News Category
From Date
To Date
Maximum Number of Result

වධකාගාරයක් බවට පත් වූ සපුගස්කන්ද පොහොර කම්හලේ බේදවාචකය..

Jul 13, 2026 at 01:51 PM
|

👉 ශ්‍රී ලංකාවේ යූරියා පොහොර අවශ්‍යතාව මුළුමනින්ම පාහේ සපුරාලිය හැකිව තිබූ දේශීය යූරියා කර්මාන්ත ශාලාවක් වසා දමා එය පරණ යකඩවලට විකුණා දැමූ අවාසනාවන්ත පුවතක් ඔබ අසා තිබේද?

👉 1988-1989 භීෂණ සමයේ දී ක්‍රියාත්මක වූ බටලන්ද වධකාගාරය ගැන බොහෝ දෙනා කරුණු අසා තිබුණද ඊට සම්බන්ධ කතාවක් වන සපුගස්කන්දේ යූරියා පොහොර කම්හල ගැන බොහෝදෙනාට ඇත්තේ අල්ප අවබෝධයකි. 

👉 මේ කියන්නට යන්නේ බටලන්ද වධකාගාරය ගැන නොව මෙරට මහගු ජාතික සම්පතක් වූ මෙම යූරියා පොහොර කම්හලේ බේදනීය කතාව ගැනය. 

👉 මෙහි දේශපාලන පක්ෂ හා නායකයන්ගේ නම් ගම් පිළිබඳ කරුණු සදහන් වුවද මෙය හුදු පක්ෂවල ප්‍රශ්නයකට වඩා 1977න් පසු බලයට ආ සියලුම ආණ්ඩු අඩුවැඩි වශයෙන් අනුගමනය කරමින් සිටින යටත්විජිත ගැති ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති විසින් ජනිත කරන ලද ඛේදවාචකයක් බව අප ගැඹුරින් අවබෝධ කරගත යුතුය. 

👉 මේ යූරියා පොහොර කම්හල ආරම්භ කෙරෙන්නේ 1975 වසරේදී ය. එවක බලයේ සිටි අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණ ආණ්ඩුව විසින් රාජ්‍ය කාර්මික සංස්ථා පනත නමින් පනතක් සම්මත කරන ලද අතර, ඒ යටතේ රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාව පිහිටුවනු ලැබිණි. එකල කර්මාන්ත සහ විද්‍යා කටයුතු ඇමතිවරයා වූයේ ටී. බී සුබසිංහ මහතාය. 

👉 අද මෙන්ම එදා ද පොහොර ආනයනය සඳහා විශාල මුදලක් වැය කිරීමට රජයට සිදු වූ අතර, සමගි පෙරමුණ රජයේ ප්‍රතිපත්තිය වූයේ ආනයන භාණ්ඩ හැකි පමණින් රට තුළම නිෂ්පාදනය කර ගැනීමය.

ඒ අනුව අරඹන ලද සපුගස්කන්දේ යූරියා පොහොර කම්හල සඳහා විශාල මුදලක් ආයෝජනය කෙරිණි. මූලික ප්‍රාග්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය මුදලක් ලබා ගත් අතර, බ්‍රිතාන්‍ය සමාගමක්, ලංකාවේ රාජ්‍ය ආයතන කිහිපයක් ද මේ සඳහා ප්‍රාග්ධන දායකත්වය සපයනු ලැබීය. 

👉 බොරතෙල් මගින් ඛනිජ තෙල් නිෂ්පාදනය කිරීමෙන් පසුව ඉතිරිවන අතුරු නිෂ්පාදනයක් වන (Nafta) නැෆ්තා නම් දියරය යූරියා පොහොර නිෂ්පාදනට භාවිත වූ අමුද්‍රව්‍යයකි. මීට අමතරව පොහොර නිෂ්පාදනයට විශාල ජල පරිමාවක් ද වේ. කැළණි ගග හා සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආශ්‍රිත ප්‍රදේශයකින් අක්කර සීයක් මේ සඳහා  තෝරාගත්තේ මේ කරුණු සලකමිනි. 

👉 මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය සපයන දේශීය සහ විදේශීය නිලධාරීන් වෙනුවෙන් නේවාසික පහසුකම් සලසා දීමට අවශ්‍ය නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට තවත් අක්කර 50ක භූමි ප්‍රමාණයක් වෙන් කර තිබිණි. පසුව බටලන්ද වධකාගාරය බවට පත් වූයේ සපුගස්කන්ද යූරියා කම්හල් පරිශ්‍රය තුළ තිබූ එම ප්‍රදේශයයි. 

👉 1975 වසරේදී කම්හල ඉදිකිරීමේ කටයුතු ආරම්භ වූවද එය නිම කිරීම සඳහා වසර 04ක කාල සීමාවක් ගත වී ඇත. ෙමේ අතරවාරයේ දී 1977 මහ මැතිවරණයෙන් සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩුව පරාජයට පත්වන අතර මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ කිසිවෙකුට පොහොර කම්හලෙහි නිමාවක් දක්නට නොලැබිණි. 

👉 අලුතෙන් පත් වූ ආණ්ඩුවේ නව කර්මාන්ත ඇමතිවරයා වූයේ කැලණියෙන් තේරී පත් වූ කළුවාදේවගේ සිරිල් මැතිව් ය. අලුතින් ඉදි කරනු ලබන මෙම පොහොර කම්හල පිහිටා තිබුණේ මොහුගේ මැතිවරණ කොට්ඨාසයට මායිම්වය. 

👉 කම්හලෙහි මූලික ඉදිකිරීම් අවසන් කිරීමෙන් අනතුරුව 1979 වසරේදී යූරියා නිෂ්පාදනය කිරීම ආරම්භ කරනු ලැබීය. දිනකට යූරියා මෙට්‍රික් ටොන් 980ක් නිෂ්පාදනය කරනු ලැබූ මෙම කම්හල නිසාවෙන් ලංකාවට වාර්ෂිකව නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය යූරියා ප්‍රමාණය සකස් කර ගැනීම සඳහා ගත වී ඇත්තේ මාස තුනක පමණ කාලයකි.

👉 මේ හේතුව නිසාවෙන් වසරේ ඉතිරි මාස 09ක කාලය පුරාවට සිය වෘත්තියේ නියලීමට නොහැකි වීමේ අවධානමක් සේවකයින්ට පැන නැගුණ මුත්, කම්හලෙහි ස්වභාවය අනුවම අඛණ්ඩව මාස කීපයක් ක්‍රියාත්මක වීමෙන් පසු තවත් මාස කිහිපයක් එය ක්‍රියාත්මක නොකොට නඩත්තු කටයුතු සිදු කළ යුතුව තිබී ඇත.

👉 මේ කාලසීමාව අතරවාරයේදී යූරියා කම්හලෙහි සේවකයින්ට, කාර්මික ශිල්පීන්ට මෙන්ම යන්ත්‍රාගාර සේවකයන් හට ද විදේශ පුහුණුවක් ලබාදීමට ආයතන පාලනාධිකාරිය විසින් කටයුතු කර ඇත. මේ ආදි හේතු නිසාම  එවකට ශ්‍රී ලංකාවේ යූරියා පොහොර කම්හලෙහි නිෂ්පාදන ප්‍රමිතිය ඉතා ඉහළ මට්ටමක පැවති බව කියැවේ. වෙනත් රටවලින් පවා එවකට අපගේ පොහොර සඳහා ඇණවුම් ලැබීමට පටන් ගෙන ඇත්තේ ඒ අනුවය.

👉 මේ සඳහා හොඳම නිදසුනක් වන්නේ අදාළ කාල සීමාවේදී ශ්‍රී ලංකාවට බුරුමයෙන් යූරියා මෙට්‍රික් ටොන් පනස්දහසක ඇණවුමක් ලැබීමය. කම්හලෙහි සේවකයන් දිවා රෑ නොබලා සති අන්ත මෙන්ම පෝය නිවාඩු ද කිසිවක් නොගෙන මෙකී යූරියා මෙට්‍රික් ටොන් පනස්දහසක ප්‍රමාණය දින විසි ගණනක් ඇතුළත නිෂ්පාදනය කොට බාරදීමට සමත් වී ඇත. පොහොර රැගෙන යාම සඳහා පැමිණ සිටි නැව් වලට ද මේ හරහා විශාල වාසියක් සැලසී ඇත. 

👉 එහෙත් මෙකී දැවැන්ත වූත් ස්ථාවර වූත් ව්‍යාපාරය සඳහා කණකොකා හැඩීම ආරම්භ වනුයේ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සමගිනි. 

👉 ඒ අනුව සුපුරුදු ලෙස යූරියා පොහොර අඩු මිලකට ගෙන්විය හැකිව තිබියදී වැඩි පිරිවැයක් යොදා  රට තුළ යූරියා නිෂ්පාදනය කරන්නේ මන්ද යන මුග්ධ ලිබරල් තර්කය පදනම් වූ විශාල කතාබහක් ආණ්ඩුව තුළ ඇති වූ අතර, එහි අවසානය වූයේ ආණ්ඩුව මෙම කම්හල විකුණා දැමීමට එකගතාවයකට පැමිණීමය. 

👉 ඒ අනුව 1986 දී අන්තර්ජාතික මිල ගණන් කැඳවීමක් ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. මුල් කාලීනව ඒ සඳහා අන්තර්ජාතික වශයෙන් සාධනීය පිළිතුරක් නොලැබෙන මුත් ඊට පසු අවුරුද්දේ දී එනම් 1987 දී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වන අතර ඒ යටතේ නව කර්මාන්ත ඇමතිවරයා වශයෙන් පත්වන්නේ අන් ජේ. ආර් ජයවර්ධනගේ බෑනා වන රනිල් වික්‍රමසිංහය.

👉 කර්මාන්ත ඇමතිවරයා වන රනිල් වික්‍රමසිංහ මෙම යූරියා පොහොර කම්හලෙහි සියලු යන්ත්‍ර සූත්‍ර විකිණීමේ ක්‍රියා පටිපාටියට එළඹෙන්නේ මේ අතරවාරයේය. කම්හල මිලදී ගැනීම සඳහා කිසිදු සමාගමක් ඉදිරිපත් නොවූ පසුබිමක රනිල් වික්‍රමසිංහගේ තීරණය වූයේ කෝටි ගණනක් වටිනා කම්හලට අයත්වන දැවැන්ත යන්ත්‍ර සූත්‍ර තොගය විකුණා දැමීමය.

👉 ඔහු මෙම කටයුත්ත භාර කළේ ඔහුගේම ඥාතියෙකු හා ඔහු ඩී එස් සේනානායක අගමැතිවරයාගේ මුණුබුරෙකු වූ අශෝක සේනානායකටය. ඔහු එම කටයුත්ත කෙතරම් හොඳින් ඉටු කළේ ද කිවහොත් යූරියා පොහොර කම්හලෙහි වටිනා යන්ත්‍ර සූත්‍ර විකුණා දමන්නේ අබලි යකඩ වශයෙන් තක්සේරු කරමිනි. ඉන්දියාවේ Southern Petroleum Industries Corporation සමාගම විසින් මේ අබලි යකඩ තොගය මිලට ගනු ලැබීය. 

👉 මීටත් අමතරව කම්හල තුළ නවීන සන්නිවේදන උපකරණවලින් සමන්විත අති දැවැන්ත සන්නිවේදන පද්ධතියක් පැවතුණු අතර ඒ සියල්ල විකුණා දමන ලද්දේ පරණ වයර් වශයෙනි. අවසානයේ යූරියා පොහොර කම්හලෙහි යන්ත්‍ර සූත්‍ර පැරණි යකඩ වශයෙන් මිලට ගත් Southern Petroleum Industries Corporation සමාගම මෙකී යන්ත්‍ර සූත්‍ර සියල්ල රැගෙන ගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජමිල් අලී නම් ආයෝජන කලාපයෙහි සවි කරන ලද බවට තොරතුරු අනාවරණය වේ.

👉 කර්මාන්තශාලාව ස්ථාපිත කිරීමෙන් පසු එහි එක් දිනකට යූරියා පොහොර මෙට්‍රික් ටොන් දහසක් පමණ නිෂ්පාදනය කර ඇතැයි වාර්තා වල සඳහන් ය. ඉන් පසුව සිදු වූ හාස්‍යජනකම කරුණ නම් මෙරටට විශාල සම්පතක් වූ මෙම පොහොර කම්හල අප රටේ පාලකයන් විසින් පරණ යකඩවලට විකුණා, එම කම්හල අරාබියේ සවි කිරීමෙන් පසු නිෂ්පාදනය කරන ලද යූරියා පොහොර ආනයනය කිරීමට කටයුතු කොට තිබීමය.

(Next page සමාජ මාධ්‍ය පිටුවෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.