News Category
From Date
To Date
Maximum Number of Result

වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමි හා විදුදයෙන් නිපන් ප්‍රගතිශීලි අධ්‍යාපන දර්ශනය..

Jul 17, 2026 at 12:13 PM
|

බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ සිතෙහි ජනිත උදාරතර අරමුණක් මල් ඵල දැරීමෙන් යථාර්ථයක් බවට පැමිණි විද්‍යෝදය පිරිවෙණ තිඹිරිගෙය කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ආරම්භ වෙයි. ආරම්භයේ විද්‍යෝදය විශ්ව විද්‍යාලය නමින් පැවැති මෙය කාලීන, දේශපාලන හා පුද්ගලික කාරණා හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යන නාම ව්‍යවහාරයට පිළිපන්නේය. එයින් ආයතනයේ පෞරුෂය ඉහළ ගියා නොවැ හීන වී ගියේ යැයි ඇතැමෙක් අදහස් කරති. කෙසේ හෝ වේවා මෙකල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය නමින් හඳුන්වනු ලබන මෙය ලක්දිව දැනට ඇති වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාලය වෙයි.

එවකට ඓතිහාසික පැපිලියානේ සුනේත්‍රා මහා දේවි පිරිවෙණට ත්‍රිපිටක පොත් ලිවීමට තල්ගොබ සපයාගැනීම පිණිස සවෙනි පැරකුම්බාවන් විසින් ගම්වර කොට පූජා කරන ලද අක්කර තිහක පමණ භූමි භාගයක් පිරිවෙණ සතුව පැවැති අතර විශ්ව විද්‍යාලයේ ආරම්භක ශිෂ්‍ය කණ්ඩායමේ දීප්තිමත් විද්‍යාර්ථියකු වූ පසු කලෙක විශ්ව විද්‍යාලයේ කුලපතිවරයෙක් ව වැඩ සිටි මෙම ලිපිය සපයන අපගේ ගුරු දේවෝත්තම ආචාර්ය මැදගොඩ සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේ ගේ අනුග්‍රහයෙන් එය විශ්ව විද්‍යාලයට පවරා ගැනීමට ශ්‍රී සෝරත නාහිමියන්ට හැකියාව ලැබිණි.

එකල පැවැති විද්‍යෝදය පිරිවෙණේ අධ්‍යාපන තත්ත්වයේ උත්කෘෂ්ඨ භාවය නිසා ම විදුදය පිරිවෙණට විශ්ව විද්‍යාල තත්ත්වය හිමිවුණා මිස විද්‍යෝදය පිරිවෙණ විශ්ව විද්‍යාලයක් බවට උසස් කළා යැයි කීම සාවද්‍ය ප්‍රකාශයකි. පරමදූරදර්ශී අප්‍රතිහත ප්‍රඥාපාටවයකින් හෙබි මිහිබට වදනිසුරු නම් ලද හික්කඩුවේ ශ්‍රී සුමංගල ස්වාමිපාදයන් වහන්සේ විසින් සකසන ලද අධ්‍යාපන පටිපාටිය හා විෂය නිර්දේශය ඡාත්‍ර වර්ගයා තුළ සාර්ව භෞම පාණ්ඩිත්‍යයක් ජනිත කිරීමෙහි ලා අත්‍යන්තයෙන් ම ප්‍රමාණවත් විය. උන්වහන්සේ පිළිබඳව පසු කලෙක නොබෙල් ත්‍යාගලාභී ප්‍රංශ ජාතික ලේඛකයෙක් වූ ඇටෝල් ප්‍රාන්ස් පවසන්නේ,

"ශ්‍රී සුමංගල නාහිමියෝ දකුණු බුදු සමයේ (ථෙරවාද බුදුසමයේ) මහානායක ස්වාමීන්ද්‍රයෝ ය. ලොව ව්‍යාප්තව පවතින නවීන විද්‍යාව හෙතෙම පිළිගනී. විනයානුකූල පාරුපණය නිසා බැලූ බැල්මට ම උදාර පෞරුෂයක් දර්ශනය වෙයි. නිරන්තරයෙන් බුලත් සපන ඔහු හර්බට් ස්පැන්සර් ගේ ඉංග්‍රීසි ග්‍රන්ථ කියවයි. ඩාවින් හා ලිට්රේ ගේ මුණි ලක්ෂණ ඔහු කෙරෙන් පිළිබිඹු වෙයි. ඔවුන්ට මෙන් සුමංගල නාහිමියන්ට අධ්‍යාත්මරතිය, දයාව, වස්තු සැප සම්පත් පිළිබඳ විරාගය මැනවින් ඇත්තේ ය. තර්කයට එකඟව බුද්ධිගෝචර නිදහස් මත ගරු කරන ප්‍රඥාවෙන් හා මෛත්‍රියෙන් ද කරුණාවෙන් ද පරිපූර්ණ හදවතක් ඇති උතුමෙකි. නාහිමි දකුණු බුදු සමය මැනවින් පාලනය කරයි." යනුවෙනි.

මුලින් සඳහන් කළ පරිදි එවන් අද්විතීය ප්‍රඥා ගුණ සම්පන්න හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ගේ අභිලාශය මතුවටත් ආරක්ෂා කරගනිමින් අභිනවයෙන් ආරබ්ධ විශ්ව විද්‍යාල අධ්‍යාපන ආයතනය වැඩි දියුණු කිරීම හා පවත්වා ගැනීම විශ්ව විද්‍යාලයේ ප්‍රථම විශ්ව විද්‍යාලයාධිපති වූ ශ්‍රී සෝරත නාහිමියන්ට අභියෝගයක් විය. සිය දෑසින් දැක නැතත් සිය ගුරු කුලයේ සමාරම්භක මහ වියතාණන්ගේ පිළිරුවක් විශ්ව විද්‍යාලයට පිවිසෙන දොරටුවේ ම ඉදි කරනුයේ සියල්ලන්ට ම සිය ප්‍රවේණිගත ජාතික ශාසනික හා අධ්‍යාපනික වගකීම සිහි කිරීමට මෙනි.

එමතු ද නොව විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ම ගොඩනැගිල්ල ශ්‍රී සුමංගල මන්දිරය නමින් නම් කිරීමත් සෝරත නාහිමියන්ගේ ශාස්ත්‍රීය කෘතීන් අතර අමරණිය කෘතියක් වන ශ්‍රී සුමංගල ශබ්දකෝෂය උන්වහන්සේගේ නමට ගෞරවයක් ලෙස පළ කිරීමත් සෝරත නාහිමියන් තුළ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ වෙත පැවති භක්ත්‍යාදරය ප්‍රකට කරයි. යථෝක්ත සම්ප්‍රදාය ගරුකත්වයත් සුමගුල් බැතියත් අභිනව විශ්ව විද්‍යාලයේ බෞද්ධ හැඩහුරුව නිර්මාණය කිරීමට බෙහෙවින් ඉවහල් වන්නට ඇත.

ජාතික අරගල රැසක නිමාව සටහන් වූ කාලවකවානුවක් බැවින් මෙකල බෞද්ධාගමික පුනරුදයක සුභවාදී අරුණලු පැතිරෙමින් පැවැතිණ. නිදහසේ හා සෞභාග්‍යයේ පහසින් ඔකඳ වූ ශාස්ත්‍රාභිලාශි සුධීන්ගෙන් මෙම යුගය සමන්විතව පැවැතිණි. බණ්ඩාරනායක ඝාතනය වැනි දේශපාලන සංසිද්ධීන් එක දෙකක් හැරුණු විට රට වියවුලෙන් තොර යුගක් විය. බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි වූ වකවානුවක් වූ මෙකල ශ්‍රී සුමංගල මන්දිරය ෂඩ්වර්ණයෙන් හෙබි බෞද්ධ කොඩියේ ආකෘතිය වාස්තු සැලසුමකින් සමලංකෘත කිරීමට සෝරත හිමියන්ට හැකි වූයේ පානදුරාවාදය වැනි වාද විවාදයන්හි මෙන් ම අධිරාජ්‍ය විරෝධී යතිවර භූමිකාවේ ද පාරම්පරික ශ්‍රී සුමංගල උරුමය තමන් වහන්සේටත් බලපා පැවැති නිසාවෙනි.

ශ්‍රී සෝරත නාහිමියෝ විශ්ව විද්‍යාලයක පරමාර්ථය හා විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ පරමාර්ථය නමින් පළ කළ ලිපියක මෙසේ සඳහන් කරති.

"මෙම විශ්ව විද්‍යාලයෙන් පොතේ ගුරුන් පිරිසක් බිහි වේවායි බලාපොරොත්තු නොවෙමු. කියන දේ එසේ ම පිළිගන්නා විවේචනයට අකැමැති පිරිසක් බලාපොරොත්තු නොවෙමු. ඇති අගුණ වසාගෙන නැති ගුණ රුවා පෙන්වන කුහකයන් පිරිසක් බලාපොරොත්තු නොවෙමු. නැවෙන් ගොඩබෑ හැටියේ විදේශීය භාණ්ඩ වැනි මෙරටට අමුතු වූ මෙහි සභ්‍යත්වය නොදන්නා කෘත්‍රිම රූකඩයින් පිරිසක් බලාපොරොත්තු නොවෙමු. විනෝද නොවන බර කල්පනාවෙන් පසුවන තාපස පිරිසක් බලාපොරොත්තු නොවෙමු."  

ඉහත දැක් වූ සෝරත නාහිමියන්ගේ ප්‍රකාශය තුළින් මතුවන්නේ කුමක්ද? එයින් ප්‍රතීයමාන වන්නේ දේශීය චින්තනයත් විචාරාත්මක බවත් ප්‍රඥාවත් සහිත අකුටිල ධාර්මික විනෝදයෙන් යුත් වියතුන් බිහි කරන ආයතනයක් ලෙස විශ්ව විද්‍යාලය ක්‍රියාත්මක විය යුතුය යන විවෘත ආරාධනය යි.

"විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් විනෝද විය යුතුය. විවේචන ශීලී විය යුතුය. ගවේශී විය යුතුය. එහෙත් හැම තැනම සත්‍ය ගරුක විය යුතුය. යුක්ති ගරුක විය යුතුය. බුද්ධිමත් විය යුතුය. ශිෂ්ට විය යුතුය. සභ්‍ය විය යුතුය. සීමාන්තික නොවිය යුතුය."

මෙහිලා නාහිමියන් වැඩි දුරටත් දක්වන කරුණ වන්නේ විචාරශීලී භාවයට සබුද්ධික භාවය සීමාසහිත බව හා සාධාරණත්වය ද කැටිවිය යුතු බව ය. වර්තමාන විශ්ව විද්‍යාල ක්‍ෂේත්‍රයේ මනෝභාවය හසුරුවන විකල්ප දේශපාලන කෝවේ ගිල්වා හැඩ ගස්වනු ලබන්නන්ට නාහිමියන්ගේ මෙම උදාර මගපෙන්වීම කෙතරම් අගනා සදූපදේශයක් ද?

සෝරත හිමියන්ගේ දැක්ම අතිශය පුළුල් ය. බෞද්ධ අධ්‍යයනය පමණක් නොව තර්ක න්‍යාය ආදී දර්ශන වාදයන් ද ව්‍යාපාර පරිපාලනය ආර්ථික විද්‍යාව වැනි නූතන ශාස්ත්‍රයන් ද උන්වහන්සේගේ විෂය නිර්දේශයේ කොටස් විය. රටේ අනාගතය වෙනුවෙන් සකස්වන උපාධිධාරියා ඇතුළට නැමුණු හිතක් ඇති ආත්මාර්ථකාමී මනසක් ඇති තාපසයකු නොව සමාජ පරිවර්තකයකු සමාජ සේවකයකු හා සමාජ ශෝධකයකු ද විය යුතුය යන්න උන්වහන්සේගේ පැතුම විය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් බුදුරදුන් කාලාම සූත්‍රයේ දී අනුදත් විචාරශීලී බවත්, අරිය පරියේසන සූත්‍රයේ අනුදත් ගවේශනශීලී බවත්, සිඟාලෝවාද සූත්‍රයේ අනුදත් සමාජ වගකීමත්, වාසෙට්ඨ සූත්‍රයේ අනුදත් සමාජ සාධාරණත්වයත්, අග්ගඤ්ඤ සූත්‍රයේ අනුදත් විද්‍යාත්මක නම්‍යතාවත් ආදී සියල්ල කැටිකරගත් චින්තන ක්‍රමයක් තුළින් නිපන් පුළුල් අධ්‍යාපන දර්ශනයක් තුළ විද්‍යෝදය පිරිවෙණ ආරම්භ කිරීමත් එය ම ගුරුකොට ගත් එහෙත් වේගයෙන් වෙනස් වන ලෝක අධ්‍යාපන රටාවට සමපාත වන අධ්‍යාපන ක්‍රම වේදයක් සැකසීම පිළිබඳව ශ්‍රී සෝරත අධ්‍යාපන දර්ශනය යොමු වූ බවත් සිතා ගැනීම අපහසු නැත. තවදුරටත් උපාධි කඩ ගැන නොයෙක් දේ කියැවෙන මෙවන් යුගයක, අඩසියවසකට එහා ශ්‍රී සෝරත නාහිමියන් විශ්ව විද්‍යාලයක් කෙසේ විය යුතු ද යන්න පිළිබඳ දැක්වූ අධ්‍යාශය පිළිබිඹු වන ප්‍රකාශනයකින්ම මෙම ලිපිය අවසන් කරමු.

"උගතුන් මිස උපාධිධාරීන් බෝ කිරීමට අපගේ අදහසක් කිසිවිටෙකත් නැත්තේ ය. මේ විද්‍යාලයය උපාධි විකුණන හෝ තනන සාප්පුවක් නොහොත් කම්මලක් කරන්නට අප සැරසෙතොත් අප කරන්නේ විද්‍යාලයට පමණක් නොව රටට ද කිය නොහැකි තරම් මහත් අනර්ථයකි. අපේ උපාධිධාරීන් උපාධියට ගැලපෙන උගත්කමින් තොරවූ බව එළිවුවහොත් අපේ විද්‍යාලය උපාධි විකුණන සාප්පුවක් සේ රට වැසියා සලකනු නියතය. එහෙයින් උපාධි තත්ත්වය හා පරීක්ෂණ තත්ත්වය ද පහත හෙළා විද්‍යෝදය විශ්ව විද්‍යාලය අගෞරවයට භාජනය කිරීමට අපි නම් කිසි විටෙක නො සැරසෙමු."

(2026 ජුලි 17 දිනට යෙදෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආරම්භක උපකුලපති හා නිර්මාපක අතිපූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 63 වන ගුණානුස්මරණය නිමිත්තෙනි.)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ,

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

මැදගොඩ අභයතිස්ස හිමි

සම්බන්ධිත පුවත් | Related News

"තම සපත්තු ලේස් එක ගැටගසා ගැනීමටවත් නොදන්නා වයසේදී, ඒ සුරතල් දෑත්වලට යකඩ මාංචු වැටෙන්නේ කෙසේද? උසාවි කූඩුවක යකඩ කූරු අතරින් බියපත් දෑසින් සමාජය දෙස බලන අවුරුදු දහයට අඩු ඒ 'පුංචි අපරාධකාරයා' නිර්මාණය කළේ ඔහු විසින්මද? නැතහොත් මේ කුහක සමාජ ක්‍රමය විසින්ද?"
අනුර ජනාධිපති වීමෙන් පසුව සිදුකළ ඉන්දියානු සංචාරය අතර තුර ඉන්දියාව එකගතා ඇති වුන (ඇත්තටම සිදු කරන ලද) අවබෝධතා ගිවිසුම් 07 අතරේ තිබුණ දෙපාර්ශවයම එළි නොකරන ලද ශ්‍රම හුවමාරුව (අනියම් එට්කා ගිවිසුම) 2027 සිට ක්‍රියාත්මක වන්නට පිඔුරුපත් සැකසෙමින් තිබේ.
එක්සත් ජනපදය මෑතකදී තම ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කළේය.
1979 වසරේ සිදු වූ ඉරාන ඉස්ලාම් විප්ලවයෙන් අනතුරුව එරට ඓතිහාසික පර්සියානු සංස්කෘතියට සහ සමාජීය ව්‍යුහයට සිදු වූ බලපෑම පිළිබඳව "Next page" අන්තර්ජාල නාලිකාව හරහා කරුණු රැසක් අනාවරණය කරයි.
ලංකාවේ ජ්‍යෙෂ්ඨතම ඩෙංගු ප්‍රතිකාර වෛද්‍යවරයෙකු ලෙස සැලකෙන ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා, දියර වර්ග ස්ථාවර වේගයකින් (Flat Rate) සහ අතරින් පතර බෝලස් (intermittent boluses) ලෙස ලබා දිය යුතු ආකාරය පිළිබඳව රෝගීන් දහස් ගණනකගේ සාක්ෂි ආශ්‍රයෙන් මෙම නිරීක්ෂණ ඉදිරිපත් කර තිබේ.
ලංකාවේ පාස්කු ප්‍රහාරය වන්නට පෙර, එක්තරා බුද්ධි නිලධාරියෙකු විසින්, එක්තරා ජනාධිපතිවරයෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත්තේලු. නමුත් නොහැකි වුනාලු.
ශ්‍රී ලංකාවේ යූරියා පොහොර අවශ්‍යතාව මුළුමනින්ම පාහේ සපුරාලිය හැකිව තිබූ දේශීය යූරියා කර්මාන්ත ශාලාවක් වසා දමා එය පරණ යකඩවලට විකුණා දැමූ අවාසනාවන්ත පුවතක් ඔබ අසා තිබේද?
1979 වසරේ සිදු වූ ඉස්ලාම් විප්ලවයෙන් පසු ඉරානය මුළුමනින්ම අන්තවාදී රාජ්‍යයක් බවට පත්වූයේද යන්න සහ එරට පැවති ශ්‍රේෂ්ඨ පුරාණ පර්සියානු සංස්කෘතික උරුමයන්ට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් ඇතුළත් විශේෂ වීඩියෝවක් 'Next page' යූටියුබ් නාලිකාව මගින් සිදුකරයි.

ප්‍රධාන පුවත්

2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේදී ඇරඹෙයි.. චීන ජනපති ෂී ජින්පිං වෙතින් සිව්වැදෑරුම් යෝජනාවලියක්..

2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ උසස් පෙළේ රැස්වීම චීනයේ ශැංහයි නුවරදී අද (17) නිල වශයෙන් ආරම්භ විය.

ලංකාව දෙමළ නිජබිමක්ලු.. ඓතිහාසික උරුමය සහ භූමියේ අයිතිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරවමින් රට බෙදීමේ දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මකයි.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

ශ්‍රී ලංකාව අතීතයේදී දෙමළ නිජබිමක්ව පැවති බවට සමාජගත කිරීමට උත්සාහ කරන මතවාදයන්ට එරෙහිව මෙරට සිංහල ජනතාව වහාම එක්විය විය යුතු බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා අවධාරණය කරයි.

ගල් අඟුරු ගනුදෙනුවේ අක්‍රමිකතා රැසක් හෙළිවෙයි..

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් පසුගිය මාස හතරක කාලය තුළ පමණක් රුපියල් බිලියන 4.5කට (කෝටි 450ක්) අධික අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේදී අනාවරණය වී තිබේ.

ඇමෙරිකාව අභිබවා චීනය කෙරෙහි ලෝකයේ ප්‍රසාදය ඉහළ යයි.. - නවතම ජනමත සමීක්ෂණයකින් හෙළිවේ

ලෝක බලවතුන් කෙරෙහි ගෝලීය ජනතාව දක්වන පැහැදීම සහ විශ්වාසය පිළිබඳව සිදුකළ නවතම ජනමත සමීක්ෂණයකදී ඇමෙරිකාව අභිබවා චීනය කෙරෙහි පවතින සුභවාදී ආකල්ප කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව හෙළි වී තිබේ.

සලේගේ රිට් පෙත්සමට මැදිහත් වෙමින් කාදිනල් හිමිගෙන් පෙත්සමක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රීට් පෙත්සමට මැදිහත් වෙමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මැදිහත් පෙත්සමක් ගොනුකොට තිබේ.

නිදහසට වසර 250ක් පිරෙන ඇමරිකාව දැඩි අර්බුදයක.. 70%ක් රට ගැන කලකිරෙයි..

මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා වසර 250ක් පිරීම නිමිත්තෙන් ඇමරිකාව පුරා උත්සව පැවැත්වුණත්, එරට ජනතාව සිටින්නේ දැඩි කනස්සල්ලෙන් බව Reuters පුවත් සේවය කළ නවතම සමීක්ෂණයකින් හෙළි වේ.

"අපි මුල්ලිවයික්කාල්වල පණ බේරාගන්න දුවද්දී ශානක්කියන් හිටියේ ඕස්ට්‍රේලියාවේ" - අරුන් සිද්ධාර්තන්

පසුගියදා පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්තන් , පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්‍යම් ට එරෙහිව දැඩි විවේචනාත්මක චෝදනා රැසක් එල්ල කළේය.

"දේශපාලන නෂ්ටකාමය තියෙන අයට නිවැරදි තීන්දු ගන්න බැහැ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර

දේශපාලන වශයෙන් බෙලහීනතාවයෙන් පෙළෙන, නිසි දැක්මක් හෝ ස්ථාවරත්වයක් නොමැති නායකයින්ට රටක් වෙනුවෙන් නිවැරදි සහ තීරණාත්මක තීන්දු තීරණ ගත නොහැකි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේටයේ සහ බහරේනයේ ඇමරිකානු කඳවුරු වලට දරුණු ප්‍රහාර එල්ල කරයි

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිකුත් කළ නිවේදනයකට අනුව එක්සත් ජනපදය විසින් සටන් විරාමයෙන් පසුව ආරම්භ කරන ලද ආක්‍රමණයට පළිගැනීමක් ලෙස ඊයේ (14 ) බහරේනයේ සහ කුවේටයේ එක්සත් ජනපද හමුදා පහසුකම්වලට එරෙහිවNasr-2මෙහෙයුමේ තුන්වන රැල්ල දියත් කළ බවයි.

අභ්‍යවකාශය අත්පත් කරගැනීමේ නව යුද්ධයක් අතළඟයි - උවිඳු විජේවීර

ලෝක බලවතුන් අතර ඇති වී තිබෙන නව තරගකාරීත්වය හමුවේ අභ්‍යවකාශය බෙදාගැනීම සඳහා වන නවතම යුද්ධයක් ඉතා ආසන්නයේ පවතින බව 'දෙවන පරපුර' දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

මීගමුව බන්ධනාගාර ගැටුමේ සුළමුල හෙලිවේ..

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැනට සිදු කර ඇති සියලු විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ජූලි 16 වන දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරට නියෝග කළා ය.

තොරතුරු ලබාදී තිබියදීත් රවි සෙනවිරත්න, ශානි අබේසේකර පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න පියවර ගත්තේ නෑ.. - සලේගේ පෙත්සම කැඳවූ අවස්ථාවේ අධිකරණයේදී හෙළිවූ කරුණු මෙන්න..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (14) අභියාචනාධිකරණය හමුවේ යලි සලකා බැලුණි.

‘ඩිජිටල් ස්වෛරීභාවය’ ගැන කතා කරන්න ජාත්‍යන්තර විද්වතුන් කොළඹට..

දත්ත ඒකාධිකාරයන් හරහා ඩිජිටල් ආර්ථිකය නව අධිරාජ්‍යවාදී බලවේගයක් බවට පත්වෙමින් ඇති පසුබිමක, ගෝලීය දකුණේ (Global South) රටවල් සඳහා ඊට විකල්ප ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙළක් සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව කෙරෙන විශේෂ සංවාදයක් කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

වී අලෙවි මණ්ඩලයේ සභාපති ගොවියන්ට විහිළු කරනවා.. නමුත් ඇස් රතුවෙන බව දැනගත යුතුයි..

ආණ්ඩුව විසින් වී මිලදී ගැනීම ආරම්භකර වී ගොවියාගේ ගැටළු විසඳීමට උත්සාහ ගැනීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.