තීරණාත්මක මංසන්ධියක අභියෝගය: ශ්‍රී ලංකාවේ ආහාරවල අනාගතය යළි අත්පත් කර ගැනීම - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ විසිනි..
ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 110 වැනි ජන්ම සංවත්සරය අප්‍රේල් 17 වැනිදාට යෙදී තිබුණි. එය හුදෙක් මතකයන් අලුත් කරන මොහොතකට වඩා වැඩි යමක් එහි තිබේ. එය නම් ඒ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර ක්‍රියාත්මක වීමට අපට ආරාධනා කරයි.
දරුණු විදේශ විනිමය අර්බුදයකට මුහුණ දුන් ඇයගේ 1970 සමගි පෙරමුණු රජය, ආනයන ආදේශන නිෂ්පාදනය සහ ආහාරවලින් ස්වයංපෝෂිත වීම සඳහා රැඩිකල් වැඩපිළිවෙළක් ආරම්භ කළේය. මෙය හුදු බියක් නිසා ගත් තීරණයක් නොවේ. එය එවකට ලෝකයේ පැවති තත්ත්වයට ලබා දුන් තාර්කික ප්‍රතිචාරයකි. එම කාලයේ ගෝලීය ආහාර හිඟය හේතුවෙන් සාගත සහ සිවිල් නොසන්සුන්තාවන් හටගත් අතර, එවකට සිටි සුපිරි බලවතුන් වූ ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය පවා ධාන්‍ය හිඟයට සහ මිල ඉහළ යෑමේ කම්පනයන්ට මුහුණ දුන්හ. 1972-75 ලෝක ආහාර අර්බුදය සැබෑවක් වූ අතර, ශ්‍රී ලංකාව වැනි කුඩා ජාතීන්ට කුසගින්නේ සිටීමට සිදු වේ යැයි බිය වීමට ඕනෑ තරම් හේතු තිබුණි.
බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රතිපත්තිවල ප්‍රතිඵල හොඳ සහ නරක යන දෙකම මිශ්‍ර විය. ආනයනික ආහාර තහනම් කිරීම නිසා දේශීයව හිඟයක් ඇති වුවද, ස්වයංපෝෂිතභාවය අතින් යම් ප්‍රගතියක් ලැබූ අතර අවසානයේ ආර්ථිකය දැඩි පීඩනයකට ලක් විය. එහෙත් තමන්ගේම පසෙන් ජාතිය පෝෂණය කිරීමේ මූලික අභිලාෂය කිසිවිටෙකත් වැරදි නොවීය. එය එදා මෙන්ම අදටත් පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකි.
අද ශ්‍රී ලංකාව සිටින්නේ ද එවැනිම ප්‍රපාතයක් අද්දරය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ආර්ථිකය හැකිළීම ගැන අනතුරු අඟවයි. ආහාර උද්ධමනය, සැපයුම් දාමයන් බිඳවැටීම සහ මන්දපෝෂණය මිලියන සංඛ්‍යාත ජනතාවකට බලපාමින් තිබේ. නැවත වතාවක් ලෝකය අස්ථාවර වී ඇත. නැවත වතාවක්, ආනයන ලැබෙන තෙක් බලා සිටීම සූදුවකි. එහෙත් පැරණි ප්‍රතිපත්ති එලෙසම ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් නොවේ. අප ඉන් ඔබ්බට ගොස් වඩාත් බුද්ධිමත් ලෙස එය සිදු කළ යුතුය.
1970 දශකයේ සැබෑ පාඩම ඕනෑම මිලක් ගෙවා හුදකලා වීම නොව, පෝෂණීය ප්‍රඥාව මත පදනම් වූ ජාතික ආහාර ස්වෛරීභාවයක අවශ්‍යතාවයයි. අපට අවශ්‍ය වන්නේ අප වගා කරන්නේ කුමක්ද යන්න පමණක් නොව, අප ආහාර ගන්නා ආකාරය ද ප්‍රතිසංවිධානය කරන ව්‍යාපාරයකි. එහි තේරුම:
කැලරි අවශ්‍යතාවයේ සිට පූර්ණ පෝෂණය දක්වා: දේශීය වශයෙන් බහුල ඛනිජ ලවණ, ශක්තිය සහ විටමින් වලින් පොහොසත් රතු සහල්, කුරක්කන්, කොස්, බතල/මඤ්ඤොක්කා, වට්ටක්කා, කෙසෙල් සහ පලා වර්ග දෙසට අපගේ ආහාර පිඟාන යොමු කිරීම.
ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම:ආහාරවේදීන් විද්‍යාත්මක පදනමින් සකස් කරන, ගොවීන් බීජ ලබා දෙන, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් (influencers) ඒ පිළිබඳ අභිමානයක් ඇති කරන සහ ජාත්‍යන්තර සූපවේදීන් පවා ලංකාවේ අමුද්‍රව්‍ය ලෝක සිතියමට ගෙන යන ව්‍යාපාරයක්.
ගෝලීය අත්දැකීම්වලින් ඉගෙනීම: තායිලන්තයේ "ගෝලීය තායි" (Global Thai) වැඩසටහන සහ නයිජීරියාවේ "ජොලොෆ් යුද්ධ" (Jollof Wars) වැනි උදාහරණ පෙන්වා දෙන්නේ දේශීය ආහාර, සංස්කෘතික බලයේ සහ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාවේ මූලාශ්‍රයක් වීමට හැකි බවයි.
මෙය දුෂ්කරතාවයක් නොව ආනයනික, සැකසූ ආහාරවල ඇති හිස්බවෙන් නිදහස් වීමකි. මෙය සෞඛ්‍ය සම්පන්න, රසවත් සහ ගෞරවනීය ආහාර රටාවකට නැවත පැමිණීමකි. එය එකවරම ශරීරයත් ජාතියත් ශක්තිමත් කරයි.
මෙම අවස්ථාව සදහටම පවතින්නේ නැත. ප්‍රමාද වන සෑම මොහොතකම පරාධීනත්වය තව තවත් ගැඹුරු වේ. නමුත් අප දැන් එක්සත්කමින් සහ නිර්මාණශීලීව ක්‍රියා කළහොත්, අපට මෙම අර්බුදය නවෝදයක් බවට පත් කළ හැකිය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට උපහාර දැක්විය යුත්තේ අතීතය නැවත කිරීමෙන් නොව, ඇය ආරම්භ කළ දේ සම්පූර්ණ කිරීමෙනි: එනම් තමන්වම පෝෂණය කරන, යහපත් සහ බුද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමෙනි.
තීරණය ඇත්තේ අප අතේය. ජීවිතයේ මාවත තෝරා ගනිමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්