පෘතුගීසින් සිංහලයන්ගේ මිතුරන්ද?
ජේසු නිකායික පූජකයෙකු වූ අන්දෝ පල්මිරෝ මෙසේ පවසයි.
"සිංහලයෝ පෙරළිකාරයෝ ය. ඉඩක් ලත් සෑම අවස්ථාවක දීම ඔවුහු කැරලි ගසති. එහෙත් කැරැල්ල බිඳවැටෙන ලකුණු පහළ වූ වහාම ඔවුහු කිසිවක් නොවුවා සේ පෘතුගීසි ආධිපත්‍ය හිස මුදුනින් පිළිගැනීමට නොපැකිලි වෙති. එහි කැරලි ඇතිකරන ජන ප්‍රධානීන්ට හෝ ගමේ ප්‍රධානින්ට සමාවක් නොදී හිස ගසා දැමිය යුතුය. එසේ දඩුවම් දිය යුත්තේ හොර රහසේය. නැතහොත් සිංහල නිලධාරින්ගේ මාර්ගයෙන් ප්‍රසිද්ධ නඩු විභාග සිදු කළහොත් මහජනයා නොසන්සුන් වෙති. ලංකාවේ මන්ගේ අවසන් වසර කිහිපය තුළ කැරලි විරහිත වූයේ කැරලිකරුවන් එසේ නිර්ධය ලෙස සමූල ඝාතනය කළ නිසාය. එසේ මරණයට පත් කළ ගණන පිළිබඳ ගණන් හිලව් නැත."
"අසවේදු නැමැති පෘතුගීසි නිලධාරියා ලංකාවේ මුලාදෑනිකම් කළ සමයේ සිංහල ගැහැනුන්ට සිය දරුවෝ වංගෙඩිවල දමා කොටන්නට අණ කළේ ය. මෝල් ගස් පහර කන අසරණ දරුවෝ ගැන වත් තමන්ගේ ම දරුවන් | වංගෙඩි වල දමා කොටන්නට සිදුවීමේ සාපය උසුලාගත නොහැකි වූ මව්වරුන්ගේ ගැනවත් අබැටක දයාවක් නොදැක්වූ මෙම සෙනෙවියා අවසානයේ එම මව්වරුන්ගේ ද හිස ගසා දමන ලදී.
'කුකුළු පැටවුන්ගේ හඬන ශබ්දය අසන්නටයැයි කියමින් දෙමාපියන් ඉදිරියේ කුඩා දරුවන් සොල්දාදුවන්ගේ හෙල්ලට මත රඳවන ලදහ. කිරි බිබී සිටි දරුවෝ මවගෙන් උදුරාගෙන ඇඹරුම් ගල් වල දමා ලොඳමෙන් තලා පොඩි කරන ලදහ. මෙම හද පැලෙන දුක්මුසු ක්‍රියා බලා සිටීමට බලකරනු ලැබීමෙන් පසු එම දරුවන්ගේ මව්වරුන්ට ද එලෙස වද දී මරනු ලැබූහ. යුධ භටයින්ගේ විනෝදය පිණිස කිඹුලුන්ට ගොදුරු කරනු වස් සිංහල මිනිස්සු පාලම් උඩින් ගඟට විසිකරනු ලැබූහ. මෙසේ මිනිමස් කෑ කිඹුල්ලු කෙතරම් හීලෑ වූවාද යත්, පසුව ඔවුහු සිවුරුහන් හඬ ලෑමක් ඇසුනු කෙනෙහි ගොදුරු බලාපොරොත්තු වෙන් ජලයෙන් හිස ඔසවාගෙන සිටීමට තරම් පුරුදු වූහ.
" ගැහැනුන් පිරිසක් හා ළමුන් දෙසිය දෙනෙකු වටලා වෙල් යායකට ගාල් කරන ලදී. කතෝලික ආගමට හැරුණු සයිමන් කොරයා නම් වූ සිංහල කපිතාන් වරයෙක් ඔවුනට මැරෙන තෙක් පහර දෙන ලෙස නියම කළේය. අසරණ මිනිස්සු බැටළු රැලක් සේ සුසුමක් හෝ කෙඳිරිල්ලක් නොනගා බලා සිටියහ. ඇතැම් මව්වරුන්ගේ දෑතේ සිටි සිංහල බිලිඳු දරුවන් දුටු පෘතුගීසී කපිතාන්වරයෙකු ඔවුනගේ ශාරිරික ජීවිත රැකගැනීමට නොහැක්කේ, අධ්‍යාත්මික සුවයක් ලබා දීම වස් ඔවුන්ව බෞතිස්ම කළේය. අනතුරුව මැරෙන තෙක් පහර දීම වෙනුවට වඩාත් සහනදායි මරණයක් පතා ඒ නොදරුවන්ගේ හිස ගසා දමන ලදී."
" යාපනය අර්ධද්වීපයට ගිය පෘතුගීසි හේවායින් දරුවන් දෙපළු කරමින් කතුන්ගේ පියොවුරු අසිපතින් සිඳිමින්මිනිසුන් බිය වැද්දාහ.''
යාපනය ආක්‍රමණය කළ පෘතුගීසි ජාතිකයකු වූ චිගේරා යාපනයේ වැසියට දරුණු දඬුවම් දී ඔවුන් පෘතුගීසින් කෙරෙහි මහත් බියට පත්කළ බව සඳහන් ය. එපමණක් නොව කුතෝ සහ වෙරෝස් පූජකයන් මෙසේ සඳහන් කරයි.
"අපේ ඇත්තන් කැරලිකාර ගම් වල වැසියන්ට දරුණු වධ කළේය. ඒ අන් අයටත් පාඩමක් උගන්වනු පිණිස ය. පෘතුගීසිහු දේපළ කොල්ලකමින් ගිනි තබමින් මිනිසුන් මරමින් ය නෝ ගලක් පිට ගලක්වත්, ගසක් පිට ගෙඩියක් වත් ඉතිරි නොකළ හ."
ගුණපාල මලලසේකර මහතා පෘතුගීසින්ගේ ක්‍රියාකාරකම් මෙසේ විස්තර කර තිබෙයි
• අන් කිසිම යුරෝපිය රටක්, විජිතවාදී ජාතියක්, ඉතිහාසයේ දක්නට නොලැබෙන අන්දමට ඔවුන්ගේ ඉදිරි ගමනේ සෑම පියවරක්ම අධික තණ්හාවෙන්ද අවිචාර බුද්ධියෙන් ද, කෘර කමින්ද අමනුෂ්‍ය ක්‍රියාවලින්ද යුක්ත විය. යුද හමුදාවේ ජයග්‍රහණයත් සමගම ඔවුන්ගේ දරුනු කමත් රෞද්‍රභාවයත් දුම්පීඩා පිළිබඳ නොතැකීමත් දියුණු විය. ඔවුන්ගේ අමානුෂ්‍ය මිලේකම් ස්ත්‍රී, පුරුෂ, ළදරු, මහළු යැයි වෙනසක් නොදත්හ. දයා විරහිත භාවයෙන් යුක්ත විය. අනුකම්පාව ඔවුනට රහසක් විය. යටත් වැසියන් බිය වද්දනු පිණිස ද පෘතුගීසි බලය ඔවුන් තුළ කාවද්දනු පිණිස ද ඔවුන් කළ දාමරික ක්‍රියා කෙතරම් භයංකර දැයි කියහොත්, ඒ ක්‍රීයා ඔවුන්ගේම මිත්‍ර ඉතිහාසඥයින් විසින් ඒ අවධියේම වාර්තාගත නොකරන ලද නම් සත්‍ය යැයි පිළිගැනීමට තරම් පිළිකුල් සහගත ය.''
Image shows: Portuguese nobles murdering Ceylon dignitaries. One of the Portuguese is running his rapier through a chest.
(උපුටා ගැනීම මුහුණු පොතෙන්)

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්