ඇමරිකානුවන් තවදුරටත් ඇමරිකාව විශ්වාස නොකරන්නේ ඇයි?
එක්සත් ජනපදය මෑතකදී තම ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කළේය. එනම් මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ප්‍රකාශ කර වසර 250ක් සම්පූර්ණ වීමයි. න්‍යායාත්මකව බැලූ විට මෙය ජාතික අභිමානයෙන් සමරනු ලබන අවස්ථාවක් විය යුතුය. ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක් පසුකරමින් ජාතික ධජ, ගිනිකෙළි සංදර්ශන සහ ජාතියේ ඉරණම පිළිබඳ දේශනවලින් පිරුණු උත්සවශ්‍රීයක් පැවැත්විය යුතු අවස්ථාවක් ලෙස මෙය සැලකේ.
එහෙත් සැබෑ තත්ත්වය එතරම් උත්සවශ්‍රීයෙන් පිරී නැත.
මෙම සංවත්සරයට සති දෙකකට පෙර Reuters පුවත් සේවය සිදු කළ සමීක්ෂණයක් ඇමරිකානු ජනතාව තුළ පවතින ගැඹුරු කනස්සල්ල මැන බැලූ අතර, එහි ප්‍රතිඵල ඉතා අඳුරු විය. සමීක්ෂණයට අනුව, ඇමරිකානුවන්ගෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් (සියයට 70ක්) තවදුරටත් තම රට ලෝකයේ ශ්‍රේෂ්ඨතම රාජ්‍යය ලෙස නොසලකන බව තහවෘරු විය. තවත් සියයට 64ක් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ පවතින බව විශ්වාස කරන අතර, සියයට 38ක් එක්සත් ජනපදය තවත් වසර 250ක් එකම රටක් ලෙස පවතිනු ඇතැයි විශ්වාස නොකරති.
මෙම අදහස් දේශපාලන පක්ෂ අනුව පැහැදිලිව බෙදී ගොස් තිබේ. රිපබ්ලිකන් පක්ෂයට සහාය දක්වන්නන් තවමත් ඇමරිකාව විශේෂ, සුවිශේෂී හා දෙවියන්ගේ ආශිර්වාද ලැබූ සමෘද්ධිමත් රටක් යන අදහසට වඩාත් තදින් ඇලී සිටිති. එහෙත් ඩිමොක්‍රටික් පක්ෂයට සහාය දක්වන්නන් අතර වාතාවරණය වඩාත් අඳුරුය. අශුභවාදී ආකල්පය ඔවුන්ගේ ලෝක දැක්මක් බවට පත්ව ඇති අතර, සිය 250 වැනි සංවත්සරය සමරන මොහොතේ ඇමරිකාව ගැඹුරු විශ්වාස අර්බුදයකට මුහුණ දී සිටින බව විශ්වාස කරති.
වෙනත් විදියකට පවසන්නේ නම් මෙය සෝවියට් සංගමයේ අවසන් කාලයේ සෝවියට් සමාජය අත්විඳි විශ්වාස අර්බුදයට සමාන වේ. ඇත්ත වශයෙන්ම ඇමරිකාවට සෝවියට් සංගමයට මෙන් නිල රාජ්‍ය මතවාදයක් නොතිබුණි. වොෂිංටනයේ කිසිවෙකු හෝ ඉතා වේගයෙන් කොමියුනිස්ට් සමාජයක් ගොඩනඟන බවට පොරොන්දු වූයේද නැත. එහෙත් ඇමරිකාවට තමන්ගේම අනාගත දැක්මක් තිබුණි. එය "ඇමරිකානු සිහිනය" (American Dream) ලෙස හැඳින්වීය.
එම සිහිනයේ මූලික පොරොන්දුව වූයේ, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ නිදහස තුළින් සමෘද්ධිය අත්කර ගත හැකි බවයි. "වෙහෙස වී වැඩ කරන්න. නීතිවලට ගරු කරන්න. ඔබේ වගකීම් ඔබම භාරගන්න. එවිට ඔබේ ජීවිතය යහපත් වනු ඇත. ඔබේ දරුවන් ඔබට වඩා හොඳ ජීවිතයක් ගත කරනු ඇත. ඔබේ රට ලෝකයට ආදර්ශයක් ලෙස පවතිනු ඇත" යන්න එම සිහිනය තුල ගැබ ඇති පණිවිඩය විය.
නමුත් ලෝකය 21 වැනි සියවසට පැමිණෙත්ම එම පොරොන්දුව ක්‍රමයෙන් බිඳ වැටෙන්නට පටන් ගත්තේය.
පළමු බරපතළ ඉරිතැලීම් දක්නට ලැබුණේ මිලේනියල් පරම්පරාව අතරය. 1981 සිට 1996 දක්වා උපන් මෙම පරම්පරාවේ දෙමාපියන් ධනය රැස් කළහ, නිවාස මිලදී ගත්හ, ඉතුරුම් ගොඩනැඟූහ, විදේශ සංචාර කළහ. එහෙත් ඔවුන්ගේ දරුවන්ට උරුම වූයේ විශාල ශිෂ්‍ය ණය බරක්, මිල අධික නිවාස, අස්ථාවර රැකියා සහ කොතරම් වේගයෙන් දුවන නමුත් අවසන් ඉලක්කය තව තවත් ඈතට ගමන් කරන බවක් දැනෙන අමුතුම හැඟීමකි.
වැඩිහිටි පරම්පරාව ඔවුන්ට පැවසුවේ තමන් කළාක් මෙන් තවදුරටත් වෙහෙස මහන්සි වී වැඩ කළහොත් සාර්ථක විය හැකි බවයි. එහෙත් තරුණ පරම්පරාවට සංඛ්‍යා ලේඛන දෙස බැලූ විට පෙනී ගියේ, එකම මට්ටමේ උත්සාහයකින් පෙර පරම්පරාවන් වඩාත් විශාල ආර්ථික සාර්ථකත්වයක් ලබාගෙන තිබූ බවයි.
ඒ අනුව පැරණි සූත්‍රය තවදුරටත් ක්‍රියාත්මක නොවීය. එය "වෙහෙස මහන්සි වී වැඩ කිරීම" යනු සැමවිටම සාර්ථකත්වයට මඟ පෙන්වන උතුම් වටිනාකමක් යන විශ්වාසයද බිඳ දැමීය. වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් තවදුරටත් යහපත් ජීවිතයක් සහතික නොවන්නේ නම්, එවිට ඉතිරි වන්නේ කුමක්ද? නිදහසද?
ඇමරිකානුවන් නීතිමය වශයෙන් නිදහස් ජනතාවකි. ඔවුන් ජනාධිපතිවරයාත්, කොංග්‍රස් මන්ත්‍රීවරුන්වත් මැතිවරණ මඟින් තෝරා පත්කර ගනිති. එහෙත් කොංග්‍රසය බොහෝ විට පිරී ඇත්තේ කිසිදු වෙනසක් සිදු නොකිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවක් පෙනෙන වයෝවෘද්ධ දේශපාලනඥයන්ගෙන්ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දේශපාලනයෙන් ඉවත් වන්නේ ස්වභාවධර්මය අවසානයේ තම කාර්යය ඉටු කළ පසුව පමණි.
ජනාධිපතිවරු මැතිවරණ ප්‍රචාරණ වේදිකාවලදී ආකර්ෂණීය හා බලාපොරොත්තු දනවන කථා පවත්වති. එහෙත් ධවල මන්දිරයට ඇතුළු වූ පසු බොහෝ විට ඔවුන් අනුගමනය කරන්නේ එම පැරණි මාර්ගයමය. එබැවින් මුහුණු වෙනස් වුවද, පද්ධතිය එලෙසම පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස “නිදහස” යන සංකල්පයද හිස් වචනයක් සේ පෙනෙන්නට පටන් ගනී.
තරුණ ඇමරිකානුවන්ට “ඇමරිකානු සිහිනය” අද වන විට සෝවියට් සංගමයේ අවසන් කාලයේ පුරවැසියන්ට “දීප්තිමත් කොමියුනිස්ට් අනාගතය” පිළිබඳ නිල පොරොන්දුව පෙනුණු ආකාරයටම පෙනෙන්නට පටන් ගෙන තිබේ. එනම්, නැවත නැවතත් ප්‍රකාශ කරන නමුත් අවසානයේ කිසිවකුත් විශ්වාස නොකරන නිල පොරොන්දුවක් ලෙස “ඇමරිකානු සිහිනය” තරුණ අමෙරිකානු ජනයාට පෙනෙන්නට පටන් ගෙන තිබේ .
කිසියම් සමාජයකට තම අනාගතය පිළිබඳ දැක්ම අහිමි වූ විට, එම සමාජය දිශානතියක් නොමැති තත්ත්වයකට පත්වේ. අද ඇමරිකාවේ බොහෝ දෙනෙකුටම දැනෙන්නේ පවතින පද්ධතිය නිසි ලෙස ක්‍රියා නොකරන බවයි. එහෙත් එයට විකල්පය විය යුත්තේ කුමක්ද? රට ගමන් කළ යුත්තේ කුමන දිශාවටද? යන්න පිළිබඳව එකඟතාවක් නොමැත. මේ සම්බන්ධයෙන් ඇමරිකානු සමාජය ඉතා වෙනස් පිළිතුරු දෙකක් ගොඩනඟාගෙන තිබේ.
ගතානුගතික දක්ෂිණාංශය විශ්වාස කරන්නේ ඇමරිකාව ගලවා ගත හැක්කේ ප්‍රායෝගික ප්‍රතිපත්ති වෙත නැවත හැරීමෙන් බවයි. ඔවුන්ට අනුව වඩාත් නිදහස් වෙළෙඳපොළක්, ප්‍රධාන ව්‍යවසායකයන්ට වැඩි සහායක්, රාජ්‍ය වියදම් පිළිබඳ දැඩි කාර්යක්ෂමතාවක් සහ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් පිළිබඳ පැරණි දේශනා මගින් සීමා නොවන විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍යය. ඔවුන්ගේ අදහස වන්නේ ලෝකයට පාඩම් කියාදීම නතර කර, ඇමරිකාව තමන්ගේම අවශ්‍යතා ගැන පළමුව සැලකිලිමත් විය යුතු බවයි.
ඊට ප්‍රතිවිරුද්ධව, ප්‍රගතිශීලී වාමාංශය පවසන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කුළුණු අත්හැරිය නොයුතු බවයි. එහෙත් ආර්ථික පද්ධතිය රැඩිකල් ලෙස ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ඔවුන් විශ්වාස කරති. ජාතික ධනය වඩා සාධාරණ ලෙස බෙදා හැරිය යුතු අතර, විශේෂයෙන්ම තාක්ෂණික අංශයේ දැවැන්ත සමාගම් පිළිබඳ ඔවුන් දැඩි සැකයෙන් පසුවෙති.
ඔවුන්ගේ දෘෂ්ටිකෝණයෙන් නව “දුෂ්ටයන්” වන්නේ “තාක්ෂණික වැඩවසම් ස්වාමිවරුන්” (Tech Feudal Lords) ය. එනම්, තම බලය රාජ්‍ය බලයට පවා අභියෝග කරන මට්ටමට ළඟා වී ඇති අතිධනවත් බිලියනපතියන්ය.
මෙම කඳවුරු දෙකම එක කරුණක් සම්බන්ධයෙන් එකඟ වෙති. එනම්, දැනට පවතින ක්‍රමය සිය හැකියාව අවසන් කර ඇති බවයි. එහෙත් ඒ වෙනුවට කුමක් පැමිණිය යුතුද යන්න පිළිබඳව ඔවුන් අතර ගැඹුරු මතභේදයක් පවතී.
දක්ෂිණාංශික ප්‍රවේශය ප්‍රායෝගිකව පරීක්ෂා කිරීම සඳහා පැමිණි නායකයා ලෙස බොහෝ දෙනා ඩොනල්ඩ් ට්‍රම්ප්ව සලකනු ලැබීය. ඔහුගේ ආධාරකරුවන් බලාපොරොත්තු වූයේ පැරණි දේශපාලන ප්‍රභූන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන් වූ විප්ලවීය වෙනසකි. නව ආර්ථික ජාතිකවාදයක්, නිරන්තරයෙන් සමාව ඉල්ලන රජයක් වෙනුවට තීරණාත්මකව ක්‍රියා කරන රජයක් බිහිවන බවට ඔවුන් විශ්වාස කළේය. මන්ද, ට්‍රම්ප් ඒ සියල්ලම පොරොන්දු වී තිබූ බැවිනි.
එහෙත් ට්‍රම්ප්ගේ ජනාධිපති ධුර කාලය ඔහුගේ ව්‍යාපාරයේ සීමාවන් ද හෙළි කළේය. එයට හේතුව වූයේ එහි ශක්තිමත් හා ස්ථාවර පද්ධතියක් නොතිබීමයි. ට්‍රම්ප් ඉතිහාසයේ දිගු ගමන්මඟ අනුව නොව, බොහෝ විට “ට්‍රම්ප්” යන පුද්ගලයා වටාම සිතන නායකයෙකු ලෙස පෙනී සිටියේය.
ඔහුට සියල්ල තීරණය කළ හැකි නම්, වොෂින්ටනය නව ජාතික දර්ශනයකින් නොව, රන්වන් නර්තන ශාලාවලින් සහ තම ශ්‍රේෂ්ඨත්වය සමරන ස්මාරකවලින් පිරී යනු ඇතැයි විවේචකයෝ පවසති.
ඇමරිකාවේ 250 වැනි සංවත්සරය පිළිබඳ ඔහුගේ ප්‍රවේශය ඔහුගේ සමහර හිතවතුන් පවා කලකිරීමට පත් කරනු ලැබීය. බොහෝ දෙනෙක් අපේක්ෂා කළේ රටේ ගමන්මඟ පිළිබඳ ගැඹුරු ජාතික ආවර්ජනයක් හෝ අවම වශයෙන් සංකේතාත්මක වැඩසටහනක්වත් ඉදිරිපත් වනු ඇති බවයි.
එහෙත් ට්‍රම්ප් දිගින් දිගටම අවධානය යොමු කළේ තමන්ගේම ජයග්‍රහණ පිළිබඳව කතා කිරීමටය. ඇතැම් අවස්ථාවලදී සමරනු ලබන්නේ ඇමරිකාවේ නිදහසේ 250 වැනි සංවත්සරයද, නැතහොත් ජනාධිපතිවරයාගේ 80 වැනි උපන්දිනයේ සැමරුම් තවදුරටත් පවත්වාගෙන යනවාද යන්න පවා වෙන්කර හඳුනා ගැනීම අපහසු වී තිබේ.
මේ නිසා දක්ෂිණාංශය පිළිබඳ බලාපොරොත්තු බිඳවැටීමත් සමඟ, ඇමරිකාව දැන් වාමාංශය දෙසටද අවධානය යොමු කරමින් සිටී. කෙසේ වෙතත්, සමස්ත ජාතික මට්ටමින් වාමාංශය කෙරෙහි අමෙරිකානු සමාජය තුල තවමත් පූර්ණ විශ්වාසයක් ඇති වී නැත. නමුත් ප්‍රාදේශීය මට්ටමින්, විශේෂයෙන්ම විශාල නගරවල, ඡන්දදායකයෝ නව දේශපාලන අත්හදා බැලීම් සඳහා වැඩි කැමැත්තක් දක්වති.
ඒ සඳහා පැහැදිලි උදාහරණයක් ලෙස නිව්යෝර්ක් නගරයේ විවෘතව සමාජවාදී අදහස් ප්‍රකාශ කරන නගරාධිපති සොහ්රාන් මම්දානි (Zohran Mamdani) සැලකිය හැකිය.
මෙය අහම්බයක් නොවේ. නූතන ඇමරිකාවේ ප්‍රධාන පරස්පරතා වඩාත් පැහැදිලිව පෙනෙන්නේ විශාල නගරවලය. අධික නිවාස මිල, ආදායම් විෂමතාව, සංක්‍රමණ ගැටලු, අපරාධ, ජරාජීර්ණ යටිතල පහසුකම් සහ ජනතාවගෙන් ඈත්ව සිටින දේශපාලන ප්‍රභූන් කෙරෙහි පවතින කෝපය එහිදී වඩාත් පැහැදිලිව දක්නට ලැබේ.
නගර මට්ටමින් සමාජවාදී ප්‍රතිපත්ති සාර්ථක වුවහොත්, ඒවායේ ආධාරකරුවන් ඉතා ඉක්මනින්ම ජාතික මට්ටමේ බලය භාර ගැනීමටද තමන් සූදානම් බව ප්‍රකාශ කරනු ඇත. එවිට ඔවුන්ගේ විරුද්ධවාදීන් කුමක් කරනු ඇත්ද?
ඔවුන්ට පරාජය පිළිගත හැකිය. නැතහොත්, "අපගේ ඇමරිකාවට තවදුරටත් අනෙක් ඇමරිකාව සමඟ එකම වහලක් යට ජීවත් විය නොහැක" යන නිගමනයට පැමිණිය හැකිය. ඇත්ත වශයෙන්ම, මෙම 250 වැනි සංවත්සරය මතු කරන ප්‍රධාන ප්‍රශ්නය එයයි.
ප්‍රශ්නය වන්නේ එක්සත් ජනපදයට විශිෂ්ට වසර 250ක ඉතිහාසයක් තිබුණාද යන්න නොවේ. එය එසේ වූ බවට සැකයක් නැත.
සැබෑ ප්‍රශ්නය වන්නේ එක්සත් ජනපදයට තවමත් පොදු අනාගතයක් තිබේද? යන්නයි.
ඇතැම් විට ඇමරිකාව නැවතත් නව සම්මුතියක් සොයා ගනු ඇත. පෙර මෙන්ම නැවත වරක් තමන්ම ප්‍රතිනිර්මාණය කර ගනු ඇත. එහෙත් තවත් හැකියාවක් ද තිබේ. එනම්, එහි ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක දැනටමත් සම්පූර්ණයෙන්ම වෙනස් ඉතිහාසමය දිශාවන් දෙකක ගමන් ආරම්භ කර තිබීමයි.
ඉදිරි වසර 250 තුළ ඇමරිකානු ඉතිහාසය සංස්කෘතික හෝ අසංස්කෘතික බෙදීමක් කරා ගමන් කරන්නේ නම්, එයට හේතුව ඇමරිකානුවන්ට ජාතික ධජ නොතිබීම හෝ දේශන නොතිබීම නොවනු ඇත. ඒ වෙනුවට, එරටේ පැරණි ජාතික පොරොන්දුව තමන්ගේම ජනතාවට තවදුරටත් විශ්වාස කළ හැකි දෙයක් නොවීම එහි සැබෑ හේතුව වනු ඇත.
RT පුවත් වෙබ් අඩවියේ පලවූ Why Americans no longer believe in America ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය ජීවන්ත ජයතිස්ස
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමෙරිකාව අභිබවා චීනය කෙරෙහි ලෝකයේ ප්‍රසාදය ඉහළ යයි.. - නවතම ජනමත සමීක්ෂණයකින් හෙළිවේ
සලේගේ රිට් පෙත්සමට මැදිහත් වෙමින් කාදිනල් හිමිගෙන් පෙත්සමක්..
නිදහසට වසර 250ක් පිරෙන ඇමරිකාව දැඩි අර්බුදයක.. 70%ක් රට ගැන කලකිරෙයි..
"අපි මුල්ලිවයික්කාල්වල පණ බේරාගන්න දුවද්දී ශානක්කියන් හිටියේ ඕස්ට්‍රේලියාවේ" - අරුන් සිද්ධාර්තන්
"දේශපාලන නෂ්ටකාමය තියෙන අයට නිවැරදි තීන්දු ගන්න බැහැ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේටයේ සහ බහරේනයේ ඇමරිකානු කඳවුරු වලට දරුණු ප්‍රහාර එල්ල කරයි
අභ්‍යවකාශය අත්පත් කරගැනීමේ නව යුද්ධයක් අතළඟයි - උවිඳු විජේවීර
මීගමුව බන්ධනාගාර ගැටුමේ සුළමුල හෙලිවේ..
තොරතුරු ලබාදී තිබියදීත් රවි සෙනවිරත්න, ශානි අබේසේකර පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න පියවර ගත්තේ නෑ.. - සලේගේ පෙත්සම කැඳවූ අවස්ථාවේ අධිකරණයේදී හෙළිවූ කරුණු මෙන්න..
‘ඩිජිටල් ස්වෛරීභාවය’ ගැන කතා කරන්න ජාත්‍යන්තර විද්වතුන් කොළඹට..
වී අලෙවි මණ්ඩලයේ සභාපති ගොවියන්ට විහිළු කරනවා.. නමුත් ඇස් රතුවෙන බව දැනගත යුතුයි..
අමෙරිකාවෙන් තුන්වැනි දිනටත් ඉරානයට ප්‍රහාර..
මීගමුව බන්ධනාගාර ගැටුමින් තවත් නිලධාරීන් දෙදෙනෙකු මිය යයි.. - මියගිය ගණන 31ක් දක්වා ඉහළට..
කන්ටේනර් සිද්ධිය ගැන පැමිණිලි කරල මාස 18ක් ගිහිනුත් ඇමති බිමල්ගෙන් ප්‍රශ්න කරන්න කැඳවලාවත් නෑ.. - උදය ගම්මන්පිල
රටේ ආහාර සුරක්ෂිතතාවය නැති කිරීම පිටුපස ඇති කුමන්ත්‍රණය වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළි කරයි..
හිරගෙවල් ඇතුළේ සිදුවන ඇත්තම සෙල්ලම එළියට: අවුරුදු 3ක දඬුවම 42ක් වුණ හැටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම හෙළි කරයි..