කඩාවැටෙන ගෝලීය ආර්ථිකය තුළ පළමු වින්දිතයෝ කවුරුන්ද?

ලෝක ආර්ථිකය දැන් භයානක නව අදියරකට පිවිසෙමින් පවතී. අඩු මිලේ ශක්තිය (energy) අහිමි වෙමින් පවතින අතර, වෙළඳ මාර්ග බිඳ වැටෙමින් තිබේ. එසේම ඩොලර් ට්‍රිලියන 102ක් වූ ලෝක ණය බර පවත්වාගෙන යාම දිනෙන් දිනම අසීරු වෙමින් පවතී. මෙම පීඩනය සියලු රටවලට එකසේ බලපාන්නේ නැත—සමහර රටවල් අනෙක්වාට වඩා වැඩි අවදානමකට මුහුණ දෙමින් තිබේ.
මෙම ලිපිය මහාචාර්ය Jiang Xueqin විසින් ඉදිරිපත් කළ “The Nations That Will Collapse First: A Country-by-Country Economic Countdown” නම් YouTube සාකච්ඡාවක් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් මත පදනම් වේ. ඉතිහාස චක්‍ර හා ලෝක බල පරිවර්තන පිළිබඳ විශ්ලේෂණය සඳහා ප්‍රසිද්ධ චීන අධ්‍යාපනවේදියෙකු සහ බුද්ධිmatheකු වන ඔහු, සංවර්ධනය වෙමින් පවතින සහ දියුණු ආර්ථික ද්විත්වයම තුළ ව්‍යුහමය දුර්වලතා කෙසේ මතු වෙමින් ඇතිද යන්න විස්තර කරයි.
ඔහුගේ අදහස් මත පදනම්ව, මෙම විශ්ලේෂණය ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය, ඊජිප්තුව, අප්‍රිකාවේ කොටස් මෙන්ම ජර්මනිය, ජපානය සහ දකුණු කොරියාව වැනි විශාල කාර්මික ආර්ථිකයන් ද ඇතුළත් කරමින් රටින් රට ආර්ථික අවදානම විමර්ශනය කරයි.
අනුවර්තනය ජීවන්ත ජයතිස්ස
පවතින යුද්ධය සහ එයට මැදිහත්ව සිටින දේශපාලනඥයන් මදකට අමතක කරමු. එහෙත් අප මේ ගෙවමින් සිටින දශකයේ වඩාත්ම හදිසි ප්‍රශ්නය වන්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල කිසිවෙකු අසන්නේ නැති ප්‍රශ්නයකි. එනම් "පළමුව කුමන රටවල් බිඳ වැටේවිද?" යන ප්‍රශ්නයයි.
පසුගිය වසර 40 සිට 50 දක්වා කාලය තුළ, සමස්ත ගෝලීය ආර්ථිකයම රඳා පැවතුනේ බිඳෙනසුලු කුළුණු තුනක් මතය. එනම්, ලාභ බලශක්තිය, විවෘත වෙළඳ මාර්ග සහ දැරිය හැකි ණය යන කුළුණු තුනය. සෑම කර්මාන්ත ශාලාවක්ම, සෑම සැපයුම් දාමයක්ම, සෑම උකස් ගෙවීමක්ම, සෑම විශ්‍රාම වැටුප් අරමුදලක්ම ඇතුළුව සියල්ල ගොඩනඟා ඇත්තේ බලශක්තිය ලාභදායී වනු ඇති බවටත්, භාණ්ඩ දේශසීමා හරහා නිදහසේ ගලා යන බවටත්, ඕනෑම ගැටලුවක් විසඳීම සඳහා රජයන්ට සෑම විටම අඩු පොලී අනුපාතවලට වැඩි ණය ලබා ගත හැකි බවටත් උපකල්පනය කරමිනි. එහෙත් මේ වන විට උපකල්පන තුනම එකවර බිඳ වැටෙමින් තිබේ.
බලශක්ති මිල ඉහළ යමින් පවතී. තීරුබදු, සම්බාධක සහ වෙනත් විවිධ බාධා යටතේ ගෝලීය වෙළඳාම ඛණ්ඩනය වෙමින් පවතී. ගෝලීය රාජ්‍ය ණය ප්‍රමාණය වාර්තාගත ඩොලර් ට්‍රිලියන 102 කට ළඟා වී ඇති අතර, 2025 සහ 2027 අතර කාලය තුළ OECD ( Organisation for Economic Co-operation and Development. ) හෙවත් ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වන සංවිධානය විසින් නිකුත් කළ ස්වෛරී ණය වලින් හරි අඩකට ආසන්න ප්‍රමානයක් කල් පිරෙන්නේ එම ණය නිකුත් කළ කාලයේ තිබූ පොලී අනුපාතයට වඩා බෙහෙවින් වැඩි පොලී අනුපාත යටතේය.
එක් අර්ථයකින් ගත් කළ මෙය අර්බුදයක්ම නොවේ. එය ව්‍යුහාත්මක නැවත දිශානතියකි. ඒ අනුව එම උපකල්පන තුන මත වැඩිපුරම යැපෙන ජාතීන් පළමුව බිඳ වැටෙනු ඇත.
බංග්ලාදේශය: 95% ගැටලුව
මෙම ප්‍රතිශතාත්මක සංඛ්‍යාව දෙසට හොඳින් අවධානය යොමු කරමු. ඒ අනුව, බංග්ලාදේශය එහි තෙල්වලින් 95% ක් ආනයනය කරන බව පෙනී යයි. එහි කර්මාන්තශාලා, ප්‍රවාහනය සහ කෘෂිකර්මාන්තය බලගන්වන සෑම ඉන්ධන බිංදුවක්ම පාහේ ලෝකයේ වෙනත් තැනකින් පැමිණේ. මේ වන විට, බංගලාදේශයේ සමහර දිස්ත්‍රික්කවල පෙට්‍රල් පොම්ප දැනටමත් වියළී ගොස් ඇත. රට තුළ ඉන්ධන සලාකනය ක්‍රියාත්මක වේ. බංගලාදේශය සතු ඛනිජ තෙල් සංචිත දින කිහිපයක් පමණක් පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇත.
බංග්ලාදේශය සරල සූත්‍රයක් මත ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ඇඟලුම් නිෂ්පාදන ආර්ථිකයක් බවට පත් විය. එනම්, ලාභ ශ්‍රමය, ලාභ බලශක්තිය, ලාභ නැව්ගත කිරීම යන සරල සූත්‍රය මත බංගලාදේශයේ ඇඟලුම් නිෂ්පාදන ආර්ථිකය රඳා පවතී. නමුත් බලශක්තිය තවදුරටත් ලාභදායී නොවන විට බංග්ලාදේශ ආර්ථිකයට කුමක් සිදුවේද? කර්මාන්තශාලා මන්දගාමී වේ. අපනයන නතර වේ. ඒ නිසාම ඊළඟ ඉන්ධන නැව්ගත කිරීම සඳහා ගෙවීමට විදේශ මුදල් පැමිණෙන්නේ නැත. අඩු ඉන්ධන සැපයීම යනු අඩු නිෂ්පාදනයයි. අඩු නිෂ්පාදනය යනු අඩු අපනයන ආදායමයි.නැවත අඩු අපනයන ආදායම යනු අඩු ඉන්ධන ය. එය න්‍යායක් නොවේ. එය මරණ සර්පිලයකි. බංග්ලාදේශයේ දැන් එම මරණ සර්පිලය ක්‍රියාත්මක වෙමින් පවතී.
පකිස්ථානය: කෙළවරේ ජීවත් වීම
පාකිස්තානය තම බල ශක්ති අවශ්‍යතාවයෙන් 80% ක් පමණ ගල්ෆ් කලාපයෙන් ආනයනය කරයි. වත්මන් යුද්ධයට පෙර සිටම එය දැඩි ආතතියකට ලක්ව තිබුණි. අස්ථායී මුදල් තත්වය, ඉහල යන උද්ධමනය, නැවත නැවතත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන ණය පකිස්ථාන ආර්ථිකයේ මෙම ආතතියට හේතු වී තිබේ.
ඩීසල් යනු පකිස්ථානයේ භාණ්ඩ ප්‍රවාහන හා කෘෂිකර්මාන්තයේ කොඳු නාරටියයි. ට්‍රක් රථවලින් කෙරෙන ප්‍රවාහන පිරිවැය ඉහළ යන විට, අනෙක් සියල්ල ද එසේම වේ. එනම්, තිරිඟු පිටි, පොහොර, ඖෂධ, ඉදිකිරීම් ද්‍රව්‍ය ඩීසල් වල මිලට සමාන්තරව ඉහළ යයි. සාමාන්‍ය පවුල් සඳහා, මෙය වියුක්ත ආර්ථික විද්‍යාව නොව ඊළඟ මාසයේ දරුවන් පෝෂණය කිරීමට දෙමව්පියන්ට හැකිද යන්න පමණයි.
ඊජිප්තුව: විදුලි පහන් නිවී යන තත්වයක් තුළ
ඊජිප්තුව මැද පෙරදිග සිටින විශාලතම බලශක්ති ආනයනකරුවන්ගෙන් කෙනෙක් වන අතරම කලාපයේ වඩාත්ම ණයගැති ආර්ථිකයන්ගෙන් එකකි. බලශක්ති සංරක්ෂණය කිරීම සඳහා සාප්පු සංකීර්ණ, වෙනත් සාප්පු සහ අවන්හල් ඉක්මනින් වසා දැමීමට රජය දැනටමත් නියෝග කර ඇත. පොදු ස්ථානවල ඇති විදුලි ආලෝකය කපා හැර ඇත. රජයක් විදුලි පහන් නිවා දැමීමට පටන් ගන්නා මොහොත යනු රජය තාවකාලික බාධාවක් කළමනාකරණය නොකරන බවට වන සාක්ෂියක් වන අතර එම රජය ව්‍යුහාත්මක සම්පත් හිඟයක් කළමනාකරණය කිරීමට ආරම්භ කරනු ලබයි.
ඊජිප්තුව ද තම පරිභෝජනයට අවශ්‍ය තිරිඟු වලින් සැලකිය යුතු කොටසක් ආනයනය කරයි. බල ශක්තිය සඳහා ගෙවිය යුතු මිළ ගණන් ඉහළ යන විට, පොහොර මිළ ඉහළ යයි. පොහොර මිළ ඉහළ යන විට, ආහාර මිළ ඉහළ යයි. මිලියන 100 කට අධික ජනතාවක් සිටින රටක, බොහෝ දෙනෙක් දැනටමත් තම ආදායමෙන් වැඩි කොටසක් ආහාර සඳහා වියදම් කරන තත්වයක් තුළ ආර්ථික ගලපා ගැනීමක් සාකච්ඡා කිරීම පවා කළ නොහැකිය. ඒ අනුව ඊජිප්ත්තු සමාජය "සමාජ අස්ථාවරත්වය" අත්විඳිනු ලැබේ. අරාබි වසන්තය ඇති වූයේ සමාජ මාධ්‍ය නිසා නොවේ. එය ආහාර මිල ගණන් ඉහළ යාම නිසා ඇති විය. එම තත්වයන් නැවත මතුවෙමින් පවතින අතර තත්වය පෙරට වඩා නරක අතට හැරී ඇත.
අප්‍රිකාව: ලෝකය නොසලකා හරින මහාද්වීපය
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව 2026 වර්ෂයේදීත් ව්‍යසනකාරී තත්වයන්ට මුහුණ දෙන අප්‍රිකානු රටවල් කිහිපයක්ම හඳුනාගෙන තිබේ. එම රටවල් වන්නේ,
දකුණු සුඩානය: රජයේ ආදායමෙන් 90% ක් ලැබෙන්නේ තෙල් අපනයන වලින් වන අතර සුඩානයේ අසල්වැසියන් යුද්ධයකට මැදිහත්ව සිටින බැවින් තෙල් අපනයනයට බාධා එල්ල වී තිබේ.
ඉතියෝපියාව: එක්සත් ජනපදය ඩොලර් මිලියන 387 ක අරමුදල් කපා හැරීම හේතුවෙන් මිලියන ගණනකට ආහාර බෙදා හැරීම නැවතී ඇති අතර කාන්තාවන් සහ ළමුන් 650,000 ක් සඳහා ලබා දෙන මන්දපෝෂණ ප්‍රතිකාරවලට දැඩි බාධා එල්ල වී තිබේ.
බුර්කිනා ෆාසෝ: සන්නද්ධ කණ්ඩායම් මේ වන විට නගර අවහිර කර, මිලියනයකට අධික ජනතාවකට මානුෂීය ලැබීම ආධාර කපා හැර තිබේ.
උප සහරා කළාපය පුරා, අප්‍රිකාවේ සමස්ථ පැතිරී තිබෙන ජනගහනයෙන් අඩකට වඩා ජීවත් වන්නේ සෞඛ්‍ය හෝ අධ්‍යාපනයට වැය කරනවාට වඩා ණය පොලී ගෙවීම් සඳහා වැඩි මුදලක් වැය කරන රටවල ය. තමන්ගේම ජනතාව ජීවතුන් අතර තබා ගැනීමට සහ අධ්‍යාපනය ලබා දීමට වඩා ණය හිමියන්ට ණය ගෙවීමට එම රටවලට සිදුව තිබේ. ඒ රටවල ඇත්තේ ආර්ථිකයක් නොවන ණය උගුලකි. බලශක්තියට ගෙවිය යුතු මුදල ඉහළ ගොස් ආහාර එය අනුගමනය කරන විට, මෙම ජාතීන්ට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීම උරුම කර දී ඇත. බෝම්බ වැටෙන්නේ ඉරානයට නමුදු කුසගින්න අප්‍රිකාවට පැමිණ තිබේ.
ජර්මනිය: මන්දගාමී බිඳවැටීම
ජර්මනියට එක රැයකින් ඉන්ධන අවසන් නොවනු ඇත. නමුත් එය තර්කානුකූලවම වඩාත් භයානක ත්ත්වයක් අත්විඳිමින් සිටී. එනම් ව්‍යුහාත්මක නිර්කාර්මිකකරණය.
ජර්මනිය යුරෝපයේ බලවත්ම නිෂ්පාදන ආර්ථිකය වන අතර එය ලාභ රුසියානු ස්වාභාවික වායුව මත ගොඩනඟා ඇත. රසායනික කම්හල්, වානේ කම්හල්, මෝටර් රථ කර්මාන්තශාලා සහ සමස්ත සුළු හා මධ්‍යම ප්‍රමානයේ කර්මාන්ත ක්ෂේත්‍රයම බලගන්වයි. මේ වන විට ඒවායෙහි පදනම අහිමි වී ඇත.
2019 සිට ජර්මනිය කාර්මික අංශයේ රැකියා 400,000 ක් පමණ අහිමි කර ඇත. 2024 සහ 2025 දී පමණක්, එරට නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය වන මෝටර් රථ, යන්ත්‍රෝපකරණ, රසායනික ද්‍රව්‍ය සහ ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදන අංශයන්හි තවත් තනතුරු 248,000 ක් අහිමි කර ඇත. මෝටර් රථ නිෂ්පාදනය 2017 දී වාහන මිලියන 5.6 සිට 2026 දී ප්‍රක්ෂේපිත මිලියන 3.4 දක්වා පහත වැටී ඇත. BSF, Volkswagen සහ Siemens යන සමාගම් වල ආයෝජන විදේශගත කරමින් සිටී. ජර්මනියේ ආයෝජනය කිරීමට පක්ෂව කතා කිරීමට තරම් සාධක කිසිවක් තවදුරටත් නොමැති බව Siemens හි බදු සේවා ප්‍රධානියා ප්‍රසිද්ධියේ පැවසීය. 2023 සහ 2024 යන වර්ෂ දෙකෙහිම දළ දේශීය නිෂ්පාදිතය හැකිලී ගොස් තිබේ. මෙය දශක දෙකකට වැඩි කාලයක් තුළ පළමු වරට අඛණ්ඩව වාර්ෂික පහත වැටීම සනිටුහන් කර තිබේ. 2022 සහ 2025 කාලය අතර ගෑස් සහ විදුලි මිල පිළිවෙලින් 74% සහ 14% කින් ඉහළ ගියේය. ඉන්පසු ඉරාන යුද්ධය තෙල් මිල තවදුරටත් ඉහළ නැංවීය.
ජර්මනිය හදිසියේ කඩා වැටෙන්නේ නැත. නමුත් ජර්මනිය සෙමින් කඩා වැටෙමින් පවතී. මන්දගාමී කඩා වැටීම් වඩාත් භයානක වේ. මන්ද මිනිසුන් කඩා වැටීම අත් දකින විට එය ආපසු හැරවීමට ප්‍රමාද වැඩි වීම නිසාය.
ඩොලර් ට්‍රිලියන 102 ක උගුල
ගෝලීය රාජ්‍ය ණය 2024 දී ඩොලර් ට්‍රිලියන 102 දක්වා අගයකට ළඟා විය. මෙම දශකය අවසන් වන විට එය ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 100% ඉක්මවනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කරයි. සංවර්ධනය වෙමින් පවතින රටවල් පමණක් වාර්ෂික ණය සේවා පිරිවැයෙන් ඩොලර් ට්‍රිලියන 1.4 ක ප්‍රමානයක් ගෙවීමට කටයුතු කරයි. ලෝක ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් එනම් බිලියන 3.4 ක ජනතාවක් සෞඛ්‍ය හෝ අධ්‍යාපනයට වැයකරනවාට වඩා ණය වාරික වල පොලිය ගෙවීමට වැඩි මුදලක් වියදම් කරන රටවල ජීවත් වෙති.
පොලී අනුපාත බිංදුවට ආසන්න වූ පසුගිය කාල සීමාවේදී ,සෑම් රජයක්ම පාහේ කිසිදු අතිරේක ගෙවීමකින් තොරවම මුදල් ණයට ගත්හ. ඔවුන් 2008 අර්බුදය හරහා, COVID හරහා, ආර්ථිකයට උත්තේජනය සැපැයීම, යටිතල පහසුකම්, හමුදා වියදම් සඳහා මුදල් ණයට ගත්හ. පොලී අනුපාත අඩු මට්ටමක පවතින තාක් කල් මෙම ක්‍රමය ක්‍රියාත්මක විය. දැන් අනුපාත ඉහළ ගොස් ඇති අතර, ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වන සංවිධානය විසින් නිකුත් කළ ස්වෛරී ණය වලින් 45% ක් පමණ 2025 සහ 2027 අතර කාලය තුල පරිණත වේ.ඒ අනුව ලෝක මූල්‍ය පද්ධතියට ණය ආපසු ගෙවීම්වල විශාල රැල්ලක් එල්ලවෙමින් පවතින අතර ඒ සමඟම බලශක්ති මිල ඉහළ යාම, වෙළඳාම කඩාවැටීම සහ ආර්ථික වර්ධනය මන්දගාමී වීම ද සිදුවෙමින් පවතී.
ධනවත් ජාතීන්ට මෙය වේදනාකාරී නමුත් කළමනාකරණය කළ හැකිය. සංවර්ධනය වෙමින් පවතින ජාතීන් සඳහා, එය අනිවාර්යෙන්ම විනාශකාරීය. ඔවුන් ඩොලර් වලින් ණයට ගත්හ. භූ දේශපාලනික අවිනිශ්චිතතාවය විසින් ආයෝජකයින් ඩොලරය දෙසට තල්ලු කරන විට, ඩොලරය ශක්තිමත් වේ. එලෙසම සෑම ණයට ගත් ඩොලරයක්ම දේශීය මුදල් අනුව වඩා මිල අධික වේ. ඒ අනුව ණය ගැතියාගේ ජාතික මුදල් ඒකක දුර්වල වේ. ණය ගැතියාගේ ණය තව තවත් වර්ධනය වේ. ණය ගැතියාගේ සෞඛ්‍ය, අධ්‍යාපනය, යටිතල පහසුකම් සඳහා වෙන් කළ වියදම් කපා හැරීමට සිදුවේ. ණය ගැතියාගේ ආර්ථිකය තවදුරටත් මන්දගාමී වේ. ණයගැති රටවල මුදල් ඒකක තවත් දුර්වල වේ. යමක් කැඩී යන තුරු සර්පිලාකාරය දිගටම පවතී.
ඉතිහාසයේ රටාව
අපි මෙය මීට පෙර දැක ඇත්තෙමු. 1930 ගණන්වල මහා අවපාතය ගෝලීය වෙළඳාමේ බිඳවැටීමක් ඇති කළේය. අපනයන මත යැපෙන ජාතීන් ඔවුන්ගේ ආර්ථිකයන් විනාශ වූ බව දුටුවේය. ආනයනය මත යැපෙන ජාතීන්ට තවදුරටත් මූලික භාණ්ඩ ලබා ගත නොහැකි විය. ඉන්පසු සිදු වූයේ වෙළඳවාදය වැනි ආරක්ෂණවාදයන් ඉස්මුතු වීමය. ඒ අනුව සෑම ජාතියක්ම තම ජාතිය පිළිබඳව පමණක් සිතා කටයුතු කරන්නට විය. අවසානයේ යුද්ධය ආරම්භ විය.
යහපත් කාලවලදී ආර්ථික අන්තර් රඳා පැවැත්ම හොඳින් ක්‍රියාත්මක වේ. නමුත් පද්ධතිය බිඳ වැටෙන විට, වඩාත්ම යැපෙන ජාතීන් පළමුව සහ නරකම ලෙස පීඩා විඳිති. දැන්, පද්ධතිය බිඳ වැටෙමින් පවතී.
බංග්ලාදේශය, පකිස්ථානය, ඊජිප්තුව, ලෙබනනය, ශ්‍රී ලංකාව, උප සහරා අප්‍රිකාවේ ජාතීන් මේ කණ්ඩායමට අයත් වේ. මේ රටවල් පර්යන්ත ආර්ථිකයන් තිබෙන රටවල් නොවේ. මේවා සක්‍රීයව විනාශ වෙමින් පවතින පද්ධති මත යැපෙන මිලියන සිය ගණනක් ජනතාවගේ නිවහන වේ.
නමුත් සැබවින්ම තේරුම් ගත යුතු දේ වන්නේ ඉහත සඳහන් කළ සාධක සරලව මුලින්ම පහත වැටෙන බවයි. බලශක්තිය මිල අධික ලෙස පවතී නම්, වෙළඳාම දිගටම ඛණ්ඩනය වේ නම් සහ ණය සංයුක්ත වෙමින් පවතී නම්, අර්බුදය සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ පමණක්ප වතින්නේ නැත. එය දාමයේ ඉහළට ගමන් කරයි. ජර්මනියට, දකුණු කොරියාවට, ජපානයට, අද ස්ථාවර ලෙස පෙනෙන නමුත් එකම බිඳෙනසුලු උපකල්පන මත ගොඩනගා ඇති ජාතීන්ට එහි ආනිසංශ ලැබෙනු ඇත.
ඔබ හැදී වැඩුණු ලෝකය හෙවත් ලාභ බලශක්තිය, ලාභ ආහාර, ගෝලීය වශයෙන් සියල්ල ලාභ ලෙස ලබා දෙන ලෝකය අවසන් වෙමින් පවතී. එම අවසාන වීම එක රැයකින් සිදු නොවේ. නමුත් එය අවසන් වෙමින් පවතී. දැන් මෙම සංක්‍රාන්තිය තේරුම් ගන්නා ජාතීන් පෙර පැවැති සාමාන්‍යය තත්වය නැවත පැමිණෙන තෙක් බලා සිටින අයට වඩා මූලික වශයෙන් ශක්තිමත් ස්ථානයක සිටිනු ඇත. මක්නිසාද යත් පෙර පැවැති සාමාන්‍යය තත්වය නැවත පැමිණෙන්නේ නැත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ
සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්..
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..
නීතීඥ සංගමයෙන් ජනපතිට දැඩි විරෝධයක්..