News Category
From Date
To Date
Maximum Number of Result

වමට පාරක්..

Apr 28, 2026 at 09:19 AM
|

2026 අප්‍රේල් 22 වැනි දා බදාදා තමයි වී. අයි. ලෙනින්ගේ 156 වැනි ජන්ම සංවත්සරය යෙදිලා තියෙන්නේ. මේ ලිපිය ඒ වෙනුවෙන්.

=== === === === ===

අපේ වමේ ව්‍යාපාරය ආරම්භ කරලා මේ වෙද්දි අවුරුදු 90 කට වැඩි කාලයක් ගතවෙලා. මේ කාලය තුළ රටේ සමාජ - ආර්ථික ප්‍රගමනය වෙනුවෙන් සැළැකිය යුතු සාධනීය කාර්යයක් කරන්න අපේ වමේ ව්‍යාපාරයට පුළුවන් වෙලා තියෙනවා. ඒ කාර්යය අපේ ඇගැයීමට ලක්වෙන්න ඕන.

රටේ ප්‍රශ්න විග්‍රහ කරලා සාධනීය විසැඳුම් ඉදිරිපත්කිරීමේ හැකියාව අතිනුත් අපේ වමේ ව්‍යාපාරය ඉස්සරහින් ඉන්නවා. දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරපු “ඉදිරිමග” ප්‍රතිපත්ති ප්‍රකාශය මේ සම්බන්ධයෙන් දක්වන්න පුළුවන් ඉතාමත් හොඳ උදාහරණයක්. රෝහණ විජේවීර වුනත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරද්දි “ඉදිරිමග” ප්‍රකාශයේ අදහස් විශාල ප්‍රමාණයක් කොපි කරගෙන තියෙනවා. 2023 අවුරුද්දේ, අපේ කොමියුනිස්ට් පක්‍ෂය “ඉදිරිමගෙන් ඉදිරියට” කියලා තවත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ජනගත කළා. තවමත් ප්‍රමාණවත් සමාජ සංවාදයකට ලක්වෙලා නැතත් “ඉදිරිමගෙන් ඉදිරියට” කියවපු හැම කෙනෙක් ම ඒ ගැන ඉහළ ඇගැයීමක් කරලා තියෙනවා.

මේ සාධනීය දායකත්වයන්ගේ ප්‍රමාණය හුඟක් ඉහළ එකක් වුනත්, රටේ මහා දේශපාලන බලයක් බවට පත්වෙන්න අපේ වමේ ව්‍යාපාරයට පුළුවන් වෙලා නෑ. (මම මේ කියන්නේ පාර්ලිමේන්තුවේ පුටුවක් දෙකක් අල්ලගන්නවා වගේ කෙහෙල්මල් බලයක් ගැන නෙවෙයි. මම මේ පාර්ලිමේන්තු ක්‍රමය තුට්ටුවකටවත් මායිම් කරන්නේ නෑ). අපේ වමේ ව්‍යාපාරයට රටේ මහා දේශපාලන බලයක් බවට පත්වෙන්න බැරිවීම සතුටුවෙන්න පුළුවන් කාරණයක් නෙවෙයි. අපේ වමේ ව්‍යාපාරයට මෙහෙම වෙලා තියෙන්නේ ඇයි? ලෙනින්ගේ 156 වැනි උපන්දිනය යෙදෙන දවසේ අපි මේ කාරණය ගැන විමසීමක් කරමු.

(ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ වමේ පක්‍ෂයක් නොවන බවත් ඒක තනිකර ම අධිරාජ්‍යවාදීන්ගේ අතකොළුවක් බවත් මුලින් ම අවධාරණය කරන්න ඕන. ඉතින් මේ සාකච්ඡාවේ දී ඒ අධිරාජ්‍යවාදී උපකරණය ගැන කියන්නේ නෑ).

මාක්ස්වාදය බිහිවුණේ බටහිර යුරෝපයේ. ඒ, එංගලන්තය මූලිකව බටහිර යුරෝපයේ කාර්මික විප්ලවය සම්පූර්ණ වෙමින් තිබුණු කාලයක. ඒ කාර්මික විප්ලවය තුළින් බිහිවෙච්ච ධනපති පන්තියත් කම්කරු පන්තියත් අතර ගැටුම මාක්ස් සහ එංගල්ස් විසින් නිරීක්‍ෂණය කළා. ධනපති - කම්කරු ගැටුමේ අලගිය මුලගිය තැන් හොයලා බලලා ඒ නිරීක්‍ෂණත් මිනිසාගේ අනාගත වර්ධනය සිද්දවෙන ආකාරය ගැන පුරෝකථනයකුත් මාක්ස්වාදයෙන් ඉදිරිපත් කළා. ඒ වගේ ම, එහෙම පුරෝකථනය කරපු අනාගතය අත්පත් කරගන්න කළ යුතු විප්ලවය පිළිබඳවත් අදහස් ඉදිරිපත් කළා.

ධනපති ක්‍රමය වර්ධනය වෙලා ඒක අධිරාජ්‍යවාදයක් බවට පත්වෙච්ච ආකාරය ලෙනින් නිරීක්‍ෂණය කළා. ධනපති පන්තිය වර්ධනය වෙද්දි කම්කරු පන්තිය 1848 තිබිච්ච විදිහට ම ගල්ගැහිලා තිබුණේ නෑ. (මම මෙතැන 1848 අවුරුද්ද අවධාරණය කරන්නේ මාක්ස් සහ එංගල්ස් විසින් “කොමියුනිට් ප්‍රකාශය” පළ කරපු අවුරුද්ද ඒක නිසයි. ඒක මාක්ස්වාදී ඉතිහාසයේ කඩයිම් අවුරුද්දක්). ද්විත්ව ආකාරයකින් නිර්මාණය වෙච්ච සමාජ සංවිධානයේ එක පාර්ශ්වයක් පරිණාමය වෙද්දි අනිත් පාර්ශ්වය එක තැනක ගල්වෙලා ඉන්නේ නෑ. ඉතින් ධනපති පන්තිය ඒකාධිකාර අධිරාජ්‍යවාදී බලවේගයක් බවට පත්වෙද්දි කම්කරු පන්තියත් පරිණාමය වුණා.

අධිරාජ්‍යවාදී රටවල්වල පුද්ගලවාදී ලිබරල් සමාජයක් නිර්මාණය වෙමිනුයි තිබුණේ. ඒ විපර්යාසයේ ප්‍රතිඵලයක් විදිහට බටහිර අධිරාජ්‍යවාදී රටවල්වල කම්කරු පන්තිය විසිරිලා ගියා. ධනපති පන්තියේ වරප්‍රසාදවලට සහ අල්ලස්වලට යටත්වෙච්ච ඉංග්‍රීසි නිර්ධන පන්තිය යම් ආකාරයක ධනය හිමි පන්තියක් බවටත් පත්වෙන්න පටන්ගත්තා.

ඇත්තෙන්ම, කම්කරු පන්තිය තුළ ඇතිවෙමින් තිබුණු ඒ වෙනස එංගල්ස් සහ ලෙනින් දැක්කා. 1858 ඔක්තෝබර් 7 වැනි දා මාක්ස්ට ලියපු ලිපියකින් “ඉංග්‍රීසි නිර්ධන පංතිය වඩ වඩාත් ධනේශ්වර වෙමින් පවතින” බවක් එංගල්ස් කියනවා. ඒ ක්‍රමයට හැම රටක ම “ධනපති වංශාධිපතියෝ පිරිසක්” (a bourgeois aristocracy) සහ “කම්කරු ධනපති පැළැන්තියක්” (a bourgeois proletariat) හැදීම අරමුණු කරගත්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා කියලා එංගල්ස් තමන්ගේ නිරීක්‍ෂණය මාක්ස්ට විස්තර කරනවා. මේ ධනේශ්වර ව්‍යාපෘතිය ගැන මාක්ස් පවා කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. අධිරාජ්‍යවාදය යටතේ මේ වැඩේ කෙරෙන හැටි 1916 ඔක්තෝබර් මාසයේ දී ලෙනින් ලියපු “අධිරාජ්‍යවාදය සහ සමාජවාදයේ බෙදීම” (Imperialism and the Split in Socialism) කියන ලේඛනයෙන් විස්තර කරලා තියෙනවා.

අධිරාජ්‍යවාදියෝ විසි කරන අතිරික්ත ප්‍රාග්ධනයේ සොච්චමක් කාලා තෘප්තිමත් වෙන කම්කරු සමාජයක් ඇතිවෙමින් තිබෙන බවක් මාක්ස් සහ එංගල්ස් දැක්කේ නෑ. ඒ විපර්යාසය ඉතාමත් හොඳින් ලෙනින් නිරීක්‍ෂණය කළා. ඒ වගේ ම, කම්කරු පන්තියට විප්ලවීය විඥානයක් අත්පත් කරගන්න අමාරු බවත් ලෙනින් දැක්කා. 1902 දී පළ කරපු “කළ යුත්තේ කුමක්ද? - අපේ ව්‍යාපාරයේ දැවෙන ප්‍රශ්න” (What is to be done? Burning questions of our movement) කෘතියෙන් ලෙනින් ඒ ගැන කියනවා.

අධිරාජ්‍යවාදය විසින් ශක්තිමත් කරපු ලිබරල් සංස්කෘතිය නිසා කම්කරු පන්තිය විසිරිලා යෑම සහ අධිරාජ්‍යවාදීන් විසින් විසි කරන ඉඳුල් කාලා ඒ ආධිපත්‍යය වැළැඳගැනීම හින්දා බටහිර යුරෝපයේ (විශේෂයෙන් ම, එංගලන්තයේ) විප්ලවීය ජවය බිඳවැටුණා. බටහිර යුරෝපයේ කම්කරු පන්තිය මේ ආකාරයෙන් බෙලහීනවීම නම් මාක්ස් සහ එංගල්ස් නිරීක්‍ෂණය කරලා තිබුණා.

මාක්ස් සහ එංගල්ස් දෙන්නා තමන්ගේ න්‍යාය වැඩි හරියක් සූත්‍ර ගත කළේ එංගලන්තයේ (ලන්ඩනයේ) ජීවත්වෙද්දි. ධනපති ක්‍රමය හොඳින් මෝරලා තියෙන හින්දා මුල් ම කම්කරු විප්ලවය එංගලන්තයේ ඇතිවෙයි කියලා ඒ දෙන්නා විශ්වාස කළා. ඒත් ප්‍රංශයේ සහ ජර්මනියේ කම්කරුවන්ට තිබුණු විප්ලවීය ජවය එංගලන්තේ කම්කරුවන්ට නැති බවක් මාක්ස් දැක්කා. ඒ හින්දා, මුලින් අයර්ලන්තයේ විප්ලවයක් වෙලා ඒ ගින්න එංගලන්තයට පැතිරෙයි කියලයි මාක්ස් හිතුවේ. කොහොම වුනත් ඒ දේ සිද්දවුණේ නෑ. ලිබරල් සංස්කෘතිය සහ අතිරික්ත ප්‍රාග්ධනය විසින් බටහිර යුරෝපයේ විප්ලවීය බලාපොරොත්තුව මුළුමනිනන් ම ගබ්සා කරලා දැම්මා.

කාර්මික විප්ලවය සිද්දවෙච්ච නැති, ඒ නිසා ම ධනපති පන්තියක් සහ කම්කරු පන්තියක් හරියාකාරව ඇතිවෙච්ච නැති රටවල්වල මාක්ස්වාදය (ඇත්තෙන්ම, මාක්ස් -ලෙනින්වාදය) පැතිරෙන්න පටන්ගත්තා. ඒ රටවල්වල රජ කළේ සාමූහිකත්වය මුල් කරගත්ත සංස්කෘතියක්. ගොවි සමාජවල මේ සාමූහිකත්වය ඉතාමත් ප්‍රබල විදිහට ක්‍රියාත්මක වුණා. ඒ ගොවි සමාජවල බලපෑම ලැබිච්ච කම්කරුවෝ අතරත් සාමූහිකත්වය රජ කළා. මාක්ස්වාදයෙන් යෝජනා කරන්නේ සාමූහිකත්වය පදනම් කරගත්ත නිෂ්පාදන ක්‍රමයක්. ඉතින් සාමූහිකත්වය මුල් කරගෙන නිෂ්පාදන කාර්යයේ නිරතවෙච්ච මිනිස්සුන්ට මාක්ස්වාදයේ ආගන්තුකකමක් දැනුණේ නෑ. ඒ අය මාක්ස්වාදය වැළැඳගත්තා.

කාර්මිකකරණය වෙචච් නැති (එහෙමත් නැතිනම් අඩුවෙන් කාර්මිකකරණය වෙච්ච), කෘෂිකාර්මික සහ යටත්විජිත බවට පත්වෙච්ච (එහෙමත් නැතිනම්, අර්ධ වශයෙන් යටත්විජිත බවට පත්වෙච්ච) රටවල්වල සමාජවාදී විප්ලව ඇවිළුණා. ඒ විප්ලව සෑහෙන ප්‍රමාණයක් ජයග්‍රහණය කරලා සමාජවාදී රාජ්‍ය පද්ධතියක් බිහිවීමත් සිද්දවුණා. නැගෙනහිර යුරෝපය, රුසියාව, චීනය, වියට්නාමය වගේ රටවල්වල අපිට මේ ජයග්‍රහණ නිරීක්‍ෂණය කරන්න පුළුවන්. සාමූහිකත්වයට අනුබල දෙන කතෝලික සංස්කෘතිය බලවත් දකුණු ඇමෙරිකාවේත් සමාජවාදී ව්‍යාපාර බලවත්වෙච්ච බව අපි දන්නවා. දකුණු ආසියාවේ වමේ ව්‍යාපාර ප්‍රචලිත වුණේ බටහිර බෙංගාලයේ, කේරළයේ සහ ලංකාවේ විතරයි. ලංකාවේ අපි වැඩියෙන් ම නෑදෑකම් කියන්නෙත් බෙංගාලයට සහ කේරළයට කියන කාරණයත් අමතක කරන්න එපා.

අපේ ආරම්භක වමේ නායකයන්ට මාක්ස්වාදී ආභාසය ලැබුණේ 1920 ගණන්වල එංගලන්තයේ දී. ඒ වෙද්දි, එංගලන්තයේ මාක්ස්වාදය අච්චාරුවක් බවට පත්වෙලයි තිබුණේ. දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහා බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්‍ෂය එක්ක ගනුදෙනු කළා. 1920 දී ඇති කරපු ඒ පක්‍ෂය විමට බද්ධවෙච්ච එකක්. ඒ වගේ ම, බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්‍ෂය ලෙනින් එක්කත් ගනුදෙනු කරලා තිබුණා. ඇන්. ඇම්. පෙරේරා, ලෙස්ලි ගුණවර්ධන වගේ අය ගනුදෙනු කළේ කම්කරු පක්‍ෂයට සම්බන්ධ හැරල්ඩ් ලැස්කි වගේ අයත් එක්ක. පස්සේ කාලෙක දොස්තර වික්‍රමසිංහ ප්‍රමුඛ කොමියුනිස්ට් පක්‍ෂය සෝවියට් දේශයට ළංවුණා. ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා ප්‍රමුඛ සමසමාජ පක්‍ෂය ට්‍රොට්ස්කිවාදය වැළැඳගත්තා.

1930 දශකය ආරම්භ වෙද්දි අපේ ආරම්භක වමේ නායකයෝ ලංකාවට මාක්ස්වාදය ඇරැගෙන ආවා. හැබැයි ඒ වෙද්දි (ඇත්තෙන්ම අදටත්) ලංකාවේ කාර්මික විප්ලවයක් වෙලා නෑ. අපේ රටේ හිටියේ කොම්ප්‍රදෝරු (තැරැව්කාර) ධනපතියෝ කීප දෙනෙක් විතරයි. අද තත්ත්වයත් ඒක ම තමයි. මේ තැරැව්කාර ධනපතියෝ වැවිලි කර්මාන්තයට, පතල් කර්මාන්තයට, රේන්ද (අරක්කු) කර්මාන්තයට සහ වෙළෙඳාමට යොමුවෙලා හිටියා. මේ වෙද්දි පතල් කර්මාන්තයත් රේන්ද කර්මාන්තයත් නැතිවෙලා. බදු වංචාකිරීම වෙනුවෙන් විතරක් සමහර තැරැව්කාර ධනපතියෝ වැවිලි කර්මාන්තයේ නිරතවෙන බවක් පෙන්නනවා. වෙළෙඳ සහ මූල්‍ය ධනපතියෝ ලොකු බලයක් බවට පත්වෙලා ඉන්නවා. මේ වෙළෙඳ සහ මූල්‍ය ධනපතියෝ කීප දෙනා විසින් ආණ්ඩු මෙහෙයවනවා.

කාර්මික විප්ලවය සිද්දවෙච්ච නැති, කාර්මික ධනපති පන්තියක් නැති සමජයක කම්කරු පන්තියක් උපදින්නේ නෑ. කම්කරු පන්තියක් කියන්නේ අහසින් කඩා පාත්වෙන එකක් නෙවෙයි. ඉතින් අපේ වමේ ව්‍යාපාරයට කම්කරු විප්ලවයක් මෙහෙයවන්න විදිහක් නෑ. මේ කියන්නේ අපේ රටේ සමාජවාදී විප්ලවයක් කරන්න බෑ කියන එක නෙවෙයි. අපේ රටේ අනිවාර්යයෙන් ම සමාජවාදී විප්ලවයක් කරන්න ඕන. ඒ වගේ ම, අපේ රටේ සමාජවාදී විප්ලවයක් කරන්නත් පුළුවන්.

අපේ රටේ සමාජවාදී විප්ලවය කරන්න පුළුවන් කොහොම ද? ඒ සඳහා පාරක් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ව්‍යවස්ථාවෙන් ම පෙන්නලා දීලා තියෙනවා. “ව්‍යවහාරයේ දී මාක්ස්-ලෙනින්වාදී ඉගැන්වීම් ශ්‍රී ලංකාවේ නිශ්චිත තත්ත්වයන්ට නිර්මාණාත්මක ලෙස ගැලපීමට කටයුතු කරන” බව අපේ කොමියුනිස්ට් පක්‍ෂයේ ව්‍යවස්ථාවේ මුල් පිටුවෙන් ම කියලා තියෙනවා. ඒ වගේ ම, අනිත් රටවල්වල විප්ලවවාදී “අත්දැකීම් සුදුසු අවස්ථාවල දී අපේ තත්ත්වයන්ට නිර්මාණාත්මක ලෙස ගැලපීමට” කටයුතු කරන බවත් කොමියුනිස්ට් පක්‍ෂ ව්‍යවස්ථාවේ සඳහන්. ඊට අමතරව, “ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට මාක්ස්-ලෙනින්වාදයේ විද්‍යාව ගැලැපීම” සාමාජිකයන්ගේ වගකීමක් බවත් කොමියුනිස්ට් පක්‍ෂ ව්‍යවස්ථාවෙන් කියලා තියෙනවා.

මාක්ස් - ලෙනින්වාදය අපේ රටේ තත්ත්වයන් එක්ක නිර්මාණාත්මකව ගැලැපීමේ කාර්යය අනිවාර්යයෙන් ම කළ යුත්තක්. මුල දී, එංගලන්තයෙනුත් පස්සේ සෝවියට් දේශයනුත් ලබාගත්ත ධර්මයක් අපේ තත්ත්වයන්ට ගලප්පන්නේ නැතුව ඒ විදිහට ම ක්‍රියාත්මක කරන්න අපිට බෑ. මේ කාරණයට කොමියුනිස්ට් පක්‍ෂය මූලිකත්වයක් දීලා තියෙන බව පක්‍ෂ ව්‍යවස්ථාවේ විධිවිධානවලින් ම පැහැදිළිවෙනවා.

මෙහෙම ගැලැපීමක් කරන්නන් වාලේ කරන්නත් බෑ. ඒ වෙනුවෙන් දැනුම (විද්‍යාව) සහ භාවිතය (චරණය) මූලික කරගත්ත පර්යේෂණ කාර්යයක් කරන්නත් වෙනවා. ඇත්තෙන්ම, ඒ වෙනුවෙන් වැඩපිළිවෙළකුත් අපේ කොමියුනිස්ට් පක්‍ෂය ආරම්භ කරලා තියෙනවා. ඒ, පක්‍ෂයේ “මාක්ස්වාදී පර්යේෂණ ආයතනය” ආරම්භ කිරීමෙන්. ඇත්තෙන් ම, කොමියුනිස්ට් පක්‍ෂයේ “මාක්ස්වාදී පර්යේෂණ ආයතනය” ආරම්භ කළෙත් ලෙනින්ගේ උපන්දිනය සමරන දවසක. ඒ, 2024 අප්‍රේල් 22 වැනි දා. එ දා ඉඳලා මේ දක්වා ගතවෙච්ච අවුරුදු දෙකක කාලය තුළ අපි මේ පර්යේෂණ කාර්යයට අදාළ මූලික වැඩ ගණනාවක් ම කරලා තියෙනවා. මේ වැඩේ තවත් ඉස්සරහට කළ යුතු බව අපි දන්නවා. මේ පර්යේෂණ කාර්යය තුළින් අපේ වමේ ව්‍යාපාරය රටේ මහා දේශපාලන බලයක් බවට පත් කරන මාර්ගය හොයාගන්න පුළුවන් බවත් අපි දන්නවා.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති


සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.