News Category
From Date
To Date
Maximum Number of Result

මා දන්නා අසෝක රංවල

Apr 21, 2025 at 09:35 AM
|

මා දන්නා අසෝක රංවල
දිගින් දිගටම මුහුණු පොතේ
අශෝක රංවල සහෝදරයා ගැන ලියැවෙන කියවෙන
සාවද්ය තොරතුරු පිලිබදව
ඔහු ගැන සහ ඔහු පක්ෂයට කළ සේවාව ගැන දන්නා කෙනකු හැටියටට නිහඩව සිටීම
ඔහුට කරන අසාධාරණයක් යයිි සිතා මා මෙසේ ලියා තබමි
ඔහු වර්ශ 2000 සිට 2004 දක්වා ප්රාදේශී සභා මන්ත්රී වරයෙක් ලෙසද
2004සිට 2012 දක්වා පලාත් සභා මන්ත්රීවරයකු ලෙසද
ජනතා විමුක්ති පෙරමුන නියෝජනය කරමින් තේරී පත් වූ අතර
මෙවර ගම්පහ දිස්ත්රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්රී වරයෙකු ලෙස තේරී පත් විය.
ඔහුගේ
බිරිද බොරැල්ල ඍජිවේ ආර්යා ළමාරෝහලේ වෛද්යවරියක් ලෙස සේවය කරන අතර දුව සහ පුතා ද වෛද්යවරියක් සහ වෛද්යවරයෙක් ලෙස මේ වන විට
රජයේ රෝහල වල සේවය කරනු ලබයි.
ඔහු 2022 වර්ෂය වන තෙක්
සපු ගස් කන්ද තෙල් පිරිපහදුවේ
සේවය කොට මේ වනවිට විශ්රාම ලබා සිටී
මේ වන විට ඔහුව විවේචනය කරනු ලබන්නේ ඔහුට නිසි අධ්යාපන සුදුසු කමක් නොමැතිව
Dr අසෝක රංවල කියා ව්යාජ ලෙස පෙනී සිටින තැනැත්තෙකු ලෙසයි.
ඒ සම්බන්ධවද මා දන්නා දේ කෙටියෙන් මෙසේ පහතින් ලියා තබමි
ඔහු කියා තිබෙන පරිදි
ඔහු උසස් පෙළ සමත් වී
කටුබැද්ද පීඨයට ඇතුලු වන්නේ 1979 කාල වකුවානුවේ දීය.
ඔහු ඉගෙන ගන්නේ කෙමිකල් ඉංජිනියරින් බවත් මා දනිමි
දැන් මුහුණු පොතේ ප්රශ්නය වී ඇත්තේ කෙමිකල් ඉංජිනියරින් ඉගෙන ගත් ඔහු කෙමිකල් ඉන්ජිනියර් වරයෙකු නොවන්නේ ඇයි.
මේ ගැටලුව ලිහා ගැනීමට නම්
එවකට කටුබැද්ද පීඨය නම් කුමක්ද එහි උගන්වන්නේ මොනවාද ඉගෙන ගත් පසු ලැබෙන්නේ මොන සහතිකයද කියා අපි හඳුනාගත යුතුයි.
යටත් විජිත සමයේ
1890 වර්ශයේ ලංකාවේ ආරම්භ කරන පළවෙනි තාක්ෂණික විද්යාලය
මරදාන ටෙක්නිකල් කොලේජය බව ඔබ කවුරුත් අසා ඇත.
1893 අපේ රටේ පලමුවෙන්ම
NDT (National Diploma in Technology )පාඨමාලාව ආරම්භවෙන්නෙ මේ මරදාන ටෙක්නිකල් කොලේජ් එකේය.
එවකට ඒ පාඨමාලාව ට කියන්නෙ
JTO (Junior technical officer course) කියලා. 1960 මේ පාඨමාලාව
තවත් විෂය දැනුමෙන් සන්නද්ධ කරලා කැනේඩියානුය රජයේ ආධාර ඇතිව අරගෙන යනවා
කටුබැද්ද බොල්ගොඩ ගග මායිමේ අක්කර පනහක පමන විශාල භූමික
අලුතෙන් ගොඩනැගිලි ඉදිකරලා අලුත්ම තාක්ෂණික අධ්යාපනික ආයතනයක් හැටියට.
ඒ නව ආයතනයට කියන්නේ
Institute of Practical Training (IPT)කියලා.
මේ අතරතුර රට තුළ සිදුවෙමින් පවතින සංවර්ධන හා නිෂ්පාදන කටයුතු වෙනුවෙන්
අත්යාවශ්ය සේවාවක්වූ
තාක්ෂණික හා ඉංජිනේරු විෂය පණ ගන්වන්න
1961 එවකට රජය පත් කරනවා තාක්ෂණික අධ්යාපනය ස්ථාවර කරන්න කොමිෂන් සභාවක්
මේ කොමිෂන් සභාවෙන් ලංකාවේ ඉස්සෙල්ලම ඉංජිනේරු පීඨයක් පටන් ගන්නවා 1963 පේරාදෙණිය විශ්ව විද්යාලයෙ.
මේ කොමිෂන් සභාවේ නිර්දේශ මත
Istitute of Practical Training Katubadda අද්යාපන ආයතනය
එහි උගැන්වෙන
විෂය මාලා නව ලොවට අවශ්ය තාක්ෂණය සපය හැකි ආකාරයෙන් යලිත් වරක් උසස් කොට
එහි තිබුණ භෞතික සම්පත්ම භාවිතා කරලා සංවර්ධනය කරලා
UNESCO ආධාර යටතේ 1966 එම ස්ථානයේම අලුතින් බිහි කරනවා
Ceylon College of Technology Katubedda යන නමින්.
ඊට වසර පහකට හයකට පසුව
පත්වන නව ජනරජය විසින්
පනවන 1972 university act no1
යටතේ ඉතා සීඝ්රයෙන් සංවර්ධනය වී අත්යවශ්ය ආයතනයක් බවට හඳුනාගෙන තිබුණා Ceylon College of Technology අධ්යාපන ආයතනය අයෙත් පාරක් පරිවර්තනය කරනවා
Katubedda Campus(කටුබැද්ධ පීඨය) යන නමින්.
ඉන්පසු ස්වාධීන ආයතනයක් ලෙස තාක්ෂණික ශිල්පීන් සඳහා උපාධි පාඨමාලා සහ පශ්චාත් උපාධි පාඨමාලා ආරම්භ කරන මෙම නව අද්යාපන ආයතනය
1974 දී Applied Science විශයත්
Ruber හා textile තාක්ශනික විශයත්
Meritime enjineering Country and City planning පාඨමාලා සහිත උගැන්වීම් කටයුතුත් ආරම්භකරනු ලැබුවා.
මෙහිදී අපට හොදින් මතක තබාගත යුතු කාරණාවව වන්නේ Ruber,Chemical,Textile engineering
උගන්වූවාට ඉගෙන ගත්තාට
තවමත් එය Diploma දාරීන් බිහිකරන පාඨමාලා පමණක් බවත් උපාධි හෝ පශ්චාත් උපාධි ලබාදෙන පාඨමාලා බවට එම තාක්ශනික පාඨමාලා කටුබැද්ද කැම්පස් යන ආයතනය තුල සංවර්ධනය නොවී ඇති බවත්.
ඉන්පසු 1977 පත් වූ නව රජය විසින්
ස්ථාපිත කරන 1978 act no 16 /139(1) විශ්ව විද්යාල නව අධ්යාපන පනත යටතේ
Katubedda Campus එක
මොරටුව විශ්ව විද්යාලය
(University of Moratuwa) නමින් ස්වාධීන විශ්ව විද්යාලයක් ලෙස ස්ථාපිත කරනවා.
මෙම නව විශ්ව විද්යාලයේ
Physical and Applied Science ඒකාබද්ධ කොට
Faculty of Engineering ස්ථාපිත කරන්නේනේ 1983 වසරේ
1977 නව රජය විසින් සම්මත කරගන්නා 1978 act 16 අනුව
කටුබැද්ද කැම්පස් මොරටුව විශ්ව විද්යාලය ලෙස
පරිවර්තනය වන සංක්රාන්ති සමයේ
එනම් 1979 තමයි
අසෝක රංවල විශ්ව විද්යාලයට ප්රවේශ වෙන්නෙ
Chemical engineering ඉගෙන ගෙන
ලබා ගැනීමට හැකියාව තිබුණේ Diploma සහතිකයක් මිස
Chemical egineer නම් 1983න්
පසුව බිහි කරන ශිෂ්යයන්ට ලැබෙන උපාධි සහතිකය නොවන බව මෙම කියවන ඔබට පැහැදිලි වියයුතුය.
මීට අමතරව එවකට රුසියානු රජයේ ආධාර මත ඉන්දියාව ලංකාව ඇතුළු රටවල් කිහිපයක නිෂ්පාදන හා සේවා ආයතන තුළ පවත්වාගෙන යනු ලැබූ ඉතා ඉහළ ගුණාත්මක අගයක් සහිත Ceylon Petroluim ආයතනය තුළ ලබාදෙනු ලැබූ
වසර හතරක තෙල් පිරිපහ දුව සම්බන්ධ ලොව ඉතාම වටිනා තාක්ෂණික පාඨමාලාවද ඔහු සාර්ථකව නිමවා ලොව ඕනෑම රටක
අදටත් ඕනෑම තෙල් පිරි පහදු ආයතනයක් පිළිගන්නා තාක්ෂණික සහායතිකයද ලබාගෙන තියෙනවා.
දවල් කාලේ තමන්ගේ විශ්ව විද්යාලීය අධ්යාපනය ලබන මොහු රාත්රී කාලයේදී නිදි වරාගෙන වසර හතරක් තිස්සේ මෙම තාක්ෂණික පාඨමාලාවද හදාරනු ලැබුවා.
රටේ පවතින භීෂණය හමුවේ 1989 ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන්
තාවකාලි නිවාඩු ලබා ගන්නා මොහු අධ්යාපන කටයුතු සඳහා ජපානයට ගොස් 1994 වන විට ජපානයේ ඉහළ තාක්ෂණික විශ්ව විද්යාල කිහිපයක මහාචාර්යවරුන්ගේ අධීක්ෂණය යටතේ ජීව රසායනය සම්බන්ධයෙන්ද ආචාර්ය වරයෙකු ලෙස තම දැනුම සන්නද්ධ කරගන්නා අශෝක රන්වල සහෝදරයා
1994 සිට 2000දක්වා
එම ජපානයේ තමන් ඉගෙනුම ලැබූ ආචාර්යවරුන් සමඟ එකව ලංකාවේද තම පරීක්ෂණ කටයුතුයි
මහ වැන මැද දවල් රෑ නොබලා වෙහෙස මහන්සිව සිදු කරනු ලැබූ ආකාරය මා හොදින් දන්නවා.
එසේ ඔහු උගෙන ගන්නා ලද
ජීව රසායන තාක්ෂණය මගින්
මේ වන විටත් එප්පාවල පොස්පේට් නිදියේ පොස්පේට්
ජෛව පොස්පේට් පොහොර ලෙස නිෂ්පාදනය කොට
අම්පාර කුරුණෑගල අනුරාධපුර ඇතුලු දිස්ත්රික්ක කිහිපයක්
ගොවි මහතුන්ට වී වගාව සහ අනෙකුත් බෝග වගා කටයුතු සඳහා ලබා දෙනු ලබනවා.
ඔහු රටට වැදගත් වැඩදායී උගතෙක්
ඔහු වැනි අහිසකයින්
විවේචනය කිරීමම
කාලය කා දමන අනුවන ක්රියාවක් සේ මා දකිනවා.
ජීවිතයේ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වී
එම පාර්ලිමේන්තුවේ
කතානායක දූරය හෙබවීමට
ඔහුට ලැබුණේ ඔහුගේ නිරහංකාර අහිංසක වැදගත් මහත්මා ප්රතිපත්ති අනුර කුමාර දිසානායක
ජනාධිපතු තුමා හොඳින් දන්නා නිසා වෙන්න පුලුවන්.
සාමාන්ය ජීවිතයේද කපටි කමින් වංචාවෙන් නොමේරූ ඔහු
කථානායක තොප්පිය
ගෙල වටේ ඔතා ගැනීම තුල
අපට පෙන්වා දෙන්නේ
ඔහුගේ අවංක භාවය ඔහුගේ ක්රියාව තුළ ඕනවටත් වඩා පවතින බවත්
වචනයෙන් හෝ ඇඳුමෙන්
ඔහුට අපිව අන්දන්නට හෝ රවටන්නට
හැකියාවක් හෝ උවමනාවක් නොමැති බවත්ය
ඔබට සුබ දවසක්.

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.