News Category
From Date
To Date
Maximum Number of Result

ලේ කඳුළු වලින් නැගී සිටි නැමිබියාව සහ චීන ජනපති ලොවට පෙන්වූ සැබෑ මානවවාදී ගෞරවය..

Jul 11, 2026 at 03:03 PM
|

සාගර දියගම මුහුණු  පොතට එක් කර තිබූ මේ ලිපිය එක දිගට කියවගෙන ගියා.. මීට පෙර මා අසා නොතිබුණු ඒ කතාව, නැම්බියාව වගේ අපටත් අදාළ සහ අපටත් දැනෙන කතාවක් නිසා...

මෙතැන් සිට ඒ උපුටා ගැනීම..

"...සමහර රූප තියෙනවා, බැලූ බැල්මට එක සැරයටම අපේ හදවතට තට්ටු කරලා අපව ලොකු කල්පනාවක ගිල්වන! මේ සුවිශේෂී ඡායාරූපය දැක්කම මට හිතුණේ ඒ වගේ දෙයක්. 

මේ පින්තූරයේ ඉන්නවා ලෝකයේ ආර්ථික, දේශපාලනික සහ මිලිටරි අතින් බලවත්ම සහ විශාලම රාජ්‍යයක නායකයා, ඔහු තමයි චීන ජනාධිපති ෂී ජින්පිං. 

ඔහුගේ වම්පසින් පියවර තබමින් ඉතාමත් අභිමානවත්, ඒ වගේම තැන්පත් ලීලාවකින් ඇවිදගෙන එන්නේ අප්‍රිකානු මහද්වීපයේ පිහිටි කුඩා, නමුත් අතිශය ඛේදජනක සහ කටුක ඉතිහාසයකට උරුමකම් කියන නැමිබියා රාජ්‍යයේ ජනාධිපතිනිය..

චීනයේ බීජිං නුවර මහජන ශාලාවේ පැවැත්වුණු අති උත්කර්ෂවත් රාජ්‍ය පිළිගැනීමේ උත්සවයක රතු පලස මත ඔවුන් පියවර තබන මේ දර්ශනය, හුදෙක් සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික හමුවීමක් විතරක් නෙවෙයි. 

ලෝකයේ බලවත්ම රටක්, තමන්ට වඩා හැම අතින්ම ඉතා කුඩා රටක නායිකාවකට සම තත්ත්වයේ ලා සලකමින් පවත්වන මේ උත්තමාචාරය දකිද්දී, හිතට දැනෙන්නේ පුදුමාකාර හැඟීමක්.

මේ පින්තූරයේ ඉන්න නැමිබියානු ජනාධිපතිනිය දෙස බලද්දී අපිට වසර 120ක් අතීතයට යන්න සිද්ධ වෙනවා. දහනව වන සියවසේ අගභාගයේදී ඒ කියන්නේ 1884 විතර, අප්‍රිකාව බෙදාගැනීමේ බටහිර බලවතුන්ගේ තරඟය අතරතුර, වර්තමාන නැමිබියාව අයිති වුණේ ජර්මානු අධිරාජ්‍යයට. 

ඒ කාලේ ඒ ප්‍රදේශය සුද්දො හැඳින්වූයේ "ජර්මානු නිරිතදිග අප්‍රිකාව" කියලා.. තමන්ගේ පාරම්පරික නිජබිම් කොල්ලකන, තමන්ව වහලුන් බවට පත් කරන ජර්මානු පාලනයට විරුද්ධව නැමිබියාවේ ජීවත් වුණු "හෙරෙරෝ" සහ "නමා" කියන ස්වදේශික ගෝත්‍රික ජනතාව 1904 දී දැවැන්ත කැරැල්ලක් ආරම්භ කළා.

එතැනදී ජර්මානු අධිරාජ්‍යයා වුණු දෙවන විල්හෙල්ම් රජු විසින් ලොතර් වොන් ට්‍රෝතා කියන අතිශය කෲර ජෙනරාල්වරයාව මේ කැරැල්ල මර්දනය කරන්න පිටත් කර හැරියා.. 

ඔහු එහේ ගිහින් නිකුත් කළේ ලෝක ඉතිහාසයේ ලියැවුණු බිහිසුණුම නියෝගයක්. ඒ තමයි "වඳ කර දැමීමේ නියෝගය." මේ කෲර නියෝගය ක්‍රියාත්මක වුණේ කොහොමද? 

ජර්මානු හමුදාව හෙරෙරෝ සහ නමා ජනතාව වට කරලා, ඔවුන්ව මාරාන්තික කාන්තාරය දෙසට පලවා හැරියා.. ඉන්පසු කාන්තාරයේ තිබුණු එකම ජල උල්පත් ටිකත් ජර්මානුවන් විසින් වස දමා විෂ කළා..

ඒ දසදහස් ගණන් අහිංසක මිනිසුන්, ගැහැණුන්, කුඩා දරුවන් වතුර උගුරක් නැතුව, කන්න කෑමක් නැතුව කාන්තාරයේ අව් රශ්මියට කරවෙලා, විලාප තියලා මිය ගියා.

විනාශය එතනින් නතර වුණේ නැහැ. ඉතිරි වුණු අයව බටහිර ලෝකය විසින් මුලින්ම නිර්මාණය කරන ලද "සිර කඳවුරු" වලට ගාල් කළා. එහිදී ඔවුන්ව දැඩි වහල් සේවයේ යෙදෙව්වා, කුසගින්නේ තිබ්බා, ලෙඩ රෝග හැදෙන්න ඇරියා. 

ලිංගික අතවර සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා මිනිසුන්ව පණ පිටින් පාවිච්චි කළා. විසිවන සියවසේ ලොව පළමු ජන සංහාරය ලෙස ඉතිහාසඥයන් හඳුන්වන්නේ මෙන්න මේ සිදුවීමයි.

මේ පොළව නොහුලන අපරාධයෙන් හෙරෙරෝ ජනගහනයෙන් 80% කට වඩා.. ආසන්න වශයෙන් 65,000 කට අධික පිරිසක් ඝාතනය කෙරුණා. "නමා" ජනගහනයෙන් 50% කට වඩා, ආසන්න වශයෙන් 10,000 කට අධික පිරිසක් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුවා..

වඩාත්ම පිළිකුල්සහගත දේ තමයි, මියගිය නැමිබියානුවන්ගේ හිස්කබල් සිය ගණනක් ජර්මානු විද්‍යාඥයන් විසින් යුරෝපයට රැගෙන ගියා, "කළු ජාතිකයන් සුදු ජාතිකයන්ට වඩා පහත් ජාතියක්" කියලා ඔප්පු කරන්න හිස්කබල් මැනීමේ ව්‍යාජ විද්‍යාත්මක පරීක්ෂණ පවත්වන්න.

හිට්ලර් යුදෙව්වන්ට කල දේ ගැන නම් මුළු ලෝකයම කතා කරද්දී, ඔවුන් අප්‍රිකාවට කල මේ මහා අපරාධය දශක ගණනාවක් යනතුරු ලෝකයේ ඉතිහාස පොත් වලින් වහලා තිබ්බා. 

ජර්මනිය එය ජන සංහාරයක් කියලා නිල වශයෙන් පිළිගන්නත්, වසර සියයකට වඩා කල් ගත්තා.. අන්න ඒ වගේ අතීතයකින්, ඒ වගේ මහා බිහිසුණු ලේ කඳුළු සාගරයකින් නැගිටලා ආපු රටක් තමයි "නැමිබියාව."

ලාංකිකයන් විදිහට මේ කතාව දෙස බලද්දී අපිට වෙනත් රටකට වඩා මේ වේදනාව හොඳින්ම තේරෙනවා.  1818 ඌව වෙල්ලස්ස කැරැල්ල වෙලාවේ ඉංග්‍රීසි ජාතිකයන් අපේ රටේ කරපු විනාශය අහල තියෙනවද? 

වයස අවුරුදු 18ට වැඩි හැම පිරිමියෙක්වම මරා දැමුවා, කුඹුරු ගිනිබත් කළා, වැව් අමුණු විනාශ කළා, ගෙවල් දොරවල්, හරකා බාන සේරම නැති කරලා මුළු ඌව පළාතම සුසාන භූමියක් කළා. බටහිර අධිරාජ්‍යවාදය ලෝකය පුරාම හැසිරුණේ එකම විදිහට. 

අදටත් බටහිර රටවල් අප්‍රිකානු හෝ ආසියානු රටවල් දිහා බලන්නේ තමන්ට වඩා පහත්, තවමත් ශිෂ්ට සම්පන්න විය යුතු, තමන්ගෙන් යැපෙන පිරිසක් විදිහටයි. 

ඔවුන්, ඔවුන්ගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් "IMF" හෝ ලෝක බැංකුව වැනි මළපුඩු හරහා ණය දෙද්දී විවිධ කොන්දේසි දානවා, 

අපේ රටවල් ඇතුළේ දේශපාලනය තීරණය කරන්න හදනවා. බටහිර නායකයෙක් ළඟට අපේ වගේ රටක නායකයෙක් ගියාම දකින්න ලැබෙන්නේ ස්වාමියා සේවකයා දෙස බලනවා වගේ හැඟීමක්.

නමුත් මේ පින්තූරයෙන් පෙනෙන දේ ඊට හාත්පසින්ම වෙනස්. "චීනය" කියන්නේ අද ලෝකයේ අංක එකේ බලවතා වෙන්න ඔන්න මෙන්න තියෙන, ඇමරිකාවට පවා අභියෝග කරන මහා බලවත් රාජ්‍යයක්. 

ඉතින් හිතන්න ඒ වගේ රටක රාජ්‍ය නායකයා, මිලියන 03කටත් වඩා අඩු ජනගහනයක් ඉන්න නැමිබියාවේ නායිකාව පිළිගන්නේ තමන්ට සමාන, ස්වාධීන, අභිමානවත් රාජ්‍ය නායකයෙක් විදිහටයි. ඒ ගෞරවය, ඒ ශිෂ්ටසම්පන්න බව තමයි සැබෑ මානවවාදය කියන්නේ!

බොහෝ දෙනෙක් අහන්න පුළුවන් "චීනය" ඇයි අප්‍රිකාවට මේ තරම් ලොකු සැලකිල්ලක් දක්වන්නේ කියලා. මේක පිටුපස තියෙන්නේ හුදෙක් අද ඊයේ පටන් ගත්තු දේශපාලනයක් නෙවෙයි. ඒ කතාවත් මම ඉතා කෙටියෙන් කියන්නම්.

චීනය සහ අප්‍රිකානු මහද්වීපය අතර තියෙන්නේ බටහිර විරෝධී හා අධිරාජ්‍ය විරෝධී පොදු අතීත අරගලයක බැඳීමක්..

1950, 60 සහ 70 දශකවල අප්‍රිකානු රටවල් බටහිර යටත්විජිතවාදයෙන් නිදහස් වෙන්න අරගල කරද්දී, ඇමරිකාව හෝ යුරෝපය ඒ නිදහස් සටන් හැඳින්වූයේ "ත්‍රස්තවාදය" නමින්

නමුත් ඒ කාලේ තමන්ම අන්ත දරිද්‍රතාවයෙන් පෙළුණු චීනය, අප්‍රිකානු නිදහස් සටන්කාමීන්ට ආයුධ, සල්ලි සහ සදාචාරාත්මක සහයෝගය ලබා දුන්නා.. 

නැමිබියාවේ නිදහස් සටන මෙහෙයවපු "SWAPO පක්ෂය"ට එදා ඉඳන්ම චීනය උදව් කළා. 

ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  තායිවානය වෙනුවට මහජන චීන සමූහාණ්ඩුවට නිල සාමාජිකත්වය ලබාගැනීමේ ඓතිහාසික ඡන්ද විමසීමේදී චීනයට පක්ෂව ඡන්දය දුන්නේ මේ අප්‍රිකානු රටවල්. එදා චීන නායක මාඕ සේතුං ප්‍රකාශ කළේ, "අපව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඔසවා තැබුවේ අපේ අප්‍රිකානු සහෝදරයන් විසින්" කියලා.

අද චීනය ක්‍රියාත්මක කරන "එක් තීරයක් - එක් මාවතක්" ව්‍යාපෘතිය හරහා අප්‍රිකාව පුරා දැවැන්ත මහා මාර්ග, දුම්රිය මාර්ග, වරායවල්, ගුවන් තොටුපළවල් සහ රෝහල් ඉදිවෙනවා. 

බටහිර රටවල් වසර සියයක් තිස්සේ අප්‍රිකාවේ සම්පත් (රත්තරන්, දියමන්ති, තඹ) කොල්ලකා ගෙන ගියා මිසක් එකම එක ස්ථිර යටිතල පහසුකමක් හැදුවේ නැහැ. 

ඔව්, චීනය කරන්නේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, හැබැයි ඒ ව්‍යාපාරය ඇතුළේ දෙපාර්ශවයටම වාසිදායක  සංවර්ධනයක් සහ අන්‍යෝන්‍ය ගෞරවයක් තියෙනවා.

මේ පින්තූරය දිහා බලලා අපිට නිකන්ම ඉන්න බැහැ. ශ්‍රී ලංකාව කියන්නෙත් මේ ගෝලීය දකුණේම ප්‍රධාන කොටස්කරුවෙක්. ඉහත මම කියපු 1971 ඔක්තෝබර් 25 වැනිදා එක්සත් ජාතීන්ගේ ඒ ඓතිහාසික යෝජනා සම්මතයේදී  අප්‍රිකානු රටවල් වගේම ලංකාවත් (එදා සිලෝන්) ඡන්දය දුන්නේ මහජන චීන සමූහාණ්ඩුවට පක්ෂවයි.

එහිදී ලංකාව, තායිවානය වෙනුවට, බීජිං පාලනය මුළු මහත් චීනයේම එකම නීත්‍යානුකූල නියෝජිතයා ලෙස පිළිගැනීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා පමණක් නොවෙයි, චීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා දීම සඳහා, මුල් පෙළේ සිටම දැඩි ලෙස පෙනී සිටිමින් සහයෝගය පළ කළ රටක් ද වෙනවා.

ඉතින්, අද අපේ රට මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදය, ණය බර සහ ජාත්‍යන්තර බලපෑම් හමුවේ අපිට මේ දර්ශනයෙන් ඉගෙන ගන්න ලොකු පාඩම් කිහිපයක් තියෙනවා.

ඌව වෙල්ලස්ස කැරැල්ලේ භීෂණය  හා වතු වගාව සදහා ඉඩම් කොල්ලකෑම නිසා අපේ මිනිස්සුන්ට සිදුවූ හානිය ගැන හොයන්න අද වෙන තුරු අඩු තරමින් කොමිසමක්වත් පත්කරලා නැහැ.. 

ජර්මනිය වසර සියයකට වඩා කල් අරන් හරි තමන් ජන සංහාරයක් කියලා නිල වශයෙන් පිළිගන්න තත්ත්වයට ගේන්න, නැම්බියාව කටයුතු කළාට අපිට එංගලන්තයට එහෙම කියන්නවත් තවම කොන්දක් නැහැ..

සමහර විට ඒ තවමත් "ඉංග්‍රීසි" වලට වදින දීනකම නිසා වෙන්න ඇති. එත් නැමිබියාව නම් අදටත්, ජර්මනියෙන් තමන්ට සිදුවූ හානියට වන්දි ඉල්ලනවා.. මොකද තමන්ගේ මුතුන්මිත්තන්ට කළ අපරාධය ඔවුන් නම් ලේසියෙන් අමතක කරන්නේ නැහැ.

මතක තියාගන්න, "ඉතිහාසය" අමතක කරන ජාතීන්ට අනාගතයක් නැහැ.. බටහිර රටවල් අද අපිට මානව හිමිකම් ගැන ජිනීවා වලදී ඇඟිල්ල දිගු කරද්දී, අපිත් ඔවුන්ට මතක් කර දිය යුතුයි, අපේ මුතුන්මිත්තන්ට ඔවුන් කළ අපරාධ සහ ජන සංහාර... 

අවසාන වශයෙන්, අපි ආයෙමත් මේ අපූරු ඡායාරූපය දෙසට හැරෙමු. මේ පින්තූරය අපිට කියා දෙන්නේ දේශපාලනයට වඩා එහා ගිය ගැඹුරු මානුෂීය දර්ශනයක්. 

මිනිසෙක් තවත් මිනිසෙකුට ගරු කළ යුත්තේ ඔහුගේ ධනය, බලය හෝ ශරීර ප්‍රමාණය දෙස බලාගෙන නෙවෙයි. ඔහුත් තමන් වගේම ලේ, මස්, කඳුළු සහ හදවතක් තියෙන මනුෂ්‍යයෙක් කියන හැඟීමෙන්! 

රාජ්‍යයන් අතර සබඳතාවයත් අන්න ඒ වගේ විය යුතුයි. රටක් කුඩා වූ පමණින්, දුප්පත් වූ පමණින්, නැත්නම් අතීතයේ දරුණු ලෙස බැටකා තිබූ පමණින් ඔවුන්ව කොන් කළ යුතු නැහැ. 

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ මහා ප්‍රාකාරයේ සිතුවම පසුබිම් කරගෙන, සිය ගණනක් වන හමුදා උත්තමාචාර මධ්‍යයේ, නැමිබියානු ජනාධිපතිනිය සමඟ රතු පලස මත පියවර තබන මේ මොහොත, බටහිර අධිරාජ්‍යවාදී මානසිකත්වයේ මරණ වරෙන්තුව ලියන දර්ශනයක් හා සමානයි! 

එයින් කියාපාන්නේ ලෝකයේ හැම මනුෂ්‍යයෙකුටම, හැම සංස්කෘතියකටම හා හැම ස්වෛරී රාජ්‍යයකටම සමාන අයිතිවාසිකම් සහ ගෞරවය හිමිවිය යුතු නව යුගයක උදාව ගැන නේද? මෙවැනි දර්ශන අපිට අනාගතය ගැන ලොකු බලාපොරොත්තුවක් දෙනවා. 

බටහිර අධිරාජ්‍යවාදය නමැති මාරාන්තික පිළිකාවෙන් ක්‍රමයෙන් මිදෙමින්, මිනිස්කම, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාවය රජයන වඩාත් සාධාරණ සහ සුන්දර ලෝකයක් නිර්මාණය වෙමින් පවතින බවට මේ ඡායාරූපය ජීවමාන සාක්ෂියක්..." 

උපුටා ගැනීම අවසන්..

ස්තුතියි මේ සාරවත් ලිපියට..

(Lal de Alwis ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.