ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!
2026 වසරේ මුල් මාස හත (ජනවාරි - ජූලි) තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය පෙර වසරේ සමාන කාලයට සාපේක්ෂව සියයට 69 කින් දැවැන්ත ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දෙයි.
මහ බැංකු සංඛ්‍යාලේඛනවලට අනුව 2025 මුල් මාස හතේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 3,850.1 ක්ව පැවති වෙළඳ හිඟය, 2026 වසරේ එම කාලය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 6,506.9 දක්වා ඉහළ ගොස් ඇත. රුපියල් අගයෙන් ගත් කළ මෙය රුපියල් බිලියන 1,148.5 සිට රුපියල් බිලියන 2,088.1 දක්වා සියයට 81.8 කින් පුළුල් වීමකි.
මෙලෙස වෙළඳ හිඟය සීඝ්‍රයෙන් වර්ධනය වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ අපනයන ආදායම මන්දගාමීව ඉහළ යද්දී ආනයන පිරිවැය දැවැන්ත ලෙස වැඩි වීමයි. මෙම කාලසීමාව තුළ සමස්ත ආනයන වියදම සියයට 25.8 කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 14,643.2 දක්වා වැඩි වී තිබේ.
එහිදී පාරිභෝගික භාණ්ඩ සියයට 28.2 කින්ද, අතරමැදි භාණ්ඩ සියයට 25.6 කින්ද, ආයෝජන භාණ්ඩ සියයට 23.0 කින්ද ආනයනය ඉහළ ගොස් ඇති අතර, බොරතෙල් බැරලයක මිල සියයට 56.0 කින් වැඩි වීමද පිරිවැය ඉහළ යාමට ප්‍රධාන ලෙස හේතු වී ඇත. ඊට සාපේක්ෂව අපනයන ඉපැයීම් වර්ධනය වී ඇත්තේ සියයට 4.4 ක මන්දගාමී අගයකින් වන අතර කෘෂිකාර්මික අපනයන සියයට 0.8 කින් සහ ඇඟලුම් අපනයන සියයට 6.4 කින් පහත වැටී තිබේ.
මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 6.2 කින් අවප්‍රමාණය වී ඇති අතර, ඩොලරයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 334.81 ක් ලෙස සටහන් වී ඇත. එමෙන්ම රටේ ආර්ථික වර්ධන වේගය (GDP) 2025 දෙවන කාර්තුවේ පැවති සියයට 5.0 සිට 2026 දෙවන කාර්තුවේදී සියයට 4.2 දක්වා පහත වැටී ඇත්තේ කෘෂිකාර්මික අංශය සෘණ සියයට 2.3 කින් සංකෝචනය වීම හේතුවෙනි. මීට අමතරව තේ, රබර්, පොල් සහ ඇඟලුම් නිෂ්පාදනයන් පහත වැටීමත්, සංචාරක ඉපැයීම් සියයට 10.0 කින් අඩු වීමත් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇත. මේ අතර රජයේ සමස්ත ණය ප්‍රමාණය 2026 මැයි අවසන් වන විට රුපියල් ට්‍රිලියන 30.79 දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..
ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!
සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ
සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ
ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි
2027 අයවැය නොවැම්බර් 12 දා..
ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි
ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි
ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..
අනුරගේ රතු හැට්ටයට යටින් ඉන්නේ වෙනිසියුලාවේ ඇමෙරිකානු පදයට නැටූ ඩෙල්සිලා.. උතුරේ කොටි සැමරුම් හා සිංහල බෞද්ධ උරුමයට එල්ල වන තර්ජන හමුවේ විපක්ෂයේත් අශුද්ධ එකඟතාවක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්..
කියුබාව ‘වැටෙනු ඇතැයි’ ට්‍රම්ප් පැවසීමෙන් පසු චීනයේ සහාය කියුබාවට!
ඇමරිකාවේ පනස් වසරක ධර්ම දූත මෙහෙවර ඇගයේ: "ධර්ම විකෘතිය යනු කුමක්ද?" - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් විශේෂ දේශනයක්..
එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වනවා.. - ඇමති විජිත UN මහ සමුළුව අමතමින් කියයි
ආක්ටික් කලාපීය බලපෑම් හමුවේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙයි..
“අනුර නමින් ඩෙල්සි ඇවිත්?”.. - විමල්ගේ විශේෂ දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි..