News Category
From Date
To Date
Maximum Number of Result

අධිකරණ ස්වාධීනත්වය සහ බෙදුම්වාදී කුමන්ත‍්‍රණය

Aug 3, 2026 at 12:09 PM
|

මේ වන විට අගවිනිසුරුතුමියට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝශාභියෝගයට සහ ඒ ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම් වලට විරුද්ධව අදහස් පළකරන බොහෝ විද්වතුන් පළිහක් බවට පත්කරගෙන ඇත්තේ අධිකරණ ස්වාධීනත්වය නැමැති සංකල්පයයි. ඔවුහු  එම සංකල්පයට පක්‍ෂව කෙසේ පැලෙන නීති තර්ක ඉදිරිපත් කරති. එසේම මෙම විද්වතුන් අධිකරණ ස්වාධීනත්වය නැමැති සංකල්පයට නීතියේ ආධිපත්‍යය නැමැති සංකල්පයද ගැටගසමින් තමාගේ දේශපාලන මතවාද වලට විද්වත් ස්වරූපයක් ලබාදීමටද උත්සාහ කරන බව පෙනේ. එහෙත් සාමාන්‍ය ජනතාවට මෙම සංකල්ප වැටහෙන ආකාරය සහ විද්වතුන්ගේ විග‍්‍රහය අතර විශාල පරතරයක් තිබෙන බව මහජනයා සමඟ ගැවසෙන මිනිසුන්ට නම් රහසක් නොවේ.

මෙම විද්වතුන්ගේ, විශේෂයෙන්ම ඉහල පෙලේ නීතිඥ මහතුන්ගේ මතය අනුව දෝහාභියෝගය නිසා රටේ නීතියේ ආධිපත්‍යය බිදවැටී අධිකරණයේ ස්වාධීනත්වයද අහිමි වී ඇත. ඒ අනුව වක‍්‍රව ගම්‍ය වන්නේ එතෙක් ඒ සංකල්පය ඉතා හොදින් රැකී තිබුණු බවය. එසේ උපකල්පනය කිරීමට හැකිවන්නේ ඔවුන් කිසිවකු දෝශාභියෝගයට පෙර කාලයේදී එම සංකල්ප වලට එරෙහිව යමක් සිදුවූ බවට කිසිදු මතයක් ප‍්‍රකාශ කොට නැති බැවිනි. කෙසේවෙතත් මහජනයා ලෙස ඉතා සරලව කල්පනා කරන විට යම් ආයතනයක හෝ පුද්ගලයකුගේ ස්වාධීනත්වය අහිමිවීම ආකාර දෙකකට සිදුවිය හැක. පළමුවැන්න යම් ආයතනයක් තමා මත නීත්‍යානුකූලව යම් බලයක් යෙදවීමට හැකි අයතනයක බලයට සීමාව ඉක්මවා අවනත වීම මඟින් ස්වේච්ඡුාවෙන්ම ස්වාධීනත්වය නැති කර ගැනීමය. දෙවැන්න නීතියේ ආධිපත්‍යයට යටත්ව හෝ එසේ නොමැතිව සීමාව ඉක්මවා එක් ආයතනයක් විසින් අනෙක් ආයතනය යටත් කිරීමය. එහෙත් බොහෝ විට ප‍්‍රායෝගිකව සිදුවිය හැක්කේ ඒ දෙකේම සංකලනයක් බව පිළිගැනීම අපහසුවක් නැත.

කෙසේවෙතත් ඒ පැහැදිලි කිරීම වලංගු වන්නේ නීතිමය සහ පරිපාලනමය රාමුව තුල එසේ බලය යෙදවීමට අවකාශයක් තිබෙන ආයතන දෙකක් හෝ පුද්ගලයින් අතර ගනුදෙනුවකදී පමණී. වෙනත් වචන වලින් කියනවා නම් නීතිමය සහ පරිපාලනමය රාමුව තුල බලපෑම් කිරීමේ ප‍්‍රතිපාදනයක් නොමැතිව යම් ආයතනයකට බලපෑමක් සිදුවෙනවා නම් එය බලහත්කාරකමක් ලෙස හෝ අවබෝධයෙන් සිදුවන වැරදි ගණුදෙනුවක් ලෙස හඳුනාගත හැක. එවැනි තත්වයක් අපරාධ හෝ සිවිල් නීති යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් වන බවට සැකයක් නැත.එසේම මහජනයාට වැටහෙන ආකාරයට ස්වාධීනත්වය නිර්වචනය කරන ආකාරය පිළිබඳවද ගැටළුවක් ඇත. යම්කිසි ආයතනයකට හෝ තනතුරකට නීතියෙන් ලැබී ඇති බලයේ ආවරණය යොදාගනිමින් හිතුවක්කාර ලෙස හෝ පුද්ගලික කැමැත්ත හෝ අකමැත්ත අනුව ක‍්‍රියාකිරීම ස්වාධීනත්වය ලෙස අර්ථකථනය කළ නොහැකි බව ඉතා පැහැදිලිය.

එසේ නම් මේ ආකාරයට යම් සීමාවන් තුල අධිකරණය යටත් කරන හෝ ඊට බලපෑම් කරන බාහිර ආයතන හෝ බලවේග මොනවාද ? නීතියේ ආධිපත්‍යයට යටත්ව සලකා බැලීමේදී එවැනි ආයතන ඇත්තේ දෙකක් පමිණී. ඒ විධායකය සහ ව්‍යවස්ථාදායකය පමණී. එහෙත් මේ විද්වතුන් කියන ආකාරයට නීතියේ ආධිපත්‍යය බිදවැටී ඇත්නම් එම ලැයිස්තුව තව බොහෝ දිගු විය හැක. ඒ අනුව එම ලැයිස්තුවට යුද හමුදාව, රජය විසින් නඩත්තු කරන වෙනත් සන්නද්ධ අංශ, ප‍්‍රභල රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය භාණ්ඩාගාරය, විශ්ව විද්‍යාල ආචාර්්‍යයවරුන්, ප‍්‍රභල පුද්ගලික සමාගම් සහ නීතිඥ සංගමය වැනි වෘත්තිකයින්ගේ සංවිධාන ආදී සංවිධාන රාශියක් ඇතුල් කල හැක. අනෙක් පැත්තෙන් ගත්විට ස්වාධීනත්වය නැමැති සංකල්පය වඩා පුළුල්ව සැලකීමේදී අධිකරණ පද්ධතිය තුලම ඉහළ ආයතනයක් විසින් පහළ ආයතනයක ස්වාධීනත්වය නැතිකිරීමද ඊට ඇතුල්විය හැකිය. උදාහරණයක් ලෙස අධිකරණ සේවා කොමිසම විසින් පහළ අධිකරණ වල විනිසුරුන්ට බලපෑම් කරන බවට  මතයක් ඉදිරිපත් වී ඇත. එසේම නිර්වචනය කිරීම හරහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනා අධිකරණයට සිදුකරන බලපෑම්ද මේ සනයට අයත් විය හැක.

සාමාන්‍ය තත්වයන් යටතේ හෝ නීතියේ ආධිපත්‍යය සතුටුදායක ලෙස පවතින තත්වයක් යටතේ ඒ දෙවන ලැයිස්තුවට අයත් ආයතන වලට අධිකරණයට බලපෑම් කිරීමේ හැකියාවක් නැත. උදාහරණයක් ලෙස පවතින සීමාසහිත ප‍්‍රජාතන්තවාදී රාමුව තුල වූවද යුද හමුදාව විසින් අධිකරණයට සෘජුව හෝ වක‍්‍රව බලපෑම් කිරීමේ හැකියාවක් හෝ සංස්කෘතියක් අප රටේ නැත. නමුත් දෝශාභියෝගය ඉදිරිපත් වූවාට පසුව ඇතිවූ තත්වය තුල බෙදුම්වාදී රාජ්‍ය නොවන සංවිධාන ජාලයට සම්බන්ධ පිරිස් සහ නීතිඥ සංගමයේ උසස් නිලධාරීන් අධිකරණයේ හැසිරීමට බලපෑම් වන ආකාරයට ක‍්‍රියාකරනු දක්නට ලැබුනි. එය ඉතා පැහැදිලිවම අධිකරණයේ ස්වාධීනත්වයට හානිකර තත්වයකි. කෙසේවෙතත් දෝශාභියෝගයට පෙර එම පිරිස් අධිකරණයට බලපෑම් කිරීමට උත්සාහ කළාද යන්න මාධ්‍ය මඟින් හෙළිදරව් වූයේ නැත. එහෙත් දිවි නැගුම පනතට අදාල නඩු විභාගයේදී ඒ ආකාරයට බලපෑම් සිදුවූ බවට චෝදනා එල්ල වී ඇත.

සාමාන්‍ය ජනතාව ලෙස අප නීතියේ ආධිපත්‍යය යන සංකල්පය වටහා ගන්නේ නීතියට අනුව කටයුතු කිරීම සහ එසේ කටයුතු කිරීමේදී නිර්දේශිත පටිපාටිය අනුව කටයුතු කිරීම යන කොන්දේසි දෙකේ එකතුවක් ලෙසය. එසේ නම් නීතියේ ආධිපත්‍යයට යටත්ව හෝ ඒවා වැරදි ලෙස නිර්වචනය කරමින් අධිකරණයට බලපෑම් කළහැක්කේ විධායකයට සහ ව්‍යවස්ථාදායකයට පමණි. එසේ නම් මේ විද්වතුන් ඉතා පැහැදිලිව තර්ක කරන්නේ ඒ ආයතන දෙක විසින් අධිකරණයට කරන ලබන බලපෑම් පිළිබඳවය. එහිදී එම විද්වතුන් විසින් සෘජුව සහ වක‍්‍රව සිදුකරන බලපෑම් විශේෂයෙන්ම මතවාදී බලපෑම් පිළිබදව කථිකාවක් නැත.

ඉහත සඳහන් කල විවිධ ආයතන සහ පුද්ගලයින් විසින් හෝ නීතිඥවරුන් හෝ වෙනත් තැරැව්කරුවන් විසින් අධිකරණයට බලපෑම් කිරීමේ සංස්කෘතියක් තිබෙන බව බොහෝ දෙනා අත්දැක ඇත. එහෙත් ඒ පිළිබඳව කථාකිරීමට යමෙකුට ධෛර්්‍යය නොතිබීම පිළිගත හැකි තත්වයකි. අධිකරණයට අපහාස වේ යයි යන බිය නිසා එවැනි තත්වයන් පිළිබඳ කථා නොකර සිටීමද දීර්ඝකාලීනව අධිකරණයේ ස්වාධීනත්වය රැකීමට බාධාවක් බවට සැකයක් නැත. කෙසේවෙතත් අධිකරණය නැමැති ආයතනය කිසිදු පාලනයකට යටත් නොවන අහසේ පාවෙන ස්වාධීන ආයතනයක් ලෙස මෙම විද්වතුන් සලකන්නේ නැතැයි අපි උපකල්පනය කරමු. එසේනම් ස්වාධීනත්වය යනු හිතුමතේ කටයුතු කිරීමේ ‘‘වල්බූරු නිදහස’’ බුක්තිවිදීමක් හෝ අරාජික තත්වයකට පත්වීමක් ලෙස සැලකිය නොහැක. අප රටේ ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍යය ක‍්‍රියාත්මක වීමේ කුමන අඩුපාඩු තිබුණත් පරමාධිපත්‍යයේ බලය දරණ ජනතාවට අධිකරණය පාලනය කිරීමේ බලය තිබෙන බවට සැකයක් නැත. මහජනයාට තම බලය සෘජුව යොදාගනිමින් අධිකරණය යම් පාලනයකට යටත් කිරීමේ හැකියාවක් නැත. මාධ්‍ය හරහා යම් අඩුපාඩුවක් පෙන්වාදීම මඟින් මහජනයා එසේ කිරීමට උත්සාහ කිරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස අර්ථ ගැන්විය හැක.

ඒ නිසා අධිකරණය මහජන අපේක්‍ෂාවලට පටහැනි ලෙස ක‍්‍රියාකරන්නේ නම් එය පාලනය කිරීම සඳහා මහජනයාට ඇති එකම ක‍්‍රමය ව්‍යවස්ථාදායකයට තමා ලබාදුන් බලය යොදැගැනීම පමණී. ඒ සඳහා අප රටේ ව්‍යවස්ථාව මඟින් ලබාදී ඇති ප‍්‍රතිපාදනය දෝශාභියෝගය නැමැති උපාංගයයි. ඒ අනුව අධිකරණය යම් මතවාදී හෝ වෙනත් ආකාරයක දේශාපාලන බලපෑමකට යටත්ව මහජන අපේක්‍ෂාවලට පටහැනි ආකාරයට කටයුතු කලහොත් එම උපාංගය භාවිතාකරණ ලෙස තමා පත්කල ව්‍යවස්ථාදායකයේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිය හැක. නමුත් ප‍්‍රායෝගිකව මන්ත‍්‍රීවරුන් ඡුන්ද දෙකක් අතර කාලයේදී සෘජුව මහජන මතය විමසා ඒ අනුව තීන්දු තීරණ ගන්නේ නැතැයි තර්කයක් ඉදිරිපත් කල හැක. එහෙත් මහජන මතය පුළුල්ව සහ ප‍්‍රභලව ගොඩනැගෙන අවස්ථා වල මහජන නියෝජිතයින්ට ඊට යටත් වීමට සිදුවේ.

අද අධිකරණයේ ස්වාධීනත්වය නැතිකිරීම යන තර්කය ගොඩනැගෙන්නේ ඒ ආකාරයට ව්‍යවස්ථාව මඟින් ලබාදී ඇති එම එකම ප‍්‍රතිපාදනය ක‍්‍රියාත්මක කිරීමේදීය. ඒ තිබෙන ප‍්‍රතිපාදනයත් නැතිකර දැමුවහොත් හෝ එය ක‍්‍රියාත්මක වීම අත්හිටවනු ලැබුවහොත් ඉහළ අධිකරණය විසින් කුමන වරදක් කලත් ඊට එරෙහිව පියවරක් ගැනීමට මහජනයාට හැකියාවක් නැත. පත්කිරීම් කිරීමේදී විධායකය විසින් ඊට සුදුසුම පුද්ගලයින් පත්කිරීම මඟින් ස්වාධීනත්වය තහවුරු කිරීමේ පෞර්ෂයක්, සදාචාරයක් සහ සංස්කෘතියක් අධිකරණය තුල ඇති කිරීමට උත්සාහ කළ හැක. ඊට අමතරව ඇමෙරිකාව වැනි රටවල ඉතා පුළුල්ව සහ නිදහස් ලෙස අධිකරණ තීන්දු විවේචනය කිරීමට ඉඩ සලසා ඇති බැවින් සහ එවැනි සංස්කෘතියක් ඇති බැවින් අධිකරණ නිලධාරීන්ට අපක්‍ෂපාතීව ක‍්‍රියාකිරීම සඳහා නිරන්තර මානසික බලපෑමක් ඇතිවේ. ඒ මඟින්ද ඉතා ප‍්‍රභලව අධිකරණයේ ස්වාධීනත්වය රැකීම සඳහා මෙහෙයක් ඉටුවේ.

නමුත් අප රටේ විශ්ව විද්‍යාල තුල පවා එවැනි දියුණු සංස්කෘතියක් නැත. ඊට අමතරව පහළ අධිකරණයේ ස්වාධිනත්වය පිළිබඳ ගැටළු ඉහල අධිකරණයට ඉදිරිපත් කලත් ඉහල අධිකරණයෙන් සිදුවන වැරදි පිළිබඳ කතා කිරිමට හෝ පැමිණිලි කිරිමට තැනක් නැත. මේ සියල්ල සලකා බැලිමේදි දෝශාභියෝග ප‍්‍රතිපාදනය ඉතා වැදගත් වේ. රටක් ලෙස අප කලයුත්තේ ඊට අදාල ක‍්‍රියා පටිපාටි වඩාත් සාධාරණ සහ දියුණු මට්ටමකට ගෙන ඒමය. නමුත් යම් ඉහළ අධිකරණ නිළධාරියකුට විරුද්ධව චෝදනා ඉදිරිපත් වු පසුව එම ක‍්‍රමවේදයේ අඩුපාඩු නිවැරදි කිරිමේ නාමයෙන් නව නිති ගෙනඒම කිසිසේත්ම සාධාරණ නොවේ. එම පටිපාටිවල යම් අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කලයුතුව තිබුනේ 1984 පමණ ඈත කාලයක දීය. වසර 28 ක කාලයක් ඒ පිළිබඳව වචනයක්වත් කථා නොකල විද්වතුන් සහ අධිකරණය අද ඒ පිළිබඳව කථා කිරිම මගින් දැනට ආරම්භ කෙරි ඇති දෝශාභියෝග ක‍්‍රියාවලියට අභියෝග කිරිම පිළිගත හැකිද?

අපරාධ නීති සංග‍්‍රහයේ හෝ සාක්‍ෂි ආඥා පනතේ හෝ වෙනත් අධිකරණ බලතල පිළිබඳ නීති හෝ රිති වල අඩුපාඩුකම් නිසා කොතරම් අහිංසකයින් පිරිසක් සිරගත වී ඇත්ද? එමෙන්ම ඒ නිසා කොතරම් අපරාධකාරයින් පිරිසක් නිදහස් වී ඇත්ද? මේවා පිළිබඳ අප රටේ විද්වතුන් තර්ක විතර්ක කරන්නේ නැත්ද? නඩුවක නිමිත්තේ වැදගත්කමට වඩා සරල තාක්‍ෂණික කාරණා මත නඩු නිශ්ප‍්‍රභා කොට මහජනයාට ආසාධාරණකම් සිදුකල අවස්ථා පිළිබඳ කොතරම් උදාහරණ ඇත්ද? සාමාන්‍ය මහජනයා යම් අධිකරණ ක‍්‍රියාවලියක් පිළිබඳව විශ්වාසය නැතැයි අධිකරණයෙන් පිටව ගියහොත් ඔහු නවතින්නේ රිමාන්ඞ් බන්ධනාගාරයෙනි.

එහෙත් පසුගිය දිනවල අගවිනිසුරුතුමිය පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව පිළිබඳව විශ්වාශයක් නැතැයි ඉන් පිටව ගියේය. නමුත් එතුමියට එරෙහිව කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගත නොහැක. ඒ අනුව තවත් දෙයක් පැහැදිලිවේ. එනම් පාර්ලිමේන්තු තේරුම්කාරක සභාව අධිකරණයක් නොවන බවය. එහි පටිපාටි අධිකරණ පටිපාටි වලට වඩා වෙනස් බවට සැකයක් නැත. එසේම එහි සාමාජිකයින්ගේ සංස්කෘතියද අධිකරණ නිලධාරින්ගේ සංස්කෘතියට වඩා වෙනස් බව ඉතා පැහැදිලිය. ඒ අනුව යම් චෝදනාවක් ඔප්පු කිිරීමේ ප‍්‍රමිතියද වෙනස්බව කිවයුතු නොවේ. ඒ වෙනස්කමට පිළිතුර වන්නේ ව්‍යවස්ථාදායකය සතු බලතල ඊට පරිබාහිර දේශිය හෝ ජාත්‍යන්තර පිරිසකට බාර දීම නොවේ. එසේම එම වෙනස නිසා තවත් වැදගත් වගකිමක්ද චෝදනාවට ලක්වුවන් සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නිතිඥයින් පිට පැටවේ. එහිදි ඔවුන් එම ක‍්‍රියාවලිය වඩාත් සාධාරණව කිරිම සඳහා පහසුකම් සැපයීමට ව්‍යවස්ථාවෙන් පමණක් නොව සදාචාරය අනුවද බැදී සිටියි. නමුත් පසුගියදා සිදුවුයේ එහි අනෙක් පැත්ත වීම ඉතා කණගාටුදායකය.

අප රටේ ව්‍යවස්ථාව අනුව අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය යන බලත‍්‍රිත්වය අතර සාධාරණ බලතුලනයක් අතිකිරිම සඳහා සංවරණ සහ තුලන ප‍්‍රතිපාදන ඇත. අධිකරණයට ව්‍යවස්ථාව නිර්වචනය කිරිම සහ මැතිවරණ ප‍්‍රතිඵල අහෝසිකිරිමේ ප‍්‍රතිපාදන හරහා විධායකය සහ ව්‍යවස්ථාදායකය පාලනය කිරිමට බලයක් ඇත. විධායකයටද ව්‍යවස්ථාදායකය විසුරුවා හැරිමට බලය ඇත. එසේම ව්‍යවස්ථාදායකයට විධායකයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ ඉඩකඩ ඇත. නමුත් අධිකරණය පාලනය පාලනය කිරිම හෙවත් එහි බලය පාවිච්චි කිරිම තුලනය කිරිම සඳහා ව්‍යවස්ථාවේ ඇත්තේ එක් ප‍්‍රතිපාදනයක් පමණි. ඒ 107 වගන්තිය මගින් දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරිම පමණි. ඒ ප‍්‍රතිපාදනය කොතෙක් වැදගත්ද යත් එම වගන්තිය හැඳින්වෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය සඳහා වන ප‍්‍රතිපාදනයක් ලෙසය. ඒ අනුව ස්වාධිනත්වය සඳහා යම් පාලනයක් ඇති කිරිම අවශ්‍ය වේ. ඒ අනුව අප රටේ සමහර නීති ක්‍ෂේත‍්‍රයේ විද්වතුන් කියන්නේ ස්වාධිනත්වය රැකිම සඳහා ස්වාධිනත්වය රැකිමට ඇති ප‍්‍රතිපාදන නැති කරන ලෙසද ?

අධිකරණයේ ස්වාධිනත්වයට අදාල ව්‍යවස්ථාවේ වගන්තිය තුලට අධිකරණයේ ඉහළ විනිසුරුවරුන්ගේ පත්කිරිම් සහ වැටුප් පිළිබඳව ප‍්‍රතිපාදනය ඇතුල් කිරිම මගින් ගම්‍යවන්නේ අධිකරණයේ ස්වාධීනත්වය සඳහා තව බොහෝ කොන්දේසි සැපිරිය යුතු බව නොවේද? ඇත්තවශයෙන්ම දෝශාභියෝගයකට ප‍්‍රතිපාදන සැලසිම මගින් විනිසුරුවරුන්ට තම ස්වාධිනත්වය රැකගෙන කටයුතු කිරිම සඳහා මානසික බලපැමක් ඇතිවන බව තේරුම් ගැනීමට සාමාන්‍ය මහජනයාට වූවත් අමාරුවක් නැත. එසේම අධිකරණයේ උසස් විනිසුරුවරුන්ට ඉහළ වැටුප්, ඉහල විශ‍්‍රාම වැටපු, නිළ රථ සහ ආරක්‍ෂාව ආදි වරප‍්‍රසාද සඳහා මහජනයා විශාල බදු මුදලක් වැය කරන බව රහසක් නොවේ. එම වරප‍්‍රසාද රජයේ වෙනත් ඉහල නිලධාරින්ට ලැබෙන දේට වඩා ඉහළ මට්ටමක තිබුනා වුවත් මහජනයා ඒ පිළිබදව කිසිදු අහිතක් සිතන්නේ නැත. ඒ විනිසුරුවන්ට අධිකරණයේ ස්වාධිනත්වය රැකිම සඳහා බාහිර පාර්ශව මත යැපීමෙන් තොරව ජිවත්වීමට ඉඩකඩ සැලසිය යුතු බවට කිසිදු විවාදයක් නැති බැවිනි. නමුත් දෝශාභියෝගයෙන් පසුව මජහනයාට දක්නට ලැබුනේ ඊට වෙනස් පින්තූරයකි. 

ඇත්තවශයෙන්ම කුමන තත්ත්වයක් යටතේ වුවත් ඉහළ අධිකරණ නිලධාරින් දේශපාලන අරමුණු මත ක‍්‍රියාකරන පුද්ගලයින් සමග එක්ව මහජනයාගේ ඇස් ඉදිරියේ විවිධ  දේශපාලනමය ක‍්‍රියාකාරකම් වල නිරත වීම අධිකරණයේ ස්වාධිනත්වය කැමැත්තෙන්ම අත්හැරිමක් නොවේද? අප රටේ හොද නරක සහ සාදාචාරය පිළිබඳව සමාජ සම්මතයන් මොනතරම් පැටලී ඇත්දැයි කිවහොත් එවැනි වැරදි ක‍්‍රියා වලට දායකත්වය සපයන්නේ සහ ඒ සඳහා පෙළඹවීම ඇතිකරන්නේ සමාජයේ ඉහලින්ම වැජඹෙන පිරිස්ය. අධිකරණයේ ස්වාධිනත්වය පමණක් නොව ප‍්‍රතිඵලදායක සහ කාර්්‍යක්‍ෂම ක‍්‍රියාකාරිත්වය සඳහා විනිසුරුවරුන් සේම නිතිඥ මහත්වරුන්ද විශාල දායකත්වයක් සැපයිය යුතුය. එහිදි අපක්‍ෂපාතිත්වය සහ සාධාරණව ක‍්‍රියාකරන බව දක්නට ලැබිම මහජනයාගේ පැත්තෙන් ඉතා වැදගත් වේ. නමුත් නිතිඥ සංගමයේ ඉහළම තනතුරට දේශපාලන පක්‍ෂයක ඉහල සහ ප‍්‍රසිද්ධ සාමාජිකයකු පමණක් නොව පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයකු පත්කරගැනිම කොතරම් උසස් ක‍්‍රියාවක්දැයි දැන්වත් එම සංගමයේ සාමාජිකයින් කල්පනා කලයුතුව ඇත.

නිතිඥ සංගමයේ ඉහලම තනතුරු දරණ පුද්ගලයා ලෙස පමණක් නොව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස ව්‍යවස්ථාව විසින් ව්‍යවස්ථාදායකයට පවරා ඇති වගකිම ජාත්‍යන්තර කමිටුවකට බාර දිය යුතු යයි යෝජනා කිරිමේ බරපතලකම ඔහුට නොතේරේ. එය කොතරම් කණගාටුදායක තත්ත්වයක්ද? ඒ මගින් එතුමා ඔප්පු කර පෙන්වන්නේ තමා සංගමයේ සභාපති විමට පමණක් නොව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වීමටද නොසුදුසු බව නොවේද? මහජනයා ලෙස මේ සියලූ දෙනාට දීමට පණිවිඩ කිහිපයක් ඇත. පළමුවැන්න ස්වාධිනත්වය යන සංකල්පය ඔවුන්ගේ අපේක්‍ෂාවන්ට සරිලන ලෙස නැවත නිර්වචනය කර ගැනීමය. එවිට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියා මහජනයාට සිත හදා ගැනිමට ඉඩ ඇත. දෙවැන්න විධායකයට සහ ව්‍යයස්ථාදායකයව අමතරව අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් කරන අනෙකුත් ආයතන සහ පුද්ගලයින් පිළිබඳව එළිදරව් කරන ලෙසය. තුන්වැන්න බාහිර බලපෑම් වලින් තොරව අගවිනිසුරුතුමියට තම නිර්දෝශිභාවය තහවුරු කිරිමට ඉඩ සලසන ලෙසය. දැන් පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ වාර්තාව පිටවී ඇති බැවින් එහිදී වැරදි සාක්‍ෂිමත පදනම්ව නිගමන වලට එළඹි ඇත්නම් ඒ පිළිබදව අභියෝග කිරිමට එතුමියට අයිතියක් ඇත. එය කරන්නේ කෙසේදැයි දැනට ප‍්‍රශ්නයක් තිබිය හැක. නමුත් ව්‍යවස්ථාව මගින් ඊට බාධාවක් පමුණුවා නැත. නමුත් දැන් සිදුවන්නේ තමා නිර්දෝෂී බව ජනතාවගේ ඇස් ඉදිරියේ ඔප්පුකර පෙන්වීමට වඩා වෙනත් ගැටුමක් නිර්මාණය කිරීමය. විවිධ විද්වත\න්ගේ මතයන්ට අනුව අභියාචනා අධිකරණය විසින් පාර්ලිමේන්තු තේරීම්කාරක සභා වාර්තාව අහෝසිකිරීම පදනම් විරහිත අත්තනෝමතික ක‍්‍රියාවකි. ඒ මඟින් පාර්ලිමේන්තු විවාදයෙන් පසුව අගවිනිසුරු\මිය නෙරපා හැරියහොත් නීතියෙන් වලංගු නොවන බවට මතයක් තහවුරු කිරීමට ඉඩ ලැබේ. එසේනම් ඉතා පැහැදිලිවම අගවිනිසුරුතුමිය උත්සාහ කරන්නේ පැනනැගී ඇති ගැටුම දේශපාලන වශයෙන් පුපුරා යන තත්වයක් ඇති කිරීමටය. ඒ අනුව දැන් තවදුරටත් නිති තර්ක වල එළ්ළි වාද විවාද කීඍීමට දේශපාලන අවකාශයක් ඉතිරිවන්නේ නැත. එසේ නම් දැන් පැනනැගී ඇත්තේ දැඩි දේශපාලන පෞර්ෂයකින් තීන්දුගැනීම සඳහා රජයට බලකෙරෙන තත්වයකි. එය සාධාරණීකරණය වන්නේ දෝශාභියෝගයට මුල් වූ ගැටුම හෙවත් හැසිරීම ඉතා පැහැදිලිවම ජාත්‍යාන්තර බෙදුම්වාදී කුමන්ත‍්‍රණයේ සෘජු ප‍්‍රකාශණයක් බව දැන් ඉතා පැහැදිලිව පෙනෙන බැවිනි.

  

වෙද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

සම්බන්ධිත පුවත් | Related News

පසුගිය දිනවල සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල ප‍්‍රචාරයක් ලබාදෙමින් ‘‘ආහාර සුරක්‍ෂිතතාව’’ තහවුරු කිරීම සඳහා මෙහෙයුමක් දියත් කරන්නට යෙදුනි. එහෙත් ඔවුන්ට එම වචන වල නිවැරිදි තේරුම පිළිබඳවත් අවබෝධයක් නොතිබිනි. ඔවුන්ට අනුව ‘‘ආහාර ආරක්‍ෂාවට’’ :ත්‍දදා ී්ෙැඑහ* අදාලව ගන්නා පියවර මඟින් ‘‘ආහාර සුරක්‍ෂිතතාව’’ :ත්‍දදා ීැජමරසඑහ* තහවුරු වේ. එය ඉතා කණගාටුදායක තත්වයකි.
රටේ ආර්ථිකයේ එක් ක්‍ෂෙත‍්‍රයක් වන කිරි කර්මාන්තය පිළිබඳව කථා කිරීමේදී එය කිරි ආර්ථිකයක් ලෙස හැඳින්වීමට සිදුවන්නේ ඒ සමඟ ගැට ගැසී ඇති සුවිශේෂී ආර්ථික සාධක නිසාය. නමුත් ඊට අදාල තීන්දු තීරණ ගන්නා බලධාරීන් ඒ සුවිශේෂීත්වය වටහාගෙන
මේ වන විට ආණ්ඩුව දේශපාලන, ආර්ථික, සමාජ සංස්තෘකිත ආදී සියළු පැතිකඩවල් වලට අදාලව තම පාලනය ගෙනයන්නේ කිසියම් සිහිනයක ගැලී සිටිමින් දැයි ප‍්‍රභල ප‍්‍රශ්ණයක් මහජන මනස තුළ ගොඩනැගෙමින් ඇත. එක් පැත්තකින් ආණ්ඩුව විග්නේෂ්වරන්
මනුෂ්‍යය ආත්මයකට තිබිය යුතු අවම හෘදසාක්‍ෂිය සහිත සියළු දැනුවත් මිනිසුන් මේ දිනවල බලා සිටින්නේ රජරට වකුගඩු රෝගයෙන් දිනපතා මිය යන දහස් සංඛාත අහිංසකයින් වෙනුවෙන් රජය කුමක් කරන්නේද යනුවෙනි. මේ වන විට ඉතිහාසයේ අප ජාතිය
මේ වන විට අගවිනිසුරුතුමියට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝශාභියෝගයට විරුද්ධව අදහස් පළකරන බොහෝ විද්වතුන් පිළිහක් බවට පත්කරගෙන ඇත්තේ අධිකරණ ස්වාධීනත්වය නැමැති සංකල්පයයි. ඔවුහු එම සංකල්පයට පක්‍ෂව කොසේ පැලෙන නීති තර්ක
එදා පොන්නම්බලන්ල නිදහසට පෙර ර`ග දැක්වූ ‘‘පනහට පනහ’’ සම අයිතිවාසිකම් නා`ඩගමේ තිර පිටපත බණ්ඩාරනායක සහ චෙල්වනායගම් විසින් 1957දී ෆෙඩරල් නාඩගම බවට සංස්කරණය කළේය. නමුත් එය වේදිකාවේ ර`ග දක්වන්නේ ජේ .ආර් ජයවර්ධන
සයිටම් නමින් හදුන්වන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කළ විරෝධතා ව්‍යාපාරය අඛණ්ඩව වර්ධනය වෙමින් ඇත. රජයේ වෛද්‍ය විද්‍යාල වල සිසුහු මේ වන විට මාස 3කට
ටීඑන්.ඒ. පක්‍ෂයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්‍ෂනායක තනතුරට නුසුදුස වන්නේ ඔහු දෙමළ වීම නිසා හෝ පටු ජාතිවාදියකු වීම නිසාද? නැත. කිසිසේත්ම නැත. එසේ නම් ඒ කුමන හේතු නිසාද?
ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසි දිනක සිදු නොවන ආකාරයට යහපාලන ආණ්ඩුව පත්වීමත් සමග විපක්ෂය ලෙස පෙන්වීමට උත්සාහ දරන කණ්ඩායම් කිහිපයක් ක‍්‍රියාත්මක වන බව පෙනේ. ප‍්‍රායෝගිකව එම නඛ්ඩායම් වල දේශපාලන ස්ථාවරයන්

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය, රාජ්‍ය වගවීම සහ නීතියේ ආධිපත්‍යය: අනාගතයට තීරණාත්මක පූර්වාදර්ශයක්

2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්?

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු සහ අනුචිත බව පවසමින් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති රජීව් අමරසූරිය විසින් සඳහන් කරයි.

ස්පාඤ්ඤයට එල්ල වූ මහා සංක්‍රමණික බලපෑම ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශේෂ අනාවරණයක්..

මෑත කාලීනව ස්පාඤ්ඤය මුහුණ දුන් නීති විරෝධී මහා සංක්‍රමණික රැල්ල සහ ඒ පිටුපස ඇති ජාත්‍යන්තර හා භූ-දේශපාලනික බලපෑම් පිළිබඳව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා විශේෂ විශ්ලේෂණයක නිරත වේ.

ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් අත්හිටුවයි.. දෙරට අතර සාකච්ඡා අදම..

ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ "විශාල මට්ටමේ" ප්‍රහාර අත්හිටුවීමට තීරණය කළ බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“දූෂණ රාජ්‍යය” නැති කර රටේ ආර්ථිකය ගොඩනගන්න ආ රජය අද “අපරාධ රාජ්‍යයක්” හමුවේ රටම අසමත් කරනවා... පූජිත එදා පොලිස්පති කළේ අනුර කුමාර.. - විමල්

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාව හමුවේ තැබූ "දූෂණය නැති කර රටේ ආර්ථිකය ගොඩනගනවා" යන ප්‍රධාන ආඛ්‍යානය (Narrative) සම්පූර්ණයෙන්ම අතහැර දමා, මේ වන විට "අපරාධ රාජ්‍යය නැති කිරීම" නමැති ව්‍යාජ ආඛ්‍යානයක් සමාජගත කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. බත්තරමුල්ල පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මැද පෙරදිග යුද උණුසුම ඉහළට.. – කලාපයෙන් පිටවන්නැයි ඇමරිකානුවන්ට එක්සත් ජනපද තානාපති කාර්යාලවලින් හදිසි අනතුරු ඇඟවීමක්!

ඊශ්‍රායලයේ සහ අරාබි රටවල් කිහිපයක පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල සෙනසුරාදා(01) දින මැද පෙරදිග ගැටුම් තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි බවට ඇමරිකානුවන්ට අනතුරු අඟවා, කලාපයෙන් පිටව යාම පිළිබඳව සලකා බලන ලෙස ඉල්ලා තිබේ.

මහර බන්ධනාගාරයේ තත්වය දරුණුයි.. රාගම ග්‍රාමසේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය..

සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරය අවට ග්‍රාමසේවා වසම් තුනක් සඳහා නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

රවී සෙනෙවිරත්නටත් ශානි අබේසේකරටත් මරණ දඬුවම ලබා දිය හැකියි.. - උදය ගම්මන්පිල

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සහ ඒ සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු තිබියදීත් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ට මරණ දඬුවම පවා ලබා දිය හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉතිහාසයේ පෙරළිකාර තීන්දුවක්: හේමසිරිට සහ පූජිත්ට ලැබුණු මරණ දඬුවමේ සම්පූර්ණ කතාව..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු මඬුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම හේතුවෙන් සාපරාධී වගකීම පැහැරහැරීමෙන් මිනිමැරීම සහ මිනීමැරීමට තැත්කිරීම යන චෝදනාවලට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට මරණ දඬුවම නියම කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මීට සුළු වේලාවකට පෙර තීරණය කළේය.

විනිසුරු වයස ගැන තමාට කට වහගන්නැයි කියූ ප්‍රබලයා ගැන ලාල් විජේනායක හෙළිකරයි...

ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙන යන පියවර සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටින ලෙස කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා තමාගෙන් ඉල්ලා සිටි බව පාලක ජාතික ජන බලවේගයේ (NPP) නායකත්ව කවුන්සිලයේ, විධායක කමිටුවේ සහ ජාතික මෙහෙයුම් කමිටුවේ සාමාජිකයකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ඊයේ පැවසීය.

කැරපොත්තන්ගේ විරෝධතා පිටුපස සැබෑ සිසුන් නෑ?.. - විදේශීය මැදිහත්වීම් ගැනත් ප්‍රබල අනාවරණයක්..

ඉන්දියාවේ දිල්ලි අගනුවර පසුගිය දා පැවැති උණුසුම් විරෝධතා ව්‍යාපාරය සැබෑ සිසුන්ගේ නැගී සිටීමක් නොව, සංවිධානාත්මක සහ පිටතින් අරමුදල් සැපයූ මෙහෙයුමක් බවට තොරතුරු වාර්තා වේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ තීරණයෙන් මාලිමාවේ අභ්‍යන්තර අර්බුදයක්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය තුළ දැඩි මතභේදයක් හටගෙන ඇති බව ඊයේ (30) 'ලංකාදීප' පුවත්පත වාර්තා කර ඇත.

පාස්කු ප්‍රහාරය ගැන හේමසිරිට සහ පූජිත්ට එරෙහි නඩුවේ තීන්දුව අද..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයකින් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව අද (31) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.