News Category
From Date
To Date
Maximum Number of Result

වධකාගාරයක් බවට පත් වූ සපුගස්කන්ද පොහොර කම්හලේ බේදවාචකය..

Jul 13, 2026 at 01:51 PM
|

👉 ශ්‍රී ලංකාවේ යූරියා පොහොර අවශ්‍යතාව මුළුමනින්ම පාහේ සපුරාලිය හැකිව තිබූ දේශීය යූරියා කර්මාන්ත ශාලාවක් වසා දමා එය පරණ යකඩවලට විකුණා දැමූ අවාසනාවන්ත පුවතක් ඔබ අසා තිබේද?

👉 1988-1989 භීෂණ සමයේ දී ක්‍රියාත්මක වූ බටලන්ද වධකාගාරය ගැන බොහෝ දෙනා කරුණු අසා තිබුණද ඊට සම්බන්ධ කතාවක් වන සපුගස්කන්දේ යූරියා පොහොර කම්හල ගැන බොහෝදෙනාට ඇත්තේ අල්ප අවබෝධයකි. 

👉 මේ කියන්නට යන්නේ බටලන්ද වධකාගාරය ගැන නොව මෙරට මහගු ජාතික සම්පතක් වූ මෙම යූරියා පොහොර කම්හලේ බේදනීය කතාව ගැනය. 

👉 මෙහි දේශපාලන පක්ෂ හා නායකයන්ගේ නම් ගම් පිළිබඳ කරුණු සදහන් වුවද මෙය හුදු පක්ෂවල ප්‍රශ්නයකට වඩා 1977න් පසු බලයට ආ සියලුම ආණ්ඩු අඩුවැඩි වශයෙන් අනුගමනය කරමින් සිටින යටත්විජිත ගැති ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති විසින් ජනිත කරන ලද ඛේදවාචකයක් බව අප ගැඹුරින් අවබෝධ කරගත යුතුය. 

👉 මේ යූරියා පොහොර කම්හල ආරම්භ කෙරෙන්නේ 1975 වසරේදී ය. එවක බලයේ සිටි අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණ ආණ්ඩුව විසින් රාජ්‍ය කාර්මික සංස්ථා පනත නමින් පනතක් සම්මත කරන ලද අතර, ඒ යටතේ රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාව පිහිටුවනු ලැබිණි. එකල කර්මාන්ත සහ විද්‍යා කටයුතු ඇමතිවරයා වූයේ ටී. බී සුබසිංහ මහතාය. 

👉 අද මෙන්ම එදා ද පොහොර ආනයනය සඳහා විශාල මුදලක් වැය කිරීමට රජයට සිදු වූ අතර, සමගි පෙරමුණ රජයේ ප්‍රතිපත්තිය වූයේ ආනයන භාණ්ඩ හැකි පමණින් රට තුළම නිෂ්පාදනය කර ගැනීමය.

ඒ අනුව අරඹන ලද සපුගස්කන්දේ යූරියා පොහොර කම්හල සඳහා විශාල මුදලක් ආයෝජනය කෙරිණි. මූලික ප්‍රාග්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය මුදලක් ලබා ගත් අතර, බ්‍රිතාන්‍ය සමාගමක්, ලංකාවේ රාජ්‍ය ආයතන කිහිපයක් ද මේ සඳහා ප්‍රාග්ධන දායකත්වය සපයනු ලැබීය. 

👉 බොරතෙල් මගින් ඛනිජ තෙල් නිෂ්පාදනය කිරීමෙන් පසුව ඉතිරිවන අතුරු නිෂ්පාදනයක් වන (Nafta) නැෆ්තා නම් දියරය යූරියා පොහොර නිෂ්පාදනට භාවිත වූ අමුද්‍රව්‍යයකි. මීට අමතරව පොහොර නිෂ්පාදනයට විශාල ජල පරිමාවක් ද වේ. කැළණි ගග හා සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආශ්‍රිත ප්‍රදේශයකින් අක්කර සීයක් මේ සඳහා  තෝරාගත්තේ මේ කරුණු සලකමිනි. 

👉 මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය සපයන දේශීය සහ විදේශීය නිලධාරීන් වෙනුවෙන් නේවාසික පහසුකම් සලසා දීමට අවශ්‍ය නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට තවත් අක්කර 50ක භූමි ප්‍රමාණයක් වෙන් කර තිබිණි. පසුව බටලන්ද වධකාගාරය බවට පත් වූයේ සපුගස්කන්ද යූරියා කම්හල් පරිශ්‍රය තුළ තිබූ එම ප්‍රදේශයයි. 

👉 1975 වසරේදී කම්හල ඉදිකිරීමේ කටයුතු ආරම්භ වූවද එය නිම කිරීම සඳහා වසර 04ක කාල සීමාවක් ගත වී ඇත. ෙමේ අතරවාරයේ දී 1977 මහ මැතිවරණයෙන් සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩුව පරාජයට පත්වන අතර මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ කිසිවෙකුට පොහොර කම්හලෙහි නිමාවක් දක්නට නොලැබිණි. 

👉 අලුතෙන් පත් වූ ආණ්ඩුවේ නව කර්මාන්ත ඇමතිවරයා වූයේ කැලණියෙන් තේරී පත් වූ කළුවාදේවගේ සිරිල් මැතිව් ය. අලුතින් ඉදි කරනු ලබන මෙම පොහොර කම්හල පිහිටා තිබුණේ මොහුගේ මැතිවරණ කොට්ඨාසයට මායිම්වය. 

👉 කම්හලෙහි මූලික ඉදිකිරීම් අවසන් කිරීමෙන් අනතුරුව 1979 වසරේදී යූරියා නිෂ්පාදනය කිරීම ආරම්භ කරනු ලැබීය. දිනකට යූරියා මෙට්‍රික් ටොන් 980ක් නිෂ්පාදනය කරනු ලැබූ මෙම කම්හල නිසාවෙන් ලංකාවට වාර්ෂිකව නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය යූරියා ප්‍රමාණය සකස් කර ගැනීම සඳහා ගත වී ඇත්තේ මාස තුනක පමණ කාලයකි.

👉 මේ හේතුව නිසාවෙන් වසරේ ඉතිරි මාස 09ක කාලය පුරාවට සිය වෘත්තියේ නියලීමට නොහැකි වීමේ අවධානමක් සේවකයින්ට පැන නැගුණ මුත්, කම්හලෙහි ස්වභාවය අනුවම අඛණ්ඩව මාස කීපයක් ක්‍රියාත්මක වීමෙන් පසු තවත් මාස කිහිපයක් එය ක්‍රියාත්මක නොකොට නඩත්තු කටයුතු සිදු කළ යුතුව තිබී ඇත.

👉 මේ කාලසීමාව අතරවාරයේදී යූරියා කම්හලෙහි සේවකයින්ට, කාර්මික ශිල්පීන්ට මෙන්ම යන්ත්‍රාගාර සේවකයන් හට ද විදේශ පුහුණුවක් ලබාදීමට ආයතන පාලනාධිකාරිය විසින් කටයුතු කර ඇත. මේ ආදි හේතු නිසාම  එවකට ශ්‍රී ලංකාවේ යූරියා පොහොර කම්හලෙහි නිෂ්පාදන ප්‍රමිතිය ඉතා ඉහළ මට්ටමක පැවති බව කියැවේ. වෙනත් රටවලින් පවා එවකට අපගේ පොහොර සඳහා ඇණවුම් ලැබීමට පටන් ගෙන ඇත්තේ ඒ අනුවය.

👉 මේ සඳහා හොඳම නිදසුනක් වන්නේ අදාළ කාල සීමාවේදී ශ්‍රී ලංකාවට බුරුමයෙන් යූරියා මෙට්‍රික් ටොන් පනස්දහසක ඇණවුමක් ලැබීමය. කම්හලෙහි සේවකයන් දිවා රෑ නොබලා සති අන්ත මෙන්ම පෝය නිවාඩු ද කිසිවක් නොගෙන මෙකී යූරියා මෙට්‍රික් ටොන් පනස්දහසක ප්‍රමාණය දින විසි ගණනක් ඇතුළත නිෂ්පාදනය කොට බාරදීමට සමත් වී ඇත. පොහොර රැගෙන යාම සඳහා පැමිණ සිටි නැව් වලට ද මේ හරහා විශාල වාසියක් සැලසී ඇත. 

👉 එහෙත් මෙකී දැවැන්ත වූත් ස්ථාවර වූත් ව්‍යාපාරය සඳහා කණකොකා හැඩීම ආරම්භ වනුයේ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සමගිනි. 

👉 ඒ අනුව සුපුරුදු ලෙස යූරියා පොහොර අඩු මිලකට ගෙන්විය හැකිව තිබියදී වැඩි පිරිවැයක් යොදා  රට තුළ යූරියා නිෂ්පාදනය කරන්නේ මන්ද යන මුග්ධ ලිබරල් තර්කය පදනම් වූ විශාල කතාබහක් ආණ්ඩුව තුළ ඇති වූ අතර, එහි අවසානය වූයේ ආණ්ඩුව මෙම කම්හල විකුණා දැමීමට එකගතාවයකට පැමිණීමය. 

👉 ඒ අනුව 1986 දී අන්තර්ජාතික මිල ගණන් කැඳවීමක් ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. මුල් කාලීනව ඒ සඳහා අන්තර්ජාතික වශයෙන් සාධනීය පිළිතුරක් නොලැබෙන මුත් ඊට පසු අවුරුද්දේ දී එනම් 1987 දී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වන අතර ඒ යටතේ නව කර්මාන්ත ඇමතිවරයා වශයෙන් පත්වන්නේ අන් ජේ. ආර් ජයවර්ධනගේ බෑනා වන රනිල් වික්‍රමසිංහය.

👉 කර්මාන්ත ඇමතිවරයා වන රනිල් වික්‍රමසිංහ මෙම යූරියා පොහොර කම්හලෙහි සියලු යන්ත්‍ර සූත්‍ර විකිණීමේ ක්‍රියා පටිපාටියට එළඹෙන්නේ මේ අතරවාරයේය. කම්හල මිලදී ගැනීම සඳහා කිසිදු සමාගමක් ඉදිරිපත් නොවූ පසුබිමක රනිල් වික්‍රමසිංහගේ තීරණය වූයේ කෝටි ගණනක් වටිනා කම්හලට අයත්වන දැවැන්ත යන්ත්‍ර සූත්‍ර තොගය විකුණා දැමීමය.

👉 ඔහු මෙම කටයුත්ත භාර කළේ ඔහුගේම ඥාතියෙකු හා ඔහු ඩී එස් සේනානායක අගමැතිවරයාගේ මුණුබුරෙකු වූ අශෝක සේනානායකටය. ඔහු එම කටයුත්ත කෙතරම් හොඳින් ඉටු කළේ ද කිවහොත් යූරියා පොහොර කම්හලෙහි වටිනා යන්ත්‍ර සූත්‍ර විකුණා දමන්නේ අබලි යකඩ වශයෙන් තක්සේරු කරමිනි. ඉන්දියාවේ Southern Petroleum Industries Corporation සමාගම විසින් මේ අබලි යකඩ තොගය මිලට ගනු ලැබීය. 

👉 මීටත් අමතරව කම්හල තුළ නවීන සන්නිවේදන උපකරණවලින් සමන්විත අති දැවැන්ත සන්නිවේදන පද්ධතියක් පැවතුණු අතර ඒ සියල්ල විකුණා දමන ලද්දේ පරණ වයර් වශයෙනි. අවසානයේ යූරියා පොහොර කම්හලෙහි යන්ත්‍ර සූත්‍ර පැරණි යකඩ වශයෙන් මිලට ගත් Southern Petroleum Industries Corporation සමාගම මෙකී යන්ත්‍ර සූත්‍ර සියල්ල රැගෙන ගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජමිල් අලී නම් ආයෝජන කලාපයෙහි සවි කරන ලද බවට තොරතුරු අනාවරණය වේ.

👉 කර්මාන්තශාලාව ස්ථාපිත කිරීමෙන් පසු එහි එක් දිනකට යූරියා පොහොර මෙට්‍රික් ටොන් දහසක් පමණ නිෂ්පාදනය කර ඇතැයි වාර්තා වල සඳහන් ය. ඉන් පසුව සිදු වූ හාස්‍යජනකම කරුණ නම් මෙරටට විශාල සම්පතක් වූ මෙම පොහොර කම්හල අප රටේ පාලකයන් විසින් පරණ යකඩවලට විකුණා, එම කම්හල අරාබියේ සවි කිරීමෙන් පසු නිෂ්පාදනය කරන ලද යූරියා පොහොර ආනයනය කිරීමට කටයුතු කොට තිබීමය.

(Next page සමාජ මාධ්‍ය පිටුවෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.