News Category
From Date
To Date
Maximum Number of Result

සීමාකරණ මූලධර්මය හෙවත් ගෝලීය අර්බුදයකට මඟ පාදන සැඟවුණු උපායමාර්ගය

May 31, 2026 at 03:27 PM
|

අද දවසේ විවිධ මාධ්‍ය ඔස්සේ තොරතුරු පරිශීලනය කරන බොහෝ දෙනෙකුට, දිනපතා ලැබෙන පුවත් අවුල් සහගත ඒවා ලෙස පෙනී යයි. යුක්රේනයේ පවතින යුද්ධය. තායිවාන සමුද්‍ර සන්ධියේ හට ගෙන ඇති ආතතීන්. ඉරානය සමඟ ඇමෙරිකාව පැටලී ඇති සෙවනැලි යුද්ධය. චීනය මත පනවා තිබෙන සම්බාධක. අමෙරිකාව යුරෝපය සමඟ පැටලී තිබෙන වෙළඳ ආරවුල් ඒ අතරින් ප්‍රධාන වේ. කෙසේ වුවද කෙනෙකුට මේ සියල්ල අහඹු ලෙස පැතිර යන ගිනිදැල් මෙන් පෙනීයාම වරදක් නොවේ.

දශක ගණනාවක් තිස්සේ ඇමරිකානු ප්‍රතිපත්ති මගින් හැඩ ගන්වා ඇති උපායමාර්ගයකට අනුව, මේ කිසිවක් අහඹු සිදුවීම් නොවන බව හොඳින් පැහැදිලි වේ. එම උපාය මාර්ගය තේරුම් ගත් විට වර්තමානයේ සිදුවන ලෝක සිදුවීම්වල විශාල චිත්‍රය වඩාත් පැහැදිලි වේ.

ඇමරිකාවේ සැබෑ සැලැස්ම කුමක්දැයි මා විසින් පහතින් කරනු ලබන පැහැදිලි කිරීම තේරුම්ගත් පසු කෙනෙකුට වර්තමානයේ සිදුවන සිදුවීම් වල හරය අවබෝධ නොවීමට කිසිදු හැකියාවක් නැතැයි අවබෝධ වනු ඇත. 

ලෝක බල සිතියමේ ඒකාධිපතිත්වය

අප මුලින්ම තේරුම් ගත යුතු කාරණය වන්නේ භූගෝල විද්‍යාව මිස මතවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදයට එදිරිව ඒකාධිපතිවාදය නොවේ. භූගෝල විද්‍යාව, ලෝක බල සිතියම තුල ඒකාධිපතිත්වය සියල්ල පාලනය කරන ආකාරය මැනැවින් පැහැදිළි කරයි. එනම්, වෙළඳාම, හමුදා බලය, ආහාර, බලශක්තිය අදී වූ සියල්ල පාලනය කරනු ලබන ආකාර්ය භූගෝල විද්‍යාව මගින් පැහැදිළි කරයි .

ඇමරිකානු ඉදිරිදර්ශනය තුළ පිහිටා ලෝකය දෙස බලන කෙනෙකුට මා පවසන බියකරු සත්‍ය අවබෝධ වනු ඇත.අමෙරිකා එක්සත් ජනපදය යනු ඉතා අනතුරුදායක තත්වයක සිටින සාගර අධිරාජ්‍යකි.ගතවූ පසුගිය වසර 80ක පමණ ඉතිහාසය තුළ ඇමරිකානු බලය සම්පූර්ණයෙන්ම රඳා පැවතුනේ සාගර කළාප පාලනය මතය. එලෙසම ඇමරිකානු ඩොලරයේ බලය රඳා පවතින්නේ වෙළඳ මාර්ග පාලනය මතය. ඇමරිකානු ආර්ථිකය ක්‍රියාත්මක වන්නේ පාලිත තත්වය තුළ පවතින බලශක්ති ප්‍රවාහනය මතය. පසුගිය දශක අට තිස්සේ වොෂින්ටනය මෙම ලීවර තුනම එකවර අල්ලාගෙන සිටියේය.

දැන්, දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට, රටවල් දෙකක් එකවරම මෙම පද්ධතියට තර්ජනය එල්ල කර තිබේ. එනම්, චීනය ආර්ථික වශයෙන් මෙන්ම ඉරානය උපායශීලී වශයෙනි.

කූඩුව තුළ සිටින මකරා

පළමුව අප චීනය සාකච්ඡාවට ගනිමු. චීනය යනු අමෙරිකාවට ඇති සැබෑ දිගුකාලීන තර්ජනයයි. ඒ අනුව ඉරානය අමෙරිකාවට ඇති ප්‍රධාන තර්ජනය නොවේ.එලෙසම රුසියාවද අමෙරිකාවට ප්‍රධාන තර්ජනයක් වන්නේ නැත. ගෝලීය වශයෙන් එක්සත් ජනපදයට අභියෝග කිරීමේ කාර්මික හැකියාව චීනය සතුය.

නමුත් චීනය තුළ මාරාන්තික දුර්වලතාවයක් ඇත.එනම් චීන ආර්ථිකය සම්පූර්ණයෙන්ම පාහේ අපනයන මත රඳා පැවතීමයි. චීන කර්මාන්තශාලා ක්‍රියාත්මක වීමට බලශක්තිය අත්‍යවශ්‍යවේ.එලෙසම චීන භාණ්ඩ ගෝලීය වෙළඳපොළ වෙත ළඟා විය යුතුයමය.එහෙත් චීන වෙළඳාමෙන් වැඩි ප්‍රමාණයක් ගමන් කරන්නේ තනි කුඩා මලක්කා සමුද්‍ර සන්ධිය හරහාය.

මුළු චීන ආර්ථිකයේම කුලුනු තුන වන, මැද පෙරදිගින් තෙල්, අප්‍රිකාවෙන් සම්පත්, යුරෝපයෙන් වෙළඳාම යන කුළුනු තුන එක් පටු ජල මාර්ගයක් හරහා ගමන් කරනු ලබන බව සැලකිල්ලට ලක් කිරීම මගින් චීන ආර්ථිකයේ ඇති මාරාන්තික දුර්වලතාවය අවබෝධ වනු ඇත.

දැන්, එම මර්මස්ථානය වට කර ඇති දේ දෙසට අවධානය යොමු කරමු. ඇමරිකානු මිත්‍ර පාක්ෂිකයින් වන්න්නේ ජපානය, දකුණු කොරියාව, තායිවානය සහ පිලිපීනයයි. මෙයයි එක්සත් ජනපද උපායිකයින්ගේ "පළමු දූපත් දාමය" ලෙස හඳුන්වයි. බොහෝ විශ්ලේශකයෝ එය ආරක්ෂක වැටක් ලෙස සලකති. නමුත් එම උපකල්පනය නිවැරදි නොවේ. "පළමු දූපත් දාමය" යනු සීමා කිරීමේ පද්ධතියකි.වඩාත් හොඳින් පැහැදිලි කරන්නේ නම් නැගෙනහිර ආසියාව තුළ චීනය සිර කිරීමට නිර්මාණය කරන ලද කූඩුව "පළමු දූපත් දාමය" වන්නේය.

ඒ අනුව ඇමරිකානු උපායමාර්ගය අතිශයින් සරලය.අමෙරිකාවේ ඉලක්කය චීනය ආක්‍රමණය කිරීම නොවේ.අමෙරිකාවේ ඉලක්කය වන්නේ චීනය ආර්ථික වශයෙන් හුස්ම හිර කිරීමයි. චීනය ඇමරිකානු ආධිපත්‍යය පිළිගන්නා තෙක් මෙම හිර කිරීම සිදු කරනු ඇත.

චීනයේ ගැලවීමේ සැලැස්ම

ඇත්ත වශයෙන්ම, චීනය මෙය තේරුම් ගෙන සිටී. චීනය මීට වසර ගණනාවකට පෙර සිටම මෙම තත්වය තේරුම් ගෙන ඇති බවක් දකින්නට ලැබේ. ඒ නිසා චීනය පසුගිය දශක දෙක පුරා "තීරයක් සහ මාවතක් මුලපිරීම" (BRI) ගොඩනැගීමට දැඩි අවධානය යොමු කළේය. "තීරයක් සහ මාවතක් මුලපිරීම" ආර්ථික සංවර්ධනය සඳහා ලෙසට වර නංවා ඇත.නමුත් සත්‍ය ඉන් ඔබ්බට විහිදෙන තත්වයකි. "තීරයක් සහ මාවතක් මුලපිරීම" යනු චීනය සතු ගැලවීමේ සැලැස්මයි. එනම් මධ්‍යම ආසියාව, පකිස්ථානය සහ අග්නිදිග ආසියාව හරහා ගොඩබිම් මාර්ග තැනීමේ උත්සාහයයි. එනම් සම්පූර්ණයෙන්ම මලක්කා සමුද්‍ර සන්ධිය මඟ හරින උපක්‍රමයයි.වෙනත් වචන වලින් පවසන්නේ නම් ඇමරිකානු නාවික බලයට පහසුවෙන් තර්ජනය කළ නොහැකි මාර්ග පද්ධතියක් ගොඩ නැගීමයි.

ගෝලීය වශයෙන් ගත් කළ "තීරයක් සහ මාවතක් මුලපිරීම" ව්‍යාපෘති යටපත් කිරීමට එක්සත් ජනපදය මෙතරම් ශක්තියක් වැය කරන්නේ මේ නිසාය. පකිස්ථානයට එරෙහි සෑම රාජ්‍ය තාන්ත්‍රික පීඩන ව්‍යාපාරයක්ම සහ චීන යටිතල පහසුකම් ආයෝජන පිළිගන්නා රටවලට එරෙහි සෑම සම්බාධක තර්ජනයක්ම මෙන්ම අනෙකුත් සියල්ල සම්පූර්ණ ඉන්දු-පැසිෆික් උපායමාර්ගය ඉලක්ක කර එකම අරමුණකට යොමුව තිබෙන ප්‍රපංචයකි. එනම්, ඉලක්කය චීනය ඇතුළතින් සිර කිරීමය.වඩාත් පැහැදිලිව පවසන්නේ නම් චීනයට ගැලවීමේ මාර්ග ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අරමුණු පෙරදැරිව ක්‍රියාත්මක වන උපාය මාර්ගික ව්‍යාපෘතියකි.

ඉරානයේ වක්‍ර බල ප්‍රහාරය

ඒ අතරම, යුරේෂියාවේ අනෙක් පැත්තේ සිටින ඉරානය ඇමරිකාවේ තවත් දුර්වලතාවක් හඳුනාගෙන ඇත. එනම්, බලශක්තිය මත අමෙරිකාව්නු ආර්ථික දේහයේ පරායත්තතාවය ඉරානය හොඳින් වටහාගෙන ඇත.

හෝමුස් සමුද්‍ර සන්ධිය ලෝකයේ වැදගත්ම බලශක්ති උගුල් ස්ථාන වලින් එකකි. ලෝකයේ තෙල්වලින් 20% ක් පමණ ප්‍රවාහනය කරන්නේ මෙම මාර්ගයෙනි. ගල්ෆ් රටවල් වන සවුදි අරාබිය, කටාර් රාජ්‍ය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කුවේට් රාජ්‍ය යන රටවල ආර්ථිකය සම්පූර්ණයෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය වන ඛනිජ තෙල් මත රඳා පවතී. නමුත් එම රාජ්‍ය වල පැවැත්ම තුල වන සැඟවුණු දුර්වලතාවයක් පවතී. එම රටවල් සියල්ල ඔවුන්ට අවශ්‍ය ආහාරවලින් 80-90%ක් අතර ප්‍රමානයක් ආනයනය කරති. ඔවුන්ට ධනය ඇත, නමුත් ජලය හෝ කෘෂිකර්මාන්තය නැත. ඔවුන්ගේ සමස්ත ආහාර සැපයුම මෙන්ම ආර්ථිකයම සම්පූර්ණයෙන්ම ගෝලීය නැව්ගත කිරීම මත යැපෙන තත්වයට පත්ව තිබේ.

ඉරානය සරලව එම ප්‍රවාහන මාර්ගවලට තර්ජනය කළහොත් කුමක් සිදුවන්නේද යන්න ඉතා සරලය. ඉරානයට නැව් ගිල්වීමට අවශ්‍ය වන්නේ නැත. ඉරානයට අවශ්‍ය වන්නේ බියක් ඇති කිරීම පමණි. රක්ෂණ සමාගම් හොමූස් සමුද්‍ර සන්ධිය හරහා වැටී ඇති නැව් මාර්ගය අනතුරුදායක යැයි තක්සේරු කළ පසු, ගෝලීය නැව්ගත කිරීම ස්වයංක්‍රීයවම වැසී යයි. භාණ්ඩ ප්‍රවාහන ගාස්තු පුපුරා යයි. බලශක්ති මිල ඉහළ යයි. කොටස් වෙළඳපොල තුළ සංත්‍රාසය ජනිත වේ.

ඉරානයට ඇමරිකාව හමුදාමය වශයෙන් පරාජය කිරීමට අවශ්‍ය නැත. ගෝලීය ආර්ථික සංත්‍රාසයක් ඇති කිරීමට තරම් ප්‍රමාණවත් කාලයක් පද්ධතිය කඩාකප්පල් කිරීම පමණක් අවශ්‍ය වන්නේය. එනම් ඉරානයට අවශ්‍ය වන්නේ සන්ධාන බිඳ දමන සංත්‍රාසයක් පමණි. ගෝලීය ආර්ථික පද්ධතියට සැලකිය යුතු කාලයක් බාධා කිරීමෙන් යුරෝපයේ, ආසියාවේ සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික භීතියක් ඇති කිරීම පමණක් ඉරානයට ප්‍රමාණවත් වේ. ඒ අනුව ඉහළම උපායික මට්ටමින් සැලකූ කළ ඉරානය සහ අමෙරිකාව අතරේ ඇත්තේ අසමමිතික යුද්ධයකි.

ස්වයංපෝෂිත හා ආරක්ෂිත ඇමරිකාව

මෙහිදී ලේඛනගත උපාය මාර්ගයේ වැදගත්කම පැහැදිලි වේ. RAND Corporation වැනි ඇමරිකානු උපායමාර්ගික ආයතන සහ Zbigniew Brzezinski වැනි චින්තකයන්ට අනුව, එක්සත් ජනපදය ඉදිරි සියවස තුළ පවතිනවාද නැද්ද යන්න තීරණය වන්නේ කරුණු දෙකකට අනුවයි. එනම්, කාර්මික බලය සහ අර්ධගෝලීය පාලනය මත බවයි.

වොෂින්ටනයට අවශ්‍ය වන්නේ බටහිර අර්ධගෝලය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කර ගැනීමටයි.එනම්, කැනඩාව, මෙක්සිකෝව, ග්‍රීන්ලන්තය, කැරිබියන් කලාපය, මධ්‍යම ඇමරිකාව සහ දකුණු ඇමරිකාව සම්පූරණයෙන්ම තමන්ට නතුව තබා ගැනීමටයි. මන්ද ඇමරිකාව අර්ධගෝලය ආරක්ෂා කර ගතහොත් පමණක් එය "ස්වයංපෝෂිත හා ආරක්ෂිත ඇමරිකාවක්" බවට පත් වේ. එනම්, බලශක්තියෙන් ස්වාධීන, ආහාර වලින් ස්වාධීන, සාගර දෙකකින් හමුදාමය වශයෙන් ආරක්ෂා කරන ලද, සහ ඕනෑම ප්‍රතිවාදියෙකුට වඩා දිගු කලක් ඉදිරියෙන් සිටීමට තරම් ආර්ථික වශයෙන් ස්වයංපෝෂිතවීම මගින් පමණක් ස්වයංපෝෂිත හා ආරක්ෂිත ඇමරිකාවක් ස්ථාපිත වේ.

මෙය අලුත් දෙයක් නොවේ. එය 1823 ඉදිරිපත් වුනු මොන්රෝ මූලධර්මයයි. මොන්රෝ මූල ධර්මය බහු ධ්‍රැවීය ලෝකයක් සඳහා පමණක් යාවත්කාලීන කර ඇත. අලුතින් එක් කළ කරුණ වන්නේ වන්නේ හදිසි අවශ්‍යතාවයයි. මෙම ස්ථාවරය තහවුරු කිරීමේ කවුළුව වැසෙමින් පවතින බව ඇමරිකානු උපාය මාර්ගික විශේෂඥයෝ අව්‍යාජ ලෙස විශ්වාස කරති. ග්‍රීන්ලන්තය, පනාමා ඇළ, මෙක්සිකෝව කෙරෙහි ඇති ආක්‍රමණශීලී ඉරියව්ව අහඹු ජාතිකවාදය නොවේ. මෙය මූලධර්මයක තාර්කික නිගමනයයි. එනම්, පළමුව පදනම ආරක්ෂා කරන්න. ඉන්පසු ශක්තිමත් ස්ථානයක සිට පරිධිය සමඟ සටන් කරන්න.

අත්‍යවශ්‍ය අධිරාජ්‍යය

ඒ සමඟම, එක්සත් ජනපදයට අවශ්‍ය වන්නේ එහි මිත්‍ර පාක්ෂිකයින් අධිරාජ්‍ය වෙනුවෙන් කලාපීය වශයෙන් යුද්ධ කිරීමට යොමු කරවීමයි. ඒ අනුව යුරෝපය රුසියාව පාලනය කිරීමට උත්සහා කරයි. ජපානය සහ දකුණු කොරියාව චීනය සීමා කිරීමට උත්සහා කරයි. ඊශ්‍රායලය සහ ගල්ෆ් රාජ්‍යන් ඉරානය සීමා කිරීමට කටයුතු කරමින් සිටියි.

ඒ අනුව, ඇමරිකාව කරමින් සිටින්නේ කුමක්ද? අමෙරිකාව යුද්ධ සඳහා මුදල් සපයයි. අමෙරිකාව ආයුධ අලෙවි කරයි. අමෙරිකාව නැව්ගත කිරීමේ මාර්ග පාලනය කරයි. අමෙරිකාවේ ප්‍රතිවාදීන් කලාපීය ගැටුම් වලදී ස්වයං වෙහෙසට පත් කරවන අතරතුර අමෙරිකාව ආර්ථික හා තාක්ෂණික වාසි උකහා ගනී.

බොහෝ දෙනෙක් සිතන්නේ මෙම යුද්ධ අහඹු යුද්ධ බවයි. ඒවා එසේ නොවේ. යුද්ධ කාර්මික බලමුලු ගැන්වීමක් ඇති කරයි. යුද්ධ ජාතීන් ණය මත යැපෙන්නන් බවට පත් කරයි. යුද්ධ සන්ධාන යැපීමකට බල කරනු ලබයි. රටකට ඇමරිකානු ආයුධ, ඇමරිකානු මූල්‍යකරණය, ඇමරිකානු බුද්ධි තොරතුරු අවශ්‍ය වූ අවස්ථාවේදී එම රට ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියට උපායශීලීව බැඳීමට බලකරයි. මෙයයි අමෙරිකාවේ බලය. එය ආක්‍රමණයේ බලය නොව "අත්‍යවශ්‍ය වීමේ" බලයයි.

භූ තැටි

එහෙත්, සමහර විශ්ලේශකයෝ ධවල මන්දිරයට සුසංයෝගී උපායමාර්ගයක් නැතැයි පවසති. එහෙත් එය වැරදි නිගමනයකි. අමෙරිකාව උපායමාර්ගයකට අනුව ක්‍රියාත්මක වේ. ප්‍රශ්නය නම් එය අතිශයින් භයානක වීමයි. කෙනෙකු ලෝකයේ කලාප කිහිපයක් හරහා එකවර පීඩන ලක්ෂ්‍යන් නිර්මාණය කිරීමට පටන් ගත් පසු, අවසානයේ එම ලක්ෂ්‍ය වලින් එකක් සීමාවෙන් බිඳ වැටේ.

ඒ අනුව තායිවාන සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් අමෙරිකාව වැරදි ගණනය කිරීමක සිටී. පර්සියානු ගල්ෆ් කලාපයේ අහඹු හමුදා සිද්ධියක් හෝ නැගෙනහිර යුරෝපයේ දේශසීමා සිද්ධියක් මගින් නේටෝ ප්‍රතිචාරයක් ඇති කර සිදුවීම් මාලාවක් ආරම්භ කළ හැකිය. එවැන්නක් ආරම්භ වූ පසු, කිසිවෙකුට ගැටුම අවශ්‍ය නොවුවද, තත්ත්වය ඉක්මනින්ම පාලනයෙන් තොර විය හැකි තත්වයකට වර්ධනය වනු ඇත.

එබැවින් සමහර භූ දේශපාලනික අවදානම් ආකෘතිවලට අනුව, පුළුල් ගෝලීය ගැටුමක සම්භාවිතාව දැන් බියජනක ලෙස ඉහළ මට්ටමකට එළෙඹෙමින් පවතී. ඉදිරි දශකය තුළ එය 80% සීමාවකට ළඟා විය හැකිය.එය එකම නායකයෙකුටවත් තුන්වන ලෝක යුද්ධය අවශ්‍ය නිසා නොවේ. නමුත් දිරිගැන්වීමේ ව්‍යුහයන් එකවරම ප්‍රධාන බලවතුන් සියල්ලන්ම ගැටුම කරා තල්ලු කරන නිසාය.

චීනයට ස්ථිර ආර්ථික හුස්ම හිරකිරීම පිළිගත නොහැකිය. ඉරානයට ස්ථිර වටලෑම පිළිගත නොහැකිය. රුසියාවට එහි දේශසීමා දෙසට අඛණ්ඩ නේටෝ ව්‍යාප්තිය පිළිගත නොහැකිය. එක්සත් ජනපදයට ඩොලර් ආධිපත්‍යය බිඳවැටීම පිළිගත නොහැකිය. මන්ද එලෙස අමෙරිකාවේ ඩොලර් ආධිපත්‍ය බිඳ වැටීම අමෙරිකාවේ සමස්ත ගෝලීය ස්ථාවරයට මුදල් සපයන මූල්‍ය ව්‍යුහය විසුරුවා හරිනු ඇත.

බලවතුන් සිව්දෙනාම එකිනෙකට එරෙහිව චලනය වන භූ තැටි මෙන් ගමන් කරති. පීඩනය ගොඩනැගෙමින් පවතී. ගතවන සෑම වසරකම පීඩනය සාමකාමී ආකාරයෙන් මුදා හැරීම වඩාත් දුෂ්කර තත්වයට පත් වනු ඇත.

පිරිහෙමින් යන බලයක අසරණ උත්සාහය

ඉතිහාසය අපට එක් අවසාන භයානක පාඩමක් උගන්වයි. පරිහානියට පත් වන අධිරාජ්‍යයන් වඩාත් භයානක වන්නේ ඔවුන්ගේ ආධිපත්‍ය මැකී යාමට පටන් ගෙන ඇති බව ඔවුන් තේරුම් ගන්නා මොහොතේ ය. එම අවස්ථාවේදී, ඔවුන් ගණනය කිරීම් කරන්නේ දිගුකාලීන සාමයට සාපේක්ෂව නොවේ. ඔවුන් ගණනය කිරීම් කරන්නේ පැවැත්මට අනුව ය.

තම බලය හෝ තත්ත්වය රැක ගැනීමට ඇති උත්සාහය අසරණභාවයක් ඇති කරනු ඇත. එම අසරණභාවය, දශකයකට පෙරදී සිතාගත නොහැකි අවදානම් ගැනීමට තරම් මිනිසුන් පෙළඹවිය හැකි වනු ඇත.

එවැනි බලාපොරොත්තු සුන්වීමක සේයාවන් මේ වන විට සමස්ත ලෝක පද්ධතිය පුරාම විසිරී ඇති බව නිරීක්ෂණය වේ. හමුදා ගොඩනැගීම්, ආර්ථික සම්බාධක, නාවික යෙදවීම්, වෙළඳ යුද්ධ, හදිසි සන්ධාන ගොඩනැගීම්, සතුරන් සහ ශිෂ්ටාචාර ගැටුම් පිළිබඳ උද්දච්ඡ කතා ඒවා අතර තිබෙන බව ඔබට මේ වන විට පෙනී යනු ඇත. මෙම තත්වය අහඹුවක් නොවේ. එනම් පෙර සූදානම් වීමකි.

බියකරු සත්‍ය නම්, සාමාන්‍ය ජනතාව මේවා හුදකලා සිදුවීම් බවත් ඒවා හුදු යුද්ධයකට හෝ වෙළෙඳ ආරවුලකට ලඝු කිරීමට තවමත් කටයුතු කරමින් සිටිති. නමුත් යථාර්ථයේදී, ඒවා සියල්ලම ත්වරණය වන එක් යෝධ භූ දේශපාලනික පරිවර්තනයක නූල් පටවල් වේ.

ලේඛනය අපට පැවසුවේ කුමක් සිදුවේද යන්නයි. සිතියම අපට පැවසුවේ කොහේද යන්නයි. ආර්ථිකය අපට පැවසුවේ ඇයි ද යන්නයි. එහෙත් ඉතිරිව ඇති එකම ප්‍රශ්නය නම්, මෙම තීරණ ගන්නා නායකයින්ට පද්ධතිය ආපසු හැරවිය නොහැකි තැනකට ළඟා වීමට පෙර ගැටුමට එළඹීමේ ඉමේ සිට ආපසු හැරීමට තරම් විනය සහ ප්‍රඥාව තිබේද යන්නයි.

අවාසනාවකට මෙන්, එම කාරණය සම්බන්ධයෙන් ඉතිහාසය අපට ශුභවාදී වීමට තරම් හේතු ලබා සපයන්නේ නැත.

මහාචාර්ය  Jiang Xueqin යනු චීන-කැනේඩියානු ඉතිහාසඥයෙකු, භූදේශපාලන විශ්ලේෂකයෙකු සහ අධ්‍යාපනඥයෙකු ලෙස කටයුතු කරන්නෙකි. ඔහු වර්තමානයේ වඩාත්ම කතාබහට ලක්වන භූදේශපාලන විශ්ලේෂක්යෙකුගෙන් කෙනෙකු වන අතර, ඔහු කළ නිවැරදි අනාවැකි හේතුවෙන් මාධ්‍ය විසින් ඔහුව "චීනයේ නොස්ට්රඩාමුස්" ලෙස හඳුන්වයි .

මහාචාර්ය   Jiang Xueqin යේල් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ දර්ශනය පිළිබඳ උපාධිධාරියෙකු වන අතර "Predictive History" නම් YouTube නාලිකාවේ නිර්මාතෘ සහ සත්කාරකයා ලෙස කටයුතු කරයි. ඔහුගේ භූදේශපාලන විශ්ලේෂණ Substack ඔස්සේ ද ප්‍රකාශයට පත් කරනු ලබන අතර "The Diary of A CEO", "Breaking Points"  වැනි ජනප්‍රිය පොඩ්කාස්ට් සහ සාකච්ඡා වැඩසටහන් වලට නිතර ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වේ.මහාචාර්ය ජියැන්ග් සාම්ප්‍රදායික අනාවැකිකරුවෙකු නොවේ. 2024 මැයි මාසයේදී ට්‍රම්ප් නැවත එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත්වන බව පුරෝකථනය කළ අතර එම අනාවැකිය 2025 දී සැබෑ විය.ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයේදී ඉරානය සමඟ මහා පරිමාණ ගැටුමක් ඇති කරන බවට ඔහු අනාවැකි පල කළ අතර 2026 මුල් භාගයේදී එ.ජ. සහ ඉරානය අතර සන්නද්ධ ගැටුම් ඇති විය. ඔහු කළ අනාවැකි සැබෑ වීමත් සමඟ, ඔහුගේ තෙවන අනාවැකිය වන "දිගු යුද්ධයකදී එක්සත් ජනපදය පරාජයට පත්වීම"—දැනට ලොව පුරා දැඩි අවධානයට ලක්ව ඇත .

ඉහත පලවන්නේ "America’s Biggest Geopolitical Gamble Has Started | America Made Most Dangerous Move"  නම් ප්‍රසිද්ධ දේශනය මත පදනම් වූ විශේෂාංග ලිපියයි. සැකසුම ජීවන්ත ජයතිස්ස


සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.