
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ මැදිහත්වීමෙන් පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් මෙම ලිපිය එම කොමිසමට භාරදෙනු ලැබ තිබේ.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය මුදල් ඇමතිවරයා වශයෙන් කළ බරපතළ සිදුවීමක් සේ සලකා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළේ යැයි සාගර කාරියවසම් මහතා ‘මව්බිම’ට පැවසීය.
මැතිවරණ කොමිසම ඒ ගැන ජනාධිපති ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දුන් බව එහි සභාපතිවරයා තමන්ට පැවැසූ නමුත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පවසමින් සිදුවීම ගැන මැතිවරණ කොමිසමේ මතය රටට කියන ලෙස අවධාරණය කළේ යැයි මහලේකම්වරයා කීය.
අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය මෙහෙයවමින් ජනාධිපති ධූරයට පත් වූයේ ද ජනතාවට බොරු පොරොන්දු දී යැයි චෝදනා කළ කාරියවසම් මහතා මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ගැනීමට භාවිත කළේ ද එම මඟ ම යැයි කීවේය.
ජනාධිපතිවරයාගේ මෙම සාහසික ප්‍රකාශයෙන් පෙනෙන්නේ ජාතික ජන බලවේගය පළාත් පාලන ඡන්දයේදී ද එම උපක්‍රමය භාවිත කරමින් සිටින බව යැයි ද පොදුජන පෙරමුණේ ලේකම්වරයා කීය.
පළාත් පාලන ආයතනවලට මුදල් වෙන් නොකිරීමට ජනාධිපතිවරයාට කිසිදු හැකියාවක් මෙන් ම බලයක් නැතැයි කී හෙතෙම සියලු පළාත් පාලන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් වන්නේ නීතිය අනුව යැයි ද කීවේය.
ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මැදිහත් වුවත් නැතත් අදාළ මුදල් පළාත් පාලන ආයතනවලට ලැබෙන්නේ යැයි ද මහලේකම්වරයා වැඩිදුරට ත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
