News Category
From Date
To Date
Maximum Number of Result

වසර 2,300 කට පමණ පෙර ඉරානයේදි සිදුවූ, "සුප්‍රකට සූසා මංගලෝත්සවය"..

Apr 2, 2026 at 10:35 AM
|

'ඉරානය' ගැන කතා කරන කොට අපට අමතක කරන්නම බැරි කෙනෙක් තමයි, මහා ඇලෙක්සැන්ඩර් රජු. ලෝක ඉතිහාසයේ එදා මෙදාතුර බිහිවූ අති දක්ෂම හමුදා නායකයා. වයස විසි ගණන් වලදී ග්‍රීසියේ සිට ඉන්දියාව දක්වා විශාල අධිරාජ්‍යයක් නිර්මාණය කළේ ඔහු.  ඒත්, ඔහුට නොහැකි වූ එක දෙයක් තිබුණා. ඒ හදවත් බලෙන් එකතු කිරීම! 

අද මේ කතා කරන්නේ අදින් අවුරුදු 2,300 කට පමණ පෙර ඉරානයේදි  සිදුවූ, "සුප්‍රකට සූසා මංගලෝත්සවය" ගැන. මෙය හුදෙක් විවාහයක් විතරක්  නෙවෙයි, ඉතිහාසයේ සිදුවූ, මහා "සමාජ විද්‍යාත්මක" අත්හදා බැලීමක්!

ඇලෙක්සැන්ඩර් තමන්ගේ මැසිඩෝනියානු හමුදාව සමඟ එදා පර්සියානු අධිරාජ්‍යය (අද ඉරානය) ආක්‍රමණය කරලා දිනාගත්තට පස්සේ, ඔහුට අවශ්‍ය වුණේ මිලිටරි ජයග්‍රහණයට එහා ගිය දෙයක්..

ඔහු හිතුවා, ලෝකයේ හොඳම සංස්කෘතීන් දෙක  එනම් ග්‍රීක (බටහිර) හා පර්සියානු (නැගෙනහිර) එකට මිශ්‍ර කරලා අලුත් හා බලවත්ම ශිෂ්ටාචාරයක් බිහිකරන්න. ඒ සඳහා ඔහු තෝරාගත් ආයුධය වුණේ, 

"විවාහය!"

ක්‍රි.පූ. 324 දී ඉරානයේ පැරණි අගනුවරක් වූ සූසා නගරයේදී, මේ මහා විවාහ උත්සවය පැවැත්වුණා. එය ඇදහිය නොහැකි තරම් සුඛෝපභෝගී උත්සවයක්. එහිදී ඇලෙක්සැන්ඩර් තනි විවාහයක් නෙවෙයි, විවාහ දෙකක් කර ගත්තා!

පර්සියාවේ අවසන් රජු වූ තුන්වන ඩේරියස්ගේ දියණිය වු ස්ටාටෙයිරා හා ඩේරියස්ට පෙර පර්සියාව පාලනය කළ ආටාක්සර්ක්සීස් III ගේ දියණිය වූ පැරිසැටිස්.

ඇලෙක්සැන්ඩර්ගේ අතිජාත මිතුරා සහ සමීපතම සෙන්පතියා වූ හෙෆේස්තියන්, විවාහ වූයේ ස්ටාටෙයිරාගේ සහෝදරිය වූ ඩ්‍රයිපෙටිස් සමඟ. මේ නිසා ඇලෙක්සැන්ඩර් සහ හෙෆේස්තියන් මස්සිනාලා බවට පත් වුණා..

ඇලෙක්සැන්ඩර්ගේ ප්‍රධාන සෙන්පතිවරු 80 දෙනෙකුට පර්සියානු රදල කාන්තාවන් 'බලෙන්' වගේ විවාහ කර දීමට කටයුතු සූදානම් කළා. මංගල උත්සවය පැවැත්වුණේ පර්සියානු චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව! 

අලුත් මනාල යුවලවල් වලට මහා පරිත්‍යාග ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි, යුද්ධය අතරතුර ආසියානු කාන්තාවන් හා විවාහ වී සිටි සාමාන්‍ය සෙබළුන් 10,000 දෙනෙකුගේ විවාහයන්  නීත්‍යානුකූල කළා..

පිටතින් මේක ලෝකයේ ලොකුම සුරංගනා කතාව වගේ පෙනුණත්, අභ්‍යන්තරයේ වූ කතාව සම්පූර්ණයෙන්ම වෙනස්!  මැසිඩෝනියානු ජාතිකයන් හැමදාම පර්සියානුවන් හෙවත් ඉරාන ජාතිකයන් ගැන හිතුවේ පරාජිතයන් ලෙසයි. 

ඔවුන්ගේ 'උසස්' ග්‍රීක සංස්කෘතිය පර්සියානු චාරිත්‍ර සමඟ මිශ්‍ර කිරීමට ඔවුන් කැමති වුණේ නැහැ. ඔවුන් මේක දැක්කේ තමන්ගේ අනන්‍යතාවට කරන ලද බරපතල අපහාසයක් ලෙස! මේ නිසා ඇලෙක්සැන්ඩර් පර්සියානු ඇඳුම් ඇඳීම, පර්සියානු රාජකීය චාරිත්‍ර අනුගමනය කිරීම සහ පර්සියානු කුමරියන් විවාහ කර ගැනීම, ඔහුගේ සෙන්පතිවරුන්ට පෙනුණේ රජු "තමන්ගේ සංස්කෘතිය පාවා දී ඇති" බවට ලකුණක් ලෙස. ඔවුන් බිය වුණා, රජු පර්සියානුවන් සමඟ වැඩි වැඩියෙන් එකතු වී, තමන් කොන් කරයි කියා..

ආදරය කියන්නේ හදවතින් එන දෙයක්. මෙහිදී වූයේ උසස් නිලධාරීන්ගේ පෞද්ගලික ජීවිතයට බලහත්කාරයෙන් ඇඟිලි ගැසීමක්. සෙන්පතිවරුන් තමාට විවාහ කර දුන් කාන්තාවන් දෙස බැලුවේ ආදරයෙන් නෙවෙයි, කිසියම් කාර්යයක් ඉටු කිරීමට රජු විසින් භාර දුන් වස්තුවක් ලෙස. කෙටියෙන් කිවහොත්, ඇලෙක්සැන්ඩර්ට අවශ්‍ය වුණේ පාලම් හදන්න, නමුත් ඔහුගේ සෙන්පතිවරුන්ට අවශ්‍ය වුණේ තාප්ප බැඳීමට!

ඉතිහාසය කොච්චර සරදම්කාරීද කියනවා නම්, ඇලෙක්සැන්ඩර් මහා රජු මේ මංගල්‍යය පැවැත්වූවාට පස්සේ ජීවත් වෙලා හිටියේ, හරියටම එක අවුරුද්දක් පමණයි. ක්‍රි.පූ. 323 දී ඔහු අනපේක්ෂිත ලෙස මිය ගියා. ඔහුගේ මරණයත් අදටත් අභිරහසක්. ඒ ගැන පසුව කතා කරමු. එත් ඇලෙක්සැන්ඩර්ගේ මරණයත් සමඟ සිදු වූයේ කුමක්ද? සියල්ල එකවර කඩා වැටුණා!

ඇලෙක්සැන්ඩර්ගේ මරණයෙන් පසු බලය බෙදී යාමට පටන් ගත් අතර ඔහුගේ සෙන්පතිවරු කළ පළමු දේ වුණේ තමන්ට බලහත්කාරයෙන් කරවූ විවාහයන් අවලංගු කිරීම. සෙන්පතිවරුන් 80 දෙනාගෙන් 79 දෙනෙකුම තම පර්සියානු භාර්යාවන්ව දික්කසාද කළා..

මෙසේ ඔවුන්, 'නැගෙනහිර-බටහිර එක්සත් කිරීමේ සිහිනය' ඇලෙක්සැන්ඩර්ගේ සොහොන සමඟම වළ දැමුවා. ඒත් මේ මහා අසාර්ථකත්වය තුළ එකම එක ව්‍යතිරේකයක් තිබුණා.. ඒ තමයි ඇලෙක්සැන්ඩර්ගේ ප්‍රමුඛතම සෙන්පතියෙකු වූ, සෙලියුකස් I නිකේටර්! 

ඔහු තමාට විවාහ කර දුන් පර්සියානු කුමරිය වූ අපාමාව, දික්කසාද කළේ නැහැ.. ඔවුන්ගේ විවාහය දිගටම පැවතුණා. පසුව, සෙලියුකස් විසින් මැදපෙරදිගින් සහ ආසියාවෙන් විශාල කොටසක් අල්ලා අධිරාජ්‍යයක් නිර්මාණය කළා. එය "සෙලියුකීය රාජවංශය" ලෙස හැඳින්වෙනවා...

මේ අධිරාජ්‍යයේ පාලකයන් වූයේ සෙලියුකස් හා අපාමා යුවළේ දරුවන් වූ නිසා, නැගෙනහිර සහ බටහිර සම්මිශ්‍රණය පිළිබඳ ඇලෙක්සැන්ඩර්ගේ සිහිනය, යම්තාක් දුරකට ඉෂ්ට වූයේ, මෙසේ එක් පවුලක් හරහා පමණයි!

"ඉතින්, ඇලෙක්සැන්ඩර් විවාහ කරගත් කුමාරිකාවන්ට මොකද වුණේ?"

මුලින්ම අපි එයාල කවුද කියල දැනගමු. ඔවුන් තමයි, පර්සියාවේ අවසන් රජු වූ පරාජිත තුන්වන ඩේරියස්ගේ දියණිය වු ස්ටාටෙයිරා හා ඩේරියස්ට පෙර පර්සියාව පාලනය කළ ආටාක්සර්ක්සීස් III ගේ දියණිය වූ පැරිසැටිස්. 

ඇලෙක්සැන්ඩර් පර්සියාව යටත් කර ගැනීමෙන් පසු, ඔහු තම පාලනයට නීත්‍යානුකූල භාවය ලබා ගැනීම සඳහා, මෙසේ රාජවංශ දෙකෙන්ම විවාහයන් සිදු කළා..

එහෙත් ඇලෙක්සැන්ඩර් මහා රජු ක්‍රි.පූ. 323 දී අනපේක්ෂිත ලෙස මිය ගිය පසු, ඔහු ගොඩනැඟූ දේශපාලන තත්ත්වය ඉතා ඉක්මනින් වෙනස් වුණා. ඇලෙක්සැන්ඩර්ගේ පළමු බිරිඳ වූ රොක්සානා සහ සෙන්පතිවරු තම බලය තහවුරු කර ගැනීමට කටයුතු කළා.. 

යම් විදියකින් පැරිසැටිස් හෝ ස්ටාටෙයිරා ගැබ්ගෙන සිටියා නම්, එය රොක්සානාගේ සහ ඇගේ පුතු වන ඇලෙක්සැන්ඩර් IV ගේ දේශපාලන අනාගතයට තර්ජනයක්. ඒ නිසා, ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ ඇලෙක්සැන්ඩර්ගේ මරණයෙන් සුළු කලකට පසු, රොක්සානා විසින් ස්ටාටෙයිරා හා පැරිසැටිස් යන කුමරියන්  ඝාතනය කළ බව!

මේ කතාව හුදෙක් ඉතිහාස පාඩමක් විතරක් නෙවෙයි. එය මනුෂ්‍ය ස්වභාවය ගැනත්, බලහත්කාරයෙන් දේවල් වෙනස් කිරීමේ සීමාවන් ගැනත් අපට වැදගත් පාඩම් කියා දෙනවා. ඇලෙක්සැන්ඩර් මිලිටරි ජයග්‍රහණ නම් බලහත්කාරයෙන් ලබා ගත්තා. 

නමුත්  බලහත්කාරයෙන් කරවන ඕනෑම වෙනසක් පිටතින් ලස්සනට පෙනුණත්, ඇතුළතින් කුණු වී යාමට වැඩි කාලයක් යන්නේ නැහැ. සැබෑ සංස්කෘතික සම්මිශ්‍රණයකට කාලය අවශ්‍යයි. එය පරම්පරා ගණනාවක් තිස්සේ සෙමින් සෙමින් සිදුවිය යුතු දෙයක්. ඇලෙක්සැන්ඩර්ට අවශ්‍ය වුණේ, මේ  ක්‍රියාවලිය දින කිහිපයකින් අවසන් කරන්න. 

ඉතින් එහේ මගුල්, අවමගුල් වෙන කොට මෙහේ මොකද වුණේ ? ක්‍රි.පූ. 324 වසරේ  ලංකාවේ පාලනය කළ බවට මහා වංශයේ සඳහන් වන්නේ පණ්ඩුකාභය රජතුමා. විජය රජු ගෙන් පසුව ලංකාවේ රාජ්‍ය බලය තහවුරු කළ පණ්ඩුකාභය රජු, අනුරාධපුරය නගරයක් ලෙස ගොඩනංවා එය රාජධානියේ කේන්ද්‍රස්ථානය බවට පත් කළා. 

ඒ කාලයේ රටේ ගම් හා නගර සීමා සලකුණු කිරීම සහ නිලධාරීන් පත් කිරීම  කරමින් සිටි බව මහා වංශයේ සඳහන් වේ. එමෙන්ම ඔහු අභය වැව වැනි වාරිමාර්ග ඉදි කළ බව ද සඳහන්. ඇලෙක්සැන්ඩර් රජුගේ විවාහය සිදු වූ ක්‍රි.පූ. 324 වන විට බුදු දහම ලංකාවට පැමිණ තිබුණේ නැහැ. ඇලෙක්සැන්ඩර් රජුගේ මරණයට වසර 70-80 කට පමණ පසුවයි බුදු දහම ශ්‍රී ලංකාවට ලැබුණේ..

ඇලෙක්සැන්ඩර් මහා රජු පර්සියානු කුමරියන් විවාහ කර ගෙන යුග ගණනාවකට උරුමකම් කියන අධිරාජ්‍යයක් නිර්මාණය කිරීමට උත්සාහ කළ මොහොතේ, ශ්‍රී ලංකාවේ පණ්ඩුකාභය රජු යටතේ මෙරට පළමු සංවිධානාත්මක රාජධානිය ගොඩනැගෙමින් තිබුණා.පසුව එය පැරණි ලෝකයේ අමතක කළ නොහැකි අගනුවරක් බවට පත්වුණා. 

හිතන්න, ඇලෙක්සැන්ඩර් රජු දීර්ඝ කාලයක් ජීවත් වෙමින් එසේ ජාතින් මිශ්‍ර කිරීම දිගටම කරගෙන ගියා නම්, අද ලෝකය කොහොම තැනක් වේවිද? අද දවසේ අප දකින ඉරාන-ඊශ්‍රායල ගැටුම හෝ බටහිර බලවතුන් මැදපෙරදිගට ඇඟිලි ගැසීම දෙස බලන විට එදා ඇලෙක්සැන්ඩර් අසාර්ථක වූ තැනම, අදත් ලෝකය අසාර්ථක වෙමින් පවතින බව නේද   පෙන්නේ? 

ඇලෙක්සැන්ඩර් පර්සියාව යුදමය වශයෙන් දිනාගත්තා. අදත් යුධ බලයෙන් ඕනෑම රටක් යටත් කරගත හැකියි. නමුත් ඇලෙක්සැන්ඩර්ට එදා තේරුම් නොගිය සත්‍යය එනම්, සංස්කෘතීන් සහ මිනිස් මනෝභාවයන් එසේ බලහත්කාරයෙන් වෙනස් කළ නොහැකි බව. එදා මැසිඩෝනියානු සෙන්පතියන් පර්සියානු කුමරියන්ව ප්‍රතික්ෂේප කළේ යම් සේද, අදත් මැදපෙරදිග කලාපය තුළ බටහිර ප්‍රජාතන්ත්‍රවාදය හා සංස්කෘතික ආකෘතීන් බලහත්කාරයෙන් පැනවීමට දරන උත්සාහයන් දේශපාලන අස්ථාවරත්වයට මග පාදා තිබෙනවා.

නූතන ලෝකයේත් බලවත් රටවල් දුර්වල රටවල් සමඟ ඇති කරගන්නා "ආර්ථික විවාහ" හෙවත් ආර්ථික ගිවිසුම් දෙස බලන්න. මේවා පිටතින් සාමකාමී ලෙස පෙනුනත්, ඇලෙක්සැන්ඩර්ගේ සෙන්පතියන් මෙන්, දෙපාර්ශවයම සිටින්නේ එකිනෙකා කෙරෙහි සැකයෙන් සහ වෛරයෙන්!

එක් පසෙකින් ඉරානය ප්‍රමුඛ කණ්ඩායම සහ අනෙක් පසින් බටහිර හිතවාදී කණ්ඩායම අතර පවතින වත්මන් යුද්ධය, එදා සූසා මංගල්‍යයේදී මතු වූ ඒ සංස්කෘතික නොගැලපීමේම දිගුවක් වැනියි.

අද ලෝකයටත් අවශ්‍ය වන්නේ බලහත්කාරයෙන් පටවන විසඳුම් නොව, සෙලියුකස් සහ අපාමා මෙන් එකිනෙකාගේ අනන්‍යතාවන්ට ගරු කරමින් ගොඩනැගෙන සහජීවනයයි. ඇලෙක්සැන්ඩර්ගේ අධිරාජ්‍යය ඔහුගේ මරණයත් සමඟ වසරක් ඇතුළත කැබලි වලට කැඩී ගියත්, පණ්ඩුකාභය රජු දැමූ අඩිතාලම මත අනුරාධපුර රාජධානිය වසර 1,000 කට වඩා නොසැලී පැවතුණා.

කොහොමද එහෙම වුණේ? ඇලෙක්සැන්ඩර් උත්සාහ කළේ පිටතින් දේවල් එකතු කරන්නටයි. නමුත් පණ්ඩුකාභය රජතුමා කළේ, වැව් අමුණු ඉදි කරමින්, ග්‍රාම සීමා පනවමින් රට ඇතුළතින් ශක්තිමත් වීමයි. අද ලෝකයේත්, මිසයිල හෝ බලහත්කාර විවාහ වලින් (ගිවිසුම් වලින්) සාමය ගොඩනැගිය නොහැකි බව, ඉතිහාසය මෙසේ අපට මතක් කර දෙනවා. ඇලෙක්සැන්ඩර්ගේ පර්සියානු කුමරියන්ගේ කඳුළු, අදත් මැදපෙරදිග යුද පිටි වලින් අපට ඇසෙනවා විය හැකියි. අවසන් වශයෙන්, සැබෑ ජයග්‍රහණය යනු 'රාජ්‍යයන්' යටත් කර ගැනීම නොව, මිනිස් සිත් එකිනෙකාට ගරු කරන තැනට ගෙන ඒමයි, තවත් විග්‍රහයකින් හමුවෙමු.

(සාගර දියගම ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.