විදේශීය වෛද්‍ය උපාධි ව්‍යාපාරය හමුවේ ලාංකේය වෛද්‍ය අධ්‍යාපනය..
මේ දිනවල ERPM කියනෙක වෛද්‍ය ක්ෂේත්‍රයේ උණුසුම් මාතෘකාවක්. ඒකටම ගැලපෙන විදිහට අපේ විදේශ කටයුතු අමාත්‍යතුමා බෙලරුස් ගිහින්. මේක හොඳම අවස්ථාවක් ERPM හා බැඳුණු විදේශීය වෛද්‍ය උපාධි ව්‍යාපාරය පැහැදිලි කරගන්න.
ERPM හෙවත් Act 16 ආරම්භ වෙන්නෙ 1965දි. මේකෙ අරමුණ රටට අවශ්‍ය වෛද්‍යවරු සපයා ගැනීම වගේම සුදුසුකම් ලත් විදෙස් වෛද්‍ය උපාධිධාරීන් රටට අවශෝෂණය කරගැනීම. ඔය අරමුණු මත ERPM ක්‍රියාත්මක වුණේ දශක කීපෙකට කලින්. දැන් තියෙන්නෙ වෙනස් තත්ත්වයක්.
ලෝකෙ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ විවිධ අධ්‍යාපන මොඩල කාලෙන් කාලෙට නිර්මාණය වෙනවා එක එක අවශ්‍යතා මත. සෝවියට් සමූහාණ්ඩුව පවතිද්දි ඊට අයිති බොහෝ රටවල සෝවියට් රජයේ ඍජු ප්‍රතිපාදන මත වෛද්‍ය විද්‍යාල ආරම්භ වුණා. මේව ඉතාම ඉහළ ප්‍රමිතියකින් යුක්ත ලෝක පිළිගැනීමක් සහිත ඒවා. සෝවියට් රජයෙන් මේවයේ අධ්‍යාපනය ලබන්න විදෙස් ශිෂ්‍යන්ට පවා ශිෂ්‍යත්ව ලබා දුන්නා. මෙහෙම තියෙද්දි තමා සීතල යුද්ධය අවසන් වෙද්දි 1990දි සෝවියට් දේශය බිඳවැටෙන්නෙ. සමූහාණ්ඩු බිඳ වැටීම එක්ක ඒ ඒ රටවල් සෝවියට් දේශයෙන් වෙන් වෙනවා. ඒකෙන් අර්බුදයකට පත්වෙන්නෙ එතෙක් පැවති වෛද්‍ය විද්‍යාල. අරමුදල් සහ ප්‍රතිපාදන සපයපු සමූහාණ්ඩුව දැන් නැහැ. මේකට පිළියම් හොයන්න බෙලරුස්, ජෝජියා වගේ රටවල වෛද්‍ය විද්‍යාල අලුත් අධ්‍යාපන මොඩලයක් සකස් කළා. ඔවුන්ගෙ ඉලක්කය විදේශීය රටවල් වලින් එන වෛද්‍ය උපාධි අපේක්ෂකයො.
එතෙක් පැවති රුසියානු භාෂාවෙන් ඉගැන්වු වෛද්‍ය අධ්‍යාපනය වෙනුවට ඔවුන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂය නිර්දේශ හැදුවා. ඊට අවශ්‍ය ගුරුවරු පුහුණු කළා. සායනික පුහුණුවට ගැලපෙන රෝහල් හැදුවා. මේ සියල්ල කළේ දේශීය වෛද්‍ය අධ්‍යාපනය ක්‍රමයට පරිබාහිරව. ඔවුන් විදේශීය වෛද්‍ය උපාධි අපේක්ෂයන්ට උපාධි පිරිනමන ව්‍යාපාරයක් ආරම්භ කළා.
වැඩේ සරලයි, ආසියානු සහ අප්‍රිකානු රටවල්වලින් ශිෂ්‍යයො එනව. ඔවුන්ගෙන් මුදල් අය කරල ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෛද්‍ය අධ්‍යාපනය දෙනවා, උපාධිය දෙනවා. නැවත මව් රටට පිටත් කරනවා. මේ මොඩලය දේශීය වෛද්‍ය ශිෂ්‍යන්ට කිසිසේත්ම බලපෑමක් නැහැ. සීමාවාසික පුහුණුව හෝ රැකියා සම්බන්ධයෙන් කිසිම වගකීමක් නැහැ. මේක බොහොම සාර්ථක ක්‍රමයක් වුණා. එ නිසා එතනින් පස්සෙ පශ්චාත් සෝවියව් රටවල විතරක් නෙමෙයි, චීනය වගේ රටවල පවා මේ ක්‍රමය ක්‍රියාත්මක කළා. ඕක දියුණු වෙලා තමා Grodno වගේ බෙලරුස්වල රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලවල Faculty of International Students වගේ පීඨ පවා හැදෙන්නෙ.
ඔන්න ඔය වෛද්‍ය අධ්‍යාපන මොඩලය තමා ලංකාවෙත් වර්තමානයේ ක්‍රියාත්මක වෙන විදේශීය වෛද්‍ය උපාධි ව්‍යාපාරයේ පදනම. ඒ හැර ශිෂ්‍යත්ව මගින් වෛද්‍ය අධ්‍යාපනය ලබන්නෙ ඉතා අතලොස්සක්. කවුරුහරි හිතනවනම් ඔක්ස්ෆර්ඩ්, හාවඩ් වගේ වෛද්‍ය විද්‍යාල වලට ගිහින් සුපිරි දැනුමක් අරං මෙහෙ රස්සා කරන්න එන වෛද්‍ය උපාධිධාරීන්ට තමා ERPM තියෙන්නෙ කියල ඒව මනඃකල්පිත තත්ත්ව.
බැලූබැල්මට මේක හරි ෂෝක් වගේ පෙනුනට ව්‍යාපාර නියාමනය කරද්දි තමා ඒකෙ තරම පේන්නෙ. දැන් මේ ක්‍රමේට උපාධි දෙන වෛද්‍ය විද්‍යාල බැලුවොත් ඒවයේ දේශීය අධ්‍යාපන තත්ත්ව එක්ක බොහෝවිට ලංකාවෙ වෛද්‍ය පීඨවලට වඩා ඉහළ Ranking තියෙන එව්වා. අපේ ශිෂ්‍යයො මෙව්වට යන්න නම් වෛද්‍ය ආඥාපනත අනුව ඉස්සෙල්ලා වෛද්‍ය සභාව මේ උපාධි වලට අනුමැතිය දෙන්න ඕනෙ. ඕක දෙන්නෙ නිශ්චිත කාල සීමාවකට. ඒ කාල සීමාව කල් ඉකුත් වෙන්න කලින් ඒ අනුමැතිය අලුත් කරන්න ඕනෙ. මොනවහරි ගැටලුවක් උනොත් ඒ ඒ වෛද්‍ය විද්‍යාල වලට දීල තියෙන අනුමැතිය අවලංගු කරන්නත් පුළුවන්.
හැබැයි ඕව කියන තරම් පහසු නෑ කරන්න ගිහාම. මොකද මේව පැහැදිලි ව්‍යාපාර. අනුමැතිය අවලංගු උනොත් නැති වෙන්නෙ ඒ රටේ ආදායම. ඒ නිසා ඒ රටවල් පවා මේව ගැන හරියට උනන්දුයි. සරල උදාහරණෙ 2020 සැප්තැම්බර් මාසෙදි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව රුසියානු වෛද්‍ය විද්‍යාල තුනක අනුමැතිය ඉවත් කරනවා. https://www.newsfirst.lk/.../sri-lanka-medical-council...
ඒ එක්කම රුසියානු තානාපති කාර්යාලය මේක ගැන ප්‍රශ්න කරනවා ඍජුව වෛද්‍ය සභාවෙන්. https://www.adaderana.lk/news.php?nid=67148
ටික දවසකින් වෛද්‍ය සභාව කියනවා අනුමැතිය ඉවත් කිරීම අත්වැරැද්දක් කියලා, අනුමැතිය ලබාදීම නැවත සලකා බලනව කියල. https://www.newsfirst.lk/.../delisting-russian...
විදේශීය වෛද්‍ය උපාධි ව්‍යාපාරය රාජ්‍ය තාන්ත්‍රික ආතතීන් පවා ඇති කරන්න පුළුවන් එකක්.
මීට අමතරව ගත්තොත් වෛද්‍ය සභාවෙ නියාමනය සම්බන්ධයෙන් අර්බුද ගොඩනැගුණ අවස්ථා ඕනෙ තරම් තියෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව වැඩිම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණනක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදීල තියෙන්නෙ ERPM ශිෂ්‍යන් නිසා. ඒ නියාමනය සහ නීතිය අතර තියෙන ගැටුම් නිසා. සරල උදාහරණයක් ගම්මු.
කොවිඩ් වසංගතය කාලෙ චීනෙ හිටපු ලාංකේය වෛද්‍ය් ශිෂ්‍යයො ප්‍රමාණයක් නැවත ලංකාවට ගෙනාවා. පස්සෙ ඔවුන් නැවත චීනයට ගිහින් උපාධිත් අරං ආවා. වෛද්‍ය සභාවෙ සාමාන්‍ය ක්‍රමවෙදය තමා ERPM ලියන්න කලින් මේ උපාධිධාරීන්ගේ උපාධි සහතික හා ගමන් බලපත්‍ර පරීක්ෂා කෙරෙනවා. මේව සලකන්නෙ Pre-entry Qualifications විදිහට. මේවා ප්‍රමිතිය පරීක්ෂා කරන්න වෛද්‍ය සභාවම හදපු නීති. මේකෙදි සභාව දැනගන්නවා මේ සිසුන් කිහිපදෙනෙක් චීනයෙදි සායනික පුහුණුව ලබන්න නියමිත කාලෙදි ඉඳල තියෙන්නෙ ලංකාවෙ බව. සායනික පුහුණුව ඔන්ලයින් දුන්න කියල තමා කියන්නෙ. මේ නිසා වෛද්‍ය සභාව ඔවුන්ට ERPM සඳහා ඉඳගන්න දෙන්නැහැ. ඒ ශිෂ්‍යයො ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනවා වෛද්‍ය සභාවට එරෙහිව. අධිකරණය බලන්නෙ වෛද්‍ය ආඥාපනත. පනත අනුව උපාධියක් තියෙනව නම්, උපාධිය අරං තියෙන්නෙ අනුමත වෛද්‍ය විද්‍යාලයකින් නම් ERPM ලියන්න දෙන්න ඕනෙ. අවස්ථා ගණනාවකදිම ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනවා වෛද්‍ය සභාවට pre entry qualifications දාන්න අයිතියක් නැහැ කියල (උදා : SC FR 133/2019, 149/2019) , සායනික පුහුණුව මදිනම් ලංකාවෙදි හරි මදි පුහුණුව දෙන්න කියනවා. අන්තිමේදි ඒ ශිෂ්‍යයො ERPM ලිව්වා.😅
ඔතනදිත් ඔන්ලයින් සායනික පුහුණුව දීපු වෛද්‍ය විද්‍යාලෙට අනතුරු ඇඟවීමක් මිසක් අනුමැතිය අහෝසි කරනව වගේ දෙයක් උනේ නෑ. 😁
මේ ව්‍යාපාරෙට බැඳුණු ඊළඟ පිරිස තමා දේශීය නියෝජිත ආයතන. එයාල කරන්නෙ ඒ ඒ වෛද්‍ය විද්‍යාල වලට ශිෂ්‍යයො පටවන එක. රටේ ළමයින්ටයි දෙමව්පියන්ටයි මෙඩිසින් කරන ආසාවෙ අඩුවක් නැති නිසා උන්දැලාගේ කල්ල මරේ. උසස්පෙළ ප්‍රතිඵල එන කාලෙට ඇඩ්දාල, ප්‍රීමෙඩ්සින් කෝස් එකක් කරවල, White coat ceramony වගේ නාඩගමක් තියල තමා චීනෙට, රුසියාවට, බෙලරුස්වලට ළමයි පටවන්නෙ.
මේ ව්‍යාපාරෙන් නඩත්තුවෙන අනිත් පිරිස තමා ERPM විභාගයම අරමුණු කරගත් ටියුෂන් මාෆියාව. මේකෙ ඉන්නෙ අපේ වෛද්‍යවරුමයි. විශාල mass classes වල ඉඳල සල්ලි වලට ලෙඩ්ඩු ගෙන්නන clinical classes පවා තියෙනවා. කොච්චර ලෝක පූජිත වෛද්‍ය විද්‍යාලෙකින් උපාධි අරං ආවත් ERPM ශිෂ්‍යයො ටියුෂන් නම් නොයා ඉන්නෑ. ඒ නිසා එයාලගෙත් කල්ල මරේ.
මේව නැවතුණොත් කීදෙනෙකුට ආදායම් නැතිවෙන්න පුළුවන්ද?
මීට අමතරව ඉන්නෙ ඉතින් තම තමන්ගෙ දරුවො විදෙස් රටවල ඉගෙනගන්න වෛද්‍යවරුයි, ආචාර්යවරුයි. එයාලටත් මේ ව්‍යාපාරෙ හරි වටිනවා.
ඔන්න ඕකයි අපි කියන්නෙ විදේශීය වෛද්‍ය උපාධි කියන්නෙම ව්‍යාපාරික ජාලයක්. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඉඳන් පන්ති කරන වෛද්‍යවරු වෙනකන් ලොකු පිරිසක් මේක මත යැපෙනවා. ERPM සමත්වෙන ප්‍රතිශතය ඒ ව්‍යාපාරයෙ පැවැත්මට ඉතා වැදගත්.
ඒකෙන් රටේ වෛද්‍ය අධ්‍යාපනයට කෙලවෙන එක, ලක්ෂ හැට ගාණෙ බදු මුදල් වියදම් කරල හදන දේශීය මෙඩ්ඩන්ට යන එන මං නැතිවෙන එක ඔය කාටවත් අදාළ නැහැ.
ඉතින් ඔය අතරෙ තමා විජිත හේරත් අමාත්‍යතුමා බෙලරුස් ගියෙ. එතුමා වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් සම්මුතීන් වගේකටත් එකඟ උනාලු. ඒ අල්ලපනල්ලෙ තමා එහෙ වෛද්‍ය විද්‍යාලට වලට ලංකාවෙ ශිෂ්‍යයො පටවන නියෝජිත ආයතනකින් එතුම ගිය සාදෙකට අනුග්‍රහය දක්වල තියෙන්නෙ. ඕව මේ අහඹු දේවල්.
ආණ්ඩුවෙ ඇමතිවරු ව්‍යාපාරිකයන්ගෙ ඔඩොක්කු වල නැලවෙද්දි රටේ වෛද්‍ය අධ්‍යාපනය ඉදිරි වසර කිහිපය තුළ ලොකු Graduate Boom එකකින් පුපුරා යන්න නියමිතයි.
(Rashmika Chamod Ranasinghe ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ
සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්..
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..
නීතීඥ සංගමයෙන් ජනපතිට දැඩි විරෝධයක්..