News Category
From Date
To Date
Maximum Number of Result

තෙල් සහ මුදල් වෙනුවෙන් වූ 75 වසරක යුද්ධය: පෙට්‍රෝ-ඩොලර් ආධිපත්‍යය වෙනුවෙන් ඇමරිකාව ගෙන ගිය සටන පර්සියානු ගල්ෆ් කලාපය විනාශය අද්දරට රැගෙන ආ අයුරු

Mar 20, 2026 at 01:30 PM
|

1953 ඉරානයේ සිදු වූ CIA කුමන්ත්‍රණයේ සිට 2026 ගල්ෆ් බලශක්ති යුද්ධය දක්වා, නීති නොමැති  බලහත්කාරයේ රටාව

 ආචාර්ය ජගත් චන්ද්‍රවංශ විසිනි, 2026 මාර්තු 19

 ගල්ෆ් කලාපය

ඉරානයේ බොරතෙල් අපනයනයෙන්  90% ක් පමණ හසුරුවන ‘කාර්ග් දූපතේ’ (Kharg Island) පර්යන්ත කළාපයට මෙම මස මුලදී ඇමරිකානු ප්‍රහාරක යානා මගින්  ප්‍රහාර එල්ල කරන විට, එමගින්  සිදු වූයේ කලාපීය ගැටුමක් උග්‍ර කිරීමකට වඩා වැඩි යමකි. ඇමරිකාව විසින් වසර 75ක් පුරා ගොඩනැගෙමින් තිබූ ගැටුමක ගිනි පුපුර දල්වනු ලැබීය. මෙය න්‍යෂ්ටික අවි  පිළිබඳව හෝ නාවික ගමනාගමනයේ නිදහස පිළිබඳ යුද්ධයක් නොව, මැදපෙරදිග ජාතීන්ට තමන්ගේ  සම්පත් පාලනය කිරීමට සහ තමන් කැමති මුදල් ඒකකයක් තෝරා ගැනීමට ඇති මූලික අයිතිය පිළිබඳව වූ යුද්ධයකි.

සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යය පුරා විසිරී ඇති බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉරාන ඩ්‍රෝන යානා ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටින පසුබිමක් තුළ අද වන විට මෙම ගැටුමේ සැබෑ ස්වරූපය නිරාවරණය වී ඇත. ඒ සඳහා මිත්‍ර පාර්ශවයන්ගේ සහාය, එක්සත් ජාතීන්ගේ අවසරයක් හෝ අවම වශයෙන් "නීති මත පදනම් වූ ජාත්‍යන්තර ක්‍රියාපටිපාටියක්" පිළිබඳව මවාපෑමකින් හෝ තොරව  එක්සත් ජනපදය අද  තනිවම සටන් කරමින් සිටී. ඔවුන් සටන් කරන්නේ 1974 සිට ඇමරිකානු ගෝලීය ආධිපත්‍යයට පදනම සැපයූ "පෙට්‍රෝ-ඩොලර්" (petrodollar) පද්ධතිය රැක ගැනීම සඳහා ය. ඒ සඳහා ඔවුන්ට ඉතිරිව ඇති එකම මාර්ගය අසීමිත ලෙස තම මිලිටරි බලය භාවිතා කිරීම පමණි.

“රහස්‍ය” වර්ගීකරණයෙන් ඉවත් කරන ලද (declassified) ලේඛන, රාජ්‍ය තාන්ත්‍රික වාර්තා සහ නිල ප්‍රකාශ මගින් සනාථ කෙරෙන, වසර 75ක් පුරා දිවෙන එම යුද්ධයේ කතාව මෙයයි. අප අද මුහුණ දෙන මෙම භයානක ප්‍රපාතය අද්දරට  පැමිණියේ මෙලෙසිනි.

 සැලසුම් සිතියම: ඉරානය 1953

 දෙවන ලෝක යුද්ධය අවසන් වී වසර අටක් ගතවන විට මෙම රටාව ස්ථාපනය කිරීම සිදු විය. 1951 දී, ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ අගමැති මොහොමඩ් මොසාඩෙක් (Mohammad Mosaddegh), 'ඇන්ග්ලෝ-ඉරාන තෙල් සමාගම' (Anglo-Iranian Oil Company) ජනසතු කළ අතර, බ්‍රිතාන්‍යයන් සතුව තිබූ තම ජාතියේ තෙල් සම්පතේ පාලනය තම ජාතිය සතු කර ගත්තේය.

 ඊට වොෂින්ටනයෙන් සහ ලන්ඩනයෙන් ලැබුණු ප්‍රතිචාරය වේගවත් සහ තීරණාත්මක විය. 1953 අගෝස්තු මාසයේදී, සී.අයි.ඒ. (CIA) සංවිධානය විසින් 'ඔපරේෂන් ඇජැක්ස්' (Operation Ajax) මෙහෙයවන ලදී. එහිදී වීදි සටන් කල්ලි සංවිධානය කිරීම, නිලධාරීන්ට අල්ලස් දීම සහ මොසාඩෙක්ව බලයෙන් පහ කිරීම ද සිදු විය. ඔහු වෙනුවට බටහිර බලවතුන් විසින් මොහොමඩ් රේසා ෂාහ් පහ්ලවි (Mohammad Reza Shah Pahlavi) රජකමට පත් කරන ලදී. ඔහු ඉදිරි වසර 26 පුරා ඇමරිකාවේ විශ්වාසවන්ත සේවාදායකයෙකු ලෙස කටයුතු කළේය.

 (ලේඛනගත සාක්ෂි: දශක ගණනාවක මර්දනයෙන් පසුව 2017 දී නිකුත් කරන ලද, ඉරානය පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 'එක්සත් ජනපදයේ විදේශ සබඳතා' (Foreign Relations of the United States volume on Iran)වෙළුම මගින් CIA හි භූමිකාව තහවුරු කරයි.) එම ලේඛනවලින් හෙළි වන්නේ මෙම මෙහෙයුම "රජයේ ඉහළම මට්ටම් විසින් සංකල්පනය කර, අනුමත කරන ලද එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ ක්‍රියාවක්" බවයි.

 එමගින් ලබාදුන් පාඩම පැහැදිලිය: තෙල් සම්පත් පිළිබඳ ස්වාධීන හැසිරවීම සහ පාලනය කිසිසේත්ම ඉවසනු නොලැබේ. ඉන් පසුව සිදු වූ සෑම දෙයකටම පදනම වැටුනේ එලෙසිනි.

පෙට්‍රෝ-ඩොලරය: 1974

1971 දී ජනාධිපති රිචඩ් නික්සන් විසින් ඩොලරය සඳහා වූ 'රන් ප්‍රමිතිය' (gold standard) අවසන් කළ විට, ඇමරිකානු ඩොලරය පැවැත්ම පිළිබඳ බරපතල අර්බුදයකට මුහුණ දුන්නේය. රන් ආවරණයක් නොමැතිව, ලෝකයේ සංචිත මුදල් ඒකකය ලෙස එහි තත්ත්වය පවත්වා ගන්නේ කෙසේද?

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 'විදේශ සබඳතා' වෙළුම්වල ලේඛනගත කර තිබෙන පරිදි, සෞදි අරාබිය සමග ඇති කරගත් පෙරළිකාර ගනුදෙනුවක් මගින් එම ප්‍රශ්නය විසඳා ඊට නිසි පිළිතුර ලැබුණේ 1974 දීය. 1974 මාර්තු 1 වන දින ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම්වරයා විසින් එවන ලද විදුලි පණිවුඩයක් මගින් එහි කොන්දේසි මෙසේ විස්තර කර තිබුණි:

 "සෞදි ජාතිකයන් ඔවුන්ගේ අතිරික්ත ආදායමෙන් සැලකිය යුතු කොටසක් එක්සත් ජනපදය තුළ ආයෝජනය කරනවාට අපි කැමතියි... ඒ වෙනුවෙන් ඔබට මිලිටරි ආරක්ෂාව සඳහා අපට දිගුකාලීන සැපයුම් ගිවිසුම් ඇති කර ගත හැකියි."

 ඒ ආකාරයට "පෙට්‍රෝ-ඩොලර්" පද්ධතිය බිහි විය. සෞදි අරාබිය සිය තෙල් සඳහා මිල නියම කරනු ලබන්නේ ඩොලර්වලින් පමණක් වන අතර, එමඑමගින් ලැබෙන  මුදල් ඇමරිකානු භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කරනු ලබයි. ඒ වෙනුවෙන්, එක්සත් ජනපදය ඔවුන්ට මිලිටරි ආරක්ෂාව සපයයි. සෑම ජාතියකටම තෙල් අවශ්‍ය වූ බැවින්, සෑම ජාතියකටම ඩොලර් ද අවශ්‍ය විය. ඒ අනුව ඩොලරය රත්තරන්වලින් නොව, තෙල් සහ ඇමරිකානු හමුදා බලය මගින් සුරක්ෂිත විය.

 මෙම සැකසුමට අභියෝග කරන ඕනෑම රටකට එල්ල වන නිසැක තර්ජනය, ඉදිරි දශක කිහිපය තුළ ඉතා ඛේදජනක ලෙස පැහැදිලි විය.

 හැරවුම් ලක්ෂය: 1979

 1979 ඉරාන විප්ලවය මගින් CIA ආයතනය විසින් පත් කරන ලද ෂාහ් රජුව බලයෙන් පහ කරනු ලැබූ අතර, ඇමරිකානු බලපෑමට එරෙහි ඉස්ලාමීය ජනරජයක් ස්ථාපිත කරන ලදී. වොෂින්ටනය විසින්  ඉරානය සමග තිබූ සබඳතා බිඳ දමා, පුළුල් සම්බාධක පැනවූ අතර, ඉරානය ප්‍රධාන සතුරෙකු ලෙස සැලකීමට පටන් ගත්තේය.

 මෙහිදී තීරණාත්මක කරුණක් වන්නේ, 1957 දී "සාමය සඳහා පරමාණුව" (Atoms for Peace) වැඩසටහන යටතේ ඇමරිකාව විසින්ම ආරම්භ කරන ලද ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සඳහා වූ සියලු සහයෝගයන් එක්සත් ජනපදය විසින් ඉවත් කර ගැනීමයි. අද වන විට එක්සත් ජනපදයේ එදිරිවාදිකම් සඳහා මූලිකම හේතුව ලෙස ඉදිරිපත් කෙරෙන න්‍යෂ්ටික යටිතල ව්‍යුහය, දශක දෙකකට ආසන්න කාලයක් ඇමරිකානු-ඉරාන සහයෝගීතාවයේ සංකේතයක් විය. එය තර්ජනයක් බවට පත් වූයේ ඉරානය ඇමරිකාවේ සේවාදායකයෙකු බවට පත්වීම නතර කළ විට පමණි.

මුදල් ඒකකයට  අභියෝගකෙරුවෝ: ඉරාකය සහ ලිබියාව

පෙට්‍රෝ-ඩොලර් පද්ධතිය 2000 මුල් කාලයේ දී එහි පළමු බරපතල පරීක්ෂණවලට මුහුණ දුන්නේය.

ඉරාකය 2000-2003

එක්සත් ජාතීන්ගේ "ආහාර සඳහා තෙල්" (Oil-for-Food) වැඩසටහන යටතේ, සදාම් හුසේන්ගේ පාලනය යටතේ තිබූ ඉරාකය ඩොලර් වෙනුවට යුරෝ (Euro) මුදලින් තෙල් විකිණීම ආරම්භ කළ අතර, ඔවුන්ගේ සංචිතවලින් ඩොලර් බිලියන 10ක් පමණ මුදල් ප්‍රමාණයක් යුරෝ බවට පරිවර්තනය කළේය. 2000 මැයි මාසයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු වාර්තා මෙම විකිණීම් පිළිබඳව සාක්ෂි දරයි. අනෙකුත් ඔපෙක් (OPEC) රටවල් ද මෙය අනුගමනය කළේ නම්, ඩොලරය සඳහා වූ ගෝලීය ඉල්ලුම දැවැන්ත ලෙස පහත වැටීමට ඉඩ තිබුණි.

 2003 මාර්තු මාසයේදී එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමණය කළේය. ඒ සඳහා ප්‍රසිද්ධියේ ඉදිරිපත් කළ හේතු කාරණාව වූයේ "විශාල ජනකායකට විනාශය ළඟා කළ හැකි   ආයුධ" (weapons of mass destruction) සන්තකයේ තබා ගැනීමයි. නමුත් එවැනි ආයුධ කිසිවක් හමු නොවීය. ආක්‍රමණයෙන් පසු එක්සත් ජනපදය විසින් පිහිටුවන ලද රජය සිදු කළ පළමු ක්‍රියාවන්ගෙන් එකක් වූයේ, ඉරාක තෙල් අලෙවිය නැවතත් ඇමරිකානු ඩොලර් වෙත මාරු කර ගැනීමයි. එහි පණිවුඩය ඉතා පැහැදිලි විය: එනම් ඩොලරය අත්හැරීම යනු පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ (regime change) අවදානම භාර ගැනීමයි.

ලිබියාව 2009-2011

 මුඅම්මර් ගඩාෆි, අප්‍රිකානු සංගමයේ සභාපති ලෙස, තෙල් අලෙවිය සහ මහාද්වීපික වෙළඳාම සඳහා රන් ආවරණයක් සහිත "රන් ඩිනාර්" (Gold Dinar) නම් වූ සාර්ව අප්‍රිකානු මුදල් ඒකකයක් නිර්මාණය කිරීමට යෝජනා කළේය. හිලරි ක්ලින්ටන්ගේ ධූර කාලයට අයත්, 2011 අප්‍රේල් මාසයේදී “රහස්‍ය” වර්ගීකරණයෙන් ඉවත් කරන ලද රාජ්‍ය දෙපාර්තමේන්තු විද්‍යුත් තැපෑලක මෙසේ සඳහන් විය:

"ගඩාෆිගේ රජය සතුව රන් ටොන් 143ක් ඇත... එය ලිබියානු රන් ඩිනාර් මත පදනම් වූ සාර්ව අප්‍රිකානු මුදල් ඒකකයක් පිහිටුවීමට භාවිතා කිරීමට අදහස් කෙරේ. මෙම සැලසුම නිර්මාණය කර ඇත්තේ ප්‍රංශ භාෂාව කතා කරන අප්‍රිකානු රටවලට ප්‍රංශ ෆ්‍රෑන්ක් (French franc) සඳහා විකල්පයක් ලබා දීම පිණිස ය."

එම විද්‍යුත් තැපෑලෙහි වැඩිදුරටත් සඳහන් වූයේ ප්‍රංශ බුද්ධි අංශ මෙම සැලසුම සොයාගත් බවත්, එය "ලිබියාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා ප්‍රංශය මැදිහත් වීමට ජනාධිපති නිකොලස් සර්කෝසි ගත් තීරණයට බලපෑ බවත්" ය.

වර්ෂ 2011 දී එක්සත් ජනපදය සහ ප්‍රංශය ප්‍රමුඛ නේටෝ (NATO) හමුදා ලිබියානු සිවිල් යුද්ධයට මැදිහත් විය. ගඩාෆි බලයෙන් පහ කර මරා දමන ලදී. ලිබියාව අවුල් ජාලයකට ඇද වැටුණි. "රන් ඩිනාර්" සංකල්පය එහි නිර්මාතෘ සමගම මිය ගියේය. එහි ගැබ් වූ පණිවුඩය ඉතා දරුණු ලෙස තහවුරු විය.

 චීන සාධකය: 2015-2025

 ලොව විශාලතම බලශක්ති ආනයනකරුවා ලෙස චීනය නැගී සිටීම යන කරුණ මෙම ගණනය කිරීම්වල මූලධර්ම වෙනස් කර ඇත.

 ඉරානය: 2018 දී එක්සත් ජනපදය JCPOA න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව, ඉරානය චීනය සමග සිය බලශක්ති වෙළඳාම චීන 'යුවාන්' (Yuan) මුදල්වලින් කිරීම වැඩි වැඩියෙන් සිදු කළේය.

 සෞදි අරාබිය

 2022 දී, සෞදි අරාබිය තම බොරතෙල්වලින් කොටසක්  'යුවාන්' (yuan) මුදලින් කිරීම පිළිබඳව චීනය සමග බැරෑරුම් සාකච්ඡා ආරම්භ කළේය. 2022 මාර්තු මාසයේදී වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Journal) වාර්තා කළේ, "දශක ගණනාවක් පැරණි එක්සත් ජනපද ආරක්ෂක සහතික කිරීම් පිළිබඳව සෞදි වැසියන් තුළ වර්ධනය වෙමින් පවතින අතෘප්තිය හේතුවෙන් මෙම වසරේ සාකච්ඡා වේගවත් වී ඇති" බවයි. චීනය දැන් සෞදි තෙල් අපනයනයෙන් 25% කට වඩා මිලදී ගනී.

 2024 වන විට, වසර 50 ක් පැරණි එක්සත් ජනපද-සෞදි පෙට්‍රෝ-ඩොලර් ගිවිසුම ප්‍රසිද්ධියේ අලුත් කිරීමකින් තොරව කල් ඉකුත් විය. 2025 වන විට, චීනයට අලෙවි කරන සෞදි තෙල්වලින් ආසන්න වශයෙන් 45% ක් සඳහා මිල නියම කර තිබුණේ යුවාන් මුදලිනි. තවද සෞදි බැංකු චීනයේ CIPS දේශසීමා ගෙවීම් පද්ධතියට එක් විය.

කටාර් රාජ්‍යය

2022 නොවැම්බර් මාසයේදී, කටාර් රාජ්‍යය චීනය සමග සිය විශාලතම LNG (ද්‍රව ස්වභාවික වායු) සැපයුම් ගිවිසුමට අත්සන් තැබීය. එය යුවාන් මුදලින් මිල නියම කරන ලද වසර 27කට බලපැවැත්වෙන ගිවිසුමකි. කටාර් බලශක්ති අමාත්‍යවරයා එය හැඳින්වූයේ "LNG කර්මාන්ත ඉතිහාසයේ දීර්ඝතම සැපයුම් ගිවිසුම" ලෙසයි.

 2026 ආරම්භයේ දී බහු-මුදල් (multi-currency) බලශක්ති වෙළඳපොළක් නිර්මාණය වී ඇත.

 2026 ගල්ෆ් බලශක්ති යුද්ධය

 2026 මාර්තු 13 වන දින, එක්සත් ජනපදය ඉරානයේ බොරතෙල් අපනයනයෙන්  90% ක් පමණ හසුරුවන 'කාර්ග් දූපත' (Kharg Island) ට ප්‍රබල හමුදා ප්‍රහාර එල්ල කළේය. මාර්තු 16 වන දින එක්සත් ජනපද මධ්‍යම විධානය (U.S. Central Command) නිකුත් කළ ප්‍රකාශයක් මගින් තහවුරු කළේ "ඔපරේෂන් එපික් ෆියුරි" (Operation Epic Fury) මගින් නාවික ඩ්‍රෝන පහසුකම් සහ මිසයිල යටිතල පහසුකම් ඇතුළු "ඉරාන හමුදා ඉලක්ක 90 කට වඩා" විනාශ කර ඇති බවයි.

මෙහිදී තීරණාත්මක කරුණ වන්නේ වොෂින්ටනය තනිවම ක්‍රියා කිරීමයි. වාර්තා වන පරිදි නේටෝ (NATO) සාමාජිකයින් සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) රටවල්වලට යුද නැව් එවන ලෙස එක්සත් ජනපදය කළ ඉල්ලීම් ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබුණි. ඇමරිකාව ඉදිරියට ගියේ මිත්‍ර පාර්ශවයන්ගේ එකඟතාවයකින් තොරව, එක්සත් ජාතීන්ගේ අවසරයකින් තොරව, හෝ අවම වශයෙන් සිය කලාපීය හවුල්කරුවන්ව දැනුවත් කිරීමකින් හෝ තොරවය.

ඉරානය කලක සිට අනතුරු ඇඟවූ පරිදිම නිවැරදිව ප්‍රතිප්‍රහාර එල්ල කළේය. ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ ඉරාකය පුරා ඇති ප්‍රධාන පිරිපහදු, ගෑස් ක්ෂේත්‍ර සහ අපනයන පර්යන්ත වෙත එල්ල විය. තීරණාත්මක පහසුකම් කිහිපයකම නිෂ්පාදන කටයුතු ඇණ හිටියේය. ඉරාන විදේශ අමාත්‍යවරයා සෘජුවම ප්‍රකාශ කළේ: ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන්නේ නම්, ටෙහෙරානය විසින්  "ඇමරිකානු සමාගම් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් හිමිකාරිත්වය දරන කලාපයේ ඕනෑම බලශක්ති මධ්‍යස්ථානයකට" ප්‍රහාර එල්ල කරන බවයි.

මානුෂීය පිරිවැය: 4,000කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර මිලියන සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇත.

ආර්ථික බලපෑම:

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 108 ඉක්මවා ගොස් ඇත, හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ඵලදායී ලෙස වසා දමා ඇත, සහ ගෝලීය තෙල් සැපයුමෙන්  20% ක් ඇණහිට ඇත. මෙය ඉතිහාසයේ විශාලතම බලශක්ති කම්පනයයි.

මුදල් ඒකක කෙරෙහි බලපෑම:

 යුවාන් මත පදනම් වූ බලශක්ති වෙළඳාමට පහසුකම් සලසන යටිතල පහසුකම්—එනම් සෞදි පිරිපහදු, කටාර් LNG පර්යන්ත, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වරායන් ඉරාන ආක්‍රමණශීලීත්වය පිළිබඳ මවාපෑමක් සහිතව ගෙන යන යුද්ධය නිසා හානියට පත් වී හෝ විනාශ වී ඇත.

ඇමරිකාව සැබවින්ම සටන් කරන්නේ කුමක් සඳහාද?

2026 ගල්ෆ් බලශක්ති යුද්ධය මූලික වශයෙන් ඉරාන න්‍යෂ්ටික අවි පිළිබඳ යුද්ධයක් නොවේ (එය ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරන හේතුව වුවද). එය "පෙට්‍රෝ-ඩොලර්" පද්ධතියේ වේගවත් බිඳ වැටීම සහ එම බිඳ වැටීම, තමන් සතු එකම මාර්ගය වන මිලිටරි බලය හරහා නැවැත්වීමට වොෂින්ටනය තුළ ඇති දැඩි අධිෂ්ඨානය පිළිබඳ යුද්ධයකි.

අප ඉදිරියේ දක්නට ඇති සාක්ෂි පිළිබඳව සලකා බලන්න. ගෝලීය සංචිතවල ඩොලරයේ කොටස 56% දක්වා පහත වැටී ඇත. එය 1995 න් පසු වාර්තා වූ අවම අගයයි. සෞදි අරාබිය දැන් චීනයට අලෙවි කරන තෙල්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් යුවාන් මුදලින් අලෙවි කරයි. කටාර් හි ප්‍රධාන LNG ගිවිසුම් යුවාන් මුදලින් නාමකරණය කර ඇත. බ්‍රික්ස් (BRICS) ජාතීන් විකල්ප ගෙවීම් පද්ධති සක්‍රීයව ගවේෂණය කරමින් සිටී.

පෙට්‍රෝ-ඩොලර් පක්ෂපාතිත්වය සඳහා ආර්ථික වශයෙන් තරඟ කිරීමට එක්සත් ජනපදයට නොහැකිය. ලොව විශාලතම බලශක්ති ආනයනකරුවා වන චීනයට වඩා හොඳ මිලක් ලබා දීමට ඔවුන්ට නොහැකිය. බීජිං පාලනය සිය ස්වෛරී හවුල්කරුවන්ට දක්වන රාජ්‍ය තාන්ත්‍රික ගෞරවය ලබා දීමට ද ඔවුන්ට නොහැකිය. ආර්ථික තරඟකාරිත්වය අසාර්ථක වූ විට, ඉතිරි වන්නේ මිලිටරි බලය පමණි.

ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සහ කලාපීය ප්‍රතිප්‍රහාර අවුලුවාලීම හරහා වොෂින්ටනය බලාපොරොත්තු වන්නේ, පෙට්‍රෝ-ඩොලරයට අභියෝග කරන ප්‍රබලම සතුරාට දඬුවම් කිරීම, ඇමරිකානු ආරක්ෂක කුඩය (security umbrella) තවදුරටත් අත්‍යවශ්‍ය බව ගල්ෆ් රාජ්‍යයන්ට පෙන්වා දීම, යුවාන් පදනම් කරගත් වෙළඳාමට පහසුකම් සලසන යටිතල පහසුකම් අස්ථාවර කිරීම සහ එක්සත් ජනපදය තවමත් අභියෝගයකින් තොරව සිටින එකම ක්ෂේත්‍රය වන "මිලිටරි බලය" හරහා ඇමරිකානු ප්‍රමුඛත්වය නැවත තහවුරු කිරීමයි.

ස්වෛරීභාවය විනාශ කිරීම

මෙම උපායමාර්ගයේ පිරිවැය දරා ගැනීමට සිදු වී ඇත්තේ එක්සත් ජනපදය ආරක්ෂා කරන බව පවසන ජාතීන්ටමය.

සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යය තමන් ඉල්ලා නොසිටි, අනුමත නොකළ සහ මග හැරීමට උත්සාහ කළ ඇමරිකානු යුද්ධයක සෘජු ප්‍රතිඵලයක් ලෙස තම තීරණාත්මක යටිතල පහසුකම් ගිනි ගන්නා අයුරු බලා සිටී. ඇමරිකානු ආධිපත්‍යය සංරක්ෂණය කර ගැනීමේ යුද්ධයක කොටස්කරුවන් වීම නිසා හානියේ තමන්ගෙ කොටස (collateral damage) ලෙසට ඇමරිකානු තාක්ෂණයෙන් නිපදවන ලද, ඇමරිකානු සමාගම්වලට අර්ධ වශයෙන් හිමි ඔවුන්ගේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන, ගෑස් සැකසුම් මධ්‍යස්ථාන සහ අපනයන පර්යන්ත විනාශ වෙමින් පවතී.

 ඉරානයට සිදුවන විනාශය ඊටත් වඩා සෘජු ය. ඉරාන තෙල් අපනයනයෙන් 90% ක මාර්ගය වූ කාර්ග් දූපත අකර්මණ්‍ය කර ඇත. තම සම්පත්, තම සන්ධාන සහ මුදල් ඒකකය පිළිබඳව ස්වෛරී තීරණ ගැනීමට ඉරානයට ඇති හැකියාව, එනම් වසර 75ක් තිස්සේ වොෂින්ටනය නිවා දැමීමට උත්සාහ කළ එම ස්වාධීනත්වයම මෙහි පැහැදිලි ඉලක්කයයි.

මෙහි ඇති උත්ප්‍රාසය ප්‍රබලය. එක්සත් ජනපදය සටන් කරන්නේ මැදපෙරදිග ජාතීන්ට තම සම්පත් පාලනය කිරීමට හෝ තමන්ගේම මුදල් ඒකකයක් තෝරා ගැනීමට ඉඩ නොදෙන පද්ධතියක් රැක ගැනීමටය. නමුත් කාර්ග් දූපතට වැටෙන සෑම බෝම්බයක්ම, සෞදි පිරිපහදුවකට වදින සෑම ඩ්‍රෝන ප්‍රහාරයක්ම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම මගින් සිදුවන්නේ වොෂින්ටනය වැළැක්වීමට උත්සාහ කරන එම වෙනසම වේගවත් වීමයි. පෙට්‍රෝ-ඩොලර් පද්ධතිය සුරැකෙන්නේ නැත; එය ඇමරිකාව ආරක්ෂා කරන බව පවසන කර්මාන්තවල සුන්බුන් යට වැළලී යමින් පවතී.

 නීති මත පදනම් වූ අනුපිළිවෙලක අවසානය

දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපදය සිය විදේශීය ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට "නීති මත පදනම් වූ ජාත්‍යන්තර අනුපිළිවෙල " (rules-based international order) ගැන සඳහන් කළේය. අද වන විට එම පද්ධතිය නටබුන් වී ඇත.

2026 ගල්ෆ් බලශක්ති යුද්ධය සනිටුහන් කරන්නේ සීතල යුද්ධයෙන් පසු පැවති ඒක-ධ්‍රැවීය (unipolar) යුගයේ අවසානයයි. එක්සත් ජනපදය අද සටන් කරන්නේ තනිවමය: නේටෝව යුද නැව් එවීම ප්‍රතික්ෂේප කළේය; ගල්ෆ් මිත්‍ර රටවල් ඊට සහභාගී වීම ප්‍රතික්ෂේප කළහ; එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියක් නොමැත; චීනය සහ රුසියාව ඇමරිකානු ක්‍රියාමාර්ගවලට විවෘතව විරුද්ධ වෙති.

මෙහිදී කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවේ, ඇත්තේ බලහත්කාරය පමණි. එක්සත් ජනපදය ඉරානයට පහර දෙන්නේ මිත්‍ර පාර්ශවයන්ගේ එකඟතාවයකින් තොරව, ජාත්‍යන්තර අවසරයකින් තොරව, අවම වශයෙන් බහුජාතික සන්ධානයක මවාපෑමක් හෝ නොමැතිවය. ඔවුන් ක්‍රියා කරන්නේ කිසිදු සීමාවකින් තොරව, පැහැදිලි කිරීමකින් තොරව සහ වගවීමකින් තොරවය.

ඓතිහාසික වාර්තා සනාථ කරන්නේ මෙයයි: එක්සත් ජනපදය දැන් ක්‍රියා කරන්නේ කිසිදු නීති ක්‍රමවේදයකින් තොරවය. ඇත්තේ සීමා රහිතව සහ පැහැදිලි කිරීම් රහිතව බලය භාවිතා කිරීම පමණි.

ස්වෛරීභාවය පිළිබඳ ගැටළුව

මෙම වසර 75ක ගැටුමේ හදවතෙහි පවතින්නේ මූලික ප්‍රශ්නයකි: එනම්, මැදපෙරදිග ජාතීන්ට තම සම්පත් සහ තමන්ගේම මුදල් ඒකකය පිළිබඳව ස්වාධීන තීරණ ගැනීමට අයිතියක් තිබේද?

එක්සත් ජනපදය සම්බන්ධයෙන් ගත් කල, එම ප්‍රශ්නයට පිළිතුර නිරන්තරයෙන්ම "නැත" යන්නයි. මොසාඩෙක්ගේ ජාතිකකරණයේ සිට සදාම්ගේ යුරෝ මුදල් මාරුව දක්වාත්, ගඩාෆිගේ රන් ඩිනාර් යෝජනාවේ සිට අද පවතින යුවාන් මත පදනම් වූ වෙළඳාම දක්වාත්, වොෂින්ටනය මෙම ස්වෛරී ආර්ථික තීරණ සලකා ඇත්තේ මිලිටරිමය ප්‍රතිචාරයක් අවශ්‍ය වන තර්ජන ලෙසය.

මැදපෙරදිග ජාතීන් සඳහා එම පිළිතුර නොසැලෙන, අධික පිරිවැයක් දරන සහ වඩ වඩාත් බලාපොරොත්තු රහිත වන "ඔව්" යන්නයි. ඉරානය සිය තෙල් ජාතිකකරණය කළ අතර කුමන්ත්‍රණයකට මුහුණ දුන්නේය. ඉරාකය සිය විදේශ මුදල් විවිධාංගීකරණය කළ අතර ආක්‍රමණයට භාජනය විය. ලිබියාව අප්‍රිකානු මුදල් ඒකකයක් යෝජනා කළ අතර විනාශයට පත් විය. සෞදි අරාබිය සහ කටාර් යුවාන් වෙත නැඹුරු වූ අතර දැන් ඔවුන්ගේ බලශක්ති යටිතල පහසුකම් ගිනි ගන්නා අයුරු බලා සිටිති.

ස්වෛරීභාවය වෙනුවෙන් ගෙවන්නට සිදු වූ මිල අතිමහත්ය. එහෙත් ඒ සඳහා වූ ආශාව අඩු වී නැත. අද වන විට ඉරාන පර්යන්ත මත ඇමරිකානු බෝම්බ වැටෙන විටත්, සෞදි පිරිපහදු වෙත ඉරාන ඩ්‍රෝන ප්‍රහාර එල්ල වන විටත්, එම ආශාව වෙන කවරදාටත් වඩා දැඩිව ඇවිළෙමින් තිබේ.

මීළඟට කුමක් සිදුවේද?

මැදපෙරදිග බලශක්ති ස්වාධීනත්වය සඳහා වූ වසර 75ක යුද්ධය දැන් එහි අවසාන අදියරට එළඹෙමින් තිබේ. පෙළඹවීම සහ සහයෝගීතාවය සඳහා වූ සෑම මෙවලමක්ම අවසන් කර ඇති එක්සත් ජනපදය, දැනටමත් ඉතිහාසයට එක්වී හමාර වූ ආධිපත්‍යයක් රැක ගැනීම සඳහා තනිවම සටන් කරමින් සිටී.

පෙට්‍රෝ-ඩොලර් පද්ධතිය කඩා වැටෙමින් පවතී. චීනය දැන් අත්‍යවශ්‍යම පාරිභෝගිකයා වී ඇත. යුවාන් මුදලින් සිදුවන බලශක්ති වෙළඳාම දැන් යථාර්ථයකි. ආර්ථික විද්‍යාව සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය හරහා අහිමි වූ දෙයක් මිලිටරි බලය මගින් රැකගත නොහැකිය.

යුද්ධයේ සෑම දිනක්ම බලශක්ති නිෂ්පාදකයින් ඩොලරයෙන් තව තවත් ඈත් කරවයි. විනාශ වන සෑම පහසුකමක්ම, විකල්ප සැපයුම් මාර්ග සුරක්ෂිත කර ගැනීමේ හදිසි අවශ්‍යතාවය චීනයට මතක් කර දෙයි. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමන සෑම අවස්ථාවක්ම ඩොලරය මත පදනම් වූ තෙල් වෙළඳාමේ ඇති අවදානම පෙන්නුම් කරයි.

එක්සත් ජනපදය සටන් කරන්නේ මැදපෙරදිග ජාතීන්ට තම සම්පත් පාලනය කිරීමට හෝ තමන්ගේම මුදල් ඒකකයක් තෝරා ගැනීමට ඉඩ නොදෙන පද්ධතියක් රැක ගැනීමටය. මැදපෙරදිග ජාතීන් වසර 75ක් තිස්සේ සටන් කරන්නේ ඒ දෙකම සිදු කිරීමට තමන්ට ඇති අයිතිය වෙනුවෙනි.

මෙයයි එම ගැටුම. මෙයයි එහි ඉතිහාසය. තවද මෙයයි අනාගතය. එය දැන් ගල්ෆ් කලාපය පුරා ගිනිදැල් මදින් දිගහැරෙමින් පවතී. 

කර්තෘ සටහන: මෙම ලිපිය පදනම් වී ඇත්තේ වර්ගීකරණයෙන් ඉවත් කරන ලද රජයේ ලේඛන, නිල ප්‍රකාශ සහ එවකට වාර්තා වූ තොරතුරු මත ය. 'එක්සත් ජනපදයේ විදේශ සබඳතා' (Foreign Relations of the United States) වෙළුම්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු වාර්තා, හිලරි ක්ලින්ටන්ගේ විද්‍යුත් තැපැල් ලේඛනාගාරය සහ එක්සත් ජනපද මධ්‍යම විධානයේ ප්‍රකාශ ඇතුළු ප්‍රාථමික මූලාශ්‍ර සොයා ගැනීමට සහ සනාථ කර ගැනීමට 'DeepSeek AI' සහාය ලබා ගන්නා ලදී.

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.