News Category
From Date
To Date
Maximum Number of Result

71 කැරැල්ලේදී ඇල්පිටිය පාලනය කළ කැරලිකරුවන්ගේ 'කොටන් ආණ්ඩුව'

May 31, 2026 at 07:22 AM
|

1971 අප්‍රේල් කැරැල්ලේ කැරලිකරුවන් රට පුරා යටත් කරගත් පොලිස් ස්ථාන සංඛ්‍යාව 05කි. ඒ දෙණියාය, ඌරගහ, රාජාංගන, වරකාපොල සහ කතරගමය. කලින් සඳහන් කළ පරිදි දෙණියාය දින 15ක් යටත් කරගත් කැරලිකරුවන් ගාල්ල දිස්ත්‍රික්කයේ ඌරගහ පොලිස් ස්ථානය යටත්කර ගැනීමෙන් පසු ඌරගහ, ඇල්පිටිය, පිටිගල සහ මීටියාගොඩ පොලිස් ප්‍රදේශ සිය පාලනයට නතු කර ගත්හ. ඒ අනුව එම ප්‍රදේශයන් 1971 අප්‍රේල් 06 සිට 23 අතර දින 17ක පමණ කාලයක් සම්පූර්ණයෙන්ම පැවතියේ කැරලිකරුවන්ගේ පාලනය අතේය. ඇතැමුන් එම දින 17 පාලනය හැදින්වූයේ ‘කොටන් ආණ්ඩුව‘ ලෙසිනි. 

ගාල්ල දිස්ත්‍රික්කය ජවිපෙට වඩාත් වැදගත් වන්නේ ජවිපෙ බහුතරයක් දේශපාලන මණ්ඩල සභිකයින්, දිස්ත්‍රික් නායකයින්, පූර්ණකාලීනයන්, සාමාජිකයින් සහ හිතවතුන් වැඩිම පිරිසක් සිටි දිස්ත්‍රික්කය එය බැවිණි. අම්බලන්ගොඩ සහ කරන්දෙණිය එහි කේන්ද්‍රස්ථානයන් විය. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අති බහුතර ජවිපෙ කාඩර්වරුන් බිහිකල දේශපාලන පාසැල් මෙන් විය. ඒ අතර කෙලී සේනානායක, අනුර රංජිත්, කිත්සිරි ගුණවර්ධන, සුනන්ද, ආනන්ද රාජපක්ෂ, කමනි, සම්පති, ධම්මිකා සිල්වා, රත්නසිරි ඇතුළු සිසු සිසුවියන් ගණනාවක්ම විය.  

@ කරන්දෙණිය පෙරමුණේ

ජවිපෙ දිස්ත්‍රික් ලේකම්වරුන් 6 දෙනෙකු බිහිවූයේද ගාල්ලේ කරන්දෙණියෙනි. ඉන් කැරැල්ලේදී ඝාතනයට පත්වූයේ වව්නියාවේ දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් සිටි කරන්දෙණිය මහඒදණ්ඩේ කුකුලා හන්දි ප්‍රේමරත්න පමණි. එමෙන්ම ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සිටි 12 දෙනාගෙන් සිව්දෙනෙකු ජන්ම ලාභය ලැබුවේද අම්බලන්ගොඩය. ඉන් දෙදෙනෙකු වූ අනුර රංජිත් සහ සුනන්ද දේශප්‍රිය මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරුන්ද විය.  

කැරැල්ල ආරම්භයට පෙරම පිටගැස්ම සඳහා බෙහෙත් විදගන්නා ලෙසට විජේවීර සිය ක්‍රියාකාරිකයින්ට දැනුම් දුන්නේය. විජේවීරද බටපොල ටී.ජේ. රාජපක්ෂ වෛද්‍යවරයාගේ නිවසට ගොස් එම එන්නත විද ගත්තේය. විජේවීර සමඟ එන්නත විඳගත් සෙසු පිරිස අතර, සිසිල්චන්ද්‍ර, සුබසීල කොඩිකාර සහ විමල් රංජිත් වඩුතන්ත්‍රිද විය. 

@ කැරැල්ලේ 2වැනි නායකයා

ජවිපෙ 71 කැරැල්ලේ 2වැනි නායකයා වූයේ ගෝනපිනුවල විතානගේ විජයසේන හෙවත් සනත් බොරළුකැටියය. අප්‍රේල් කැරැල්ලේදී ඇතැම් නායකයින් පසු බසිද්දී ගාලු දිස්ත්‍රික්කයේ සටන් මෙහෙයවූයේ සනත්ගේ නායකත්වයෙනි. හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කයන්ද ඔහුගේ භාරයේ විය.

සනත් උපන්නේ 1934 ජූලි 14 වැනිදාය. ඒ ගාල්ලේ අගුලුගහ ග්‍රාමයේය. ව්‍යාපාරිකයෙකු වූ ඔවුගේ පියා ලැන්ටි සිල්වාය. ඔහුට දූ දරුවන් 5කි. තෙවැනියා වුයේ සනත්ය. කුඩා කාලයේම සනත්ගේ මව මියගිය අතර සුළු මවගේ රැකවරණය යටතේ හැදී වැඩිණි. පසුව දොඩන්දූව වලමුල්ලට පදිංචියට පැමිණියහ. සනත් අධ්‍යාපනය ලැබුවේ දොඩන්දූව හෙන්නතොට විද්‍යාලයෙන් සහ තිරාණගම විද්‍යාලයෙනි. 

පසුව ගුරු විදුහලට ප්‍රවේශවීමේ විභාගයෙන් සමත් වූ සනත් බලපිටිය ගුරු විද්‍යාලයට ඇතුල් විය. ගුරු පුහුණුව අවසන් වීමෙන් පසු 1958දී සනත් ගේ මුල්ම පත්වීම ලැබුණේ මාතලේ පාසලකටය. එහෙත් පසුව විද්‍යාතිලක විදුහලට මාරුවක් ගනු ලැබීය. වඩුගේ ගුරුතුමා සනත්ට මෙහිදී දිරි දුන්නේය. අවසානයේ විජේවීර සමඟ ජවිපෙ ඉහළම නායකයින් 4 දෙනා වුයේ සනත්, ඩබ්ලිව්. ටී. කරුණාරත්න සහ නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුලය. පසු කළෙක ජවිපෙ දේශපාලන මණ්ඩලයේ තීන්දුවක් අනුව 1970 අප්‍රේල් 3 ගුරු වෘත්තියෙන් සමුගත් සනත් පූර්ණකාලීනයෙකු විය.

විජේවීර විසින් උණගස්වෙල ඉහළ පාරේ ගාමිණී බාස්ගේ නිවසේදී 1967 අගෝස්තු මස පවත්වන ලද කඳවුරෙන් පසු සුසිල් ලියනගේ, අයි.ඩී. පියසේන, පෙදරේරුවෙකු වන ස්ටීවන්ස් ද සිල්වා ඇතුලු කිහිපදෙනෙක්ම පූර්ණකාලීනයන් විය. පසුව 2වන පුහුණු කදවුරක් උණගස්වෙල පුංචිපද්දාවල 1968දී පී. එච්. මානියල් හෙවත් සුසිල් ලියනගේ මිත්තණියගේ නිවසේ පැවැත්විණි. කුරුදු කම්කරුවෙකු වූ ධනපාල, දෙඹරගොඩ ටී. එච්. රොමියෙල්, ඉලන්දාරි දේව නිල්සන් හෙවත් වැල්ලවායේ අනුර, ගුණසේන ප්‍රේමලාල්, ඉරුදුගේ ගුණපාල ආදී කිහිපදෙනෙකුම ඉන් පසු පූර්ණකාලීනයින් විය. පසුව තණමල්විල 1969 පැවති පුහුණු කඳවුරටද කරන්දෙණියෙන් විශාල පිරිසක් එක්ව සිටියහ. විජේවීර අවසන් වරට දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ රැස්වීමක් ගාල්ලේදී පවත්වන ලද්දේ 1971 ජනවාරි 04 වැනිදා ධර්මදාස ජයසිංහගේ නිවසේදීය.

@ ප්‍රේම සබදතා

විජේවීර සහ අම්බලන්ගොඩ යසෝමාගේ ප්‍රේම සම්බන්ධය නිසාද ගාලු දිස්ත්‍රික්කයේ ඇතැම් ක්‍රියාකාරීන් අතර ප්‍රශ්නයක් එක් පාර්ශවයක් විසින් ඇති කරන ලදී. ඒ වන විටද ජවිපෙ නායකයින් වූ  ලොකු අතුල - ටී.ඩී සිල්වාගේ දුව ධම්මිකා සමඟද, කුමානායක -ලොකු අතුලගේ නැඟනිය බ්‍රියට්‍රිස් සමඟද, නාරම්මල ජේමිස් සමරතුංග -හේමමාලි සමඟද, වසන්ත දිසානායක- කළුගල්ලේ සුජාතා හඳගම සමඟද, සරත් විජේසිංහ- පානදුරේ විට්ලින් ප්‍රනාන්දු සමඟද සම්බන්ධයක් ඇති බවට ප්‍රති පාර්ශවය චෝදනා කළේය. 

@ ඇල්පිටියේ නායකයා

ඇල්පිටිය සටන් නායකයා වූයේ උසස් පෙළ භූගෝල විද්‍යා ගුරුවරයෙකු ධර්මදාස ජයසිංහය. ඔහු පේරාදෙණිය සරසවියේ උපාධිධාරියෙකි.  ගාල්ල දිස්ත්‍රික් සටන් නායක ජගත් සහ පුත්තලම දිස්ත්‍රික් ලේකම් විල්සන්ගේ ගුරුවරයෙකු වූයේද ඔහුය. ගාල්ල යටගල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වූ ජයසිංහ ඇල්පිටිය ප්‍රදේශයේ සටන් නායකකත්වය සිදුකළ අතර කරන්දෙණිය උතුර එනම් මාදුගඟ ආශ්‍රිත මඩකුඹුර, උණගස්වෙළ, කැතියකන්ද සහ මාගල ඇතුලු ප්‍රදේශයන්හි නායකත්වය ගත්තේ රොබට් වික්‍රමසිංහය. ගුරුවරයෙකු වූ රොබට් ජවිපෙ 2වැනි කැරලි සමයේදී ඝාතනයට පත්විය.  

පසු කලෙක ජවිපෙ සංවර්ධන සභා මන්ත්‍රීවරයෙකු වූ ධර්මදාස ජයසිංහ 2004 වසරේදී බුද්ධගයා මහ මළුවේදී අටසිල් සමාදම්ව සිටි අවස්ථාවකදී එහි බද්ධගයාවේ හිමිනමක් විසින් ලියුම්කරුට හඳුන්වා දෙන ලදී. ඔහුගේ බිරියද ඒ සමඟ විය. අප මොහොතක කථාබහක නිරත විය. අතීත ක්‍රියාකාරකම් ආවර්ජනය කිරීම පිළිබඳව ඔහුගේ කැමැත්තක් නොවීය. 2000 මුල්භාගයේදී කරන්දෙණියේදී බෙහෙත් ශාලාවක් තුලදීම ඝාතනයට ලක්වූ තරුණ වෛද්‍යවරයා ඔහුගේ පුත්‍රයාය. 

ජවිපෙ ගාලු දිසා ලේකම් කරන්දෙණියේ සිරිපාල හෙවත් ජගත්, සහ යටගල මහා විදුහලේ විදුහල්පති ඇල්පිටියේ ධර්මදාස ජයසිංහ ඇල්පිටිය සටනේ නියමුවන් විය. ඌරගහ පොලිසිය ලංකාවෙන්ම යටත් කරගත් පොලිසි 5න් එකක් විය. එයට එක්වූයේ ඔහුන් සමඟින් ඕ. කේ. ජයවර්ධන, ලෙස්ලි ජයසිංහ,  තිලක් වික්‍රමසිංහ, ආරියපාල, රසේන්ද්‍ර, රොබට් වික‍්‍රමසිංහ සහ සෝමසිරි ඇතුළු පිරිසකි. 

ඇල්පිටිය පොලිසියට පහරදුන් 100 පමණ කණ්ඩායම ධර්මදාස ජයසිංහගේ නායකත්වයෙන් ශාන්ත මරියා විදුහලට රාත්‍රී 08ට පමණ එක්ව සිටියහ. ඔවුහු බහුතරය මණ්ඩකන්ද, යක්කඩුව, ඇත්කඳුර, කිරිපීල්ල යන ගම්මානවලට අයත්ය. ෂොට් ගන් 25ක් පමණ ඔවුන් අත විය. ඇල්පිටිය පොලිස් කොට්ඨාශ ලේකම් ප්‍රේමතුංගය. ඇල්පිටිය පොලිස් ස්ථානය යටත් කරගත් කැරලිකරුවන් එහි තිබූ රයිෆල් 08ක් ඇතුලු ආයුධ පැහැර ගත්හ. නිල් පැහැති කමිස කලිසම් වලින් සැරසුණු කැරලිකරුවන් අතර තරුණියන් 07ක්ද විය.   

කරන්දෙණිය පන්සල අසලදී හමුදාව වෙඩි තැබීමෙන් බොරකන්දේ මිලාන් සහ උණගස්වෙල කුලසේනද, පිටිගල ප්‍රහාරයේදී උණගස්වෙල වැහිහේනගේ ධර්මසේන, මණ්ඩකන්දේ ගුණදාස ගුණසිරිද ඝාතනය විය. රහස් පොලිසියේ නිලධාරින් දෙදෙනෙකුද කැරලිකරුවන්ගේ අත්අඩංගුවට පත්වීමෙන් පසු මරුමුවට පත්විය.  

උණගස්වෙල මඩකුඹුර, මහඒදණ්ඩ, බොරකන්ද, අංගම්විල වැනි ප්‍රදේශවලින් පමණක් 250ක පමණ පිරිසක් කරන්දෙණිය කුරුස හංදියට රැස්වූ අතර පසුව ඔවුන් 1971 අප්‍රේල් 05 රාත්‍රී 8ට පමණ අම්බලන්ගොඩට ගිය බවය. ප්‍රථම ප්‍රහාරයේදී වතුගෙදර සමරු පොත්හලේ හිමිකරුගේ සොහොයුරෙක් මියගිය අතර උදෑසන යළි එකතු වී 25ක පමණ කණ්ඩායමක්  වාහනවලින් ඌරගහ පොලිසියට ගියහ. පොලිස් සැරයන් මෙන්ඩිස්ගේ ප්‍රධානත්වයෙන් උණගස්වෙල හන්දියේ කළ ප්‍රහාරයෙන් දෙපිරිසේම පිරිසකට තුවාල සිදුවිය.

මහජන බැංකුව කඩා මුදල්ද ලබාගන්නා ලදී. ඇතැමුන් නිවෙස් කොල්ලකෑහ. එසේ කොල්ලකෑම් නොකරන ලෙසද වාහනවලින් කැරලිකරුවන් නිවේදනය කරන ලදී. ඌරගස්මංහන්දිය, කරන්දෙණිය සහ ඇල්පිටිය සමූපකාර ගබඩා විවෘත කර ඒවායේ ආහාර ද්‍රව්‍ය සලාක ක්‍රමයට බෙදා දෙන ලදී.  

@ ඇල්පිටිය රෝහලේ ඛේදවාචකයක්

කැරලිකරුවන්ගේ වෙඩි පහරකට ලක්ව අසාධ්‍ය තත්වයෙන් සිටි පොලිස් නිලධාරියෙකු ඇල්පිටිය රෝහලට ඇතුළත් කරන ලදී. මෙය ආරංචි වූ කැරලිකරුවන් පිරිසක් රෝහල තුළට කඩා වැදී ඔහු ඝාතනය කිරීමට පැමිණියේය. රෝහලේ වෛද්‍යවරුන් විසින් එම රෝගියා කැරලිකරුවන්ගෙන් බේරා ගැනීමට මාතෘ වාට්ටුවට ගෙන ගොස් සඟවා තබා ගන්නා ලදී. එහෙත් එහි පැමිණි කැරලිකරුවන් පොලිස් නිලධාරියාට වෙඩි තබා ඝාතනය කළ බව සිද්ධිය සියැසින් දුටු එහි සිටි වින්නඹු නිලධාරිනියක් වන දෝන ඇඩ්ලින් ආටිගල ලියුම්කරුට හෙළි කළාය.  මෙයට අදාළ මිනීමැරුම විභාග කළ අපරාධ යුක්ති කොමිසම එම චූදිතයන් පිරිසට දඬුවම් ලබාදෙන ලදී. 

ගාල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ 1971 ප්‍රබලතම ක්‍රියාකාරීන් අතර අම්බලන්ගොඩදී 1941 ජනවාරි 04 උපන් සන්ද්‍රා මරක්කල සැම්සන් සිරිපාල ද සිල්වා හෙවත් කරාතේ සැම්සන්ද විය. යාපනයේ බන්ධනාගාරයේ සිටි විජේවීර නිදහස් කරගැනීමට යාපනය ගිය එක් කණ්ඩායමක නායකයා වූයේ ඔහුය. ලියුම්කරු සැම්සන්ද හමුවිය. ජවිපෙ කඳවුරු 27කදී තමා ආත්මාරක්ෂක සටන් සහ ව්‍යායාම ඉගැන්වීමද ඔහු විසින් සිදුකළ බව ඔහු පවසන ලදී. කැරැල්ලේ පරාදයෙන් පසු වරදකරුවෙකු වූ සැම්සන් 1977 ජූනි 07 නිදහස් විය. ජවිපෙ ඇතැම් අඩුපාඩු තිබුණද තමා තවමත් ජවිපෙ සමඟ සිටින බව ඔහු අවධාරණය කළේය. තිදරු පියෙකු වූ සැම්සන් ජවිපෙ සියළු මැතිවරණ වල ක්‍රියාකාරිකයෙකු විය. සෞදි රැකියාවක නිරත වී වසර 06ක කාලයක් ගත කර ඇති ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ 1984 අගෝස්තු 14ය.

@ පැමිණිලිවලට විසදුම්

කැරලිකරුවන් පිටිගල ඇතුළු පොලිස් බල ප්‍රදේශ 05ක් පාලනය කළ දින 17ක කාලය තුළ ජනතාවගේ ආරවුල් විසදීමට සඳහා පැමිණිලි අසා විසදුම්ද ලබාදෙන ලදී. එම කාලය තුළ ජනතාව ආරවුල් පිළිබඳව බොහෝ පැමිණිලි ඔවුන් වෙත ඉදිරිපත් කරන ලදී. ඉන් බහුතරයක්ම ඉඩම් සහ පෞද්ගලික ආරවුල් වේ. ඉන් ප්‍රමුඛත්වයක් ගනු ලැබුවේ පනාපිටිය ගම්මානයේ ගවයින් පැහැරගෙන යනු ලැබූ අසරප්පා මුදලාලිට දුන් දඬුවමයි. මෙම ආරවුල් විසදුවේ ලැබුණු පැමිණිලි මත පමණි. 

@ මූල කඳවුරු විසුරවයි

බටපොල ඉදිකැටියේ මූල කඳවුරේ 220ක් පමණ සිටි අතර මැයි ආරම්භයේදී ආරක්ෂක අංශ මගින් ඉහළින් සහ පහළින් ප්‍රහාර දියත් කරන ලදී. එහිදී මඩකුඹුරේ විජේසිරි ඇතුළු කැරලිකරුවන් තිදෙනෙක් මරුමුවට පත්විය. පසුව පිරිස නෙළුව යට්ටපාත හරහා සිංහරාජයට පසු බැස්සේය. එවිට කණ්ඩායම 100ක් පමණ විය. බෝම්බ ප්‍රහාර එල්ලවන විට එම කණ්ඩායම කුඩා කණ්ඩායම් 11කට පමණ කැඩී ගියේය. බෙරලිය මූකලානේ 1971 මැයි 29 වැනිදා සියලු කණ්ඩායම් විසුරුවා හැර පෞද්ගලික ආරක්ෂාව සලසා ගන්නා මෙන් එහිදී ඉල්ලා සිටියහ. දිස්ත්‍රික්කය පුරාම කැරලිකරුවන්ගේ විශාල නිවෙස් ප්‍රමාණයක් ගිනිතබා විනාශ කරන ලදී. මිනී මැරීම් සහ අනියම් මිනී මැරීම් චෝදනාවට ලක්වූ 04 දෙනෙකුට පසුව අපරාධ යුක්ති  කොමිසම මගින් දඬුවම් නියම විය. 

@ බද්දේගම කමලබන්දු

 ගාල්ල දිස්ත්‍රික්කයේ 71දී සිදුවූ සිදුවීම් වලින් වඩාත් අනුවේදිනීය සිද්ධිය වූයේ බද්දේගම කමලබන්දු ඝාතනයයි. ලියුම්කරු කමලබන්දුගේ සොහොයුරිය කේ. එම් හින්නිහාමි සමඟ කමලබන්දුගේ අතීතය ආවර්ජනය කළේය. ගොවියෙකු වූ ඔහුගේ පියා හෙන්ද්‍රික් වූ අතර මව හෙට්ටිවත්තගේ කිරිස්තිනා විය. සොයුරු සොයුරියන් 7කි. ජවිපෙ 1971 අප්‍රේල් කැරැල්ලේදී බද්දේගම පොලිස් කොට්ඨාශ ලේකම්වරයා වූ කොඩිතුවක්කු මද්දගේ කමලබන්දු උපන්නේ බද්දේගම ගිනිමැල්ලගහ ගමේ කුරදූවේදී 1948 ජුනි 05ය.

බද්දේගම තෙලිකඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් විද්‍යා විෂයන් හැදෑරූ ඔහු ජවිපෙට 1966දී එක්වූයේ වත්තලදී හමුවූ සමරරත්න විතාන ආරච්චිගේ පියතිලක හරහාය. බද්දේගමදී කමලබන්දු ගේ සමීපතම සඟයන් වූයේ ගුණපාල ගුරුගේ සහ කේ. කේ ධර්මසේනය. කිරින්දේ ගොවිපොලේ ජවිපෙ පූර්ණකාලීනයෙකු වූ කමලබන්දු 1971 අප්‍රේල් 5 කැරලි කණ්ඩායමක් සමඟ බද්දේගම පොලිසියට පහරදීමට 11 කණ්ඩායමක් සමඟ ගියද එය අසාර්ථක විය. පසුව 1971 අප්‍රේල් 10වැනිදා බද්දේගම ජවිපෙ ක්‍රියාකාරිකයින් සමඟ මීටියාගොඩ පිහිටි බටපොල කැරලිකරුවන් ගේ කඳවුරට එක්වූ කමලබන්දු හික්කඩුව පොලිිසියට පහරදීමට යන අතර මඟදී ගැමියන් සමඟ ඇතිවූ ගැටුමකදී වෙඩි ප‍්‍රහාරයකට ලක්වීමෙන් කකුලේ උඩ කොටස තුවාල විය. මීටියාගොඩ කඳවුර 1971 අප්‍රේල් 25  විසිරුවා සිංහරාජ වනාන්තරයට පසුබැසීමට එහි නායකයා වූ මීටියාගොඩ පොලිස් කොට්ඨාශ ලේකම් නිමල් කොඩිතුවක්කු ඇතුළු ක්‍රියාකාරිකයින් තීරණය කළේය. 

පසුව කැරලිකරුවන් පිරිසක් සමඟ සිංහරාජයට පසුබැස ගිය කමලබන්දු ඇතුළු කණ්ඩායමට 1971 අප්‍රේල් 26 අම්බන කැලේදී එල්ල වූ වෙඩි ප‍්‍රහාරයෙන් 7 දෙනෙකු මරණයට පත්වී පිරිසක් තුවාල ලැබූහ. යළි ආරක්ෂිත ස්ථාන කරා යමින් සිටි කමලබන්දු පොලිස් අත්අඩංගුවට පත්වූයේ මාජුවනා සේරසිංහ ගේ ඔත්තුවක් අනුව උඩුගමදීය. පසුව ගාල්ල පොලිසියටත් පසුව බද්දේගම පොලිසියටත් ගෙන ආ කමලබන්දු තිරස්චින වධබන්ධන වලට ලක්වූ අතර එහෙත් කිසිවෙකු පවානොදීම නිසා අවසානයේ හිස කඳින් වෙන්වන සේ වෙන්කරන ලදී. පසුව සිරුර තෙලිකඩ ගඟේ ගසාගෙන යද්දී එය කිහිප දෙනෙකුට හඳුනාගැනීමට හැකිවිය. 

@ නායකයෙකුගේ සමුගැන්ම

කැරැල්ලේ පරාජයෙන් පසු ගාල්ලේ කැරලිකරුවන් සිංහරාජයට පසු බැස්සේය. එහිදී යට්ටපාත හරහා නෙළුව කන්ද අසළ හිතවංශගේ බාප්පාගේ නිවසට යෑමේදී ජවිපෙ 71 කැරැල්ලේ 2වැනි නායකයා වූ සනත් බොරළුකැටිය ඇතුළු තිදෙනෙක් බටුවන්ගලදී ගම්වැසියන් විසින් අල්ලාගෙන උඩුගම පොලිසියට භාරදෙන ලදී. පසුව ඔවුන්ටම කියා වලක් කපාගෙන වෙඩිතබා ඝාතනය කර එම වලටම දැමූ බව කියති. ඒ 1971 අප්‍රේල් 23ය. අප්‍රේල් කැරැල්ලේදී මියගිය ජවිපෙ ඉහළම නායකයා සනත් විය. එවකට සනත් පදිංචිව සිට බද්දේගම පතන හන්දියේ නිවසද ගිනිබත් කරන ලදී. සනත්ගේ බිරිය ඇලිස් කොඩිතුවක්කුය. මියයන විට සනත් සිව්දරු පියෙකි. ලියුම්කරු හික්කඩුවට ගොස් සනත්ගේ බිරිය සහ ඔහුගේ දූ දරුවන්ද හමුවිය.

ජවිපෙ 71 කැරලිකරුවන් අත්පත් කරගත් තවත් පොලිස් ස්ථානයක් වූයේ රාජාංගනය පොලිස් ස්ථානයයි. එය අයත් වූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයටය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැරලි නායකයින් සහ ක්‍රියාකාරිකයින් හමුවූ ලියුම්කරු ඒ පිලිබඳව ලියන 1971 අප්‍රේල් කැරැල්ලේ සිදුවීම් ජාලයේ තවත් කොටසක් ඉදිරියේ ඔබ හමුවට එනු ඇත. 

- ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne

(2026 මැයි 31වන ඉරිදා, 'ඉරිදා ලංකාදීප')

සම්බන්ධිත පුවත් | Related News

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව සහ ගෝලීය AI පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම ජූලි 17 සිට 20 දක්වා චීනයේ ෂැංහයි නගරයේදී පැවැත්වේ.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයේ පිහිටි වල්ලිපුරම් ප්‍රදේශයෙන් සොයාගත් ඓතිහාසික වල්ලිපුරම් රන් සන්නස පිළිබඳව වැදගත් තොරතුරු රැසක් Next page යූටියුබ් නාලිකාව විසින් ඉදිරිපත් කර තිබේ.
බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ සිතෙහි ජනිත උදාරතර අරමුණක් මල් ඵල දැරීමෙන් යථාර්ථයක් බවට පැමිණි විද්‍යෝදය පිරිවෙණ තිඹිරිගෙය කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ආරම්භ වෙයි.
"තම සපත්තු ලේස් එක ගැටගසා ගැනීමටවත් නොදන්නා වයසේදී, ඒ සුරතල් දෑත්වලට යකඩ මාංචු වැටෙන්නේ කෙසේද? උසාවි කූඩුවක යකඩ කූරු අතරින් බියපත් දෑසින් සමාජය දෙස බලන අවුරුදු දහයට අඩු ඒ 'පුංචි අපරාධකාරයා' නිර්මාණය කළේ ඔහු විසින්මද? නැතහොත් මේ කුහක සමාජ ක්‍රමය විසින්ද?"
අනුර ජනාධිපති වීමෙන් පසුව සිදුකළ ඉන්දියානු සංචාරය අතර තුර ඉන්දියාව එකගතා ඇති වුන (ඇත්තටම සිදු කරන ලද) අවබෝධතා ගිවිසුම් 07 අතරේ තිබුණ දෙපාර්ශවයම එළි නොකරන ලද ශ්‍රම හුවමාරුව (අනියම් එට්කා ගිවිසුම) 2027 සිට ක්‍රියාත්මක වන්නට පිඔුරුපත් සැකසෙමින් තිබේ.
එක්සත් ජනපදය මෑතකදී තම ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කළේය.

ප්‍රධාන පුවත්

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික පල්ලියේ පූජකවරු විසින් එක් එක් කාලවලදී විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, කතෝලික සභාව දේශපාලනය කරමින් සිටීම නිසා කතෝලික බැතිමතුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පවසමින් මීගමුව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් විශේෂ හෙළිදරව් කිරීමක් රැසක් සිදුකර තිබේ.

ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මහා පරිමාණ හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර, මැද පෙරදිග කලාපයේ තම හමුදා පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව Washington Post පුවත්පත ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත.

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝග වහා හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේදී පැවති විරෝධතාව..

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට පනවා ඇති රැඳවුම් නියෝග වහාම හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

අවුරුදු 13ක් ඉස්කෝලෙ යන එක කාලය කා දැමීමක් කියලා මිනිස්සු කියනවා.. - අගමැති හරිනි

වර්තමාන පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ වසර 13ක කාලයක් ගත කිරීම කාලය නාස්ති කිරීමක් බවට සමාජය තුළ මතයක් ගොඩනැගී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.