News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රභාකරන්ගේ භූ ගත බංකරයක් තිබූ දර්මපුරම් ගම්මානයේ වැසියන් අද කියන කතාව - පළමුවන කොටස

May 22, 2026 at 07:18 AM
|

2009දී  එල්.ටී.ටී.ඊ.ය යුදමය වශයෙන් පරාජය කරමින් අවසන් කෙරුණු සිව්වැනි ඊළාම් යුද්ධය ආරම්භ වූයේ 2006 අගෝස්තුවේදීය. අඩියෙන් අඩිය ඉදිරියට ඇදෙමින් යුද්ධයේ අවසාන ඉසව්ව වෙත හමුදාව ළඟා වෙද්දී එල්.ටී.ටී.ඊ සංවිධානය කිලිනොච්චිය හා මුලතිව් අතහැර තම අවසාන බළකොටුව ආරක්ෂා කර ගැනීමට පියවර ගත්හ. ඒ වන විට කොටි නායකයන් රැඳී සිටියේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේය. හමුදාවට මුහුණදීම සඳහා ඉරණමඩු, දර්මපුරම්, විශ්වමඩු, ඔඞ්ඩුසුඩාන්, මුල්ලයාවලි උතුර යන ප්‍රදේශ ඔස්සේ මුලතිව් වෙරළ දක්වා ඔවුන්ගේ ආරක්ෂක වළල්ල තැනීමට ඔවුහු පියවර ගත්හ. මෙහිදී හමුදාවෙන් එල්ල කෙරෙන ප්‍රහාර අවම කර ගැනීම සඳහා ඔවුන් භාවිත කළ උපාය වූයේ එම ප්‍රදේශවල ජීවත් වූ අහිංසක සිවිල් වැසියන් මිනිස් පලිහක් සේ තබා ගැනීමය.

කොටි බළකොටුවක්ව පැවැති දර්මපුරම් ගම්මානය ඊළාම් යුද ඉතිහාසයේ පළමු වරට මුදා ගැනුණේ බි්‍රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා යටතේ වූ 58 වැනි සේනාංකය මගිනි. දර්මපුරම් ගම්මානය පිහිටා තිබුණේ පරන්තන්හි සිට කිලෝමීටර 12 පමණ දුරකිනි.

කොටින්ගේ විශාලම ඉන්ධන ගබඩාව හා ප්‍රභාකරන්ගේ භූගත කඳවුරක්ද පිහිටියේ මෙම ප්‍රදේශයේය. කිලෝමීටර් හතක් පමණ ප්‍රදේශයක් පුරා කොටින්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල ඉදි කර තිබූ දර්මපුරම් හා විශ්වමඩු ප්‍රදේශයේ දරුණු සටන් ඇති වූ අතර එම ප්‍රදේශයන්හි සිරවී සිටි සිවිල් ජනතාව දුක්ඛිත ඉරණමකට මුහුණ පෑහ. කොටින්ගේ රුදුරු හස්තයේ ගොදුරු බවට පත්වී සිටි සිවිල් ජනතාව එදා මුහුණ දුන් අත්දැකීම් පිළිබඳ සොයාබැලීම සඳහා පසුගියදා අපි එම ප්‍රදේශවල සංචාරය කළෙමු. දර්මපුරම් හා විශ්වමඩු ගම්මානවල ජිවත් වූ ජනතාව තමන් කොටින්ගේ පාලනයට නතු වූ ආකාරයත්, ඔවුන්ගේ අණසක යටතේ ජීවත් වූ ආකාරය හා තමන් මුහුණ පෑ වධබන්ධන පිළිබඳවත්, අවසානයේ දිවි ගලවාගත් ආකාරය පිළිබඳවත් අපට බොහෝ තොරතුරු පැවසූහ. මේ ඔවුන්ගේ කතාවයි.

දර්මපුරම් ගම්මානය බිහිවූයේ 1958 ඇති වූ සිංහල දෙමළ කෝලාහලයේ ප්‍රතිඵලයක් ලෙසිනි. 1958 මැයි මාසයේ ශ්‍රී ලංකාවේ ඇති වූ ජාතිවාදී ලේ වැගිරීම නිදහසින් පසු ඇතිවූ ප්‍රථම ජනවාර්ගික අර්බුදය විය. දමිළ මෙන්ම සිංහල ජීවිත රැසක්ද අහිමි කෙරුණු එම අරගලය කොළඹ, යාපනය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකළපුව, එරාවුර් සහ කුරුණෑගල යන ප්‍රදේශවල විශාල වශයෙන් ව්‍යාප්ත වූයේය.  සිංහලයන් බහුතරයක් ජිවත්වූ ප්‍රදේශවල සිටි දෙමළ ජනයාගෙන් වැඩි පිරිසක් අවතැන් වූහ. කොළඹ, කුරුණෑගල, අනුරාධපුරය වැනි ප්‍රදේශවල සිටි අවතැන් පවුල් 620ක් පදිංචි කෙරුණේ දර්මපුරම්හිය. එතැන් සිට එය  ජනාවාසයක් බවට පත් විය. 

දර්මපුරම්හි පදිංචි කරවන ලද දෙමළ ජනයාගෙන් කොටසක් යාපනයේ දෙමළ වූ අතර අනෙක් පිරිස ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා වූහ. මොවුන් අතර ආරම්භයේ සිටම සීිතල යුද්ධයක් නිර්මාණය වෙමින් තිබිණි. තමන් කුලවත් දෙමළ ප්‍රජාවත් බවත්, ඉන්දියානු සම්භවයක් සහිත පිරිස පහත් ජන කොට්ඨාසයක් ලෙසත් සැලකීමට යාපනය දෙමළ ජනයා ක්‍රියා කළහ. ගොවිතැන්, වෙළෙඳාම් වැනි කර්මාන්තවල මෙන්ම රජයේ රැකියාවල නිරත වීමට ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ප්‍රජාවට තහංචි පැනවිණි. ඔවුන්ට සිදු වූයේ යාපනය දෙමළ ජනයාගේ කුලීකරුවන් වශයෙන් සේවය කිරීමටය. එම ප්‍රදේශයේ සේවය කළ රජයේ නිලධාරින් වැඩි පිරිසක් යාපනයේ දෙමළ ප්‍රජාව වූ බැවින් ඔවුන්ද ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයාට දක්වනු ලැබුවේ කුඩම්මාගේ සැලකිල්ලකි.

ඉන්දියානු සම්භවයක් සහිත දරුවන්ට පාසල් යෑමේ අවස්ථාව හිමි වූයේද අවම වශයෙනි. පාසලට ගිය සුළු පිරිසටද පන්තියේ පසුපසට වී හෝ නැතිනම් බිම ඉඳගෙන හෝ අධ්‍යාපනය ලැබීමට සිදු විය. යාපනය දෙමළ ප්‍රජාව කීවේ ඔවුන් තමන්ට සේවය කරනු විනා අධ්‍යාපනය ලැබීම අනවශ්‍ය බවයි. යාපනය දෙමළ ජනයාගේ අණසක යටතේ ඔවුන්ගේ කුඹුරු ඉඩම් අස්වද්දමින් වෙළෙඳසල්වල බැලමෙහෙවර කරමින් දුක්ඛිත ජීවිතයක් ගෙවීමට ඔවුනට සිදු විය.

1988 වසරේ අගභාගයේදී නාඳුනන පුද්ගලයන් පිරිසක් තම ප්‍රදේශයේ සැරිසරනු දර්මපුරම් වැසියන්ට දැකගත හැකි විය. සරොම් කමිසවලින් සැරසුණු මෙම පුද්ගලයෝ සවස් යාමයන්හි ප්‍රදේශවාසීන් සමඟ කතාබහ කිරීමට උත්සාහ කළහ. ඔවුන්ගේ වැඩි අවධානය යොමු වූයේ ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා කෙරෙහිය. යාපනයේ දෙමළ ජනයාගෙන් තමන්ට සිදුවන අකටයුතුකම් පිළිබඳව ඔවුහු ඔවුනට පැවසූහ. එහිදී ඔවුන් කීවේ තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන් පිරිසක් බවයි. යාපනය ජනයාගෙන් තව දුරටත් ඔවුනට කිසිදු හිරිහැරයක් සිදුවීමට ඉඩ නොතබන බවත්, දෙමළ ජනතාවගේ පොදු සතුරා සිංහලයන් බවත් පැවසූ ඔවුහු ඔවුන්ට එරෙහිව සටන් කිරීම සඳහා යාපනය සහ ඉන්දියානු දෙමළ දෙපිරිසම තමන් හා එක්විය යුතු යැයි කියා සිටියහ. “අප අතර ජාති භේද නැහැ. ඔබට හිරිහැර කරන්න යාපනයේ දෙමළ ජනයාට මින්පසු ඉඩ ලැබෙන්නේ නැහැ. අපේ එකම අරමුණ දෙමළ ජනතාව සඳහා වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමයි. ප්‍රභාකරන්ගේ නායකත්වය යටතේ එය හිමිවන අතර ඒ සඳහා සියලු දෙමළ වැසියන් එක්වී සිංහලයන්ට විරුද්ධව සටන් කොට තම අයිතිවාසිකම් දිනාගත යුතුයි” යනුවෙන් ඔවුහු පැවසූහ.  

දර්මපුරම් හා අවට ගම්මානවල සියලු ජනයා එල්.ටී.ටී.ඊයට සහය දැක්වීමට ඉදිරිපත් වූහ. ඉන්දියානු දෙමළ දරුවන්ට භේදයකින් තොරව පාසල් යෑමට අවසර ලැබුණු අතර අවුරුදු 18ට අඩු කිසිදු දරුවකු රැකියා සඳහා යොදවා ගැනීමට එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් අවසර නොලැබිණි. එල්.ටී.ටී.ඊ.ය කෙරෙහි ප්‍රසාදයට පත් වූ ජනතාව ඊළාම් දේශයක් පිළිබඳ සිහිනයක ගැලෙමින් තමන්ට තවදුරටත් රජයේ හමුදාව අවශ්‍ය නොවන බැව් පැවසීමට තරම් එඩිතර වූහ.

1991දී එම ප්‍රදේශවල වාසය කළ මුස්ලිම් ජනයා එළවා දැමීමට එල්.ටී.ටී.ඊ සංවිධානය කටයුතු කළේය. ඉන්පසු ඔවුන් හැරුණේ ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනතාව වෙතටය. 1993දී ඔවුහු කිලිනොච්චි ප්‍රදේශයේ සිටි ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා ඉන්දියාවට යා යුතුයැයි කීහ. ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා එයට විරෝධය පාමින් කියා සිටියේ තම මුතුන්මිත්තන් ඉන්දියානුවන් වුවද තමන් උපත ලද්දේ ශ්‍රී ලංකාවේ බැවින් තමන්ට ඉන්දියාවේ කිසිදු ඥාතියකු නොමැති බවයි. මේ පිළිබඳව ප්‍රභාකරන්ට සැලවීමෙන් පසු එම තීරණය අවලංගු කෙරිණි. එම ප්‍රදේශයේ සිටි එල්.ටී.ටී.ඊ. නායකත්වය යළි යාපනයට කැඳවූ ප්‍රභාකරන් නව කණ්ඩායමක් කිලිනොච්චි, පරන්තන්, දර්මපුරම් හා විශ්වමඩු යන ප්‍රදේශවලට එවීමට කටයුතු කළේය. එම ප්‍රදේශවල ජීවත් සියලු ජනයා කැඳවූ එම කණ්ඩායම ඔවුන් සියලු දෙනා එල්.ටී.ටී.ඊ. සංවිධානයට සේවය කළ යුතුයැයි පැවසීය. එතැන් සිට සියල්ලෝම එල්.ටි.ටී.ඊ. තුවක්කුවේ පාලනයට යටත් කෙරිණි.

ඉන්දියානු සාමසාධක හමුදාව හා එල්.ටී.ටී.ඊය අතර ගැටුම් උත්සන්න වන්නට විය. ඔවුන් හා සටන් කරනු සඳහා ප්‍රදේශයේ තරුණ පිරිස් බඳවා ගැනීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය පියවර ගති. එල්.ටී.ටී.ඊ. සංවිධානය ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන මුවාවෙන් ජනතාව බිලිබා ගනිමින් සිටියහ.

ඉන්දියානු සාමසාධක හමුදාව පිටවී ගිය පසු එම ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ.ය බලවත් වූයේය. කිලිනොච්චි, පරන්තන්, දර්මපුරම්, විශ්වමඩු වැනි ප්‍රදේශයන්හි ජනාතාවගේ එකම පාලකයා වූයේ එල්.ටී.ටී.ඊ.යයි.

ශ්‍රී ලංකා රජය හා එල්.ටී.ටී.ඊ සංවිධානය අතර 2002දී සටන් විරාමයක් ඇති විය. යුද්ධය ඇනහිටීම හේතුවෙන් උතුරේ ජනයා සතුටට පත්වූහ. ඔවුනට නිදහසේ ගමන්බිමන් යෑමට අවස්ථාව සැලසුණු අතර ආහාර හා වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය උතුරට ලැබිණි. ඔවුනට දකුණට පැමිණීමටද යම් පමණක නිදහසක් හිමි විය. දකුණේ ජනතාව භුක්ති විඳින නිදහස උතුරේ වැසියන්ට පෙනිණි. තමන් එල්.ටී.ටී.ඊ.යේ ගොදුරු බවට පත්ව ඇති බවත්, අති දුෂ්කර ජීවිතයක් ගත කිරීමට සිදුවී ඇත්තේ ඔවුන්ගේ පාලනය හේතුවෙන් බවත් ඔවුනට වැටහිණි.

කොළඹ බලා ගිය ඇතැම් පිරිස් තවදුරටත් එල්.ටී.ටී.ඊ.යේ පීඩනයට යටත් වී සිටින්නට අකමැති වූ හෙයින් විදේශගත වූහ. එවැනි අවස්ථා නොලද පිරිස් යළි ගම්බිම් බලා පැමිණියහ. එම නිදහස හමුවේ ඔවුන් එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් ඇති වූ අතර, ජනතාව තමන් එතරම් ගණන් නොගන්නා බැව් එල්.ටී.ටී.ඊ.යට වැටහී ගියේය. නිදහසේ ගමන් බිමන් ගිය ජනතාව නවතාලීමට ඔවුනට අවශ්‍ය විය.

එහි ප්‍රතිඵලය වූයේ සටන් විරාමය අවසන් කරමින් කොටි සංවිධානය යළි සටනට එළැඹීමය. සටන් ඇවිළයාම හේතුවෙන් සිවිල් ජනයා කෙටි කලක් අත්විඳි නිදහස අහිමි වී ගියේය. නිදහසේ ගමන්බිමන් යෑමට තිබූ අවස්ථාව ඇහිරී ගියේය.

දර්මපුරම්හි මුල් පදිංචිකරුවකු වන තුරෙයිරාජ් ක්‍රිෂ්ණසිංහම්, කොටි පාලන සමයේ තම  අත්දැකීම් අපට කීවේ මේ අයුරිනි.

“නැවත සටන් ආරම්භ වූ විට කොළඹට යන මිනිස්සුන්ට කොටි අවසර පත්‍රයක් ලබා දුන්නා. මුලින් නොමිලයේ ලබා දුන්නත් පසුව එයට රුපියල් 100ක් අය කළා. එහෙත් ඔවුන්ට මිනිස්සු ප්‍රදේශයෙන් පිටවෙන එක වළක්වන්න හැකි වුණේ නැහැ. උතුරේ ඉඳල දකුණට යන මිනිස්සු වවුනියාවට ගොස් ඕමන්තෙයි මුර පොළට වාර්තා කරන්න ඕනෑ. හමුදාවේ අවසරය ලැබුණ පසු අපිට කොළඹ යන්න අවසර ලැබුණා. මේ අවසරය ලබා ගැනීම සඳහා අපි වවුනියාවේ සති තුනක්, සමහර විට මාසයක් විතර ඉන්න ඕනෑ. අවසරය ලැබෙන තෙක් අපි වවුනියාවේ ලොජ්වල නැවතිලා හිටියා. පස්සෙ කොටි අවසරපත්‍ර ගාස්තුව රුපියල් 500 දක්වා ඉහළ දැම්මා. ඒත් තරුණයන් වැඩි පිරිසක් රටින් පිටවුණා. මෙය කොටි සංවිධානයට හිසරදයක් වුණා. තරුණයන් වැඩි වශයෙන් රටින් බැහැර වුණොත් තමන්ට ඉතිරි වන්නේ වැඩිහිටියන් පමණයි කියලා කොටි හිතුවා. ඒකට කොටි අලුත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළා. කිසිවකු උතුරෙන් පිටවී යනවා නම් ඔහු වෙනුවෙන් කොළඹ සිටින කෙනෙක් අනුග්‍රහය දැක්වීම අනිවාර්ය කළා. එහෙම අනුග්‍රහය දක්වන පුද්ගලයා කොළඹ සිට වවුනියාවට පැමිණ තමන්ට රැගෙන යාමට අවශ්‍ය පුද්ගලයා පිළිබඳ සියලු වගකීම් තමන් බාර ගන්නා බවට ලිපියක් හමුදාවට ලබා දිය යුතු වුණා. එවිට හමුදාව එය කොටි සංවිධානයට බාර දෙනවා. ඉන්පසුවයි ඔහුට කොළඹට හෝ වෙනත් ප්‍රදේශයකට හෝ යන්නට අවසර ලැබුණේ. 2006 දී මේ සියලු කටයුතු ඇනහිටියා.”

ජනතාව යළි උතුරට සිරවිය. පිරිසක් ගොවිතැනින්ද, පිරිසක් ධීවර කර්මාන්තයෙන්ද තවත් පිරිසක් කුලී වැඩ වැනි රැකියාවල නිරත වෙමින්ද දුකසේ ජිවත් වූහ. උතුරට වෙනත් ප්‍රදේශවල සිට වෙළෙඳුන් නොපැමිණි හෙයින් ඔවුන්ගේ නිෂ්පාදන මිලට ගත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයයි. නිෂ්පාදකයන්ගෙන් කුණුකොල්ලයට භාණ්ඩ මිලදී ගත් එල්.ටී.ටී.ඊ.ය තුන් ගුණයක් පමණ ලාබ තබා ගනිමින් ඒවා ජනතාවට අලෙවි කළහ. උතුරට භාණ්ඩ ප්‍රවාහනය කළ ලොරිවලින් බදු අය කෙරිණි. එහෙයින් උතුරේ භාණ්ඩ මිල අධික ලෙස ඉහළ ගියේය. සමුපකාරවලට රැගෙන එන ලද භාණ්ඩවලින් වැඩි කොටස එල්.ටී.ටී.ඊ.ය විසින් උදුරා ගන්නා ලද අතර සාමාන්‍ය ජනතාවට ලැබුණේ සුළු ප්‍රමාණයකි. එක් පුද්ගලයකුට මසකට භුමිතෙල් ලීටර 5ක් රජය විසින් ලබා දෙනු ලැබුවද එල්.ටී.ටී.ඊය ජනයාට බෙදා හැරියේ ලීටර් 2ක් පමණි. ඉතිරිය ඔවුන් විසින් ලබා ගැනිණි. ඒ සමයේ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 300ක් විය. ප්‍රදේශයේ සියලු වාහන ධාවනය කෙරුණේ භූමිතෙලින් හෝ එළවළු තෙලිනි. පෙට්‍රල් දුර්ලභ ද්‍රව්‍යයක් විය. මැෂින් තෙල් කුප්පියක දැමූ පෙට්‍රල් ස්වල්පයක මිල රුපියල් 1000ක් විය. පෙට්‍රල් බිඳුවක් යොදා වාහන පණ ගැන්වූ ඔවුහු භූමිතෙලින් හෝ එළවළු තෙලින් ඒවා ධාවනය කළහ. භූමිතෙල් හිඟ වු බැවින් වාහනයක ගමනක් යෑම සඳහා අධික මිලක් ගෙවීමට ඔවුනට සිදුවිය.

අවසන් සටන ආරම්භ වීමත් සමඟ තත්ත්වය බැරෑරුම් විය. කොටි සියලුම සිවිල් වැසියන්ට සටන් පුහුණුවක් ලබා දීමට කටයුතු කළහ. බාල තරුණ මහලු සියල්ලන් සටන් පුහුණුව සඳහා සහභාගී විය යුතු වූ අතර, එය පැහැර හැරීමට කිසිවකුට අවසර නොවීය.

තනබාලසිංහම් තනකුලසිංහම්, පරන්තන්හි වැසියෙකි. වෘත්තියෙන් ටේලර්වරයකු වූ ඔහු 1993දී උඩවනුර් ගම්මානයේ පදිංචියට පැමිණියේය. ඔහු තම අත්දැකීම් මෙලෙස කියා සිටියේය. 

“කොටි අපිව අරන් ගිහින් සටන් පුහුණු කළා. ඔවුන් කීවේ එය අපේ ආරක්ෂාව සඳහා කරන බවයි. සටන් පුහුණුව කිව්වට අපිට අවි ආයුධ දුන්නේ නැහැ. ලොකු පොලු කෑල්ලක් දීල ඒක තමයි ආයුධය වගේ පාවිච්චි කරන්න කිව්වෙ. තරුණ අයට නම් අවි පුහුණුවක් දුන්නා.”

හමුදාව තම මෙහෙයුම් නොනවත්වා කරමින් ඉදිරියට ඇදෙද්දී පරන්තන්, දර්මපුරම්, විශ්වමඩු, වැනි ප්‍රදේශවල ජනයා ඇමතූ කොටි සාමාජිකයෝ “හමුදාව වයසක අය වෙනමත් තරුණ අය වෙනමත් තෝරලා එක එක දිහාවලට අරන් යනවා. ඒ අයට මොනව කරනවද කියලා කවුරුවත් දන්නෙ නැහැ. උඹලා හමුදාවට හසු නොවී අපිත් එක්ක වරෙල්ලා” යනුවෙන් පැවසූහ.

“එහෙම කියලා මිනිස්සුන්ව අතහැරලා ඉස්සෙල්ලම පැනලා ගියේ කොටි. හමුදාව එක ප්‍රදේශයකට එනකොට කොටි වෙනත් ප්‍රදේශයකට පලා ගියා. ඔවුන් සාමාන්‍ය ජනයා ඔවුන්ගේ බංකර් කපන්න යොදා ගත්තා.” යනුවෙන් පැවසූ ක්‍රිෂ්ණසිංහම්, “ඔවුන් තරුණ පිරිස් බලහත්කාරයෙන් අල්ලාගෙන ගියා හමුදාව එක්ක සටන් කරන්න. මගේ දුවත් පැහැරගෙන ගියා. එතකොට එයාගෙ වයස අවුරුදු 18යි. එහෙම අල්ලගෙන ගිහින් දවස් පහකට පස්සෙ දුව කොහොම හරි පැනලා ආවා. කොටින්ට දුව අල්ලගන්න ලැබුණෙ නැති නිසා මාව අත්අඩංගුවට අරගත්තා. මාවත් බංකර් කපන්න දැම්මා. මාව ඉස්සෙල්ලම අරන් ගියේ මනල්ආරු ප්‍රදේශයට. එහි බංකර් කැපුවා. ඊට පස්සෙ කිලිනොච්චියට අරන් ගියා. මම ඒ කාලෙ කොටින්ට සහය දැක්වූ කෙනෙක්. ඒත් උන්ට ඒව වැඩක් නැහැ. උන් කියන දේ නොකොළොත් වෙඩි තියල මරලා දැම්මා. බංකර් කපන කොට උන් හැම තිස්සෙම අපි දිහාවට තුවක්කු එල්ල කරගෙනයි හිටියේ. හමුදාව උන්ගෙ බංකර් අල්ලා ගන්නා විට පසුබසිමින් අලුතින් බංකර් කැපීමට අපට අණ කළා.

මිනිස්සු සිය ගණනක් එක තැනක බංකර් කපන්න දැම්මා. අපිට නිදාගන්න සිදු වුණෙත් බංකරයක් ඇතුළේ. සියලු දෙනාම කුඩා බංකරකට දාන නිසා අපිට හෙළවෙන්නවත් ඉඩක් තිබුණෙ නැහැ. නිදාගත්ත විදියටම එළිය වැටෙනකං ඉන්න සිදු වුණා. අනෙක් පැත්තට හැරෙන්නවත් බැහැ. නින්දට ගියාට පස්සෙ කවුරුහරි බංකරෙන් ඔළුව උස්සලා අවට බැලුවොත් වෙඩි තිබ්බා. අපට කන්න දුන්නේ කොටි කාල ඉතිරි වෙච්ච හොද්දට වතුර ගොඩක් දාලා ඒකත් එක්ක රොටියක් හරි තෝසයක් හරි වගේ දෙයක් විතරයි. අපි හැමදාම නිදහස් වෙන්නෙ කොහොමද කිය කිය ඇඬුවා. ඒ නිසා කෑම ගැන අපිට හැඟීමක් තිබුණෙ නැහැ.” 

කොටින්ගේ අතවර තවදුරටත් විඳින්ට නොහැකි වූ ක්‍රිෂ්ණසිංහම් තවත් පුද්ගලයකු සමඟ බංකරයෙන් පලා ගියේය. එහෙත් ඔවුනට වැඩි දුර පලා යෑමට නොහැකි විය. ඔවුන් දෙදෙනා යළි කොටි අත්අඩංගුවට පත්වූහ. ඔවුන් හසු වූයේ වෙනත් කොටි කණ්ඩායමකට බැවින් ඔවුන් පලා ගිය පුද්ගලයන් බව නොදත් හෙයින් පලා ගිය පුද්ගලයන්ට ලැබෙන දඬුවමින් ඔහුට ගැලවිය හැකි විය. ඔහු යළිත් බංකර් කැපීමට යෙදවිණි. වැලිඔය, මුලංගාවිල්, කිලිනොච්චි වැනි විවිධ ප්‍රදේශවල ඔහු කොටින් සඳහා බංකර් කැපුවේය.

මේ මා ඉරිදා ලංකාදීපයට ලියන ලද ලිපියකි.

ඉතිරි කොටස තවත් පෝස්ටුවකින්

- ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

(උපුටා ගැනීමකි)

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.