News Category
From Date
To Date
Maximum Number of Result

71 කැරැල්ලේදී ඇල්පිටිය පාලනය කළ කැරලිකරුවන්ගේ 'කොටන් ආණ්ඩුව'

May 31, 2026 at 07:22 AM
|

1971 අප්‍රේල් කැරැල්ලේ කැරලිකරුවන් රට පුරා යටත් කරගත් පොලිස් ස්ථාන සංඛ්‍යාව 05කි. ඒ දෙණියාය, ඌරගහ, රාජාංගන, වරකාපොල සහ කතරගමය. කලින් සඳහන් කළ පරිදි දෙණියාය දින 15ක් යටත් කරගත් කැරලිකරුවන් ගාල්ල දිස්ත්‍රික්කයේ ඌරගහ පොලිස් ස්ථානය යටත්කර ගැනීමෙන් පසු ඌරගහ, ඇල්පිටිය, පිටිගල සහ මීටියාගොඩ පොලිස් ප්‍රදේශ සිය පාලනයට නතු කර ගත්හ. ඒ අනුව එම ප්‍රදේශයන් 1971 අප්‍රේල් 06 සිට 23 අතර දින 17ක පමණ කාලයක් සම්පූර්ණයෙන්ම පැවතියේ කැරලිකරුවන්ගේ පාලනය අතේය. ඇතැමුන් එම දින 17 පාලනය හැදින්වූයේ ‘කොටන් ආණ්ඩුව‘ ලෙසිනි. 

ගාල්ල දිස්ත්‍රික්කය ජවිපෙට වඩාත් වැදගත් වන්නේ ජවිපෙ බහුතරයක් දේශපාලන මණ්ඩල සභිකයින්, දිස්ත්‍රික් නායකයින්, පූර්ණකාලීනයන්, සාමාජිකයින් සහ හිතවතුන් වැඩිම පිරිසක් සිටි දිස්ත්‍රික්කය එය බැවිණි. අම්බලන්ගොඩ සහ කරන්දෙණිය එහි කේන්ද්‍රස්ථානයන් විය. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අති බහුතර ජවිපෙ කාඩර්වරුන් බිහිකල දේශපාලන පාසැල් මෙන් විය. ඒ අතර කෙලී සේනානායක, අනුර රංජිත්, කිත්සිරි ගුණවර්ධන, සුනන්ද, ආනන්ද රාජපක්ෂ, කමනි, සම්පති, ධම්මිකා සිල්වා, රත්නසිරි ඇතුළු සිසු සිසුවියන් ගණනාවක්ම විය.  

@ කරන්දෙණිය පෙරමුණේ

ජවිපෙ දිස්ත්‍රික් ලේකම්වරුන් 6 දෙනෙකු බිහිවූයේද ගාල්ලේ කරන්දෙණියෙනි. ඉන් කැරැල්ලේදී ඝාතනයට පත්වූයේ වව්නියාවේ දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් සිටි කරන්දෙණිය මහඒදණ්ඩේ කුකුලා හන්දි ප්‍රේමරත්න පමණි. එමෙන්ම ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සිටි 12 දෙනාගෙන් සිව්දෙනෙකු ජන්ම ලාභය ලැබුවේද අම්බලන්ගොඩය. ඉන් දෙදෙනෙකු වූ අනුර රංජිත් සහ සුනන්ද දේශප්‍රිය මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරුන්ද විය.  

කැරැල්ල ආරම්භයට පෙරම පිටගැස්ම සඳහා බෙහෙත් විදගන්නා ලෙසට විජේවීර සිය ක්‍රියාකාරිකයින්ට දැනුම් දුන්නේය. විජේවීරද බටපොල ටී.ජේ. රාජපක්ෂ වෛද්‍යවරයාගේ නිවසට ගොස් එම එන්නත විද ගත්තේය. විජේවීර සමඟ එන්නත විඳගත් සෙසු පිරිස අතර, සිසිල්චන්ද්‍ර, සුබසීල කොඩිකාර සහ විමල් රංජිත් වඩුතන්ත්‍රිද විය. 

@ කැරැල්ලේ 2වැනි නායකයා

ජවිපෙ 71 කැරැල්ලේ 2වැනි නායකයා වූයේ ගෝනපිනුවල විතානගේ විජයසේන හෙවත් සනත් බොරළුකැටියය. අප්‍රේල් කැරැල්ලේදී ඇතැම් නායකයින් පසු බසිද්දී ගාලු දිස්ත්‍රික්කයේ සටන් මෙහෙයවූයේ සනත්ගේ නායකත්වයෙනි. හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කයන්ද ඔහුගේ භාරයේ විය.

සනත් උපන්නේ 1934 ජූලි 14 වැනිදාය. ඒ ගාල්ලේ අගුලුගහ ග්‍රාමයේය. ව්‍යාපාරිකයෙකු වූ ඔවුගේ පියා ලැන්ටි සිල්වාය. ඔහුට දූ දරුවන් 5කි. තෙවැනියා වුයේ සනත්ය. කුඩා කාලයේම සනත්ගේ මව මියගිය අතර සුළු මවගේ රැකවරණය යටතේ හැදී වැඩිණි. පසුව දොඩන්දූව වලමුල්ලට පදිංචියට පැමිණියහ. සනත් අධ්‍යාපනය ලැබුවේ දොඩන්දූව හෙන්නතොට විද්‍යාලයෙන් සහ තිරාණගම විද්‍යාලයෙනි. 

පසුව ගුරු විදුහලට ප්‍රවේශවීමේ විභාගයෙන් සමත් වූ සනත් බලපිටිය ගුරු විද්‍යාලයට ඇතුල් විය. ගුරු පුහුණුව අවසන් වීමෙන් පසු 1958දී සනත් ගේ මුල්ම පත්වීම ලැබුණේ මාතලේ පාසලකටය. එහෙත් පසුව විද්‍යාතිලක විදුහලට මාරුවක් ගනු ලැබීය. වඩුගේ ගුරුතුමා සනත්ට මෙහිදී දිරි දුන්නේය. අවසානයේ විජේවීර සමඟ ජවිපෙ ඉහළම නායකයින් 4 දෙනා වුයේ සනත්, ඩබ්ලිව්. ටී. කරුණාරත්න සහ නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුලය. පසු කළෙක ජවිපෙ දේශපාලන මණ්ඩලයේ තීන්දුවක් අනුව 1970 අප්‍රේල් 3 ගුරු වෘත්තියෙන් සමුගත් සනත් පූර්ණකාලීනයෙකු විය.

විජේවීර විසින් උණගස්වෙල ඉහළ පාරේ ගාමිණී බාස්ගේ නිවසේදී 1967 අගෝස්තු මස පවත්වන ලද කඳවුරෙන් පසු සුසිල් ලියනගේ, අයි.ඩී. පියසේන, පෙදරේරුවෙකු වන ස්ටීවන්ස් ද සිල්වා ඇතුලු කිහිපදෙනෙක්ම පූර්ණකාලීනයන් විය. පසුව 2වන පුහුණු කදවුරක් උණගස්වෙල පුංචිපද්දාවල 1968දී පී. එච්. මානියල් හෙවත් සුසිල් ලියනගේ මිත්තණියගේ නිවසේ පැවැත්විණි. කුරුදු කම්කරුවෙකු වූ ධනපාල, දෙඹරගොඩ ටී. එච්. රොමියෙල්, ඉලන්දාරි දේව නිල්සන් හෙවත් වැල්ලවායේ අනුර, ගුණසේන ප්‍රේමලාල්, ඉරුදුගේ ගුණපාල ආදී කිහිපදෙනෙකුම ඉන් පසු පූර්ණකාලීනයින් විය. පසුව තණමල්විල 1969 පැවති පුහුණු කඳවුරටද කරන්දෙණියෙන් විශාල පිරිසක් එක්ව සිටියහ. විජේවීර අවසන් වරට දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ රැස්වීමක් ගාල්ලේදී පවත්වන ලද්දේ 1971 ජනවාරි 04 වැනිදා ධර්මදාස ජයසිංහගේ නිවසේදීය.

@ ප්‍රේම සබදතා

විජේවීර සහ අම්බලන්ගොඩ යසෝමාගේ ප්‍රේම සම්බන්ධය නිසාද ගාලු දිස්ත්‍රික්කයේ ඇතැම් ක්‍රියාකාරීන් අතර ප්‍රශ්නයක් එක් පාර්ශවයක් විසින් ඇති කරන ලදී. ඒ වන විටද ජවිපෙ නායකයින් වූ  ලොකු අතුල - ටී.ඩී සිල්වාගේ දුව ධම්මිකා සමඟද, කුමානායක -ලොකු අතුලගේ නැඟනිය බ්‍රියට්‍රිස් සමඟද, නාරම්මල ජේමිස් සමරතුංග -හේමමාලි සමඟද, වසන්ත දිසානායක- කළුගල්ලේ සුජාතා හඳගම සමඟද, සරත් විජේසිංහ- පානදුරේ විට්ලින් ප්‍රනාන්දු සමඟද සම්බන්ධයක් ඇති බවට ප්‍රති පාර්ශවය චෝදනා කළේය. 

@ ඇල්පිටියේ නායකයා

ඇල්පිටිය සටන් නායකයා වූයේ උසස් පෙළ භූගෝල විද්‍යා ගුරුවරයෙකු ධර්මදාස ජයසිංහය. ඔහු පේරාදෙණිය සරසවියේ උපාධිධාරියෙකි.  ගාල්ල දිස්ත්‍රික් සටන් නායක ජගත් සහ පුත්තලම දිස්ත්‍රික් ලේකම් විල්සන්ගේ ගුරුවරයෙකු වූයේද ඔහුය. ගාල්ල යටගල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වූ ජයසිංහ ඇල්පිටිය ප්‍රදේශයේ සටන් නායකකත්වය සිදුකළ අතර කරන්දෙණිය උතුර එනම් මාදුගඟ ආශ්‍රිත මඩකුඹුර, උණගස්වෙළ, කැතියකන්ද සහ මාගල ඇතුලු ප්‍රදේශයන්හි නායකත්වය ගත්තේ රොබට් වික්‍රමසිංහය. ගුරුවරයෙකු වූ රොබට් ජවිපෙ 2වැනි කැරලි සමයේදී ඝාතනයට පත්විය.  

පසු කලෙක ජවිපෙ සංවර්ධන සභා මන්ත්‍රීවරයෙකු වූ ධර්මදාස ජයසිංහ 2004 වසරේදී බුද්ධගයා මහ මළුවේදී අටසිල් සමාදම්ව සිටි අවස්ථාවකදී එහි බද්ධගයාවේ හිමිනමක් විසින් ලියුම්කරුට හඳුන්වා දෙන ලදී. ඔහුගේ බිරියද ඒ සමඟ විය. අප මොහොතක කථාබහක නිරත විය. අතීත ක්‍රියාකාරකම් ආවර්ජනය කිරීම පිළිබඳව ඔහුගේ කැමැත්තක් නොවීය. 2000 මුල්භාගයේදී කරන්දෙණියේදී බෙහෙත් ශාලාවක් තුලදීම ඝාතනයට ලක්වූ තරුණ වෛද්‍යවරයා ඔහුගේ පුත්‍රයාය. 

ජවිපෙ ගාලු දිසා ලේකම් කරන්දෙණියේ සිරිපාල හෙවත් ජගත්, සහ යටගල මහා විදුහලේ විදුහල්පති ඇල්පිටියේ ධර්මදාස ජයසිංහ ඇල්පිටිය සටනේ නියමුවන් විය. ඌරගහ පොලිසිය ලංකාවෙන්ම යටත් කරගත් පොලිසි 5න් එකක් විය. එයට එක්වූයේ ඔහුන් සමඟින් ඕ. කේ. ජයවර්ධන, ලෙස්ලි ජයසිංහ,  තිලක් වික්‍රමසිංහ, ආරියපාල, රසේන්ද්‍ර, රොබට් වික‍්‍රමසිංහ සහ සෝමසිරි ඇතුළු පිරිසකි. 

ඇල්පිටිය පොලිසියට පහරදුන් 100 පමණ කණ්ඩායම ධර්මදාස ජයසිංහගේ නායකත්වයෙන් ශාන්ත මරියා විදුහලට රාත්‍රී 08ට පමණ එක්ව සිටියහ. ඔවුහු බහුතරය මණ්ඩකන්ද, යක්කඩුව, ඇත්කඳුර, කිරිපීල්ල යන ගම්මානවලට අයත්ය. ෂොට් ගන් 25ක් පමණ ඔවුන් අත විය. ඇල්පිටිය පොලිස් කොට්ඨාශ ලේකම් ප්‍රේමතුංගය. ඇල්පිටිය පොලිස් ස්ථානය යටත් කරගත් කැරලිකරුවන් එහි තිබූ රයිෆල් 08ක් ඇතුලු ආයුධ පැහැර ගත්හ. නිල් පැහැති කමිස කලිසම් වලින් සැරසුණු කැරලිකරුවන් අතර තරුණියන් 07ක්ද විය.   

කරන්දෙණිය පන්සල අසලදී හමුදාව වෙඩි තැබීමෙන් බොරකන්දේ මිලාන් සහ උණගස්වෙල කුලසේනද, පිටිගල ප්‍රහාරයේදී උණගස්වෙල වැහිහේනගේ ධර්මසේන, මණ්ඩකන්දේ ගුණදාස ගුණසිරිද ඝාතනය විය. රහස් පොලිසියේ නිලධාරින් දෙදෙනෙකුද කැරලිකරුවන්ගේ අත්අඩංගුවට පත්වීමෙන් පසු මරුමුවට පත්විය.  

උණගස්වෙල මඩකුඹුර, මහඒදණ්ඩ, බොරකන්ද, අංගම්විල වැනි ප්‍රදේශවලින් පමණක් 250ක පමණ පිරිසක් කරන්දෙණිය කුරුස හංදියට රැස්වූ අතර පසුව ඔවුන් 1971 අප්‍රේල් 05 රාත්‍රී 8ට පමණ අම්බලන්ගොඩට ගිය බවය. ප්‍රථම ප්‍රහාරයේදී වතුගෙදර සමරු පොත්හලේ හිමිකරුගේ සොහොයුරෙක් මියගිය අතර උදෑසන යළි එකතු වී 25ක පමණ කණ්ඩායමක්  වාහනවලින් ඌරගහ පොලිසියට ගියහ. පොලිස් සැරයන් මෙන්ඩිස්ගේ ප්‍රධානත්වයෙන් උණගස්වෙල හන්දියේ කළ ප්‍රහාරයෙන් දෙපිරිසේම පිරිසකට තුවාල සිදුවිය.

මහජන බැංකුව කඩා මුදල්ද ලබාගන්නා ලදී. ඇතැමුන් නිවෙස් කොල්ලකෑහ. එසේ කොල්ලකෑම් නොකරන ලෙසද වාහනවලින් කැරලිකරුවන් නිවේදනය කරන ලදී. ඌරගස්මංහන්දිය, කරන්දෙණිය සහ ඇල්පිටිය සමූපකාර ගබඩා විවෘත කර ඒවායේ ආහාර ද්‍රව්‍ය සලාක ක්‍රමයට බෙදා දෙන ලදී.  

@ ඇල්පිටිය රෝහලේ ඛේදවාචකයක්

කැරලිකරුවන්ගේ වෙඩි පහරකට ලක්ව අසාධ්‍ය තත්වයෙන් සිටි පොලිස් නිලධාරියෙකු ඇල්පිටිය රෝහලට ඇතුළත් කරන ලදී. මෙය ආරංචි වූ කැරලිකරුවන් පිරිසක් රෝහල තුළට කඩා වැදී ඔහු ඝාතනය කිරීමට පැමිණියේය. රෝහලේ වෛද්‍යවරුන් විසින් එම රෝගියා කැරලිකරුවන්ගෙන් බේරා ගැනීමට මාතෘ වාට්ටුවට ගෙන ගොස් සඟවා තබා ගන්නා ලදී. එහෙත් එහි පැමිණි කැරලිකරුවන් පොලිස් නිලධාරියාට වෙඩි තබා ඝාතනය කළ බව සිද්ධිය සියැසින් දුටු එහි සිටි වින්නඹු නිලධාරිනියක් වන දෝන ඇඩ්ලින් ආටිගල ලියුම්කරුට හෙළි කළාය.  මෙයට අදාළ මිනීමැරුම විභාග කළ අපරාධ යුක්ති කොමිසම එම චූදිතයන් පිරිසට දඬුවම් ලබාදෙන ලදී. 

ගාල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ 1971 ප්‍රබලතම ක්‍රියාකාරීන් අතර අම්බලන්ගොඩදී 1941 ජනවාරි 04 උපන් සන්ද්‍රා මරක්කල සැම්සන් සිරිපාල ද සිල්වා හෙවත් කරාතේ සැම්සන්ද විය. යාපනයේ බන්ධනාගාරයේ සිටි විජේවීර නිදහස් කරගැනීමට යාපනය ගිය එක් කණ්ඩායමක නායකයා වූයේ ඔහුය. ලියුම්කරු සැම්සන්ද හමුවිය. ජවිපෙ කඳවුරු 27කදී තමා ආත්මාරක්ෂක සටන් සහ ව්‍යායාම ඉගැන්වීමද ඔහු විසින් සිදුකළ බව ඔහු පවසන ලදී. කැරැල්ලේ පරාදයෙන් පසු වරදකරුවෙකු වූ සැම්සන් 1977 ජූනි 07 නිදහස් විය. ජවිපෙ ඇතැම් අඩුපාඩු තිබුණද තමා තවමත් ජවිපෙ සමඟ සිටින බව ඔහු අවධාරණය කළේය. තිදරු පියෙකු වූ සැම්සන් ජවිපෙ සියළු මැතිවරණ වල ක්‍රියාකාරිකයෙකු විය. සෞදි රැකියාවක නිරත වී වසර 06ක කාලයක් ගත කර ඇති ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ 1984 අගෝස්තු 14ය.

@ පැමිණිලිවලට විසදුම්

කැරලිකරුවන් පිටිගල ඇතුළු පොලිස් බල ප්‍රදේශ 05ක් පාලනය කළ දින 17ක කාලය තුළ ජනතාවගේ ආරවුල් විසදීමට සඳහා පැමිණිලි අසා විසදුම්ද ලබාදෙන ලදී. එම කාලය තුළ ජනතාව ආරවුල් පිළිබඳව බොහෝ පැමිණිලි ඔවුන් වෙත ඉදිරිපත් කරන ලදී. ඉන් බහුතරයක්ම ඉඩම් සහ පෞද්ගලික ආරවුල් වේ. ඉන් ප්‍රමුඛත්වයක් ගනු ලැබුවේ පනාපිටිය ගම්මානයේ ගවයින් පැහැරගෙන යනු ලැබූ අසරප්පා මුදලාලිට දුන් දඬුවමයි. මෙම ආරවුල් විසදුවේ ලැබුණු පැමිණිලි මත පමණි. 

@ මූල කඳවුරු විසුරවයි

බටපොල ඉදිකැටියේ මූල කඳවුරේ 220ක් පමණ සිටි අතර මැයි ආරම්භයේදී ආරක්ෂක අංශ මගින් ඉහළින් සහ පහළින් ප්‍රහාර දියත් කරන ලදී. එහිදී මඩකුඹුරේ විජේසිරි ඇතුළු කැරලිකරුවන් තිදෙනෙක් මරුමුවට පත්විය. පසුව පිරිස නෙළුව යට්ටපාත හරහා සිංහරාජයට පසු බැස්සේය. එවිට කණ්ඩායම 100ක් පමණ විය. බෝම්බ ප්‍රහාර එල්ලවන විට එම කණ්ඩායම කුඩා කණ්ඩායම් 11කට පමණ කැඩී ගියේය. බෙරලිය මූකලානේ 1971 මැයි 29 වැනිදා සියලු කණ්ඩායම් විසුරුවා හැර පෞද්ගලික ආරක්ෂාව සලසා ගන්නා මෙන් එහිදී ඉල්ලා සිටියහ. දිස්ත්‍රික්කය පුරාම කැරලිකරුවන්ගේ විශාල නිවෙස් ප්‍රමාණයක් ගිනිතබා විනාශ කරන ලදී. මිනී මැරීම් සහ අනියම් මිනී මැරීම් චෝදනාවට ලක්වූ 04 දෙනෙකුට පසුව අපරාධ යුක්ති  කොමිසම මගින් දඬුවම් නියම විය. 

@ බද්දේගම කමලබන්දු

 ගාල්ල දිස්ත්‍රික්කයේ 71දී සිදුවූ සිදුවීම් වලින් වඩාත් අනුවේදිනීය සිද්ධිය වූයේ බද්දේගම කමලබන්දු ඝාතනයයි. ලියුම්කරු කමලබන්දුගේ සොහොයුරිය කේ. එම් හින්නිහාමි සමඟ කමලබන්දුගේ අතීතය ආවර්ජනය කළේය. ගොවියෙකු වූ ඔහුගේ පියා හෙන්ද්‍රික් වූ අතර මව හෙට්ටිවත්තගේ කිරිස්තිනා විය. සොයුරු සොයුරියන් 7කි. ජවිපෙ 1971 අප්‍රේල් කැරැල්ලේදී බද්දේගම පොලිස් කොට්ඨාශ ලේකම්වරයා වූ කොඩිතුවක්කු මද්දගේ කමලබන්දු උපන්නේ බද්දේගම ගිනිමැල්ලගහ ගමේ කුරදූවේදී 1948 ජුනි 05ය.

බද්දේගම තෙලිකඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් විද්‍යා විෂයන් හැදෑරූ ඔහු ජවිපෙට 1966දී එක්වූයේ වත්තලදී හමුවූ සමරරත්න විතාන ආරච්චිගේ පියතිලක හරහාය. බද්දේගමදී කමලබන්දු ගේ සමීපතම සඟයන් වූයේ ගුණපාල ගුරුගේ සහ කේ. කේ ධර්මසේනය. කිරින්දේ ගොවිපොලේ ජවිපෙ පූර්ණකාලීනයෙකු වූ කමලබන්දු 1971 අප්‍රේල් 5 කැරලි කණ්ඩායමක් සමඟ බද්දේගම පොලිසියට පහරදීමට 11 කණ්ඩායමක් සමඟ ගියද එය අසාර්ථක විය. පසුව 1971 අප්‍රේල් 10වැනිදා බද්දේගම ජවිපෙ ක්‍රියාකාරිකයින් සමඟ මීටියාගොඩ පිහිටි බටපොල කැරලිකරුවන් ගේ කඳවුරට එක්වූ කමලබන්දු හික්කඩුව පොලිිසියට පහරදීමට යන අතර මඟදී ගැමියන් සමඟ ඇතිවූ ගැටුමකදී වෙඩි ප‍්‍රහාරයකට ලක්වීමෙන් කකුලේ උඩ කොටස තුවාල විය. මීටියාගොඩ කඳවුර 1971 අප්‍රේල් 25  විසිරුවා සිංහරාජ වනාන්තරයට පසුබැසීමට එහි නායකයා වූ මීටියාගොඩ පොලිස් කොට්ඨාශ ලේකම් නිමල් කොඩිතුවක්කු ඇතුළු ක්‍රියාකාරිකයින් තීරණය කළේය. 

පසුව කැරලිකරුවන් පිරිසක් සමඟ සිංහරාජයට පසුබැස ගිය කමලබන්දු ඇතුළු කණ්ඩායමට 1971 අප්‍රේල් 26 අම්බන කැලේදී එල්ල වූ වෙඩි ප‍්‍රහාරයෙන් 7 දෙනෙකු මරණයට පත්වී පිරිසක් තුවාල ලැබූහ. යළි ආරක්ෂිත ස්ථාන කරා යමින් සිටි කමලබන්දු පොලිස් අත්අඩංගුවට පත්වූයේ මාජුවනා සේරසිංහ ගේ ඔත්තුවක් අනුව උඩුගමදීය. පසුව ගාල්ල පොලිසියටත් පසුව බද්දේගම පොලිසියටත් ගෙන ආ කමලබන්දු තිරස්චින වධබන්ධන වලට ලක්වූ අතර එහෙත් කිසිවෙකු පවානොදීම නිසා අවසානයේ හිස කඳින් වෙන්වන සේ වෙන්කරන ලදී. පසුව සිරුර තෙලිකඩ ගඟේ ගසාගෙන යද්දී එය කිහිප දෙනෙකුට හඳුනාගැනීමට හැකිවිය. 

@ නායකයෙකුගේ සමුගැන්ම

කැරැල්ලේ පරාජයෙන් පසු ගාල්ලේ කැරලිකරුවන් සිංහරාජයට පසු බැස්සේය. එහිදී යට්ටපාත හරහා නෙළුව කන්ද අසළ හිතවංශගේ බාප්පාගේ නිවසට යෑමේදී ජවිපෙ 71 කැරැල්ලේ 2වැනි නායකයා වූ සනත් බොරළුකැටිය ඇතුළු තිදෙනෙක් බටුවන්ගලදී ගම්වැසියන් විසින් අල්ලාගෙන උඩුගම පොලිසියට භාරදෙන ලදී. පසුව ඔවුන්ටම කියා වලක් කපාගෙන වෙඩිතබා ඝාතනය කර එම වලටම දැමූ බව කියති. ඒ 1971 අප්‍රේල් 23ය. අප්‍රේල් කැරැල්ලේදී මියගිය ජවිපෙ ඉහළම නායකයා සනත් විය. එවකට සනත් පදිංචිව සිට බද්දේගම පතන හන්දියේ නිවසද ගිනිබත් කරන ලදී. සනත්ගේ බිරිය ඇලිස් කොඩිතුවක්කුය. මියයන විට සනත් සිව්දරු පියෙකි. ලියුම්කරු හික්කඩුවට ගොස් සනත්ගේ බිරිය සහ ඔහුගේ දූ දරුවන්ද හමුවිය.

ජවිපෙ 71 කැරලිකරුවන් අත්පත් කරගත් තවත් පොලිස් ස්ථානයක් වූයේ රාජාංගනය පොලිස් ස්ථානයයි. එය අයත් වූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයටය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැරලි නායකයින් සහ ක්‍රියාකාරිකයින් හමුවූ ලියුම්කරු ඒ පිලිබඳව ලියන 1971 අප්‍රේල් කැරැල්ලේ සිදුවීම් ජාලයේ තවත් කොටසක් ඉදිරියේ ඔබ හමුවට එනු ඇත. 

- ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne

(2026 මැයි 31වන ඉරිදා, 'ඉරිදා ලංකාදීප')

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.