News Category
From Date
To Date
Maximum Number of Result

♦️|පානදුර වාදයේ ජයග්‍රහණ මිෂනාරීන්ට පාවා දුන් ඕල්කොට් මෙහෙයුම|♦️

Apr 22, 2025 at 07:51 PM
|

නාරද කරුණාතිලක සහ කොලට් සේනානායක යන ප‍්‍රවීණ ලේඛකයින් දෙදෙනා මේ වනවිට එක්ව පළකළ කෘති සංඛ්‍යාව 20 කට අධිකය. විවිධ තේමා පාදක කොටගෙන ජනප‍්‍රිය මතවාදයට එහා ගිය ගවේෂණාත්මක අනාවරණයක් ඒ සෑම කෘතියකම පාහේ අඩංගුය. ඔවුන්ගේ සුසංයෝගයෙන් ගොඩගේ ප‍්‍රකාශකයන් ලෙස පළ කළ නවතම කෘතිය පානදුර වාදයේ ජයග‍්‍රහණය මිෂනාරීන්ට පාවා දුන් ඕල්කොට් මෙහෙයුම යි. මේ එහි කතුවරයක් මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියෙකු වන නාරද කරුණාතිලක මහතා සමග වටමඩල කළ සාකච්ඡුාවයි. ⭕. අපි දන්නවා එක්දාස් අටසිය හැට හැත්තෑ ගණන්වල බෞද්ධ යතිවරුන්ට පංචමහා වාදයක් කරන්නට සිදු වූ බව. ඉන් අවසන් වාදය වන පානදුරාවාදය ජාත්‍යන්තර වශයෙන් පවා විශේෂ අවධානයකට පාත‍්‍ර වෙනවා. මෙම පංචමහා වාදවලට පාදකවූ පසුබිම කුමක්ද ? වාදය කියන්නෙ ඉන්දියාවේ පැවති බොහෙම ප‍්‍රසිද්ධ සටන් ක‍්‍රමයකටයි. බුදුසසුන ගොඩනැංවු භික්ෂු භික්ෂුණින් අදහස් ප‍්‍රකාශ කරන්න වාදය ප්‍රෙයා්ජනයට ගත් අවස්ථා එමටයි. කුණ්ඩලකේශී නමැති ජෛන භික්ෂුණිය බුදුසසුනට එක්වෙන්නේ වාදයක් හින්දයි. මේක ලේ කෝප කරගෙන දාඩිය මුගුරු දාගෙන කරන දෙයක් නොවෙයි වාදයේදී තර්කයයි වැදගත් වෙන්නෙ. නමුත් ‘මේක අලිය ගිනි පෙට්ටිය නෙමේ හාමුදුරුවනේ අලි දෙන්නනෙක් ඉන්න ගිනිපෙට්ටිය’ වැනි තර්කවලට අවකාශ ලැබුනේ නැහැ. යුදෙව් ක‍්‍රස්තියානි හෝ ඉස්ලාම් සමාජයන්හි මෙවැනි දෙයක් පැවතුනේ නැහැ. මුද්‍රණ කර්මාන්තයේ දියුණුව පොත පත ප‍්‍රකාශවීම හා බටහිර සමාජයේ වෙනස්වීම සමග එම සමාජවලත් ප‍්‍රතිනාදියා කියන දේට කන්දිමේ සිරිත ඇති වුණා. මිෂනාරීන් ලංකාවේ තම ආගම් ප‍්‍රචාරය කරන්න පුළුවන් හැම උපක‍්‍රමයක්ම යොදාගත්තා ඉස්සර ඉඳලම. ඔවුන් ඒ කාලේ පාවිච්චි කළ එක් උපක‍්‍රමයක් තමයි සමාජයේ මහත් පිළිගැනීමට ලක්වෙලා හිටිය භික්ෂු පරපුර නින්දාවට ලක් කිරීම. ඒ සඳහා එක් උපක‍්‍රයක් හැටියට තමයි භික්ෂුන් වහන්සේලාව වාද කරලා පරාජය කිරීමට හිතුවෙ. ඔය වෙනකොට අපේ රට බොහෝම පරාදීන කාලයක් පහුකරලයි තිබුණෙ කියන කාරණෙත් මෙතනදි හිතේ තියාගන්න ඕන. මිෂනාරීන් කළ එක් දෙයක් තමයි බෞද්ධ සංකල්ප හාස්සයට ලක්කිරීම. ඔවුන් ලෝක ගෝලය පෙන්නලා කෝ ඔය කියන, තව්තිසාව, අපාය, මහාමේරුව වගේ ප‍්‍රශ්න අහනව. ඒ වගේම ලෝකේ විවිධ කලාපවල වෙලාවෙ වෙනස්කම් පෙන්නනව. මේවාට උත්තර දෙන්න බොහෝ අයට දැනුම තිබුණේ නෑ. ඇත්තටම ඒ කියන ඇතැම් ප‍්‍රශ්නවලට උත්තර පැරණි පොතපතේ තිබුණත් ඒවා නිවැරදිව එක්තැන් කරගෙන පිළිතුරු දෙන්න හැකියාව ඇති අය හිටියෙ නෑ. ඔය විදිහට හාමුදුරුවරුන්ව අපහසුතාවට පත් කරන්න බද්දේගම විහාරස්ථානයකදි පොඩි හාමුදුරුවරුන් එක්ක තර්කයට ගිය මිෂනාරි කණ්ඩායමක් නිසා තමයි ප‍්‍රසිද්ධ වාද ඇතිවෙන්න මුල පිරුණෙ. මිගෙට්ටුවත්තේ හාමුදුරුවො පැරණි වාද සම්ප‍්‍රදාය පිළිපදිමින් සත්‍යවාදී තර්ක පමණක් භාවිතා කරමින් ජයග‍්‍රහණය ලැබුවා. උන්වහන්සේට බයිබලය පිළිබඳ හොඳ දැනුමක් තිබුණා. බටහිර පළවුණු පොතපත පරිශීලනය කරල ලබපු දැනුම තිබුණා. ඒ නිසා මිෂනාරීන්ව පරදවන්න පුළුවන් වුණා. පංචමහා වාද මගින් ප‍්‍රකාශවෙන කාරණා ගණනාවක් තියෙනව. ඒ අතරින් ඉතාම පැහැදිලිව පෙනෙන්නෙ සිංහල බෞද්ධයින් යටත් විජිත පාලනයට දැක්වු අකමැත්ත හා නිදහසට දැක්වු කැමැත්තයි. බිතාන්‍යය පාලනයට යටත්වී හිටියත් ඔවුන් සතුවු ආත්ම ශක්තිය එමගින් පැහැදිලි කෙරෙනව. සංහාර හා පීඩනවලට පත්ව සිංහල බෞද්ධ පාලනය අහිමි වී ගියත් සිංහල බෞද්ධයන්ගේ සම්ප‍්‍රදායික දැනුම හා ඥානය ඔවුන් සමග පැවතුන බව වාද නිසා හෙළි වෙනව. ⭕. මේ පංචමහා වාද අතරින් 1873 පැවති පානදුරාවාදය බෞද්ධයන්ට සුවිශේෂ වන්නේ ඇයි? ජාතියක් වශයෙන් ඉන් අප ලැබූ ජයග‍්‍රහණ මොනවාද? යුරෝපීන්ගේ හිංසාව පිඩාව හා බලයට යටවී හිටියාට සිංහල බෞද්ධයා කියන්නෙ අභිමානවත් මනුස්සයෙක් බව බොහොමයක් සිංහලයින් තේරුම් ගත්තෙ පානදුරා වාදයෙන් පසුවයි. ඒ අභිමානය හා උරුමය වටහා ගැනීම තමා බෞද්ධයා ලැබු ලොකුම ජයග‍්‍රහණය. ඒ ජයග‍්‍රහණයෙන් සිංහල බෞද්ධයාගේ විනාශයට හේතුව වුණා. අතට අහුවන හැම දෙයක්ම විමර්ශනය හා විශ්ලේෂණය යුරෝපය බලවත් වෙන්න ප‍්‍රධාන හේතුවයි. අප විසින් නොකරන එම ක‍්‍රයාව ඔවුන් විසින් පානදුරාවාදයේ පරාජය පිළිබඳවත් සිදු කළා. පානදුරා වාදය අධ්‍යනය කරද්දි සිංහල බෞද්ධයාගේ ප‍්‍රමාණය කුමක්දැයි ඉතා නිවැරදිව සොයා ගන්න යටත් විජිතය පවත්වාගෙන ගිය උගත්තු සහ මිෂනාරින් සමත් වුණා. ඔවුන් කළ යුතු වුයේ ඒ ප‍්‍රමාණය මරා දැමීමයි. සිංහල බෞද්ධයාව විනාශ කිරිමට උපාය මාර්ග සෙවු ඔවුන් ඊට භාවිතා කරපු එක උපායක් තමා උපාය දුතයෙක් යෙදවීම. මෙවැනි උපාය දූතයින් යෙදවීම ලෝක සංග‍්‍රාම කාලවල විශේෂයෙන්ම බි‍්‍රතාන්‍යයින් භාවිතා කරල තියෙනවා. වියට්නාම් යුද්ධයෙන් පසුව ඇමරිකාවෙ හොලිවුඕකාරයො හදපු ‘රම්බෝ’ වැනි චිත‍්‍රපටි වලින් කියන්නෙත් මෙවැනි උපාය දූතයින් ගැන තමා. ⭕. ඕල්කට් පැමිණ පරම විඥානාර්ථ සමාගම පිහිටුවාගෙන එම ජයග‍්‍රහණයන් සැලසුම් සහගතව වෙනතකට හැරවුයේ කෙසේද ? ඔබලා මෙය හදුන්වන්නේ ඕල්කට් මෙහෙයුම වශයෙන්. මේ මෙහෙයුම පිලිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද ? පෘතුගාලයේ මනුවෙල් රජ්ජුරුවො ප‍්‍රැන්සිස්කෝද අල්මේදා නැමැති වංශාධිපතියා ඉන්දියාවේ ප‍්‍රතිරාජයා වශයෙන් පත්කෙරුවා. ඔහු නියෝජිතයෙක්. ඕල්කොට් ඉන්දියාවට එවපු කෙනෙක් පෙනෙන්න නැහැ. ආවෙ ඇයි කියල කිසිම කෙනෙක් දන්නෙ නැහැ. සමහර ඕල්කොට්වාදින් ඔහු ඇමරිකාවේදි ෙ:රවාදි බුදුදහම ඉගෙන ගත්ත සිංහල බෞද්ධයන්ගේ උපකාරයට ලංකාවට ආව ආදි රැවටිලි කතාන්දර ගොතල තියෙනව. ඒවා අමු පච. ඕල්කොට් තමිල්නාඩුවේ අද්යර්හි සමාගමේ මුලස්ථානය පිහිටුවල ලංකාවට පැමිණ බෞද්ධයෙක් වශයෙන් රඟපෑමක් කෙරුව. ඉන්දියාවෙදි ඔහු හින්දු බැතිමතෙක් විදියට රඟපෑව. ඔහු සුදු මිනිහෙක් නිසා හැමෝම රැවැටුණා. සිංහල බෞද්ධයා ශක්තිමත් කිරීමට ඉංග‍්‍රිසි පාසැල් හදමු කියල ඔහු සිංහල බෞද්ධ නායකයින්ව පෙලඹෙව්වා. එම කටයුත්ත සඳහා සිංහල බෞද්ධයන්ගේ මුදල් යොදවා කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා ගත්තා. ඒ සමාගම හරහා අපේ සාම්ප‍්‍රදායික අධ්‍යාපනය අතුරුදහන් කළා. ⭕. හෙන්රි ස්ටීල් ඕල්කට් කියන්නේ කවුද? ඔහුගේ පසුබිම මොකක්ද? ඔහු ලංකාවට එන්න මාර්ගය පාදා ගන්නේ කෙසේද ? හෙන්රි ස්ටිල් ඕල්කොට්ගේ භාර්යාව එමලි මෝගන් අධිකරණය හමුවේ කියා ඇත්තේ ඔහු පවුල් ජීවිතයකට නොගැලපෙන බේබද්දෙක් සහ ස්ත‍්‍රී ලෝලයෙක් බවයි. තමා යුද්ධ හමුදාවේ සිටියදී වැරදිකර ඇතැයි ඕල්කොට් එතනදි පිළිගත්තා. බ්ලැවට්ස්කි මැතිනියගේ ප‍්‍රකාශවලින් පැහැදිලි වෙන්නේ ඔහු ඇයව රැවටූ බවයි. ඉන්දියාවේ දී ඕල්කොට්ව පිළිගත් ආර්ය සමාජ්හි නායක දයානන්ද සරස්වති ‘වංචාකාරි තියෝසොපි නායකයින්ට හසුවෙන්ඩ එපා’ කියල සාමාජිකයින්ට කිව්වා. බ්ලැවට්ස්කි වගේම ඕල්කොටුත් මහත්මාවරු තමාට සම්බන්ධයි කිව්වා. මේ මහත්මාවරුත් ‘වංචාකරන්ඩ එපා’ කියල ඔහුට අවවාද කරන අවස්ථා සඳහන් වෙනවා. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ ඕල්කොට් කෙරෙහි සැක පහළ කළා. උන්වහන්සේ පරමවිඥානාර්ථ සමාගමේ මුදල් වංචා ගැන ඕල්කොට්ගෙන් ප‍්‍රශ්න කළාම පහුවදා උත්තර දෙන්නම් කියලා රටෙන් පැනලා ගියා. ඕල්කොට්ගේ භාෂා පරිවර්තකයෙක් වශයෙන් කටයුතු කළ අනගාරික ධර්මපාලතුමා ඕල්කොට් ප‍්‍රයෝගකාරයෙක් බව ලියා තියෙනවා. ඕල්කොට්ගේ දික්කසාද නඩුවට පෙනි සිටි ඔහු සමග නිව්යෝක් තියෝසොපි සොසයිටියේ සම සභාපති ධුරය දැරූ නීතිඥ විලියම් ජජ් පවා ඕල්කොට් වංචාකරයෙක් බව කිව්වා. ඔහු සංගමයේ මුදල් වංචා කළ බවත් පසුව ඒවා බි‍්‍රතාන්‍ය රජයට අයත් වුණ බවත් ජජ් පෙන්වා දුන්නා. ඒ වුණාට ඔහුගේ නිමක් නැති ගුණ ගයනා පිරිසක් ලංකාවෙ එදත් හිටිය. අදත් ඉන්නවා. හෙලේනා බ්ලැවට්ස්කි මහත්මිය රුසියාවේ ප‍්‍රභු පවුලකට සම්බන්ධ කාන්තාවක්. ඇය ගුප්ත විද්‍යාව කළ බව බොහෝම ප‍්‍රසිද්ධයි. ඉන්දියාවට පැමිණි ඇය ගැන බි‍්‍රතාන්‍ය පාලකයින් සැක කෙරුවා. ඇමරිකාවට පැමිණි ඇය ගැන රහස් පොලිසිය හොයා බැලූ‍වාදැයි අප දන්නෙ නැහැ. හැබැයි පුවත්පතක විශේෂාංග ලිපි ලියන්නෙක් වශයෙන් කටයුතු කළ ඕල්කොට් ඇයව සොයා ගියා. ඕල්කොට් ගුප්ත විද්‍යාව ගැන බොහෝම උනන්දු කෙනෙක්. ඒ වගේම පෞද්ගලික රහස් සේවා ආයතනයක් පවත්වාගෙන ගිය හිටපු හමුදා නිලධාරියෙක්. ඒබ‍්‍රහම් ලින්කන්ගේ ඝාතකයින් සොයන්ඩත් ඕල්කොට් සේවාදායකයෙක් වුණා. ඇමරිකාව රහස් ඔත්තු සේවා කටයුතු සඳහා ගුප්ත විද්‍යාව දැන සිටි අය යොදාගත් බවට සාක්කි තියෙනවා. ඔවුන් අදත් ඒ කාරිය කරන බවයි පැවසෙන්නේ. ඕල්කොට්ගේ දිනපොතේ සටහනින් පැහැදිලි වෙන්නෙ හෙලේනා බ්ලැවට්ස්කි හමුවිමට ගිය අවස්ථාවෙත් ඇය හා නොදොඩා රහස් පරික්ෂකයෙක් වශයෙන් බොහෝ වේලාවක් ඇයව නිරික්ෂණය කරපු බවයි.බ්ලැවට්ස්කි තමාගේ අනියම් පුරුෂයා අතහැර ඕල්කොට් සමග එකතුවු පසුව නිව්යෝක්වල පදිංචි වී තියෝසොපි සමාජය පිහිටෙව්වා. පසුව ඇමරිකාවේ වැඩ වෙනත් අයට භාරදී ඉන්දියාවට ආවා. ⭕. තියෝසොපි සමාජයේ සම සභාපති තනතුරක් ඕල්කට් ද දැරුවා. මේ දෙදෙනාම බෞද්ධ සමාජයේ ගෞරවයට පාත‍්‍ර වූ චරිත දෙකක්. මේ අය අතර තිබුනේ මොනවගේ සම්බන්ධයක් ද? එමෙන්ම තියෝසොපි සමාජයේ ස්වභාවය හා අරමුණ කුමක් ද ? ඕල්කොට් බ්ලැවට්ස්කි දෙදෙනා මුලික වෙලයි නිව්යෝක් තියෝසොපි සොසයිටිය හැදුවෙ. තියෝසොපි සමාජයේ අරමුණ ජාති වර්ණ භේදවලින් තොරව ආගම් අදහන සහ නොඅදහන ලෝක වැසියන් එකමුතු කිරීම නොහොත් විශ්ව සහෝදරත්වය ගොඩ නැගීම බවයි තියෝසොපි ව්‍යවස්ථාවෙන් කියන්නේ. මේක අමුලික ප්‍රෝඩාවක්. මොකද මේ සමාජය පිහිටුවන කාලයේත් අද වගේම ලෝක ජනගහනයෙන් වැඩි පිරිසක් ක‍්‍රිස්තියානි සහ ඉස්ලාම්. බයිබලය සහ කුරානය වැනි ආගමික ග‍්‍රන්තයක උගන්වන දේ පිළිපදින අය තමා අදහන මැවුම්කාර දෙවියා හැර වෙනත් ආගමක් අදහන අය පිළිබද සහෝදරත්වයෙන් බැලීමට අවකාශයක් ලැබෙන්නේ නෑ. මෙය බෞද්ධ සමාජයක් නොවෙයි. මෙහි ප‍්‍රාරම්භකයින් අතර එකම බෞද්ධයෙක්වත් නැහැ. එක්කෝ යුදෙව්වො නැතිනම් ක‍්‍රිස්තියානිකාරයො. මලවුන් සහ භුත ලෝකය පිළිබඳ විශ්වාසය ඇත්තන් මේ ආගම් දෙකේම ඉන්නව. අන්න එහෙම පිරිසක් තමා තියෝසොපි සමාජයේ පළමුවැනි සාමාජිකයින් පිරිස. මේ අය බුදුදහම හින්දු ආගම ආදි ආගම් ගැන සාකච්ඡුා කෙරුවෙ ඒ ආගම් භුතයින් අදහන ආගම් කියා හිතලයි. ⭕. ඔබ සඳහන් කළා ඕල්කට්ගේ පරම විඥානාර්ථ සමාගම හරහා ආරම්භ කළ පාසැල් නිසා අපේ සම්ප‍්‍රදායික අධ්‍යාපන ක‍්‍රමය බිඳවැටුන බව. නමුත් මෙරට බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ පුරෝගාමියා ලෙස ඕල්කට්තුමා අදටත් සමහරු මහා ඉහළින් අගය කරනවා. මේ පාසැල් බිහිකිරීමේ යටි අරමුණ කුමක්ද ? ඒ තුළින් පසුකාලීනව ඔබ දකින සමාජ ඛේදවාචකය කුමක් ද ? ලංකාව කියන්නෙ බොහෝම උසස් අධ්‍යාපනයක් පැවති රටක්. විදේශිකයන් පවා ඉගෙනුමට මෙහි ආවා. පෘතුගීසි දේවගැතිවරුන් සියලූ‍ම පිරිවෙන් විනාශකළ පසුවත් යළි සිංහල බෞද්ධ අධ්‍යාපනය ගොඩනැංවීමට සිංහලයින්ට හැකිවුණා. ඕල්කොට් ලංකාවට එන කාලෙත් ලංකාවෙ සිංහල බෞද්ධ අධ්‍යාපන ක‍්‍රමයක් පැවතුණා. පන්සල්වල අධ්‍යාපන ආයතන දහසකට වැඩි සංඛ්‍යාවක් තිබිල තියෙනව. ආණ්ඩුවෙ ආධාර නොලැබුනාට පන්සල් මූලික වී මෙම අධ්‍යාපනය පවත්වාගෙන ගියා. ඒකෙන් තමා හාමුදුරුවරු හැදුවෙ. වෙද පරපුර හැදුවෙ. ජාතියට ඇල්මැති රටවාසින් බිහිකෙරුවෙ. කොළඹ පරමවිඥානාර්ථ සමාගම කියන්නෙ පාසල් ව්‍යාපාරයක් ඇරඹු සමාගමකටයි. මෙමගින් ඇරඹු පාසැල්වලට ආණ්ඩුවෙන් මුදල් ලබාගන්න හැකිවුණා. ආණ්ඩුවේ අධ්‍යාපනය සමාගමේ පාසැල් මගින් දෙනවාද කියල පරික්ෂා කරමිනුයි ඉංග‍්‍රිසි ආණ්ඩුව ආධාර කෙරුවෙ. එම නිසා පරම විඥානාර්ථ පාසල්වලින් බුද්ධාගමට කුඩම්මාගේ සැලකිලි ලැබෙද්දි ආණඩුව සතුටු වුණා. පරම විඥානාර්ථ සමාගම ආදර්ශයට ගත් භික්ෂුණ් වහන්සේලා සෑහෙන පිරිසක් පන්සල් අධ්‍යාපනය පැත්තකට දමා ආණ්ඩුවේ ආධාර ලබන පාසැල් ආරම්භ කළා. රටට දැයට ආගමට ආදරයක් නැති නිකම්මු බෝවෙන්න පාර කැපුනේ ඒ අධ්‍යාපනයෙන්. ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූ දොස්තර එස්.ඒ වික‍්‍රමසිංහ පරම වීඥානාර්ථ සමාගමේ ලේකම් ධුරය දැරුවා. කොමියුනිස්ට් පක්ෂයක නායකයෙකුට බෞද්ධයෙක් වෙන්න පුලූ‍වන්ද? වික‍්‍රමසිංහ මහත්තයල සමග සමසමාජ ව්‍යාපාරය කරපු ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් තව කලක් සමාගමේ ලේකම් ධුරය දැරුවා. අදිකාරම් බෞද්ධයෙක් නොවෙයි. ඔහු ක‍්‍රිෂ්ණ මුර්ති වාදියෙක්. තියෝසොපි සොසයිටිය, අද්යර් මූලස්ථානය කරගෙන බයිබලයේ සඳහන් වෙන ගැලවුම්කරුවා නිර්මාණය කරගැනීමට සිසුන් පිරිසක් පුහුණු කළා. එයින් අවසානයට තෝරාගත් සිසුවා තමයි ක‍්‍රිෂ්ණමුර්ති කියන්නෙ. ක‍්‍රිෂ්ණමුර්ති වාදියෙක් වු අදිකාරම් කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කරමින් පන්සිල් නොගැනීමේ නව සම්ප‍්‍රදායක් බිහිකළා. ජීවිතයට ‘පන්සිල් එක වරක් ගත්තාම හොඳටම ඇති සිල්පද කැඩුවොත් විතරයි ආයෙත් සමාදන් වෙන්ඩ ඕනෑ’ කියල ඔහු අපුරු තර්කයක් ඉදිරිපත් කෙරුව. එමනිසා මෙම විදුහලේ උගත් හෝ ඉගැන්නු කිසිවෙක් පාසැලේ කිසිම කටයුත්කදි පන්සිල් ගත්තෙ නැහැ. කොළඹ ආනන්ද විදුහලේ පළමුවැනි විදුහල්පති ලේඕබිටර් පෙරලා එංගන්තයට ගිය පසුව බිෂොප් තනතුර යළි භාරගෙන ලිබර්ල් ක‍්‍රිස්තියානි ව්‍යාපාරයක් ආරම්භ කළා. එංගලන්තයේ ඉගෙනීිම කරපු පී. ද ඇස් කුලරත්න මහතා ඉංග‍්‍රිසි කාන්තාවක් සමග විවාහ වී එහෙදි දේවස්ථානයට ගියා. මිෂනාරි හා මුස්ලිම් පාසැල් ඕනෑ තරම් තියෙද්දි ඔහු ආනන්දයේ ඉගැන්විමට මුස්ලිම් හා ක‍්‍රිස්තියානි ගුරුවරු අරගත්තා. මේවා යට තිබුණු මොළ හේදීමේ කුමන්ත‍්‍රණ කතාව කියන්න මෙවැනි සාකච්ඡුාවක් ප‍්‍රමාණවත් නැහැ. රට, ජාතිය, ආගමට ගරු නොකරන කළු සුද්දන් පිරිසක් බෝ වීමට මේ පාසැල්වලින් විශාල පිටුබලයක් ලැබුණා. ධර්මපාලතුමා එදා කිව්වා අනාගතේ ඉතිරි වෙන්නේ එහෙම කළු සුද්දෝ ටිකක් බව. අද ඒක මොනතරම් දුරට ඇත්ත වෙලා තියෙනවද? අද මේ ඕල්කට් බෞද්ධයන් වූ කළු සුද්දන් සිංහල බෞද්ධ සංස්කෘතියට සිදුකරන හානිය සුළුපටු නෑ. ⭕. නමුත් ධර්මපාලතුමා මෙන්ම එකළ සිටි ප‍්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂුන් පවා ඕල්කට්ගේ පරම විඥානාර්ථ සමාගමට උදව් කළා. පසුව ඔවුන් විරසක වීමට හේතුව කුමක් ද ? ඊළගට ධර්මපාලතුමා ගැන ඔබේ හදුනාගැනීම කුමක් ද ? මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො සහ ධර්මපාලතුමා ඕල්කොට් සමග මත ගැටුමක් ඇතිකර ගත්තෙ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ වැඩ පිළිවෙලින් සිංහල බෞද්ධයා නැතිවෙන බව වටහාගත් හින්දයි. පරම විඥානාර්ථ පාසැල්වලින් දෙන අධ්‍යාපනය ගැන විවේචනය කළ ධර්මපාලතුමා මෙම පාසැල්වලින් බෞද්ධ දරු දැරියන්ට උගන්වන සිරිත් විරිත් ගැන අප‍්‍රසාදය ප‍්‍රකාශ කෙරුවා. මේ පාසල්වල බුදු දහම ඉගැන්වීමට තැනක් නොදීම ගැනත් ධර්මපාලතුමා විරෝධය පළ කළා. ඕල්කොට් පරම විඥානාර්ථ සමාගම යටතේ ධනය රැස්කරන බව ගුණානන්ද හාමුදුරුවො තේරුම් ගත්තා. සමාගමේ ආදායම් වියදම් හෙළි කරන්නැයි ගුණනානන්ද හාමුදුරුවො ප‍්‍රසිද්ධ සභාවකදි ඕල්කොට්ගෙ මුණටම කිව්වා.හොඳයි කියා ඕල්කොට් ඉන්දියාවට පැනලා ගියා. මේ සිද්ධියෙන් වැඩි කලක් ගතවෙන්න පෙර ඉතාම අඩු වයසින් ගුණානන්ද හාමුදරුවො අපවත් වුණා. ඉංග‍්‍රිසි පාලකයො ධර්මපාලතුමාව ඉන්දියාවෙ හිරකළා. ධර්මපාලතුමා ඇත්තටම ජාතියේ පියා වශයෙන් හැඳින්වීමයි නිවැරදි. ජාතිය, ආගම, රටේ කර්මාන්ත, වතුවගාව ඇතුළු ආර්ථිකය, ඇවතුම් පැවතුම් ආදි වශයෙන් පුළුල් පරාසයක් පුරා එතුමාගේ අවධානය යොමු වුණා. එතුමාට ජාතිවාදී චෝදනා එල්ල කරන බොහෝ දෙනා, රටේ කර්මාන්ත දියුණුවට එතුමා ගත්ත වෙහෙස දන්නෙ නැහැ. පියාගේ මුදලින් ශිෂ්‍යත්ව පිහිටුවල, පුද්ගලයින් විදේශවලට යවා කර්මාන්ත දැනුම දීලා මෙහේ ගෙන්නුවේ ආර්ථික සමෘද්ධියෙන් තොර නිදහසක් නැති බව අවබෝධ කරගෙන හිටිය නිසයි. එතුමා දොස් කිව්වේ සිංහලයින්ට මිසක් අන්‍ය ජාතිකයන්ට නොවෙයි. මරක්කලයා, හම්බයා, බෙංගාලියා, දෙමළ වැනි වචන ඒ කාලේ සාමාන්‍ය වචන. ඒවා අපහාසාත්මකව පාවිච්චි කළ ඒවා නෙවෙයි. හම්බ කියන වචනය පාවිච්චි කළේ වෙනමම මුස්ලිම් කණ්ඩායමකට. 1915 කෝලාහය ගැන අධ්‍යයනය කරන කෙනෙකුට මේවා දැනගන්න පුළුවනි. ධර්මපාලතුමා ඇති කළ ජාතික ආගමික ප‍්‍රබෝධය තක්කඩි දේශපාලකයො කොල්ලකෑව එකයි වුණේ. මේ දේශපාලකයොම තමයි ධර්මපාලතුමාව පහළට දාලා ඕල්කොට්ව ඉස්සුවේ. ඒ බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ සහයෝගය ගන්න. ⭕. ඕල්කට් චින්තනයෙන් පන්නරය ලැබූ අය එකල මෙන්ම පසුකාලීනව ධර්මපාලතුමාගේ බෞද්ධ පුනර්ජීවන සමාජ මෙහෙවර යටපත් කිරීමට කටයුතු කලේ කොයි ආකාරයෙන් ද ? ඕල්කොට් චින්තකයෙක් නෙමෙයි. ඔහුට චින්තනයක් නැහැ. ඔහු ඉංග‍්‍රිසි ආණ්ඩුවට හා එමගින් යටත් විජිතවාදයට සේවය කෙරුව. ක‍්‍රිස්තියානි මිෂනාරි ව්‍යාපාරයට වුවමනා වැඩ කොටස ඕනැවටත් වඩා හොඳට ඉටු කෙරුවා. එමනිසා ධර්මපාලතුමා ඇරඹු බෞද්ධ පුනර්ජිවන ව්‍යාපාරය වනසන්න තවදුරටත් විදේශිකයින් හෝ මිෂනාරින් වුවමනා වුනේ නැහැ. ධර්මපාලතුමා ජිවත් වු සමයේ විසු ඞී.බී ජයතිලක චරිතය නිදසුනට ගන්න. පන්සල් ඇසුරු කළ ධර්මපාලතුමාව යම් යම් තැන්වල ඇබිත්තයා වශයෙන් හැඳින්වු අය ඉන්නවා. ජයතිලක ඉංග‍්‍රිසි ආණ්ඩුවට ආවඩමින් ධර්මපාලතුමාට පහර දුන්නා. ධර්මපාලතුමා මුලික වී ඇරඹු අමද්‍යප ව්‍යාපාරය වැනි ජාතික සංවිධානවල බලය අල්ලාගෛන ඒවා අකර්මන්‍ය කළා. ධර්මපාලතුමාගේ සමාජ මෙහෙවර යටපත් කිරිමේ කටයුතු තාමත් සිදුවෙනවා. ඕල්කොට් වර්ණනා කිරිමේ පරමාර්ථයෙන් මෑතකදි ලියවුන ‘යුරෝපීය චින්තනය බෞද්ධ පුනරුදය හා ඕල්කොට්’ කියන පොත නිදසුනට ගන්න. මේ පොතේ නම් සඳහන් කරමින් ධර්මපාලතුමාට හා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ට ඉතාම කැත විදිහට පහර ගහනවා. ගුණානන්ද හාමුදුරුවන්ගේ කුලය හා උපන් ගම ඉස්සරහට දාලා උන්වන්සේ ඕල්කොට්ට විරුද්ධ වුණේ ඒ ජන්ම ගති නිසා කියල අන්තිම පහත් කතා ලියනවා. මේ පොතට රාජ්‍ය සම්මාන ලැබෙනවා. සමස්ත බෞද්ධ මහා සම්මේලනයෙන් සම්මාන ලැබෙනවා. අර වගේ කුණු කතා තියෙන පොතකට සම්මාන දෙන්න තරම් මේ රටේ උගත්තු පිරිහිලා. ඔන්න ඕක තමා ඕල්කොට් තහවුරු කළ යටත් විජිත අධ්‍යාපනයෙන් බිහිකරපු උගතුන්ගෙන් සිදුවන්නේ. විශ්වවිද්‍යාලවලින් එළියට එන බහුතරයක් විශේෂයෙන්ම කලා අංශවලින් ‘ගුරා ගිලපු ගෝලයො’. අනික් අතට ගුරාගෙ මතයට විරුද්ධ අලූ‍ත් මතවාදයක් ඉදිරිපත් කරන්න හැදුවොත් උපාධිය වතුරෙ. ගුරාගෙ මතයම තමයි ඉදිරියටත් පවතින්න ඕන. උපාධි ගැහුවත් නැතත් මෙම අධ්‍යාපනයෙන් හදන්නෙ හා හැදෙන්නෙීබෆලෝ සෝල්ජර්ස්ලා’ පමණයි. ♦️සංවාදය♦️ ©රත්තනදෙණියේ මේධානන්ද හිමි 2018 අපේ‍්‍රල් 20 දිවයින (http://divaina.com/.../vishesha.../10394-2018-04-19-10-58-24)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.