
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
නොවූ තොරතුරු රැසක් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පහතා පවසනවා.
අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළා.
එහිදි මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
''ඒ හයසීය දාසයේ කාමර අංකෙ විතරක් අප්‍රේල් දාහතර වෙනිදායි පහළොස් වෙනිදයි නවාතැන් ගෙන හිටියේ කවුද කියන එක වාර්තා වෙන්නේ නැහැ. කවුද ඒ කාමරයේ නවාතැන් ගෙන හිටියේ? ඒ කාමරවල දොරවල් අරින්න, පාවිච්චි කරලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් කාඩ් එකක්. අනෙකුත් හැම කාමරයේම ඒ කාමරයේ ගත්ත එක්කෙනාගේ නම සඳහන් වෙලා තිබෙනවා. ඒ කාමරවල පාවිච්චි කරනකොට ඒ දොරවල් අරිනකොට. අප්‍රේල් මාසයේ දහනමවෙනිදා ඒගොල්ලෝ මේ කාමරය අරිනකොටත් ගේ නම ඒ ඉලෙක්ට්‍රොනික් කාඩ් එකේ සඳහන් වෙලා තියෙන බවට වාර්තා වෙලා තිබෙනවා.
නමුත් අප්‍රේල් මාසේ දාහතර වෙනිදා ඉඳන් ඒ කාමරයට සහරාන්ලා දහනම වෙනිදා එනකන් ඒ කාමරයේ හිටපු අය කවුද කියන එක වාර්තා වෙලා නැහැ. ඒක දැන් මේ පරීක්ෂණයට භාජනය කරලා තියෙනවද? දැන් අපි ගිය ආණ්ඩුව කාලේ ඕක අහනකොට එවකට හිටපු මේ පොලිසිය පිළිබඳව ආරක්ෂක ඇමතිතුමා කිව්වා නැහැ එහෙම මුකුත් නැහැයි කියලා එයා උත්තරයක් දුන්නා. එහෙම මුකුත් නැහැයි කියලා කියන්න බැහැ. මොකද උසාවියේ වාර්තාවල් වල කට උත්තර ලබා දීමේදී ෂැංග්‍රිලා ආයතනයේ කළමනාකරුවන් ඔවුන් පිළිඅරගෙන තිබෙනවා සහරාන් මේ කාමරයට එන්න කලින් යම් පිරිසක් මේ කාමරයේ රැඳී සිටියයි කියන එක.
දැන් සහරාන්ගේ කාමරයට කාමර තුන හතරක් ඈතින් කාමරයක් තිබුණා. ඒක තමයි කාමර අංක හයසිය විසි තුන. දැන් ඒ හයසිය විසි තුනේ අය මේ බෝම්බ පිපිරීමත් එක්ක අතුරුදහන් වෙනවා. දෙන්නෙක් අතුරුදහන් වෙලායි කියලා හොයාගන්නවා. ඒ දෙන්නා කවුද? දැන් මේ පරීක්ෂණ මෙහෙයවන කණ්ඩායම් ඒ දෙන්නව අඳුරගෙන තියෙනවද? අපිට ඕනේ ඒ දෙන්නා ලාංකිකයෝද විදේශිකයෝද?''
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
