News Category
From Date
To Date
Maximum Number of Result

ව්‍යාජ විපක්ෂයේ පාවා දීම සහ සැබෑ විපක්ෂයේ ඉවසීම

Aug 3, 2026 at 11:36 AM
|

ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසි දිනක සිදු නොවන ආකාරයට යහපාලන ආණ්ඩුව පත්වීමත් සමග විපක්ෂය ලෙස පෙන්වීමට උත්සාහ දරන කණ්ඩායම් කිහිපයක් ක‍්‍රියාත්මක වන බව පෙනේ. ප‍්‍රායෝගිකව එම නඛ්ඩායම් වල දේශපාලන ස්ථාවරයන් ජනතාවට හොදින් දැකගත හැකි වූයේ ඊනියා අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත සම්මත කළ අවස්තාවේදීය. ඉතා අහිංසක බව පෙනෙන එම පනතේ ප‍්‍රකාශිත අරමුණු අතුරදන් වූවන් පිළිබද සොයා බලන කාර්යාලයක් පිහිටුවීමයි. එහෙත් එහි දුෂඨ සහ සැගවුණු අරමුණ වන්නේ අතුදහන් වීම පිලිබදව නම නොකියන සාක්ෂිකරුවන් මගින් බොරු දෝදනා එල්ල කොට තෝරාගත් රණවිරුවන් පිරිසක් වැරදිකරුවන් ලෙස නම් කිරීමේ කොමසමක් පිහිටුවීමයි.

එවැනි පරීක්ෂණ කොමාසමක් කාර්යාලයක් නමින් පිහිටුවිය යුතු බව පළමුව අවධාරණය කරනු ලබන්නේ එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් විසිනි. ඉන් පසුව ශ‍්‍රී ලංකාවේ ආන්ඩුවේ එකගතාවය මත මානව හිමිකම් කොමිසමේදී 2015 සැප්තැම්බර් මස සම්මතවූ අමෙරිකානු යෝජනාවේ 4 වන වගන්තිය මගින් එම අවශ්‍යතාවය නිල වශයෙන් අවධාරණය කෙරිණි. එම යෝජනාවේ සදහන් වන්නේ උතු නැගෙනහිර යුද්ධය පැවති කාලය තුල සිදුවූවායැයි කියන අතුරුදන්වීම් පිළිබද‘‘වගවීම්’’යාන්ත‍්‍රණයක් ලෙස එම කාර්යාලය පිහිටවනිය යුතු බවයි. එහිදී වගවීම යන වචනය භාවිත වන්නේ ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව විසින් ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීති කඩකරන ලද අවස්ථා සොයා බලා වරදකරුවන්ට දඩුවම් දිය යුතුය යන ප‍්‍රතිපත්තිය හැදින්වීම සදහාය. විජේවීරගේ හෝ ගමනායකගේ අතුරුදහම් වීමහෝ ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ අතුරුදන් වීම් එම නිරවචනයට අයත් වන්නේ නැත. එසේනම් ඉතා පැහැදිලිවම එඹ ඉනියා කාර්යාලයේ වගකීම වන්නේ ‘‘වගවීම්’’ සහතික කිරීමයි. ඒ අනුව එම පනත රණවිරුවන් දඩයම් කිරීම සදහා යොදා ගන්නා බවට එල්ල වන චෝදනා ඉතා සහේතුක වේ. 


එවැනි තත්වයක් තුල මානව හිමිකම් කවුන්සිලයේ උවමණාව විපක්ෂ කණ්ඩායම් විසින් විග‍්‍රහ කරන ආකාරය අනුව ඔවුන්ගේ උවමනාවන් මොනවාදැයි ඉතා හොදින් පැහැදිලි වේ. නිල විපක්ෂය හෙවත් ව්‍යාජ පක්ෂ කණ්ඩායම් දෙකෙන් පළමුවැන්න වන ටී.එන්.ඒ පක්ෂයට අනුව මෙම පනත මගින් සංහිදියාව සදහා වන මූලික කොන්දේසියක් ඉටුවේ.ඔවුන් සෑම විබටම රණවිරුවන්ට දඩුවම් කිරීම සංහිදියාවේ  මූලික අංගයක් ලෙස සලකති. රණවිරුවන්ට දඩුවම් කිරීම හෙවත් ඊනියා වගවීමි ගැන ජාත්‍යන්තරව විශාල ඝෝෂාවක් කරන ගෝලීය දෙමළ සංසදය විසින් පනත සම්මත කිරීම පිලිබදව රජයට පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණටද ස්තූති කර ඇත. ඒ අනුව පනත මගින් ඔවුන්ගේ අරමුනු ඉටු වෟූ බවට විවාදයක් නැත. විවාදය ඇත්තේ ඔවුන්ගේ අරමුණු සහ ජනතා විමුක්ති පෙරමුණේ අරමුණු එකට සමපාත වීම පිලිබදව පමණි.


පනත් කෙටුම්පත සම්මත වූ මොතේ සිටම ඇමෙරිකානු තානාපති සහ සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් තම සතුට පළ කළහ. පනත කඩිනමින් සම්මත කිරීමට සිදුවූයේ ඇමෙරිකානු බලපෑම් නිසා බවට රජයේ යම් පාර්ශව විපක්ෂ මන්ත‍්‍රීවරුන්ට පවසා තිබුණි. ඒ අනුව අමෙරිකාවේ අපේක්‍ෂා ඉටුවීම සියලූ දෙනාගෙ සතුටට හේතු වන බව පෙනේ. කැනඩාව මහා බ‍්‍රිතාන්‍ය සහ නෝර්වේ වැනි රටවල්ද පනත සම්මත කිරීම පිලිබදව සතුට පළ කරන්නට යෙදුනි. එහෙත් ප‍්‍රජාතන්නත‍්‍රවාදය සහ යහපාලනය පිලිබදව ලෝකයට පාඩම් කියාදෙන ඒ එක රටක් හෝ පනත සම්මත කළ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී සහ පිළිකුල් සහගත ක‍්‍රමවේදය ගැන වචනයක් හෝ කතා කළේ නැත. නිල විපක්ෂයද අනාගතයේදී භාවිතාවිය හැකි ඉතා නරකම පූර්වාදර්ශයක් වූ එම ක‍්‍රියාවලිය ගැන වචනයකින් හෝ විරෝධයක් පළ කළේ නැත. ඔවුන්ගේ ස්වාමිවරුන් වන බටහිර රටවල් මෙන්ම ඔවුන්ද තම බෙදුම්වාදී උවමනාවන් වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වල පල්ලට යැවීම එකසිතින් අනුමත කරති. එම පූර්වාදර්ශයම යොදා ගනිමින් අනාගතයේදී බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වන බැවින් පාර්ලිාමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ඔවුන් පෙනී සිටින්නේ නැත. 

අර්ධ විපක්ෂය හෙවත් දෙවන ව්‍යාජ විපක්ෂය ලෙස කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණද තමාට සංවිධායක කම ලබාදුන් ටී.එන්.ඒ පක්ෂයේ උවමනාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුල පෙනීසිටින බව පැහැදිලිව පෙනුනි. ඔවුන් පළමුව 23 වැනිදා ඡුන්ද විමසීම තෙක් පනත පිළිබදව විවාදය පැවැත්වීමට එකග විය. නමුත් පසුව ආන්ඩුවේ ඉල්ලීම සහ බෙදුම්වාදී බලවේග වල බලපෑම් මත විවාදයට ලබා දෙන කාලය කපා හැරීමට එකග විය. එවැනි අවස්ථාවක එයට විරෝධය පළ කිරීමට මන්ත‍්‍රීවරුන්ට අයිතියක් ඇත. ආන්ඩුව එම විරෝධය නොතකා වැඩ කිරීම දිරි ගැන්වීම සදහා ඔවුන්  විසින් ව්‍යාජ සංශෝධන දෙකක් ඉදිරිපත් කරන්නට යෙදුනි. අවසානයේදී එම සංශෝධන වලින් පනතේ සියලූ භයානක දේ ඉවත් වන බව පෙන්වමින් රණවිරුවන් පාවා දෙන එම පනතට ඔවුන් සහාය දැක්වීය. ඔවුනට අනුව ඇමෙරිකාවේ දැඩි බල කිරීම මත පිහිටුවනු ලබන අතුරුදන්වූවන්ගේ කොමිසම මගින් විජේවීරයන්ගේ සහ ගමනායකගේ අතුරුදහන්වීම් සම්බන්ධවද සොයා බැලිය හැකිය. ඒත රම් දුප්පත් සහ අසරණ ආකාරයට ආන්ඩුවේ උවමණාව වෙනුවෙන් පෙනී සිටිීම මගින් ඔවුන් විජේවීරලා සහ ගමනායකල සොයා යාම කෙසේ වෙතත් ඔවුන්ගේ ප‍්‍රතිරූප වලට කෙළ ගසති.

අද ජනතා විමුක්ති පෙරමුණ එදා 89 අතුරුදන් වූවන්ට සාධාරණය ඉටු කිරීම සදහා විශ්වාසය තබන්නේ එම අතුරුදන් වීම වලට සෘජුව වග ක්ව යුතු පාලකයන් කෙරෙහිය. ඔවුන් ඇමතිකම් දැරූ කාලයේ වත් 89 දී අතුරුදන් වූවන්ට සාධාරණය ඉටු කිරීම සදහා කිසිදු ඉල්ලීමක් කළේ නැත. අද උතුරු නැගෙනහිර අතුරුදන් වූවන් පිලිබදව වගවීමක් ගැන කතා කරන බටහිර රටවල්ද එදා වචනයක් හෝ කතා කළේ නැත. බටලන්ද නමින් ව්‍යාජ කොමිසමක් පිහිටවු අවස්ථාවේදීවත් මැදිහත්වී එය නිවැරදි මගට ගැනීමට අබමල් රේණුවකහෝ උත්සාහයක් ඔවුන් විසින් ගත්තේ නැත. ඒ නිසා අද අතුරුදන් වූවන් ගැන කිඹුල් කදුළ් හෙලන වර්තමාන පාලකයින්ට එදා තම වගකීමෙන් නිදහස් වන්නට ඉඩ ලැබුනි. මහජනයා රැවටීම සදහා ආන්ඩුව වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුන විසින් ඉදිරිපත් කළ සංශෝධනද ඉතා හාස්‍යෙ ජනකය. ඔවුන් කියන්නේ ඊනියා අතුරුදන්වූවන්ාගේ කාර්යාලයේ සේවය කරන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිදාන වල කුලී කරුවන් හමුදා කදවුරු වලට කඩා පැන පරීක්‍ෂා ක්රීමට පැය 48කට පෙර පොලිස්පතිට දැන්විය යුතු බවය. පොලිස්පති මගින් හමුදා නිලධාරීන්ට සාධාරණය ඉටුවන ආකාරය රහස් පොලිසිය විසින් හමුදා ඔත්තු සේවා නිලධාරීන් වසරක් තිස්සේ රිමාන්ඞ් බන්ධනාගාර ගතකර තබා ගැනීමට ගන්නා උත්සාහය තුලින් පැහැදිලිවේ. ඔවුන් එසේ පොලිස්පති පගින් එම කාර්යාලයේ අකටයුතුකම් මැඩපැවැත්වීමට යෝජනා කරන අතර අතුරුදහන් වූවන් ගැන සෙවීම සදහා පොලීසිය  කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බව ප‍්‍රකාශ කරති.  නමුත් ඔවුන් ඊනියා හොරු ඇල්ලීමේ හොරා පොලිස් සෙල්ලම සදහා එෆ්.සී.අයි.ඞී එක කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබා ඇත. එම ආයතනයට පැමිණිලි යවන ලේකම් කාර්යාලයේ ලේකම් වරයා පත් කළේ ජනතාවිමුක්ති පෙරමුණ විසිනි. පොලීසිය තම රාජකාරිය හරියට ඉටු නොකරන්නේ නම් ආණ්ඩුවේ උපදේශකයන් වන ඔවුන්ට ඒ සදහා බලපෑම් කළ හැකිද?

අතුරුදන් වූවන් පිළි බද කාර්යාලයට අදාල කරුණු වලදී පොලීසිය කෙරෙහි විශ්වාසය නැතැයි පවසන්නේ විශේෂ හේතුවක් නිසාය. මහින්ද රාජපක්ෂ 2010 දී උප්පැන්න මරණ ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කොට අතුරුදන් වූවන්ට මරණ සහතික හෝ ‘‘ දක්නට නොමැති’’ සහතික දීමේ ක‍්‍රමවේදය ඇති කරන ලදි. ඉන් පසුව සාමාන්‍ය නීතිය යටතේ අතුරුදන් වූවන් පිළිබදව පරීක්‍ෂණ කඩිනමින් පැවැත්වීමේ වගකීම පොලිස්පති වෙත පැවරිනි.ඒ අනුව විශේෂයෙන්ම අතුරුදන්වූ ආරක්ෂක හමුදා සාමාජිකයන්ට යම් පමණකට සාදාරණයක් ඉටු විය. නමුත් විශාල පැමිණිලි සංඛ්‍යාවක් එකින් එක විභාග කිරීම සදහා පොලීසියේ සාමාන්‍ය යාන්ත‍්‍රණයක් යටතේ හැකියාවක් නැත. එසේනම් ජනතාවිමුක්ති පෙරමුණ විසින් කළ යුත්තේ පොලීසිය විවේචනය කිරීම වෙනුවට ඔවුන් ඉතා අගය කරන එෆ්.සී.අයි.ඞී වැනි විශේෂ කාර්යංශයක් පිහිටුවා අතුරුදන් වූවන් පිලිබද පරීක්‍ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලීමය. නමුත් එසේ කළහොත් ආන්ඩුව ටී.එන්.ඒ  පක්ෂය මෙන්ම ඇමෙරිකාවද සතුටු වන ආකාරයට ඊනියා අතුරුදන්වඋවන්ගේ කාර්යාලය සාධාරණිය කරණය කළ නොහැක. 

පෙලීසිය විසින් මන්දගාමීව හෝ සිදු කරන ක‍්‍රියාවලිය මහා පරිමාණයෙන් සිදු කිරීම සදහා සහ අතුරුදන්වීම් වලට හේතු වූ පොදු කාරණා සොයා බලා නිර්දේශ කිරීම මහින්ද රාජපක්‍ෂ රජය විසින්‘‘පරණගම කොමිසම’’ නමින් විශේෂ ජනාධිපති කොමිසමක්ද පත්කරන්නට යෙදුනි. එම කොමිසමට  පැමිණිලි 20,000ක් පමණ ලැබෙන්නේ මහජනයා ඒ කෙරෙහි විශ්වාසය තැබූ නිසාය. එම පැමිණිලි වලින් 500ක් පමණ විභාග කිරීමට එම කොමිසම සමත් විය.එම ක‍්‍රියාවලියේ කාර්යක්‍ෂමතාව වැඩි කිරීම සදහා අවශ්‍යනම් වැඩි බල තල සහ සම්පත් ලබාදීම වෙනුවට ආන්ඩුව කළේ එය අත්හිටුවීමය. ඒ මගින් ආමෙරිකානු උවමනාව සාධාරණිය කරනය කෙරෙන බව ඉතා පැහැදිලිව පෙනේ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ එම කොමිසමේ කාර්යභාරය පිළිබදව වචනයක් හෝ කතා නොකරන්නේ ඉහත සදහන් කළ ආකාරයට නව පනත මගින් රණවිරු දඩයම සාධාරණීයකරනය කිරීම සදහා නොවේද ?

පනත සම්මත කිරීමේ ක‍්‍රියාවලිය තුල ජනතා විමුක්ති පෙරමුණට ආන්ඩුව විසින් පැවරූ බව පෙනෙන මූලික කොන්ත‍්‍රාත්තුව වන්නේ කඩිනමින් සහ බලහත්කාරයෙන් පනත සම්මත කිරීම සදහා පක්‍ෂ නායක රැස්වීමේදී එකගතාව පළ කිරීමය. ඉන් පසුව ඊනියා ඒකපාර්ශවික විවාදය තුල දී සංශෝධන ඉදිරිපත් කිරීම මගින්  විපක්‍ෂය කියන භයානක වගන්තිය සංශෝධය කරන බව පෙන්වීමේ කොන්ත‍්‍රාත්තුවද ඔවුනට පැවරී තිබුණි. ඔවුන්ගේ දෙවන සංශෝධනය තුලින් ඒ බව හොදින්ම පැහැදිලිවේ. බිමල් රත්නායක වැනි හිටපු උප ඇමතිවරයෙකු ඉතා හොදින් දන්නා පරිදි විදේශ අරමුදල් ලැබෙන ව්‍යාපෘති වල එම අරමුදල් වැය කරන්නේ දෙපාර්ශවය එතග වන කොන්දේසි අඩංගු ගියවිසුම අනුවය. එම අරමුදල් භාණ්ඩාගාරයේ විදේශ සම්පත් හරහා ලබාගත් පමණින් එම කොන්දේසි වෙනස් වන්නේ නැත . මෙම පනත මගින් එසේ ගිවිසුම් අත්සන් කිරීමට බලය ලබාදී ඇති බැවින් එම ගිවිසුම්වල අඩංගුව පිළිබදව ප‍්‍රශ්න කිරීමේ ඉඩක් නැත. ඒ ආකාරයට රජය විසින් ඉදිරිපත් කළ සංශෝධන මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සහ ටී.එන්.ඒ පක්‍ෂය විසින් ඉදිරිපක් කළ සංශෝධන වලින් එම පනතේ භයානක වගන්ති කිසිවක් වෙනස් වන්නේ නැත. ඒවා මහජනයා රැස්වීම සදහා වන හුදු වචන වල වෙනස්තම් පමණි.

නිල විපක්‍ෂය සහ අර්ධ විපක්ෂය හෙවත් ව්‍යාජ විපක්‍ෂයේ මූලික ප‍්‍රභේද දෙකට අමතරව ආන්ඩුව තුල සිටිමින් භූමිකාවක් ඉටුකරන බව පෙන්වීමට උත්සාහ කරන ජාතික හෙළ උරුමයද මෙම පනතට පක්‍ෂව අදහස් පළකොට ඇත. එම භූමිකාව ව්‍යාජ වාපක්‍ෂයේ තුන්වන ප‍්‍රභේධය හෙවත් තක්කඩි විපක්‍ෂය ලෙස හැදින්වීමේ වරදක් නැත. ඔවුන් එසේ තක්කඩි විපක්‍ෂයක භූමිකාව ඉයු කරමින් විවිධ විවිධ කාරනා වලට අදාලව විවේචන කරන්නේ තමා තව දුරටත් ජාතිකවාදී ස්ථාවරයේ සිටිව බව පෙන්වමින් ජනතාව නොමග යැවීම සදහා බව පැහැදිලිව පෙනේ. නමුත් ජාතිකවාදී මතවාදයක් මවිල් ගසට ගෑවිලාවත් තිබෙන අයට මෙම පනතට පක්‍ෂ වීමට කිසිදු හැකියාවක් නැත. එසේ පැත්තකින් යුද්ධය කරන තැනට ආණ්ඩුව තල්ලූ කළේ තමන් යැයි කියන අතර රණවිරුවන් දඩයම් කරන උගුල් ඇටවීමට සහාය දැක්වීම තක්කඩි කමක් නොවේනම් වෙන කුමක්ද? අනෙක් පැත්තෙන්  සෑම විටම ජනතා විමුක්ති පෙරමුණට එරෙහි දේශපාලන ස්ථාවර තේරීමට උත්සාහ කරන හෙළ උරුමය මෙම පනතට අදාළව ඔවුන් සමග එකමමතයක් දරයි. මෙම ඊනියා විපක්ෂ බලවේග දෙකම අද කටයුතු කරන්නේ ආණ්ඩුවේ මූලික උපාය මාර්ගික ගමනට විරුද්ධ නොවී තොරාගත් කාරණා මත පමණක් මතුපිටින් විරෝධය පලකරමින් ඉතා අසරණ ලෙස තම ඡුන්ද පදනම ආරක්ෂාකර ගැනීමටය.

අද හෙළඋරුමය සහ ජනතා විමුක්ති පෙරමුන දෙශපාලනය කරන්නේ එක්තරා කාලයක රාජිත සේනාරත්න මහතා තම දේශපාලන උපාය මාර්ග තේරූ ආකාරයටය. රාජිත සේනාරත්න මහතා යම් අවස්ථාවල ප‍්‍රසිදධියේ සදහන්කර ඇති ආකාරයට ඔහුට දේශපාලන උපාය මාර්ග තේරීම සදහා ගැඹුරු අධ්‍යන හෝ පර්යේෂණ කිරීම අවශ්‍ය වන්නේ නැත. ජනතා විමුක්ති පෙරමුණ තෝරන උපාය මාර්ගික ප‍්‍රවේශයට සම්පූර්ණයෙන්ම ප‍්‍රතිවිරුද්ධ ප‍්‍රවේශය තේරීම මගින් තමා නිවරදි ස්ථාවරයේ සිටින බව සහතික කරගන්නා බව එදා ඔහු පැවසීය. අද ඔහු දේශපාලනය තොරන්නේ එදා තේරූ ආකිරයට ප‍්‍රතිවිරුද්ධ ආකිරයට වීම මගින් ජනතා විමුක්ති පෙරමුණ වෙස් වී ඇති තරම පැහැදිලිවේ. කෙසේ වෙතත් එම පූර්විකාව වැදගත්වන්නේ අද ජනතා විමුක්ති පෙරමුණ සහ හෙළඋරුමය තම දේහපාලන උපායමාර්ග තෝරන ආකාරය දෙස බලන විටය. ප‍්‍රතිවිරුද්ධ මත දරනවායැයි පෙන්වන එම පක්ෂ දෙකම අද තම දේශපාලන උපාය මාර්ග තෝරන්නේ මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය දෙස බලමිනි. එනම් ඒකාබද්ධ විපක්‍ෂය තෝරන ප‍්‍රවේශයට ප‍්‍රතිවිරුද්ධ ප‍්‍රවේශ තෝරමිනි. ඔවුන් රණවිරුවන් පාවා දෙන පනතට පක්‍ෂ වන්නේ එම පදනමින් බව ඉතා පැහැදිලිව තේරුම් ගත හැකිය.

මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය යම් අඩුපාඩුකම් සහිතව වුවද ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත‍්‍රයට විරුද්ධව සැබෑ විපක්ෂයේ භූමිකාව ඉටුකිරීම යනු ව්‍යාජ විපක්ෂයට බරපතල අභියෝගයකි. ඒ නිසා ඔවුන් ඊට එරෙහිව ආණ්ඩුවේ පැත්තේ සිටගෙන ඇත’ මෙම පනතට අදාලව ඒකාබද්ධ විපක්ෂයේ මතය වූයේ කිසිදු සංශෝධනයකින් පනතේ භයානක අරමුණ වෙනස් කල නොහැකි බවය. බොහෝ විට 23 දින දක්වා විවාද කිරීමට ආණ්ඩුව එක‘ගවූවා නම් එම කාලය තුල පනතේ භයානකකම සහ දුෂ්ඨ බව පිළිබ‘දව බරපතල මහජන මතයක් ඇති කිරීමට අවස්ථාව තිබුණි. එසේ වූවා නම් රණවිරුවන්ට එරෙහිව ජන්දය දීම ස‘දහා හිත හදා ගැනීමට ආණ්ඩුවට හේත්තු වී සිටින ශී‍්‍ර ල’නි’ප’ මන්තී‍්‍රවරුන්ට පහසු වන්නේ නැත. ඒකාබද්ධ විපක්ෂයේ සහ මහජනයාගේ බලපෑම මත ආණ්ඩුවේ මන්තී‍්‍රවරු එක් අයෙකු හෝ පනතට විරුද්ධව ජන්දය දීම ම‘ගින් ජාතික ආණ්ඩුවට බරපතල අභියෝගයක් එල්ලවේ.  පනත සම්මත වුවත් ඒ ම‘ගින් ජාතික ආණ්ඩුව තුල ඇතිවන පිපිරීම බරපතල වේ’ එවැනි තත්වයක් තුල පනත සම්මත වුවත් ප‍්‍රායෝගිකව මහ පොළවේ එය කී‍්‍රයාත්මක කිරීම පහසු වන්නේ නැත.

ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ යහ පාලනයේ සියළු සළු පිළි ගළවා දමා යට ඇදුම පිටින් පනත සම්මත කර ගන්නේ මතුවෙමින් පැවති එම අර්බුදය සමනය කර ගැනීම ස‘දහාය ඇමරිකාව ප‍්‍රමුඛ ආණ්ඩුවේ ස්වාමිවරුද අමු නිර්වස්ත‍්‍රයෙන් හෝ අවසාන අරමුණ ඉටුකර ගන්නා ලෙස උපදෙස් දුන් බව පිළිගත හැක.’ ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් ගත් විට ඔවුන් ඉල්ලා සිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවම ප‍්‍රමිතායකි. එනම් විවාදයට කාලය ලබා දෙන ලෙසය’ සාකච්ඡුා ම‘ගින් ප‍්‍රශ්නය විසදාගත නොහැකි වූ අවස්ථාවේදී විරෝධතා ක‍්‍රියාමාර්ග ගැනීම ස‘දහා මන්තී‍්‍රවරුන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් ඇත’ ඒ අනුව ව්‍යාජ විපක්ෂ කණ්ඩායම් රණවිරුවන් පමණක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියද පවා දෙන විට ඒකාබද්ධ විපක්ෂය තම වගකීම ප‍්‍රශස්ථව ඉටුකර ඇති බව පිළිගත හැක.

එසේ වුවත් මෙම පනත පළමුවර කියවීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝග කිරීමට නොහැකි වන්නේ ඔවුන්ගේ නොසැලකිල්ල නිසාය. ඔවුන් ඒ පිළිබ‘දව අවංකව ජනතාව වෙත කණගාටුව පල කොට ඇත’ දැන් අවශ්‍ය වන්නේ ආණ්ඩුව ආරම්භ කොට ඇති ගමනට එරෙහිව නිවැරදි ලෙෂ උපාය මාර්ගිකව ස්ථාන ගත වීමය. ආණ්ඩුව මෙම පනත සම්මත කිරීමේ දී පෙන් වූ පූර්වාදර්ශය ඉදිරියේදී සම්මත කිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත සහ 15 කට අධික බරපතල පනත් කෙටුම්පත්  සම්මත කිරීමේදී යොදා නොගන්නා බවට ඇති සහතිකය කුමක්ද ආණ්ඩුව විපක්ෂයට මුත‍්‍රා පොවා, මුහුණට කෙල ගසා පස්සා පැත්තට පා පහරක් දී ඇති අවස්ථාවක විපක්ෂය තම අධම දේශපාලන පෞර්ෂය රැක ගැනීම ඉතා කිර්මාණාත්මකව වැදගත් වේ.’ ජනතාවගේ ඇස් ඉදිරියේ දේශපාලන පෞර්ෂය රැක ගැනීම යනු  ඕනෑම දේශපාලන ව්‍යාපාරයක පැවැත්ම ස‘දහා අවශ්‍ය අවම සහ මූලික කොන්දේසිය වේ. පනත සම්මත කල ආකාරය පිළිබ‘දව හෝ එහි අඩංගුව තුල පවතින ජනාධිපතිවරයා නෙදන්නා භයානක වගන්ති පිළිබ‘දව කථානායකවරයාට සහ ජනාධිපතිවරයාට තාක්ෂණික ලිපි යැවීමෙන් නැති වූ පෞර්ෂය නැවත එසවිය නොහැක ඒ ස‘දහා එම දෙපළට දේශපාලනිකව අභියෝග කිරීම අවශ්‍ය වේ.

ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන තීන්දු ගැනීමේ දී සැම විටම මූලික නිර්ණායක බවට පත් කර ගන්නා බව පෙනෙන්නේ මන්තී‍්‍රකම් අහෝසි කිරීමට ජනාධිපතිවරයා ඉඩක් ලබා නෙදී, මහජනයා වීදී බැස්සවීමට කරදර නොවී ආණ්ඩුවට අභියෝග කල හැකි සරලම ආකාරය කුමක්ද? පාර්ලිමේන්තු ප‍්‍රජාත්ත‍්‍රවාදය අමු අමුවේ ඝාතනය කල අවස්ථාවක ආණ්ඩුව කෙරෙහි විශ්වාසය නැති බව ප‍්‍රකාශ කිරීම   ඕනෑම විපක්ෂ දේශපාලන පක්ෂයක අවම යුතුකම වේ’. ඒ විශ්වාසය නැවත ගොඩනගන තුරු විශ්වාසය පදනම්ව ආරම්භ කල ක‍්‍රියාමාර්ග අත්හිටුවීම ම‘ගින් ප‍්‍රායෝගිකව එම යුතුකම ඉටු කල හැක’ එසේනම් දැන් එ ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුව විසින් නැති කළ විශ්වාසය නැවත ගොඩනගන තුරු තමා ව්‍යවස්ථා සම්පාදක සභාවෙන් තවකාලිකව හෝ ඉවත් වන බව ප‍්‍රකාශ කල යුතුව ඇත. එය සාධාරණීකරණය  කිරීම සදහා මහජනතාව නම් දීර්ඝ පැහැදිලි කිරීම් අවශ්‍ය වන්නේ නැත. එදා පාර්ලිමේන්තුවේදී කළ දේ ව්‍යවස්ථා සම්පාදක සභාවේදී නොකරන බවට ලබා දෙන සහතිකය කුමක්ද යන ප‍්‍රශ්නය මේ වන විට දේශපාලනයේ ” අයන්න” දන්නා සියල්ලෝම මතු කරති.


වෛද්‍ය කේ’එම්’ වසන්ත බණ්ඩාර    -







සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ සහ යුද හමුදා බුද්ධි බලකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, ඔහුට එරෙහිව එල්ල වී ඇති අමානුෂික වධහිංසා චෝදනා සහ ඔහුගේ බරපතළ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ කමිටු කිහිපයක් එක්ව ශ්‍රී ලංකා රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!

2026 වසරේ මුල් මාස හත (ජනවාරි - ජූලි) තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය පෙර වසරේ සමාන කාලයට සාපේක්ෂව සියයට 69 කින් දැවැන්ත ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දෙයි.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි

අසර්බයිජානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂහීන් මුස්තාෆයෙව් සමඟ ඊයේ(28) ටෙහෙරාන් නුවර පැවති හමුවකදී ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි “ට්‍රම්ප් සාකච්ඡා කිරීමටවත්, යුද්ධ කිරීමටවත් නොහැකි අර්බුදකාරී තත්ත්වයකට හසුවී සිටිනවා” යැයි පැවසීය.

2027 අයවැය නොවැම්බර් 12 දා..

2027 වසර සඳහා වන අයවැය කතාව ලබන නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළාය.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සහ ඇමෙරිකානු - චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුල් කරගනිමින් පසුගිය සතියේ ලෝක දේශපාලනයේ සිදුවූ ප්‍රධාන සිදුවීම් සම්බන්ධයෙන් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා Divaina Online යූටියුබ් නාලිකාව සමඟ පැවැත්වුණු සාකච්ඡාවකදී දීර්ඝ ලෙස අදහස් දැක්වීය.

අනුරගේ රතු හැට්ටයට යටින් ඉන්නේ වෙනිසියුලාවේ ඇමෙරිකානු පදයට නැටූ ඩෙල්සිලා.. උතුරේ කොටි සැමරුම් හා සිංහල බෞද්ධ උරුමයට එල්ල වන තර්ජන හමුවේ විපක්ෂයේත් අශුද්ධ එකඟතාවක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී ඉකුත් 27 වෙනි ඉරිදා පැවැති විශේෂ ප්‍රසිද්ධ දේශනය අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වර්තමාන ආණ්ඩුවේ දෙවසරක විනාශකාරී ක්‍රියාකලාපය, රට මුහුණ දී සිටින දැවැන්ත භූ-දේශපාලනික අර්බුදය සහ අනාගත දේශපාලන අරගලයේ ගමන් මග පිළිබඳව අතිශය උණුසුම්, දීර්ඝ සහ විවේචනාත්මක හෙළිදරව්වක් සිදු කළේය.

ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්..

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21 ක් සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ අද (29) නියම කළාය.

කියුබාව ‘වැටෙනු ඇතැයි’ ට්‍රම්ප් පැවසීමෙන් පසු චීනයේ සහාය කියුබාවට!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හවානා නගරය “වැටෙනු ඇත” යැයි පවසමින් කියුබානු පාලනයේ “මූලික වෙනසක්” අවශ්‍ය බව ප්‍රකාශ කිරීමෙන් පසු, බාහිර මැදිහත්වීම්වලට එරෙහිව කියුබාවට සහාය දෙන බවට චීනය ප්‍රතිඥා දී තිබේ.

ඇමරිකාවේ පනස් වසරක ධර්ම දූත මෙහෙවර ඇගයේ: "ධර්ම විකෘතිය යනු කුමක්ද?" - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් විශේෂ දේශනයක්..

අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද නායක ස්වාමීන් වහන්සේ සහ මඩවල සීලවිමල නායක හිමියන් ඇමරිකා එක්සත් ජනපදයේ ධර්ම දූත මෙහෙවර ආරම්භ කර වසර 50ක් පිරීම නිමිත්තෙන් උන්වහන්සේලාගේ සේවය ඇගයීම සඳහා විශේෂ වැඩසටහනක් පවත්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වනවා.. - ඇමති විජිත UN මහ සමුළුව අමතමින් කියයි

ලෝකයේ සිදුවන පරිවර්තනයන්ට වඩාත් අත්‍යවශ්‍ය සහ ප්‍රතිචාරාත්මක සංවිධානයක් බවට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අර්ථවත් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහාය දෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ආක්ටික් කලාපීය බලපෑම් හමුවේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙයි..

ආක්ටික් කලාපය තුළ තම බලය සහ බලපෑම තහවුරු කරගැනීම සඳහා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය (EU) දරන උත්සාහයන් හමුවේ දෙපාර්ශ්වය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා උපායමාර්ගික නොගැලපීම් තවදුරටත් පුළුල් වෙමින් පවතින බව වාර්තා වේ.

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?”.. - විමල්ගේ විශේෂ දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි..

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?” තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද විශේෂ දේශනයක් (27) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.