News Category
From Date
To Date
Maximum Number of Result

ලක්මාලි හේමචන්ද්‍රගේ FB සටහනකට අමාලි වෙදගෙදරගෙන් පිළිතුරු..

Mar 30, 2026 at 05:24 AM
|

ක්‍ෂුද්‍රමුල්‍ය පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර සමඟ සිදුකළ අදහස් ප්‍රකාශකිරීම් සහ එම පනත සම්බන්ධයෙන් ලක්මාලි හේමචන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ ආකාරය විවේචනය කරමින් දේශපාලන ආර්ථික පර්යේශිකාවක් වන අමාලි වෙදගෙදර  සිය මුහුණු  පොතේ දක්වා ඇති සටහනක් පහතින් දැක්වේ.

ලක්මාලි මගේ නම සඳහන් කරමින් ලියා ඇති FB සටහන සම්බන්ධයෙන්, ක්‍ෂුද්‍රමුල්‍ය පනත පිලිබඳ ලක්මාලි හේමචන්ද්‍ර සමඟ මම (අපි) කල ගනුදෙනු 

01. 2025 මාර්තු 23 - ක්‍ෂුද්‍රමුල්‍ය පනත කැබිනෙට් එකට ආවාදැයි හොයලා බලන්න පුළුවන්දැයි උදව්වක් ඉල්ලා වට්ස්ඇප් පණිවිඩයක් යැව්වා. 

[දවස් 04ක් විතර ගියාමයි තේරුනේ ඇය මාව වට්ස්ඇප් සහ මුහුණු පොතේ බ්ලොක් කර ඇති බව. තව යාලුවෙක්ට කිව්වාම ලක්මාලි මාව බ්ලොක් කර ඇති බව ඔහු කිව්වේ පිරිමින් ඇයට හිරිහැර කරද්දී මම ඒ ගැන මොකුත් නොකී බවත්, ඒ පිලිබඳව ඇය අසතුටින් බවත්.

ලක්මාලි හා මම අතර අමනාපයක් ඇති වෙන්න මුල් වෙන්නේ 2024 මැයි/ ජුනි වුනු කතා බහක් - NPP එකට සක්‍රීයව වැඩ කරන්න බැරි බව මම කිව්වා දේශපාලනික නොගැලපීම් මත. මම කිව්වේ "චන්දෙ දෙනවා, හැබැයි වැඩ කරන්න බැහැ" කියලා.  ඊට පස්සේ අපි හමුවෙලා කතා බහ කරලා නැහැ. ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වුනාට පස්සේ මම ඇයත් එක්ක වාදෙකට ගියේ ජාතික කම්කරු උපදේශන සභාවෙන් ස්වස්තිකා ඉවත් කිරීමත් එක්ක. ඇය වෙනුවෙන් මම පෙනී නොසිටියා කියන කතාවටත් මම එකඟ නැහැ. වාර ගණනාවක් ස්ත්‍රී විරෝධී කතා කියන එකට විරුද්ධව, විශේෂයෙන්ම ලක්මාලි, හරිනි, කෞශල්‍යා වෙනුවෙන් මම ලිව්වා.  

මට ලක්මාලි එක්ක ගැටුමක් නැහැ. ඇය සහ මම වැඩ කරන්නේ වෙනත් ක්‍ෂේත්‍ර වල. අපිට බෙදා ගන්න බැරි දෙයක් තිබුනෙත් නැහැ. ඇය නිසා මට අහිමි වූ දේකුත් නැහැ. 

මම හිතුවේ NPP හා එකතුවූ මගේ ප්‍රගතිශීලි මිතුරන් ආණ්ඩුව තව තවත් දක්ෂිණාංශික වුවොත් ආණ්ඩුවෙන් ඉවත් වෙලා ආපහු අපේ දේශපාලනය සමඟ එකතු වේවි කියලා. මම මේ බව මගේ කිට්ටු මිතුරන්ට කියලා තියෙනවා. අපි කාලයක් එකට වැඩකරපු අය හැටියට සමාන දේශපාලන විශ්වාස සහ බලාපොරොත්තු තිබුණු අය හැටියට, මට ඔවුන් පිලිබඳ තිබුණු අවබෝධය සහ විශ්වාසය මතයි මම එහෙම හිතුවේ.

NPP ආණ්ඩුව පිලිබඳ මගේ මුල් දැක්ම වුයේ වැඩක් කරන්න පුළුවන් අවකාශයක් තිබේවි කියා. මම කිව්වේ NPP ආණ්ඩු කාලය තුල අපි උත්සහ ගත යුත්තේ බිම් මට්ටමේ ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් කරමින්, මිනිසුන්ගේ අයිතිවාසිකම් ස්ථාවර කරමින් වැඩ කිරීමට බව. ඒ නිසා හුදු ආණ්ඩු විරෝධයක් පවත්වාගෙන යාම වැඩක් නැති බව. ඒ වගේම මේ ආණ්ඩුව වැටුනොත් ආය කවුද එන්නේ, ඉදිරියට එන්න පුළුවන් දක්ෂිණාංශික බලවේග පිලිබඳ මමත් කන්නස්සල්ලෙන් ඉන්නේ. ඒ නිසා මගේ විවේචනය සීමා සහිතව සිදුවූ දෙයක්. 

ක්‍ෂුද්‍රමුල්‍ය අර්බුදය, පනත සම්බන්ධවත් ආණ්ඩුව එක්ක වැඩ කරන්න අවශ්‍යය බවයි මම හිතුවේ. ජනතා ව්‍යාපාරයත් නොයෙක් වර ජාතික සහ ප්‍රාදේශීය මට්ටමින් ඒ සඳහා උත්සාහයන් වල යෙදිලා සිටිනවා. විශේෂයෙන් ආණ්ඩුවේ ඉන්න මිතුරන් දීර්ඝ කාලයක් තිස්සේ අපි නියැලී සිටින අරගලය හොදින් දන්නා නිසා ඒ අරගලයේ ඉල්ලීම් දිනා ගන්න උදව් වේයැයි මම හිතුවා.] 

02. 2025 අගෝස්තු 18 - ක්‍ෂුද්‍රමුල්‍ය පනත ඉදිරියට යාම අනුමත කරන ප්‍රතිපත්තියකට කැබිනට් එක අනුමැතිය දුන් බව පත්තරේ දැකලා ලක්මාලි සහ නජිත්ට ඒ ප්‍රතිපත්තිය/ පනතේ පිටපතක් බෙදා ගන්න පුළුවන්දැයි පණිවිඩයක් යැව්වා මුහුණු පොතේ.  

03. 2025 ඔක්තෝබර් අන්තිම - පනත ගැසට් වෙන්න කලින් කොපියක් ලක්මාලි විමුක්තිට එවලා තිබ්බා [අපි ඇර වෙනත් අයටත් පනතේ කොපි ලැබිලා තිබ්බ බව නොවැම්බර් 13 විතර දැනගත්තා]

04. පනත කියවලා, අපි ලක්මාලිගෙන් මීටින් එකක් ඉල්ලුවා

05. 2025 නොවැම්බර් 11 - විමුක්ති සහ මම ලක්මාලිව හමු වුනා. පනත සංශෝධනය කරන්න පිහිටෙව්ව වකින් කොමිටි එකේදී සිදු වූ දේවල්, අපේ යෝජනා පනතේ නැති බව, පනතේ අඩු පාඩු අපි ලක්මාලිට කිව්වා. ඇය කිව්වේ ලියවිල්ලක් දෙන්න, පනත NPP හදපු එකක් නොවන නිසා විරෝධයක් PWC සහ පක්ෂේ ඇතුලෙන් නිර්මාණය කරන්නට පුළුවන් වනු ඇති බවයි.  

අපි ඇයට යෝජනා කලේ පනත හරි සාකච්චාවකට ගන්න බිල් එක ගැසට් කරන එක කල් දාන්න කියලා. පනත ගැසට් කලොත් කරන්න පුළුවන් වැඩ සීමා වන නිසා පනත ගැසට් කිරීම කල් දැමීම හොඳ බවයි අපේ අදහස වුනේ. ඇය කිව්වා ආර්ථික සංවර්ධන ඇමතිට කතා කරන්නම් කියලා. 

06. 2025 නොවැම්බර් 12 -  පනතේ ගැටළු විස්තර ඇති පිටු පහක ලියවිල්ලක් දුන්නා, ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම. මම ලක්මාලිට ඊමේල් කළා. විමුක්තිත් ඒ ලියකියවිලි ඇයට වට්ස්ඇප් කළා.

07. 2025 නොවැම්බර් 17 - පනත ගැසට් කළා

08. 2025 දෙසැම්බර් 30 - ප්‍රජාමූල්‍ය කණ්ඩායම් කිහිපයක් සහ ක්‍ෂුද්‍රමුල්‍ය වින්දිතයින් කිහිපදෙනෙක් සමග ක්‍ෂුද්‍රමුල්‍ය පනත සාකච්චා කරන්න, ඉදිරි ක්‍රියාමාර්ග කතා කරන්න ලක්මාලි ආවා අපිව හමු වන්න. ඒකට ලංකාවේ ප්‍රදේශ කිහිපයක ප්‍රජාමුල්‍ය සේවා වල නියැලිලා ඉන්න සංවිධාන නියෝජනය කරමින් මිනිස්සු ආවා. ක්‍ෂුද්‍රමුල්‍ය වින්දිතයෝ ආවා. පශ්චාත් යුධ ප්‍රදේශ වල ප්‍රජාමුල්‍ය ක්‍රියාත්මක වීම, දුප්පත්කම දුරලීමට 80 ගණන්වල අන්තිම, 90 ගණන්වල රාජ්‍යය මැදිහත්වීමෙන් ප්‍රජාමූල සංවිධාන නිර්මාණය වන හැටි, ඒ සංවිධාන වැඩ කරන හැටි, ක්‍ෂුද්‍රමුල්‍ය වලින් වෙනස් වෙන හැටි, පනතට විරුද්ධ ඇයි ... මේ විදිහට ලොකු විස්තරයක් ඉදිරිපත් කළා ලක්මාලිට එදා. ඒ රැස්වීම අවසානයේ අපි යෝජනා කලේ පනතෙන් ප්‍රජාමූල සංවිධාන නිදහස් කිරීමයි වඩා සුදුසු කියලා. ලක්මාලි එකඟ වුනා. 

මේ රැස්වීමේදී පනත කොතරම් ප්‍රජාමූල්‍ය සංවිධාන වලට හානිදායකද, ප්‍රජාමුල්‍ය කියන්නේ මොනවද කියා මන්නාරම, රත්නපුරය, හම්බන්තොට, බදුල්ල, පොලොන්නරුව ප්‍රදේශ නියෝජනය කරමින් ආපු ප්‍රජාමූල සංවිධායකයෝ ලක්මාලිට පැහැදිලි කළා. පනතෙන් ප්‍රජාමුල්‍ය නිදහස් කිරීමයි වඩාත් යෝග්‍යය බව ඇයට පෙන්වා දුන්නා. ඇය ඉක්මනින් පාර්ලිමේන්තු කාරක සභාවක් කැඳවන්නන් කියා ඇය කිව්වා ප්‍රජාමුල්‍ය සංවිධානවලට අදහස් දෙන්න. එහිදී ප්‍රජාමුල්‍ය නිදහස් කිරීමට ඇති අවශ්‍යයතාවය මතු කල හැකි බව ඇය කියා සිටියා. 

09. 2026 ජනවාරි 07 - ඇය කැඳෙව්වා අපිව පාර්ලිමේන්තුවට. ඒකෙදි අපි කිව්වා වර්කින් කොමිටි එකේදී අපි ඉදිරිපත් කරපු යෝජනා පනතට ඇතුල් කරලා නැහැ, 2023 පනතෙන් 2025 පනත ලොකුවට වෙනස් නැහැ, හානිකර දේවල් එහෙමම තියෙනවා. අපි යෝජනා කළා පනතේ නියාමනයෙන් ප්‍රජාමූල සංවිධාන නිදහස් කරන්න. එතකොට මුදල් අමාත්‍යංශයේ නිලධාරියෙක් කිව්වා "ADB ඒකට කැමති නැහැ, ඔවුන් යෝජනා කරන්නේ සියලු ණය දෙන්නෝ නියාමනය කරන්න". ලක්මාලි ඊට ප්‍රතිතර්ක කරන්න ගියේ නැහැ. ඊට පස්සේ සාකච්චාව ගියේ කොහොමද ප්‍රජාමුල සංවිධාන වෙනස්ව හඳුනාගෙන වෙනස් විදිහට නියාමනය කරන්නේ කියලා. කොමිටියේදී ලක්මාලි අපිට කිව්වා ප්‍රජාමූල සඳහා නිර්වචයක් සහ නියාමනය විය යුතු ආකාරය පිලිබඳ විස්තරයක් ඉදිරිපත් කරන්න කියලා. 

අපි CRIB එක ව්‍යාප්ත කිරීමටත් විරුද්ධ වුනා. එතකොට ඇවිත් හිටිය මහ බැංකු නියෝජ්‍යය අධිපති කෙනෙක් කිව්වේ "CRIB එක භය වෙන්න ඕන දෙයක් නොවෙයි. ඒකෙන් වෙන්නේ credit score එක ඩොකියුමන්ට් වෙන එක. මමත් CRIB එකේ ඉන්නවා, credit card වලින් ගනුදෙනු කරන නිසා ..."

මහබැංකු නියෝජ්‍යය අධිපතිවගේ මනුස්සයෙක්ට වගේ නොවෙයි CRIB එක අවධානම් ආර්ථික කණ්ඩායම්වල මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක්. මේ කරුණු ලක්මාලි එතන මතු කරන්න ගියේ නැහැ.

10. 2026 ජනවාරි 19:  ප්‍රජාමූල්‍ය සඳහා නිර්වචනයක්, පනතේ වෙනම චැප්ටර් එකක් විදිහට ප්‍රජාමූල්‍ය අධිකාරිය තුල ලියාපදිංචි කරීමෙන් (බලපත්‍ර නැතිව) ප්‍රජාමුල්‍ය සංවිධාන එක්ක අධිකාරියට වැඩකරන්න පුළුවන් ආකාරය විස්තර කරමින්, ක්‍ෂුද්‍රමුල්‍ය පාරිභෝගිකයින් ආරක්ෂා කරන්න පනත තුල අඩංගු විය යුතු අත්‍යවශ්‍යය ආරක්ෂාවන් ලිස්ට් එකක් සහිත සවිස්තර ලියවිල්ලක් අපි ඉදිරිපත් ඉදිරිපත් කළා. කෙලින්ම පාර්ලිමේන්තු කාරක සභාවට ඊමේල් මඟිනුත් විමුක්ති ලක්මාලිට වට්ස්ඇප් මඟීනුත්.  

ජනවාරි 19 සිට අපි ලක්මාලි එක්ක ෆලෝ අප් කළා අපේ යෝජනා කොහොමද සංශෝධනය වන පනතට ඇතුල් වෙන්නේ කියලා. ලක්මාලි අපිට කිව්වේ ඒවා AGට යවලා තියෙන්නේ, පනත අපේ යෝජනා ඇතුල් කරමින් සංශෝධනය වෙනවා කියා. 

11. 2026 පෙබරවාරි මුල: පෙබරවාරි 10 COPF එකට පනත ගන්නවා කියලා දැනගන්න ලැබුනා. එතකොටත් අපි ලක්මාලිගෙන් ඇහුවා ඇයි සංශෝධිත පනත බෙදා ගන්න කලින් COPF අනුමැතිය සඳහා පනත ගන්නේ කියලා. ලක්මාලි කියලා තිබ්බේ පනත තාම AG ගාව. අපේ යෝජනා සැලකිල්ලට ගන්නවා... 

අපි COPF එකටත් කිව්වා (අපි ඉදිරිපත් කළා අපේ submissions, ජනවාරි 19 පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කරපු සංශෝධන ඇතුළුව). අපි කිව්වේ අපේ යෝජනා පනතට ඇතුල් වෙලා නැහැ, පනත 2023 වෙනස් නැහැ. හානිකරයි කියලා. හැබැයි COPF එක තුල ලක්මාලි, සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් කිව්වේ පනතට ප්‍රජා අදහස් අරන් තියෙනවා, සංශෝධනය වෙනවා, රෙගුලාසි හැටියට කරන්න පුළුවන් දේවල් තියෙනවා, පනතෙන් හානියක් වෙන්නේ නැහැ කියලා. 

පෙබරවාරි 24 මට හරිනි සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් හමු වුනා. මම හරිනිගෙන් අපිට මීටින් එකක් දෙන්න කියා ඉල්ලුවා. අනිත් පාර්ලිමේන්තුමන්ත්‍රී වරියට කතා කරද්දීත් කිව්වා පනත ඉස්සරහට යන එක හොද නැහැ කියලා.  

12. 2026 පෙබරවාරි 25: පනතේ දෙවැනි කියවීම මාර්තු 04 කරනවා කියා නිවේදනය දැක්කා. අපි ආපහු ලක්මාලිගෙන් ඇහුවා මොකද වෙන්නේ, සංශෝධිත පනත තියෙනවද? අපිට බලන්න ඕන. ඇයි විවාදේට ගන්නේ? ...

13. 2026 පෙබරවාරි 25:  ලක්මාලි අපිත් එක්ක බෙදා ගත්තා එයාගේ අත්සනින් මුදල් අමාත්‍යංශ ලේකම්ට පනත සංශෝධනය කරන්න යෝජනා ඇතුලත් ලියවිල්ලක්,  පෙබරවාරි 17 යැව්ව. ඒකෙ අපේ යෝජනා තිබ්බේ නැහැ. 

එතකොට තමයි මට තේරුනේ අපිව මුලාවේ දාලා ඇති බව. අපි ලොකුවට පනතට විරුද්ධව පබ්ලික් වැඩ කරන්න ගියේ නැහැ ලක්මාලිව විශ්වාස කරලා, අපේ ඉල්ලීම් වටහාගෙන පනත සංශෝධනය කරන්න ඇයත් උත්සහ කරනවා කියලයි අපි සිතන් හිටියේ. අපිට පනත ගැසට් කලාට පස්සේ විරෝධයක් ගොඩ නඟන්න තිබ්බා. ලක්මාලිව විශ්වාස කරලා ඒ කරන වැඩේ කඩාකප්පල් නොවෙන්න ඕන නිසා අපිත් ආණ්ඩුව වැරදියට ගනීවි කියා හිතන දේවල් කිරීමෙන් අපි වැලකුනා.

2023 සිට පනත සම්බන්ධව ක්‍රියාකාරීව මැදිහත් වුවෙක් හැටියට මම සිතන්න පුළුවන් හැම අවස්තාවක්ම පනත වෙනස් කරන්න මැදිහත්වීම් කිරීම සඳහා උත්සහ කළා. පනත වෙනස් කරන්න අදහස් ගන්න කියලා මුදල් අමාත්‍යංශය පත්කරපු වරකින් කොමිටි එකේ ප්‍රජාව නියෝජනය කල අපි තුන්දෙනාගේ අදහස් වලට ආපු විරෝධයත් එක්කත්, අපි යෝජනා කරලා වරකින් කොමිටි රිපෝර්ට් එකට ඇතුල් කල අදහස් අලුත්වුනු 2025 පනතේ සඳහන් නොවීම ගැනත් අපි අදහස් බෙදා ගෙන තියෙනවා ප්‍රසිද්ධව - බිල් එකට කැබිනට් අනුමැතිය දුන්නට පස්සේ සැප්තැම්බර් මාසේ අපි වින්දිතයෝ සහ ප්‍රජාමූල සංවිධාන වල ඒකාබද්ධ ව්‍යාපාරය විදිහට ස්ටටෙමන්ට් එකක් දැම්මා. 

2025 මැයි විතර ක්‍ෂුද්‍රමුල්‍ය අර්බුදය පිලිබඳ අධ්‍යයනය කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 03 සමන්විත උපදේශක කමිටුවක් පනවා ඇති බව පත්තරෙන් දැන ගත්තාට පස්සේ කවුද ඒ කමිටුවේ ඉන්නේ ඔවුන්ව හමු වෙන්න උත්සහ ගත්තා. NPP හිතවත් මිතුරෙක්ගෙනුත් ඒ ගැන ඇහුවා. සමන්මලී ගුණසිංහ මන්ත්‍රීතුමියට 2025 ජූනි මාසයේ සිට මීටින් එකක් ඉල්ලා වාර ගණනාවක් පණිවිඩ යවා තිබෙනවා. ලියුන් යවා තිබෙනවා. මීටින් එකක් ලැබිලා නැහැ.   

2025 සැප්තැම්බර් පනත ගැසට් වුනාට පස්සේ වර්කින් කොමිටියේ තුන් දෙනා හැටියට අපි මුදල් අමාත්‍යංශයේ නීති අංශයේ අධ්‍යක්ෂකට ලියුමක් යැව්වා ඇයි වර්කින් කොමිටි එකත් එක්ක බෙදා ගන්නේ නැතිව පනත කැබිනට් අනුමැතියට යැව්වේ කියලා? (ඔහු 2025 ජනවාරි වර්කින් කොමිටි වාර්තාව භාර ගද්දි පොරොන්දු වුනා කැබිනට් එකට යවන්න කලින් කෙටුම් පත අපිත් එක්ක බෙදා ගන්න බව) 

ඔක්තෝබර් මාසේ වෙද්දීත් පනත ගැන අපිට කිසිම තොරතුරක් දැන ගන්න බැරි වුනා. ඒ නිසා අපි මුදල් අමාත්‍යංශ ලේකම්, ජනාධිපති, අගමැති, සමන්මලී ගුණසිංහ , උපාලි පන්නිලගේ මේ සියල්ලන්ටම මීටින් ඉල්ලලා ලියුන් යැව්වා.ඒවාට කිසිම උත්තරයක් ආවේ නැහැ. මුදල් අමාත්‍යංශ ලේකම් එක්ක කිට්ටුවෙන් වැඩ කරන මිතුරෙක්ගෙනුත් උදව් ඉල්ලුවා ලේකම් එක්ක මීටින් එකක් ගන්න. බැරි වුනා. 

අපි උත්සහ කළා අගමැති, ජනාධිපති හමුවන්න. ජනාධිපතිට පෙත්සමකුත් බාර පෙබරවාරි 11 - ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කෙනෙක් වෙන ධර්මසිරි ගමගේට, දිස්ත්‍රික්ක 09කින් මිනිස්සු අත්සන් කරපු පෙත්සන්. ජනවාරි 21 ප්‍රජාමූල සංවිධාන පිලිබඳ සම්මන්ත්‍රණයක් තිබ්බා BMICH එකේ ප්‍රජාමූල, පසහභාගීත්ව සංවර්ධන සංකල්පය ඔවුන් ක්‍රියාවේ යොදවන හැටි .... පිලිබඳ අත්දැකීම් බෙදා ගන්න. ලක්මාලිට, සමන්මලී ගුණසිංහ, සරෝජා පොල්රාජ්, උපාලි පන්නිලගේට ආරාධනා කළා ඒකට එන්න. අපි ලක්මාලිගෙන් උදව් ඉල්ලුවා  මේ ඇමැති මන්ත්‍රීවරුන්ට මේ සම්මන්ත්‍රනයට එන්න කියා පණිවිඩේ යවන්න. ඔවුන් කවුරුත් ආවේ නැහැ. 

පස්සේ ලක්මාලි කියා තිබ්බා "ඒ සම්මන්ත්‍රණය ආණ්ඩු විරෝධී වැඩක්. ඒකට එන්නේ කොහොමද" කියලා. සම්මන්ත්‍රණය තුල කිසිම NPP විරෝධී දෙයක් කතා වුනේ නැහැ. විවිධ ප්‍රදේශ වල ප්‍රජාමූල සංවිධාන තමන්ගේ අත්දැකීම් බෙදා ගැනීමකුයි සිදු වුනේ. 

පනත විවාදෙට ගන්න නිසා පනත ගැන තියෙන ගැටළු විස්තර එවන්න කියපු තවත් NPP පාර්ලිමේන්තු මන්ත්‍රී වරු දෙදෙනෙක්ට මම ලියවිලි හදලා දුන්නා.  

14. 2026 මාර්තු 03: පනත විවාදෙට ගන්න කලින් දවසේ, ලක්මාලි කියලා තිබ්බා විවාදේ කල් දාන්න තීන්දු කල බව. ඇයි කියලා අහපුවම ඇය කියලා තිබ්බේ "අපි ඒක තරයේ ඉල්ලුවා" කියලා. ඒ පණිවිඩේ එවලා පැය කිහිපයකට පස්සේ කිව්වා පනත විවාදෙට ගන්නවා, හැබැයි සම්මත කරන්නේ නැහැ කියලා. 

මාර්තු 04 පනත දෙවැනිවර පමණක් නොවෙයි තුන්වෙනිවර කියවලා සම්මත කරා. 

NPP ආණ්ඩුව බලයට ආවට පස්සේ අපි සෑහෙන්න උත්සහ කරලා තියෙනවා ආණ්ඩුව එක්ක සාකච්චා කරන්න. අපේ ලියුන් වලට අඩුම ගානේ acknowledgement එකක්වත් නැහැ. පුද්ගලිකව ලක්මාලි වගේ කෙනෙක් එක්ක කරපු ගනුදෙනුත් ගඟට කපපු ඉනි වගේ. දැන් ලක්මාලි අපිට මඩ ගහනවා, බොරු කියනවා. අපි එයා එක්ක තියෙන තරහා පිරිමහ ගන්න පනතෙ අඩුපාඩු සකස් කරලා පනත දියුණු කරන්න සහභාගී වුනේ නැහැ කියලා. ඒක ලොකු බොරුවක්. අපි යැව්ව ඊමේල් තියෙනවා. වට්ස්ඇප් මෙසේජ් තියෙනවා. ලියුන් තියෙනවා. ලක්මාලි අපිට කිව්වා එයා එක්ක කරන සාකච්චා අනිත් අයට කියන්න එපා, විශේෂයෙන් ඩේලි මිරර් මාධ්‍යවේදියෝ ඇහුවොත් කියන්න එපා. අපිත් ඒ රහස්‍යභාවය රැක්කා පෙබරවාරි අන්තිම වෙනකන්. 

බොහෝ අය දන්නවා අපි මේකට කොච්චර මහන්සි වුනාද කියලා. පුද්ගලිකව මම NPP හා කිට්ටු අය හමුවුනාම උදව් ඉල්ලලා තියෙනවා, අඩුම ගානේ පනත ගැන අපි ලියන ඒවා බෙදා ගන්න, පණිවිඩේ NPP ඉහල දේශපාලන අධිකාරියට අරන් යන්න.

2023 ඉඳලා පනත පිළිබඳව අපි ඉතාම වෙහෙස වෙලා කරුණු හොයලා ලිව්වා. විකල්ප පනතක් සකස් විය යුත්තේ කොහොමද කියලා අධ්‍යයනය කරලා අදහස් නිර්මාණය කළා. ඒවා දේශපාලකයින් - පක්ෂ විපක්ෂ බේදයකින් තොරව බෙදා ගත්තා. 2025 පනත සම්බන්ධයෙනුත් එහෙමයි. අපිට විශේෂයෙන් NPP විරෝධයක් ගොඩ නඟන්න ඕන වුනේ නැහැ. අපිට ඕන වුනේ එකට වැඩ කරලා පනත පරාජය කරන්න ආණ්ඩුවෙන් උදව් ගන්න. අපි දන්නවා පනත විවාදෙට ගත්තොත් අනිවාර්යයෙන් පනත සම්මත වෙන බව. ඒ නිසා හම්බන්වෙන හැම අවස්ථාවකම පනතේ සීමාකම්, හානි NPP දේශපාලඥයින් එක්ක කියලා තියෙනවා, පනත ඉස්සරහට යවන්න එපා කියලා. 

ක්‍ෂුද්‍රමුල්‍ය අර්බුදය පිළිබඳවත් අපි අධ්‍යයනය කරපු, ලියපු දේවල් තියෙනවා. විසඳුම් තියෙනවා බිම් මට්ටමෙන් ප්‍රජා සහභාගිත්වය හරහා ක්‍රියාත්මක කරන්න පුළුවන්, විශේෂයෙන්ම සහයෝගීතා ආර්ථිකය තුල. ක්‍ෂුද්‍රමුල්‍ය වින්දිත අරගලය කියන්නේ දිස්ත්‍රික්ක 10කට වඩාමිනිස්සු සක්‍රීයව දායක වෙන බිම් මට්ටමේ ව්‍යාපාරයක්. ක්‍ෂුද්‍රමුල්‍ය ණය අහෝසි කරගැනීමේ තේමාවේ සිට සහයෝගිතා ආර්ථික ක්‍රම දක්වා අපේ අරගලය ව්‍යාප්ත වෙලා තියෙනවා. අපි හුදෙක් විරෝධතා ව්‍යාපාරයක් පමණක් නොවෙයි. ණය වින්දිත කාන්තාවෝ එක්ක තිරසාර අරගලයක් කරන්න විරෝධතා පුවරු උස්සගෙන විතරක් බැහැ කියලා අපිට තේරුනා 2021. විකල්ප ආර්ථික ක්‍රම සංවර්ධනය කරන්න ඒවා පොලවේ පැලකරන්න අපි ක්‍රියාකාරිව මැදිහත් වෙනවා. 

ක්‍ෂුද්‍රමුල්‍ය පනතට විරුද්ධව අපි වඩාත් සක්‍රීයව මැදිහත් වෙන්නේ මේ නිසා. ප්‍රජාව සතු, ප්‍රජාව සඳහා වන මුල්‍ය ස්වාධිපත්‍යය අහිමි කරන මේ පනත එක්ක මොනම විකල්පයක්වත් නිර්මාණය කරන්න බැරි බවයි මගේ මතය. මේ ගැන මම ලිව්වා ගොඩක් මේ අවුරුද්දෙත්.

ලක්මාලි දැන් හැසිරෙන හැටි ගැන ඉතාම කණගාටුයි. එයාගේ පුද්ගලික තරහා ක්‍ෂුද්‍රමුල්‍ය වින්දිත ව්‍යාපාරය වගේ ඉතාම බිම් මට්ටමේ ව්‍යාපාරයකට මඩ ගහන්න පාවිච්චි කරනවා. ඉතාම දුෂ්ට වැඩක් විදිහටයි මම මේ වැඩ දකින්නේ. යුක්තිය සහ සාධාරණත්වය පිලිබඳ අපගේ අදහස් සහ විශ්වාස දේශපාලන බලය හා සම්මුඛ වෙද්දි බලය රකිනවා යැයි ලක්මාලි සිතන දේ කරන්න යුක්තිය සහ සාධාරණත්වය බිල්ලට දෙනවා.

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.