News Category
From Date
To Date
Maximum Number of Result

ඇමරිකාව මේ යුද්ධයෙන් අනිවාර්යයෙන්ම පරාජය වෙනවා.. ඒක වෙන්නෙ මෙහෙමයි..

Mar 8, 2026 at 05:54 AM
|

ලෝකයේ ප්‍රබලම හමුදාවක් තියෙන, ඩොලර් ට්‍රිලියන ගණනක ආර්ථිකයක් තියෙන ඇමරිකාව, සම්බාධක වලින් මිරිකුණු ඉරානය වගේ රටක් එක්ක යුද්ධ කරලා පරදින්නේ කොහොමද? බැලූ බැල්මට මේක කිසිසේත්ම විශ්වාස කරන්න අමාරු කතාවක්​නේ. හැබැයි අපි මේ සිදුවෙන දේවල් හැඟීම්බරව නැතුව, හුදු ප්‍රවෘත්ති වලට සීමා නොවී දත්ත සහ 'Game Theory' (ක්‍රීඩා න්‍යාය) හරහා විශ්ලේෂණය කළොත් අපිට පේන යථාර්ථය හරිම වෙනස් වගේ​ම භයානකයි.

"Predictive History" කියන ජනප්‍රිය යූටියුබ් නාලිකාවේ හිමිකරු වෙන Professor Cien මීට කාලයකට කලින්, ඒ කියන්නේ 2024 දී ප්‍රධාන අනාවැකි තුනක් කිව්වා. පළවෙනි එක, ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ජනාධිපති වෙනවා කියන එක. දෙවැනි එක, ඇමරිකාව ඉරානය සමඟ යුද්ධයක් ආරම්භ කරනවා කියන එක. මේ දෙකම දැන් අකුරටම සත්‍ය වෙලා ඉවරයි. ඔහුගේ තුන්වෙනි සහ භයානකම අනාවැකිය තමයි, ඇමරිකාව මේ යුද්ධයෙන් පරාජය වෙනවා සහ ඒ හරහා ලෝක බලතුලනය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියන එක. මේ ලිපියෙන් අපි බලමු, ඇමරිකානු අධිරාජ්‍යය ඉරානය ඉස්සරහා ඇත්තටම දණගහන්නේ කොහොමද සහ ඊට බලපාන සැබෑ හේතු මොනවද කියලා.

ඩොලර් 50,000​ක ඩ්‍රෝනය VS ඩොලර් මිලියනයේ මිසයිලය (The Trap of Asymmetric Warfare)

ඇමරිකානු හමුදාව කියන්නේ ලෝකයේ තියෙන මිල අධිකම හමුදාව. හැබැයි ඔවුන්ගේ යුධ උපක්‍රම හැදිලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ආපු 'Cold War' (සීතල යුද්ධය) කාලෙට ගැලපෙන්න. ඒ කාලේ ඒ කියන්නේ සීතල යුද්ධය කා​ලේ සෝවියට් සමූහාණ්ඩු​ව එක්ක ඇමරිකා​ව යුද්ධ කළේ ඇත්තටම ගහගන්නවාට වඩා, තමන්ගේ ආයුධ වල තරම පෙන්නලා අනිත් අයව බය කරන්න. මෙතන ඇත්තම කතාව කිව්වොත් ඇමරිකානු හමුදාවේ ඉහළ තනතුරු කියන්නේ විශාල දූෂිත ජාලයක්. ඔවුන්ට ඕනේ යුද්ධ දිනන්න නෙවෙයි, පුළුවන් තරම් සල්ලි වියදම් කරලා ඒකෙන් කොමිස් ගහන්න. ඇමරිකාවෙ සෙනෙට් එක මේ ළගදි ට්‍රම්ප්ගේ යුධ බලය සීමා කරන්න ගෙනාපු පනත පැරදුනානේ. ඒ පැරදුනෙත් මේ යුධ උපකරණ හදන සමාගම් වල කොටස් ඒ බහුත​ර සෙනෙට් සභිකයන් එහෙමත් අරන් තියන නිසා. යුද්ධ තියන තරමට එයාලට වාසියි. ඒ නිසා ඇමරිකාව හැමදා​ම හැදුවේ බලන්න ලස්සන, හැබැයි අතිශය මිල අධික, සංකීර්ණ ආයුධ.

අද ඉරානය මේ තත්ත්වය තමන්ගේ වාසියට හරවගෙන තියෙනවා. ඉරානය පාවිච්චි කරන්නේ Shahed වගේ Drones. එක ඩ්‍රෝනයක් හදන්න යන්නේ ඩොලර් 35,000 ත් 50,000 ත් අතර ගාණක්. ඉරානයට දවසකට මේවා 500 ක් විත​ර හදන්න පුළුවන් වගේම ඔවුන් ගාව දැනටමත් 80,000* කට වඩා ඩ්‍රෝන තොගයක් තියෙනවා. මේ ඩොලර් 50,000 ඩ්‍රෝනයක් බිම දාන්න ඇමරිකාව පාවිච්චි කරන්නේ THAAD (Terminal High Altitude Area Defense) හෝ Patriot වගේ Air defense පද්ධති. මේවායින් යවන එක Interceptor මිසයිලයක් ඩොලර් මිලියනයකට වඩා වටිනවා. සමහර වෙලාවට එක ඉරාන ඩ්‍රෝනයක් හෝ මිසයිලයක් බිම දාන්න ඇමරිකානු මිසයිල 11 ක් විතර යවන්න වෙනවා. ඔබත් අනන්තවත් දැකලා ඇති ඉරානය එවපු මිසයිල, ඩ්‍රෝන සියල්ලම වගේ අපි Intercept කළා කියලා ගොඩක් අය සතුටු වෙනවා. හැබැයි Intercept කළත් නැතත් දෙකෙන්ම ඇත්තටම ආර්ථිකමය වශයෙන් දිනන්නෙ ඉරානය.

යුධ විශ්ලේෂක Col. Douglas McGregor පෙන්වා දෙන විදිහට, යුක්රේන යුද්ධයත් එක්ක ඇමරිකාවේ මිසයිල තොග සම්පූර්ණයෙන්ම වාගේ හිස් වෙලා තියෙන්නේ. ඔවුන් සතුව දැන් ඉතිරිව තියෙන්නේ මිසයිල 4,000* ක් ව​ගේ විතරයි. හැබැයි ඉරානය සතුව 450,000* ක මිසයිල සහ ඩ්‍රෝන තොගයක් තියෙනවා. (ඔව් මේ ගොඩක් ඉරාන මිසයිල ඇමරිකානු ඒවා තරම් ප්‍රබල නෑ තමයි.) හැබැයි ඩොලර් 50,000 ක තර්ජනයක් නවත්වන්න ඩොලර් මිලියන 2-3 ක් වියදම් කරන මේ "Asymmetric" (අසමමිතික) යුද්ධය ඇමරිකාවටත් දිගටම කරගෙන යන්න බැහැ. 

ජලය: මැදපෙරදිග සමූලඝාතන ආයුධය

මේ යුද්ධයේ ප්‍රධානම ඉලක්කය තෙල් හෝ හමුදා කඳවුරු නෙවෙයි, ඒක ජලය. මැදපෙරදිග තියෙන්නේ දැවැන්ත ජල අර්බුදයක (Water stress). 100% ක Water stress එකක් කියන්නේ පරිසරයෙන්, හද​න වතුර ඔක්කොම පාවිච්චි කරනවා කියන එක. හැබැයි දත්ත වලට අනුව ඊජිප්තුවේ ජල ආතතිය 6,420% යි, සෞදියේ 883% යි, බහරේන් වල 4,000% යි, ඩුබායි වල 17,000% යි. හිතාගන්නකො එතකොට මේ ජල අර්බුධයේ තරම.

මේ GCC (Gulf Cooperation Council) රටවල් තමන්ගේ ජල අවශ්‍යතාවයෙන් 60% ක්ම සපුරා ගන්නේ මුහුදු ජලය පිරිසිදු කරන Desalination plants වලින්. ඉරානයට මේ රටවල් එක්ක ලොකුවට යුද්ධ කරන්න ඕනේ නැහැ. ඩොලර් 50,000 ක ඩ්‍රෝනයක් යවලා සෞදියේ රියාද් නුවර හෝ ඩුබායි වල Desalination plant එකක​ට ගැහුවොත්, මිලියන 10 ක විත​ර ජනගහනයක් ඉන්න ඒ නගර වලට සති 2 න් වතුර නැතිවෙලා මුළු නගරයම කාන්තාරයක් බවට පත් වෙනවා. හැබැයි ඉරානය එහෙම කරයිද නැද්ද කියලා අපි දන්නෙ නෑ. යුද්ධය තව දරුණු උනොත් නොකරයි කියලා හිතන්නත් බෑ.

මෑතක් වෙනකන්​ම ලෝකයේ සුරක්ෂිතම නගරයක් කියපු 'ඩුබායි' සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. (පිටින් පේන්න ගොඩනැගිලි කඩැවැටිලා නෙවෙයි. අභ්‍යන්තරයෙන්) ​මේ  ඩුබායි කියන්නේ 90% ක්ම විදේශිකයින් (Expats) ඉන්න නගරයක්. ඔවුන් එහේ යන්නේ බදු අඩුවෙන් ගෙවලා හෝ ගෙවන්නෙම නැතු​ව සල්ලි හොයන්න මිසක් යුද්ධ කරන්න නෙවෙයි. යුද්ධය ආපු ගමන් මේ ධනවතුන් ඩොලර් 250,000 ක් දීලා හරි පෞද්ගලික ගුවන් යානා වලින් පැනලා යනවා. අරාබි රටවල තියෙන මේ කෘත්‍රිම පැවැත්ම (Artificial construct) ඉරානයට ලේසියෙන්ම විනාශ කරන්න පුළුවන්. ඩුබායි වල ඉන්න අපිවත් නොදන්න ඒවනේ පි​ට ඉන්න අය දන්නේ කියලා ​සමහරු, සමහර තැන්ව​ල කියලා තියනවා මම දැක්කා. හැබැයි ඇත්තටම UAE වල විතරක් කොටස් වෙළදපොළ 4.7%කින් කඩාවැටිලා තියන එකම, ඒ ඩුබායි වල ඉන්න අයට වඩා පිට ඉන්න අය කියන කතාව ඇත්තක් කියලා ඔප්පු කරනවා.

අනිත් පැත්තෙන් ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ සැලැස්ම වෙලා තියෙන්නෙත් ඉරානයේ ජල සැපයුම් විනාශ කිරීම. දැනටමත් ඉරානයේ Lake Urmia කියන දැවැන්ත ලවණ විල සම්පූර්ණයෙන්ම වාගේ හිඳිලා ගිහින් තියෙන්නේ. ඉරානය කියන්නේ Persian ජාතිකයින්ට අමතරව තවත් ජාතීන් 10 ක් විතර එකට ඉන්න රටක්. ජලය නැති කළාම මේ ජාතීන් එකිනෙකා මරාගන්න තත්ත්වයට පත් කරලා, ඉරානය කෑලි වලට කඩන එක තමයි ඇමරිකානු සැලැස්ම.

හෝමූස් සමුද්‍ර සන්ධිය සහ Petro-Dollar ක්‍රමය කඩා වැටීම

භූගෝලීය වශයෙන් ගත්තොත් ඉරානය කියන්නේ අතිවිශාල කඳු පේළි වලින් වටවුණු ස්වභාවික බලකොටුවක් (Mountain fortress). ඒ කඳු ඇතුළේ ඕනෑම තැනක මිසයිල හංගන්න ඔවුන්ට පුළුවන්. හැබැයි ඊට විරුද්ධ පැත්තේ තියෙන සෞදි අරාබිය, UAE, කටාර් වගේ රටවල් තියෙන්නේ සම්පූර්ණයෙන්ම විවෘත සමතලා කාන්තාරයක.

මේ කලාපයේ තියෙන වැදගත්ම ස්ථානය තමයි කිලෝමීටර් 33 ක් විතර පළල Strait of Hormuz (හෝමූස් සමුද්‍ර සන්ධිය). ලෝකයේ තෙල් වලින් 20% ක් යන්නේ මේක හරහායි. ජපානයට තෙල් 75% ක්, ඉන්දියාවට 60% ක්, චීනයට 40% ක් එන්නේ මෙතනින්. ඉරානය මේ වෙද්දී මේ මුහුදු මාර්ගය අවහිර කරලා ඉවරයි. ජපානයේ අගමැතිවරයාම කියලා තියෙනවා මේ මාර්ගය වැහුණොත් ජපානයේ ආර්ථිකය මාස 8-9 කින් සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා කියලා. ඒ වගේම මේ ගල්ෆ් රටවල් තමන්ගේ ආහාර වලින් 80% ක්ම ආනයනය කරන්නේ මේ මාර්ගයෙන්. මාර්ගය වැහුණොත් මුළු ගල්ෆ් කලාපයම බඩගින්නේ මිය යනවා.

මේක ඇමරිකාවට බලපාන්නේ කොහොමද? ඇමරිකානු අධිරාජ්‍යය සහ ආර්ථිකය රඳා පවතින්නේ හමුදාව මත නෙවෙයි, Petro-dollar ක්‍රමය මතයි. ගල්ෆ් රටවල් තෙල් විකුණනකොට පාවිච්චි කරන්නේ ඩොලර් කියලා කාලෙක ඉදන් ඇමරිකාව එක්ක ගිවිසුම් අත්සන් කරලයි තියෙන්නේ. ​මේ ගල්ෆ් රටවල් ​ඒ තෙල් විකුණලා එ​න ඒ සල්ලි (US Dollars) ආයෙ​ම ආයෝජනය කරන්නේ ඇමරිකානු කොටස් වෙළඳපොළේ. මේ දවස්වල ඇමරිකානු කොටස් වෙළඳපොළේ වර්ධනයෙන් හතරෙන් පංගුවක්ම රඳා පවතින්නේ Nvidia, Microsoft, Apple, Google වගේ AI සමාගම් 7 ක් මත. මේ AI සමාගම් වල දත්ත මධ්‍යස්ථාන වලට බිලියන ගණනින් ආයෝජනය කරන්නේ මේ ගල්ෆ් රටවල් වලින්. ඉරානය මුළු GCC කලාපයේම තෙල් විකුණන එක අඩාල කළාම, ඇමරිකාවට යන ආයෝජන නැවතිලා AI බුබුල (AI Bubble) පිපිරිලා ගිහින් ඇමරිකානු ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. මහා පරිමාණ ආර්ථික අවපාතයකට (Depression) ඇමරිකාව තල්ලු වෙනවා. දන්නවනේ දැනටම ඇමරිකාවෙ සමස්ථ ණය ඩොලර් ට්‍රිලියන ගාණක්.

ආගමික යුද්ධය: ඝාතනය ජයග්‍රහණයක් ද, උගුලක් ද?

යුද්ධය පටන් ගනිද්දී ඇමරිකාව සහ ඊශ්‍රායලය ටෙහෙරාන් වලට 'Decapitation strike' (නායකත්වය විනාශ කිරීමේ ප්‍රහාරයක්) එල්ල කළා. මේකෙන් ඉරානයේ උත්තරීතර නායකයා, ඔහුගේ දියණිය, බෑණා සහ මුණුබුරු මිණිබිරියන් පවා මිය ගියා. ඒ එක්කම ටෙහෙරාන් වල දකුණු ප්‍රදේශයේ පාසලකට එල්ල වුණු ප්‍රහාරයකින් කුඩා පාසල් දැරියන් 150 ක් පමණ මිය ගියා. බටහිර රටවල් හිතුවේ මේක ලොකු ජයග්‍රහණයක් (Shock and Awe), මේකෙන් ඉරානය බය වෙලා කඩා වැටෙයි කියලා.

හැබැයි ඔවුන්ට වැරදුණේ මෙතනයි. Shia මුස්ලිම්වරුන්ගේ (ඉරාන ජාතිකයින්ගේ) මූලිකම පදනම තමයි 'පරිත්‍යාගය' හෙවත් Martyrdom. නායකයාගේ මරණයත් එක්ක මේක දැන් දේශපාලනික යුද්ධයක් නෙවෙයි, ආගමික යුද්ධයක්. "Great Satan" (ඇමරිකාවට) එරෙහිව කරන ශුද්ධ වූ යුද්ධයක් (Jihad). ලෝකයේ මුස්ලිම් ජනගහනයෙන් Shia අය ඉන්නේ 9% ක් වුණත් ඔවුන් ලෝකේ පුරාම විසිරිලා ඉන්නවා.

ඉරානයේ අරමුණ වෙලා තියෙන්නේ තමන්ගේ නායකයා මරාදැමීම පාවිච්චි කරලා ලෝකේ පුරාම ඉන්න Shia ජනතාව අවදි කරන එක. දැනටමත් පාකිස්ථානයේ, ඉරාකයේ ඇමරිකානු තානාපති කාර්යාල වලට මිනිස්සු කඩා පනින්නේ ඒ නිසයි. ඇමරිකාවට පක්ෂපාතී අරාබි ආණ්ඩු (සෞදිය, ඊජිප්තුව වගේ) පෙරළා දාලා මුළු ඉස්ලාමීය ලෝකයම එක්සත් කරන "Pax Islamica" කියන පාලනයක් ගොඩනැගීම තමයි ඉරානයේ අවසාන ඉලක්කය. ඉරානය මුලින්ම ගහන්නේ ඇමරිකානු 5 වෙනි නාවික හමුදා මූලස්ථානය තියෙන 'බහරේන්' (Bahrain) වලට. මොකද බහරේන් වල පාලකයා Sunni වුණත් ජනගහනයෙන් 50% කට වඩා ඉන්නේ Shia ජාතිකයින්. බහරේන් තමයි මුලින්ම කඩා වැටෙන ඇමරිකානු බලකොටුව.

හමුදා ප්‍රධානීන් එපා කියද්දී ට්‍රම්ප් මේ යුද්ධයට ගියේ ඇයි?

මේ යුද්ධය පටන් ගන්න කලින් ඇමරිකානු හමුදාවේ ඉහළම නිලධාරීන් (Joint Chiefs of Staff) පවා කිව්වා මේක කරන්න එපා, අපි මේකට ලෑස්ති නැහැ කියලා. එහෙනම් ට්‍රම්ප් මේ තීරණය ගත්තේ ඇයි? මේකට ප්‍රධාන හේතු 3 ක් තියෙනවා:

Hubris (උඩඟුකම): කලින් කරපු Maduro kidnapping වගේ පොඩි මෙහෙයුම් සාර්ථක වුණු නිසා තමන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන අධිමානයක් ට්‍රම්ප්ට ආවා. ඉතිහාසය බැලුවොත් හිට්ලර් රුසියාව ආක්‍රමණය කරලා විනාශ වුණේත් මේ උඩඟුකම නිසයි.

දේශපාලනික වාසි සහ අල්ලස්: සෞදි අරාබිය ට්‍රම්ප්ගේ බෑණා වෙන Jared Kushner ගේ පුද්ගලික ආයෝජන සමාගමකට ඩොලර් බිලියන 2 ක් දුන්නා. ඒ වගේම ඊශ්‍රායලයට දැඩිව පක්ෂපාතී Miriam Adelson ට්‍රම්ප්ගේ තුන්වන මැතිවරණයට (Third term) ඩොලර් මිලියන 250 ක් දෙන්න පොරොන්දු වුණා. මේ යුද්ධය අස්සේ ට්‍රම්ප්ට කොංග්‍රසයෙන් හදිසි යුධ නීති (Emergency war powers) අරගෙන මැතිවරණ කල් දාලා 3 වෙනි වතාවටත් ජනාධිපති වෙන්න ලොකු සැලසුමක් තියෙනවා.

Secret Societies (රහසිගත සංවිධාන): මේ ලෝකය පාලනය කරන්නේ අපි දකින දේශපාලඥයින් නෙවෙයි. ජේසුයිට්වරු (Jesuits - වතිකාන් පාලනය කරන), Sabatean Frankists (නූතන ඊශ්‍රායලය පාලනය කරන) සහ ෆ්‍රී​මේසන්වරු (Freemasons - ඇමරිකානු බුද්ධි අංශ පාලනය කරන) වගේ රහසිගත සංවිධාන විශ්වාස කරනවා මේ මැදපෙරදිග යුද්ධය හරහා ලෝක විනාශය ගෙනත් ඊශ්‍රායලය මූලික කරගත් අලුත් ලෝකයක් (Heaven on earth) බිහි කරන්න පුළුවන් කියලා. මේක තනිකරම ඒ අය ලියපු පිටපතක්.

බිමේ යථාර්ථය සහ ඇමරිකාවේ පරාජය

සමහර ඇමරිකානු යුධවාදීන් කියනවා "අපේ කඳවුරු තාම වැඩ, අපි ඉන්නේ ප්‍රහාරක මාදිලියේ" කියලා. හැබැයි බිමේ ඇත්ත තත්ත්වය ඊට වඩා ගොඩක් භයානකයි. Col. Douglas McGregor පෙන්වා දෙන විදිහට මේ වෙද්දී ගල්ෆ් කලාපයේ තියෙන ඇමරිකානු කඳවුරු සහ වරායවල් (Harbor installations) සියල්ල​ටම වගේ හානි වෙලා ඉවරයි. ඇමරිකානු නාවික හමුදාවට වෙනත් වරායවල් වලට පසුබසින්න සිද්ධ වෙලත් තියෙනවා.

ඒ වගේම චීනය සහ රුසියාව ඍජුවම යුද්ධයට ආවේ නැතත්, ඔවුන් ඉරානයට සියලුම චන්ද්‍රිකා බුද්ධි තොරතුරු (Satellite intelligence) සපයමින් ඉන්නවා. ඒ කියන්නේ ඇමරිකානු කඳවුරු තියෙන තැන්, නැව් යන තැන් අකුරටම ඉරානයට ලැබෙනවා. (මේක අද උදේ වෙනකොට තහවුරු වුණ ඇත්ත සිද්ධියක්.)

ගුවන් ප්‍රහාර වලින් පමණක් ඉරානයේ ආණ්ඩුවක් පෙරළන්න (Regime change) බැහැ. ඇමරිකාවට අනිවාර්යයෙන්ම ගොඩබිම් හමුදා (Ground troops) ඉරානයට යවන්න වෙනවා. හැබැයි 78% ක් ඇමරිකානුවන් පවා මේ යුද්ධයට මුල ඉඳන්ම විරුද්ධයි. මේ පීඩනය දරාගන්න බැරි වුණොත්, ඊශ්‍රායලය තමන් පරාජය වෙනවා කියලා තේරුණොත් මුළු ලෝකයම විනාශ කරන "Samson Option" එක (තමන් පැරදුණොත් මුළු ලෝකෙටම න්‍යෂ්ටික අවි පාවිච්චි කරලා ලෝකෙම විනාශ කරන න්‍යාය) සහ තමන්ගේම මිනිස්සුන්ව මරාදමන "Hannibal Directive" එක පාවිච්චි කිරීමේ අවදානමත් දැන් මතුවෙලා තියෙනවා.

අවසාන වශයෙන් කිව්වොත්, මේක ඇමරිකාව​ට ඉරාකය හරි ලිබියාව හරි ආක්‍රමණය කළා වගේ ලේසි වැඩක් නෙවෙයි. 21 වෙනි සියවසේ අසමමිතික යුද්ධයකට මුහුණ දෙන්න ඇමරිකාව ලෑස්ති නැහැ. මේ යුද්ධය අවසන් වෙද්දී, ඩොලරයේ ආධිපත්‍යය බිඳ වැටිලා, ඇමරිකානු අධිරාජ්‍යය කඩා වැටිලා, ලෝකය 'Multipolar world' එකක් (බල කේන්ද්‍ර කිහිපයක් තියෙන ලෝකයක්) බවට පත්වෙන එක කිසිම කෙනෙකුට නවත්වන්න බැරිවේවි.

Written By : Sulochana Dissanayake

Sources : International Media, Professor Cien, Col. Douglas McGregor

(Sulochana Dissanayake ගේ සමාජ මාධ්‍ය පිටුවෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.