News Category
From Date
To Date
Maximum Number of Result

ලක්මාලි හේමචන්ද්‍රගේ FB සටහනකට අමාලි වෙදගෙදරගෙන් පිළිතුරු..

Mar 30, 2026 at 05:24 AM
|

ක්‍ෂුද්‍රමුල්‍ය පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර සමඟ සිදුකළ අදහස් ප්‍රකාශකිරීම් සහ එම පනත සම්බන්ධයෙන් ලක්මාලි හේමචන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ ආකාරය විවේචනය කරමින් දේශපාලන ආර්ථික පර්යේශිකාවක් වන අමාලි වෙදගෙදර  සිය මුහුණු  පොතේ දක්වා ඇති සටහනක් පහතින් දැක්වේ.

ලක්මාලි මගේ නම සඳහන් කරමින් ලියා ඇති FB සටහන සම්බන්ධයෙන්, ක්‍ෂුද්‍රමුල්‍ය පනත පිලිබඳ ලක්මාලි හේමචන්ද්‍ර සමඟ මම (අපි) කල ගනුදෙනු 

01. 2025 මාර්තු 23 - ක්‍ෂුද්‍රමුල්‍ය පනත කැබිනෙට් එකට ආවාදැයි හොයලා බලන්න පුළුවන්දැයි උදව්වක් ඉල්ලා වට්ස්ඇප් පණිවිඩයක් යැව්වා. 

[දවස් 04ක් විතර ගියාමයි තේරුනේ ඇය මාව වට්ස්ඇප් සහ මුහුණු පොතේ බ්ලොක් කර ඇති බව. තව යාලුවෙක්ට කිව්වාම ලක්මාලි මාව බ්ලොක් කර ඇති බව ඔහු කිව්වේ පිරිමින් ඇයට හිරිහැර කරද්දී මම ඒ ගැන මොකුත් නොකී බවත්, ඒ පිලිබඳව ඇය අසතුටින් බවත්.

ලක්මාලි හා මම අතර අමනාපයක් ඇති වෙන්න මුල් වෙන්නේ 2024 මැයි/ ජුනි වුනු කතා බහක් - NPP එකට සක්‍රීයව වැඩ කරන්න බැරි බව මම කිව්වා දේශපාලනික නොගැලපීම් මත. මම කිව්වේ "චන්දෙ දෙනවා, හැබැයි වැඩ කරන්න බැහැ" කියලා.  ඊට පස්සේ අපි හමුවෙලා කතා බහ කරලා නැහැ. ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වුනාට පස්සේ මම ඇයත් එක්ක වාදෙකට ගියේ ජාතික කම්කරු උපදේශන සභාවෙන් ස්වස්තිකා ඉවත් කිරීමත් එක්ක. ඇය වෙනුවෙන් මම පෙනී නොසිටියා කියන කතාවටත් මම එකඟ නැහැ. වාර ගණනාවක් ස්ත්‍රී විරෝධී කතා කියන එකට විරුද්ධව, විශේෂයෙන්ම ලක්මාලි, හරිනි, කෞශල්‍යා වෙනුවෙන් මම ලිව්වා.  

මට ලක්මාලි එක්ක ගැටුමක් නැහැ. ඇය සහ මම වැඩ කරන්නේ වෙනත් ක්‍ෂේත්‍ර වල. අපිට බෙදා ගන්න බැරි දෙයක් තිබුනෙත් නැහැ. ඇය නිසා මට අහිමි වූ දේකුත් නැහැ. 

මම හිතුවේ NPP හා එකතුවූ මගේ ප්‍රගතිශීලි මිතුරන් ආණ්ඩුව තව තවත් දක්ෂිණාංශික වුවොත් ආණ්ඩුවෙන් ඉවත් වෙලා ආපහු අපේ දේශපාලනය සමඟ එකතු වේවි කියලා. මම මේ බව මගේ කිට්ටු මිතුරන්ට කියලා තියෙනවා. අපි කාලයක් එකට වැඩකරපු අය හැටියට සමාන දේශපාලන විශ්වාස සහ බලාපොරොත්තු තිබුණු අය හැටියට, මට ඔවුන් පිලිබඳ තිබුණු අවබෝධය සහ විශ්වාසය මතයි මම එහෙම හිතුවේ.

NPP ආණ්ඩුව පිලිබඳ මගේ මුල් දැක්ම වුයේ වැඩක් කරන්න පුළුවන් අවකාශයක් තිබේවි කියා. මම කිව්වේ NPP ආණ්ඩු කාලය තුල අපි උත්සහ ගත යුත්තේ බිම් මට්ටමේ ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් කරමින්, මිනිසුන්ගේ අයිතිවාසිකම් ස්ථාවර කරමින් වැඩ කිරීමට බව. ඒ නිසා හුදු ආණ්ඩු විරෝධයක් පවත්වාගෙන යාම වැඩක් නැති බව. ඒ වගේම මේ ආණ්ඩුව වැටුනොත් ආය කවුද එන්නේ, ඉදිරියට එන්න පුළුවන් දක්ෂිණාංශික බලවේග පිලිබඳ මමත් කන්නස්සල්ලෙන් ඉන්නේ. ඒ නිසා මගේ විවේචනය සීමා සහිතව සිදුවූ දෙයක්. 

ක්‍ෂුද්‍රමුල්‍ය අර්බුදය, පනත සම්බන්ධවත් ආණ්ඩුව එක්ක වැඩ කරන්න අවශ්‍යය බවයි මම හිතුවේ. ජනතා ව්‍යාපාරයත් නොයෙක් වර ජාතික සහ ප්‍රාදේශීය මට්ටමින් ඒ සඳහා උත්සාහයන් වල යෙදිලා සිටිනවා. විශේෂයෙන් ආණ්ඩුවේ ඉන්න මිතුරන් දීර්ඝ කාලයක් තිස්සේ අපි නියැලී සිටින අරගලය හොදින් දන්නා නිසා ඒ අරගලයේ ඉල්ලීම් දිනා ගන්න උදව් වේයැයි මම හිතුවා.] 

02. 2025 අගෝස්තු 18 - ක්‍ෂුද්‍රමුල්‍ය පනත ඉදිරියට යාම අනුමත කරන ප්‍රතිපත්තියකට කැබිනට් එක අනුමැතිය දුන් බව පත්තරේ දැකලා ලක්මාලි සහ නජිත්ට ඒ ප්‍රතිපත්තිය/ පනතේ පිටපතක් බෙදා ගන්න පුළුවන්දැයි පණිවිඩයක් යැව්වා මුහුණු පොතේ.  

03. 2025 ඔක්තෝබර් අන්තිම - පනත ගැසට් වෙන්න කලින් කොපියක් ලක්මාලි විමුක්තිට එවලා තිබ්බා [අපි ඇර වෙනත් අයටත් පනතේ කොපි ලැබිලා තිබ්බ බව නොවැම්බර් 13 විතර දැනගත්තා]

04. පනත කියවලා, අපි ලක්මාලිගෙන් මීටින් එකක් ඉල්ලුවා

05. 2025 නොවැම්බර් 11 - විමුක්ති සහ මම ලක්මාලිව හමු වුනා. පනත සංශෝධනය කරන්න පිහිටෙව්ව වකින් කොමිටි එකේදී සිදු වූ දේවල්, අපේ යෝජනා පනතේ නැති බව, පනතේ අඩු පාඩු අපි ලක්මාලිට කිව්වා. ඇය කිව්වේ ලියවිල්ලක් දෙන්න, පනත NPP හදපු එකක් නොවන නිසා විරෝධයක් PWC සහ පක්ෂේ ඇතුලෙන් නිර්මාණය කරන්නට පුළුවන් වනු ඇති බවයි.  

අපි ඇයට යෝජනා කලේ පනත හරි සාකච්චාවකට ගන්න බිල් එක ගැසට් කරන එක කල් දාන්න කියලා. පනත ගැසට් කලොත් කරන්න පුළුවන් වැඩ සීමා වන නිසා පනත ගැසට් කිරීම කල් දැමීම හොඳ බවයි අපේ අදහස වුනේ. ඇය කිව්වා ආර්ථික සංවර්ධන ඇමතිට කතා කරන්නම් කියලා. 

06. 2025 නොවැම්බර් 12 -  පනතේ ගැටළු විස්තර ඇති පිටු පහක ලියවිල්ලක් දුන්නා, ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම. මම ලක්මාලිට ඊමේල් කළා. විමුක්තිත් ඒ ලියකියවිලි ඇයට වට්ස්ඇප් කළා.

07. 2025 නොවැම්බර් 17 - පනත ගැසට් කළා

08. 2025 දෙසැම්බර් 30 - ප්‍රජාමූල්‍ය කණ්ඩායම් කිහිපයක් සහ ක්‍ෂුද්‍රමුල්‍ය වින්දිතයින් කිහිපදෙනෙක් සමග ක්‍ෂුද්‍රමුල්‍ය පනත සාකච්චා කරන්න, ඉදිරි ක්‍රියාමාර්ග කතා කරන්න ලක්මාලි ආවා අපිව හමු වන්න. ඒකට ලංකාවේ ප්‍රදේශ කිහිපයක ප්‍රජාමුල්‍ය සේවා වල නියැලිලා ඉන්න සංවිධාන නියෝජනය කරමින් මිනිස්සු ආවා. ක්‍ෂුද්‍රමුල්‍ය වින්දිතයෝ ආවා. පශ්චාත් යුධ ප්‍රදේශ වල ප්‍රජාමුල්‍ය ක්‍රියාත්මක වීම, දුප්පත්කම දුරලීමට 80 ගණන්වල අන්තිම, 90 ගණන්වල රාජ්‍යය මැදිහත්වීමෙන් ප්‍රජාමූල සංවිධාන නිර්මාණය වන හැටි, ඒ සංවිධාන වැඩ කරන හැටි, ක්‍ෂුද්‍රමුල්‍ය වලින් වෙනස් වෙන හැටි, පනතට විරුද්ධ ඇයි ... මේ විදිහට ලොකු විස්තරයක් ඉදිරිපත් කළා ලක්මාලිට එදා. ඒ රැස්වීම අවසානයේ අපි යෝජනා කලේ පනතෙන් ප්‍රජාමූල සංවිධාන නිදහස් කිරීමයි වඩා සුදුසු කියලා. ලක්මාලි එකඟ වුනා. 

මේ රැස්වීමේදී පනත කොතරම් ප්‍රජාමූල්‍ය සංවිධාන වලට හානිදායකද, ප්‍රජාමුල්‍ය කියන්නේ මොනවද කියා මන්නාරම, රත්නපුරය, හම්බන්තොට, බදුල්ල, පොලොන්නරුව ප්‍රදේශ නියෝජනය කරමින් ආපු ප්‍රජාමූල සංවිධායකයෝ ලක්මාලිට පැහැදිලි කළා. පනතෙන් ප්‍රජාමුල්‍ය නිදහස් කිරීමයි වඩාත් යෝග්‍යය බව ඇයට පෙන්වා දුන්නා. ඇය ඉක්මනින් පාර්ලිමේන්තු කාරක සභාවක් කැඳවන්නන් කියා ඇය කිව්වා ප්‍රජාමුල්‍ය සංවිධානවලට අදහස් දෙන්න. එහිදී ප්‍රජාමුල්‍ය නිදහස් කිරීමට ඇති අවශ්‍යයතාවය මතු කල හැකි බව ඇය කියා සිටියා. 

09. 2026 ජනවාරි 07 - ඇය කැඳෙව්වා අපිව පාර්ලිමේන්තුවට. ඒකෙදි අපි කිව්වා වර්කින් කොමිටි එකේදී අපි ඉදිරිපත් කරපු යෝජනා පනතට ඇතුල් කරලා නැහැ, 2023 පනතෙන් 2025 පනත ලොකුවට වෙනස් නැහැ, හානිකර දේවල් එහෙමම තියෙනවා. අපි යෝජනා කළා පනතේ නියාමනයෙන් ප්‍රජාමූල සංවිධාන නිදහස් කරන්න. එතකොට මුදල් අමාත්‍යංශයේ නිලධාරියෙක් කිව්වා "ADB ඒකට කැමති නැහැ, ඔවුන් යෝජනා කරන්නේ සියලු ණය දෙන්නෝ නියාමනය කරන්න". ලක්මාලි ඊට ප්‍රතිතර්ක කරන්න ගියේ නැහැ. ඊට පස්සේ සාකච්චාව ගියේ කොහොමද ප්‍රජාමුල සංවිධාන වෙනස්ව හඳුනාගෙන වෙනස් විදිහට නියාමනය කරන්නේ කියලා. කොමිටියේදී ලක්මාලි අපිට කිව්වා ප්‍රජාමූල සඳහා නිර්වචයක් සහ නියාමනය විය යුතු ආකාරය පිලිබඳ විස්තරයක් ඉදිරිපත් කරන්න කියලා. 

අපි CRIB එක ව්‍යාප්ත කිරීමටත් විරුද්ධ වුනා. එතකොට ඇවිත් හිටිය මහ බැංකු නියෝජ්‍යය අධිපති කෙනෙක් කිව්වේ "CRIB එක භය වෙන්න ඕන දෙයක් නොවෙයි. ඒකෙන් වෙන්නේ credit score එක ඩොකියුමන්ට් වෙන එක. මමත් CRIB එකේ ඉන්නවා, credit card වලින් ගනුදෙනු කරන නිසා ..."

මහබැංකු නියෝජ්‍යය අධිපතිවගේ මනුස්සයෙක්ට වගේ නොවෙයි CRIB එක අවධානම් ආර්ථික කණ්ඩායම්වල මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක්. මේ කරුණු ලක්මාලි එතන මතු කරන්න ගියේ නැහැ.

10. 2026 ජනවාරි 19:  ප්‍රජාමූල්‍ය සඳහා නිර්වචනයක්, පනතේ වෙනම චැප්ටර් එකක් විදිහට ප්‍රජාමූල්‍ය අධිකාරිය තුල ලියාපදිංචි කරීමෙන් (බලපත්‍ර නැතිව) ප්‍රජාමුල්‍ය සංවිධාන එක්ක අධිකාරියට වැඩකරන්න පුළුවන් ආකාරය විස්තර කරමින්, ක්‍ෂුද්‍රමුල්‍ය පාරිභෝගිකයින් ආරක්ෂා කරන්න පනත තුල අඩංගු විය යුතු අත්‍යවශ්‍යය ආරක්ෂාවන් ලිස්ට් එකක් සහිත සවිස්තර ලියවිල්ලක් අපි ඉදිරිපත් ඉදිරිපත් කළා. කෙලින්ම පාර්ලිමේන්තු කාරක සභාවට ඊමේල් මඟිනුත් විමුක්ති ලක්මාලිට වට්ස්ඇප් මඟීනුත්.  

ජනවාරි 19 සිට අපි ලක්මාලි එක්ක ෆලෝ අප් කළා අපේ යෝජනා කොහොමද සංශෝධනය වන පනතට ඇතුල් වෙන්නේ කියලා. ලක්මාලි අපිට කිව්වේ ඒවා AGට යවලා තියෙන්නේ, පනත අපේ යෝජනා ඇතුල් කරමින් සංශෝධනය වෙනවා කියා. 

11. 2026 පෙබරවාරි මුල: පෙබරවාරි 10 COPF එකට පනත ගන්නවා කියලා දැනගන්න ලැබුනා. එතකොටත් අපි ලක්මාලිගෙන් ඇහුවා ඇයි සංශෝධිත පනත බෙදා ගන්න කලින් COPF අනුමැතිය සඳහා පනත ගන්නේ කියලා. ලක්මාලි කියලා තිබ්බේ පනත තාම AG ගාව. අපේ යෝජනා සැලකිල්ලට ගන්නවා... 

අපි COPF එකටත් කිව්වා (අපි ඉදිරිපත් කළා අපේ submissions, ජනවාරි 19 පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කරපු සංශෝධන ඇතුළුව). අපි කිව්වේ අපේ යෝජනා පනතට ඇතුල් වෙලා නැහැ, පනත 2023 වෙනස් නැහැ. හානිකරයි කියලා. හැබැයි COPF එක තුල ලක්මාලි, සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් කිව්වේ පනතට ප්‍රජා අදහස් අරන් තියෙනවා, සංශෝධනය වෙනවා, රෙගුලාසි හැටියට කරන්න පුළුවන් දේවල් තියෙනවා, පනතෙන් හානියක් වෙන්නේ නැහැ කියලා. 

පෙබරවාරි 24 මට හරිනි සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් හමු වුනා. මම හරිනිගෙන් අපිට මීටින් එකක් දෙන්න කියා ඉල්ලුවා. අනිත් පාර්ලිමේන්තුමන්ත්‍රී වරියට කතා කරද්දීත් කිව්වා පනත ඉස්සරහට යන එක හොද නැහැ කියලා.  

12. 2026 පෙබරවාරි 25: පනතේ දෙවැනි කියවීම මාර්තු 04 කරනවා කියා නිවේදනය දැක්කා. අපි ආපහු ලක්මාලිගෙන් ඇහුවා මොකද වෙන්නේ, සංශෝධිත පනත තියෙනවද? අපිට බලන්න ඕන. ඇයි විවාදේට ගන්නේ? ...

13. 2026 පෙබරවාරි 25:  ලක්මාලි අපිත් එක්ක බෙදා ගත්තා එයාගේ අත්සනින් මුදල් අමාත්‍යංශ ලේකම්ට පනත සංශෝධනය කරන්න යෝජනා ඇතුලත් ලියවිල්ලක්,  පෙබරවාරි 17 යැව්ව. ඒකෙ අපේ යෝජනා තිබ්බේ නැහැ. 

එතකොට තමයි මට තේරුනේ අපිව මුලාවේ දාලා ඇති බව. අපි ලොකුවට පනතට විරුද්ධව පබ්ලික් වැඩ කරන්න ගියේ නැහැ ලක්මාලිව විශ්වාස කරලා, අපේ ඉල්ලීම් වටහාගෙන පනත සංශෝධනය කරන්න ඇයත් උත්සහ කරනවා කියලයි අපි සිතන් හිටියේ. අපිට පනත ගැසට් කලාට පස්සේ විරෝධයක් ගොඩ නඟන්න තිබ්බා. ලක්මාලිව විශ්වාස කරලා ඒ කරන වැඩේ කඩාකප්පල් නොවෙන්න ඕන නිසා අපිත් ආණ්ඩුව වැරදියට ගනීවි කියා හිතන දේවල් කිරීමෙන් අපි වැලකුනා.

2023 සිට පනත සම්බන්ධව ක්‍රියාකාරීව මැදිහත් වුවෙක් හැටියට මම සිතන්න පුළුවන් හැම අවස්තාවක්ම පනත වෙනස් කරන්න මැදිහත්වීම් කිරීම සඳහා උත්සහ කළා. පනත වෙනස් කරන්න අදහස් ගන්න කියලා මුදල් අමාත්‍යංශය පත්කරපු වරකින් කොමිටි එකේ ප්‍රජාව නියෝජනය කල අපි තුන්දෙනාගේ අදහස් වලට ආපු විරෝධයත් එක්කත්, අපි යෝජනා කරලා වරකින් කොමිටි රිපෝර්ට් එකට ඇතුල් කල අදහස් අලුත්වුනු 2025 පනතේ සඳහන් නොවීම ගැනත් අපි අදහස් බෙදා ගෙන තියෙනවා ප්‍රසිද්ධව - බිල් එකට කැබිනට් අනුමැතිය දුන්නට පස්සේ සැප්තැම්බර් මාසේ අපි වින්දිතයෝ සහ ප්‍රජාමූල සංවිධාන වල ඒකාබද්ධ ව්‍යාපාරය විදිහට ස්ටටෙමන්ට් එකක් දැම්මා. 

2025 මැයි විතර ක්‍ෂුද්‍රමුල්‍ය අර්බුදය පිලිබඳ අධ්‍යයනය කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 03 සමන්විත උපදේශක කමිටුවක් පනවා ඇති බව පත්තරෙන් දැන ගත්තාට පස්සේ කවුද ඒ කමිටුවේ ඉන්නේ ඔවුන්ව හමු වෙන්න උත්සහ ගත්තා. NPP හිතවත් මිතුරෙක්ගෙනුත් ඒ ගැන ඇහුවා. සමන්මලී ගුණසිංහ මන්ත්‍රීතුමියට 2025 ජූනි මාසයේ සිට මීටින් එකක් ඉල්ලා වාර ගණනාවක් පණිවිඩ යවා තිබෙනවා. ලියුන් යවා තිබෙනවා. මීටින් එකක් ලැබිලා නැහැ.   

2025 සැප්තැම්බර් පනත ගැසට් වුනාට පස්සේ වර්කින් කොමිටියේ තුන් දෙනා හැටියට අපි මුදල් අමාත්‍යංශයේ නීති අංශයේ අධ්‍යක්ෂකට ලියුමක් යැව්වා ඇයි වර්කින් කොමිටි එකත් එක්ක බෙදා ගන්නේ නැතිව පනත කැබිනට් අනුමැතියට යැව්වේ කියලා? (ඔහු 2025 ජනවාරි වර්කින් කොමිටි වාර්තාව භාර ගද්දි පොරොන්දු වුනා කැබිනට් එකට යවන්න කලින් කෙටුම් පත අපිත් එක්ක බෙදා ගන්න බව) 

ඔක්තෝබර් මාසේ වෙද්දීත් පනත ගැන අපිට කිසිම තොරතුරක් දැන ගන්න බැරි වුනා. ඒ නිසා අපි මුදල් අමාත්‍යංශ ලේකම්, ජනාධිපති, අගමැති, සමන්මලී ගුණසිංහ , උපාලි පන්නිලගේ මේ සියල්ලන්ටම මීටින් ඉල්ලලා ලියුන් යැව්වා.ඒවාට කිසිම උත්තරයක් ආවේ නැහැ. මුදල් අමාත්‍යංශ ලේකම් එක්ක කිට්ටුවෙන් වැඩ කරන මිතුරෙක්ගෙනුත් උදව් ඉල්ලුවා ලේකම් එක්ක මීටින් එකක් ගන්න. බැරි වුනා. 

අපි උත්සහ කළා අගමැති, ජනාධිපති හමුවන්න. ජනාධිපතිට පෙත්සමකුත් බාර පෙබරවාරි 11 - ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කෙනෙක් වෙන ධර්මසිරි ගමගේට, දිස්ත්‍රික්ක 09කින් මිනිස්සු අත්සන් කරපු පෙත්සන්. ජනවාරි 21 ප්‍රජාමූල සංවිධාන පිලිබඳ සම්මන්ත්‍රණයක් තිබ්බා BMICH එකේ ප්‍රජාමූල, පසහභාගීත්ව සංවර්ධන සංකල්පය ඔවුන් ක්‍රියාවේ යොදවන හැටි .... පිලිබඳ අත්දැකීම් බෙදා ගන්න. ලක්මාලිට, සමන්මලී ගුණසිංහ, සරෝජා පොල්රාජ්, උපාලි පන්නිලගේට ආරාධනා කළා ඒකට එන්න. අපි ලක්මාලිගෙන් උදව් ඉල්ලුවා  මේ ඇමැති මන්ත්‍රීවරුන්ට මේ සම්මන්ත්‍රනයට එන්න කියා පණිවිඩේ යවන්න. ඔවුන් කවුරුත් ආවේ නැහැ. 

පස්සේ ලක්මාලි කියා තිබ්බා "ඒ සම්මන්ත්‍රණය ආණ්ඩු විරෝධී වැඩක්. ඒකට එන්නේ කොහොමද" කියලා. සම්මන්ත්‍රණය තුල කිසිම NPP විරෝධී දෙයක් කතා වුනේ නැහැ. විවිධ ප්‍රදේශ වල ප්‍රජාමූල සංවිධාන තමන්ගේ අත්දැකීම් බෙදා ගැනීමකුයි සිදු වුනේ. 

පනත විවාදෙට ගන්න නිසා පනත ගැන තියෙන ගැටළු විස්තර එවන්න කියපු තවත් NPP පාර්ලිමේන්තු මන්ත්‍රී වරු දෙදෙනෙක්ට මම ලියවිලි හදලා දුන්නා.  

14. 2026 මාර්තු 03: පනත විවාදෙට ගන්න කලින් දවසේ, ලක්මාලි කියලා තිබ්බා විවාදේ කල් දාන්න තීන්දු කල බව. ඇයි කියලා අහපුවම ඇය කියලා තිබ්බේ "අපි ඒක තරයේ ඉල්ලුවා" කියලා. ඒ පණිවිඩේ එවලා පැය කිහිපයකට පස්සේ කිව්වා පනත විවාදෙට ගන්නවා, හැබැයි සම්මත කරන්නේ නැහැ කියලා. 

මාර්තු 04 පනත දෙවැනිවර පමණක් නොවෙයි තුන්වෙනිවර කියවලා සම්මත කරා. 

NPP ආණ්ඩුව බලයට ආවට පස්සේ අපි සෑහෙන්න උත්සහ කරලා තියෙනවා ආණ්ඩුව එක්ක සාකච්චා කරන්න. අපේ ලියුන් වලට අඩුම ගානේ acknowledgement එකක්වත් නැහැ. පුද්ගලිකව ලක්මාලි වගේ කෙනෙක් එක්ක කරපු ගනුදෙනුත් ගඟට කපපු ඉනි වගේ. දැන් ලක්මාලි අපිට මඩ ගහනවා, බොරු කියනවා. අපි එයා එක්ක තියෙන තරහා පිරිමහ ගන්න පනතෙ අඩුපාඩු සකස් කරලා පනත දියුණු කරන්න සහභාගී වුනේ නැහැ කියලා. ඒක ලොකු බොරුවක්. අපි යැව්ව ඊමේල් තියෙනවා. වට්ස්ඇප් මෙසේජ් තියෙනවා. ලියුන් තියෙනවා. ලක්මාලි අපිට කිව්වා එයා එක්ක කරන සාකච්චා අනිත් අයට කියන්න එපා, විශේෂයෙන් ඩේලි මිරර් මාධ්‍යවේදියෝ ඇහුවොත් කියන්න එපා. අපිත් ඒ රහස්‍යභාවය රැක්කා පෙබරවාරි අන්තිම වෙනකන්. 

බොහෝ අය දන්නවා අපි මේකට කොච්චර මහන්සි වුනාද කියලා. පුද්ගලිකව මම NPP හා කිට්ටු අය හමුවුනාම උදව් ඉල්ලලා තියෙනවා, අඩුම ගානේ පනත ගැන අපි ලියන ඒවා බෙදා ගන්න, පණිවිඩේ NPP ඉහල දේශපාලන අධිකාරියට අරන් යන්න.

2023 ඉඳලා පනත පිළිබඳව අපි ඉතාම වෙහෙස වෙලා කරුණු හොයලා ලිව්වා. විකල්ප පනතක් සකස් විය යුත්තේ කොහොමද කියලා අධ්‍යයනය කරලා අදහස් නිර්මාණය කළා. ඒවා දේශපාලකයින් - පක්ෂ විපක්ෂ බේදයකින් තොරව බෙදා ගත්තා. 2025 පනත සම්බන්ධයෙනුත් එහෙමයි. අපිට විශේෂයෙන් NPP විරෝධයක් ගොඩ නඟන්න ඕන වුනේ නැහැ. අපිට ඕන වුනේ එකට වැඩ කරලා පනත පරාජය කරන්න ආණ්ඩුවෙන් උදව් ගන්න. අපි දන්නවා පනත විවාදෙට ගත්තොත් අනිවාර්යයෙන් පනත සම්මත වෙන බව. ඒ නිසා හම්බන්වෙන හැම අවස්ථාවකම පනතේ සීමාකම්, හානි NPP දේශපාලඥයින් එක්ක කියලා තියෙනවා, පනත ඉස්සරහට යවන්න එපා කියලා. 

ක්‍ෂුද්‍රමුල්‍ය අර්බුදය පිළිබඳවත් අපි අධ්‍යයනය කරපු, ලියපු දේවල් තියෙනවා. විසඳුම් තියෙනවා බිම් මට්ටමෙන් ප්‍රජා සහභාගිත්වය හරහා ක්‍රියාත්මක කරන්න පුළුවන්, විශේෂයෙන්ම සහයෝගීතා ආර්ථිකය තුල. ක්‍ෂුද්‍රමුල්‍ය වින්දිත අරගලය කියන්නේ දිස්ත්‍රික්ක 10කට වඩාමිනිස්සු සක්‍රීයව දායක වෙන බිම් මට්ටමේ ව්‍යාපාරයක්. ක්‍ෂුද්‍රමුල්‍ය ණය අහෝසි කරගැනීමේ තේමාවේ සිට සහයෝගිතා ආර්ථික ක්‍රම දක්වා අපේ අරගලය ව්‍යාප්ත වෙලා තියෙනවා. අපි හුදෙක් විරෝධතා ව්‍යාපාරයක් පමණක් නොවෙයි. ණය වින්දිත කාන්තාවෝ එක්ක තිරසාර අරගලයක් කරන්න විරෝධතා පුවරු උස්සගෙන විතරක් බැහැ කියලා අපිට තේරුනා 2021. විකල්ප ආර්ථික ක්‍රම සංවර්ධනය කරන්න ඒවා පොලවේ පැලකරන්න අපි ක්‍රියාකාරිව මැදිහත් වෙනවා. 

ක්‍ෂුද්‍රමුල්‍ය පනතට විරුද්ධව අපි වඩාත් සක්‍රීයව මැදිහත් වෙන්නේ මේ නිසා. ප්‍රජාව සතු, ප්‍රජාව සඳහා වන මුල්‍ය ස්වාධිපත්‍යය අහිමි කරන මේ පනත එක්ක මොනම විකල්පයක්වත් නිර්මාණය කරන්න බැරි බවයි මගේ මතය. මේ ගැන මම ලිව්වා ගොඩක් මේ අවුරුද්දෙත්.

ලක්මාලි දැන් හැසිරෙන හැටි ගැන ඉතාම කණගාටුයි. එයාගේ පුද්ගලික තරහා ක්‍ෂුද්‍රමුල්‍ය වින්දිත ව්‍යාපාරය වගේ ඉතාම බිම් මට්ටමේ ව්‍යාපාරයකට මඩ ගහන්න පාවිච්චි කරනවා. ඉතාම දුෂ්ට වැඩක් විදිහටයි මම මේ වැඩ දකින්නේ. යුක්තිය සහ සාධාරණත්වය පිලිබඳ අපගේ අදහස් සහ විශ්වාස දේශපාලන බලය හා සම්මුඛ වෙද්දි බලය රකිනවා යැයි ලක්මාලි සිතන දේ කරන්න යුක්තිය සහ සාධාරණත්වය බිල්ලට දෙනවා.

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.