News Category
From Date
To Date
Maximum Number of Result

ඇමරිකාව මේ යුද්ධයෙන් අනිවාර්යයෙන්ම පරාජය වෙනවා.. ඒක වෙන්නෙ මෙහෙමයි..

Mar 8, 2026 at 05:54 AM
|

ලෝකයේ ප්‍රබලම හමුදාවක් තියෙන, ඩොලර් ට්‍රිලියන ගණනක ආර්ථිකයක් තියෙන ඇමරිකාව, සම්බාධක වලින් මිරිකුණු ඉරානය වගේ රටක් එක්ක යුද්ධ කරලා පරදින්නේ කොහොමද? බැලූ බැල්මට මේක කිසිසේත්ම විශ්වාස කරන්න අමාරු කතාවක්​නේ. හැබැයි අපි මේ සිදුවෙන දේවල් හැඟීම්බරව නැතුව, හුදු ප්‍රවෘත්ති වලට සීමා නොවී දත්ත සහ 'Game Theory' (ක්‍රීඩා න්‍යාය) හරහා විශ්ලේෂණය කළොත් අපිට පේන යථාර්ථය හරිම වෙනස් වගේ​ම භයානකයි.

"Predictive History" කියන ජනප්‍රිය යූටියුබ් නාලිකාවේ හිමිකරු වෙන Professor Cien මීට කාලයකට කලින්, ඒ කියන්නේ 2024 දී ප්‍රධාන අනාවැකි තුනක් කිව්වා. පළවෙනි එක, ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ජනාධිපති වෙනවා කියන එක. දෙවැනි එක, ඇමරිකාව ඉරානය සමඟ යුද්ධයක් ආරම්භ කරනවා කියන එක. මේ දෙකම දැන් අකුරටම සත්‍ය වෙලා ඉවරයි. ඔහුගේ තුන්වෙනි සහ භයානකම අනාවැකිය තමයි, ඇමරිකාව මේ යුද්ධයෙන් පරාජය වෙනවා සහ ඒ හරහා ලෝක බලතුලනය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියන එක. මේ ලිපියෙන් අපි බලමු, ඇමරිකානු අධිරාජ්‍යය ඉරානය ඉස්සරහා ඇත්තටම දණගහන්නේ කොහොමද සහ ඊට බලපාන සැබෑ හේතු මොනවද කියලා.

ඩොලර් 50,000​ක ඩ්‍රෝනය VS ඩොලර් මිලියනයේ මිසයිලය (The Trap of Asymmetric Warfare)

ඇමරිකානු හමුදාව කියන්නේ ලෝකයේ තියෙන මිල අධිකම හමුදාව. හැබැයි ඔවුන්ගේ යුධ උපක්‍රම හැදිලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ආපු 'Cold War' (සීතල යුද්ධය) කාලෙට ගැලපෙන්න. ඒ කාලේ ඒ කියන්නේ සීතල යුද්ධය කා​ලේ සෝවියට් සමූහාණ්ඩු​ව එක්ක ඇමරිකා​ව යුද්ධ කළේ ඇත්තටම ගහගන්නවාට වඩා, තමන්ගේ ආයුධ වල තරම පෙන්නලා අනිත් අයව බය කරන්න. මෙතන ඇත්තම කතාව කිව්වොත් ඇමරිකානු හමුදාවේ ඉහළ තනතුරු කියන්නේ විශාල දූෂිත ජාලයක්. ඔවුන්ට ඕනේ යුද්ධ දිනන්න නෙවෙයි, පුළුවන් තරම් සල්ලි වියදම් කරලා ඒකෙන් කොමිස් ගහන්න. ඇමරිකාවෙ සෙනෙට් එක මේ ළගදි ට්‍රම්ප්ගේ යුධ බලය සීමා කරන්න ගෙනාපු පනත පැරදුනානේ. ඒ පැරදුනෙත් මේ යුධ උපකරණ හදන සමාගම් වල කොටස් ඒ බහුත​ර සෙනෙට් සභිකයන් එහෙමත් අරන් තියන නිසා. යුද්ධ තියන තරමට එයාලට වාසියි. ඒ නිසා ඇමරිකාව හැමදා​ම හැදුවේ බලන්න ලස්සන, හැබැයි අතිශය මිල අධික, සංකීර්ණ ආයුධ.

අද ඉරානය මේ තත්ත්වය තමන්ගේ වාසියට හරවගෙන තියෙනවා. ඉරානය පාවිච්චි කරන්නේ Shahed වගේ Drones. එක ඩ්‍රෝනයක් හදන්න යන්නේ ඩොලර් 35,000 ත් 50,000 ත් අතර ගාණක්. ඉරානයට දවසකට මේවා 500 ක් විත​ර හදන්න පුළුවන් වගේම ඔවුන් ගාව දැනටමත් 80,000* කට වඩා ඩ්‍රෝන තොගයක් තියෙනවා. මේ ඩොලර් 50,000 ඩ්‍රෝනයක් බිම දාන්න ඇමරිකාව පාවිච්චි කරන්නේ THAAD (Terminal High Altitude Area Defense) හෝ Patriot වගේ Air defense පද්ධති. මේවායින් යවන එක Interceptor මිසයිලයක් ඩොලර් මිලියනයකට වඩා වටිනවා. සමහර වෙලාවට එක ඉරාන ඩ්‍රෝනයක් හෝ මිසයිලයක් බිම දාන්න ඇමරිකානු මිසයිල 11 ක් විතර යවන්න වෙනවා. ඔබත් අනන්තවත් දැකලා ඇති ඉරානය එවපු මිසයිල, ඩ්‍රෝන සියල්ලම වගේ අපි Intercept කළා කියලා ගොඩක් අය සතුටු වෙනවා. හැබැයි Intercept කළත් නැතත් දෙකෙන්ම ඇත්තටම ආර්ථිකමය වශයෙන් දිනන්නෙ ඉරානය.

යුධ විශ්ලේෂක Col. Douglas McGregor පෙන්වා දෙන විදිහට, යුක්රේන යුද්ධයත් එක්ක ඇමරිකාවේ මිසයිල තොග සම්පූර්ණයෙන්ම වාගේ හිස් වෙලා තියෙන්නේ. ඔවුන් සතුව දැන් ඉතිරිව තියෙන්නේ මිසයිල 4,000* ක් ව​ගේ විතරයි. හැබැයි ඉරානය සතුව 450,000* ක මිසයිල සහ ඩ්‍රෝන තොගයක් තියෙනවා. (ඔව් මේ ගොඩක් ඉරාන මිසයිල ඇමරිකානු ඒවා තරම් ප්‍රබල නෑ තමයි.) හැබැයි ඩොලර් 50,000 ක තර්ජනයක් නවත්වන්න ඩොලර් මිලියන 2-3 ක් වියදම් කරන මේ "Asymmetric" (අසමමිතික) යුද්ධය ඇමරිකාවටත් දිගටම කරගෙන යන්න බැහැ. 

ජලය: මැදපෙරදිග සමූලඝාතන ආයුධය

මේ යුද්ධයේ ප්‍රධානම ඉලක්කය තෙල් හෝ හමුදා කඳවුරු නෙවෙයි, ඒක ජලය. මැදපෙරදිග තියෙන්නේ දැවැන්ත ජල අර්බුදයක (Water stress). 100% ක Water stress එකක් කියන්නේ පරිසරයෙන්, හද​න වතුර ඔක්කොම පාවිච්චි කරනවා කියන එක. හැබැයි දත්ත වලට අනුව ඊජිප්තුවේ ජල ආතතිය 6,420% යි, සෞදියේ 883% යි, බහරේන් වල 4,000% යි, ඩුබායි වල 17,000% යි. හිතාගන්නකො එතකොට මේ ජල අර්බුධයේ තරම.

මේ GCC (Gulf Cooperation Council) රටවල් තමන්ගේ ජල අවශ්‍යතාවයෙන් 60% ක්ම සපුරා ගන්නේ මුහුදු ජලය පිරිසිදු කරන Desalination plants වලින්. ඉරානයට මේ රටවල් එක්ක ලොකුවට යුද්ධ කරන්න ඕනේ නැහැ. ඩොලර් 50,000 ක ඩ්‍රෝනයක් යවලා සෞදියේ රියාද් නුවර හෝ ඩුබායි වල Desalination plant එකක​ට ගැහුවොත්, මිලියන 10 ක විත​ර ජනගහනයක් ඉන්න ඒ නගර වලට සති 2 න් වතුර නැතිවෙලා මුළු නගරයම කාන්තාරයක් බවට පත් වෙනවා. හැබැයි ඉරානය එහෙම කරයිද නැද්ද කියලා අපි දන්නෙ නෑ. යුද්ධය තව දරුණු උනොත් නොකරයි කියලා හිතන්නත් බෑ.

මෑතක් වෙනකන්​ම ලෝකයේ සුරක්ෂිතම නගරයක් කියපු 'ඩුබායි' සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. (පිටින් පේන්න ගොඩනැගිලි කඩැවැටිලා නෙවෙයි. අභ්‍යන්තරයෙන්) ​මේ  ඩුබායි කියන්නේ 90% ක්ම විදේශිකයින් (Expats) ඉන්න නගරයක්. ඔවුන් එහේ යන්නේ බදු අඩුවෙන් ගෙවලා හෝ ගෙවන්නෙම නැතු​ව සල්ලි හොයන්න මිසක් යුද්ධ කරන්න නෙවෙයි. යුද්ධය ආපු ගමන් මේ ධනවතුන් ඩොලර් 250,000 ක් දීලා හරි පෞද්ගලික ගුවන් යානා වලින් පැනලා යනවා. අරාබි රටවල තියෙන මේ කෘත්‍රිම පැවැත්ම (Artificial construct) ඉරානයට ලේසියෙන්ම විනාශ කරන්න පුළුවන්. ඩුබායි වල ඉන්න අපිවත් නොදන්න ඒවනේ පි​ට ඉන්න අය දන්නේ කියලා ​සමහරු, සමහර තැන්ව​ල කියලා තියනවා මම දැක්කා. හැබැයි ඇත්තටම UAE වල විතරක් කොටස් වෙළදපොළ 4.7%කින් කඩාවැටිලා තියන එකම, ඒ ඩුබායි වල ඉන්න අයට වඩා පිට ඉන්න අය කියන කතාව ඇත්තක් කියලා ඔප්පු කරනවා.

අනිත් පැත්තෙන් ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ සැලැස්ම වෙලා තියෙන්නෙත් ඉරානයේ ජල සැපයුම් විනාශ කිරීම. දැනටමත් ඉරානයේ Lake Urmia කියන දැවැන්ත ලවණ විල සම්පූර්ණයෙන්ම වාගේ හිඳිලා ගිහින් තියෙන්නේ. ඉරානය කියන්නේ Persian ජාතිකයින්ට අමතරව තවත් ජාතීන් 10 ක් විතර එකට ඉන්න රටක්. ජලය නැති කළාම මේ ජාතීන් එකිනෙකා මරාගන්න තත්ත්වයට පත් කරලා, ඉරානය කෑලි වලට කඩන එක තමයි ඇමරිකානු සැලැස්ම.

හෝමූස් සමුද්‍ර සන්ධිය සහ Petro-Dollar ක්‍රමය කඩා වැටීම

භූගෝලීය වශයෙන් ගත්තොත් ඉරානය කියන්නේ අතිවිශාල කඳු පේළි වලින් වටවුණු ස්වභාවික බලකොටුවක් (Mountain fortress). ඒ කඳු ඇතුළේ ඕනෑම තැනක මිසයිල හංගන්න ඔවුන්ට පුළුවන්. හැබැයි ඊට විරුද්ධ පැත්තේ තියෙන සෞදි අරාබිය, UAE, කටාර් වගේ රටවල් තියෙන්නේ සම්පූර්ණයෙන්ම විවෘත සමතලා කාන්තාරයක.

මේ කලාපයේ තියෙන වැදගත්ම ස්ථානය තමයි කිලෝමීටර් 33 ක් විතර පළල Strait of Hormuz (හෝමූස් සමුද්‍ර සන්ධිය). ලෝකයේ තෙල් වලින් 20% ක් යන්නේ මේක හරහායි. ජපානයට තෙල් 75% ක්, ඉන්දියාවට 60% ක්, චීනයට 40% ක් එන්නේ මෙතනින්. ඉරානය මේ වෙද්දී මේ මුහුදු මාර්ගය අවහිර කරලා ඉවරයි. ජපානයේ අගමැතිවරයාම කියලා තියෙනවා මේ මාර්ගය වැහුණොත් ජපානයේ ආර්ථිකය මාස 8-9 කින් සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා කියලා. ඒ වගේම මේ ගල්ෆ් රටවල් තමන්ගේ ආහාර වලින් 80% ක්ම ආනයනය කරන්නේ මේ මාර්ගයෙන්. මාර්ගය වැහුණොත් මුළු ගල්ෆ් කලාපයම බඩගින්නේ මිය යනවා.

මේක ඇමරිකාවට බලපාන්නේ කොහොමද? ඇමරිකානු අධිරාජ්‍යය සහ ආර්ථිකය රඳා පවතින්නේ හමුදාව මත නෙවෙයි, Petro-dollar ක්‍රමය මතයි. ගල්ෆ් රටවල් තෙල් විකුණනකොට පාවිච්චි කරන්නේ ඩොලර් කියලා කාලෙක ඉදන් ඇමරිකාව එක්ක ගිවිසුම් අත්සන් කරලයි තියෙන්නේ. ​මේ ගල්ෆ් රටවල් ​ඒ තෙල් විකුණලා එ​න ඒ සල්ලි (US Dollars) ආයෙ​ම ආයෝජනය කරන්නේ ඇමරිකානු කොටස් වෙළඳපොළේ. මේ දවස්වල ඇමරිකානු කොටස් වෙළඳපොළේ වර්ධනයෙන් හතරෙන් පංගුවක්ම රඳා පවතින්නේ Nvidia, Microsoft, Apple, Google වගේ AI සමාගම් 7 ක් මත. මේ AI සමාගම් වල දත්ත මධ්‍යස්ථාන වලට බිලියන ගණනින් ආයෝජනය කරන්නේ මේ ගල්ෆ් රටවල් වලින්. ඉරානය මුළු GCC කලාපයේම තෙල් විකුණන එක අඩාල කළාම, ඇමරිකාවට යන ආයෝජන නැවතිලා AI බුබුල (AI Bubble) පිපිරිලා ගිහින් ඇමරිකානු ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. මහා පරිමාණ ආර්ථික අවපාතයකට (Depression) ඇමරිකාව තල්ලු වෙනවා. දන්නවනේ දැනටම ඇමරිකාවෙ සමස්ථ ණය ඩොලර් ට්‍රිලියන ගාණක්.

ආගමික යුද්ධය: ඝාතනය ජයග්‍රහණයක් ද, උගුලක් ද?

යුද්ධය පටන් ගනිද්දී ඇමරිකාව සහ ඊශ්‍රායලය ටෙහෙරාන් වලට 'Decapitation strike' (නායකත්වය විනාශ කිරීමේ ප්‍රහාරයක්) එල්ල කළා. මේකෙන් ඉරානයේ උත්තරීතර නායකයා, ඔහුගේ දියණිය, බෑණා සහ මුණුබුරු මිණිබිරියන් පවා මිය ගියා. ඒ එක්කම ටෙහෙරාන් වල දකුණු ප්‍රදේශයේ පාසලකට එල්ල වුණු ප්‍රහාරයකින් කුඩා පාසල් දැරියන් 150 ක් පමණ මිය ගියා. බටහිර රටවල් හිතුවේ මේක ලොකු ජයග්‍රහණයක් (Shock and Awe), මේකෙන් ඉරානය බය වෙලා කඩා වැටෙයි කියලා.

හැබැයි ඔවුන්ට වැරදුණේ මෙතනයි. Shia මුස්ලිම්වරුන්ගේ (ඉරාන ජාතිකයින්ගේ) මූලිකම පදනම තමයි 'පරිත්‍යාගය' හෙවත් Martyrdom. නායකයාගේ මරණයත් එක්ක මේක දැන් දේශපාලනික යුද්ධයක් නෙවෙයි, ආගමික යුද්ධයක්. "Great Satan" (ඇමරිකාවට) එරෙහිව කරන ශුද්ධ වූ යුද්ධයක් (Jihad). ලෝකයේ මුස්ලිම් ජනගහනයෙන් Shia අය ඉන්නේ 9% ක් වුණත් ඔවුන් ලෝකේ පුරාම විසිරිලා ඉන්නවා.

ඉරානයේ අරමුණ වෙලා තියෙන්නේ තමන්ගේ නායකයා මරාදැමීම පාවිච්චි කරලා ලෝකේ පුරාම ඉන්න Shia ජනතාව අවදි කරන එක. දැනටමත් පාකිස්ථානයේ, ඉරාකයේ ඇමරිකානු තානාපති කාර්යාල වලට මිනිස්සු කඩා පනින්නේ ඒ නිසයි. ඇමරිකාවට පක්ෂපාතී අරාබි ආණ්ඩු (සෞදිය, ඊජිප්තුව වගේ) පෙරළා දාලා මුළු ඉස්ලාමීය ලෝකයම එක්සත් කරන "Pax Islamica" කියන පාලනයක් ගොඩනැගීම තමයි ඉරානයේ අවසාන ඉලක්කය. ඉරානය මුලින්ම ගහන්නේ ඇමරිකානු 5 වෙනි නාවික හමුදා මූලස්ථානය තියෙන 'බහරේන්' (Bahrain) වලට. මොකද බහරේන් වල පාලකයා Sunni වුණත් ජනගහනයෙන් 50% කට වඩා ඉන්නේ Shia ජාතිකයින්. බහරේන් තමයි මුලින්ම කඩා වැටෙන ඇමරිකානු බලකොටුව.

හමුදා ප්‍රධානීන් එපා කියද්දී ට්‍රම්ප් මේ යුද්ධයට ගියේ ඇයි?

මේ යුද්ධය පටන් ගන්න කලින් ඇමරිකානු හමුදාවේ ඉහළම නිලධාරීන් (Joint Chiefs of Staff) පවා කිව්වා මේක කරන්න එපා, අපි මේකට ලෑස්ති නැහැ කියලා. එහෙනම් ට්‍රම්ප් මේ තීරණය ගත්තේ ඇයි? මේකට ප්‍රධාන හේතු 3 ක් තියෙනවා:

Hubris (උඩඟුකම): කලින් කරපු Maduro kidnapping වගේ පොඩි මෙහෙයුම් සාර්ථක වුණු නිසා තමන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන අධිමානයක් ට්‍රම්ප්ට ආවා. ඉතිහාසය බැලුවොත් හිට්ලර් රුසියාව ආක්‍රමණය කරලා විනාශ වුණේත් මේ උඩඟුකම නිසයි.

දේශපාලනික වාසි සහ අල්ලස්: සෞදි අරාබිය ට්‍රම්ප්ගේ බෑණා වෙන Jared Kushner ගේ පුද්ගලික ආයෝජන සමාගමකට ඩොලර් බිලියන 2 ක් දුන්නා. ඒ වගේම ඊශ්‍රායලයට දැඩිව පක්ෂපාතී Miriam Adelson ට්‍රම්ප්ගේ තුන්වන මැතිවරණයට (Third term) ඩොලර් මිලියන 250 ක් දෙන්න පොරොන්දු වුණා. මේ යුද්ධය අස්සේ ට්‍රම්ප්ට කොංග්‍රසයෙන් හදිසි යුධ නීති (Emergency war powers) අරගෙන මැතිවරණ කල් දාලා 3 වෙනි වතාවටත් ජනාධිපති වෙන්න ලොකු සැලසුමක් තියෙනවා.

Secret Societies (රහසිගත සංවිධාන): මේ ලෝකය පාලනය කරන්නේ අපි දකින දේශපාලඥයින් නෙවෙයි. ජේසුයිට්වරු (Jesuits - වතිකාන් පාලනය කරන), Sabatean Frankists (නූතන ඊශ්‍රායලය පාලනය කරන) සහ ෆ්‍රී​මේසන්වරු (Freemasons - ඇමරිකානු බුද්ධි අංශ පාලනය කරන) වගේ රහසිගත සංවිධාන විශ්වාස කරනවා මේ මැදපෙරදිග යුද්ධය හරහා ලෝක විනාශය ගෙනත් ඊශ්‍රායලය මූලික කරගත් අලුත් ලෝකයක් (Heaven on earth) බිහි කරන්න පුළුවන් කියලා. මේක තනිකරම ඒ අය ලියපු පිටපතක්.

බිමේ යථාර්ථය සහ ඇමරිකාවේ පරාජය

සමහර ඇමරිකානු යුධවාදීන් කියනවා "අපේ කඳවුරු තාම වැඩ, අපි ඉන්නේ ප්‍රහාරක මාදිලියේ" කියලා. හැබැයි බිමේ ඇත්ත තත්ත්වය ඊට වඩා ගොඩක් භයානකයි. Col. Douglas McGregor පෙන්වා දෙන විදිහට මේ වෙද්දී ගල්ෆ් කලාපයේ තියෙන ඇමරිකානු කඳවුරු සහ වරායවල් (Harbor installations) සියල්ල​ටම වගේ හානි වෙලා ඉවරයි. ඇමරිකානු නාවික හමුදාවට වෙනත් වරායවල් වලට පසුබසින්න සිද්ධ වෙලත් තියෙනවා.

ඒ වගේම චීනය සහ රුසියාව ඍජුවම යුද්ධයට ආවේ නැතත්, ඔවුන් ඉරානයට සියලුම චන්ද්‍රිකා බුද්ධි තොරතුරු (Satellite intelligence) සපයමින් ඉන්නවා. ඒ කියන්නේ ඇමරිකානු කඳවුරු තියෙන තැන්, නැව් යන තැන් අකුරටම ඉරානයට ලැබෙනවා. (මේක අද උදේ වෙනකොට තහවුරු වුණ ඇත්ත සිද්ධියක්.)

ගුවන් ප්‍රහාර වලින් පමණක් ඉරානයේ ආණ්ඩුවක් පෙරළන්න (Regime change) බැහැ. ඇමරිකාවට අනිවාර්යයෙන්ම ගොඩබිම් හමුදා (Ground troops) ඉරානයට යවන්න වෙනවා. හැබැයි 78% ක් ඇමරිකානුවන් පවා මේ යුද්ධයට මුල ඉඳන්ම විරුද්ධයි. මේ පීඩනය දරාගන්න බැරි වුණොත්, ඊශ්‍රායලය තමන් පරාජය වෙනවා කියලා තේරුණොත් මුළු ලෝකයම විනාශ කරන "Samson Option" එක (තමන් පැරදුණොත් මුළු ලෝකෙටම න්‍යෂ්ටික අවි පාවිච්චි කරලා ලෝකෙම විනාශ කරන න්‍යාය) සහ තමන්ගේම මිනිස්සුන්ව මරාදමන "Hannibal Directive" එක පාවිච්චි කිරීමේ අවදානමත් දැන් මතුවෙලා තියෙනවා.

අවසාන වශයෙන් කිව්වොත්, මේක ඇමරිකාව​ට ඉරාකය හරි ලිබියාව හරි ආක්‍රමණය කළා වගේ ලේසි වැඩක් නෙවෙයි. 21 වෙනි සියවසේ අසමමිතික යුද්ධයකට මුහුණ දෙන්න ඇමරිකාව ලෑස්ති නැහැ. මේ යුද්ධය අවසන් වෙද්දී, ඩොලරයේ ආධිපත්‍යය බිඳ වැටිලා, ඇමරිකානු අධිරාජ්‍යය කඩා වැටිලා, ලෝකය 'Multipolar world' එකක් (බල කේන්ද්‍ර කිහිපයක් තියෙන ලෝකයක්) බවට පත්වෙන එක කිසිම කෙනෙකුට නවත්වන්න බැරිවේවි.

Written By : Sulochana Dissanayake

Sources : International Media, Professor Cien, Col. Douglas McGregor

(Sulochana Dissanayake ගේ සමාජ මාධ්‍ය පිටුවෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.