සමාජවාදයට පාර සෙවු පැරණි ජවිපේ අද දේදුනු මාලිමාව ඉදිරියේ දණ ගසා ඇත - නුවන් බැල්ලන්තුඩාව
ජනාධිපතිවරයාත් ඔහුගේ මාලිමා ඩෝබි වරුන්ටත් අපේ රට ඓතිහාසික රාජ්‍යයක් බව පිළිගැනීමට හීනමානයක් ඇත. සිංහල බෞද්ධ සංස්කෘතිය සමග අදවන විට ගැටුම පවතින්නෙ පැරණි ජවිපෙ තුළ වු මාක්ස්වාදි භෞතිකවාදය නොව හරිනිලා සමග ජවිපේ ආක්‍රමණය කල නියෝ ලිබරල් නිරාගමික සමලිංගික මතවාදයයි. ජවිපේ ජනප්‍රිය පැවත්ම රැඳි පවතින්නේ මාලිමාව තුළයි. ජාතික විමුක්ති අරගලය ඔස්සෙ සමාජවාදයට පාර සෙවු පැරණි ජවිපේ අද දේදුනු මාලිමාව ඉදිරියේ දණ ගසා ඇත.
ජේ.ආර් -රනිල් විවෘත ආර්ථිකයේ මෙන්ම එයින් ජනිත එන්ජීඕ සංස්කෘතියේ ද අද දවසේ වාහකයා අනුර-හරිනිගේ මාලිමාවයි. එහි චින්තනය නියෝජනය කරන්නේ ශ්‍රිමහා බෝධිය අසල අඩියක් ගහන්න කතා කරන ඩබ්ලිවු ජයසිරිලාගේ සමනලි ෆොන්සේකා සහ ජගත් මණුවර්ණ ලා විසිනි. බෝගහ තවත් ගහක්ද අහන, පිළිම වැදීම ග්‍රෝත්‍රිකයැයි කියන පාර්ලිමේන්‍තුව මාලිමා උද්ධච්ච බලයේ වියරුව බිමල් රත්නායක වැනි අයගේ කුරුවල් ඔළුගෙඩ් විසින් මාලිමාව ජනවරමේ මුල් උදුරා දමා ඇත.
මහින්දාගමනයේදි මුලු සිරිලකම බුදුදහම වැලඳ ගන්නේ දෙවනපෑතිස් රජු විසින් බුදු දහම පිළිගෙන වැළදගැනීම සමගයි. එය රාජ්‍යත්වය සමග බැදුනකි. රජුගේ සමිපතම ඥාතිවරයකු වන අරිට්ඨ කුමරු භික්ෂුත්වය ලබා ගැනිමෙන් රජු ජනතාවට පණිවිඩයක් ලබාදි තිබේ. එතැක් පටන් රජු බුද්ධාගමේ ආරක්ෂකයා වෙයි. සිංහල අළුත් අවුරුද්ද අපේ කෘෂි ආර්ථික ජිවිතයේ ප්‍රමුඛ සංස්කෘතික මංගල්‍යයයි. රජු ඊට පසුපසින් සිට නායකත්වය දෙනබව ජනතාවට ශක්තිමත්ව සංනිවේදනය කරන්නේ රාජ්‍ය උත්සවය මගිනි. නව ලිබරල්වාදය සමග යුරෝපයේ ඇතිවු පුද්ගලවාදයේ උරුමයක් වු ආගමක් ඇදහීමට ඇති පුද්ගලික අයිතියට බුදු දහමට රාජ්‍යය තුල ඇති ඓතිහාසික පදනම පාවාදීමට අනුර කුමාරට බලයක් නැත. සිංහල අළුත් අවුරුද්ද ඔහුගේ පෞද්ගලික අභිමතයක් නොවේ. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරිම රාජ්‍යයේ උත්තුංග අරමුණ කර ගත් මේ රටේ අද ඒ බලය නියෝජනය කරන ජනාධිපතිවරයාට හෝ එහි අභිනියෝජිතයා වන බුද්ධ ශාසන ඇමති හිනිඳුම සෙනෙවිට දේදුනු සමාජයකට ආවැඩිමට අයිතියක් නැත. ඉස්තාර් වලට තෛයිපෝංගල් වලට ජනාධිපති මන්දිරයෙ ඇරෙන දොරවල් සිංහල අළුත් අවුරුද්දට වසා දමන්නට මෙරට රාජ්‍ය නායකයාට වරමක් නැත.
ඊනියා ශ්‍රි ලංකා දිනය වෙනුවෙන් මිලියන 300ක් වෙන් කරන ආණ්ඩුව නන්දිකඩාල් කළපුවේ ත්‍රස්තවාදය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන බිමල් රත්නායකලාට උතුරේ සිංහල ජනතාව පදිංචි කිරිම ගැන වචනයක් කතා කරන්නට කොන්දක් නැත.
ජනාධිපතිවරයාට පවුලක් සිටිනබව ඔහුම ප්‍රකාශකර සිටියි. ඔහුගේ බිරිඳ කවරෙක් වුවක් ඔහුගේ දේශපාලන ගමනෙ කැපකිරිම් සියල්ල වෙනුවෙන් ඇය යෝධ ශක්තියක් වන්නට ඇත. හරිනිලා කතා කරන බිරිඳකගේ මිලක් ලබානොදෙන කාන්තා මෙහෙවරේ වටිනාකම අපේ ජනාධිපතිවරයාගෙ බිරිඳට අහිමි වන්නේ ඇයි. ඇය කවරෙක් වුවත් පවුල තුළ ඇය වෙනුවෙන් පෙනි සිටින්නට කොන්දක් ස්වාමිපුරුෂයා ලෙස ජනාධිපතිට නැත්නම් ජාතියට පියකු වශයෙන් ඒ නායකත්වය ඔහු ලබාදෙන්නේ කෙසේද?
ජයමංගල ගාථා කියලා රට හැදුනද මීට කලින් රාජ්‍ය නායකයෝ අවුරුදු කාලා රට ගොඩදැම්මද වගේ ගොන් තර්ක ගේන මාලිමාව ටිපර් මඩබලකාය වහල් කුලිහේවායන් රාජපක්ෂලාට ගහන ගමන් සිංහල බෞද්ධත්වයට ගහන්නේ සුද්දට කරන්න බැරි වුන දේ කරන්න ඔවුන් යොදා ගන්නා බව නොදැනය. මාලිමාවේ ලස්කිරිඤ්ඤා කුළි නඩය තමන්ගෙ දරුවන් දෙමාපියන්ට නොසලකන , ඕපපාතික සෝම්බිවරුන් වුන විට ක අද ඔවුන් කරන සංස්කෘතික හෝදා පාළුවේ තරම දැන ගනු ඇත. දූෂණයට එරෙහි ඊනීයා විරෝධය, බොරුව, ප්‍රෝඩාව සහ වෛරය සමහර කාලවල මාකර්ට් උනාට සිංහල බෞද්ධත්වයේ ඓතිහාසිකවගකීමට උරදීමට නොහැකි නායකයන්ට මේ පොළව මත පැවත්මක් නැතිබව අපි සපථ කරමු.
නුවන් බැල්ලන්තුඩාව
දේශප්‍රේමි ජාතික පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්