‍රොන් බලයට පත්වීමෙන් පසු ප්‍රංශ රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවා ඇත්තේ 5%කින් පමණක් වන අතර, එම කාලය තුළ සමුච්චිත උද්ධමනය 24%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

SNUipp-FSU ගුරු වෘත්තීය සමිතිය පවසන්නේ ප්‍රාථමික පාසල් ගුරුවරුන්ගෙන් 40%ක් වැඩ වර්ජනයට එක්ව ඇති බවයි. රජයේ ඇස්තමේන්තුවලට අනුව ගිනි නිවන භටයන්ගෙන් හතරෙන් එකක් පමණද සේවයෙන් ඉවත්ව වැඩ වර්ජනයට එක්ව තිබේ.

ප්‍රංශයේ වාමාංශික CGT වෘත්තීය සමිතිය මෙම වැඩ වර්ජන දිනය හැඳින්වූයේ “කළු දිනයක්” ලෙසය. එය “අපගේ කෝපය සැබෑ ලෙස ප්‍රකාශ කිරීම” අරමුණු කරගත් දිනයක් බව එම සමිතිය සඳහන් කර තිබේ.

ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු බ්‍රහස්පතින්දා සිය 2027 අයවැය ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහි යුරෝ බිලියන 54ක (ඇමරිකානු ඩොලර් බිලියන 62ක) වියදම් කප්පාදු ඇතුළත් වේ.

ලෙකෝර්නු එය “කප්පාදු අයවැයක්” බව ප්‍රතික්ෂේප කරයි. එහෙත් වැඩ වර්ජනවලට සහාය දක්වන වාමාංශික දේශපාලනඥ ජීන්-ලූක් මෙලන්ෂොන් පවසන්නේ එම අයවැය රටේ නොසන්සුන්තාව තවදුරටත් උග්‍ර කරනු ඇති බවයි. ලබන වසරේ ජනාධිපතිවරණයෙන් තමන් ජයගතහොත් එම අයවැය අවලංගු කර රජයේ ණය අවලංගු කරන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මැක්‍රොන් ජනාධිපති ධුරයේ වාර දෙකක් සේවය කර ඇති බැවින් ලබන අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරග කළ නොහැක.

මේ මස මුලදී ප්‍රකාශයට පත් කළ Ifop මත විමසුමකට අනුව, මැක්‍රොන්ගේ ජනප්‍රියත්වය 18%කට වඩා අඩු මට්ටමක පවතී. වෙනත් මත විමසුම්වලදී ප්‍රංශ ජනාධිපතිවරයා මීටත් වඩා අඩු ජනප්‍රියත්වයක් පෙන්නුම් කර තිබුණද, Ifop ආයතනයේ මත විමසුම් ඉතිහාසය තුළ 18% යනු වාර්තාගත අවම අගයකි.

ඊයේ(28) පැවති වැඩ වර්ජන තත්ත්වය තවදුරටත් උග්‍ර කරමින් ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරයක්ද වර්ධනය වෙමින් පවතී. අධික ලෙස පිරී ඇති සහ නිසි නඩත්තුවක් නොමැති පන්ති කාමර පිළිබඳව විරෝධය පළ කරමින් උසස් පාසල් සිසුන් රටේ නගර කිහිපයක පාසල් 300කට වැඩි සංඛ්‍යාවකට බාධා කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

බොහෝ දෙනා කළු ජාතික හා මැදපෙරදිග සම්භවයක් ඇති, ආර්ථික වශයෙන් පීඩාවට පත් නගරබද ප්‍රදේශවල වෙසෙන යෞවනයන් වන එම සිසුන්, සඳුදා ලිල් නගරයේ පාසලක් ඉදිරිපිට කසළ බඳුන්වලට ගිනි තබා ඇති අතර, පැරිස් නගරයට ආසන්න Saint-Denis ප්‍රදේශයේදී පොලිසිය සමඟ ගැටී තිබේ.

සමහර ප්‍රදේශවල මෙම විරෝධතා කැරලි තත්ත්වයට පත්ව ඇති අතර, තරුණයන් ගිනිකෙළි භාවිත කරමින් කැරලි මර්දන පොලිසිය සමඟ වීදිවල ගැටුම්වල Athi karagena තිබේ.

ප්‍රංශ මාධ්‍යවල නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 28 වනදා සිසුන් සහ කැරලිකරුවන් 164 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, 29 වනදා   අවම වශයෙන් තවත් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සම්බන්ධිත පුවත් | Related News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (30) කොටුව අධිකරණයට පැමිණි අවස්ථාවෙන් අනතුරුව පිටතට පැමිණීමේදී පෞද්ගලික නාලිකාවක මාධ්‍යවේදියෙකු විසින් සිය කැමරාවෙන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියෙකුට පහර දෙන දසුන් පෙළක් මාධ්‍යයට නිකුත් වී තිබේ.
හිටපු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ඇතුළු 18 දෙනෙකුට, 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයේදී සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් නොතීසි නිකුත් කර තිබේ.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් FlyDubai ගුවන් යානයක් හදිසි තත්ත්වයක් පිළිබඳ සංඥාවක් නිකුත් කර ඇති අතර, යම් වේලාවකට පසු සෞදි අරාබියේදී හදිසි ගොඩබෑමක් සිදු කර තිබේ.
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය මිනිස් පාලනයෙන් ඔබ්බට ගමන් කිරීම වැළැක්වීම සඳහා ලොව පුරා රාජ්‍යයන් සහ පෞද්ගලික තාක්ෂණික සමාගම් කඩිනමින් එක්ව ආරක්ෂිත නියාමනයන් සැකසිය යුතු බව නොබෙල් සාම ත්‍යාගලාභී ‘පග්වොෂ්’ විද්‍යා සංවිධානයේ ප්‍රධානී කැරන් හෝල්බර්ග් මහත්මිය ප්‍රකාශ කළ බව RT පුවත් සේවය වාර්තා කරයි.
රාජ්‍ය බුද්ධි සේවයේ සහ යුද හමුදා බුද්ධි බලකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, ඔහුට එරෙහිව එල්ල වී ඇති අමානුෂික වධහිංසා චෝදනා සහ ඔහුගේ බරපතළ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ කමිටු කිහිපයක් එක්ව ශ්‍රී ලංකා රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 100 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේත්‍රාත් පසන් අමරසේන අද (30) නියෝග කළේය.
2026 වසරේ මුල් මාස හත (ජනවාරි - ජූලි) තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය පෙර වසරේ සමාන කාලයට සාපේක්ෂව සියයට 69 කින් දැවැන්ත ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දෙයි.
වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.
වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ සහ යුද හමුදා බුද්ධි බලකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, ඔහුට එරෙහිව එල්ල වී ඇති අමානුෂික වධහිංසා චෝදනා සහ ඔහුගේ බරපතළ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ කමිටු කිහිපයක් එක්ව ශ්‍රී ලංකා රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!

2026 වසරේ මුල් මාස හත (ජනවාරි - ජූලි) තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය පෙර වසරේ සමාන කාලයට සාපේක්ෂව සියයට 69 කින් දැවැන්ත ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දෙයි.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි

අසර්බයිජානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂහීන් මුස්තාෆයෙව් සමඟ ඊයේ(28) ටෙහෙරාන් නුවර පැවති හමුවකදී ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි “ට්‍රම්ප් සාකච්ඡා කිරීමටවත්, යුද්ධ කිරීමටවත් නොහැකි අර්බුදකාරී තත්ත්වයකට හසුවී සිටිනවා” යැයි පැවසීය.

2027 අයවැය නොවැම්බර් 12 දා..

2027 වසර සඳහා වන අයවැය කතාව ලබන නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළාය.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සහ ඇමෙරිකානු - චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුල් කරගනිමින් පසුගිය සතියේ ලෝක දේශපාලනයේ සිදුවූ ප්‍රධාන සිදුවීම් සම්බන්ධයෙන් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා Divaina Online යූටියුබ් නාලිකාව සමඟ පැවැත්වුණු සාකච්ඡාවකදී දීර්ඝ ලෙස අදහස් දැක්වීය.

අනුරගේ රතු හැට්ටයට යටින් ඉන්නේ වෙනිසියුලාවේ ඇමෙරිකානු පදයට නැටූ ඩෙල්සිලා.. උතුරේ කොටි සැමරුම් හා සිංහල බෞද්ධ උරුමයට එල්ල වන තර්ජන හමුවේ විපක්ෂයේත් අශුද්ධ එකඟතාවක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී ඉකුත් 27 වෙනි ඉරිදා පැවැති විශේෂ ප්‍රසිද්ධ දේශනය අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වර්තමාන ආණ්ඩුවේ දෙවසරක විනාශකාරී ක්‍රියාකලාපය, රට මුහුණ දී සිටින දැවැන්ත භූ-දේශපාලනික අර්බුදය සහ අනාගත දේශපාලන අරගලයේ ගමන් මග පිළිබඳව අතිශය උණුසුම්, දීර්ඝ සහ විවේචනාත්මක හෙළිදරව්වක් සිදු කළේය.

ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්..

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21 ක් සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ අද (29) නියම කළාය.

කියුබාව ‘වැටෙනු ඇතැයි’ ට්‍රම්ප් පැවසීමෙන් පසු චීනයේ සහාය කියුබාවට!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හවානා නගරය “වැටෙනු ඇත” යැයි පවසමින් කියුබානු පාලනයේ “මූලික වෙනසක්” අවශ්‍ය බව ප්‍රකාශ කිරීමෙන් පසු, බාහිර මැදිහත්වීම්වලට එරෙහිව කියුබාවට සහාය දෙන බවට චීනය ප්‍රතිඥා දී තිබේ.

ඇමරිකාවේ පනස් වසරක ධර්ම දූත මෙහෙවර ඇගයේ: "ධර්ම විකෘතිය යනු කුමක්ද?" - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් විශේෂ දේශනයක්..

අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද නායක ස්වාමීන් වහන්සේ සහ මඩවල සීලවිමල නායක හිමියන් ඇමරිකා එක්සත් ජනපදයේ ධර්ම දූත මෙහෙවර ආරම්භ කර වසර 50ක් පිරීම නිමිත්තෙන් උන්වහන්සේලාගේ සේවය ඇගයීම සඳහා විශේෂ වැඩසටහනක් පවත්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වනවා.. - ඇමති විජිත UN මහ සමුළුව අමතමින් කියයි

ලෝකයේ සිදුවන පරිවර්තනයන්ට වඩාත් අත්‍යවශ්‍ය සහ ප්‍රතිචාරාත්මක සංවිධානයක් බවට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අර්ථවත් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහාය දෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ආක්ටික් කලාපීය බලපෑම් හමුවේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙයි..

ආක්ටික් කලාපය තුළ තම බලය සහ බලපෑම තහවුරු කරගැනීම සඳහා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය (EU) දරන උත්සාහයන් හමුවේ දෙපාර්ශ්වය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා උපායමාර්ගික නොගැලපීම් තවදුරටත් පුළුල් වෙමින් පවතින බව වාර්තා වේ.

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?”.. - විමල්ගේ විශේෂ දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි..

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?” තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද විශේෂ දේශනයක් (27) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.