ආර්ථික ඝාතක උපදෙස් වලින් කිරි ආර්ථිකය වෙනස් කළ හැකිද?
රටේ ආර්ථිකයේ එක් ක්‍ෂෙත‍්‍රයක් වන කිරි කර්මාන්තය පිළිබඳව කථා කිරීමේදී එය කිරි ආර්ථිකයක් ලෙස හැඳින්වීමට සිදුවන්නේ ඒ සමඟ ගැට ගැසී ඇති සුවිශේෂී ආර්ථික සාධක නිසාය. නමුත් ඊට අදාල තීන්දු තීරණ ගන්නා බලධාරීන් ඒ සුවිශේෂීත්වය වටහාගෙන ඇති බවක් පෙනෙන්නේ නැත. එසේම එම බලධාරීන් සමස්ථ මහා පින්තූරය නොසලකා හරිමින් වරින්වර කුඩා වෙනස්කම් වලින් උත්තර සෙවීමට උත්සාහ කිරීම නිසා එම මහා පින්තූරය දැන් සම්පූර්ණයෙන්ම විකෘති වී ඇත. එක්තරා කාලයක අප රටේ රජයට එම අහඹු වෙනස්කම් සඳහා මඟ පෙන්වූයේ රටට කිරිපිටි ආනයනය කරන බහු ජාතික සමාගම්ය.
කිරි ඉතුරුම් මංගල්ලය නමින් ආරම්භ වූ එම වැඩසටහන තුල සැබැවින්ම කලයුතු දේ වෙනුවට වෙනත් කුඩා ‘‘සිල්ලර වැඩ’’ ‘‘මහා වැඩ’’ බවට පත්කිරීම සඳහා රජයේ අවධානය යොමු කෙරෙනි. උදාහරණයක් ලෙස පාසල් දරුවන්ට බලෙන් දියර කිරි පෙවීම, කිරි එකතු කිරීමේ ශීත ටැන්කි ගොවි සමිති වලට ලබාදීම සඳහා බදු ජාතික සමාගම් හරහා රජයේ අරමුදල් යෙදවීම, දියර කිරි ප‍්‍රචලිත කිරීම සඳහා මහා පරිමාන ප‍්‍රචාරක ව්‍යාපෘති දියත් කිරීම සහ පිටරටින් කිරි දෙනුන් ආනයනය කිරීම ආදිය සඳහන් කළ හැක.
ආණ්ඩුව සහ විපක්‍ෂය කථාකරන්නේ බහු ජාතික කිරිපිටි සමාගම් වෙනුවෙන්
දැන් රටේ කිරි ආර්ථිකයට අදාලව නව වටයකින් කථිකාවක් ආරම්භ වී ඇත. නමුත් ඊටද මුල්වී ඇත්තේ ප‍්‍රශ්නයේ එක් පැතිකඩක් පමණී. එනම් ලෝක වෙළඳපලේ කිරි පිටි මිල අනුව දේශීය මිල මට්ටම සාධාරණව පවත්වා ගැනීම පිළිබඳවය. එම කථිකාවේ ඇති සුවිශේෂීත්වයක් වන්නේ ආණ්ඩුව පමණක් නොව දක්‍ෂිණාංශික සහ වාමාංශික සියළු විපක්‍ෂ ද බහු ජාතික කිරි පිටි සමාගම් වලට අවශ්‍ය දේ කථා කිරීමය. එපමණක් නොව සියළු දෙනා තොත්ත බබුන් සේ මහජනයාගෙන් ඇත්ත සැඟවීමේ උත්සාහයකද යෙදී සිටින බව පෙනේ.
විපක්‍ෂය කියන්නේ ආණ්ඩුව කිරි පිටි කි.ග‍්‍රෑම් 01 කට රු. 25 ක බද්දක් පනවා සමාගම් විසින් මිල අඩු කිරීමට තිබූ අවස්ථාව අහිමි කළ බවය. ඔවුන් ඉතා පැහැදිලිවම ඉන් අදහස් කරන්නේ ආණ්ඩුව බදු ඉවත් කළහොත් එම වාසිය සමාගම් විසින් මහජනයාට ලබාදෙන බවය. නමුත් ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයකි. එහිදී රජය සිදුකොට ඇත්තේ ඒ වන විට පනවා තිබූ කි.ග‍්‍රෑම් එකකට රු. 125 ක් වූ සෙස් බද්දෙන් රු. 57 ක් අඩුකොට ඉන්පසුව නැවත රු. 25 ක් පැනවීමය. ඒ අනුව සමාගමට ලැබී ඇති බදු සහනය රු. 32 කි. එහෙත් එම සහනය සමාගම් විසින් පාරිභෝගිකයාට ලබා දී නැත. එපමණක් නොව ලෝක වෙළඳපලේ මිල අඩු වූවත් ඒ වන විට සමාගම් වලට ලබා දී තිබූ කි.ග‍්‍රෑම් 01 කට රු. 152 ක මිල වැඩි වීමද සමාගම් විසින් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යති.
මහා භාන්ඩාගාරය කිරි පිටි ආනයන සමාගම් වල ව්‍යාජ දත්ත පිළිගනියි.
මාස කිහිපයකට පෙර එම මිල වැඩිවීම ලබාදුන්නේ ඊටත් වසරකට පෙර ලෝක වෙළඳපලේ කිරිපිටි මිල මො.ඩො. එකක මිල ඩොලර් 5000 දක්වා වැඩි වූ බව ප‍්‍රකාශ කරමිනි. එදා එම ව්‍යාජ තර්කය පිළිබඳව එසේ නැතහොත් ලෝක වෙළඳපලේ සැබැවින්ම එම ආසන්න කාලයේදී මිල වැඩිවීමක් සිදුවී නොමැති බවට විපක්‍ෂය හෝ රජය මතයක් ප‍්‍රකාශ කළේ නැත. ඒ වෙනුවට මිල වැඩිවීමට අමතරව මහජනයාට හොරෙන් සහාගම් වලට ලබාදුන් බදු සහනය පිළිබඳව ඔවුන් තම සතුට ප‍්‍රකාශ කළේය. නමුත් ඉහත සඳහන් කළ ආකාරයට සමාගම් එම බදු අඩු කිරීමට සාපේක්‍ෂව මිල අඩු කළේ නැත. ඒ පිළිබඳව කිසිවකු සමාගම් වලට චෝදනා එල්ල කළේද නැත. එසේ සමාගම් විසින් ගොවියා සහ පාරිභොගිකයා යන දෙදෙනාම අමු අමුවේ සූරා කෑම පිළිබඳව ගැඹුරු කථිකාවක් සමාජයේ සිදුවූයේ නැත. අප වැනි සංවිධාන වලින් එම කූඨ ක‍්‍රියාව පිළිබඳව ලිපි ලියුවත් සමාගම් වල බලපෑම මත ජාතික පුවත්පත් විසින් ඒවා පළකළේ ද නැත.
කිරි පිටි ආනයනය කරන සමාගම් වලට කෝටි-ප‍්‍රකෝටි ගණනින් බදු සහන
කෙසේවෙතත් විපක්‍ෂය ඉල්ලා සිටින බදු සහනයෙන් වාසිය ලැබී ඇත්තේ කිරි පිටි ආනයනය කරන සමාගම් වලට පමණී. මුලින්ම බදු ඉවත් කළ අවස්ථාවේදී එම සහනය වසරකට රු. මිලියන 5000 ක් තරමි විය. දැන් බද්දෙන් කොටසක් නැවත පැනවීම තුළ සමාගම් වලට ලැබෙන සහනය මිලියන 3000 දක්වා පමණ අඩු වී ඇත. ඉහත සඳහන් කළ ආකාරයට විපක්‍ෂය දැන් පැමිණිලි කරන්නේ එසේ සමාගම් වලට ලැබුණු සහනය යම් පමණකින් හෝ අඩු කිරීම පිළිබඳවය. මේ මහා පටලැවිල්ල පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ එය බේරා නොගෙන කිරි ආර්ථිකය වෙනස් කිරීමක් ගැන කථා කළ නොහැකි බැවිනි.
මෙම පටලැවිල්ලට මූලිකවම හේතු වන්නේ පාරිභෝගික ද්‍රව්‍යය වලට බදු පැනවීම රජය විසින් වක‍්‍ර බදු ආදායම වැඩිකර ගැනීම සඳහා යොදාගන්නා උපක‍්‍රමයක් ලෙස පමණක් අර්ථ දැක්වීමය. දෙවැන්න යම් විශේෂ බද්දක් පැනවූ විට එය අදාල අරමුණට අනුව පමණක් වැය කිරීමේ මූල්‍ය කළමණාකරණ සංස්කෘතියක් රට තුල නොමැති වීම සහ ඒ පිළිබඳ කථිකාවක්ද නොමැති වීමය. අප රටේ ආහාර සුරක්‍ෂිතතාවය පිලිබඳව කථා කිරීමේදී සෙස් බදු පැනවීම පිළිබඳව විශේෂයෙන්ම සහ පළමුවෙන්ම කථා කිරීමට සිදුවන්නේ එම පටලැවිල්ල නිසාය. ඕනෑම රටක ආහාර සුරක්‍ෂතතාවය අනතුරේ වැටීමට ප‍්‍රධාන වශයෙන්ම හේතුවන්නේ ආනයනික ආහාර අඩු මිලට වෙළඳපලට ප‍්‍රතාපනය කිරීම නිසා දේශීය නිෂ්පාදන වලට වෙළඳපල අහිමි වීමය. එවිට දේශීය ආහාර නිෂ්පාදන කර්මාන්තය ලාභදායී ලෙස පවත්වාගෙන යා නොහැක. එසේත් නැතහොත් අලෙවිකරණය සඳහා තරඟකාරීව විශාල පිරිවැයක් දරන්නට වීම නිසා ලාභ ප‍්‍රතිශතය අඩු වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස අමුද්‍රව්‍ය සඳහා ගොවියාට ගෙවන මිල අඩුවන අතර අවසානයේදී නිෂ්පාදන ක‍්‍රියාවලිය බිඳ වැටීමට ලක් වේ.
කිරිපිටි ස`දහා මිල සුත‍්‍රයක් අනිවාර්ය වේ.
එම නිසා ලෝකයේ බොහෝ රටවල , බොහොවිට ශ‍්‍රි ලංකාව හැර , තෝරාගත් ප‍්‍රධාන අහාර වර්ග වලට විදේශිය රටවලදී සහ දේශියව ලබා දෙන සහනාධාර සහ බදු සහන මගින් එවායේ වෙළ`දපල මිල කොපමන ප‍්‍රමාණයක් අඩු කෙරෙනවාද යන්න සොයා බැලේ .ඒ සම`ග ඒ අහාර ද්‍රව්‍යය දේශියව නිපදවිම ස`දහා වන පිරිවැයක්ද සාමන්‍යය අ`ගයක් ලෙස ගණනය කෙරේ. ඉන්පසු මෙම සාධක දෙක මත පදනම්ව සාධාරණ මිල මට්ටම තීරණය කෙරේ. ඒ ස`දහා දේශිය නිෂ්පාදන පිරිවැය මත පදනම්ව මිල සුත‍්‍රයක් හදුන්වාදිම අනිවාර්ය සාධකයකි.
එම මිල මට්ටම පවත්වාගෙන යාම ස`දහා ප‍්‍රධාන වශයෙන් උපාංග දෙකක් භාවිතා වේ. පළමු වැන්න මිල මට්ටම ඉහල දැමිමට අවශය ප‍්‍රමාණයට සෙස් බද්දක් පැනවිමයි. දෙවැන්න මිල පාලනය මගින් ඉහල මිල මට්ටමට සිමාවක් පැනවිමය.එසේ මිල පාලනයක් නොමැති අවස්ථාවක බද්ද මගින් පාලනය කෙරෙන අවම මිල මට්ටමට සාපේක්ෂව තර`ගකාරිව මිල තිරණය කෙරේ.
කිරිපිටි සෙස් බදු යෙදවිය යුත්තේ කිරි ගොවියා වෙනුවෙන්
ඉහත සඳහන් කළ තත්වයන්ට අනුව සෙස් බදු පැනවිම යනු රටක අහාර නිශ්පාදනය දියුණු කිරිම සහ අවසානයේ අහාර සුරෂිතවභාවය රැකිමට අදාල මුලික කරුණකි.නමුත් සෙස් බද්දක් පැනවිම මගින් මිල මට්ටමක් පවත්වා ගන්නේ දේශිය නිෂ්පාදන දිරි ගැන්විමට බැවින් එම අරමුදල් සියල්ලම අදාල නිශ්පාදන ක‍්‍රියාවලිය දියුණකිිරිමට පමණක් යෙදවිය යුතුය. ඒ අනුව විපක්ෂය විශේෂයෙන්ම වාමාංශික විපක්ෂය රජයෙන් ඉල්ලාසිටිය යුත්තේ බදු අඩු කරන ලෙස නොවේ. ඒ වෙනුවට ඔවුන් ඉල්ලාසිටිය යුත්තේ බද්ද විනිවිදභාවයෙන් යුතුව අවශ්‍ය ප‍්‍රමාණයට පැනවිය යුතු බව සහ එම අදායමේ සැම රුපියලක්ම අදාල නිෂ්පාදන කාර්යට පමණක් යෙදවිය යුතු බවය. උදාහරණයක් ලෙස කිරිපිටි වලට පනවන සෙස් බද්දේ සැම රුපියලක්ම කිරි ගොවියාට සහන ලබාදිමට සහ කිරි කර්මාන්තයේ තත්වය ඉහල නැංවිමට යොදාගත යුතුය.
කොරියාව වැනි රට වල වාමාංශික පක්ෂ සහ විශේෂයෙන්ම ගොවිි සංවිධාන රජයෙන් ඉල්ලා සිටින්නේ බදු පැනවිම සහ එවා වියදම් කිරිමට අදාල තොරතුරු මහජන සංවාදයට ඉදිරිපත් කරන ලෙසය.එසෙම ඔවුන් තම රට වලදී සැම විටම සටන් කරන්නේ බදු ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් නොව අයනික අහාර වලට බදු පනවන ලෙස ඉල්ලමිනි. ඒ අනුව ශ‍්‍රි ලංකාව එම රටවලට වඩා හත්පසින්ම වෙනස් වේ.
අද ලෝකයේ කිරිපිටි , සිනි ආදි මහා පරිමාන අහාර නිෂ්පාදනයේ යෙදි සිටින රටවල් තම රටවල නිෂ්පාදනය ඉහල දැමිමට අදාල රහස් සොයාබැලීමේදි ප‍්‍රධාන වශයෙන් එක් දෙයක් පැහැදිලි වේ. එම රටවල් විසින් 1950 දශකයේදී පමණ තම රටවලට අනයනය කරන අහාර වලට පැනවු බදු ව්‍යුහය අධ්‍යනය කිරිමෙන් ඒ මුලික රහස් අනාවරණය කරගත හැක. දැන් එම රටවල් අප වැනි රටවල් විසින් බදු පැනවිමට එරෙහිව කථා කරන්නේ එදා තමාගේ රටේ නිශ්පාදන අරක්ෂා කිරිම ස`දහා දිර්ඝ කාලයක් ඉතා ඉහල බදු මට්ටම් පවත්වාගෙන යාම තුලින් නිෂ්පාදනය ඉහළ මට්ටමකට ගෙන එමෙන් පසුවය.
රුපියල් මිලියන 9000 ක කිරිදෙනුන් ආනයනය කිරීම කාගේ තීන්දුවක්ද?
ඒ අකාරයට අහාර සුරක්ෂිතභාවයට අදාල බදු ව්‍යුහයන් පවත්වාගෙන යාමේ මුලික පදනම පටලවාගැනීමට අමතර අප රටේ තවත් පැටලැවිලි කිහිපයක්ම නිසා කිරි අර්ථිකයට බරපතල හානිකර තත්වයක් උදාවී ඇත.ඒ අතරින් ප‍්‍රධාන පටලැවිල්ල වන්නේ කිරි නිශ්පාදන ඉහල දාමිම ස`දහා කිරි ලීටර 30-40ක් ලබා ගත හැකි ඊනියා උසස් දෙනුන් සහ මහා පරිමාන ගොවිපලවල් අවශ්‍යය බවට වන තර්කයයි.එම තර්කය මත පිහිටා පසුගිය දින වල රජය රු.මිලියන 9000ක් වියදමි කොට ඕස්ටේ‍්‍රලියාවෙන් එළ දෙනුන් අනයනය කිරිමට කටයුතු කළේය.එම මුදල කිරි කර්මාන්තය නැන්විමේ ප‍්‍රථිපලදායක උපාය මාර්ගික ප‍්‍රවේශයක් තුල අයෝජනය කළානම් තව වසරකින් දෙකකින් මෙවැනි ලිපි ලිවීමේ අවශ්‍යතාවයක් මතුවන්නේ නැත.
දිනකට කිරි ලීටර් ලක්‍ෂ 2 ක් සකස් කළ හැකි කිරි කර්මාන්තශාලාවක් ආරම්භ කිරිම ස`දහා වැය වන්නේ එසේ සතුන් ආනයනය ස`දහා වැය කරන මුදලින් හයෙන් පංගුවකි. එසේම උසස් මට්ටමේ දේශීය එළදෙනුන් අභිජනනය කිරිමේ මහා පරිමාණ ජාතික මට්ටමේ ව්‍යාපෘතියකට වැය වන්නේ සතුන් ආනයනය ස`දහා වැය කළ මුදලින් භාගයකට අඩු මුදලකි. අද වන විට මෙම ආනයනික දෙනුන්ගෙන් කිරි ලීිටරයක් ලබා ගැනීීමට වියදම පමණක් රු.70 ක් පමණ වේ. නමුත් වෙළ`දපලේ ගොවියාට ගෙවන මිල රු. 50 කි. ඇත්තවශයෙන්ම ප‍්‍රාග්ධන වියදමද කිරි ලීටරයකට එකතු කළහොත් එය රු.100 ඉක්මවා යනු ඇත. එම සැස`දීම මගින් කිරි දෙවීම ස`දහා එළදෙනුන් ආනයනය කිරීම යනු කිරි ආර්ථිකයට අදාලව උපාය මාර්ගික වශයෙන් ඉතා දුප්පත් තීන්දුවක් බව පැහැදිලි වේ.
මෙම ඊනියා උසස් දෙනුන් මුලික වශයෙන්ම අප රටට සුදුසු නොවන්නේ ප‍්‍රාග්ධන ආයෝජනයට අමතරව ප‍්‍රධාන වශයෙන්ම සාන්ද්‍ර ආහාර සහ අනෙකුත් නඩත්තු කටයුතු ස`දහා කිරි මිලට සාපේක්‍ෂව විශාල වියදමක් දැරීමට සිදු වන නිසාය. එසේවුවත් සැබෑ ලෙසම දියුණු ජාතික අභිජනන ව්‍යපෘතියක් ක‍්‍රියාත්මක වනවා නම් ජාන සම්පත් ලබා ගැනීම ස`දහා යම් සතුන් සුළු ප‍්‍රමාණයක් ආනයනය කිරීමේ වරදක් නැත. නමුත් අප රටේ පශු සම්පත් මණ්ඩලය තුළ වතුවල පොල් ටික කඩාගෙන කමින් නඩත්තු වන දුප්පත් පරිපාලන සංස්කෘතිය බරපතල ලෙස වෙනස් නොකර එවැනි ජාතික අභිජනන ව්‍යාපෘතියක් ආරම්භ කළ නොහැක. අද වන විට එම ආයතනය පිහිටවු පනතේ මුලික අරමුණ වන අභිජනන ව්‍යාපෘතියක් දියත් කිරිම හැර තේ කඩ දැමීමේ සිට සංචාරය කර්මාන්තය දක්වා වන අන් සියලූ දේ කිරීමට එහි පාලකයෝ උත්සාහ කරති. කිරි ආර්ථිකය දියුණු කිරීමට තීරණාත්මකව වැදගත් වන ආයතන එසේ අයාලේ යෑමට ප‍්‍රධාන හේතුව කිරි ආර්ථිකය දියුණු කිරීමට අදාලව ජාතික මට්ටමින් උපාය මාර්ගික සැලසුමක් නොමැති වීමය.
ඉන්දියාව ලෝකයේ විශාලතම කිරි නිෂ්පාදකයා වන්නේ කෙසේද?
මහා පරිමාණ ගොවිපල ගැන කථා කිරීම සහ දිනකට කිරි ලීටර් 30-40 දොවා ගත හැකි දෙනුන් ආනයනය ආදිය දේශපාලන වශයෙන් ආකර්ශනීය බවට සැකයක් නැත. ඒ නිසාම බහු ජාතික සමාගම් වලට කත් අදින ආර්ථික ඝාතකයින්ට දේශපාලකයින් ඇන්දවීම පහසු වී ඇත. ඉන්දියාවේ කිරි ආර්ථිකය අද ලෝකයේ විශිෂ්ඨතම මොඩලයක් බවට පත්වන්නේ එම ආකර්ශනීය සාධක දෙකම නොමැතිවය. ඉන්දියාවේ එක් එළදෙනෙකුගෙන් දොවා ගන්නා සාමාන්‍ය කිරි ප‍්‍රමාණය ලීටර් 04 කි. ඔවුන් ලෝකයේ විශාලතම කිරි නිෂ්පාදකයා බවට පත් වන්නේ එසේ සාමාන්‍ය අස්වැන්න සහිත සතුන් යොදා ගන්නා ගොවීන් ප‍්‍රමණය වැඩි කිරීම මගිනි. එසේ ගොවීන් ප‍්‍රමාණය වැඩි කිරීම සහ එක් ගොවියකුගේ සතුන් ප‍්‍රමාණය වැඩි කිරීම ස`දහා වෙළ`දපල පැත්තෙන් මෙන්ම නිෂ්පාදන සාධක පැත්තෙන්ද කොන්දේසි ප‍්‍රමාණයක් සපුරා ගත යුතු වේ. ශ‍්‍රී ලංකාවට වැදගත් වන්නේ එම කොන්දේසි මොනවාදැයි මැනවින් අධ්‍යනය කිරීමය.
කෙසේවෙතත් ඊට පෙර නොකළ යුතු දේ මොනවාදැයි හ`දුනාගත යුතුය. ඉහත ස`දහන් කළ ආකාරයට මහා පරිමාණ ගොවිපල සහ දෙනුන් ආනයනය අත්‍යවශ්‍ය කොන්දේසි ලෙස සලකා කටයුතු කිරීම එම ‘‘නොකළයුතු’’ ලැයිස්තුවේ ඉහළින්ම ඇත. දෙවැන්න බදු ප‍්‍රතිපත්ති පටලවා ගැනීම සහ ව්‍යාජ ලෙස පාරිභෝගිකයා ඉදිරියට දැමීම මගින් රටට අඩුමිලට ආනයනය කරන බාල කිරිපිටි ප‍්‍රචලිත කිරීමට ප‍්‍රමුඛතාවය දීමය. තෙවැන්න රජයේ අරමුදල් යොදවා පාසල් ළමුන්ට බලෙන් දියර කිරි පෙවීම මගින් සහ දියර කිරි ගුණ වයන ‘‘බිල් බෝඞ්’’ මඟින් කිරි නිෂ්පාදනය ඉහළ දැමිය හැකිය යන මිත්‍යාව මත ක‍්‍රියාකිරිමය. පවතින වෙළ`දපල ව්‍යුහය, පිරිවැය ව්‍යුහය සහ පරිභෝජන සංස්කෘතිය තුළ ප‍්‍රචාරක ව්‍යාපෘති හරහා දියර කිරි ප‍්‍රචලිත කිරීම මගින් ඉල්ලූම වැඩි කොට සැපයුම දිරිමත් කළ හැකිය යන විශ්වාසය කිරිපිටි ආනයනය කරන සමාගම් විසින් ගොඩනැගු මතයකි. එයට හේතුව එම ක‍්‍රියාවලිය උපරිම මට්ටමට ගෙන ආවත් රට තුළට ආනයනය කරන කිරි පිටි ප‍්‍රමාණය 10 ්‍ර කින්වත් අඩු කළ නොහැකි වීමය.
ඉහු ජාතික කිරි පිටි සමාගම් දියර කිරි ප‍්‍රචලිත කිරීමට ආධාර කරන්නනේ කුමක් නිසාද?
කෙසේවෙතත් හැකිතාක් දියර කිරි ප‍්‍රචලිත කිරීම මුලික සංකල්පයක් ලෙස පිළිගත යුතු බවට විවාදයක් නැත. එම ප‍්‍රවේශය සෑම දිනකම දශමයකින් හෝ වැඩි කර ගත යුතු බවටද විවාදයක් නැත. අදාල තර්කය වන්නේ ඒ මගින් බහුජාතික සමාගම් විසින් උදුරාගෙන ඇති අප රටේ කිරි වෙළ`දපල නැවත අත්පත් කර ගත නොහැකි බවය. කිරිපිටි ආනයනය කරන බහුජාතික සමාගම් දේශීය කිරි නිෂ්පාදනය නැන්වීම ස`දහා හැකිතාක් දියර කිරි ප‍්‍රචලිත කළ යුතු බවට උපදෙස් දෙන්නේ සහ එම වැඩසටහන් වලට ආධාර කරන්නේ ඔවුන් මෙම තත්වය ඉතා හො`දින් දන්නා නිසාය.
ඊළ`ග නොකළයුතු දේ නිශ්චිත උපායමාර්ගික සැලසුමක් නොමැතිව කිරි ගොවියා ණය කරුවකු බවට පත් කිරීමය. පසුගිය කාලයේදී කිරි ගොවියාට මෙන්ම කිරි ගොවි සමිති වලට විවිධ ණය ක‍්‍රම හ`දුන්වා දුන්නත් එම ණය නිෂ්පාදනය වැඩි කිරීමේ දිශාවට ඵලදායීව යොදා ගෙන ඇත්තේ සුළු වශයෙනි. පසුගිය කාලයේදී විධිමත් ගව මඩු තැනිම වැනි බටහිර මොඩලයේ කුඩා ප‍්‍රවේශ අත්‍යවශ්‍ය සාධක ලෙස ගොවියා මත පැටවීම නිසා ගොවීන් නිරපරාදේ ණයකරුවන් බවට පත්විය. ඒ මගින් කිරි දොවාගත හැකි සතුන් ප‍්‍රමාණය වැඩි කිරීමේ ප‍්‍රමුඛතාවය අවතක්සේරු විය. ඊට අමතරව ගව මඩුවට අතිශයෝක්තියෙන් ප‍්‍රමුඛතාවය දීම මගින් සතුන් හො`දින් රැක බලා ගැනීමේ අනෙකුත් ක‍්‍රමවේද සහ ඒවායේ ප‍්‍රමුඛතාවයද අවතක්සේරු විය. අවසානයේදී ගොවියා ණයකරුවකු වුවත් එම ආයෝජන වලට සාපේක්‍ෂව නිෂ්පාදන ධාරිතාව ඉහළ යෑම සිදු වන්නේ අපේක්‍ෂිත ප‍්‍රමාණයට වඩා බොහෝ අඩු මට්ටමකිනි.
උපාය මාර්ගික සැලසුම මඟින් තොරව ණය දීමෙන් ගොවියා අමාරුවේ වැටේ.
එසේම පසුගිය කාලයේදී රාජ්‍ය අරමුදල් වලින් බහුජාතික සමාගම් හරහා කිරි ගොවි සමිති වලට ’’ ශීත ටැංකි ’’ ලබාදිම මගින් හෝ එම සමිති වලට ඒවා අත්පත් කර ගැනිම ස`දහා ණය දීම මගින් එම සමිති වල කිරි එකතු කිරීමේ ධාරිතාව සැලකිය යුතු මට්ටමින් වෙනස් වී නැත. කුරුණැගල වැනි ප‍්‍රදේශවල තනි පුද්ගලයින් විසින් කිරි ලීටර් 5000 සිට 10,000 දක්වා ප‍්‍රමාන වලින් එකතු කරන විට ප‍්‍රධාන පෙලේ සමුපකාර සමිති කිරි ලීටර් 4000 ක් එකතු කර ගත නොහැකි තත්වයට ඇද වැටී ඇත. ගොවියා නිෂ්පාදනය කරන ඕනෑම කිරි ප‍්‍රමාණයක් සහ සමිති විසින් හෝ පුද්ගලයින් විසින් එකතු කරන ඕනෑම කිරි ප‍්‍රමාණයක් සහතික මිලට සපේක්‍ෂව උපරිම මිලකට ගැටලූවකින් තොරව මිලදි ගන්නා වෙළ`දපල යාන්ත‍්‍රණය දම්වැලක් සේ එකිනෙකට සම්බන්ධ විය යුතුය. එහි ඉහළම කෙළවර තිබිය යුත්තේ නිශ්චිත භූගෝලීය පෝෂක කලාපයන් තුළ පිහිටුවනු ලබන ‘‘ විසුරුම් වියලි ’’ කිරිපිටි කර්මාන්තශාලා ප‍්‍රමාණයකි. පසුගිය කාලයේදී ගොවියාට මහ පාරේ කිරි හැලීමට සිදු වුයේ එම වෙළ`දපල දම්වැල සම්පුර්ණ වී නොමැති නිසාය. එහිදී එම දම්වැලේ මුල්‍ය කාර්යක්‍ෂමතාවයද ඉතා වැදගත් වේ. ගොවියාගෙන් මිලදී ගන්නා කිරි වලට සතියකට දෙවතාවක්වත් මුදල් ගෙවන කාර්යක්‍ෂමතාව ඊට තිබිය යුතුය. එම සමස්ත දම්වැල ශක්තිමත් නොවන තත්වයක් යටතේ අතරමැද සමිතියකට හෝ එකතු කරන්නෙකුට ණයට ශීත ටැංකි ලබාදීමෙන් පමණක් ප‍්‍රශ්නය විසදෙන්නේ නැත. ඒ මගින් අවසානයේදී ණය බර නිසාම ඔවුන්ගේ ව්‍යාපර බි`ද වැටෙන තත්වයක් ඇති විය හැක.
නොකළයුතු දේ නොකර සිටීම මුලික කොන්දේසියක් වුවත් ඒ මගින් පමණක් ප‍්‍රශ්නය විසදෙන්නේ නැත. ඒ අනුව දේශීය කිරි ආර්ථිකය න`ගා සිටුවිම ස`දහා අත්‍යවශ්‍ය පුර්ව කොන්දේසි ලැයිස්තු ගත කළහොත් පළමුතැන හිමි වන්නේ ජාතික මට්ටමින් ගොවියා නිපදවන ඕනෑම කිරි ප‍්‍රමාණයක් ගැටලූවකින් තොරව මිලදී ගත හැකි වෙළ`දපල ධාරිතාවක් ඇති කර ගැනිමය. එනම් භූගේාලීයව ප‍්‍රවාහන වියදම් අවම වන ආකාරයට විසිරුම් වියළි කිරිපිටි කර්මාන්තශාලා ප‍්‍රමාණයක් පියවරෙන් පියවර ස්ථාපිත කිරීමය. මේ වන විට රටේ ඇත්තේ එවැනි කර්මාන්තශාලා දෙකකි. පුද්ගලික ආයතනයක් වන පැල්වත්ත කිරි කර්මාන්තශාලාවේ දිනකට කිරි ලීටර් 150,000 ක් සකස් කිරීමේ ධාරිතාව ඇත. රජයට අයත් ’’හයිලන්ඞ්’’ කර්මාන්තශාලාවේ සකස්කළ හැක්කේ ඉන් අඩකටත් අඩු ප‍්‍රමාණයකි. මේ වන විට පැල්වත්ත සමාගම කන්තලේ ප‍්‍රදේශයේ ලීටර් ලක්‍ෂ 2 ක ධාරිතාව සහිත කිරිපිටි කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ. එවැනි කර්මාන්තශාලාවක සුවිශේෂීත්වය වන්නේ එහි ක‍්‍රියාකාරීත්වය ලීටර් 50,000 ක වැනි ප‍්‍රමාණයින් ආරම්භ කොට ක‍්‍රමයෙන් ඉහළ දැමීමට හැකි වීමය. එම තාක්‍ෂණික හැකියාව ඉතා වැදගත් වන්නේ ඒ මගින් පිරිවැය ඉහළයාමකින් තොරව අඩු ධාරිතාවකින් යුතුව පටන් ගැනිම සහ මිලද ගන්නා කිරි ප‍්‍රමාණය ක‍්‍රමයෙන් ඉහළ දැමිම ස`දහා අත්‍යවශ්‍ය කොන්දේසියකි බැවිනි.
පැල්වත්ත කිරිපිටි සමාගම නැතිනම් කිරි මහපාරේ හැලිමට ගොවියාට සිදුවේ.
පසුගිය කාලයේදී රජයේ හයිලන්ඞ් සමාගම එකතු කරන කිරි තොග පවා මිලදී ගත්තේ පැල්වත්ත සමාගම විසින්. එම ආයතනය නොතිබුනා නම් අද වන විට මහ පාරේ හැලීමට සිදුවන්නේ හයිලන්ඞ් සමාගමේ කිරි බවට කිසිදු සැකයක් නැත. ඒ අනුව ඉල්ලූම පැත්තෙන් හෙවත් වෙළ`දපල පැත්තෙන් මුලිකම සහ ප‍්‍රධානතම පුර්ව කොන්දේසිය වන්නේ එසේ ඕනෑම කිරි ප‍්‍රමාණයකින් මිලදී ගතහැකි වෙළ`දපල ධාරිතාව අත්පත් කර ගැනීම බව ඉතා හො`දින් පැහැදිලි වේ. එසේවුවත් පසුගිය කාලයේදී රජය මිලියන 750 ක් වැය කලේ දියර කිරි සකස් කිරීමේ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමටය. එසේ ප‍්‍රමුඛතා පටලැවිම ස`දහා එම ආයතනයේ ප‍්‍රධාන පුටුවක් හොබවන බහු ජාතික කිරි පිටි සමාගමක හිටපු නිධාරියකු ප‍්‍රබලව මැදිහත් වු බවට සාක්‍ෂි ඇත.
ඒ ආකාරයට මිලදී ගැනිමේ ධාරිතාව අත්පත් කර ගැනිම පුර්ව කොන්දේසියක් ලෙස ඉදිරිපත් කරන විට බොහෝ දෙනා ප‍්‍රශ්න කරන්නේ ඊට අවශ්‍ය කිරි ලැබෙන්නේ කෙසේද යනුවෙනි. එසේ නැතහොත් කිරි සමිති නොමැතිව කිරි එකතු කරන්නේ කෙසේද යනුවෙනි. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ කිරි ගව පට්ටිය මිලියන 1.5 ක් වේ. ඒ අතුරින් කිරි ගන්නේ ලක්‍ෂ 2-3 ත් අතර සතුන් ප‍්‍රමණයකිනි. කිරි වලට සාධරණ මිලක් ලැබෙනවා නම් සහ උදේ සවස් දොවන කිරි ඕනෑම ප‍්‍රමාණයක් මිලදී ගන්නවා නම් ඉතා කෙටි කලකින් කිරි දොවන සතුන් ප‍්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීම යනු අමාරු ඉලක්කයක් නොවේ.
ගොපල්ලාගේ හැසිරීම සහ කිරි නිෂ්පාදනය වැඩි කිරීම.
කිරි ගොවියා තම සතුන් හො`දින් සහ ආදරයෙන් රැකබලා ගන්නවානම්, විශේෂයෙන්ම රාත‍්‍රියට සතාට ඇති තරම් තණ කොළ සහ වතුර ලබා දෙන්නේ නම් ඒ වන විට දොවා ගන්නා කිරි ප‍්‍රමාණය දෙගුණයකින් වැඩි කර ගත හැකි බව පර්යේෂණ වලින් ඔප්පු වි ඇත. ඒ අනුව කිරි නිෂ්පාදනය වැඩි කිරීම ස`දහා ගොපල්ලාගේ හැසිරීම කෙතරම් වැදගත් ද යන්න පැහැදිලි වේ. ඊට සාපේක්‍ෂව බලන විට ශ‍්‍රී ලංකාවේ පශු වෛi සේවය ස්ථාන ගතකොට ඇති ආකාරයේ තීරණාත්මක වෙනසක් අවශ්‍ය බවද පැහැදිලි වේ. ඊට අමතරව උදේ සහ සවස දෙවතාවක් කිරි දෙවීම මගින්ද නිෂ්පාදනය වැඩිවේ. නමුත් ඒ ස`දහා ඉහත ස`දහන් කළ ආකාරයට රටපුරා ශීත ටැංකි ජාලයක් සහිත කාර්යක්‍ෂම මිලදී ගැනීමේ යාන්ත‍්‍රණයක් අවශ්‍ය වේ. කිරි පිටි කර්මාන්තශාලා ප‍්‍රමාණය වැඩි කිරිම මෙම ජාලයේ වර්ධනයට සාපේක්‍ෂව එහෙත් පුර්ව කොන්දේසියක් ලෙස සිදු විය යුත්තකි. උදාහරණයක් ලෙස පැල්වත්ත සමාගමේ ධාරිතාව උපරිමයෙන් භාවිතා කිරීමට ආසන්න වන විට දැන් කන්තලේ කර්මාන්තශාලාව ආරම්භ වේ. එහි ධාරිතාව උපරිමයෙන් භාවිතා කරන අවස්ථාවට ල`ගාවන විට කුරුණෑගල නව කර්මාන්තශාලාවක අවශ්‍යතාව මතු වේ. ප‍්‍රශ්නය වන්නේ ඒ ස`දහා පෞද්ගලික අංශයේ දායකත්වයට සාපේක්‍ෂව රජයේ දායකත්වය ඉතා පහල මට්ටමක පැවතීමය.
ඒ අනුව දැන් අවම වශයෙන් රජය විසින් උතුරු ප‍්‍රදේශය ස`දහා කිලිනොච්චියේ හෝ වව්නියාවේ කිරිපිටි කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම අත්‍යවශ්‍ය වේ. ඊට අමතරව අබේවෙල කර්මාන්තශාලාවේ ධාරිතාව දෙගුණයක් කිරීමද අත්‍යවශ්‍ය වේ. ඊට අමතරව රජයේ මැදිහත් වීම මත ඉල්ලූම පැත්තෙන් මෙන්ම සැපයුම පැත්තෙන්ද සැපිරිය යුතු දෙවන මට්ටමේ කොන්දේසි ප‍්‍රමාණයක් ද ඇත. ඉල්ලූම පැත්තෙන් වැදගත් වන ප‍්‍රධානතම දෙවන පෙළ කොන්දේසිය වන්නේ ඉහත ස`දහන් කළ මහා පින්තූරය තුළ සිටිමින් දියර කිරි ප‍්‍රචලිත කිරීම ස`දහා බහුවිධ දිරිගැන්වීමේ ක‍්‍රමවේද හ`දුන්වා දීමය. කිරි ආර්ථිකය දියුණු කිරිමේ මහා පින්තූරය දෙස බලන විට දියර කිරි ප‍්‍රචලිත කිරීම අවධි දෙකකදී වෙනස් ස්වරූප වලින් දියත් කිරීම අවශ්‍ය වේ.
දියර කිරි ප‍්‍රචලිත කිරිම වැදගත් වන අවධිය කුමක්ද?
පළමු අවධිය ආනයනික කිරිපිටි වෙළ`දපල දේශීය කිරිපිටි මගින් සම්පුර්ණයෙන්ම අත්පත් කර ගැනීම දක්වා වන අවධියයි. එම අවධිය තුළ දියර කිරි ප‍්‍රචලිත කිරීම ස`දහා පාරිසරික සහ මුල්‍යමය වශයෙන් වඩාත් කාර්යක්‍ෂම සහ අඩු පිරිවැය ක‍්‍රමවේද භාවිතා කිරීම ඉතා වැදගත් වේ. දෙවන අවධිය වන්නේ දේශීය කිරිපිටි මගින් දේශීය වෙළ`දපල සම්පුර්ණයෙන්ම අත්පත් කර ගැනීමෙන් පසුව වෙළ`දපල තුළ කිරිපිටි පරිභෝජන අඩු කරමින් ඊට සාපේක්‍ෂව දියර කිරි පරිභෝජන ප‍්‍රතිශතය වැඩි කිරිමය. එම අවධියේදී සමහරවිට වැඩි පිරිවැයක් සහිත ශීත කළ සහ සකස් කළ දිරය කිරි බෙදා හැරීමටද වැඩි අවධානයක් යොමු කළ හැක. එම අවධියේදී ඉන්දියාව මෙන් කිරි පිටි සහ බටර් වැනි කිරි ආහාර අපනයනය කිරීමේ අවස්ථාවද ශ‍්‍රී ලංකාවට ලබා ගත හැක.
කෙසේවෙතත් එම අවධි දෙකෙන් කුමන අවධියකදීවත් පාසල් සිසුන්ට හෝ වෙනත් කුමන ජන කණ්ඩායමකට රජයේ වියදමින් බලෙන් කිරි පෙවීම උපායමාර්ගික වශයෙන් වැදගත් වන්නේ නැත. එය ඇත්තවශයෙන්ම නිශේධනාත්මක ප‍්‍රවේශයක් බව පැවසීමේ වරදක් නැත. ශ‍්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය දෙස ඓතිහාසිකව බලන විට ඉන්දියාවේ මෙන් කිරි බොන සංස්කෘතියකට වඩා අප රටේ ඇත්තේ කිරි කන සංස්කෘතියකි. ඒ නිසා කිරි විවිධ අතුරු කිරි ආහාර නිෂ්පාදන ලෙස ආහාරයට ගැනීම වැඩි කිරීම ස`දහා අධ්‍යාපන සහ ප‍්‍රචාරක ව්‍යාපෘති දියත් කිරීම වැදගත් වේ.
ආහාර සුරක්‍ෂිතතාව යන ප‍්‍රබල සාධකයට අනුව සමස්ථ ආහාර තොගය තුළ කිරි ආහාර ප‍්‍රමාණය වැඩි කිරීම ඉතා වැදගත් වේ. එක් පැත්තකින් ආහාරයේ විවිධත්වය තුළින් ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂක සුරක්‍ෂිතතාව යන දෙකම එකවර ල`ගා කර ගැනීම ස`දහා සමස්ථ ආහාර තොගය තුළ තිබිය යුතු කිරි ආහාර කොටස වැදගත් වේ. අනෙක් පැත්තෙන් මිනිසාට පරිභෝජනය කළ නොහැකි තණ කොළ මිනිසාට පරිභෝජනයට ගත හැකි ආහාරයක් බවට පත් කිරීම නිසා රටේ සමස්ථ ආහාර තොගය වැඩි කිරීමට කිරි ආහාරවල ප‍්‍රමණාත්මක දායකත්වය ඉතා වැදගත් වේ. එම නිසා විවිධ කිරි ආහාර වර්ග නිපදවීම සහ ඒවා පරිභෝජනය දිරි ගැන්වීම යනු පොදුවේ ආහාර සුරක්‍ෂිතතාවය රැකීමට මෙන්ම කිරි ආර්ථිකය දියුණු කිරිමටද අදාල වැදගත් කොන්දේසියකි. ඒ අර්ථයෙන් සහ ආහාර සංස්කෘතියට සාපේක්‍ෂව කිරි වලට ආහාරයක් ලෙස තිබෙන වැදගත්කම අත්‍යවශ්‍ය පෝෂන අවශ්‍යතාවයක් සැපිරිමක් ලෙස අර්ථ ගැන්විය නොහැකිය.
ආනයනික කිරිපිටි වලින් යෝගට් නිපදවීම නීති මගින් තහනම් කිරීමේ වැදගත්කම.
නමුත් අද ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාවට සහ දේශීය කිරි කර්මාන්තයට ඉතා හානිකර ක‍්‍රියාවලියකට රාජ්‍ය ආශිර්වාදය ලැබි ඇත. ඒ ආනයනික කිරිපිටි යොදා ගනිමින් යෝගට් නිපදවීමය. ඊට එරෙහිව රටේ යම් මතවාදයක් පවතින බැවින් අදාල සමාගම් දේශිය කිරි වලින් යෝගට් නිපද වන බව පෙන්වීමට ව්‍යාජ උත්සාහයක් ගනිමින් ඇත. එම ව්‍යාජ උත්සාහය එළිදරව් කරමින් ආනයනික කිරිපිටි යොදා ගනිමින් යෝගට් නිපදවීම වහාම නිති මගින් තහනම් කිරීම දේශීය කිරි ආර්ථිකය දියුණු කිරිම ස`දහා වන ප‍්‍රධාන කොන්දේසියකි. එය කිරි ආර්ථිකය නැන්වීම ස`දහා ප‍්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද ඉතා වැදගත් සාධකයකි. එසේම කුඩා පරිමාණ ග‍්‍රාමීය කිරි ආහාර නිෂ්පාදකයින්ගේ සහ ඔවුනට කිරි විකුණන කිරි ගොවීන්ගේ වෙළ`දපල ආරක්‍ෂා කිරීම ස`දහා එම තීන්දුව අත්‍යවශ්‍ය කොන්දේසියක් වේ. ඊට අමතරව කිරි ආහාර නිෂ්පාදන ජාලය පවත්වාගෙන යාමේදී යම් දියර කිරි ප‍්‍රමාණයක් යෝගට් හෝ මුදවපු කිරි ලෙස වෙළ`දපලට ඉදිරිපත් කිරීම යනු එම ජාලය පවත්වාගෙන යාම ස`දහා අවශ්‍ය වැදගත් පුර්ව කොන්දේසියකි.
කිරි ආර්ථිකයේ ඉල්ලූම පැත්තෙන් ගත්විට ඊළ`ගට වැදගත්වන සාධකය ඉහත ස`දහන් කළ ආකාරයට කිරි එකතු කිරීමේ ජාලය සහ බෙදා හැරිමේ ජාලය කාර්යක්‍ෂම කිරීමය. එහිදී ගොවි සංවිධාන සහ පාරිභෝගික සංවිධාන නැවුම් දියර කිරි වෙළ`දපලක් ස`දහා එකට මුණ ගැස්වීමේ සිට රට පුරා ශීත ටැංකි සහිත කිරි මිලදී ගැනිමේ නිත්‍ය මධ්‍යස්ථාන ජාලයක් පිහිටුවීම දක්වා මෙම ක‍්‍රියාවලිය පුළුල් වේ. එම ජාලය කාර්යක්‍ෂම කිරිම ස`දහා කිරි ගොවි සංවිධාන පිහිටුවීම, එම සමිති ශක්තිමත් කිරීම ඇතුළුව උපදෙසස් දීමේ සහ නිරන්තර සොයා බැලීමේ යාන්ත‍්‍රණයක් සකස් කිීරීම රජයේ වගකීමකි.
බහු ජාතික කිරිපිටි සමාගම්වල අයුතු උපක‍්‍රම පාලනය කිරීම.
ඉහත ස`දහන් කළ ආකාරයට ඉල්ලූම පැත්තෙන් ගත් විට රජය මැදිහත්විය යුතු අනෙක් වැදගත්ම සාධකය වන්නේ දියර කිරි ස`දහා සහතික මිලක් ලබා දීමය. මේ වන විට රජය මැදිහත් වී සහතික මිලක් නියම කොට ඇත. නමුත් ඒ සමගම ඉටුවිය යුතු අනෙක් ප‍්‍රධාන කොන්දේසිය කිරිපිටි ආනයනය කරන සමාගම් වල බලපෑම මත තවමත් ඉටු වී නොමැත. ඒ අනුව රජය වහා මැදිහත් වී කිරි පිටි ස`දහා ’’ මිල සුත‍්‍රයක් ’’ හදුන්වා දිය යුතු අතර ඒ මත පදනම්ව ආනයනික කිරිපිටි ස`දහා වන බදු ස`දහා වන ව්‍යුහය සංශෝධනය කළ යුතු වේ. එය මුලික උපාය මාර්ගික අවශ්‍යතාවයක් බව ඉහත පැහැදිලි කරන්නට යෙදුනි. ඒ මගින් විදේශීය සහනාධාර සහිතව අඩු මිලට රට තුළට කිරිපිටි ආනයනය කිරීම හෙවත් ප‍්‍රතාපනය කිරීම විධිමත්ව පාලනය කළ හැක. එසේම ඒ මගින් කිරිපිටි ආනයනකරුවන් වෙළ`දුන්ට අයතු කොමිස් ලබාදිම හරහා වෙළ`දපල තර`ගය ජය ගැනීමේ උපක‍්‍රමයටද වැට බැෙ`ද්. ඊට අමතරව ඒ මගින් විශාල ප‍්‍රචාරණ අයවැයක් පවත්වා ගනිමින් ජනමාධ්‍යය සහ මහජන මතය පාලනය කිරීමද යම් පමණකට පාලනය කළ හැක.
ඉල්ලූම පැත්තෙන් මෙම තීන්දුව ගැනීමේදි විනිවිද භාවය ඉතා වැදගත් වේ. එයට හේතුව බදු පැනවීමේ සැබෑ අරමුණ සහ එහි ප‍්‍රමාණය මහජනයා අතර සාධාරණීකරනය කිරිම වැදගත් දේශපාලන කොන්දේසියක් වීමය. ඉහත සදඟන් කළ ආකාරයට ආනයනික කිරිපිටි වලට බදු පැනවීම දේශපාලන ප‍්‍රශ්නයක් බවට පත් වන්නේ එම විනිවිදභාවය නොමැතිකමට අමතරව අදාල බදු මුදල් කිරි ආර්ථිකය දියුණු කිරිම ස`දහා යොදවන්නේ නැතිව කූඨ ලෙස වෙනත් කාර්යයන් ස`දහා යෙදවීම නිසාය. මෙම විනිවිදභාවයට වැඩි වශයෙන්ම විරුද්ධ වන්නේ කිරි පිටි සමාගම් වලට වඩා භාණ්ඩාගාර නිලධාරීන්ය. කිරි ආර්ථිකයට අදාල උපාය මාර්ගික ගැඹුර නොදකින භණ්ඩාගාර නිලධාරින් දැනුවත්ව සහ නොදැනුවත්ව යන ආකාර දෙකටම කිරිපිටි ආනයනය කරන සමාගම් වල උවමනාවක් වෙනුවෙන් පෙනි සිටිති. ඔවුන් විරුද්ධවන තවත් ප‍්‍රධාන කොන්දේසියක් වන්නේ කිරිපිටි ආනයනය ස`දහා ප‍්‍රමාණාත්මක සිමාවන් සහිත ආනයන බලපත‍්‍ර නිකුත් කිරිමය. ඒ මගින් දේශීය නිෂ්පාදනය ඉහළයාමේ අපේක්‍ෂිත ප‍්‍රමාණයට සාපේක්‍ෂව ආනයනය පාලනය කල යුතුය. එය පුර්ව කොන්දේසියකි. දේශීය නිෂ්පාදන ඉහළයාමෙන් පසුව පමණක් ආනයනය පාලනය කළ යුතුය යන ස්ථාවරය තකතීරු සහ හාස්‍යජනක පරිපාලන තින්දුවකි.
කිරිවලට ඞී.සී.ඞී. එකතු කරන්නේ හිතාමතා ලාභ වැඩි කර ගැනිම ස`දහාය.
ඉල්ලූම කළමණාකරණයට අදාල ලෝකය පුරා භාවිතාවන ’’ බදු නොවන උපාංග’’ අප රටේදී කිසිසේත්ම යොදා ගන්නේ නැත. ඉන්දියාව අප රටට නිදහස් වෙළ`ද ගිවිසුම යටතේ ලබාදි ඇති සමහර බදු සහන ප‍්‍රමාණාත්මකව පාලනය කරනවාට අමතරව ඉටු කළ නොහැකි විවිධ ප‍්‍රමිතීන් හ`දුන්වාදීම මගින්ද ආනයනය පාලනය කරයි. කිරි පිටි වල ප‍්‍රමිතියට අදාලව පසුගිය කාලයේදි මතු වු මෙලමයින් සහ ඞී.සී.ඞී. විෂ ආශ‍්‍රිත ගැටලූව විස`දීම ස`දහා රජය විසින් දැඩි තීරණ නොගැනීම සෞඛ්‍ය ප‍්‍රශ්නයක් මෙන්ම ආර්ථික ප‍්‍රශ්නයක්ද වන බව මහජනයා තේරුම් ගත යුතුය.මෙලමයින් සහ ඞී.සී.ඞී. කිරි වලට අහම්බයෙන් එකතුවන රසායන ද්‍රව්‍ය නොවේ. ඒවා කිරිවලට හිතාමතා එකතු කරන්නේ කිරි වලින් ඉවත් කර ගන්නා ’’ වේ ප්‍රෝටින’’ වල අඩුව පිරවීම ස`දහාය. මෙලමයින් අනු එකක් එකතු කිරීමෙන් කිරි ප්‍රෝටින අනු 4 ක් සහ ඞී.සි.ඞී. අනු එකක් එකතු කිරිමෙන් කිරි ප්‍රෝටින්න අනු 7 ක් ඉවත් කර ගත හැක. කිරි වලින් වේ ප්‍රෝටින් ඉවත් කිරීම යනු කිරිපිටි විකිණීමට වඩා ලාභදායී ව්‍යාපාරයකි.
නවසීලන්තය ’’වේ ප්‍රෝටීන’’ මෙ.ටො 250ක් අපනයනය කරන බැවින් ඔවුන් විකුණන සෑම කිරිපිටි අංශූවකින්ම ප්‍රෝටීන ඉවත් කර ගන්නා බවට තර්ක කළ හැක. එයට හේතුව දියර කිරිවල ප්‍රෝටීන අඩංගු වන්නේ 3 ්‍ර වඩා අඩු ප‍්‍රමාණයක් බැවිනි.එම නිසා ’’වේ ප්‍රෝටීන’’ මහා පරිමාණයෙන් අපනයනය කරන රටවලින් කිරිපිටි මිලදි ගැනීම නැවැත්විය යුතුය යන තීන්දුවක් ගැනීම ඉතා තර්කාණුකූල වේ.
කිරි ගොවිතැන සහ බෝග වගාව ඒකාබද්ධ කිරිමේ වැදගත්කම.
සැපයුම පැත්තෙන් ගත් විට මුලික වශයෙන් වැදගත්ම සාධකය වන්නේ කිරි ගොවිතැන ඵලදායි ආර්ථික ක‍්‍රියාකාරකමක් ලෙස බෝග ගොවිතැන සහ අනෙකුත් ගෘහ ආශ‍්‍රිත නිශ්පාදන ක‍්‍රියාවලියන් සමග ඒකාබද්ධ කිරීමය.දිවි නැගුම වැනි බිමි මටිටෙමි මැදිහත් වීම් වලදි ඊට මුලික ප‍්‍රමුඛතාවයක් ලබා දීම ඉතා වැදගත් වේ.ශ‍්‍රී ලංකාවේ පවතින ගොවීයා සතු ඉඩම් ප‍්‍රමාණයේ සීමාකම අනුව බෝග වගාවෙන් ලැබෙන අදායම ඉහල දැමිමේ පොදු සිමාවක් පැනවි ඇත.එම තත්වය ඉක්මවා යාම ස`දහා කිරි ගොවිතැන යොදා ගැනීම මගින් බෝග වගාවේ ගුණාත්මක මට්ටම ඉහල දැමීමටද හැකියාව ලැබේ.විශේෂයෙන්ම වස විස වලින් තොර ් සොභාවික ගොවිතැන යනු කිරි ගොවිතැන සහ බෝග වගාව ඒකාබද්ද කිරිමකි .
ඇත්තවශයෙන්ම සැපයුම පැත්තෙන් ගත් විට උපාය මාර්ගික ස්ථාවරයන්ට අදාලව කළ යුතු දේට වඩා නොකළයුතු දේ බොහෝ ඇත.ඉහත ස`දහන් කල අකාරයට වනාන්තර විනාශ කරමින් මහා පරිමාණ කිරි ගොවිපලවල් බිහිකල යුතුය යන ස්ථාවරය මෙන්ම කිරි ලීටරි 30-40 ලබා ගත හැකි එළදෙනුන් අවශය බවට වන ස්ථාවරය ඒ අතරින් ප‍්‍රධාන වේ.ඒ ප‍්‍රවේශ දෙකම විශාල පාරිසරික සහ මුල්‍ය පිරිවැය සහිත විනාශකාරි අර්ථික ඝාතක ක‍්‍රියාමාර්ග බවට ලෝකයේ් බොහෝ සාක්ෂි ඇත.ඊ නියා උසස් එළදෙනුන් ස`දහා සාන්ද්‍ර ආහාර සහ අනෙකුත් නඩත්තු කටයුතු වලට වැය වන මුදල වැඩිවන කිරි ලීටරි ප‍්‍රමාණයෙන් පියවා ගත නොහැක උදාහරණයක් ලෙස මෑතකදි ආනයනය කල ඊ නියා උසස් එළදෙනුන්ගේ කිරි ලීටරයකට රු.70ක් වැය වන විට සහතික මිල පවතින්නේ රු.50 මට්ටමේය. එහෙත් රජය මේ වන විට ඔස්ටේ‍්‍රලියාවෙන් අපනයනය කිරිමට තිරණය කොට ඇති එළදෙනුන් ප‍්‍රමාණය 20,000 දක්වා ඉහල දැමිමට තීරණය කොට ඇත.ඊට වැය වන මුලූ මුදල රු.මිලියන 9000කි.වෙනත් වචන වලින් කියනවානමි නව කිරිපිටි කර්මාන්තශාලා 06ක් විවෘත කිරිම ස`දහා වැය වන මුදල ඊට වැය වේ.
ශ‍්‍රී ලංකාවට වඩා සුදුසු ඉන්දියානු කිරි ආර්ථික මොඩලයද?
මේ සියලූ සාධක සැලකිල්ලට ගන්නා විට ශ‍්‍රී ලංකාවට වඩා සුදුසු වන්නේ ඉන්දියානු මොඩලය බව පැහැදිලිව තේරුම්ගත හැක. ඒ අනුව සාමාන්‍ය මට්ටමේ කිරි අස්වැන්න සහිත දෙනුන් රට පුරා පුලූල් ලෙස යොදාගැනීම මගින් නිෂිපාදන මට්ටම ඉහල දැමිම අප රටේද මුලික උපාය මාර්ගික ප‍්‍රවේශය බවට පත්විය යුතුය.ඒ අනුව ශ‍්‍රි ලංකාවට අවශ්‍ය වන්නේ නියරේ තණකොළ , කුඔුරේ පිදුරු, ගෙවත්තේ හෝ පාර දෙපස තණකොළ සහ කෘෂි අපදුව්‍යය මෙන්ම සහල් නිශ්පාදනයේ අතුරු ඵල සත්ව අකාර ලෙස යොදා ගත හැකි ගව පට්ටියකි.ශ‍්‍රි ලංකාවේ ගව පට්ටිය දියුණු කිරිම ස`දහා අවශ්‍යය ජාතික අභිජනනන උපාය මාර්ගය සකස්විය යුත්තේ ඒ මුලික පදනම සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව ශ‍්‍රි ලංකාවට සුදුසු කිරි දෙනුන් අභිජනනය කිරිම අරමුනු කොට ගත් ජාතික අභිජනන වැඩසටහනක් දියත් කිරිම කිරි ආර්ථිකය දියුණු කිරිම ස`දහා සැපයුම පැත්තෙන් ඉතා තීරණාත්මක සාධකයකි.එම ජාතික වැඩසටහන තුල වානිජ වශයෙන් සතුන් අභිජනනය කරන පුද්ගලික ව්‍යයසායකයින් පිරිසක් ද බිහිවිමට ඉඩ ලැබෙන ලෙස රජයේ වැඩ සටහන් ස්ථාන ගත කළ යුතුය.එහිදි තරුණ ව්‍යවසායිකයන්ට ප‍්‍රමුඛතාවය ලබා දිය යුතු අතර ඒ ස`දහා ණය පහසුකම්,ඉඩම් සහ පුහුණුව පමණක් නොව ඔවුන්ට සමාජ වටිනාකමක්ද ලැබෙන ආකාරයට රජය මැදිහත්විම අවශය වේ.වෙනත් වචන වලින් කියනවානම් කිරි කර්මාන්තයට යම් රුපලාවනය වෙනස්කම් ප‍්‍රමාණයක් ඇතුලත් කිරිමද අවශ්‍ය වේ.ඩෙනිමි කලිසම ඇ`දගත්,පයට බුට්ස් සහ හිසට බේස්බෝල් තොප්පියක් පිටුපසට දමාගත් තරුණයෙකු කිරි දොවන පින්තුරයක් මගින් ඒ අවශ්‍යතාවය පිළිබිඹු වේ.
ගොවියා සංවිධානය කිරීම සහ සහන පොලියට ප‍්‍රාග්ධනය සැපයීම.
සැපයුම පැත්තෙන් රාඡු්‍ය මැදිහත් විම තුල ප‍්‍රධාන වැදගත්තමක් හිමිවිය යුතු සාධකය වන්නේ ගොවියාගේ සමස්ථ සමාජ ආර්ථික නැගිසිටිම මුල් කරගත් ව්‍යුහයක් තුල කිරි අර්ථික ක‍්‍රියාකාරකම් ස්ථානගත කිරීමය.ඒ ස`දහා ගොවීන් කුඩා කණ්ඩායම් සහ ප‍්‍රාදේශිය සංවිධාන ලෙස ඒකරාශි කල යුතුය.ඒ සාමුහික ක‍්‍රියාකාරිත්වය පදනම් කොට ගෙන ඔවුනට අතුරු අර්ථික ක‍්‍රියාකාරකම් හෙවත් අවස්ථා නිර්මාණය කළ යුතුය.එහිදි ඉතා වැදගත්ම සාධකය වන්නේ සහන පොළියට සුළු ණය සහ ණය බරින් මිදිමේ ණය පහසුකම් ලබා දිමය.නමුත් ඉතා ඛේදජනක තත්වය වන්නේ මෙම මුලික අවශ්‍යතාවයන් අයුතු ලෙස යොදා ගනිමින් විවිධ බැංකු සහ සුළු ණය දෙන සංවිධාන විසින් ගොවියා දිරිඝකාලින ණය කරුවෙකු බවට පත් කොට සුරාකැමේ උපාංගයක් නිර්මාණය කර ගැනිමයි.එම තත්වය කෙතරම් නරක අතට හැරි ඇත්ද යත් සමහර මුල්‍ය අයතන ගොවියාට සුළු ණය ලබා දෙන්නේ 45 ක් තරම් ඉහල පොළියකටය.එම තත්වය වෙනස් කිරිම අරමුණු කරගත් ණය වැඩසටහනක් හදුන්වාදීම මුලික කොන්දේසියක් බවට පත් වේ.එහිදි ගොවියාගේ සමස්ථ ගෘහ අර්ථිකය සහ ජීවන තත්වය ඉහල නැංවිම ස`දහා අවශ්‍ය අධ්‍යාපනය ,සහයෝගය සහ වෙළ`දපොළ සකසා දිම ස`දහා අවශ්‍ය මැදිහත්වීම සහ පසු විපරමද ණය වැඩසටහන් සම`ග ඒකාබද්ද කළ යුතුය.එසේ නොමැතිව ණය ලබාදිම මගින් සිදු වන්නේ ණය බර නිසා ගොවියා තම මුලිික ආරිථික ක‍්‍රියාකාරකම්ද අත් හරින තත්වයකට පත් විමය.පසුගිය කාලයේ කිරි ගොවින්ට නවින ගවහල් සකස් කර ගැනීම ස`දහා අධික පොළියට ණය ලබාදීම මගින් ගොවින් මත අනවශය ණය බරක් පැටවිමක් සිදු විය.ඒ මගින් දෙනුන් ප‍්‍රමාණය වැඩි කර ගැනීම සහ සතුන් හොදින් රැක බලා ගැනීමේ සොබාවික ක‍්‍රමවේද ප‍්‍රගුණ කර ගැනීමේි මුලික අවශ්‍යතාවයන් යටපත් විය.ඊට අමතරව එම ගොවින් මානසික වශයෙන්ද ප‍්‍රීඩාවට පත් වු අතර එම ගවගාල පිරිසිදු කිරිම හදහා දිනපතා අමතර වැඩ කොටසක යෙදිමටද ඔවුනට සිදුවිය.
පශු වෛi සේවය නැවත ස්ථානගත කළ යුතුද?
කිරි අර්ථිකය තුළ කිරි ගොවියාගේ තත්වය ඉහල නැංවිම ස`දහා වැදගත් වන ඊළ`ග කොන්දේසිය පශු වෛi සේවා මත පරාධීන නොවන ගොපල්ලෙකු බිහිකිරිමයි.ඒ ස`දහා සතුන්ට අදරයෙන් සැලකීම සහ සත්ව අහාර සකස් කර ගැනීමේ සිට බහුල රෝගි තත්වයන් පාලනය කර ගැනීම සහ සතුන් අභිජනනය කිරිම දක්වා වන පාරාසයක අධ්‍යාපනය සහ ප‍්‍රගුණතාවය ගොවියාට ලබා දිය යුතුය.එ ස`දහා රජය මගින් සහ පුද්ගලික අංශ මගින්ද විවිධ මට්ටම්වල ආදර්ශ ගොවිලපල ප‍්‍රමාණයක් පවත්වායාම ඉතා වැ`දගත් වේ.මේ සියලූ වැඩ සටහන් දියත් කිරීමේදි එවා කළමණාකරණය කිරිමේ වගකිම නිළධාරිවාදයට යටත් නොකර ගොවියාට සහ ගොවි සංවිධාන වලට පැවරෙන අකාරයට නැවත ස්ථානගත කිිරිමක් අවශය වනු ඇත.එහිදි සැම ගොවි සංවිධානයක්ම ආදර්ශයට ගත හැකි කුමන හෝ මට්ටමකටගාවිපලක් සම`ග බද්ධවන අකාරයට ගොවීන් සංවිධානගත කිරිමේ ව්‍යුහය සකස් විය යුතු අතර ඒ ස`දහා වන තෝරාගත් ගොවිපල ප‍්‍රමාණයක් සංවර්ධනය කිරීම මුල් කරගත් විශේෂ මැදිහත් විමක්ද අවශ්‍ය වේ. එහිදී ගොවි සංවිධානයේ ගොවීන් අතරින් හැකියාව, සහ උවමනාව සහිත ගොවීන්ට ආදර්ශ ගොවිපලක් මට්ටමට තම කිරිගොවි ව්‍යාපාරය දියුණු කිරිම සදඟා සුවිශේෂි යෙදවුම් ප‍්‍රමාණයක් රජය මැදිහත් වී ලබා දිය යුතුය.
කිරි අර්ථිකයේ දිර්ඝකාලින පැවැත්මට අදාල සැපයුම පැත්තෙන් ඊළ`ගට වැදගත් වන කොන්දේසිය රටේ ගව පට්ටියේ කිරි දෙනුන් රැක ගැනීම සහ අප සතු ජාන සම්පත් එලදායි ලෙස ජාතික අභිජනන වැඩ සටහනට යොදා ගැනීමය.කිරි ආර්ථිකයේ ප‍්‍රමානාත්මක වර්ධනයට සාපේක්ෂව යම් සතුන් ප‍්‍රමාණයක් ඵලදායි් නොවන සතුන් බවට පත්වේ.එම ප‍්‍රමානයෙන් යම් ප‍්‍රතිශතයක් අප රටේ ආගමික සහ සංස්කෘතික හේතුමත දිර්ගකාලිනව නඩත්තු කිරිමේ හැකියාව ඇත.එහෙත් රටේ සමස්ථ ගව පට්ටියේ ඵලදායිතාවය සහ ගොවින්ගේ ආර්ථික අවශ්‍යතාවයන් මත යමි සතුන් ප‍්‍රමානයත් මස් පිණිස ඉවත් කිරිම වැලැක්විය නොහැක. එහිදි සස්කෘතික වශයෙන් ගව මස් ආහාරයට ගන්නා ජන කොටස් වල අවශ්‍යතාවයන්ද සැලකිල්ලට ගැනිමට සිදු වේ. ගොවින්ගේ පැත්තෙන් ගත් විට ගවයා යනු දේපලකි. හදිසි මුදල් අවශයතාවයක් ස`දහා එම දේපල මුදල් කිරිම විවිධ ණය ක‍්‍රම හරහා යම් පමණනකට වැළැක්විය හැකි වුවත් ඵලදායි නොවන සතුන් රැක ගැනිම ස`දහා ගොවින්් ණය කරුවෙකු කිරිම තර්කාණුකූල නොවේ.එම තත්වය තුල මස් පිණිස ගවයන් විකිනිම නිති මගින් සම්පුර්ණයෙන්ම තහනම් කිරිම ප‍්‍රායෝගික යථාර්තයක් නොවේ.ඒ මගින් කුඨ ගවමස් වෙළ`දුන්ට ගොවින්ගෙන් අඩුමිලට සතුන් මිලදි ගැනීමට හැකියාව ලැබේ.
ඒ අනුව එම සාධක සියල්ල සැලකිල්ලට ගනිමින් රටේ ගව පට්ටියේ ඵලදායිතාවය රැක ගැනීම ස`දහා ජාතික මට්ටමින් දිර්ඝකාලිනව පවත්වාගෙන යා හැකි අකාරයට ‘‘ සැල්වේජ් ’’ හෙවත් ‘‘මුදාගැනීම්’’
උපාය මාර්ගයක් යොදාගැනීම අවශ්‍ය වේ.ඒ ස`දහා භුගෝලිය වශයෙන් කාර්යක්‍ෂම ලෙස පැතිරුණු මිලදි ගැනීමේ මධ්‍යස්ථාන ප‍්‍රමාණයක් පිහිටුවිමට රජයේ මැදිහත්විම අවශ්‍යය වේ.රජයේ ගොවිපළ භුමිය සහ ඉහත ස`දහන් කළ අකාරයට පිහිටවනු ලබන නව අභිජනන ගොවිපළ මෙම කාරිය ස`දහා යොදාගත හැක.නමුත් එම ක‍්‍රියාවලිය වානිජ වශයෙන් පවත්වාගෙන යා හැකි අකාරයට තර්`ගකාරිව පෞද්ගලික අංශය මුල් කරගෙන ස්ථාවර කළ යුතුය.එහිදි ගොවියා විසින් විකුණන සියලූම සතුන් සාධාරණ මිලකට මිලදිගත යුතු අතර ඵලදායි සතුන් නැවත ගොවින් සහ අභිජනන ගොවිපල වලට ලබා දිය යුතුය. ඵලදායි නොවන සතුන් විධිමත් පාලනයකින් යුතුව මස් පිණිස නිදහස් කල යුතුය. පින්්තකා සතුන් රැක බලාගන්නා ආයතන සහ සංවිධාන වලටද එම ස්ථාන වලින් සතුන් මිලදි ගැනීමේ හැකියාව ලැබේ.
අවසාන වශයෙන් කිව යුත්තේ පවතින මහා පින්තුරය උපාය මාර්ගික පදනමක් මත තේරුම් නොගෙන අහඹු ලෙස විවිධ ’’කොටස් ’’ වෙනස් කිරිම ස`දහා කරනු ලබන මැදිහත්විම් වලින් පවතින කණගාටු තත්වය වෙනස් කල නොහැති බවය.ඇත්තවශයෙන්ම ඒ මගින් සිදුවන සම්පත් නාස්තිය නිසා තත්වය තවදුරටත් නරක අතට හැරීම වැලැක්විය නොහැක.උදාහරනයක් ලෙස දැක්විය හැකි රු.මිලියන 9000ක් වැයකොට පිටරටින් කිරිදෙනුන් අනයනය කිරිම වැනි අර්ථික ඝාතක අහඹු මැදිහත්විම් අනුමත කළ හැක්කේ කිරිපිටි අනයනය කරන සමාගම් වලින් ප‍්‍රතිලාභ ලබන පිරිස් වලට පමණි.
වෙද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
පාස්කු ප්‍රහාරය, රාජ්‍ය වගවීම සහ නීතියේ ආධිපත්‍යය: අනාගතයට තීරණාත්මක පූර්වාදර්ශයක්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්?
ස්පාඤ්ඤයට එල්ල වූ මහා සංක්‍රමණික බලපෑම ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශේෂ අනාවරණයක්..
ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් අත්හිටුවයි.. දෙරට අතර සාකච්ඡා අදම..
“දූෂණ රාජ්‍යය” නැති කර රටේ ආර්ථිකය ගොඩනගන්න ආ රජය අද “අපරාධ රාජ්‍යයක්” හමුවේ රටම අසමත් කරනවා... පූජිත එදා පොලිස්පති කළේ අනුර කුමාර.. - විමල්
මැද පෙරදිග යුද උණුසුම ඉහළට.. – කලාපයෙන් පිටවන්නැයි ඇමරිකානුවන්ට එක්සත් ජනපද තානාපති කාර්යාලවලින් හදිසි අනතුරු ඇඟවීමක්!
නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ නවතම තත්ත්වය මෙන්න..
මහර බන්ධනාගාරයේ තත්වය දරුණුයි.. රාගම ග්‍රාමසේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය..
රවී සෙනෙවිරත්නටත් ශානි අබේසේකරටත් මරණ දඬුවම ලබා දිය හැකියි.. - උදය ගම්මන්පිල
ඉතිහාසයේ පෙරළිකාර තීන්දුවක්: හේමසිරිට සහ පූජිත්ට ලැබුණු මරණ දඬුවමේ සම්පූර්ණ කතාව..
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම..
හිටපු පොලිස්පති පූජිත්ට මරණ දඬුවම..
විනිසුරු වයස ගැන තමාට කට වහගන්නැයි කියූ ප්‍රබලයා ගැන ලාල් විජේනායක හෙළිකරයි...
කැරපොත්තන්ගේ විරෝධතා පිටුපස සැබෑ සිසුන් නෑ?.. - විදේශීය මැදිහත්වීම් ගැනත් ප්‍රබල අනාවරණයක්..
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ තීරණයෙන් මාලිමාවේ අභ්‍යන්තර අර්බුදයක්..
පාස්කු ප්‍රහාරය ගැන හේමසිරිට සහ පූජිත්ට එරෙහි නඩුවේ තීන්දුව අද..