News Category
From Date
To Date
Maximum Number of Result

අප මේ එළඹ සිටින්නේ පසුගිය "වසර සියය" ඇතුළත ලෝකය මුහුණ දෙන භයානකම සහ තීරණාත්මකම කාල පරිච්ඡේදයටයි..

Apr 6, 2026 at 09:41 AM
|

අද අපේ රටේ ගෘහස්ථ ගෑස් සිලිඩර් මිල විශාල ප්‍රතිශතයකින් වැඩි වුණා. මේවා අහද්දී දකිද්දී තවම හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ "තව ටික දවසකින් මේ ප්‍රශ්න ඉවර වෙයි, අපට ආයෙත් පරණ පුරුදු ජීවිතයට යන්න ලැබෙයි" කියල. එහෙම වෙනවා නම් කොච්චර හොදද?  මුලින්ම කියනවා ඒ නිසා මේ ලිපිය කියවලා කලබල වෙන්න එපා කියල. මම මේ ලියන්නේ ලෝකයේ ප්‍රකට ආර්ථික, දේශපාලන හා යුධ විචාරකයෙක් වෙන ජියෑං යුයිචින් පවසන "හාත්පසින්ම වෙනස් කතාව" ගැන.  

ඇත්තටම මම මේ ලිපිය ලිව්වේ අද නෙවෙයි. ඉරානයේ අද වුණු සිදුවීමක් ගැන තොරතුරු හොයන අතර තමයි මෙහෙ ගෑස්, ගෑස් පෙන්නුවේ! එතකොටම මට මතක් වුණේ  යුයිචින් කියපු බියකරු පුරෝකථනය.. 

ඔහු පවසන පරිදි 2026 වසරේ අප මේ එළඹ සිටින්නේ පසුගිය "වසර සියය" ඇතුළත ලෝකය මුහුණ දෙන භයානකම සහ තීරණාත්මකම කාල පරිච්ඡේදයටයි. මෙය කිසිසේත් තාවකාලික අර්බුදයක් නෙවෙයි. මේ අප දන්නා ලෝකයේ අවසානයයි. ඔබ තවමත් "සිහින  ලෝකයක" ජීවත් වෙනවා නම්, මේ සටහන ඔබව ඒ හීනයෙන් ඇහැරවන්නට සමත් වේවි. 

පසුගිය දශක කිහිපය තුළ ලෝකය පාලනය කළේ එකම එක බලවතෙක්. ඒ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර සන්ධානය. හැබැයි ජියෑං පවසන්නේ, ඒ "ඒකපාර්ශ්වීය මොහොත" දැන් අවසන් වී ඇති බව. මැද පෙරදිග ඇවිලෙන ගිනිදැල්, යුක්රේන - රුසියානු අර්බුදය මේ සියල්ල "නිකම්ම නිකම්" ගැටුම් නෙමෙයි. මේවා පවතින ලෝක ක්‍රමය කඩාවැටීමේ ලක්ෂණ! 

කවුරුහරි හිතනවා නම්, ලබන සතියේ ට්‍රම්ප් ඇවිත් සාමය ඇති කරයි කියලා.. නැත්තම් රටවල් හෙම්බත් වෙලා යුද්ධ නතර කරයි කියලා, එයා ඉන්නේ මිරිඟුවක් පසුපස. ලෝකය දැන් ගමන් කරමින් ඉන්නේ කිසිවෙකුට තනිව පාලනය කළ නොහැකි, අතිශය සංකීර්ණ සහ අවිනිශ්චිත අනාගතයකට.

ඒ අනාගතයේ දකින්න ලැබෙන ප්‍රධානම වෙනස තමයි "නගරකරණය" ආපසු හැරවීම. අද හැමෝම හඹායන්නේ ඩිජිටල් හීන පස්සේ. ක්‍රිප්ටෝ කරන්සි, අන්තර්ජාල රැකියා, වායුසමනය කළ කාර්යාල තමයි, හැමෝගෙම ඉලක්කය.. හැබැයි ජියෑං දැඩිව කියන්නේ අනාගතයේදී මේවායින් වැඩක් නැති වෙන බව! 

ඔහුගේ අනාවැකියට අනුව, ඉදිරි වසර 10-20 ඇතුළත මිනිසුන්ට බලහත්කාරයෙන් මෙන් නගර අතහැර ගම්බිම් බලා යන්නට සිදුවේවි. ඇයි එහෙම වෙන්නේ? ඔය අද වුණ ගෑස් මිල වැඩිවීම වගේ ඉදිරියට එන දරුණු බලශක්ති අර්බුද සහ ඊටත් වඩා බියකරු ආහාර හිඟය නිසා..

එහිදී නගරවල ජීවත්වෙන අයට අත්විඳින්නට සිදුවන්නේ කුරිරු  ජීවන අරගලයකි.  දැන් "අන්තර්ජාලයේ සල්ලි හම්බ කරන්නේ කොහොමද හොයන එක නතර කරලා.. එළදෙනකගෙන් කිරි දොවන්නේ කොහොමද?  කුකුළෙක් මරා ගන්නේ කොහොමද? එළවළු ටිකක් වගා කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න"යි කියමින් ඔහු අනතුරු අඟවයි. 

මන්ද තාක්ෂණය අභිබවා මූලික කෘෂිකාර්මික කුසලතා ඉස්මතු වන යුගයක් ඉදිරියේදී නිර්මාණය වෙනවාමයි. ජියෑං පවසන 'De-urbanization' හෙවත් නගර අතහැර යාම පිළිබඳ හොඳම උදාහරණය අපේ රටයි. 2022 වසරේ ඇති වූ ආර්ථික කඩා වැටීමත් සමඟ කොළඹ සහ තදාසන්න නගරවල ජීවත් වූ බොහෝ දෙනෙක් අත්විඳි යථාර්ථය මතකද? 

ඉන්ධන හිඟය සහ විදුලිය විසන්ධි වීම නිසා, නගරයේ මහල් නිවාසවල ජීවත් වීම අතිශය දුෂ්කර විය. බොහෝ පිරිස් තාවකාලිකව හෝ ස්ථිරව තම ගම්බිම් බලා ගියේ, එහිදී අවම වශයෙන් දර ලිපක් පත්තු කරගෙන, වත්තේ පිටියේ හැදෙන දෙයක් කාලා ජීවත් විය හැකි නිසාවෙනි. 

ඒ අප දුටුවේ ජියෑං පවසන "නගරයෙන් ගමට" යාමේ ප්‍රවණතාවයේ "Preview" එකකි. අනාගත ගෝලීය බලශක්ති අර්බුදයේදී මෙය මහා පරිමාණයෙන් ලෝකය පුරාම සිදුවනු ඇති බව ඔහුගේ මතයයි.

ජියෑං පවසන "කිරි දොවන්න, ගොවිතැන් කරන්න ඉගෙන ගන්න" යන උපදේශය සැබෑවක් වූ අවස්ථාවක් ලෙස කියුබාවේ ඉතිහාසය දැක්විය හැකියි. 1990 දශකයේ සෝවියට් දේශය බිඳ වැටීමත් සමඟ කියුබාවට ලැබුණු තෙල් සහ පොහොර සැපයුම "එකවර" නතර විය. එහිදී කියුබානු ජනතාවට අත්විඳින්නට සිදු වූයේ ජියෑං පවසන ආකාරයේම අත්දැකීමකි.  

නගරවල සිටි වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පවා, තමන්ගේ ගෙවත්තේ එළවළු වගා කිරීමටත්, සතුන් ඇති කිරීමටත් පෙළඹුණි! ට්‍රැක්ටර් වෙනුවට නගුල් සහ ගොනුන් භාවිතා කිරීමට ඔවුන්ට සිදු විය. අද අප තාක්ෂණය ගැන පුරසාරම් දෙඩුවද, මූලික පැවැත්ම සඳහා කෘෂිකාර්මික දැනුම කෙතරම් වටිනවාද යන්නට කියුබාවේ ඒ කතාව කදිම නිදසුනකි. 

ජියෑං පවසන 'නගර අතහැර යාම' චීනයට නම් අලුත් දෙයක් නොවේ. මාවෝ සේතුංගේ "තරුණ පරපුර ගමට යැවීමේ" ව්‍යාපාරය එහි මූලාරම්භයයි. එහි එක කම්කරුවෙක්, "ඇයි මම නගරයේ ජීවිතය අතහැරලා කුඹුරට යා යුත්තේ?" 

චීන දේශපාලන උපදේශකයෙක් "සහෝදරයා, නගරය කියන්නේ පරපෝෂිත පද්ධතියක්. එය රඳා පවතින්නේ බාහිර සැපයුම් මතයි. නමුත් පොළොව යනු සැබෑ ශක්තියයි. අනාගත කුණාටුවෙන් බේරීමට නම්, අප නැවතත් නිෂ්පාදනයේ මුල් වෙත යා යුතුයි."

ඔහු කියන ඊළග කාරණය මීට වඩා බරපතලයි. ජියෑං කියන්නේ අනාගත ලෝකය සාමකාමී තැනක් වෙයි කියලා ඔයා හිතනවා නම්, ඒක ලොකු වැරදීමක් කියල.. අනාගත ලෝකය විග්‍රහ කිරීමට ඔහු චීන ඉතිහාසයේ එන "සටන්කාමී රාජ්‍ය යුගය" උදාහරණයට ගනී. 

අනාගතයේදී බලවතුන් අතර ස්ථිර සතුරන් හෝ ස්ථිර මිතුරන් නොසිටිනු ඇත. සෑම රටක්ම තමන්ගේ දේශසීමා ආරක්ෂා කරගන්න, තමන්ගේ සම්පත් රැකගන්න දැඩි උත්සාහයක නිරත වේ. 

රුසියාව, චීනය සහ ඇමරිකාව දැනටමත්, තම මිලිටරි ශක්තිය උපරිම කරමින් සිටින්නේ මේ එළඹෙන මහා කුණාටුවට සූදානම් වීමටයි.  මෙහිදී "ජාතිකත්වය" කියන සංකල්පය ඉතාම ප්‍රබල ලෙස ඉස්මතු වේ. 

තමන්ගේ රට වෙනුවෙන් සටන් කිරීමට සූදානම්, තම දේශය ගැන දැඩි භක්තියක් ඇති තරුණ පරපුරක් සිටින ජාතීන් පමණක් මේ අර්බුදයෙන් ජය ගනී. ලෝකය පුරාම "නව මිලිටරිවාදයක්" ඇතිවීමත් සමඟ, තරුණ පිරිස් වලට යුද බිමට පිවිසීම අනිවාර්ය වනු ඇත. 

අනාගතයේදී සම්පත් වෙනුවෙන් යුද්ධ ඇතිවීම වැළැක්විය නොහැකියි. ජලය, ආහාර සහ බලශක්තිය වෙනුවෙන් රටවල් එකිනෙකා මරාගන්නා යුගයක් ගැන ජියෑං මතක් කරන්නේ, බියකරු චිත්‍රයක් මවමින්. 

ඉදිරියේදී සම්පත් හිඟකම නිසා, සාගින්න නිසා ඇතිවන මිනිස් සංහාර වැනි හුදෙක් අපි කියවු ඉතිහාස පොත් වල සිදුවීම් එම පොත් පිටු වලට සීමා නොවී, අපේ ඇස් පනාපිටම අත්විඳින්නට ලැබෙන කටුක යථාර්ථයන් වනු ඇත. 

ඉතිහාසය දෙස බැලුවහොත්, සම්පත් වෙනුවෙන් රටවල් ඕනෑම බිහිසුණු දෙයක් කරන බව පැහැදිලියි. 1990 ගණන්වල ඉරාකය කුවේටය ආක්‍රමණය කළේ තෙල් නිසායි. වර්තමාන යුක්රේන රුසියානු යුද්ධය පිටුපසද බලශක්ති හා දුර්ලභ ඛණිජ සම්පත පවතී. 

ජියෑං පෙන්වා දෙන පරිදි ඉදිරියේදී "ජලය" වෙනුවෙන් ඉන්දියාව, පකිස්ථානය සහ චීනය වැනි රටවල් අතර ගැටුම් ඇතිවීමේ අවදානම අතිශය ඉහළය. ඔහු පවසන "මිලිටරි සූදානම් වීම" ගැන ලෝකයටම පාඩමක් උගන්වන්නේ ස්විට්සර්ලන්තයයි. 

"මොනවා ස්විට්සර්ලන්තය?"

ඔව්, ස්විට්සර්ලන්තය ඉතා සාමකාමී රටක් ලෙස පෙනුනද, එහි සෑම නිවසකම පාහේ බෝම්බ වලින් ආරක්ෂා විය හැකි බංකර් ඇත. එසේම සෑම පුරවැසියෙකුටම හමුදා පුහුණුව අනිවාර්ය වේ. 

"යුද්ධයක් ඇති නොවනු ඇත" යන මිථ්‍යාවේ ජීවත් නොවී, ඕනෑම මොහොතක යුද්ධයක් ඇති විය හැක යන යථාර්ථය මත පදනම්ව ඔවුන් තම රට ගොඩනගා ඇත. අනාගත බිහිසුණු යුගයට මුහුණ දීමට නම්, අප සතුව තිබිය යුතු "මානසිකත්වය" එය බව, ජියෑං දැඩිව අවධාරණය කරයි.

අපි අද ජීවත් වෙන්නේ ඛනිජ තෙල් පදනම් වූ ලෝකයකය. හැබැයි තෙල් සම්පත නැති වූ විට කුමක් සිදුවේද? මානව ඉතිහාසය දෙස බැලුවොත්, තෙල් සොයා ගැනීමට පෙර, ලෝකයේ "ලාභදායී බලශක්තිය" වුණේ මිනිස් ශ්‍රමයයි.  පිරමිඩ තැනීමේ සිට වතු වගාවන් දක්වා සියල්ල සිදු වූයේ වහල් ශ්‍රමයෙනි. 

ජියෑං පවසන අතිශය සංවේදී සහ බිහිසුණු කරුණක් වන්නේ, බලශක්ති අර්බුදය හමුවේ, ලෝකය නැවතත් "වහල්භාවය" වැනි අඳුරු යුගයන් කරා තල්ලු වීමට ඉඩක් ඇති බවයි. මෙය ඇසීමට පවා අප්‍රිය වුවත්, අප සූදානම් විය යුතු යථාර්ථය එයයි. 

සමාජය ස්ථර දෙකකට බෙදෙන අතර, ඉහළ මට්ටමේ සිටින පිරිසට සියලු වරප්‍රසාද ලැබෙන විට, බහුතරයකට "නවීන වහලුන්" ලෙස ජීවත් වීමේ අත්දැකීමට මුහුණ දීමට සිදු වනු ඇත. එය කිසිසේත්ම ප්‍රියජනක අනාගතයක් නොවන බව ඔහු අවධාරණය කරයි. 

තවද ජියෑංගේ විග්‍රහයට අනුව අනාගතයේදී ලෝකයේ බලවතුන් අතර අමුතු ආකාරයේ සන්ධාන ඇති විය හැකියි. රුසියාව සහ ජර්මනිය... දැනට මොවුන් සතුරන් ලෙස පෙනී සිටියත්, ඉදිරි වසර කිහිපයකින් පසු මොවුන් එකට අත්වැල් බැඳගනු ඇත. එයට හේතුව යුද්ධයට වඩා, එකට වැඩ කිරීමෙන් දෙපාර්ශ්වයටම වාසි සැලසීමයි. 

ඊශ්‍රායලය සහ ඉරානය... පුදුමයි නේද? අද මරාගන්නා මේ දෙරට, ඇමරිකාව මැද පෙරදිගින් ඉවත් වූ පසු එකඟතාවයකට එනු ඇතැයි ඔහු පවසයි. අදත් ඊශ්‍රායලයෙන් පිටත, මැදපෙරදිග කලාපයේ වැඩිම යුදෙව් ජනගහනයක් වෙසෙන්නේ ඉරානයේයි. ඔවුන් එහි ඉතා ගෞරවනීය ලෙස ජීවත් වන බවත් ඔහු උදාහරණ ලෙස පෙන්වා දෙයි. 

ඇමරිකාව මැදපෙරදිගින් ඉවත් වූ පසු මේ පැරණි ඓතිහාසික බැඳීම නැවත මතු වී ඔවුන් කලාපය බෙදාගෙන පාලනය කිරීමට පෙළඹෙනු ඇති බව ඔහුගේ මතයයි. ජියෑං පවසන පරිදි ඉරානය සහ ඊශ්‍රායලය අනාගතයේදී එකඟතාවයකට පැමිණීම, චීන "එක් මාවතක් - එක් මාවතක්" ව්‍යාපෘතියේ සාමකාමී පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. එය චීනයේද කැමත්තයි.

ජපානයේ වෙනස? ජපානය වැනි රටවල් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ජනගහනය වයස්ගත වීමයි. බලය සහ ධනය සියල්ල ඇත්තේ මහල්ලන් අතේය. මහාචාර්යවරයා පවසන්නේ ජපානයේ වැඩිහිටියන් ස්වේච්ඡාවෙන්ම තරුණයින්ට බලය පවරා දෙනු ඇති බවයි. 

නමුත් අනෙකුත් රටවල මේ බලය හුවමාරු වන්නේ ලේ වැකි යුද්ධ හරහා පමණි. මෙය ලෝකයේ අනෙක් රට වලට නැති ජපානයට පමණක් ආවේණික වූ ඓතිහාසික හා සංස්කෘතික ලක්ෂණයක් ලෙස ඔහු හඳුන්වයි. 

ඇමරිකාව කියන්නේ ලෝකයේ වැඩිම සම්පත් ප්‍රමාණයක් සහ නිර්මාණශීලී මිනිසුන් සිටින රටක්. ජියෑං පවසන්නේ ඇමරිකාව මේ අර්බුද වලින් විනාශ නොවන බව. ඇමරිකාව විනාශ නොවී පවතින්නේ කොහොමද? 

හේතුව සරලයි. ඇමරිකාව දෙපසින් සාගර දෙකකින් ආරක්ෂා වී ඇත.  උතුරින් කැනඩාව සහ දකුණින් මෙක්සිකෝව යන රටවල් දෙකම ඇමරිකාවේ පාලනයට හෝ බලපෑමට නතු වී ඇති නිසා, බාහිර ආක්‍රමණ වලින් තොරව ආරක්ෂිතව සිටීමේ ඓතිහාසික වාසිය ඔවුන්ට හිමි බව ඔහු පෙන්වා දෙයි. 

නමුත් ඇමරිකාවට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් නව අනන්‍යතාවයක් අවශ්‍ය වනු ඇත. ඔවුන් අද පවතින "ලෞකික" පාලන ක්‍රමයෙන් ඉවත් වී, ක්‍රිස්තියානි ආගමික පදනමක් සහිත දැඩි ජාතිකවාදී රාජ්‍යයක් දක්වා පරිවර්තනය වනු ඇති බව ඔහුගේ මතයයි.

මේ සියලු කරුණු ඇසෙන විට ඔබට බියක් දැනෙන්නට පුළුවන්. නමුත් ජියෑං පවසන්නේ මෙය බිය වීමට කාලය නොව, "සූදානම් වීමට" කාලය බවයි. මනස විවෘතව තබා ගන්න.

ඔබ පාසලේදී විශ්ව විද්‍යාලයේදී ඉගෙන ගත් දේ හෝ අද රූපවාහිනියේ දකින දේ හෙට දවසේදී සත්‍ය නොවනු ඇත. ලෝක දේශපාලනය ඕනෑම මොහොතක වෙනස් විය හැකියි. අද මිතුරා හෙට සතුරා විය හැකියි. ඩිජිටල් ලෝකය මතම යැපෙන්නේ නැතිව, පොළොවේ පය ගසා ජීවත් විය හැකි ශිල්ප ක්‍රම හදාරන්න. 

ආහාර නිෂ්පාදනය, ස්වයංපෝෂිත වීම අනාගතයේදී රන් වලට වඩා වටිනු ඇත. ජියෑං පවසන්නේ මෙවැනි අර්බුදකාරී කාලයකදී ආගමික හෝ අධ්‍යාත්මික පදනමක් තිබීමත්, මිනිසාගේ මානසික පැවැත්මට ඉතා වැදගත් වන බව. 

භෞතික දේවල් අහිමි වීම ගැන බිය නොවන්න. ඒවා කිසිදා ඔබට අයිතිව තිබුණේ නැත. සොබාදහමේ සෘතු විපර්යාසයන් මෙන්, ලෝක විපර්යාස ද පිළිගන්න. අවසාන වශයෙන්.. ලෝකය වෙනස් වෙමින් පවතී. අපට එය නැවැත්විය නොහැක. අපට කළ හැක්කේ ඒ වෙනස් වන ලෝකයට අනුව හැඩගැසීම පමණි. 

තාඕ දර්ශනයට අනුව, ලෝකය පාලනය වන්නේ ප්‍රතිවිරුද්ධ බලවේග දෙකක එනම්, යිං හා  යැං  සමබරතාවයෙනි. අධික ලෙස තාක්ෂණය සහ භෞතිකවාදය පසුපස හඹා ගිය "යැං" ලෝකය දැන් නැවතත් නිහඬතාවය සහ සරල බව නම් "යිං" දෙසට ගමන් කරමින් සිටී. 

ඔබ තවමත් පරණ ලෝකය එනතුරු බලා සිටිනවාද? නැතිනම් මේ එළඹෙන අලුත්, අභියෝගාත්මක ලෝකයට මුහුණ දෙන්න ශක්තිමත් වෙනවාද?  "පරණ ලෝකය ආයෙත් එයි කියලා හිතන්න එපා. අලුත් ලෝකයකට සූදානම් වෙන්න" යන්න ජියෑංගේ ඒකායන  පණිවිඩයයි.  

ජියෑං පවසන ඒ රළු අනාගතයට සූදානම් වීමට තාඕ දහමේ එන "Wu Wei" (වෑයමකින් තොර ක්‍රියාව) සංකල්පය කදිම උදාහරණයකි. ලෝකයම යුද්ධයට යන විට, ඔබ පමණක් සාමය සොයා සටන් නොකරන්න. ලෝකයම නගර අතහැර යන විට, ඔබත් ඒ ගමනට අනුගත වන්න. මන්ද අපට අත්විඳින්නට ලැබෙන අනාගතය තීරණය වන්නේ අප කෙතරම් දුරට ඒ වෙනසට හැඩගැසීමට සූදානම්ද යන්න මතයි. 

සතුටින් සිටින්නේ විශ්වීයේ  ගලායාමට බාධා නොකර, ඒ ශක්තිය මත "සර්ෆින්" කරන පුද්ගලයායි. අපේ මුතුන් මිත්තන් සතුව තිබූ, ඕනෑම අර්බුදයකදී නොසැලී සිටීමේ ශක්තිය සහ පොළොව සමඟ ඇති බැඳීම අප නැවත ඇති කරගත යුතුයි. 

ස්වයංපෝෂිත විය හැකි ඕනෑම ශිල්පයක් (ගොවිතැන, සත්ත්ව පාලනය, මූලික ඉංජිනේරු ශිල්ප) රන් වලට වඩා වටිනු ඇත. අර්බුදය පැමිණි පසු සිතීමට කාලයක් නැත. සූදානම් වීම යනු, අද දවසේ කළ යුතුම දෙයයි. තනිව සටන් කළ නොහැකි යුගයක් ඉදිරියේ ඇත. විශ්වාසවන්ත, එකම අරමුණක් ඇති පිරිසක් ගොඩනගා ගන්න. 

මන්ද හෙට දවසේ සැබෑ මුදල් ඒකකය "විශ්වාසය" සහ "සහයෝගීතාවයයි" අමතක නොකරන්න, ඉතිහාසය ලියවෙන්නේ බලවතුන්ගේ අතින් නොවේ. එය ලියවෙන්නේ කාලයේ වෙනස්වීම හඳුනාගෙන ඒ අනුව හැඩගැසෙන විනයගරුක මිනිසුන් අතිනි. අද ගෑස් මිල, පෙරදා තෙල් මිල මේ පෙරහැරේ කසකරුවන්ය. සබද, ඔබ නොදැකිය යුතුම පෙරහැර පැමිණෙමින් ඇත!

(සාගර දියගම ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව සහ ගෝලීය AI පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම ජූලි 17 සිට 20 දක්වා චීනයේ ෂැංහයි නගරයේදී පැවැත්වේ.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයේ පිහිටි වල්ලිපුරම් ප්‍රදේශයෙන් සොයාගත් ඓතිහාසික වල්ලිපුරම් රන් සන්නස පිළිබඳව වැදගත් තොරතුරු රැසක් Next page යූටියුබ් නාලිකාව විසින් ඉදිරිපත් කර තිබේ.
බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ සිතෙහි ජනිත උදාරතර අරමුණක් මල් ඵල දැරීමෙන් යථාර්ථයක් බවට පැමිණි විද්‍යෝදය පිරිවෙණ තිඹිරිගෙය කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ආරම්භ වෙයි.
"තම සපත්තු ලේස් එක ගැටගසා ගැනීමටවත් නොදන්නා වයසේදී, ඒ සුරතල් දෑත්වලට යකඩ මාංචු වැටෙන්නේ කෙසේද? උසාවි කූඩුවක යකඩ කූරු අතරින් බියපත් දෑසින් සමාජය දෙස බලන අවුරුදු දහයට අඩු ඒ 'පුංචි අපරාධකාරයා' නිර්මාණය කළේ ඔහු විසින්මද? නැතහොත් මේ කුහක සමාජ ක්‍රමය විසින්ද?"
අනුර ජනාධිපති වීමෙන් පසුව සිදුකළ ඉන්දියානු සංචාරය අතර තුර ඉන්දියාව එකගතා ඇති වුන (ඇත්තටම සිදු කරන ලද) අවබෝධතා ගිවිසුම් 07 අතරේ තිබුණ දෙපාර්ශවයම එළි නොකරන ලද ශ්‍රම හුවමාරුව (අනියම් එට්කා ගිවිසුම) 2027 සිට ක්‍රියාත්මක වන්නට පිඔුරුපත් සැකසෙමින් තිබේ.
එක්සත් ජනපදය මෑතකදී තම ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කළේය.

ප්‍රධාන පුවත්

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික පල්ලියේ පූජකවරු විසින් එක් එක් කාලවලදී විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, කතෝලික සභාව දේශපාලනය කරමින් සිටීම නිසා කතෝලික බැතිමතුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පවසමින් මීගමුව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් විශේෂ හෙළිදරව් කිරීමක් රැසක් සිදුකර තිබේ.

ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මහා පරිමාණ හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර, මැද පෙරදිග කලාපයේ තම හමුදා පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව Washington Post පුවත්පත ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත.

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝග වහා හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේදී පැවති විරෝධතාව..

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට පනවා ඇති රැඳවුම් නියෝග වහාම හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.