News Category
From Date
To Date
Maximum Number of Result

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනල්ලා අපේ රට හයිටි රාජ්‍යයක් කරන්ඩයි මේ හදන්නේ - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

Jan 9, 2026 at 12:34 PM
|

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි විසින්  පසුගිය දිනෙක සිදුකළ ප්‍රසිද්ධ සාකච්ඡාවකි.

“මේක මේ ආණ්ඩුව ගෙදර යවන්ඩ කරන කතාවක් නෙමෙයි. ඒ නිසා මේවා ආණ්ඩු විරෝධී කතා හැටියට ගන්ඩ ඕනේ නැහැ. . මේවා ගන්ඩ ඕනේ දේශප්‍රේමි කතා හැටියට. මම මෙච්චර කාලෙකට කිසිම ආණ්ඩුවකින් වැලි කැටයක දෙයක් අරගෙනත් නෑ. ගන්ඩ බලාපොරොත්තුවකුත් නැහැ. අපි මේ හාමුදුරුවරු හැටියට කතාකරන්නේ ජාතික කාරණා. දෛනිකව එන අල ලූණු දේශපාලනික කතා අපි කතා කරන්නේ නැහැ. අධ්‍යාපනය වුණත් අපි නිතර කතා කරන්නේ නැහැ. අගමැතිනිය ගෙනත් තියෙනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක්.

අගමැතිනියගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා දැනටමත් හඳුන්වා දී ඇති  කරුණ අධ්‍යාපන ඇමතිතුමිය විසින් ඉදිරිපත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අධ්‍යාපනයේ නියැළිලා ඉන්න කෙනෙක් විදිහට මම දන්නවා අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය විය යුතුයි කියලා. සාමාන්‍යයෙන් අවුරුදු දහයෙන් දහයට හෝ ඊට අඩු කාලයකදී විෂය නිර්දේශය වෙනස් කිරීම ප්‍රතිපත්තියක්. අධ්‍යාපනයේදී විෂය නිර්දේශ වෙනස් කරන්නේ එක් විෂය නිර්දේශයක් යමින් තිබියදී. තවත් විෂය නිර්දේශයක් අවුරුදු දෙකක් යමින් ක්‍රමිකව තමයි විෂය නිර්දේශයක් වෙනස් කරමින් යන්නේ. ඒ නිසා තමයි අපි විභාග ලියන කාලෙට නව නිර්දේශය සහ පැරණි නිර්දේශ දෙකක් තියෙන්නේ, එක හැමදාම තියෙනවා. එතකොට ඒ අතරවාරයේදී අධ්‍යාපනයේ ප්‍රතිපත්තිමය වෙනස්කම් ඇති කරනවා. මෙහිදී මොනවද වෙනස් කරන්නේ, මොන පදනමකින්ද වෙනස් කරන්නේ, වෙනස්  කරල තියෙන යෝජනාවලිය මොනවද කියලා බලනව.ඒක තමයි ගැටළුව, ඒ නිසා මේ කාරණාව හුදු ලාභ දේශපාලනික අර්ථයකින් ගන්නවට වඩා මේක තාක්ෂණික හා ශාස්ත්‍රීයව හැදෑරිය යුතුයි. ඒකට අපිට දැක්මක් තියෙන්න ඕනේ ඒ දැක්ම තමයි අද උගන්වන දේ ප්‍රයෝජනවත් වෙන්නේ තව කාලෙකින්.  ඉගෙනුම ලබන දරුවා සප්‍රයෝජන පුරවැසියෙක් බවට  පත්වන්නේ තවත් අවුරුදු කීපයකින්.

අපි අහල තියෙනවා හිට්ලර් බලයට පත්වෙලා දහතුන් අවඅවුරුද්දකින් පස්සේ තමයි ඝාතනය ආරම්භ කරන්නේ.ඒකට දහතුන් අවුරුද්දක් ඔළුව වෙනස් කරලා තමයි ඒ ඝාතනය ආරම්භ කරන්නෙ.ඔහුගේ ඉලක්කයට යන්න පුළුවන් පිරිසක් හදලා තමයි ඊළඟ තැනට යන්නේ. ඔය ඇත්තො දන්නවා අපි කුඹුරක ගොයම් වගා කරලා තියෙනවා නම් ඒ සරුසාර අස්වැන්න තියෙන ගොයමේ වෙනත් දෙයක් වගා කරන්න ඕනෙ නම් ඉස්සෙල්ලාම කරන්නේ තියෙන ගොයම කපා දාන එකයි. ඊළඟට කරන්න ඕනේ අලුතෙන් මඩ කරන එකයි. තුන්වෙනි පියවර තමයි මඩ කරන ලද කුඹුරට පොහොර දාන එක. ඊට පස්සේ තමයි අලුත්ම පැලයක් රෝපණය කරන්න ලැබෙන්නේ. අන්න ඒ අලුත් පැළය රෝපනය කිරීම සඳහා වන පරණ ශෂ්‍ය භෝග කපා ඉවත්  කිරීමේ ක්‍රියාවලිය තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් කෙරෙන්නේ. මේ අලුතින් ඇවිත් තියෙන ප්‍රතිසංස්කරණ හෝ සංශෝධන, හෝ මොනවා හෝ දිහා බලන්න ඕනේ ඊට පස්සෙ වෙන්නේ මොකක්ද කියන කාරණය,  ඊට පස්සෙ වෙන්නේ මොකක්ද කියන කාරණය හා  ඇත්ත යටින් ඇති,  යටි අරමුණ දැන හෝ නොදැන හෝ සිද්ධවීමට නියමිත කාරණාව මොකක්ද කියල.


අපේ රටේ හුඟක් ආණ්ඩු අධ්‍යාපන ප්‍රතිපත්තිමය වෙනස්කම් සම්බන්ධව සංවේදීව කටයුතු කළා. මම විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන කාලේ  රනිල් වික්‍රමසිංහ මහත්මයා අධ්‍යාපන ඇමති වශයෙන් හිටපු කාලේ ජේ .ආර් ජයවර්ධන මහත්මය ගෙනාවා දවල පත්‍රිකාවක්. එය හුදු මහජන සංවාදයට යොමු කරන ලද්දක්.  ජේ ආර් ජයවර්ධනය කියන්නේ කියන්නේ අපේ කාලෙ අපි දැක්ක ආඥාදායකයා.  ඒ ආඥාදායකයවත්   අධ්‍යාපනය හිතුමතේ වෙනස් කළේ නෑ .  මම මේක වෙනස් කරනවාමයි කියලා ජේ ආර් වත් කිව්වේ නෑ.ජේ ආර්ගේ බෑණනුවන් වන රනිල් වික්‍රමසිංහ මහත්තයවත් කිව්වේ නෑ. යෝජනාවල් ආවම විරෝධතා එන්ඩ ඉදිරිපත් කරලා ඒවා ආවම අකුල ගන්නවා.  ඊට පස්සේ එයාට ඕනේ කෑලි චුට්ට චුට්ට වෙන වෙනම ගේනවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චන්ද්‍රිකා බණ්ඩාරනායක තුමිය ඉන්න කාලෙත් ආවා.  ඒවත් යෝජනාවලට විවෘත කළා.  මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු කාලෙත් යම් යම් ප්‍රතිසංස්කරණ කටයුතුවලට ආවත් ඒවා පොදු මහජනතාවට සාකච්ඡාවට ප්‍රමාණවත් කාලයක් ලබා දුන්නා. දැන් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී කිසිම කෙනෙකුට කුමන ආකාරයෙන් හෝ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නෑ. දැන් මේ වෙනකොට රටේ මහජනතාවගේ අනාගතය පිළිබඳව පනතක් නොවන චක්‍ර ලේඛයක් මගින් අධ්‍යාපනය වෙනස් කරල පවර් පොයින්ට් මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමට යෝජනා කරල තියෙනව. ගුරු පුහුණුව අරඹලා තියෙනවා.  අඩුම තරමින් පුහුණු ගුරුවරුන්ගේ අදහස්වත් සලකා බලලා නැහැ. ඒවාට කිසිම සාධනීය ඇහුම්කන් දීමක් නෑ. උඩින් ඇවිත් තියෙන යෝජනාවක් අනිවාර්යෙන් නිශ්චිත වශයෙන්ම පිළිපැදිය යුතුයි කියන තැනට ඇවිත්. එක වසර ,හය වසර දැන් මේව පටන් අරන් තියෙන්නේ පන්ති දෙක සඳහා මේ වන විට සියලු ලියකියවිලි හදල අවසන් අවසන්. ගුරු පුහුණුවත් අවසන්. ඒ සඳහා නිලලත් බලයලත් ආයතනත් දැන් තියෙනවා ඇත්ත වශයෙන්ම ඒ අදහස් සමෝදානයට ලක්වෙන බවක් පේන්නේ නෑ.. ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන ආයතන කොමිෂන් සභාව කියලා එකක් තියෙනවා. වටිනා දැන උගත් සම්භාවනීය පුද්ගලයන්ගෙන් සමන්විත ජාතික අධ්‍යාපන ආයතනය වගකීමෙන් තොරව කටයුතු කරන ආයතනයක් නෙමෙයි මේ සඳහා නිල ලත් බලයලත් ආයතන තව තියෙනවා.  මේ කිසිම ආයතනයක් අදහස් නැතුව ඊටත් වඩා උඩින් තමයි මේ අදහස් එන්නේ.  කොළඹ විශ්ව විද්‍යාලයේත් විද්‍යාලයේත් අධ්‍යාපන පීඨයක් තියෙනවා. ඉතාමත් වැදගත් බොහොම පෞරාණික අධ්‍යාපනය පිළිබඳව දැක්මක් තියෙන ආයතනයක්.  නව අධ්‍යාපනවේදීන් කියල පිරිසක් ඉන්නවා. අධ්‍යාපනඥයන් කියල පිරිසක් ඉන්නවා. විෂය ප්‍රවීණයන් කියලා පිරිසක් ඉන්නවා මේ ක්ෂේත්‍රයේ මහාචාර්යවරු කියල පිරිසක් ඉන්නවා, ප්‍රශ්න පත්‍ර බලන්⁣නෙ හදන්නෙ මේ මහාචාර්යවරුන්. මෙච්චර පුද්ගලයන් සම්පත් ඉන්න රටක් මේක. මෙකී සම්පත් පුද්ගලයන් සියලු දෙනා ඉද්දි එකී සම්පත් පුද්ගලයන්ට ප්‍රමාණාත්මක ඇහුම්කන් දීමක් නැතුව උඩින් එනවා මේක වෙනස් කරන්න කියලා. ඒ හින්දා තමයි මේ ගැන දීර්ඝ සාකච්ඡාවක් අවශ්‍යය. විෂය ප්‍රවීණයන්ගේ අදහස් අවශ්‍යයි, දැන උගත් මිනිසුන්ගේ අදහස් අවශ්‍යයි , අත්දැකීම් සහිත ප්‍රජාවගේ අදහස් අවශ්‍යයි කියලා කියන්නේ. විෂය ප්‍රවීණයන්ගේ අදහස් අවශ්‍යයි දැන උගත් මිනිසුන්ගේ අදහස් අවශ්‍යයි අත්දැකීම් සහිත ප්‍රවීණයන්ගේ අදහස් අවශ්‍යයි කියලා කියන්නේ. මේක බලහත්කාරයෙන් අපිට ඕනය කියන්න තරම් ලොකු ප්‍රශ්නයක්ද  නැහැ. අනිත් එක මේ රට දැවැන්තව මුහුණ දෙන ප්‍රශ්නයක්ද මේ එල් ජී.බී.ටී. කියු ප්‍රශ්නය කියලා කියන්නේ. දැවැන්තම අර්බුදය ලිංගික අර්බුදයද? දැවැන්තම අර්බුදය විෂය නිර්දේශයේ වෙනස් කිරීමද?වෙනස් කරනවානම් වෙනස් කරන්න ඕනේ මේ විදිහටද?

මේක හයිටි රාජ්‍ය ගැන කතාවක්. හයිටි රාජ්‍ය කියල කියන්නේ ඉතාමත් දියුණු රටක්ව තිබුණු කුඩාා රාජ්‍යයක් ඒ රටේ කළු උස මහත අඩි හයක් විතර උස මිනිස්සු හිටියා. ඒ රට රත්‍රන් තිබුණු බොහොම ධනවත් රටක්.  අවුරුදු අනූවක් විතර ඒ රටේ මිනිස්සු ආයු වැළඳුවා.එච්චර සැප සම්පත් තිබුන රටක් හයිටි රාජ්‍ය කියලා කියන්නේ. හයිටි ගිහින් ආපු හමුදා නිලධාරියෙක් මට කියපු තොරතුරු අනුව මම මේ කියන්නේ. හයිටි රාජ්‍යයේ පසේ තිබුණලු කිසියම් සුවිශේෂී ලෝහයක්. එ ලෝහය ගුවන් යානාවල තහඩු හදන්න ගන්න ලෝහයක් සහ තව තව දේ හදන්න ඉතාමත් වැදගත් වන ලෝහයක්.  මේ ලෝහය රටින් එක පැත්තක හොඳට තියෙනවා. ඒ රටේ උපන් උරුමක්කාරයන් මේ පිළිබඳව සංවේදී . ඒ නිසා අධිරාජ්‍යවාදී යම් යම් රටවල් ලෝහය ගැනීම සඳහා රටින් එක් පැත්තක් ජන ශූන්‍ය කලා. ඒ රටේ මහජනතාව රටින් එක පැත්තකට කළා. අපේ ගම්මාන වල හිටපු හමුදා නිලධාරීන් හයිටි රාජ්‍යයේ සේවයට ගියා පිළිබඳව තොරතුරු විමසා බැලුවාම මම ඇහුවා හයිටි රාජ්‍යයට ගියේ එහි යුද්ධයක් තියෙනවද කියල, ඊට පස්සෙ කියනවා නෑ යුද්ධයක් නෑ. එහෙනම් මේ රටවල ඉන්න හමුදා නිලධාරීන් වැඩි පඩියට ඇයි හයිටියට ගියේ?බැලුවම.  අර කියපු ස්වදේශිකයන් හයිටි බිමේ හිස් බිම්කඩට යන එන එක නතර කරන්න බොඩර් එකක් හදලා තමන්ගේ රටේ තමන්ට යන්න බැරි වෙන්න ලංකාව ඇතුළු විවිධ රටවලින් ගෙන්වාගත්තු හමුදා නිලධාරීන් ආරක්ෂාවට දාලා. ඊට පස්සේ මේ හයිටියේ එවකට තිබූ පාලනය වෙනස් කිරීමට විවිධ යෝජනා ඉදිරිපත් කළාම අර පස් කපන්න ඒ යෝජනා ඒ ආණ්ඩුව පිළිගන්නේ නෑ.ඒ නිසා ඒ ආණ්ඩුව පෙරලලා දාලා තමන්ට ඕනෙ ආණ්ඩුවක් ඒ රට කොල්ල කාල මේ රටේ පිහිටුවා ගත්තා. එදා ඉඳන් දිනපතාම හයිටියේ පස් කපලා ගුවන් යානාවලින්  තම තමන්ගේ රටවල් වලට ගෙනිහින් ඒ රටවල් වලදී අර ලෝහය අරගත්තා.හයිටියේ ඉන්න ජනතාව මේ කටයුත්තට එරෙහි වීම වැළැක්වීමට ඉස්සෙල්ලාම කලේ හමුදා බැරියර්  දාලා,බෝඩර් දාලා මිනිස්සුන්ව වළක්වන එක. ඊට පස්සේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවක් ගෙනාවා. එහි පළවෙනි යෝජනාව වුණේ ළමයින්ට පාසල්  යැවීම අනිවාර්ය වේ යන කොන්දේසිය ඉවත් කිරීම. දෙවෙනි යෝජනාව වුනේ පාසැල් නිල ඇඳුම් අනිවාර්ය නොකිරීම, ඊලඟට ගුරුවරුන්ටද නිල ඇඳුම් අනිවාර්ය නොවේ යන්න ස්ථාපිත කළා.ඊට පස්සේ ලාභෙට බියර් වික්කා. මස්, තෙල්, පිටි,සීනි සහිත ආහාර ලාභ කලා , මිනිස්සු දිනපතාම ඒවා කෑවා. මහ පාරේ ලිංගික සංසර්ගේ යෙදුනත් කමක් නෑ කියන තැනට ආවා. ලිංගිකත්වය පාසලේදී කළත් කාටවත් විරුද්ධ වෙන්න බෑ කියන තැනට ආවා. අවසානයේදී අවුරුදු අනූවක් ආයු වැළඳු  ජනතාව අවුරුදු 45ට බැස්සා. ඒ රටේ හිටපු ශක්තිමත් ලස්සන මිනිස්සු ලෙඩ්ඩු.  ශක්තිමත් ලස්සන මිනිස්සු ලෙඩ්ඩු වුණා. ඒඩ්ස් ආදී රෝග වලට ගොදුරු වුණා. මේ තමයි රටක පොඩි පොඩි වෙනස්කම් වලින් කරපු ලොකු ලොකු දේවල්. වාක්‍ය දෙක තුනකට පුළුවන් රටක් විනාශ කරන්න. හයිටිය අද නැත්තේ හයිටි ජාතිකයන්ට පමණයි.

මේක හයිටිවාසින්  රටවල් විනාශ කරපු විදිහ ගැන අපිටත් කවදහරි කියන්න තියෙන කතාවේ කෑල්ලක්.මේක ඉතාම ගැඹුරින් කල්පනා කළ යුතු කාරණයක්. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් හරසුන් ජනතාවක් බිහිකරන්න ගෙනාපු යෝජනාවක්. එක වසරත් හය වසරක් තුළ තමයි දැනට මේ යෝජනා ඇවිදින් තියෙන්නේ. ජනවාරි හයයි ඉඳලා එක වසරටයි හය වසරටයි පෙළපොත් නැ.එහෙම කරන්නෙ බෑග් බරයි කියන යෝජනාවට. මේක නිකං ටෙලිනාට්‍යයකට නළුවෙක් අරගෙන වගේ නෙවෙයි  නළුවෙක් හින්ද ටෙලි නාට්‍යයක් හදලා වගේ. මේක ගේන්න තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්නේ. පෙළපොත් සම්පූර්ණයෙන් අහෝසියි.එතකොට ළමයින්ට පාඩම් කරන්න ඕන නෑ. හෝම්වර්ක් ඕනි නෑ. ළමයින්ට උගන්නන්න පත්‍රිකාවක් තියෙනවා. ඒකට කියන්නේ මොඩියුලය කියලා.

සාමාන්‍යයෙන් ශිෂ්‍යයා සහ විද්‍යාර්ථයා කියල දෙන්නෙක් ඉන්නවා. Piupil සහ student. මේකෙදි පාසල් පද්ධතියෙ ඉන්නෙ පියුපිල්ස්ල.students  ඉන්නේ study කරන්න. studentsලට සිංහලෙන් කියන්නේ විද්‍යඅර්ථින් කියලා. ශිෂ්‍යයන්ට ඉංග්‍රීසියෙන් කියන්නේ piupils ල  කියලා. සාමාන්‍යයෙන් අවුරුදු දාසය දාහත දහ අටක් විතර  වෙනකම්ම ඉන්නේ piupils ල ඒ කියන්නේ පාසල් දරුවෝ. ඒ අයට උගන්වන්න ඕනේ, කියලා දෙන්න ඕනේ. විශ්ව විද්‍යාලයට ගියහම තමයි විද්‍යාර්ථයින් වෙන්නේ. මේ විද්‍යාර්ථයන්ට කරන්නේ උගන්වන එක නෙමෙයි ඉගෙන ගන්න පසුබිම හා මාර්ග දර්ශකයන් ලබාදෙනවා.ඒ අයට ඉගෙන ගන්න නියමිත පැය ගණනක් සති ගණනක් මාස ගණනක් අවුරුදු ගණනක් නියම කරලා තියෙනවා. ඒ විද්‍යාර්ථකයින්ගේ පැය ගණනට කියනවා සම්භාර කියලා. මේකට ඉංග්‍රීසියෙන් කියනවා creadits කියල. Creadit එකක් කියන්නේ පැය පනහක්. මේ පැය 50න් පහළොවක් උගන්වන්න ඕනේ.එතකොට තව පැය  තිස්පහක් ඉතුරු වෙනවා. ඒ පැය තිස්පහේදි ශිෂ්‍යයා අන්තර්ජාලයෙන්ද , පුස්තකාලයෙන්ද,වැඩිහිටි ශිෂ්‍යයන්ගෙන්ද, කුප්පිවලින්ද, අතිරේක කියවීම් වලින්ද ,එසයිමන්ට් වලින්ද, ප්‍රසන්ටේෂන් කිරීමෙන් ද සම්පූර්ණ කරගන්න ඕනේ. එහෙම තමයි වැඩිහිටි ශිෂ්‍යයන්ට උගන්වන විදිහ. විශ්වවිද්‍යාල. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ට අර පැය ගාන ඉගැන්නුවාම අදාළ ප්‍රශ්න පත්තරයට  ක්‍රෙඩිට් ගානට ලකුණු දෙන්නෙ ලකුණු හැටයි.ඉතුරු හතළිහ අදාළ ප්‍රශ්න පත්තරේට කලින් ශිෂ්‍යයා ගන්න ඕනේ.  එහෙම ගන්නේ ප්‍රසන්ටේෂන් වලට ලකුණු දහයයි, පන්ති කාමරවල විභාග වලට ලකුණු දහයයි. එසයිමන්ස්  වලට ලකුණු දහයයි.  තව quites කියලා එකක්  තියෙනවා ඒකට ලකුණු දහයයි. ඒ ලකුණු 40 අරගෙන ඉවර වෙලා තමයි ළමයා විභාගෙට වාඩිවෙන්නේ. ඒ කියන්නේ ලකුණු හතළිහෙන් විභාගෙ සමත් වෙලා තමයි විබාගයට  වාඩිවෙන්න. dictintionගන්න තමයි ඒ ලිඛිත විභාගයට වාඩිවෙන්නේ ඒ විශ්ව විද්‍යාලවල හැටි. ඒ ස්ටුඩන්ස්ලගේ හැටි. විද්‍යාර්ථයන්ගේ හැටි. මේ වැඩිහිටි ශිෂ්‍යයන්ට අදාළ කරුණ මේ එක වසරේ පුංචි ළමයින්ට අදාළ කර ගන්නේ කොහොමද?

අන්න එහෙම මොඩියුල් සිස්ටම් එකක් හදලා තියෙනවා. මොඩිවුල් කියන්නේ පොඩි පොඩි පත්‍රිකා. ඒව ගෙදර ගෙනියන්න බෑ. මේකෙන් අවසානය වෙන්නේ ළමයා ශාස්ත්‍රීය ඌනතාවයෙන් පෙලෙනවා.දේවල් දන්නේ නැති කෙනෙක් බවට පත්වෙනවා.කියවන්ඩ පොතක් නැති වෙනවා ගෙදර ගිහින් අම්මට තාත්තට දරුවන්ට කියලා දෙන්න දෙයක් නැති වෙනවා. කියල දෙන්ට දන්නේ නැති වෙනවා. ආනන්ද නාලන්දෙ දරුවෝ වගේම හොරෝව්පතානේ කහකහටගස්දිගිලිය දරුවොත් ,රෑ එළි වෙනකම් පැල් රකින දෙමව්පියන්ගේ දරුවොත් ඉන්නවා. මේ අයට කොහොමද මේක ගලපන්නේ?. මේක දිහා ශාස්ත්‍රීව බලන්න , මේක මහපොළොවේ පැල කරන්න පුළුවන් දෙයක්ද කියලා බලන්න. ළමයා පොතෙන් අයින් කිරීමෙන් අවසානයේ සිද්ධ වෙන්නේ මොකක්ද, රෑ එළිවෙනකන් කුප්පි ලාම්පුවෙන් පොතපත පාඩම්  කරපු, අම්මා තාත්ත ළඟට ගිහිල්ල කතන්දර අහපු සංස්කෘතිය නැතිවෙනවා. මේක කරන්නේ මොකටද ළමයා සතුටින් තිබීමට. එතකොට දැන් දරුවෝ ඉස්කෝලෙ ගිහින් සතුටෙන් නෙමෙයිද ඉන්නේ.එහෙමනම් කරන්න ඕනෙ පාසල සතුටුදායක තැනක් බවට පත් කිරීම. පාසල් ගෙනියන බෑග් එකේ පොත් ටික බර නිසා පොත් ඕනේ නෑ කියනවා. පොතක් නෑ වාර විභාග නෑ හැබැයි පහේ ශිෂ්‍යත්වය තියෙනවා. පහේ ශිෂ්‍යත්වයට අත තිබ්බොත් ආයු කාලය නැතිවෙන නිසා ඒකට අත තියන් නැතුව ඒක හයෙන් පටන් ගන්නවා.දැන් මේකෙදි දරුවන්ට කිසිම විබාගයක් නෑ ,ඇයි ඒ තරං විභාග ළමයින්ට හොඳ නෑ කියලා. හැබැයි ස්පෝර්ට්මිට් ති⁣යනවා. ඒවායේ ධාවන  තරඟ තියෙනවා. උස පැනීමේ ක්‍රීඩා තියෙනව, මළල ක්‍රීඩා තරඟ තියෙනවා. හැබැයි ඉගෙන ගැනීමට තරගයක් නෑ. අධ්‍යාපනික තරග සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම නෙමෙයි අපි පිළිගන්නේ. අධ්‍යාපනය ඇතුළේ යම්කිසි තරගකාරී බවක් තියෙන කොට තමයි ළමයෙකුට යම්කිසි අභිප්‍රේරණයක් ලැබෙන්නේ. එකී අභිප්‍රේරණය නැති කළ යුතු නැහැ.

අනිත් කාරණය තමයි මේකෙදි වාර විභාග ක්‍රමයක්  නෑ. හැබැයි ගුරුවරයාට පුළුවන් ළමයාට ලකුණු දෙන්න. විභාග දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ගුරුවරයාට පවරනවා. මේ රටේ හොඳ ගුරු බවතුන් ඉන්නවා තමයි, හැබැයි සියයට සීයම එහෙම නෑනෙ. සමහර ගුරුවරුන්ට ගුරුවරියන්ට බලපෑම් කරන දෙමව්පියෝ අදටත් ඉන්නවා. මේ වගේ වෙලාවට ටීචර් අපහසුතාවයට පත්වෙන අවස්ථා එනවා. ඒ වගේ මේ මහපොළොව දියුණු නැති තැනක පින්ලන්තය සහ ස්විස්ටර්ලන්තය ඔලුවෙ තියාගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කර සකස් කිරීම කොයිතරම් ප්‍රඥාගෝචරද?

අඛණ්ඩ ඇගයීම් වලින්.  දැනුම තක්සේරු කරන්ඩ ඕනෙලු. දැන් මේවා කරන්ඩ ඉන්නේ ගුරුවරුන් මෙතන ඉන්නවා අලුත බැදිච්ච ගුරුවරුන් බෞද්ධ හා අබෞද්ධ ගුරුවරු, අපේ රටේ නැටුම් විභාගේ සමත් වෙලා ගිහින් ගණන් උගන්වන ගුරුවරු ඉන්නවා. පාසලක ඉන්න සියලුම ගුරුවරු එකී විෂයබද්ධ ගුරුවරු නෙමෙයි. විෂය ප්‍රවීණියෝ නෙවෙයි . දැන් මේ විදිහට එකේ ළමයි හ⁣යේ ළමයි ෆේල් කරන්ඩ බෑ පාස් වෙන්න ඕන ,ලකුණු ඇතත් නැතත් පාස්,  ඔහොම ඔහොම පාස් වෙවී ගිහිල්ලා අන්තිමට අධ්‍යාපනය passed away වේවි.

එක් මොඩියුලයක්  සඳහා ලකුණු හැත්තෑවක් ලැබෙන අතර ඉතුරු සියයට තිහ ගුරුවරයාට සුදුසු අධීක්ෂණයක් මගින් ලබාදීමට පුළුවන් කියල තමයි මේකෙ සඳහන් වෙලා තියෙන්නේ.එතකොට ගුරුවරයා තීරණය කරන්න ඕනේ උස නම් මෙච්චර දෙනවා, මිටිනම් වෙච්චර දෙනවා, සුදු නම් මෙච්චර දෙනවා ,කලු නම් මෙච්චර දෙනවා කියලා. මේකෙදි දරුවාගේ ශාස්ත්‍රීය භාවය කියවීමේ රුචිකත්වය පොතට තියෙන ගෞරවය නැති වෙලා යනවා.අපි මේකදි ආදර්ශයට අරන් තියෙන්නේ ළඟම සහ හොඳම ආදර්ශය යැයි හිතන ෆින්ලන්ත අධ්‍යාපනය. කෙල්ලන්ට අධ්‍යාපනයේ තමයි ලෝකයේ හොඳම අධ්‍යාපනය යැයි ඒගොල්ලෝ කියපු නිසා අපිත් ඒක පිළි අරන් තියෙනවා. ෆින්ලන්තයේ වැඩි දෙනා කරන්නේ මත්ස්‍ය කර්මාන්තය කියලා මම අහලා තියෙනවා. එහෙව් රටක අධ්‍යාපනය මෙහෙ කරන්න හදනකොට එහේ ඉන්න උප අගමැතිණියක්  කියනවා ඒ රටේ දරුවන්ගේ කියවීමේ සහ ලිවීමේ හැකියාව පහත වැටිලා කියලා. එතුමිය හොඳ නැතැයි කියපු දෙයක් තමයි මෙතුමිය හොඳයි කියාගෙන කරන්නේ. ඒ කාරණා අස්සේ මේක ඇතුළෙ තව දාලා තියෙනවා ලිංගික ප්‍රවර්ධනය. sex education කියලා එකක් තියෙනවා. ඒක තියෙන්න ඕනෙ දෙයක් තමයි. වයස අනුව අදාල ඡායාරූප සහිතව අදටත් ඒවා පාසලේ උගන්වනවා. ඒවට කවුරුත් විරුද්ධ උනේ නෑ. මේකට කියන්න ඒක නෙමෙයි. මේකට කියන්නේ සෙක්ස් promotion කියලා.

ඇත්තට හරි නම තමයි Abnormal sex behavior   promotion.මේක හැම කාලෙම තිබුණ තමයි. හැබැයි ඇයි මේක ප්‍රොමෝට් කරන්නේ ලෝක ජනගහනය අඩු කිරීමේ කිසියම් සැලැස්මකට අනුව. LGBTQ+  ඒවා ප්‍රොමෝට් කරන්ඩ කියන කාරණය තමයි මේ අය සමාජ අසාධාරණයට ලක්වෙනවා කියන එක. ඒවා ප්‍රොමෝට් කරන්න කියන කාරණය තමයි මේ අය සමාජ අසාධාරණයට ලක්වෙනවා කියන කාරණය. අයිතිය සහ අයිතිවාසිකම කියලා කියන්නේ දෙකක්. වෙනස තමයි ඔබට අයිති දෙයක් මට අයිති නෑ, මට අයිති දෙයක් ඔබට අයිතිත් නැහැ. අයිතිවාසිකම කියලා කියන්නේ ඔබ භුක්ති වින්ද දෙයක් මට භුක්ති විදින්න බැරි කමක් නැහැ කියන එකට. අධ්‍යාපනය කියලා කියන්නේත් අයිතිවාසිකමක්. ජීවත්වීම අයිතියක් නෙමේ අයිතිවාසිකමක්. අයිතිවාසිකම් භුක්ති විඳීම මේ රටේ කාටද අඩුවෙලා තියෙන්නේ? එහෙව් රටේ  මේ LGBTQ+ කියන අයට මොන අයිතිවාසිකම් ද නැති වෙලා තියෙන්නේ?ඒගොල්ලන්ට අධ්‍යාපන අයිතිවාසිකම් අඩුවෙලා තියෙනවද?ඒගොල්ලොන්ට යැපීම් පිළිබඳව අයිතිවාසිකම් අඩුවෙලා තියෙනවද. ?ඒගොල්ලන්ට රාජ්‍ය සේවා  වෘත්තීය සමිතිවලට බැඳීමේ අයිතිවාසිකම් අඩුවෙලා තියෙනවද? නැහැ. ඒ නිසා අයිතිවාසිකම් අඩුවෙලා නැහැ කාටවත්. ඒ නිසා කවුරු හරි කෙනෙක් තර්ක කරනවා නම් මේවා අයිතිවාසිකම් මේගොල්ලන්ට මේවා දෙන්න ඕනේ කියලා මොනවද තවත් දෙන්න ඕනේ අයිතිවාසිකම්?ශ්‍රව්‍යාබාධිත  දෘෂ්‍යාබාධිත කියලා දැම්මේ කනා කොරා කියන වචන අයින් කරන්න ඕන හින්දා .ඒ කාලෙ ඉඳලා එච්චර අයිතිවාසිකම් ගැන හිතපු රටත් මේක. මේ රටේ හදන්න ඕනේ දරුවෝ කවර ආකාරයේ දරුවොද.. අන්න ඒ ගැනයි අපි හිතන්න ඕනේ ආචාර්ය ධර්ම තියෙන දරුවො හදන්න ඕනේ.අපි හදන්න ඕනේ  සභ්‍යත්ව රාජ්‍යයේ උරුම ලක්ෂණ තියෙන දරුවෙක්. සහකම්පනය තියෙන දරුවෙක්. නීරෝගී දරුවෙක්, සබුද්ධික  ඥානය තියෙන දරුවෙක්. මේ තියෙන යෝජනාවලින් මෙහෙම දරුවෙක් බිහිවෙන්න එක යෝජනාවක්වත් නෑ. එහෙම දරුවෙක් බිහිවෙන්න තියෙන ඉඩකඩක් නැතිවෙලා යනවා. ඒ නිසා මේ යෝජනාවලින් නැති ප්‍රශ්නයකට උත්තරයක් හොයනවා. ඒ වගේම තියෙන ප්‍රශ්ණයකට උත්තරයක් හොයනවා. මේ සැලැස්ම ක්‍රියාත්මක වුණොත්, පළමු කාරණය තමයි මේ දරුවන් විනාශ වෙනවා දෙවන කාරණය තමයි මේ ආණ්ඩුව විනාශ වෙනවා”.

D.N. අභඅභයවර්ධන

- ලංකාදීප

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.