විකෘති කරන ලද කරුණු නොව සත්‍ය කරුණු මත විවාද කිරීම: ලාල් විජේනායකට පිළිතුරු
සැප්තැම්බර් 5 වන සදුදා දිවයින පුවත්පතේ’’ දේශපාලන පිටුව’’ නිවේදනයක් නිකුත් කරමින් ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබද මහජන අදහස් විමසීම් කමිටුවේ සභාපති නීතීඥ ලාල් විජේනායක මහතා කියා සිටින්නේ විකෘති කරන ලද කරුණු මත විවාදයක් ගෙන යාම කණගාටු දායක බවයි. ඉන් ගම්‍ය වන්නේ එතුමා ප‍්‍රමුඛ කමිටුව විසින් සහේතුකව අපක්‍ෂපාතී හා සාධාරණ සංඛ්‍යාණ විiාත්මකව අධ්‍යයනය කොට පෙළ ගැස්වූ වාර්ථාවක් යම් පිරිසක් විකෘති කරන බවය. එවැන්නක් සිදුවේනම් ඒ මගින් පොදු මහජන මතභේද විකෘතියක් සිදුවන බවට සැකයක් නැත. කෙසේ වෙතත් ලාල් විජේනායක නිවේදනය කියවන විට පෙනී යන්නේ ඒ මහතා වැඩි උනන්දුවක් දක්වන්නේ විකෘතියක් ඇතිවෙනවානම් ඊට හේතු වූ කරුණු සොයා බැලීමට වඩා යම් පිරිසක් හිතා මතා විකෘතියක් කරන බව පැවසීමට බව පෙනේ.
එතුමාගේ නිවේදනයෙන් මතු වන කරුණු දෙස විවෘත මනසින් බලන අයෙකුට පැහැදිළිව පෙනී යායුත්තේ ඔහු විසින් නායකත්වය ලබාදී ඇති සමස්ථ ක‍්‍රියාවලියට විකෘතියක් බවය. ශ‍්‍රී ලංකා ඉතිහාසයේ සිරිමාවෝ බණ්ඩාරනායක මතිනියගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවෙන් පරිබාහිරව විප්ලවීය ව්‍යවස්ථාවක් සකස් කළ 1972 වසරින් පසුව එවැන්නක් අත්හදා බැලීම සදහා උනන්දු වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාය. ඔහු ඒ...‘‘ 72 ක‍්‍රීයාවලියට’’ වඩා දියුනු ආකාරයට කිරීම සදහා සමස්ථ පාර්ලිමේන්තුවේම අනුමැතිය ලබා ගන්නා ලදි. ඊට අමතරව එදා 1972 නොතිබූ මහජන අදහස් ලබා ගැනීමේ ක‍්‍රියාවලියක්ද ඊට ...කිරීමට සමත් විය. ඒ මගින් සමස්ථ ක‍්‍රියාවලියේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කරනවාට අමතරවඑය ජනතාව රැවැට්ටීමේ උපාංගයක් ලෙසද යොදා ගැනීම සදහා අවශ්‍යතාවයක් නිර්මාණය වේ. රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එදා දන්ද්‍රිකාගේ ව්‍යවස්,ා පැකේජය මෙන් මෙදා රනිල්ගේ පැකෙජය ලෙස අවමානයට ලක් කිරීම නියමිතව තිබූ ව්‍යවස්ථා පැකේජයට සමස්ථ පාර්ලිමේන්තුවම පැකේජය යව පැකේජය යන ලේබලය ඇලවීමට අවශ්‍ය තත්වය නිර්මාණය කළේය.
ඒ අමු දේශපාලන යථාර්තය ගැඹුරින් තේරුම් ගන්නවා වෙනුවට විශේෂ බලවේග විසින් තාක්ෂණික හේතු මත එකගතාවය පළ කරන ලදි. ඔවුහු සංකීර්න දේශපාලන අභියෝගයකට තාක්ෂණිකව පිළිතුරු සෙවීමට උත්සාහ කළහ. එදා ‘‘ චන්ද්‍රිකාගේ පැකේජය’’ සකස් කළ ආකාරයට පාර්ලිමේන්තු කාරක සභාවක් හරහා ආණ්ඩුවේ යෝජනා පළමුව ඉදිරිපත් කොට ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කිමේ සාමාන්‍ය ක‍්‍රමය අනුගමනයකොට කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂය විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටිය යුතුව තිබුණි.එවිය එදා රනිල් වික‍්‍රම සිංහ මහතා චන්ද්‍රිකාගේ පැකේජයට සැලකූ ආකාරයට මෙදා රනිල්ගේ ව්‍යවස්ථා පැකේජයට පාර්ලිමේන්තුවේදී ගිනි තැබීමට හෝ එය සංශෝධනය කිරීමට හෝ ඊට අනුමැතිය දීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉඩක් තිබුණි. එහෙත් සමස්ථ පාර්ලිමේන්තුවට ව්‍යවස්තා සම්පාදක ක‍්‍රියාවලියට කොටුකර ගැනීම මගින් ඊට සමස්ථ පාර්ලිමේන්තු පැකේජය හෝ සමස්ථ මන්ත‍්‍රීවරුන්ගේ ව්‍යවස්ථා පැකේජය යන ලේබලය ඇලවීම සදහා රනිල් වික‍්‍රමසිංහ මහතා ඇටවූ උගුලට ඒකාබද්ධ විපක්ෂය පය තැබීය.
ඒ අනුව ව්‍යවස්ථා සම්පාදක සභාව යනු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මිස අන් කිසිවක් නොවේ යන තාක්ෂණික පදනමින් විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය රනිල් වික‍්‍රමසිංහ මහතා යෝජනා කළ යෝජනා කළ ක‍්‍රියාවලියට අනුමැතිය දුන්නේය. ඒ සදහා අදාළ යෝජනාවට විවිධ තාක්ෂණික සංශෝධන ඉදිරිපත් කළ ද අවසානයේ දී අනුමතවූ ලේඛණයේ සදහන් වන්නේ ව්‍යවස්ථා සම්පාදක සභාවට පාර්ලිමේන්තුවේ කාරක සභාවක් ලෙසද කටයුතු කළ හැකි බවය. ඒ අනුව එම සභාව මූලික වශයෙන් තේරීම් කාරක සභාවක් නොවේ. එහෙත් අවශ්‍යනම් ඊට තේරීම් කාරක ෂභාවක් ලෙසද කටයුතු කළ හැක. එනම් මූලික වශයෙන් ව්‍යවස්ථා සම්පාදක සභාව යනු පාර්ලිමේන්තුවට පරිබාහිර ආයතනයකි. එසේනම් රනිල් වික‍්‍රමසිංහ විසින් ඒකාබද්ධ විපක්ෂය දෙවරක් හම ගසා ඇති බව පිළිගැනීමට සිදුවේ. රනිල්වික‍්‍රමසිංහ මහතාගේ එවැනි දක්ෂකම් පිළිබද පූර්විකාව මෙම ලිපියට වැදගත් වන්නේ ඔහුගේ ව්‍යවස්ථා සම්පාදක සභාව පිහිටුවීමට පෙර අමාත්‍ය මණ්ඩලය හරහා ව්‍යවස්ථාව පිළිබදව මහජන අදහස් කමිටුවක් පිහිටුවීමේ සැෑ අරමුන තේරුම් ගැනීම සදහාය.
ඒ අනුව එම කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා විසින් ඉදිරිපත් කරන පැහැදිලි කිරීම් තවත් නිදහසට කරුණා විශ්ලේෂණය කළ යුත්තේ ඉහත සදහන් කළ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මූලික අරමුණට සාපේක්ෂවය.එම මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවට පත්කරන ලද පිරිස්, ඊට යෝජනා ඉදිරිපත් කළ පිරිස් සහ යෝජනා ලබා ගත් ක‍්‍රමවේදය සහ අවසානයේදී සමාජය තුල ඉහළට මතුවූ යෝජනා මොනවාද යන්න සිවුම්ව විග‍්‍රහ කිරීමෙන් තොරව එම කමිටුවෙන් මතුවන අවසන් යෝජනා වලට බලපෑම කුමක්ද යන්න විග‍්‍රහ කළ නොහැක. ලාල් විජේනායක ඇතුලූ කමිටුවට පත්වූ විද්වතුන්ගෙන් සැලකිය යුතු පිරිසක් බෙදුම්වාදී බල තල බෙදීමේ මූලික සංකල්ප වලට ඉතිහාසයේදී පක්ෂ පාත වූ සහ වර්තමානයේ දීද මෙන්ම අනාගතයේදීද එම ස්ථාවරයේම සිටිනු ඇතැයි අපේක්‍ෂා කළ හැකි පිරිසකි.
මහජන අදහස් ලබා ගැනීමේ ක‍්‍රියාවලිය ආරම්භ කරමින් ලාල් විජේනායක මහතා ඉතා විවෘතව ප‍්‍රකාශ කළේ තම කමිටුව විසින් ව්‍යවස්ථාවේ අඩංගුවිය යුතු කරුනු පිලිබදව මහජනයා අතර මතයක් ගොඩ නගන බවය. ඉන් පැහැදිලි වන්නේ මහජන මතය දැනගැනීමට හෝ සොයා බැලීමට වඩා මහජන මතය වෙනස් කිරීමේ අරමුණක් එම කමිටුවට සහ විශේෂයෙන්ම ලාල් විජේනායක මහතාට තිබූ බවය. ඊට අමතරව මෙම කමිටුවට ඊට අමතරව මෙම කමිටුවට අදහස් ලබා ගැනීම සදහා මාතෘකා 20ක් සහිත ආකෘතියක් ලබාදීම මගින්ද මහජන අදහස් මූලික වශයෙන් කමිටුවට අවශ්‍ය දිශාවට යොමු කිරීමේ අමුතු ක‍්‍රමවේදයක් ඔවුන් විසින් අනුගමනය කර ඇත. ඒ මන්ද මූලික මාතෘකාවලට අනුකම්පාව දක්වන පිරිස් වැඩි වශයෙන් එම ක‍්‍රියාවලියට දායක වීමට පෙළඹවීමක් ඇති කෙරේ. එය එක්තරා ආකාරයකට පක්ෂපාතී ක‍්‍රියාවලියකි. එසේම සමස්ථයක් ලෙස එම කමිටුවට අදහස් දැක්වීම සදහා ඉදිරිපත්වන පිරිස අහඹු නියදියක් නොවේ. ඔවුන් ලාල් විජේනායක වැන්නවුන් කෙරෙහි විශ්වාසය සහිත එම ක‍්‍රියාවළියට අදාළ විශේෂ උනන්දුවක් සහිත පිරිසකි. එම පිරිස සංඛ්‍යාවෙන් ...කි. එනම් අප රටේ දේශපාලන වශයෙන් සක‍්‍රීයයැයි සැළකෙන මිලියන 13ක් වූ පිරිසෙන් ...කි.
අප රටේ බුද්ධාගමට ව්‍යවස්ථිවෙන් හිමිකර දී ඇති ප‍්‍රමුඛස්ථානය ප‍්‍රායෝගික තහවුරුකර ගැනීම සදහා යෝජනාවී ඇති පනත් කෙටුම්පත් 5කින් එකක්වත් සම්මත කිරීමට 1978 සිට පත්වූ කිසිදු ආන්ඩුවක් සමතිවී නොමැත. කථිකාවත් පනත් නමින් ගෙන ඒමට උත්සහ කළ නීතිමය රාමුව සංඝ භේධය ඇති කරන සහ භික්ෂූන් වහන්සේලාගේ සිවුර ගැලවීමේ බලය දේශපාලකයින් අතට දීම සදහා ප‍්‍රතිපාදන සලසන බෞද්ධ විරෝධී පනතකි. ඒ අනුව එම වගන්තිය සුද්දාගේ කාලයේ සිට පිලිගත් නාමික සංකල්පයක් පමණි. සුද්ද මෙන්ම ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිතුමාද එම වගන්තිය භාවිත කළේ සිංහල බෞද්ධයා ඇන්දවීම සදහා බව රහසක් නොවේ. මන්ත‍්‍රීවරු ව්‍යවස්ථාවේ පවතින එම ‘‘සැරසිල්ල’’වෙනස් කිරීම තුලින් බහුතර ජනතාවට රිදවීමේ ‘‘පරපීඩක කාමයෙන් පෙළෙන’’ බෞද්ධ විරෝධී බෙදුම්වාදීන් පිරිසක් රටේ නොමැති බව ඉන් අදහස් නොවේ.බහුතර සිංහල බෞද්ධ ජනතාව දේශපාලන වශයෙන් ‘‘හතර ඝාතයෙන්’’ වැටී සිටින තත්වයක් උදාවුවහොත් ඔවුන් තමාගේ එම ආශාව ඉටුකරගනු ඇත.
බෞද්ධයාට මුලූ තැන දෙන ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදනය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම හෝ යම් යම් වෙනස්කම් සිදුකිරීම යන ආකාර දෙකෙන් කුමන ආකාරයට ඔවුන්ගේ ආශාවන් ඉටුකර ගනු ලැබූවත් එය බෙදුම්වාදීන්ගේ ප‍්‍රභල ජයග‍්‍රහණයකි. එහෙත් එය පහසු ඉලක්කයක් නොවේ. ලේබලයක් වෙනුවෙන් සටන් වැදී බෝතලයක අඩංගු වන ‘‘වයින් ’’ හලා ගැනීමට තරම් බෙදුම්වාදීන් අදබාලයින් නොවේ. සුමන්තිරන් මහතා සිංගප්පූරුවේදී හෙළිදරව් කළේ ඒ බුද්ධිමය යථාර්තය නොවේද? එම නිසා ලාල් විජේනායක කමිටුව විසින් ඔසවා තබන ලේබල් ඉවත් කිරීමේ සටන මෙන්ම එම ලේබල් ඉවත් කිරීමට ඉඩ නොදෙන බවට දිව්රා පොරොන්දු වීමේ වීර ක‍්‍රියාව සහ අවසානයේ එම ලේබල් ඉවත් නොකිරීමේ තීන්දුව හෝ ඊට සුළු සංශෝධනයක් ඉදිරිපත්කොට දෙපාර්ශවයම ගොනාට ඇන්දවීමේ ක‍්‍රියාවලිය නාඩගමක් ලෙස රග දක්වන බව දැන් පැහැදිලිව පෙනේ. සුමන්තිරන් මහත්තයාලාගේ පිටපත අනුව රන්ල් වික‍්‍රමසිංහ මහතා විසින් අධ්‍යක්ෂණය කරන එම නාඩගමේ ප‍්‍රධාන භූමිකාවක් ලාල් විජේනායක මහතාට හිමිව ඇත. ඒ මහතා ඒ භූමිකාව ඉතා හොදින් රග දක්වන බවදපෙනේ. එම නාඩගමේ ඝෝෂාව තුල බහුතර සිංහල ජනතාවට පාර වැරදීමට ඉඩ තිබෙන බව පසුගිය දිනවල ප‍්‍රධානපෙළේ භික්ෂූන් වහන්නේලා පවා ලාල් විජේනායකලාගේ ලේබල් වෙනස් කිරීමේ කථිකාවට විරෝධය පළ කිරීම සදහා ‘‘ ප‍්‍රතිඝෝෂාවක්’’ ඇති කිරීම තුලින් පැහැදිලිවේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
මහනාහිමිවරු විරුද්ධයි.. නීතීඥ ප්‍රජාව විරුද්ධයි.. ජනතාව විරුද්ධයි.. ජාත්‍යන්තරය විරුද්ධයි.. මේ කවුරු විරුද්ධ වුණත් රජය 22 ගේන්න අවදානම ගන්නවාලු..
1981 සිට සිදු වූ සියලු ඝාතනවලට යුක්තිය ඉටු කරන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න..
ජපානයේ යටත් වීමෙන් වසර 81කට පසු: ආසියාව සැබවින්ම මිලිටරිවාදයේ සෙවණැල්ලෙන් ඔබ්බට ගොස් තිබේද?
යුක්රේනය සතු Patriot මිසයිල තොග අවසන් වීමත් සමඟ බිම දැමූ රුසියානු මිසයිල දත්ත ප්‍රකාශයට පත් කිරීම අත් හිටුවයි!
22ට එරෙහිව නඩු වැලක් එයි.. දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකතුවී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම අරඹයි..
දෙවන ලෝක යුද්ධයේ කොන්දේසි විරහිත යටත්වීමේ 81 වැනි සංවත්සරයේදී යසුකුනි යුද සිද්ධස්ථානය වන්දනා කළ ජපාන දේශපාලනඥයන්ට චීනයෙන් දැඩි විරෝධය
නීතීඥ සභාපති ජනපතිගේ මූණටම කිවුව කතාව එළියට..
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.