ඔය දළදා වඳින්න ඇවිල්ලා දුක් විඳින මිනිස්සුව පතුරු ගහන්නම බලාගෙන ඉන්න එපා...❌
ඒ මිනිස්සු තමන්ගේ පාඩුවේ කුළියක් මලියක් කරගෙන, එදා වේල හම්බ කරගෙන හිටපු මිනිස්සු. හදිසියේම ජනාධිපති තුමා නුවර ඇවිල්ලා දළදා වන්ඳනාවට දින නියම කළා... ඒක හැම මාධ්‍යයකම ප්‍රචාරය කළා... හැමෝම එන්න එන්න, දන්සල් 100 ගණනක් දෙන්න සූදානම්, හැම තැනම වැසිකිළි පහසුකම්, කසළ බැහැර කිරීමේ පුළුල් වැඩසටහනක් ආරම්භ කරලා තියනවා, පුළුල් ආරක්ෂක වැඩ පිළිවෙලක් තියනවා, සනීපාරක්ෂාව උපරිමයි, මේ අවස්ථාවට සහභාගී නොවීම අකුසලයක් ආදී ලෙස කියලා පුරසාරම් කෝටියයි...
ඉතිං හත් දෙයියනේ මිනිස්සු ආවා... ආවට පස්සේ එළවන එක නම් කැතයි....
ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය, යාපනය, අනුරාධපුර, කිලිනොච්චිය එකී මෙකී නොකී හැම තැනින්ම මිනිස්සු බස් පිටින් ආවා... ඒ ආවේ ඒ මිනිස්සුට දුන්න වචනය විශ්වාස කරලා... මෙච්චර දුර බැහැර ඉඳන් දළදා හාමුදුරුවො වැඳ පුදා ගන්න ආපු මිනිස්සු සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මාර්ගඵල ලබපු මිනිස්සු නෙවෙයි... ඒ සත්‍යවත් අවබෝධ කරගන බැරි වුණ, තමන් මගඵල ලාභී යැයි හිතන් ඉන්න බුකි හෑලි සංගමය, ඒ මිනිස්සුන්ගේ පොඩි පොඩි අඩුපාඩු ටිකක් අල්ලන් මාර ආතල් එකක් ගන්නේ...
කතාව සරලයි, මෙච්චර දුර කතර ගෙවාගෙන ආපු මිනිස්සුන්ට පොලිමෙන් දශමයක් එහෙ මෙහෙ වුණොත් තමන්ගේ අවස්ථාව නැති වෙනවා, ඒ මිනිස්සුන්ට ඉන්න දවස් 4ට 5ට කෑම බීම අරන් එන්න බෑ... කෑම හොයාගෙන ඩෙවෝන්, ඩිලයිට් වලට ආය ටවුන් එකට එන්නත් බෑ, තමන් ගෙනාපු බඩු මල්ල කරේ ගහගෙන වැටුන වැටුන තැන නිදාගත්ත හෙම්බත් මිනිස්සු, තමන් ගෙනාපු ඉටි රෙද්ද අතට ගන්නත් කලින් පොලිමේ පිටිපස්සෙන් පෙරලනවා, තමන්ට ලැබෙන වතුර බෝතලේ දාන්න කුණු බක්කියක් නෑ, වැසිකිලි කැසිකිලියකට යන්න පහසු කමක් නෑ... පොලිසියෙන් කියනවා කිසි දෙයක් අරන් මාලිගා පරිශ්‍රයට යන්න බෑ කියලා, ගෙනාපු වටිනා කියන බඩු පවා තැන තැන දාලා පෝලිම යවද්දි දුවනවා, පොඩි දරුවො එල්ලන්, ආබාධිත දරුවො, අම්මලා තාත්තලා, බෑග් තියන කවුන්ටර් ගැන දැනුවත් වීම් නෑ... තමන්ගේ Phone එක චාජ් කරගන්නවත් නෑ... කටුගස්තොට මනුස්සයා චූ කරන්න එන්න ඕන මහයියාවට, ආයෙ ගිහින් කටුගස්තොට පෝලිමේ හිට ගන්න ඕන... අම්පිටියේ මනුස්සයා එන්න ඕන මල්වත්ත පංසල ලඟට... ඉන්න ලඟම තැනකට යනවා මිසක් ලක්ෂ ගාණක් තෙරපෙන තැන් වල හෝටල් ආතල් ගන්න බෑ...
ඕවා කරයි ජපානේ...
හැබැයි අපි මේක ජපානයක් කරගන්න ඕන...
නමුත් මිනිස්සු තාම චින්තන පෙරලියකට ගිහිල්ලා නැහැ... එහෙම වෙන්න වැඩපිලිවෙලකුත් නැහැ...ආණ්ඩු මාරු වෙද්දි මිනිද්සු වෙනස් වෙනවා නම්, බුදුහාමුදුරුවෝ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදු බව ලබන්නේ නැතුව ආණ්ඩුව මාරු කරනවානේ...
අපි ඇතුළු මේ හැමෝම සංසාරේ අතරමංවෙලා නිවනක් හොයන මිනිස්සු... ඒ මිනිස්සු අසරණයි... අසරණ හැම තැනකදීම හිත හදාගන්න කියලා දුන්නේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ... ඉතිං ඒ කළාණ මිත්‍රයාව මෙනෙහි කරන්න ඒ සුවඳ තියන තැනටත් මිනිස්සු මහෙම දුවගෙන එනවා... ඒ මිසක් ඒ මිනිස්සු මාර්ගඵල ලබාගත්ත මිනිස්සු නෙවෙයි. බත් පැකට් එක්කට අරක්කු බෝතලේකට හෝ වාහන වලට පෙට්‍රල් ගහන්න මෙහෙම දුකක් විඳිනවාත් නෙවෙයි...
අනික තාම මිනිස්සු ඉන්නේ සුදු කිරීටයේ තාඩන පීඩන වල කළු ජානත් එක්ක... ඉතිං හැමෝම සමානව හිතන්නේ පතන්නේ නෑ... හරි වැරැද්ද, සමහරු දකින පිරිසිඳු අපිරිසිඳු කම පිළිබඳ ලොකු අවබෝධයක් නෑ... සමාජෙ කියන්නේ එක එක Levels වල එකතුවක්, ඒක තේරුම් ගන්නකන් මේක හදන්න කතා කරලාවත් වැඩක් නෑ...
හමුදාව, පොලිසිය පුදුම මහන්සියක් වෙන්නේ...
නිසි සැළසුම් වලින් තොර ක්‍රියාත්මකවීම අහිතකර ප්‍රථිපල පමණක්ම ලබාදෙයි...😑
ඡන්ද කාලේ බස් ගානේ එල්ලි එල්ලි දේශපාලකයෝ පස්සේ යන මිනිස්සු දළදා වඳින්න ආපු මිනිස්සුන්ට අපූරුවට බන දේශනා කරන්නේ "ඔවා දෙනු පර හට - තමා සම්මතයේ පිහිටා සිට" යන්න මතක් කරලා...
දැං ඉතිං මේ තත්ත්වය පාලනයෙන් තොරයි... ඒක තේරුම් අරන්, අපිට කරන්න පුළුවන් දේ අපි කරමු...
දළදා වඳින්න ආපු බැතිමත් මිනිස්සු වෙනුවෙන්, දළදා හාමුදුරුවෝ වෙනුවෙන්, මහනුවර වෙනුවෙන් අපට කරන්න පුළුවන් එක දෙයක් තියනවා... ඒ තමයි මේ හැමෝම දළදා වන්දනාව අවසන් වෙලා මහනුවරින් යද්දි අපි යමු මහනුවරට, පුළුන් විදියට ශ්‍රමය යොදලා අපි සුද්ද කරමු අපේ සෙංකඩගල... ❤️
අද අපෙ මිනිස්සු ලක්ෂ ගණන් වැය කරමින් මේ දස දෙසින් ආපු මිනිස්සුව දන්සල් දානමාන වලින් සංග්‍රහ කරලා බලාගන්නවා වගේ, ඉදිරියටත් කවුරු මොන මොන දේ කළත් අපි අපේ විදියට මේක කරමු❤️
By Pavithra Rathnayake
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්