ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි
ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ. ඊයේ(29) දිනයේ රට පුරා පැවති වැඩ වර්ජනයට ගිනි නිවන භටයන්, සෞඛ්‍ය සේවකයන්, ප්‍රවාහන සේවකයන් සහ අනෙකුත් රාජ්‍ය සේවකයන් සහභාගී වූ අතර,වර්ජනයට රටේ ප්‍රධාන රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති සියල්ලම පාහේ සහාය දක්වා තිබේ.
ප්‍රංශය පුරා පෙළපාළි 170කට වැඩි සංඛ්‍යාවක් සැලසුම් කර තිබූ අතර, පැරිස් නගරයේ විරෝධතාකරුවන් මාර්ග අවහිර කරමින් පොලිසිය සමඟ ගැටුම් ඇති කරගෙන තිබේ. එමෙන්ම ගිනි නිවන භටයන් පැරිස් නගරයේ බැස්ටිල් චතුරශ්‍රයේ පිහිටි ප්‍රකට ජූලි කුළුණ මත ගිනි සංඥා දල්වා තිබේ. 1830දී දවන චාල්ස් රජු පෙරළා දැමීම සිහිපත් කිරීම සඳහා මෙම කුළුණ ඉදිකර ඇත.
ප්‍රංශ සිසුන්ද රට පුරා පාසල් ඉදිරිපිට පොලිසිය සමඟ ගැටුම් ඇතිකරගෙන ඇතැයි වාර්තා වේ. විරෝධතාකරුවන් ඉදිරිපත් කරන ඉල්ලීම් අලුත් ඒවා නොවේ. ඔවුන් ඉල්ලා සිටින්නේ ඉහළ වැටුප්, යහපත් සේවා කොන්දේසි සහ රාජ්‍ය සේවා සඳහා වැඩි අරමුදල් ලබාදෙන ලෙසයි.
කෙසේ වෙතත්, රාජ්‍ය අංශයේ සේවකයන් පවසන්නේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ රජය වසර ගණනාවක් තිස්සේ තම දෙපාර්තමේන්තු සඳහා ප්‍රමාණවත් අරමුදල් ලබා නොදෙමින් ඒවා දුර්වල කරමින් සිටින බවත්, වාර්තාගත ඉන්ධන මිල සහ උද්ධමනයට සරිලන පරිදි වැටුප් ඉහළ නොයෑම හේතුවෙන් ඔවුන්ගේ තත්ත්වය මෑතකදී තවදුරටත් දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බවත්ය.
2017දී මැක්‍රොන් බලයට පත්වීමෙන් පසු ප්‍රංශ රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවා ඇත්තේ 5%කින් පමණක් වන අතර, එම කාලය තුළ සමුච්චිත උද්ධමනය 24%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
SNUipp-FSU ගුරු වෘත්තීය සමිතිය පවසන්නේ ප්‍රාථමික පාසල් ගුරුවරුන්ගෙන් 40%ක් වැඩ වර්ජනයට එක්ව ඇති බවයි. රජයේ ඇස්තමේන්තුවලට අනුව ගිනි නිවන භටයන්ගෙන් හතරෙන් එකක් පමණද සේවයෙන් ඉවත්ව වැඩ වර්ජනයට එක්ව තිබේ.
ප්‍රංශයේ වාමාංශික CGT වෘත්තීය සමිතිය මෙම වැඩ වර්ජන දිනය හැඳින්වූයේ “කළු දිනයක්” ලෙසය. එය “අපගේ කෝපය සැබෑ ලෙස ප්‍රකාශ කිරීම” අරමුණු කරගත් දිනයක් බව එම සමිතිය සඳහන් කර තිබේ.
ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු බ්‍රහස්පතින්දා සිය 2027 අයවැය ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහි යුරෝ බිලියන 54ක (ඇමරිකානු ඩොලර් බිලියන 62ක) වියදම් කප්පාදු ඇතුළත් වේ.
ලෙකෝර්නු එය “කප්පාදු අයවැයක්” බව ප්‍රතික්ෂේප කරයි. එහෙත් වැඩ වර්ජනවලට සහාය දක්වන වාමාංශික දේශපාලනඥ ජීන්-ලූක් මෙලන්ෂොන් පවසන්නේ එම අයවැය රටේ නොසන්සුන්තාව තවදුරටත් උග්‍ර කරනු ඇති බවයි. ලබන වසරේ ජනාධිපතිවරණයෙන් තමන් ජයගතහොත් එම අයවැය අවලංගු කර රජයේ ණය අවලංගු කරන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති මැක්‍රොන් ජනාධිපති ධුරයේ වාර දෙකක් සේවය කර ඇති බැවින් ලබන අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරග කළ නොහැක.
මේ මස මුලදී ප්‍රකාශයට පත් කළ Ifop මත විමසුමකට අනුව, මැක්‍රොන්ගේ ජනප්‍රියත්වය 18%කට වඩා අඩු මට්ටමක පවතී. වෙනත් මත විමසුම්වලදී ප්‍රංශ ජනාධිපතිවරයා මීටත් වඩා අඩු ජනප්‍රියත්වයක් පෙන්නුම් කර තිබුණද, Ifop ආයතනයේ මත විමසුම් ඉතිහාසය තුළ 18% යනු වාර්තාගත අවම අගයකි.
ඊයේ(28) පැවති වැඩ වර්ජන තත්ත්වය තවදුරටත් උග්‍ර කරමින් ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරයක්ද වර්ධනය වෙමින් පවතී. අධික ලෙස පිරී ඇති සහ නිසි නඩත්තුවක් නොමැති පන්ති කාමර පිළිබඳව විරෝධය පළ කරමින් උසස් පාසල් සිසුන් රටේ නගර කිහිපයක පාසල් 300කට වැඩි සංඛ්‍යාවකට බාධා කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.
බොහෝ දෙනා කළු ජාතික හා මැදපෙරදිග සම්භවයක් ඇති, ආර්ථික වශයෙන් පීඩාවට පත් නගරබද ප්‍රදේශවල වෙසෙන යෞවනයන් වන එම සිසුන්, සඳුදා ලිල් නගරයේ පාසලක් ඉදිරිපිට කසළ බඳුන්වලට ගිනි තබා ඇති අතර, පැරිස් නගරයට ආසන්න Saint-Denis ප්‍රදේශයේදී පොලිසිය සමඟ ගැටී තිබේ.
සමහර ප්‍රදේශවල මෙම විරෝධතා කැරලි තත්ත්වයට පත්ව ඇති අතර, තරුණයන් ගිනිකෙළි භාවිත කරමින් කැරලි මර්දන පොලිසිය සමඟ වීදිවල ගැටුම්වල Athi karagena තිබේ.
ප්‍රංශ මාධ්‍යවල නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 28 වනදා සිසුන් සහ කැරලිකරුවන් 164 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, 29 වනදා අවම වශයෙන් තවත් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..
ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!
සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ
සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ
ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි
2027 අයවැය නොවැම්බර් 12 දා..
ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි
ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි
ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..
අනුරගේ රතු හැට්ටයට යටින් ඉන්නේ වෙනිසියුලාවේ ඇමෙරිකානු පදයට නැටූ ඩෙල්සිලා.. උතුරේ කොටි සැමරුම් හා සිංහල බෞද්ධ උරුමයට එල්ල වන තර්ජන හමුවේ විපක්ෂයේත් අශුද්ධ එකඟතාවක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්..
කියුබාව ‘වැටෙනු ඇතැයි’ ට්‍රම්ප් පැවසීමෙන් පසු චීනයේ සහාය කියුබාවට!
ඇමරිකාවේ පනස් වසරක ධර්ම දූත මෙහෙවර ඇගයේ: "ධර්ම විකෘතිය යනු කුමක්ද?" - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් විශේෂ දේශනයක්..
එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වනවා.. - ඇමති විජිත UN මහ සමුළුව අමතමින් කියයි
ආක්ටික් කලාපීය බලපෑම් හමුවේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙයි..
“අනුර නමින් ඩෙල්සි ඇවිත්?”.. - විමල්ගේ විශේෂ දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි..