News Category
From Date
To Date
Maximum Number of Result

වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමි හා විදුදයෙන් නිපන් ප්‍රගතිශීලි අධ්‍යාපන දර්ශනය..

Jul 17, 2026 at 12:13 PM
|

බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ සිතෙහි ජනිත උදාරතර අරමුණක් මල් ඵල දැරීමෙන් යථාර්ථයක් බවට පැමිණි විද්‍යෝදය පිරිවෙණ තිඹිරිගෙය කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ආරම්භ වෙයි. ආරම්භයේ විද්‍යෝදය විශ්ව විද්‍යාලය නමින් පැවැති මෙය කාලීන, දේශපාලන හා පුද්ගලික කාරණා හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යන නාම ව්‍යවහාරයට පිළිපන්නේය. එයින් ආයතනයේ පෞරුෂය ඉහළ ගියා නොවැ හීන වී ගියේ යැයි ඇතැමෙක් අදහස් කරති. කෙසේ හෝ වේවා මෙකල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය නමින් හඳුන්වනු ලබන මෙය ලක්දිව දැනට ඇති වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාලය වෙයි.

එවකට ඓතිහාසික පැපිලියානේ සුනේත්‍රා මහා දේවි පිරිවෙණට ත්‍රිපිටක පොත් ලිවීමට තල්ගොබ සපයාගැනීම පිණිස සවෙනි පැරකුම්බාවන් විසින් ගම්වර කොට පූජා කරන ලද අක්කර තිහක පමණ භූමි භාගයක් පිරිවෙණ සතුව පැවැති අතර විශ්ව විද්‍යාලයේ ආරම්භක ශිෂ්‍ය කණ්ඩායමේ දීප්තිමත් විද්‍යාර්ථියකු වූ පසු කලෙක විශ්ව විද්‍යාලයේ කුලපතිවරයෙක් ව වැඩ සිටි මෙම ලිපිය සපයන අපගේ ගුරු දේවෝත්තම ආචාර්ය මැදගොඩ සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේ ගේ අනුග්‍රහයෙන් එය විශ්ව විද්‍යාලයට පවරා ගැනීමට ශ්‍රී සෝරත නාහිමියන්ට හැකියාව ලැබිණි.

එකල පැවැති විද්‍යෝදය පිරිවෙණේ අධ්‍යාපන තත්ත්වයේ උත්කෘෂ්ඨ භාවය නිසා ම විදුදය පිරිවෙණට විශ්ව විද්‍යාල තත්ත්වය හිමිවුණා මිස විද්‍යෝදය පිරිවෙණ විශ්ව විද්‍යාලයක් බවට උසස් කළා යැයි කීම සාවද්‍ය ප්‍රකාශයකි. පරමදූරදර්ශී අප්‍රතිහත ප්‍රඥාපාටවයකින් හෙබි මිහිබට වදනිසුරු නම් ලද හික්කඩුවේ ශ්‍රී සුමංගල ස්වාමිපාදයන් වහන්සේ විසින් සකසන ලද අධ්‍යාපන පටිපාටිය හා විෂය නිර්දේශය ඡාත්‍ර වර්ගයා තුළ සාර්ව භෞම පාණ්ඩිත්‍යයක් ජනිත කිරීමෙහි ලා අත්‍යන්තයෙන් ම ප්‍රමාණවත් විය. උන්වහන්සේ පිළිබඳව පසු කලෙක නොබෙල් ත්‍යාගලාභී ප්‍රංශ ජාතික ලේඛකයෙක් වූ ඇටෝල් ප්‍රාන්ස් පවසන්නේ,

"ශ්‍රී සුමංගල නාහිමියෝ දකුණු බුදු සමයේ (ථෙරවාද බුදුසමයේ) මහානායක ස්වාමීන්ද්‍රයෝ ය. ලොව ව්‍යාප්තව පවතින නවීන විද්‍යාව හෙතෙම පිළිගනී. විනයානුකූල පාරුපණය නිසා බැලූ බැල්මට ම උදාර පෞරුෂයක් දර්ශනය වෙයි. නිරන්තරයෙන් බුලත් සපන ඔහු හර්බට් ස්පැන්සර් ගේ ඉංග්‍රීසි ග්‍රන්ථ කියවයි. ඩාවින් හා ලිට්රේ ගේ මුණි ලක්ෂණ ඔහු කෙරෙන් පිළිබිඹු වෙයි. ඔවුන්ට මෙන් සුමංගල නාහිමියන්ට අධ්‍යාත්මරතිය, දයාව, වස්තු සැප සම්පත් පිළිබඳ විරාගය මැනවින් ඇත්තේ ය. තර්කයට එකඟව බුද්ධිගෝචර නිදහස් මත ගරු කරන ප්‍රඥාවෙන් හා මෛත්‍රියෙන් ද කරුණාවෙන් ද පරිපූර්ණ හදවතක් ඇති උතුමෙකි. නාහිමි දකුණු බුදු සමය මැනවින් පාලනය කරයි." යනුවෙනි.

මුලින් සඳහන් කළ පරිදි එවන් අද්විතීය ප්‍රඥා ගුණ සම්පන්න හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ගේ අභිලාශය මතුවටත් ආරක්ෂා කරගනිමින් අභිනවයෙන් ආරබ්ධ විශ්ව විද්‍යාල අධ්‍යාපන ආයතනය වැඩි දියුණු කිරීම හා පවත්වා ගැනීම විශ්ව විද්‍යාලයේ ප්‍රථම විශ්ව විද්‍යාලයාධිපති වූ ශ්‍රී සෝරත නාහිමියන්ට අභියෝගයක් විය. සිය දෑසින් දැක නැතත් සිය ගුරු කුලයේ සමාරම්භක මහ වියතාණන්ගේ පිළිරුවක් විශ්ව විද්‍යාලයට පිවිසෙන දොරටුවේ ම ඉදි කරනුයේ සියල්ලන්ට ම සිය ප්‍රවේණිගත ජාතික ශාසනික හා අධ්‍යාපනික වගකීම සිහි කිරීමට මෙනි.

එමතු ද නොව විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ම ගොඩනැගිල්ල ශ්‍රී සුමංගල මන්දිරය නමින් නම් කිරීමත් සෝරත නාහිමියන්ගේ ශාස්ත්‍රීය කෘතීන් අතර අමරණිය කෘතියක් වන ශ්‍රී සුමංගල ශබ්දකෝෂය උන්වහන්සේගේ නමට ගෞරවයක් ලෙස පළ කිරීමත් සෝරත නාහිමියන් තුළ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ වෙත පැවති භක්ත්‍යාදරය ප්‍රකට කරයි. යථෝක්ත සම්ප්‍රදාය ගරුකත්වයත් සුමගුල් බැතියත් අභිනව විශ්ව විද්‍යාලයේ බෞද්ධ හැඩහුරුව නිර්මාණය කිරීමට බෙහෙවින් ඉවහල් වන්නට ඇත.

ජාතික අරගල රැසක නිමාව සටහන් වූ කාලවකවානුවක් බැවින් මෙකල බෞද්ධාගමික පුනරුදයක සුභවාදී අරුණලු පැතිරෙමින් පැවැතිණ. නිදහසේ හා සෞභාග්‍යයේ පහසින් ඔකඳ වූ ශාස්ත්‍රාභිලාශි සුධීන්ගෙන් මෙම යුගය සමන්විතව පැවැතිණි. බණ්ඩාරනායක ඝාතනය වැනි දේශපාලන සංසිද්ධීන් එක දෙකක් හැරුණු විට රට වියවුලෙන් තොර යුගක් විය. බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි වූ වකවානුවක් වූ මෙකල ශ්‍රී සුමංගල මන්දිරය ෂඩ්වර්ණයෙන් හෙබි බෞද්ධ කොඩියේ ආකෘතිය වාස්තු සැලසුමකින් සමලංකෘත කිරීමට සෝරත හිමියන්ට හැකි වූයේ පානදුරාවාදය වැනි වාද විවාදයන්හි මෙන් ම අධිරාජ්‍ය විරෝධී යතිවර භූමිකාවේ ද පාරම්පරික ශ්‍රී සුමංගල උරුමය තමන් වහන්සේටත් බලපා පැවැති නිසාවෙනි.

ශ්‍රී සෝරත නාහිමියෝ විශ්ව විද්‍යාලයක පරමාර්ථය හා විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ පරමාර්ථය නමින් පළ කළ ලිපියක මෙසේ සඳහන් කරති.

"මෙම විශ්ව විද්‍යාලයෙන් පොතේ ගුරුන් පිරිසක් බිහි වේවායි බලාපොරොත්තු නොවෙමු. කියන දේ එසේ ම පිළිගන්නා විවේචනයට අකැමැති පිරිසක් බලාපොරොත්තු නොවෙමු. ඇති අගුණ වසාගෙන නැති ගුණ රුවා පෙන්වන කුහකයන් පිරිසක් බලාපොරොත්තු නොවෙමු. නැවෙන් ගොඩබෑ හැටියේ විදේශීය භාණ්ඩ වැනි මෙරටට අමුතු වූ මෙහි සභ්‍යත්වය නොදන්නා කෘත්‍රිම රූකඩයින් පිරිසක් බලාපොරොත්තු නොවෙමු. විනෝද නොවන බර කල්පනාවෙන් පසුවන තාපස පිරිසක් බලාපොරොත්තු නොවෙමු."  

ඉහත දැක් වූ සෝරත නාහිමියන්ගේ ප්‍රකාශය තුළින් මතුවන්නේ කුමක්ද? එයින් ප්‍රතීයමාන වන්නේ දේශීය චින්තනයත් විචාරාත්මක බවත් ප්‍රඥාවත් සහිත අකුටිල ධාර්මික විනෝදයෙන් යුත් වියතුන් බිහි කරන ආයතනයක් ලෙස විශ්ව විද්‍යාලය ක්‍රියාත්මක විය යුතුය යන විවෘත ආරාධනය යි.

"විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් විනෝද විය යුතුය. විවේචන ශීලී විය යුතුය. ගවේශී විය යුතුය. එහෙත් හැම තැනම සත්‍ය ගරුක විය යුතුය. යුක්ති ගරුක විය යුතුය. බුද්ධිමත් විය යුතුය. ශිෂ්ට විය යුතුය. සභ්‍ය විය යුතුය. සීමාන්තික නොවිය යුතුය."

මෙහිලා නාහිමියන් වැඩි දුරටත් දක්වන කරුණ වන්නේ විචාරශීලී භාවයට සබුද්ධික භාවය සීමාසහිත බව හා සාධාරණත්වය ද කැටිවිය යුතු බව ය. වර්තමාන විශ්ව විද්‍යාල ක්‍ෂේත්‍රයේ මනෝභාවය හසුරුවන විකල්ප දේශපාලන කෝවේ ගිල්වා හැඩ ගස්වනු ලබන්නන්ට නාහිමියන්ගේ මෙම උදාර මගපෙන්වීම කෙතරම් අගනා සදූපදේශයක් ද?

සෝරත හිමියන්ගේ දැක්ම අතිශය පුළුල් ය. බෞද්ධ අධ්‍යයනය පමණක් නොව තර්ක න්‍යාය ආදී දර්ශන වාදයන් ද ව්‍යාපාර පරිපාලනය ආර්ථික විද්‍යාව වැනි නූතන ශාස්ත්‍රයන් ද උන්වහන්සේගේ විෂය නිර්දේශයේ කොටස් විය. රටේ අනාගතය වෙනුවෙන් සකස්වන උපාධිධාරියා ඇතුළට නැමුණු හිතක් ඇති ආත්මාර්ථකාමී මනසක් ඇති තාපසයකු නොව සමාජ පරිවර්තකයකු සමාජ සේවකයකු හා සමාජ ශෝධකයකු ද විය යුතුය යන්න උන්වහන්සේගේ පැතුම විය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් බුදුරදුන් කාලාම සූත්‍රයේ දී අනුදත් විචාරශීලී බවත්, අරිය පරියේසන සූත්‍රයේ අනුදත් ගවේශනශීලී බවත්, සිඟාලෝවාද සූත්‍රයේ අනුදත් සමාජ වගකීමත්, වාසෙට්ඨ සූත්‍රයේ අනුදත් සමාජ සාධාරණත්වයත්, අග්ගඤ්ඤ සූත්‍රයේ අනුදත් විද්‍යාත්මක නම්‍යතාවත් ආදී සියල්ල කැටිකරගත් චින්තන ක්‍රමයක් තුළින් නිපන් පුළුල් අධ්‍යාපන දර්ශනයක් තුළ විද්‍යෝදය පිරිවෙණ ආරම්භ කිරීමත් එය ම ගුරුකොට ගත් එහෙත් වේගයෙන් වෙනස් වන ලෝක අධ්‍යාපන රටාවට සමපාත වන අධ්‍යාපන ක්‍රම වේදයක් සැකසීම පිළිබඳව ශ්‍රී සෝරත අධ්‍යාපන දර්ශනය යොමු වූ බවත් සිතා ගැනීම අපහසු නැත. තවදුරටත් උපාධි කඩ ගැන නොයෙක් දේ කියැවෙන මෙවන් යුගයක, අඩසියවසකට එහා ශ්‍රී සෝරත නාහිමියන් විශ්ව විද්‍යාලයක් කෙසේ විය යුතු ද යන්න පිළිබඳ දැක්වූ අධ්‍යාශය පිළිබිඹු වන ප්‍රකාශනයකින්ම මෙම ලිපිය අවසන් කරමු.

"උගතුන් මිස උපාධිධාරීන් බෝ කිරීමට අපගේ අදහසක් කිසිවිටෙකත් නැත්තේ ය. මේ විද්‍යාලයය උපාධි විකුණන හෝ තනන සාප්පුවක් නොහොත් කම්මලක් කරන්නට අප සැරසෙතොත් අප කරන්නේ විද්‍යාලයට පමණක් නොව රටට ද කිය නොහැකි තරම් මහත් අනර්ථයකි. අපේ උපාධිධාරීන් උපාධියට ගැලපෙන උගත්කමින් තොරවූ බව එළිවුවහොත් අපේ විද්‍යාලය උපාධි විකුණන සාප්පුවක් සේ රට වැසියා සලකනු නියතය. එහෙයින් උපාධි තත්ත්වය හා පරීක්ෂණ තත්ත්වය ද පහත හෙළා විද්‍යෝදය විශ්ව විද්‍යාලය අගෞරවයට භාජනය කිරීමට අපි නම් කිසි විටෙක නො සැරසෙමු."

(2026 ජුලි 17 දිනට යෙදෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආරම්භක උපකුලපති හා නිර්මාපක අතිපූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 63 වන ගුණානුස්මරණය නිමිත්තෙනි.)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ,

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

මැදගොඩ අභයතිස්ස හිමි

සම්බන්ධිත පුවත් | Related News

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.