News Category
From Date
To Date
Maximum Number of Result

අධිකරණ ස්වාධීනත්වය සහ බෙදුම්වාදී කුමන්ත‍්‍රණය

Aug 3, 2026 at 12:09 PM
|

මේ වන විට අගවිනිසුරුතුමියට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝශාභියෝගයට සහ ඒ ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම් වලට විරුද්ධව අදහස් පළකරන බොහෝ විද්වතුන් පළිහක් බවට පත්කරගෙන ඇත්තේ අධිකරණ ස්වාධීනත්වය නැමැති සංකල්පයයි. ඔවුහු  එම සංකල්පයට පක්‍ෂව කෙසේ පැලෙන නීති තර්ක ඉදිරිපත් කරති. එසේම මෙම විද්වතුන් අධිකරණ ස්වාධීනත්වය නැමැති සංකල්පයට නීතියේ ආධිපත්‍යය නැමැති සංකල්පයද ගැටගසමින් තමාගේ දේශපාලන මතවාද වලට විද්වත් ස්වරූපයක් ලබාදීමටද උත්සාහ කරන බව පෙනේ. එහෙත් සාමාන්‍ය ජනතාවට මෙම සංකල්ප වැටහෙන ආකාරය සහ විද්වතුන්ගේ විග‍්‍රහය අතර විශාල පරතරයක් තිබෙන බව මහජනයා සමඟ ගැවසෙන මිනිසුන්ට නම් රහසක් නොවේ.

මෙම විද්වතුන්ගේ, විශේෂයෙන්ම ඉහල පෙලේ නීතිඥ මහතුන්ගේ මතය අනුව දෝහාභියෝගය නිසා රටේ නීතියේ ආධිපත්‍යය බිදවැටී අධිකරණයේ ස්වාධීනත්වයද අහිමි වී ඇත. ඒ අනුව වක‍්‍රව ගම්‍ය වන්නේ එතෙක් ඒ සංකල්පය ඉතා හොදින් රැකී තිබුණු බවය. එසේ උපකල්පනය කිරීමට හැකිවන්නේ ඔවුන් කිසිවකු දෝශාභියෝගයට පෙර කාලයේදී එම සංකල්ප වලට එරෙහිව යමක් සිදුවූ බවට කිසිදු මතයක් ප‍්‍රකාශ කොට නැති බැවිනි. කෙසේවෙතත් මහජනයා ලෙස ඉතා සරලව කල්පනා කරන විට යම් ආයතනයක හෝ පුද්ගලයකුගේ ස්වාධීනත්වය අහිමිවීම ආකාර දෙකකට සිදුවිය හැක. පළමුවැන්න යම් ආයතනයක් තමා මත නීත්‍යානුකූලව යම් බලයක් යෙදවීමට හැකි අයතනයක බලයට සීමාව ඉක්මවා අවනත වීම මඟින් ස්වේච්ඡුාවෙන්ම ස්වාධීනත්වය නැති කර ගැනීමය. දෙවැන්න නීතියේ ආධිපත්‍යයට යටත්ව හෝ එසේ නොමැතිව සීමාව ඉක්මවා එක් ආයතනයක් විසින් අනෙක් ආයතනය යටත් කිරීමය. එහෙත් බොහෝ විට ප‍්‍රායෝගිකව සිදුවිය හැක්කේ ඒ දෙකේම සංකලනයක් බව පිළිගැනීම අපහසුවක් නැත.

කෙසේවෙතත් ඒ පැහැදිලි කිරීම වලංගු වන්නේ නීතිමය සහ පරිපාලනමය රාමුව තුල එසේ බලය යෙදවීමට අවකාශයක් තිබෙන ආයතන දෙකක් හෝ පුද්ගලයින් අතර ගනුදෙනුවකදී පමණී. වෙනත් වචන වලින් කියනවා නම් නීතිමය සහ පරිපාලනමය රාමුව තුල බලපෑම් කිරීමේ ප‍්‍රතිපාදනයක් නොමැතිව යම් ආයතනයකට බලපෑමක් සිදුවෙනවා නම් එය බලහත්කාරකමක් ලෙස හෝ අවබෝධයෙන් සිදුවන වැරදි ගණුදෙනුවක් ලෙස හඳුනාගත හැක. එවැනි තත්වයක් අපරාධ හෝ සිවිල් නීති යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් වන බවට සැකයක් නැත.එසේම මහජනයාට වැටහෙන ආකාරයට ස්වාධීනත්වය නිර්වචනය කරන ආකාරය පිළිබඳවද ගැටළුවක් ඇත. යම්කිසි ආයතනයකට හෝ තනතුරකට නීතියෙන් ලැබී ඇති බලයේ ආවරණය යොදාගනිමින් හිතුවක්කාර ලෙස හෝ පුද්ගලික කැමැත්ත හෝ අකමැත්ත අනුව ක‍්‍රියාකිරීම ස්වාධීනත්වය ලෙස අර්ථකථනය කළ නොහැකි බව ඉතා පැහැදිලිය.

එසේ නම් මේ ආකාරයට යම් සීමාවන් තුල අධිකරණය යටත් කරන හෝ ඊට බලපෑම් කරන බාහිර ආයතන හෝ බලවේග මොනවාද ? නීතියේ ආධිපත්‍යයට යටත්ව සලකා බැලීමේදී එවැනි ආයතන ඇත්තේ දෙකක් පමිණී. ඒ විධායකය සහ ව්‍යවස්ථාදායකය පමණී. එහෙත් මේ විද්වතුන් කියන ආකාරයට නීතියේ ආධිපත්‍යය බිදවැටී ඇත්නම් එම ලැයිස්තුව තව බොහෝ දිගු විය හැක. ඒ අනුව එම ලැයිස්තුවට යුද හමුදාව, රජය විසින් නඩත්තු කරන වෙනත් සන්නද්ධ අංශ, ප‍්‍රභල රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය භාණ්ඩාගාරය, විශ්ව විද්‍යාල ආචාර්්‍යයවරුන්, ප‍්‍රභල පුද්ගලික සමාගම් සහ නීතිඥ සංගමය වැනි වෘත්තිකයින්ගේ සංවිධාන ආදී සංවිධාන රාශියක් ඇතුල් කල හැක. අනෙක් පැත්තෙන් ගත්විට ස්වාධීනත්වය නැමැති සංකල්පය වඩා පුළුල්ව සැලකීමේදී අධිකරණ පද්ධතිය තුලම ඉහළ ආයතනයක් විසින් පහළ ආයතනයක ස්වාධීනත්වය නැතිකිරීමද ඊට ඇතුල්විය හැකිය. උදාහරණයක් ලෙස අධිකරණ සේවා කොමිසම විසින් පහළ අධිකරණ වල විනිසුරුන්ට බලපෑම් කරන බවට  මතයක් ඉදිරිපත් වී ඇත. එසේම නිර්වචනය කිරීම හරහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනා අධිකරණයට සිදුකරන බලපෑම්ද මේ සනයට අයත් විය හැක.

සාමාන්‍ය තත්වයන් යටතේ හෝ නීතියේ ආධිපත්‍යය සතුටුදායක ලෙස පවතින තත්වයක් යටතේ ඒ දෙවන ලැයිස්තුවට අයත් ආයතන වලට අධිකරණයට බලපෑම් කිරීමේ හැකියාවක් නැත. උදාහරණයක් ලෙස පවතින සීමාසහිත ප‍්‍රජාතන්තවාදී රාමුව තුල වූවද යුද හමුදාව විසින් අධිකරණයට සෘජුව හෝ වක‍්‍රව බලපෑම් කිරීමේ හැකියාවක් හෝ සංස්කෘතියක් අප රටේ නැත. නමුත් දෝශාභියෝගය ඉදිරිපත් වූවාට පසුව ඇතිවූ තත්වය තුල බෙදුම්වාදී රාජ්‍ය නොවන සංවිධාන ජාලයට සම්බන්ධ පිරිස් සහ නීතිඥ සංගමයේ උසස් නිලධාරීන් අධිකරණයේ හැසිරීමට බලපෑම් වන ආකාරයට ක‍්‍රියාකරනු දක්නට ලැබුනි. එය ඉතා පැහැදිලිවම අධිකරණයේ ස්වාධීනත්වයට හානිකර තත්වයකි. කෙසේවෙතත් දෝශාභියෝගයට පෙර එම පිරිස් අධිකරණයට බලපෑම් කිරීමට උත්සාහ කළාද යන්න මාධ්‍ය මඟින් හෙළිදරව් වූයේ නැත. එහෙත් දිවි නැගුම පනතට අදාල නඩු විභාගයේදී ඒ ආකාරයට බලපෑම් සිදුවූ බවට චෝදනා එල්ල වී ඇත.

සාමාන්‍ය ජනතාව ලෙස අප නීතියේ ආධිපත්‍යය යන සංකල්පය වටහා ගන්නේ නීතියට අනුව කටයුතු කිරීම සහ එසේ කටයුතු කිරීමේදී නිර්දේශිත පටිපාටිය අනුව කටයුතු කිරීම යන කොන්දේසි දෙකේ එකතුවක් ලෙසය. එසේ නම් නීතියේ ආධිපත්‍යයට යටත්ව හෝ ඒවා වැරදි ලෙස නිර්වචනය කරමින් අධිකරණයට බලපෑම් කළහැක්කේ විධායකයට සහ ව්‍යවස්ථාදායකයට පමණි. එසේ නම් මේ විද්වතුන් ඉතා පැහැදිලිව තර්ක කරන්නේ ඒ ආයතන දෙක විසින් අධිකරණයට කරන ලබන බලපෑම් පිළිබඳවය. එහිදී එම විද්වතුන් විසින් සෘජුව සහ වක‍්‍රව සිදුකරන බලපෑම් විශේෂයෙන්ම මතවාදී බලපෑම් පිළිබදව කථිකාවක් නැත.

ඉහත සඳහන් කල විවිධ ආයතන සහ පුද්ගලයින් විසින් හෝ නීතිඥවරුන් හෝ වෙනත් තැරැව්කරුවන් විසින් අධිකරණයට බලපෑම් කිරීමේ සංස්කෘතියක් තිබෙන බව බොහෝ දෙනා අත්දැක ඇත. එහෙත් ඒ පිළිබඳව කථාකිරීමට යමෙකුට ධෛර්්‍යය නොතිබීම පිළිගත හැකි තත්වයකි. අධිකරණයට අපහාස වේ යයි යන බිය නිසා එවැනි තත්වයන් පිළිබඳ කථා නොකර සිටීමද දීර්ඝකාලීනව අධිකරණයේ ස්වාධීනත්වය රැකීමට බාධාවක් බවට සැකයක් නැත. කෙසේවෙතත් අධිකරණය නැමැති ආයතනය කිසිදු පාලනයකට යටත් නොවන අහසේ පාවෙන ස්වාධීන ආයතනයක් ලෙස මෙම විද්වතුන් සලකන්නේ නැතැයි අපි උපකල්පනය කරමු. එසේනම් ස්වාධීනත්වය යනු හිතුමතේ කටයුතු කිරීමේ ‘‘වල්බූරු නිදහස’’ බුක්තිවිදීමක් හෝ අරාජික තත්වයකට පත්වීමක් ලෙස සැලකිය නොහැක. අප රටේ ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍යය ක‍්‍රියාත්මක වීමේ කුමන අඩුපාඩු තිබුණත් පරමාධිපත්‍යයේ බලය දරණ ජනතාවට අධිකරණය පාලනය කිරීමේ බලය තිබෙන බවට සැකයක් නැත. මහජනයාට තම බලය සෘජුව යොදාගනිමින් අධිකරණය යම් පාලනයකට යටත් කිරීමේ හැකියාවක් නැත. මාධ්‍ය හරහා යම් අඩුපාඩුවක් පෙන්වාදීම මඟින් මහජනයා එසේ කිරීමට උත්සාහ කිරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස අර්ථ ගැන්විය හැක.

ඒ නිසා අධිකරණය මහජන අපේක්‍ෂාවලට පටහැනි ලෙස ක‍්‍රියාකරන්නේ නම් එය පාලනය කිරීම සඳහා මහජනයාට ඇති එකම ක‍්‍රමය ව්‍යවස්ථාදායකයට තමා ලබාදුන් බලය යොදැගැනීම පමණී. ඒ සඳහා අප රටේ ව්‍යවස්ථාව මඟින් ලබාදී ඇති ප‍්‍රතිපාදනය දෝශාභියෝගය නැමැති උපාංගයයි. ඒ අනුව අධිකරණය යම් මතවාදී හෝ වෙනත් ආකාරයක දේශාපාලන බලපෑමකට යටත්ව මහජන අපේක්‍ෂාවලට පටහැනි ආකාරයට කටයුතු කලහොත් එම උපාංගය භාවිතාකරණ ලෙස තමා පත්කල ව්‍යවස්ථාදායකයේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිය හැක. නමුත් ප‍්‍රායෝගිකව මන්ත‍්‍රීවරුන් ඡුන්ද දෙකක් අතර කාලයේදී සෘජුව මහජන මතය විමසා ඒ අනුව තීන්දු තීරණ ගන්නේ නැතැයි තර්කයක් ඉදිරිපත් කල හැක. එහෙත් මහජන මතය පුළුල්ව සහ ප‍්‍රභලව ගොඩනැගෙන අවස්ථා වල මහජන නියෝජිතයින්ට ඊට යටත් වීමට සිදුවේ.

අද අධිකරණයේ ස්වාධීනත්වය නැතිකිරීම යන තර්කය ගොඩනැගෙන්නේ ඒ ආකාරයට ව්‍යවස්ථාව මඟින් ලබාදී ඇති එම එකම ප‍්‍රතිපාදනය ක‍්‍රියාත්මක කිරීමේදීය. ඒ තිබෙන ප‍්‍රතිපාදනයත් නැතිකර දැමුවහොත් හෝ එය ක‍්‍රියාත්මක වීම අත්හිටවනු ලැබුවහොත් ඉහළ අධිකරණය විසින් කුමන වරදක් කලත් ඊට එරෙහිව පියවරක් ගැනීමට මහජනයාට හැකියාවක් නැත. පත්කිරීම් කිරීමේදී විධායකය විසින් ඊට සුදුසුම පුද්ගලයින් පත්කිරීම මඟින් ස්වාධීනත්වය තහවුරු කිරීමේ පෞර්ෂයක්, සදාචාරයක් සහ සංස්කෘතියක් අධිකරණය තුල ඇති කිරීමට උත්සාහ කළ හැක. ඊට අමතරව ඇමෙරිකාව වැනි රටවල ඉතා පුළුල්ව සහ නිදහස් ලෙස අධිකරණ තීන්දු විවේචනය කිරීමට ඉඩ සලසා ඇති බැවින් සහ එවැනි සංස්කෘතියක් ඇති බැවින් අධිකරණ නිලධාරීන්ට අපක්‍ෂපාතීව ක‍්‍රියාකිරීම සඳහා නිරන්තර මානසික බලපෑමක් ඇතිවේ. ඒ මඟින්ද ඉතා ප‍්‍රභලව අධිකරණයේ ස්වාධීනත්වය රැකීම සඳහා මෙහෙයක් ඉටුවේ.

නමුත් අප රටේ විශ්ව විද්‍යාල තුල පවා එවැනි දියුණු සංස්කෘතියක් නැත. ඊට අමතරව පහළ අධිකරණයේ ස්වාධිනත්වය පිළිබඳ ගැටළු ඉහල අධිකරණයට ඉදිරිපත් කලත් ඉහල අධිකරණයෙන් සිදුවන වැරදි පිළිබඳ කතා කිරිමට හෝ පැමිණිලි කිරිමට තැනක් නැත. මේ සියල්ල සලකා බැලිමේදි දෝශාභියෝග ප‍්‍රතිපාදනය ඉතා වැදගත් වේ. රටක් ලෙස අප කලයුත්තේ ඊට අදාල ක‍්‍රියා පටිපාටි වඩාත් සාධාරණ සහ දියුණු මට්ටමකට ගෙන ඒමය. නමුත් යම් ඉහළ අධිකරණ නිළධාරියකුට විරුද්ධව චෝදනා ඉදිරිපත් වු පසුව එම ක‍්‍රමවේදයේ අඩුපාඩු නිවැරදි කිරිමේ නාමයෙන් නව නිති ගෙනඒම කිසිසේත්ම සාධාරණ නොවේ. එම පටිපාටිවල යම් අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කලයුතුව තිබුනේ 1984 පමණ ඈත කාලයක දීය. වසර 28 ක කාලයක් ඒ පිළිබඳව වචනයක්වත් කථා නොකල විද්වතුන් සහ අධිකරණය අද ඒ පිළිබඳව කථා කිරිම මගින් දැනට ආරම්භ කෙරි ඇති දෝශාභියෝග ක‍්‍රියාවලියට අභියෝග කිරිම පිළිගත හැකිද?

අපරාධ නීති සංග‍්‍රහයේ හෝ සාක්‍ෂි ආඥා පනතේ හෝ වෙනත් අධිකරණ බලතල පිළිබඳ නීති හෝ රිති වල අඩුපාඩුකම් නිසා කොතරම් අහිංසකයින් පිරිසක් සිරගත වී ඇත්ද? එමෙන්ම ඒ නිසා කොතරම් අපරාධකාරයින් පිරිසක් නිදහස් වී ඇත්ද? මේවා පිළිබඳ අප රටේ විද්වතුන් තර්ක විතර්ක කරන්නේ නැත්ද? නඩුවක නිමිත්තේ වැදගත්කමට වඩා සරල තාක්‍ෂණික කාරණා මත නඩු නිශ්ප‍්‍රභා කොට මහජනයාට ආසාධාරණකම් සිදුකල අවස්ථා පිළිබඳ කොතරම් උදාහරණ ඇත්ද? සාමාන්‍ය මහජනයා යම් අධිකරණ ක‍්‍රියාවලියක් පිළිබඳව විශ්වාසය නැතැයි අධිකරණයෙන් පිටව ගියහොත් ඔහු නවතින්නේ රිමාන්ඞ් බන්ධනාගාරයෙනි.

එහෙත් පසුගිය දිනවල අගවිනිසුරුතුමිය පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව පිළිබඳව විශ්වාශයක් නැතැයි ඉන් පිටව ගියේය. නමුත් එතුමියට එරෙහිව කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගත නොහැක. ඒ අනුව තවත් දෙයක් පැහැදිලිවේ. එනම් පාර්ලිමේන්තු තේරුම්කාරක සභාව අධිකරණයක් නොවන බවය. එහි පටිපාටි අධිකරණ පටිපාටි වලට වඩා වෙනස් බවට සැකයක් නැත. එසේම එහි සාමාජිකයින්ගේ සංස්කෘතියද අධිකරණ නිලධාරින්ගේ සංස්කෘතියට වඩා වෙනස් බව ඉතා පැහැදිලිය. ඒ අනුව යම් චෝදනාවක් ඔප්පු කිිරීමේ ප‍්‍රමිතියද වෙනස්බව කිවයුතු නොවේ. ඒ වෙනස්කමට පිළිතුර වන්නේ ව්‍යවස්ථාදායකය සතු බලතල ඊට පරිබාහිර දේශිය හෝ ජාත්‍යන්තර පිරිසකට බාර දීම නොවේ. එසේම එම වෙනස නිසා තවත් වැදගත් වගකිමක්ද චෝදනාවට ලක්වුවන් සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නිතිඥයින් පිට පැටවේ. එහිදි ඔවුන් එම ක‍්‍රියාවලිය වඩාත් සාධාරණව කිරිම සඳහා පහසුකම් සැපයීමට ව්‍යවස්ථාවෙන් පමණක් නොව සදාචාරය අනුවද බැදී සිටියි. නමුත් පසුගියදා සිදුවුයේ එහි අනෙක් පැත්ත වීම ඉතා කණගාටුදායකය.

අප රටේ ව්‍යවස්ථාව අනුව අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය යන බලත‍්‍රිත්වය අතර සාධාරණ බලතුලනයක් අතිකිරිම සඳහා සංවරණ සහ තුලන ප‍්‍රතිපාදන ඇත. අධිකරණයට ව්‍යවස්ථාව නිර්වචනය කිරිම සහ මැතිවරණ ප‍්‍රතිඵල අහෝසිකිරිමේ ප‍්‍රතිපාදන හරහා විධායකය සහ ව්‍යවස්ථාදායකය පාලනය කිරිමට බලයක් ඇත. විධායකයටද ව්‍යවස්ථාදායකය විසුරුවා හැරිමට බලය ඇත. එසේම ව්‍යවස්ථාදායකයට විධායකයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ ඉඩකඩ ඇත. නමුත් අධිකරණය පාලනය පාලනය කිරිම හෙවත් එහි බලය පාවිච්චි කිරිම තුලනය කිරිම සඳහා ව්‍යවස්ථාවේ ඇත්තේ එක් ප‍්‍රතිපාදනයක් පමණි. ඒ 107 වගන්තිය මගින් දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරිම පමණි. ඒ ප‍්‍රතිපාදනය කොතෙක් වැදගත්ද යත් එම වගන්තිය හැඳින්වෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය සඳහා වන ප‍්‍රතිපාදනයක් ලෙසය. ඒ අනුව ස්වාධිනත්වය සඳහා යම් පාලනයක් ඇති කිරිම අවශ්‍ය වේ. ඒ අනුව අප රටේ සමහර නීති ක්‍ෂේත‍්‍රයේ විද්වතුන් කියන්නේ ස්වාධිනත්වය රැකිම සඳහා ස්වාධිනත්වය රැකිමට ඇති ප‍්‍රතිපාදන නැති කරන ලෙසද ?

අධිකරණයේ ස්වාධිනත්වයට අදාල ව්‍යවස්ථාවේ වගන්තිය තුලට අධිකරණයේ ඉහළ විනිසුරුවරුන්ගේ පත්කිරිම් සහ වැටුප් පිළිබඳව ප‍්‍රතිපාදනය ඇතුල් කිරිම මගින් ගම්‍යවන්නේ අධිකරණයේ ස්වාධීනත්වය සඳහා තව බොහෝ කොන්දේසි සැපිරිය යුතු බව නොවේද? ඇත්තවශයෙන්ම දෝශාභියෝගයකට ප‍්‍රතිපාදන සැලසිම මගින් විනිසුරුවරුන්ට තම ස්වාධිනත්වය රැකගෙන කටයුතු කිරිම සඳහා මානසික බලපැමක් ඇතිවන බව තේරුම් ගැනීමට සාමාන්‍ය මහජනයාට වූවත් අමාරුවක් නැත. එසේම අධිකරණයේ උසස් විනිසුරුවරුන්ට ඉහළ වැටුප්, ඉහල විශ‍්‍රාම වැටපු, නිළ රථ සහ ආරක්‍ෂාව ආදි වරප‍්‍රසාද සඳහා මහජනයා විශාල බදු මුදලක් වැය කරන බව රහසක් නොවේ. එම වරප‍්‍රසාද රජයේ වෙනත් ඉහල නිලධාරින්ට ලැබෙන දේට වඩා ඉහළ මට්ටමක තිබුනා වුවත් මහජනයා ඒ පිළිබදව කිසිදු අහිතක් සිතන්නේ නැත. ඒ විනිසුරුවන්ට අධිකරණයේ ස්වාධිනත්වය රැකිම සඳහා බාහිර පාර්ශව මත යැපීමෙන් තොරව ජිවත්වීමට ඉඩකඩ සැලසිය යුතු බවට කිසිදු විවාදයක් නැති බැවිනි. නමුත් දෝශාභියෝගයෙන් පසුව මජහනයාට දක්නට ලැබුනේ ඊට වෙනස් පින්තූරයකි. 

ඇත්තවශයෙන්ම කුමන තත්ත්වයක් යටතේ වුවත් ඉහළ අධිකරණ නිලධාරින් දේශපාලන අරමුණු මත ක‍්‍රියාකරන පුද්ගලයින් සමග එක්ව මහජනයාගේ ඇස් ඉදිරියේ විවිධ  දේශපාලනමය ක‍්‍රියාකාරකම් වල නිරත වීම අධිකරණයේ ස්වාධිනත්වය කැමැත්තෙන්ම අත්හැරිමක් නොවේද? අප රටේ හොද නරක සහ සාදාචාරය පිළිබඳව සමාජ සම්මතයන් මොනතරම් පැටලී ඇත්දැයි කිවහොත් එවැනි වැරදි ක‍්‍රියා වලට දායකත්වය සපයන්නේ සහ ඒ සඳහා පෙළඹවීම ඇතිකරන්නේ සමාජයේ ඉහලින්ම වැජඹෙන පිරිස්ය. අධිකරණයේ ස්වාධිනත්වය පමණක් නොව ප‍්‍රතිඵලදායක සහ කාර්්‍යක්‍ෂම ක‍්‍රියාකාරිත්වය සඳහා විනිසුරුවරුන් සේම නිතිඥ මහත්වරුන්ද විශාල දායකත්වයක් සැපයිය යුතුය. එහිදි අපක්‍ෂපාතිත්වය සහ සාධාරණව ක‍්‍රියාකරන බව දක්නට ලැබිම මහජනයාගේ පැත්තෙන් ඉතා වැදගත් වේ. නමුත් නිතිඥ සංගමයේ ඉහළම තනතුරට දේශපාලන පක්‍ෂයක ඉහල සහ ප‍්‍රසිද්ධ සාමාජිකයකු පමණක් නොව පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයකු පත්කරගැනිම කොතරම් උසස් ක‍්‍රියාවක්දැයි දැන්වත් එම සංගමයේ සාමාජිකයින් කල්පනා කලයුතුව ඇත.

නිතිඥ සංගමයේ ඉහලම තනතුරු දරණ පුද්ගලයා ලෙස පමණක් නොව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස ව්‍යවස්ථාව විසින් ව්‍යවස්ථාදායකයට පවරා ඇති වගකිම ජාත්‍යන්තර කමිටුවකට බාර දිය යුතු යයි යෝජනා කිරිමේ බරපතලකම ඔහුට නොතේරේ. එය කොතරම් කණගාටුදායක තත්ත්වයක්ද? ඒ මගින් එතුමා ඔප්පු කර පෙන්වන්නේ තමා සංගමයේ සභාපති විමට පමණක් නොව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වීමටද නොසුදුසු බව නොවේද? මහජනයා ලෙස මේ සියලූ දෙනාට දීමට පණිවිඩ කිහිපයක් ඇත. පළමුවැන්න ස්වාධිනත්වය යන සංකල්පය ඔවුන්ගේ අපේක්‍ෂාවන්ට සරිලන ලෙස නැවත නිර්වචනය කර ගැනීමය. එවිට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියා මහජනයාට සිත හදා ගැනිමට ඉඩ ඇත. දෙවැන්න විධායකයට සහ ව්‍යයස්ථාදායකයව අමතරව අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් කරන අනෙකුත් ආයතන සහ පුද්ගලයින් පිළිබඳව එළිදරව් කරන ලෙසය. තුන්වැන්න බාහිර බලපෑම් වලින් තොරව අගවිනිසුරුතුමියට තම නිර්දෝශිභාවය තහවුරු කිරිමට ඉඩ සලසන ලෙසය. දැන් පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ වාර්තාව පිටවී ඇති බැවින් එහිදී වැරදි සාක්‍ෂිමත පදනම්ව නිගමන වලට එළඹි ඇත්නම් ඒ පිළිබදව අභියෝග කිරිමට එතුමියට අයිතියක් ඇත. එය කරන්නේ කෙසේදැයි දැනට ප‍්‍රශ්නයක් තිබිය හැක. නමුත් ව්‍යවස්ථාව මගින් ඊට බාධාවක් පමුණුවා නැත. නමුත් දැන් සිදුවන්නේ තමා නිර්දෝෂී බව ජනතාවගේ ඇස් ඉදිරියේ ඔප්පුකර පෙන්වීමට වඩා වෙනත් ගැටුමක් නිර්මාණය කිරීමය. විවිධ විද්වත\න්ගේ මතයන්ට අනුව අභියාචනා අධිකරණය විසින් පාර්ලිමේන්තු තේරීම්කාරක සභා වාර්තාව අහෝසිකිරීම පදනම් විරහිත අත්තනෝමතික ක‍්‍රියාවකි. ඒ මඟින් පාර්ලිමේන්තු විවාදයෙන් පසුව අගවිනිසුරු\මිය නෙරපා හැරියහොත් නීතියෙන් වලංගු නොවන බවට මතයක් තහවුරු කිරීමට ඉඩ ලැබේ. එසේනම් ඉතා පැහැදිලිවම අගවිනිසුරුතුමිය උත්සාහ කරන්නේ පැනනැගී ඇති ගැටුම දේශපාලන වශයෙන් පුපුරා යන තත්වයක් ඇති කිරීමටය. ඒ අනුව දැන් තවදුරටත් නිති තර්ක වල එළ්ළි වාද විවාද කීඍීමට දේශපාලන අවකාශයක් ඉතිරිවන්නේ නැත. එසේ නම් දැන් පැනනැගී ඇත්තේ දැඩි දේශපාලන පෞර්ෂයකින් තීන්දුගැනීම සඳහා රජයට බලකෙරෙන තත්වයකි. එය සාධාරණීකරණය වන්නේ දෝශාභියෝගයට මුල් වූ ගැටුම හෙවත් හැසිරීම ඉතා පැහැදිලිවම ජාත්‍යාන්තර බෙදුම්වාදී කුමන්ත‍්‍රණයේ සෘජු ප‍්‍රකාශණයක් බව දැන් ඉතා පැහැදිලිව පෙනෙන බැවිනි.

  

වෙද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ සහ යුද හමුදා බුද්ධි බලකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, ඔහුට එරෙහිව එල්ල වී ඇති අමානුෂික වධහිංසා චෝදනා සහ ඔහුගේ බරපතළ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ කමිටු කිහිපයක් එක්ව ශ්‍රී ලංකා රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!

2026 වසරේ මුල් මාස හත (ජනවාරි - ජූලි) තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය පෙර වසරේ සමාන කාලයට සාපේක්ෂව සියයට 69 කින් දැවැන්ත ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දෙයි.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි

අසර්බයිජානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂහීන් මුස්තාෆයෙව් සමඟ ඊයේ(28) ටෙහෙරාන් නුවර පැවති හමුවකදී ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි “ට්‍රම්ප් සාකච්ඡා කිරීමටවත්, යුද්ධ කිරීමටවත් නොහැකි අර්බුදකාරී තත්ත්වයකට හසුවී සිටිනවා” යැයි පැවසීය.

2027 අයවැය නොවැම්බර් 12 දා..

2027 වසර සඳහා වන අයවැය කතාව ලබන නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළාය.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සහ ඇමෙරිකානු - චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුල් කරගනිමින් පසුගිය සතියේ ලෝක දේශපාලනයේ සිදුවූ ප්‍රධාන සිදුවීම් සම්බන්ධයෙන් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා Divaina Online යූටියුබ් නාලිකාව සමඟ පැවැත්වුණු සාකච්ඡාවකදී දීර්ඝ ලෙස අදහස් දැක්වීය.

අනුරගේ රතු හැට්ටයට යටින් ඉන්නේ වෙනිසියුලාවේ ඇමෙරිකානු පදයට නැටූ ඩෙල්සිලා.. උතුරේ කොටි සැමරුම් හා සිංහල බෞද්ධ උරුමයට එල්ල වන තර්ජන හමුවේ විපක්ෂයේත් අශුද්ධ එකඟතාවක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී ඉකුත් 27 වෙනි ඉරිදා පැවැති විශේෂ ප්‍රසිද්ධ දේශනය අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වර්තමාන ආණ්ඩුවේ දෙවසරක විනාශකාරී ක්‍රියාකලාපය, රට මුහුණ දී සිටින දැවැන්ත භූ-දේශපාලනික අර්බුදය සහ අනාගත දේශපාලන අරගලයේ ගමන් මග පිළිබඳව අතිශය උණුසුම්, දීර්ඝ සහ විවේචනාත්මක හෙළිදරව්වක් සිදු කළේය.

ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්..

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21 ක් සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ අද (29) නියම කළාය.

කියුබාව ‘වැටෙනු ඇතැයි’ ට්‍රම්ප් පැවසීමෙන් පසු චීනයේ සහාය කියුබාවට!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හවානා නගරය “වැටෙනු ඇත” යැයි පවසමින් කියුබානු පාලනයේ “මූලික වෙනසක්” අවශ්‍ය බව ප්‍රකාශ කිරීමෙන් පසු, බාහිර මැදිහත්වීම්වලට එරෙහිව කියුබාවට සහාය දෙන බවට චීනය ප්‍රතිඥා දී තිබේ.

ඇමරිකාවේ පනස් වසරක ධර්ම දූත මෙහෙවර ඇගයේ: "ධර්ම විකෘතිය යනු කුමක්ද?" - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් විශේෂ දේශනයක්..

අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද නායක ස්වාමීන් වහන්සේ සහ මඩවල සීලවිමල නායක හිමියන් ඇමරිකා එක්සත් ජනපදයේ ධර්ම දූත මෙහෙවර ආරම්භ කර වසර 50ක් පිරීම නිමිත්තෙන් උන්වහන්සේලාගේ සේවය ඇගයීම සඳහා විශේෂ වැඩසටහනක් පවත්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වනවා.. - ඇමති විජිත UN මහ සමුළුව අමතමින් කියයි

ලෝකයේ සිදුවන පරිවර්තනයන්ට වඩාත් අත්‍යවශ්‍ය සහ ප්‍රතිචාරාත්මක සංවිධානයක් බවට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අර්ථවත් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහාය දෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ආක්ටික් කලාපීය බලපෑම් හමුවේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙයි..

ආක්ටික් කලාපය තුළ තම බලය සහ බලපෑම තහවුරු කරගැනීම සඳහා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය (EU) දරන උත්සාහයන් හමුවේ දෙපාර්ශ්වය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා උපායමාර්ගික නොගැලපීම් තවදුරටත් පුළුල් වෙමින් පවතින බව වාර්තා වේ.

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?”.. - විමල්ගේ විශේෂ දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි..

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?” තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද විශේෂ දේශනයක් (27) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.