News Category
From Date
To Date
Maximum Number of Result

මා දන්නා අසෝක රංවල

Apr 21, 2025 at 09:35 AM
|

මා දන්නා අසෝක රංවල
දිගින් දිගටම මුහුණු පොතේ
අශෝක රංවල සහෝදරයා ගැන ලියැවෙන කියවෙන
සාවද්‍ය තොරතුරු පිලිබදව
ඔහු ගැන සහ ඔහු පක්ෂයට කළ සේවාව ගැන දන්නා කෙනකු හැටියටට නිහඩව සිටීම
ඔහුට කරන අසාධාරණයක් යයිි සිතා මා මෙසේ ලියා තබමි
ඔහු වර්ශ 2000 සිට 2004 දක්වා ප්‍රාදේශී සභා මන්ත්‍රී වරයෙක් ලෙසද
2004සිට 2012 දක්වා පලාත් සභා මන්ත්‍රීවරයකු ලෙසද
ජනතා විමුක්ති පෙරමුන නියෝජනය කරමින් තේරී පත් වූ අතර
මෙවර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ලෙස තේරී පත් විය.
ඔහුගේ
බිරිද බොරැල්ල ඍජිවේ ආර්‍යා ළමාරෝහ‍ලේ වෛද්‍යවරියක් ලෙස සේවය කරන අතර දුව සහ පුතා ද වෛද්‍යවරියක් සහ වෛද්‍යවරයෙක් ලෙස මේ වන විට
රජයේ රෝහල වල සේවය කරනු ලබයි.
ඔහු 2022 වර්ෂය වන තෙක්
සපු ගස් කන්ද තෙල් පිරිපහදුවේ
සේවය කොට මේ වනවිට විශ්‍රාම ලබා සිටී
මේ වන විට ඔහුව විවේචනය කරනු ලබන්නේ ඔහුට නිසි අධ්‍යාපන සුදුසු කමක් නොමැතිව
Dr අසෝක රංවල කියා ව්‍යාජ ලෙස පෙනී සිටින තැනැත්තෙකු ලෙසයි.
ඒ සම්බන්ධවද මා දන්නා දේ කෙටියෙන් මෙසේ පහතින් ලියා තබමි
ඔහු කියා තිබෙන පරිදි
ඔහු උසස් පෙළ සමත් වී
කටුබැද්ද පීඨයට ඇතුලු වන්නේ 1979 කාල වකුවානුවේ දීය.
ඔහු ඉගෙන ගන්නේ කෙමිකල් ඉංජිනියරින් බවත් මා දනිමි
දැන් මුහුණු පොතේ ප්‍රශ්නය වී ඇත්තේ කෙමිකල් ඉංජිනියරින් ඉගෙන ගත් ඔහු කෙමිකල් ඉන්ජිනියර් වරයෙකු නොවන්නේ ඇයි.
මේ ගැටලුව ලිහා ගැනීමට නම්
එවකට කටුබැද්ද පීඨය නම් කුමක්ද එහි උගන්වන්නේ මොනවාද ඉගෙන ගත් පසු ලැබෙන්නේ මොන සහතිකයද කියා අපි හඳුනාගත යුතුයි.
යටත් විජිත සමයේ
1890 වර්ශයේ ලංකාවේ ආරම්භ කරන පළවෙනි තාක්ෂණික විද්‍යාලය
මරදාන ටෙක්නිකල් කොලේජය බව ඔබ කවුරුත් අසා ඇත.
1893 අපේ රටේ පලමුවෙන්ම
NDT (National Diploma in Technology )පාඨමාලාව ආරම්භවෙන්නෙ මේ මරදාන ටෙක්නිකල් කොලේජ් එකේය.
එවකට ඒ පාඨමාලාව ට කියන්නෙ
JTO (Junior technical officer course) කියලා. 1960 මේ පාඨමාලාව
තවත් විෂය දැනුමෙන් සන්නද්ධ කරලා කැනේඩියානුය රජයේ ආධාර ඇතිව අරගෙන යනවා
කටුබැද්ද බොල්ගොඩ ගග මායිමේ අක්කර පනහක පමන විශාල භූමික
අලුතෙන් ගොඩනැගිලි ඉදිකරලා අලුත්ම තාක්ෂණික අධ්‍යාපනික ආයතනයක් හැටියට.
ඒ නව ආයතනයට කියන්නේ
Institute of Practical Training (IPT)කියලා.
මේ අතරතුර රට තුළ සිදුවෙමින් පවතින සංවර්ධන හා නිෂ්පාදන කටයුතු වෙනුවෙන්
අත්‍යාවශ්‍ය සේවාවක්වූ
තාක්ෂණික හා ඉංජිනේරු විෂය පණ ගන්වන්න
1961 එවකට රජය පත් කරනවා තාක්ෂණික අධ්‍යාපනය ස්ථාවර කරන්න කොමිෂන් සභාවක්
මේ කොමිෂන් සභාවෙන් ලංකාවේ ඉස්සෙල්ලම ඉංජිනේරු පීඨයක් පටන් ගන්නවා 1963 පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ.
මේ කොමිෂන් සභාවේ නිර්දේශ මත
Istitute of Practical Training Katubadda අද්‍යාපන ආයතනය
එහි උගැන්වෙන
විෂය මාලා නව ලොවට අවශ්‍ය තාක්ෂණය සපය හැකි ආකාරයෙන් යලිත් වරක් උසස් කොට
එහි තිබුණ භෞතික සම්පත්ම භාවිතා කරලා සංවර්ධනය කරලා
UNESCO ආධාර යටතේ 1966 එම ස්ථානයේම අලුතින් බිහි කරනවා
Ceylon College of Technology Katubedda යන නමින්.
ඊට වසර පහකට හයකට පසුව
පත්වන නව ජනරජය විසින්
පනවන 1972 university act no1
යටතේ ඉතා සීඝ්‍රයෙන් සංවර්ධනය වී අත්‍යවශ්‍ය ආයතනයක් බවට හඳුනාගෙන තිබුණා Ceylon College of Technology අධ්‍යාපන ආයතනය අයෙත් පාරක් පරිවර්තනය කරනවා
Katubedda Campus(කටුබැද්ධ පීඨය) යන නමින්.
ඉන්පසු ස්වාධීන ආයතනයක් ලෙස තාක්ෂණික ශිල්පීන් සඳහා උපාධි පාඨමාලා සහ පශ්චාත් උපාධි පාඨමාලා ආරම්භ කරන මෙම නව අද්‍යාපන ආයතනය
1974 දී Applied Science විශයත්
Ruber හා textile තාක්ශනික විශයත්
Meritime enjineering Country and City planning පාඨමාලා සහිත උගැන්වීම් කටයුතුත් ආරම්භකරනු ලැබුවා.
මෙහිදී අපට හොදින් මතක තබාගත යුතු කාරණාවව වන්නේ Ruber,Chemical,Textile engineering
උගන්වූවාට ඉගෙන ගත්තාට
තවමත් එය Diploma දාරීන් බිහිකරන පාඨමාලා පමණක් බවත් උපාධි හෝ පශ්චාත් උපාධි ලබාදෙන පාඨමාලා බවට එම තාක්ශනික පාඨමාලා කටුබැද්ද කැම්පස් යන ආයතනය තුල සංවර්ධනය නොවී ඇති බවත්.
ඉන්පසු 1977 පත් වූ නව රජය විසින්
ස්ථාපිත කරන 1978 act no 16 /139(1) විශ්ව විද්‍යාල නව අධ්‍යාපන පනත යටතේ
Katubedda Campus එක
මොරටුව විශ්ව විද්‍යාලය
(University of Moratuwa) නමින් ස්වාධීන විශ්ව විද්‍යාලයක් ලෙස ස්ථාපිත කරනවා.
මෙම නව විශ්ව විද්‍යාලයේ
Physical and Applied Science ඒකාබද්ධ කොට
Faculty of Engineering ස්ථාපිත කරන්නේනේ 1983 වසරේ
1977 නව රජය විසින් සම්මත කරගන්නා 1978 act 16 අනුව
කටුබැද්ද කැම්පස් මොරටුව විශ්ව විද්‍යාලය ලෙස
පරිවර්තනය වන සංක්‍රාන්ති සමයේ
එනම් 1979 තමයි
අසෝක රංවල විශ්ව විද්‍යාලයට ප්‍රවේශ වෙන්නෙ
Chemical engineering ඉගෙන ගෙන
ලබා ගැනීමට හැකියාව තිබුණේ Diploma සහතිකයක් මිස
Chemical egineer නම් 1983න්
පසුව බිහි කරන ශිෂ්‍යයන්ට ලැබෙන උපාධි සහතිකය නොවන බව මෙම කියවන ඔබට පැහැදිලි වියයුතුය.
මීට අමතරව එවකට රුසියානු රජයේ ආධාර මත ඉන්දියාව ලංකාව ඇතුළු රටවල් කිහිපයක නිෂ්පාදන හා සේවා ආයතන තුළ පවත්වාගෙන යනු ලැබූ ඉතා ඉහළ ගුණාත්මක අගයක් සහිත Ceylon Petroluim ආයතනය තුළ ලබාදෙනු ලැබූ
වසර හතරක තෙල් පිරිපහ දුව සම්බන්ධ ලොව ඉතාම වටිනා තාක්ෂණික පාඨමාලාවද ඔහු සාර්ථකව නිමවා ලොව ඕනෑම රටක
අදටත් ඕනෑම තෙල් පිරි පහදු ආයතනයක් පිළිගන්නා තාක්ෂණික සහායතිකයද ලබාගෙන තියෙනවා.
දවල් කාලේ තමන්ගේ විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය ලබන මොහු රාත්‍රී කාලයේදී නිදි වරාගෙන වසර හතරක් තිස්සේ මෙම තාක්ෂණික පාඨමාලාවද හදාරනු ලැබුවා.
රටේ පවතින භීෂණය හමුවේ 1989 ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන්
තාවකාලි නිවාඩු ලබා ගන්නා මොහු අධ්‍යාපන කටයුතු සඳහා ජපානයට ගොස් 1994 වන විට ජපානයේ ඉහළ තාක්ෂණික විශ්ව විද්‍යාල කිහිපයක මහාචාර්යවරුන්ගේ අධීක්ෂණය යටතේ ජීව රසායනය සම්බන්ධයෙන්ද ආචාර්‍ය වරයෙකු ලෙස තම දැනුම සන්නද්ධ කරගන්නා අශෝක රන්වල සහෝදරයා
1994 සිට 2000දක්වා
එම ජපානයේ තමන් ඉගෙනුම ලැබූ ආචාර්යවරුන් සමඟ එකව ලංකාවේද තම පරීක්ෂණ කටයුතුයි
මහ වැන මැද දවල් රෑ නොබලා වෙහෙස මහන්සිව සිදු කරනු ලැබූ ආකාරය මා හොදින් දන්නවා.
එසේ ඔහු උගෙන ගන්නා ලද
ජීව රසායන තාක්ෂණය මගින්
මේ වන විටත් එප්පාවල පොස්පේට් නිදියේ පොස්පේට්
ජෛව පොස්පේට් පොහොර ලෙස නිෂ්පාදනය කොට
අම්පාර කුරුණෑගල අනුරාධපුර ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයක්
ගොවි මහතුන්ට වී වගාව සහ අනෙකුත් බෝග වගා කටයුතු සඳහා ලබා දෙනු ලබනවා.
ඔහු රටට වැදගත් වැඩදායී උගතෙක්
ඔහු වැනි අහිසකයින්
විවේචනය කිරීමම
කාලය කා දමන අනුවන ක්‍රියාවක් සේ මා දකිනවා.
ජීවිතයේ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වී
එම පාර්ලිමේන්තුවේ
කතානායක දූරය හෙබවීමට
ඔහුට ලැබුණේ ඔහුගේ නිරහංකාර අහිංසක වැදගත් මහත්මා ප්‍රතිපත්ති අනුර කුමාර දිසානායක
ජනාධිපතු තුමා හොඳින් දන්නා නිසා වෙන්න පුලුවන්.
සාමාන්‍ය ජීවිතයේද කපටි කමින් වංචාවෙන් නොමේරූ ඔහු
කථානායක තොප්පිය
ගෙල වටේ ඔතා ගැනීම තුල
අපට පෙන්වා දෙන්නේ
ඔහුගේ අවංක භාවය ඔහුගේ ක්‍රියාව තුළ ඕනවටත් වඩා පවතින බවත්
වචනයෙන් හෝ ඇඳුමෙන්
ඔහුට අපිව අන්දන්නට හෝ රවටන්නට
හැකියාවක් හෝ උවමනාවක් නොමැති බවත්ය
ඔබට සුබ දවසක්.

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.